January, 10, 2023
මෙරට ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගමක් මෙන්ම, ලෝක ප්‍රකට Seven Seas මත්ස්‍ය මේද (Fish Oil) නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම නියෝජිතයා වන Hemas Pharmaceuticals සමාගම විසින් ‘Seven Seas - Pulse Original’ නිෂ්පාදනය මෙරට වෙළෙඳපොලට හඳුන්වා දීම පසුගිය දිනවල සිදු කෙරිණ. Seven Seas යනු ලොව පුරා රටවල් 60කට අධික සංඛ්‍යාවක අලෙවි වන ඉහළ ජනප්‍රියත්වයක් උසුලන Fish Oil සන්නාමයකි. එම සන්නාමය යටතේ නිකුත් වන Pulse Original වැඩිහිටියන්ගේ සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂාව ඉලක්ක කර ගත් ඉහළ ගුණාත්මක බවකින් හෙබි පෝෂණ අතිරේක නිෂ්පාදනයකි.
“අප විසින් බෙදා හරින කීර්තිමත් ජාත්‍යන්තර නිෂ්පාදන පෙළට ‘Seven Seas - Pulse Original’ නිෂ්පාදනය එකතු කරන්න හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ තමයි ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු කාලෝචිතම අවස්ථාව කියලා. දුෂ්කර කාලසීමාවලදී අපි ස්වභාවයෙන්ම අපේ සෞඛ්‍යය පිළිබඳ නොසැළකිලිමත් වීම වැඩි වන නිසා ‘Seven Seas - Pulse Original’ වැනි තහවුරු කරන ලද පෝෂණ අතිරේකයක් අපිට වැදගත් වෙනවා.” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Seven Seas ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර කළමනාකරු ජනක ප්‍රසන්න මහතා ප්‍රකාශ කළේය.
“මෙරට ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගමක් විදියට අපිට පුළුල් සහ ශක්තිමත් බෙදාහැරීමේ ජාලයක් තියෙනවා. ඒ ඔස්සේ අපි මේ නිෂ්පාදනයේ ප්‍රතිලාභ දිවයින පුරා විසිරී සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් අතරට ගෙනයන්න දැඩි උනන්දුවකින් කටයුතු කරනවා.” යැයි ජනක ප්‍රසන්න මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
මත්ස්‍ය තෙල් යනු නව සෛල නිෂ්පාදනය ඇතුළු ශාරීරික ක්‍රියාවන් රැසකට උපකාරී වන Omega 3 මේද අම්ල අඩංගු වන ආහාර ප්‍රභවයකි. ශාරීරික ප්‍රතිශක්තිය, අස්ථි හා සන්ධි සෞඛ්‍යය සහ හෘද සෞඛ්‍යය රැක ගැනීමටත් වැඩිහිටියන්ගේ චර්ම සෞඛ්‍යය මනාව පවත්වාගැනීමටත් Omega 3 මේද අම්ල මහෝපකාරී වනු ඇත.
වසර 85කට වැඩි කාලයක් මත්ස්‍ය මේදය මූලික කරගත් පෝෂණ අතිරේකයන් නිෂ්පාදනය කිරීමේ අත්දැකීම් ඇති Seven Seas සමාගම Procter & Gamble Health හි අනුබද්ධ සමාගමක් වන අතර Seven Seas නිෂ්පාදන ලොව පුරා රටවල් 60කට අධික ජනතාවක් භාවිතා කරයි.
Hemas Pharmaceuticals ඖෂධ සමාගම විසින් Seven Seas නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම කළමනාකරණය කිරීමත් සමඟ දැන් දිවයින පුරා සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් හට විශ්වාසදායීව එම නිෂ්පාදන ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත.
Hemas Holdings PLC සමාගමෙහි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Hemas Pharmaceuticals සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඖෂධ, ශල්‍ය හා රෝග විනිශ්චය උපකරණ, මිනිස් සෞඛ්‍ය හා සත්ත්ව සෞඛ්‍ය නිෂ්පාදන ආනයනයකරුවෙකු සහ බෙදාහරින්නෙකු වේ. නවෝත්පාදන නිරන්තරයෙන් බිහි කිරීම ඔස්සේ මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය වෙනස් කරමින් සහ රට තුළ වඩාත් පුළුල් බෙදාහැරීමේ ජාලයක් නිර්මාණය කර ගනිමින් Hemas Pharmaceutical සමාගම වසර 80කට වැඩි කාලයක් වෙළෙඳපොල ප්‍රමුඛයෙකු වශයෙන් ද කටයුතු කරයි. එසේම Hemas Pharmaceuticals සමාගම ලොව පිළිගත් ප්‍රමුඛ පෙළේ සන්නාම සහ පාර්ශ්වකරුවන් වෙනුවෙන් බෙදාහැරීම් සේවා, අලෙවිකරණ සේවා සහ වෛද්‍ය විසඳුම් සේවා/උපදේශන සේවා ඇතුළු සේවා සමූහයක් ද සපයනු ලබයි.

Seven Seas - Pulse Original’ නිෂ්පාදනය Hemas Pharma කණ්ඩායම විසින් වෙළෙඳපොල ජාලයට හඳුන්වා දුන් අවස්ථාව
ඡායාරූපය 01 – Seven Seas - Pulse Original නිෂ්පාදනය
August, 9, 2022
රටේ ජනතාවට උසස්ම ප්‍රමිතියෙන් යුත් ඖෂධ නිෂ්පාදන ලබාදීමට කැපවී සිටින හේමාස් ෆාමසූටිකල්ස් සමාගම (Hemas Pharmaceuticals), බියුරෝ වෙරිටාස් (Bureau Veritas) වෙතින් යහපත් බෙදාහැරීම් ක්‍රමවේදයන් සහිත සමාගමක් ලෙස Good Distribution Practices - GDP සහතිකය ලැබීමට පසුගියදා සමත් විය.
මෙම සහතිකකරණය මගින්, හේමාස් ෆාමසූටිකල්ස් සමාගම සිය බෙදාහැරීමේ ක්‍රියාවලිය තුළදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුකූල යහපත් බෙදාහැරීම් ක්‍රමවේදයන් අනුගමනය කරන බවත්, සැපයුම් දාමය පුරාම උසස් තත්ත්වය ආරක්ෂා කරගැනීමට කටයුතු කරන බවත් සහතික කෙරේ. බියුරෝ වෙරිටාස් යනු ලොව පුරා සමාගම් හා ආයතන වලට තම කාර්යසාධනය ඉහළ නංවා ගැනීමට උපකාරී වන සහතිකකරණයන් පිරිනමන ජාත්‍යන්තර ආයතනයකි.
“ඖෂධ තොග සපයා ගැනීම, ගබඩා කිරීම සහ බෙදාහැරීම තුළදී අප සෑම විටම ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුව කටයුතු කරනවා. මෙම නවතම ජයග්‍රහණයත් සමග, අපගේ හවුල්කරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම අපට පෙරටත් වඩා හොඳින් සිදුකළ හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ අංක එකේ ඖෂධ නිෂ්පාදන ආනයන හා බෙදාහැරීම් සමාගම වශයෙන් මේ ආකාරයට ISO 9001:2015 ප්‍රමිති සහතිකය මෙන්ම බියුරෝ වෙරිටාස් වෙතින් GDP සහතිකකරණයද හිමි වීම අපට මහත් ආඩම්බරයක්. ජාත්‍යන්තර පිළිගැනීම හිමි මෙම සහතිකකරණය මගින් තහවුරු වන්නේ හේමාස් ෆාමසූටිකල්ස් සමාගම සෑම විටම අනුකූලතාව සහ උසස් තත්ත්වය වෙනුවෙන් කැපවී සිටින බවයි.” හේමාස් ෆාමසූටිකල්ස් සහ හේමාස් සර්ජිකල්ස් ඇන්ඩ් ඩයග්නෝස්ටික්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු මහතා පැවසී ය.
“GDP සහතිකකරණය හිමිවීම සම්බන්ධයෙන් අප හේමාස් ෆාමසූටිකල්ස් සමාගමට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමනවා. එය එම සමාගම සිය සැපයුම් දාමයේ සෑම අංශයකදීම වගකීම් සහගත ලෙස කටයුතු කරන බව තහවුරු කරන සාධකයක්. මේ හවුල්කාරීත්වය පිළිබඳව අප ආඩම්බර වන අතරම, ඉදිරියේදී තවතවත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශිෂ්ටතම ක්‍රමවේදයන් භාවිතයට ගැනීම සඳහා සමාගම දක්වන උත්සාහයට සහය වීමට අප සූදානම්.” ශ්රී ලංකාවෙහි බියුරෝ වෙරිටාස් සාමාන්යාධිකාරී ශාන් නානායක්කාර මහතා පැවසී ය.
හේමාස් සමූහ ව්‍යාපාරයට අයත් හේමාස් ෆාමසූටිකල්ස් සමාගම මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමකි. සිය විශිෂ්ට විකුණුම් හා බෙදාහැරීම් ක්‍රියාවලිය නිසා මේ වනවිට වෙළඳපොළෙන් 30% කට වැඩි ප්‍රතිශතයක් හිමිකර ගැනීමට එම සමාගම සමත් වී ඇත. තමන් සමග ගනුදෙනු කරන ඕනෑම පාර්ශ්වයකට ගැළපෙන විසඳුම් පිරිනැමීමේ හැකියාව හේමාස් ෆාමසූටිකල්ස් සමාගම සතු ය.
Video Story