January, 19, 2023
තිරසාරභාවය, යහපාලනය සහ ආයතනික විශිෂ්ටත්වය පිළිබඳ වූ සැබෑ නායකත්වය පිළිබිඹු කරමින්, ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන කීර්තිමත් හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙල 2022 (CCC BCCSA) හිදී මෙරට හොඳම ආයතනික පුරවැසියා ලෙස සම්මානයට පාත්ර විය.
2022 වසරේ හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මානයේ සමස්ත ජයග්රාහකයා ලෙස කිරුළු පැළඳි HNB, BCCSA 2022 හි සිය ආධිපත්යය පැතිරවීමට සමත් වීම කැපී පෙනිණි. එහිදී HNB 13 වසරක් සිය අභිමානය රැන්දු හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්රේණිගත වීම ද ඇතුළුව තවත් සම්මාන හතරක් දිනා ගැනීම සුවිශේෂත්වයකි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ”පසුගිය වසර තුන අපට අභියෝගාත්මක කාල පරිච්ෙඡ්දයක්. එහිදී මෙරට ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ අපගේ ජනතාවගේ ආත්මය කෙබඳුදැයි නැවත නැවතත් පරීක්ෂා කර බලනු ලැබුවා. එහෙත්, අපගේ ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අප දරන උත්සාහයේදී, අප බෙදහදා ගත් වටිනාකම් සහ විශේෂයෙන් ශ්රී ලංකා ආර්ථිකයේ බිම් මට්ටමින් තිරසාර වර්ධනයක් ඇති කිරීම සඳහා වූ අපගේ සාමූහික වගකීම කිසි විටෙකත් අත් නොහැරීමට අපි සැමවිටම උත්සාහයක් ගනු ලැබුවා.
”ඉදිරියේදී තවත් අභියෝග රැසක් තිබෙනවා. එහෙත් අප හා සම්බන්ධ වී සිටින ප්රජාවන්ට, ජීවිතවලට සහ ජීවනෝපායන්වලට අත්වැලක් සපයන අතරම, අඛණ්ඩව මෙහෙයුම් විශිෂ්ටත්වය කරා යන අපගේ කැපවීමෙහි අපි නොසැලී සිටිනවා. හොඳ සහ නරක කාලවලදී ශ්රී ලංකාවේ ප්රගතියේ සහකරු ලෙස අපි අපගේ සේවය අඛණ්ඩව ලබා දීමට බලාපොරොත්තු වනවා.” යනුවෙනි.
ශ්රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය කරා මාරු වීමට සහාය වීම සඳහා බැංකුව ලබා දෙන සමස්ත දායකත්වය, බිම් මට්ටමේ ආර්ථික සංවර්ධනය මෙන්ම HNB තිරසාර පදනම විසින් මෙහෙයවනු ලබන විවිධ පාරිසරික සහ සමාජීය වැඩසටහන් අගයමින් ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්ය අංශයේ සම්මානය දිනා ගැනීමට HNB හට හැකි විය.
දිවයින පුරා සිටින අපහසුතාවලින් පෙළෙන ප්රජාවන්ට උපකාර කිරීම සඳහා 2020 දී ආරම්භ කරන ලද බැංකුවේ ‘HNB ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන මෙයට ඇතුළත් වේ. එතැන් සිට හැට්නා පවුල ශ්රී ලංකාවේ සෞඛ්ය සේවා ක්ෂේත්රයට අත්යාවශ්ය ඖෂධ සහ වෛද්ය උපකරණ ලබා දීමෙන් සහයෝගය ලබා දී ඇත. ඊට අමතරව, අත්යාවශ්ය ආහාර ද්රව්ය සපයා ගැනීමේ දී මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගෙන පීඩාවට පත් ප්රජාවන් අතර සිටින ගැබිනි මව්වරුන් දහසකට සහාය වීම සඳහා පෝෂණ වැඩසටහනක් ද ඔවුන් දියත් කළේය. එමෙන්ම බැංකුව විසින් ලබාදෙන රුපියල් 1,000 ක තැන්පතුවක් සමඟින් HNB සිඟිති කිරිකැටියෝ ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමට බැංකුව ගැබිනි මව්වරුන් දිරිගන්වමින් ඔවුන්ගේ දරුවන්ට මුදල් අතින් සුරක්ෂිත අනාගතයක් ලබා දීම සඳහා HNB තවදුරටත් කැප වී සිටී.
‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන මගින් රුපියල් මිලියන 25.1 ක මුදලක් රැස් කර ගැනීමට ද හැකි වූ අතර එය ක්ෂුද්ර මූල්ය ගනුදෙනුකරුවන් 251 දෙනෙකු අතරේ බෙදා දුන්නේය. මෙම අරමුදල් මගින් COVID වසංගතයෙන් සහ පවතින ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ක්ෂුද්ර ව්යවසායකයින් නැවත නගා සිටුවීමට කටයුතු කරන ලදී.
ශ්රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මතුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් HNB විසින් මධ්යම පළාතේ දේශීය ගොවීන් සමඟ එක් වෙමින් සිය පුරෝගාමී ‘සරු ගෙවත්ත’ වැඩසටහන ආරම්භ කරන ලදී. මෙහිදී පසුගිය වසරේ පැවති උග්ර ඉන්ධන අර්බුදයේදී ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට නව වෙළඳපොළවල් සහ අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා බැංකුවේ පුළුල් ශාඛා සහ පාරිභෝගික ජාලය උපයෝගී කර ගත්තේය. මීට අමතරව, නාගරික ප්රදේශවල ගෙවතු වගාව ප්රවර්ධනය කිරීමට සහ ප්රාදේශීය වශයෙන් ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමට ද බැංකුව ද්රව්යමය ආධාර ලබා දුන්නේය.
මීට අමතරව, HNB හි Project LIFE හරහා විනාශයට පත් වී ඇති හෙක්ටයාර 2.5ක වැසි වනාන්තර බිම් කොටස ප්රතිස්ථාපනය කර කළමනාකරණය කිරීම මගින් තිරසාර සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සඳහා ඇති බැංකුවේ කැපවීම තවත් ශක්තිමත් කර ඇත. මෙය පසුගිය වසර හතර බැංකුව සිය සහයෝගය ලබා දුන් ප්රධාන මුලපිරීමකි. මීට සමානව, HNB සිය සේවකයින් අතර පරිසර හිතකාමී ප්රවාහන ක්රමවේද ප්රවර්ධනය කරමින් HNB Walk The Talk වැනි නව මුල පිරීම් ද ආරම්භ කළේය.
January, 6, 2023
සර්ව ආගමික වත් පිළිවෙත් සිදුකරමින් සහ සිය ගනුදෙනුකාරභවතුන්ට, සේවකයින්ට හා පාර්ශවකරුවන්ට ආශිර්වාදය හා කෘතඥතාව පළකරමින් ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව චාරිත්රානුකූලව 2023 නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේය.
මේ වෙනුවෙන් HNB ප්රධාන කාර්යාලයේදී HNB සභාපතිනී, අරුණි ගුණතිලක, HNB කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් සහ HNB විධායක අධ්යක්ෂ/ප්රධාන මෙහෙයුම් නිළධාරී, දිල්ශාන් රොද්රිගෝ යන මහත්ම මහත්මීන්ගේ ප්රධානත්වයෙන් පැවති සර්ව ආගමික වතාවත්වලින් නව වසරේ වැඩ කටයුතු ආරම්භ කෙරුණු අතර මේ සඳහා බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය, ආයතනික සහ විධායක කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.
HNB කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා 2023 නව වසර වෙනුවෙන් පැමිණ සිටින සියලූ දෙනාට සිය සුභාශිංසන පිරිනැමුවේය.

January, 4, 2023
ඩිජිටල් බැංකුකරණ සේවා පිළිබඳ සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී Best Search Engine Optimisation/Search Engine Marketing සඳහා රන් සම්මානය සහ පළපුරුදු ඩිජිටල් අලෙවිකරණය සඳහා රිදී සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත් විය.
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලබන SLIM DIGIS සම්මාන උළෙල මගින් ශ්රී ලංකාවේ වඩාත් නවෝත්පාදන බලපෑම්කාරී සහ හොඳම අලෙවිකරණ ප්රයත්නයන් ඇගයීමට ලක් කරනු ලබයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB අලෙවිකරණ ප්රධානී උපුල් අධිකාරී මහතා පැවසුවේ ‘‘තනි පුද්ගලයින් සහ ජාතියක් වශයෙන් පසුගිය වසර තුන තුළ අප සුවිශේෂී අභියෝග රැසකට මුහුණ දුන්නා. මෙම වෙනස්කම් සමඟින් පාරිභෝගික හැසිරීම ද ඉතා වැඩියෙන් වෙනස් වීමට පටන් ගත්තා. එනිසා ඩිජිටල් ක්ෂේත්රයේ මෙම විකාශනය නැවත ගණනය කිරීමට, හැදෑරීමට සහ අවබෝධ කරගැනීමට අපට පියවරක් පසුපසට ගැනීමට සිදු වුනාx පසුගිය වසර පුරා අපගේ උපායමාර්ගය වූයේ අපගේ වේදිකාවන් වෙත අවධානය යොමු කර ඇති ගෙවීමකින් තොරව සෙවුම් ප්රතිඵලවල ප්රතිඵලයක් ලෙස වෙබ් අඩවියට ඇතුළු වන අමුත්තන් (organic traffic) උපරිම ලෙස ප්රයෝජනයට ගැනීම සඳහා නිවැරදි පණිවිඩ සමඟින් නිසි ස්ථානයේ සිටීම වූ අතර SLIM DIGIS 2.2 හිදී මෙම ප්රයත්නයන් තුළ පිළිගැනීමට ලක් වීම ගැන අප ඉතා සතුටු වනවා.’’ යනුවෙනි.
බැංකුවේ ‘Maximising Organic Traffic’ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන සඳහා හොඳම Best SEO/SEM වැඩසටහනට හිමි රන් සම්මානය දිනා ගැනීමට HNB සමත් විය. මෙම කාණ්ඩය යටතේ ඩිජිටල් අලෙවිකරණ සහ search engine optimisation යන අංග වලින් පරිපූර්ණ වූ search campaigns සිදුකිරීමට ඇති හැකියාව මත HNB ඇගයීමට ලක් විය.
HNB හි SOLO ඩිජිටල් යෙදවුම සමඟින් SOLO Pola සහ සහ SOLO Podi Podi Business වැනි HNB හි ඩිජිටල් නවෝත්පාදනයන් පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීම සහ සම්බන්ධ කර ගැනීම සඳහා වන අලෙවිකරණ වැඩසටහන් සඳහා එහි පළපුරුදු ඩිජිටල් අලෙවිකරණ ප්රවේශය වෙනුවෙන් බැංකුවට රිදී සම්මානයක් ද හිමි විය.
Image Caption : HNB අලෙවිකරණ ප්රධානී උපුල් අධිකාරී මහතා (දකුණේ සිට පස්වැනියා) සමඟින් ඩිජිටල් අලෙවිකරණ කණ්ඩායම සහ නියෝජිතායතනය වන (Group M) සම්මාන උළෙලේදී.
December, 27, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, දේශයේ උන්නතිය වෙනුවෙන් තබන තවත් පියවරක් වශයෙන්, හැටන් නැෂනල් බැංකුවේ රට දිනන සිඟිත්තෝ වැඩසටහන සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. විදේශ රැකියා වල නියුතු පුද්ගලයන්ගේ දරුවන් සවිබල ගැන්වීමේ අරමුණින් හැටන් නැෂනල් බැංකුව මෙම සුවිශේෂී වැඩසටහන දියත් කර තිබේ.
ශ්රී ලංකාව මේ වනවිට ආර්ථික හා සමාජයීය අභියෝග ඇතුළු අභියෝග රාශියකට මුහුණ දී සිටී. මෙම අභියෝග ජයගනිමින් රටේ ආර්ථික තත්ත්වය යහපත් කිරීම සඳහා විදේශ සේවා නියුක්තිකයෝ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරමින් සිටිති. මෙම පිරිස ඉටුකරන මෙහෙවර සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ කැපවීම අගය කරමින් හැටන් නැෂනල් බැංකුව, HNB Assurance සහ SLT-MOBITEL ප්රධාන හවුල්කරුවන් ලෙස සම්බන්ධ කරගනිමින්ිරට දිනන සිඟිත්තෝ වැඩසටහන දියත් කළේ ය. මෙම වැඩසටහනට මගපෙන්වීම සඳහා අධ්යාපන අමාත්යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය සහ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක් වී සිටී.
විදේශ රැකියා නියුක්තිකයන්ගේ දරුවන් චිත්ර කලාව, නර්තනය, ගායනය සහ ලේඛනය සම්බන්ධයෙන් දක්වන දක්ෂතා අගයමින්, ඔවුන්ට ත්යාග පිරිනමමින්, ඔවුන් තවදුරටත් දිරිමත් කිරීම අරමුණු කරගත් දීප ව්යාප්ත වැඩසටහනක් වශයෙන් ිරට දිනන සිඟිත්තෝ වැඩසටහන ක්රියාත්මක වේ.
ජාතික තලයේ වැඩසටහන් වලට අත්වැලක් වීමට සෑම විටම ඉදිරිපත් වන සන්නාමයක් වශයෙන්, ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් වලට තම දායකත්වය ලබාදීමටත්, ඒ ඔස්සේ ශ්රී ලංකාව ඩිජිටල්කරණයේ මීළඟ අදියර වෙත රැගෙන යාමේ මෙහෙවර තුළ අඛණ්ඩව පෙරමුණ ගැනීමටත් SLT-MOBITEL කටයුතු කරමින් සිටී.
December, 24, 2022
ප්රීතිය හා සතුට රැගත් අසිරිමත් නත්තල සමරමින්, ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් ‘This is Christmas to me’ යන තේමාව යටතේ සිය වාර්ෂික කැරොල් ගී ප්රසංගය පසුගියදා HNB ටවර්ස් හිදී පැවැත්විණි.
මෙම උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස Divine Retreat Center හි අධ්යක්ෂ, ගරු. ඔගස්ටින් වැල්ලූරන් පියතුමා සහභාගී වූ අතර ජෝබි ජෝර්ජ් පියතුමා, HNB ප්රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්යක්ෂ, ජොනතන් අලස්, HNB අධ්යක්ෂ/ප්රධාන මෙහෙයුම් නිළධාරී, ඩිල්ෂාන් රොද්රිගෝ යන මහත්වරු ඇතුළුව ආයතනික සහ ජ්යෙෂ්ඨ බැංකු නිලධාරීන්, කාර්ය මණ්ඩලය සහ පවුල්වල සාමාජිකයින් හැට්නා පවුලේ ගීතිකා කණ්ඩායම විසින් ඉදිරිපත් කළ කැරොල් ගී රස විඳීමට එක්ව සිටියහ.


(වමේ සිට) HNB ප්රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්යක්ෂ, ජොනතන් අලස්, Divine Retreat Center හි අධ්යක්ෂ, ගරු. ඔගස්ටින් වැල්ලූරන් පියතුමා, ජෝබි ජෝර්ජ් පියතුමා සහ HNB අධ්යක්ෂ/ප්රධාන මෙහෙයුම් නිළධාරී, ඩිල්ෂාන් රොද්රිගෝ ඡායාරූපයේ වෙති.
December, 20, 2022
කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරයන්ට සහාය දැක්වීම සඳහා වන සිය අඛණ්ඩ ගමන් මගේ තවත් ප්රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්රමුඛ පෙළේ පුද්ගලයන් සහ ක්රියාවලි තක්සේරු උපදේශන සමාගමක් වන PPOD උපදේශන සමාගම සමඟින් එක්ව පවත්වනු ලබන ධාරිතා සංවර්ධන වැඩමුළු මාලාවේ තවත් අදියරක් පසුගියදා සාර්ථකව අවසන් කළේය.
විශේෂයෙන් ගිණුම්කරණය, මූල්ය, මුදල් ප්රවාහ කළමනාකරණය, ආයෝජන, පොත්තැබීම්, බදු, තොරතුරු තාක්ෂණය සහ එක් එක් කර්මාන්තයට අදාළ වෙනත් විශේෂිත හැකියාවන් වැනි අංශවල SME ව්යවසායකයින්ගේ දැනුම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් මෙම මූල්ය සාක්ෂරතා වැඩමුළුවල දෙවන අදියර HNB විසින් සම්පූර්ණ කරන ලදී. අදාල අවබෝධතා ගිවිසුමේ කොටසක් ලෙස දේශීය හා ජාත්යන්තර වශයෙන් ව්යාපාර මෙහෙයුම් ව්යාප්ත කිරීම, පහසුකම් වැඩිදියුණු කිරීම, මානව සම්පත් සහ ඵලදායිතා කළමනාකරණය, ආයෝජන සහ ඒකාබද්ධ කිරීම් ඇතුළුව පුළුල් ව්යාපාරික සැලැසුමක් නිර්මාණය කිරීමට සහාය වීමට HNB SMEs වෙත ප්රවේශය ලැබෙනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය පිළිබඳ නිෂ්පාදන හා හවුල්කාරීත්ව ප්රධානී නිලූක ටී. අමරසිංහ මහතා පැවසුවේ ‘‘යම් සමාගමක දියුණුව රඳා පවතින්නේ විශේෂයෙන්ම දෛනික මෙහෙයුම් හරහා වියදම් කළමනාකරණය කිරීම සහ ප්රශස්ත කිරීමත් ව්යාපාර ව්යාප්ත කිරීම සඳහා ආයෝජන යොමු කිරීමේදී ගන්නා බුද්ධිමත්, තොරතුරු මත තීරණ ගැනීමේ හැකියාව මතයි. විශේෂයෙන්ම වත්මන් ආර්ථික තත්වය අනුව, සියලූම කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට නිවැරදි හා කාලෝචිත මූල්ය තීරණ ගැනීමට අවශ්ය දැනුම ලබා දීමත් ඔවුන්ගේ දිගුකාලීන හැකියාව සුරක්ෂිත කිරීමත් ඉතා වැදගත් වනවා. එබැවින්, අපගේ SMEs පුහුණු කිරීමට, නිවැරදි මග පෙන්වීමට සහ ඔවුන්ට සහාය වීමට මෙන්ම ඔවුන්ව තිරසාර දියුණුවක් කරා රැගෙන යාමට PPOD උපදේශන සමාගම සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වනවා.’’ යනුවෙනි.
‘‘මෙවැනි වැදගත් කටයුත්තකට අපගේ විශේෂඥ දැනුම අඛණ්ඩව ලබා දීමට ලැබීම අප ඇත්තෙන්ම ගෞරවයක් කොට සලකනවා. අපගේ ඉලක්කය වන්නේ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් ශක්තිමත් කිරීමටත් ඔවුන්ට දියුණු වීමට සහ නව වෙළෙඳපොලවල් වෙත පිවිසීමට අවශ්ය ඔරොත්තු දීමේ හැකියාව තවත් වැඩිදියුණු කිරීමට උපකාර කිරීමයි. අවසාන වශයෙන්, මෙම වැඩමුළු මගින් ඔවුන්ගේම ව්යවසායකත්ව මානසිකත්වය සොයා ගැනීමට මග පෙන්වනු ඇති බවටත් ඒවගේම ඔවුන් ව්යාපාර මූලධර්ම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව මූල්ය සහ කළමනාකරණය පිළිබඳ තීරණ ගනු ඇති බවටත් අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් PPOD හි ජ්යෙෂ්ඨ පුහුණුකරු සහ උපදේශන ස්ටීවන් ඒ. පෝල්රාජ් මහතා පැවසුවේය.
මීට පෙර, PPOD, 2022 වසර තුළ HNB SME පාරිභෝගිකයින් සඳහා වැඩමුළු හතරක් පවත්වා ඇත. මෙම වැඩමුළුවලට සහභාගී වන SME පාරිභෝගිකයින්ට තමන්ට කැමති ඕනෑම භාෂාවකින් (සිංහල, දෙමළ සහ ඉංග්රීසි) ප්රවේශය විය හැකිය. HNB සමඟ මීට පෙර සාර්ථකව සැසි පවත්වා ඇති ක්ෂේත්රයේ ප්රවීණයන් සහ පුරෝගාමීන් විසින් මෙම වැඩසටහන් පවත්වා ඇත.

Image 01-03 - HNB SME පාරිභෝගිකයින් සඳහා පවත්වන ලද වැඩමුළු
December, 15, 2022
වර්තමානයේ සමස්ත මානව සමාජය තුළම වර්ධනය වෙමින් පවත්නා සමාජ ගැටළුවක් ලෙස දරිද්රතාවය හඳුන්වා දිය හැක. මේ උත්සව සමයේ එම ගැටළුව බොහෝ සෙයින් ජනතාව මානසිකව විඩාවට පත්කරනු ඇති බවට සැකයක් නැත. ඒ හේතුවෙන් පීඩාවට පත් පවුල්වල දරු දැරියන්ගේ මානසික තත්වය ඔප් නැංවීම සඳහා ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව කැරිටාස් ශ්රී ලංකා (Caritas Sri Lanka) සමඟ අත්වැල් බැඳගනිමින් සිය ප්රමුඛතම ඩිජිටල් ගෙවීම් app එකක් වන SOLO හරහා ‘Season of Giving’ නමින් වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේය.
මුදල පාදක කර නොගත්, මනුෂ්යත්වය අරමුණු කරගත් සංවිධානයක් මෙන්ම ශ්රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සමාජ හස්තයක් වන කැරිටාස් ශ්රී ලංකා යනු, දිවයින පුරා පිහිටි රදගුරු පදවි 12 ක් පුරා ප්රධාන මානව සංවර්ධන ව්යාපෘති වෙනුවෙන් කටයුතු කරන විශාලතම හා වඩාත්ම ගෞරවනීය මානුෂීය සංවිධානයකි.
මෙම වැඩසටහන දියත් කිරීම සංකේතවත් කිරීම වෙනුවෙන් කැරිටාස් ප්රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවය කොළඹ සහයක රදගුරු දේව ධර්මාචාර්ය අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් සහ HNB ප්රධාන මෙහෙයුම් නිලධාරී, දිල්ශාන් රොද්රිගෝ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු අතර කැරිටාස් ශ්රී ලංකා හි ජාතික අධ්යක්ෂ, ගරු ලූක් නෙල්සන් පෙරේරා පියතුමා සහ HNB නියෝජ්ය සාමාන්යාධිකාරී, ඩිජිටල් ව්යාපාර, චම්මික වීරසිංහ මහතා ඇතුළු HNB ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එයට සහභාගී විය.
ශ්රී ලංකාවේ පවතින වත්මන් සමාජීය විපර්යාස හේතුවෙන් ජනතාව සාමාන්ය ආහාර වේල මගහරිමින් මාස ගණනාවක් තිස්සේ ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟකමින් පීඩා විඳිමින් සිටී. දරුවන් කුසගින්නෙන් නින්දට යන අතර එය ඔවුන්ගේ සෞඛ්යට අහිතකර ලෙස බලපායි. ළමා කාලය විශේෂ වන අතර සියුම් රැකවරණය සහ උපකාර සඳහා හිමිකම් ලැබිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රකාශ කර ඇත. මේ රටේ අනාගතය ගොඩනගන්නට වෙර දරන දරු පරපුරක් වශයෙන් සෞඛ්ය සම්පන්නව සහ අනාගතය පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටීමට දරුවන්ට අවශ්ය රැකවරණය සහ උපකාර ලබා දිය යුතුය. මෙම ව්යාපෘතියේ පරමාර්ථය වන්නේ දරුවන් ශ්රී ලංකාවේ සියලූම ප්රජාවන්ගේ ජීවනාලිය බව හඳුනා ගෙන ඔවුන්ගේ පෞරුෂය සම්පූර්ණයෙන් සහ සුහදව වර්ධනය කරගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දීම සහ ඔවුන් නිරෝගී පවුල් පරිසරයක් තුළ සතුට, ආදරය හා අවබෝධය ඇති වාතාවරණයක් තුළ වර්ධනය වීමට උපකාර කිරීමයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ප්රධාන මෙහෙයුම් නිලධාරී, දිල්ශාන් රොද්රිගෝ මහතා පැවසුවේ ”වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්රී ලංකාවේ නිසි ආහාර වේලක් ගැනීමට නොහැකි මෙන්ම සනීපාරක්ෂක සහ නවාතැන් පහසුකම් නොමැති අසරණ තත්වයට පත් වූ පවුල් සංඛ්යාව වැඩි වී තිබෙනවා. දත්ත මගින් පෙන්වා දී ඇත්තේ දිනකට මිලියන 4.8 ක් පමණ ළමුන්ට මෙම මූලික පහසුකම් සඳහා ප්රවේශ වීමට පවා නොහැකි වී ඇති බවයි. මෙම සෑම දරුවෙකුටම අවම මූලික පහසුකම් සඳහා මුදල් හෝ පහසුකම් නොහැකි වීම නිසා ඒ සඳහා උපකාර කළ හැකි දරුවන්ට අවශ්ය පහසුකම් සැපයීමට අප කැරිටාස් ශ්රී ලංකා සමඟින් අත්වැල් බැඳ ගත්තා. මෙම උත්සව සමයේදී අවශ්යතා ඇති අය සඳහා පහසුකම් ලබා දීමට මෙම සත්කාරය සමඟ බොහෝ දෙනෙක් එක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා” යනුවෙනි.
HNB SOLO හරහා සිදු කළ සියලූම පරිත්යාග සහ ගනුදෙනුකාරභවතුන් විසින් සිදු කරන ලද සෑම ගනුදෙනුවක් සඳහාම බැංකුව විසින් අමතර පරිත්යාගයක් ද කැරිටාස් ශ්රී ලංකා ගිණුම වෙත සෘජුවම යවනු ලැබේ. එපමණක් නොව, HNB SOLO app එකේ ඇති Direct Pay විකල්පය හරහා එම ආයතනය වෙත සෘජුවම පරිත්යාගයන් සිදු කිරීමට ද බැංකුව පහසුකම් සලසා දී තිබේ.
තවදුරටත් අරමුණ පැහැදිලි කරමින් ‘‘නත්තල යනු දීමේ සහ බෙදාහදා ගැනීමේ කාලයයි. ඔබේ පරිත්යාගවල සහාය ඇතිව, දරිද්රතාවයෙන් තොර අනාගතයක් නිර්මාණය කිරීමට දරුවන්ට අවශ්ය වන්නේ හොඳ අධ්යාපනයක්. බොහෝ දරුවන්ට නැවත පාසලට යාමේ ඔවුන්ගේ උනන්දුව නැති වී තිබෙනවා. නමුත් ඔබගේ උපකාරයෙන් ඔවුන්ගේ ජීවිතවල සහ ඔවුන්ගේ ප්රජාවන් අතර අලූත් වෙනසක් ඇති කිරීමට අවශ්ය කරන අධ්යාපනය ලබා දීමට අපට ඔවුන්ට උපකාර කළ හැකියි. ඔබ පරිත්යාගයක් කිරීමේදී එයින් ඔවුන්ගේ අනාගතය වෙනස් කරනවා පමණක් නොව, ඔවුන් මුහුණ දෙන දුෂ්කරතාවලින් ඔබ්බට බැලීමට ඔවුන්ට උපකාර කරනවා. කිසිවෙකු දුප්පත්ව ඉපදෙන්නේ නෑ. එනිසා අප සැමට එක්ව දරිද්රතාවය නැති කළ හැකියි’’ යනුවෙන් කැරිටාස් ශ්රී ලංකා හි ජාතික අධ්යක්ෂ, ගරු ලූක් නෙල්සන් පෙරේරා පියතුමා පැවසුවේය.
මනුෂ්යත්වය පෙරටු කරගත් HNB බැංකුව පසුගිය වසරේදී ද හෙල්ප්ඒජ් ශ්රී ලංකා සමාගම සමඟින් එක්ව මීට සමාන වැඩසටහනක් දියත් කළේය.



Image Caption - HNB ප්රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ෂාන් රොද්රිගෝ මහතා සහ කැරිටාස් ශ්රී ලංකා ජාතික අධ්යක්ෂ ගරු ලූක් නෙල්සන් පෙරේරා පියතුමා අදාල අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගනිමින්. කොළඹ සහයක රදගුරු දේව ධර්මාචාර්ය අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් සහ HNB නියෝජ්ය සාමාන්යාධිකාරී, ඩිජිටල් ව්යාපාර, චම්මික වීරසිංහ මහතා ද ඡායාරූපයේ වෙයි.
December, 6, 2022
අන්තර්ජාලය ඔස්සේ මෙරට ව්යාපාරවල ව්යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා, ශ්රී ලංකාවේ ප්රමුඛ පෙලේ පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, දකුණු ආසියාවේ ප්රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන ඊ-වාණිජ්ය වේදිකාව වන Daraz සමඟ පසුගියදා අත්වැල් බැඳ ගත්තේය.
මෙම හවුල්කාරීත්වය මගින් HNB SME ව්යවසායකයින්ට අන්තර්ජාලය ඔස්සේ තම ව්යාපාරික කටයුතු සඳහා ආරම්භයක් ලබා ගැනීමට පුළුල් පරාසයක සේවා සහ පහසුකම් සඳහා ප්රවේශය ලබා ගැනීම සඳහා ඔවුන්ට හැකියාව ලබා දෙයි. HNB පාරිභෝගික සහ කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ Kaymu Lanka පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, රඛිල් ප්රනාන්දු යන මහත්වරුන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා පැවති විශේෂ උත්සවයට සහභාගී විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය පිළිබඳ සහකාර සාමාන්යාධිකාරී, කයිලවාසන් ඉන්ද්රවාසන් පැවසුවේ ”වත්මන් ආර්ථික වාතාවරණයන් සැලකිල්ලට ගෙන, online නොවන අලෙවිසැල් විවෘත කිරීමේ හැකියාව ඉතා අඩුයි. නමුත් දැන් තාක්ෂණය නිසා ව්යාපාරවලට අන්තර්ජාලය ඉතා පහසු වේදිකාවක් වී තිබෙනවා. විශාල SME ව්යවසාය කළඹක් ඇති බැංකුව ලෙස, අපි අපගේ ගනුදෙනුකාරභවතුන්ට නව අවස්ථාවන් සඳහා ප්රවේශය ලබා දිය යුතු අතර ඔවුන්ගේ දියුණුව සඳහා මාර්ගය සකස් කළ දිය යුතු යැයි අපි විශ්වාස කරනවා. Daraz සමඟ වන අපගේ හවුල්කාරීත්වය මගින් අපගේ ගනුදෙනුකාරභවතුන් සඳහා කලාපීය වශයෙන් නව මාර්ග සහ වෙළෙඳපලවල් විවෘත කරනවා. එනිසා බොහෝ දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ සිය ව්යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා මෙම සුවිශේෂී අවස්ථාව යොදා ගනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.” යනුවෙනි.
තවද, මෙම ගිවිසුම හරහා HNB පාරිභෝගිකයින් පළමු මාස තුන සඳහා ගෙවිය යුතු ගාස්තුවෙන් නිදහස් කර ඇත. නව ව්යාපාර ස්ථාපිත කර ඇති පාරිභෝගිකයින්ට Daraz විශ්ව විද්යාලය විසින් සපයනු ලබන අධ්යාපනික පහසුකම් සඳහා අසීමිත ප්රවේශයක් ලබා දී ඇත.
”HNB හි පුළුල් පරාසයක විසිරුනු කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට ඔවුන්ගේ ඊ-වාණිජ්ය හැකියාවන් ශක්තිමත් කිරීමට අවස්ථාව ලබා දෙන බැංකුව සමඟ ඇති මෙම හවුල්කාරීත්වය පිළිබඳව අප සතුටු වනවා. සියලූම ආකාරයේ හා ප්රමාණයේ ව්යාපාරවල ජීවන තත්වය නංවාලීමට හැකියාව ඊ-වාණිජ්යයට හැකියාව තිබෙනවා. ඒවගේම එය SMEs හට නව වෙළඳපලවල් පිළිබඳව සොයා බැලීමට ලාබදායී වේදිකාවක් ද සපයනවා. පුළුල් ප්රවේශය, විශාල ක්රියාකාරී ගැනුම්කරුවන් සහ එම වේදිකාව සතු ප්රබල තාක්ෂණය සැලකිල්ලට ගනිමින්, මෙම හවුල්කාරීත්වය හරහා අලෙවිකරණය සහ සැපයුම් සඳහා අපගේ තාක්ෂණික සහාය උපයෝගී කර ගනිමින් දිවයින පුරා මිලියන ගණනක් පාරිභෝගිකයින් වෙත ළඟා වීමට කුඩා ව්යාපාරවලට හැකි වනවා’’. යනුවෙන් Daraz හි කළමනාකාර අධ්යක්ෂ රඛිල් ප්රනාන්දු මහතා පැවසුවේය.
HNB පාරිභෝගික සහ කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරීල සන්ජේ විජේමාන්න සහ Kaymu Lanka පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, රඛිල් ප්රනාන්දු යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්. HNB සහ Daraz නියෝජනය කරමින් පැමිණ සිටි ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ඡායාරූපයේ වෙයි.

November, 30, 2022
දිවයින පුරා පිහිටි වෙළෙඳසැල් රැසක් වෙතින් 70%ක් දක්වා ආකර්ෂණීය වට්ටම් සහ දීමනා
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමයේදී ‘Shop with Joy’ හරහා ක්රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සුවිශේෂී ප්රතිලාභ රැසක් ලබා දීමට කටයුතු කර ඇත.
HNB ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ පාරිභෝගික වෙළෙඳ සැල්, ස්වර්ණාභරණ සහ ඊ-වාණිජ්ය සන්නාමයන් මෙන්ම ඉතා ජනප්රිය අවන්හල්, සුපිරි වෙළඳසැල් සහ හෝටල් සමඟ අත්වැල් බැදගනිමින් ඩෙබිට් සහ ක්රෙඩිට් කාඩ්පත් හිමියන්ට 2022 නොවැම්බර් 13 සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලය පුරාවට 70% දක්වා වට්ටම් සහ මාස 60ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් ඇතුළුව ආකර්ෂණීය ප්රතිලාභ රැසක් තම කාඩ්පත් හිමියන්ට පිරිනමයි.
”හැමදාමත් වගේ නත්තල් කාලය HNB අපට ඉතාමත් උද්යෝගිමත් කාලයක්. සෑම වසරකම අපි අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සමඟ නත්තල් සමය උත්සවශ්රීයෙන් සමරනවා. මෙම සමයේදී පාරිභෝගික අවශ්යතා සපුරාලමින් ප්රීතිමත් උත්සව සමයක් සහතික කිරීම වෙනුවෙන් දිවයින පුරා සිටින අපගේ පුළුල් වෙළෙඳ හවුල්කාර ජාලය තුළින් විවිධ දීමනා රැසක් අප පිරිනමනවා.” යනුවෙන් HNB කාඩ්පත් අංශ ප්රධානී ගෞතමී නිරංජන් මහත්මිය පැවසුවාය.
සුවිශේෂී ප්රතිලාභ රැසක් පිරිනැමීමට දිවයිනේ සුපිරි වෙළඳසැල් රැසක් HNB සමඟ අත්වැල් බැදගෙන සිටී. දැනට පවතින වාතාවරණය තුළ එය පාරිභෝගිකයින්ට හිමිවන අනගි අවස්ථාවකි. මෙරට ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාල වෙතින් HNB ක්රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සිල්ලර භාණ්ඩ සහ අනෙකුත් අත්යවශ්ය ගෙදර-දොර උපකරණ සතිය පුරාවට මිලදී ගත හැකිය.
උදාහරණයක් ලෙස Cargills විසින් රුපියල් 2,500 කට වැඩි බිල්පත් වලට මාංශ ආහාර සහ කිරි නිෂ්පාදන සඳහා 20% ක වට්ටමක් ලබා දෙන අතර Keells Super විසින් නැවුම් එළවළු, පළතුරු සහ seafood මිලදී ගැනීමේදී රුපියල් 4,000 කට වැඩි භාණ්ඩ ඇණවුම් සඳහා 25% ක වට්ටමක් ලබා දෙයි. HNB ක්රෙඩිට් කාඩ්පත් හිමියන්ට Laugfs Super වෙතින් නැවුම් පළතුරු සහ එළවළු මිලදී ගැනීමේදී රුපියල් 2,500 ට වැඩි භාණ්ඩ ඇණවුම් සඳහා 25% ක විශේෂ මිල අඩු කිරීමක් පිරිනමයි.
HNB ක්රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් පාරිභෝගිකයින් සඳහා Softlogic Glomark විසින් පිළිවෙලින් 20%ක වට්ටමක් සහ 10%ක වට්ටමක් ලබා දෙයි. SPAR වෙතින් නැවුම් පළතුරු, එළවළු සහ මාළු මිලදී ගැනීමේදී රු. 2,000 ට වැඩි බිල්පත් සඳහා ක්රෙඩිට් කාඩ්පත් වලට 20% ක වට්ටමක් හිමි වෙයි. එමෙන්ම Arpico Supercentres විසින් පළතුරු, එළවළු සහ seafood මිලදී ගැනීමේදී රු. 3000 කට වැඩි බිල්පත් වලට 25% ක වට්ටමක් ලබා ගත හැකිය.
ශ්රී ලංකාවේ ඉලෙක්ට්රොනික භාණ්ඩ සඳහා සීඝ්රයෙන් ඉහළ යන ඉල්ලූම සැලකිල්ලට ගනිමින් HNB, Abans සහ Buyabans, Singer ප්රදර්ශනාගාර සහ Singer.lk, Softlogic ප්රදර්ශනාගාර, Softlogic MAX සහ Furniture, Seetha Holdings, Dinapala Group, Hunters, Singhagiri සහ CameraLK වැනි දිවයිනේ කීර්තිමත් සන්නාම රැසක් සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර මෙම අලෙවිසැල් වෙතින් තෝරාගත් භාණ්ඩ සඳහා මාස 24ක් දක්වා අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් සමඟින් 40% දක්වා වට්ටම් හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වේ.
තවද, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ නිවෙස්වල සිටම ආරක්ෂිතව සාප්පු සවාරි යාමට හැකියාව ලබා දීම සඳහා HNB, online පාරිභෝගික වෙළඳසැල් රැසක් සමඟින් ද අත්වැල් බැඳගෙන ඇත. ඒ අනුව Daraz.lk, Takas.lk, Wasi.lk, Promateworld.com, Glomark.lk සහ PickMe Food and Market යන online වෙළෙඳ වෙබ් අඩවිවලින් මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයකට 30% දක්වා වට්ටම් හිමිකර ගත හැකිය.
මෙරට සුප්රසිද්ධ ස්වර්ණාභරණ වෙළඳසැල්වලින් සිදු කරන මිලදී ගැනීම් සඳහා වට්ටම් සහ අමතර ගාස්තු රහිත මාසික වාරික සැලසුම් හිමි කරගැනීමට ද HNB ක්රෙඩිට් කාඩ්පත් හිමියන් අවස්ථාව ඇත. ඒ අනුව Premadasa Jewellers, Raja Jewellers, Swarnamahal Jewellers, Vogue Jewellers, Colombo Jewellery Stores සහ Mallika Hemachandra Jewellers යන ස්වර්ණාභරණ අලෙවිසැල් වෙතින් තෝරා ගත් ස්වර්ණාභරණ සඳහා 40%ක් දක්වා වට්ටම් සහ මාස 12ක් දක්වා අමතර ගාස්තු රහිත පහසු ගෙවීමේ සැලසුම් ද හිමි කරගැනීමට අවස්ථාව ඇත.
තවද, HNB ක්රෙඩිට් කාඩ්පත්හිමියන්ට මෙම ප්රවර්ධන කාලය තුළ දිවයින පුරා පිහිටි බොහෝ ප්රසිද්ධ අවන්හල්වලින් මෙන්ම හෝටල්වලින් විශේෂ මිල ගණන් යටතේ ආහාරපාන භුක්ති විඳිය හැකිය.
HNB කාඩ්පත් හිමියන්ට Cinnamon Hotels, Browns Hotels සහ Oak Ray යන හෝටල් වෙතින් විශේෂ වට්ටම් ලබා ගැනීමට අවස්ථාව ඇත. මීට අමතරව HNB ක්රෙඩිට් කාඩ්පත් හිමියන්ට Pizza Hut වෙතින් ඕනෑම Large Pan Pizza එකක් මිලදී ගැනීමේදී අමතර Classic Large Pan Pizza ක් ලබා ගැනීමට හෝ Taco Bell හි à la carte මෙනුවෙන් එක් අයිතමයක් මිල දී ගෙන දෙවන අයිතමයක් නොමිලේ ලබා ගැනීමට ද අවස්ථාව ඇත. එමෙන්ම HNB ක්රෙඩිට් කාඩ් හිමියන්ට Kingsbury Hotel හි Indulgence වෙතින් ආහාර මිලදී ගෙන යාමේදී 20% ක වට්ටමක් ද Cinnamon Red, Flavoured හි රාත්රී භෝජන සංග්රහ භුක්ති විදීමේදී ඔවුන්ගේ ක්රෙඩිට් කාඩ්පත් සඳහා 20% ක වට්ටමක් ද හිමි කරගත හැකිය.
තවද නව පාසල් වාරය වෙනුවෙන් අලූතින් පාසල් උපකරණ ගැනීමට ඇගිලි ගනිමින් සිටින සිසුන්ට ඔවුන්ගේ සියලූම පාසල් උපකරණ හා ලිපි ද්රව්ය Promateworld.com වෙතින් මිලදී ගැනීමේ දී ක්රෙඩිට් කාඩ්පත් සඳහා 30% දක්වා සහ ඩෙබිට් කාඩ්පත් සඳහා 25% දක්වා වට්ටම් ලබා ගත හැකිය.
https://www.hnb.net/personal/promotions/card-promotions#secoffers වෙත පිවිසීමෙන් මෙම ප්රවර්ධන වැඩසටහන පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය.

November, 19, 2022
• සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 100 දක්වා දෙගුණ වෙයි
• පළමු මාස නවය සඳහා ණය හානිකරණය රුපියල් බිලියන 60 ඉක්මවයි
• දේශීය මුදල් තැන්පතු රුපියල් බිලියන 146 කින් වර්ධනය වෙයි
• Tier I ප්රාග්ධන අනුපාතය සහ සමස්ත ප්රාග්ධන අනුපාතය පිළිවෙලින් 11.31% සහ 14.36% කි
• ද්රවශීලතා ආවරණ අනුපාතය 218.5% කි
හැටන් නැෂනල් බැංකුව 2022 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා රුපියල් බිලියන 12.4 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 10.5 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත. මේ අතර අදාල කාල සීමාව සඳහා HNB සමූහය රුපියල් බිලියන 11.6 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇත.
ගත වූ මාස නවය සඳහා ලබා ගත් මූල්ය ප්රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB සභාපතිනී, අරුණි ගුණතිලක මහත්මිය පැවසුවේ ‘‘අතිශයින්ම අභියෝගාත්මක තත්වයන් යටතේ අප පෙන්නුම් කර තිබෙන කාර්යසාධනය මගින් අපගේ ගනුදෙනුකරුවන් විසින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය, අපගේ ශක්තිමත් ව්යාපාර ආකෘතිය හා ශක්තිමත්භාවය සහ දැඩි අවිනිශ්චිතතාවයන් මධ්යයේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීමට අපගේ කණ්ඩායමේ ඇති දැඩි කැපවීම හා විශේෂඥභාවය පැහැදිලිව පෙන්නුම් කරනවා. දිගුකාලීන වටිනාකමක් ලබා දීම සඳහා වූ අපගේ නොසැලෙන උනන්දුව හා කැපවීම නැවත අවධාරණය කිරීමටත් සහ අපගේ සාර්ථකත්වය සඳහා ඔවුන් ලබා දෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අපගේ ගනුදෙනුකාරභවතුන්ට, සමස්ත HNB කණ්ඩායමට, කොටස්හිමියන්ට සහ අනෙකුත් සියලූම පාර්ශ්වකරුවන්ට මගේ අවංක කෘතඥතාව පුද කිරීමට කැමතියි.’’ යනුවෙනි.
බැංකුවේ පොලී ආදායම 86% කින් වර්ධනය වී රුපියල් බිලියන 134.9ක් වී ඇති අතර එයට මූලික වශයෙන් හේතු වූයේ ශ්රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද දැඩි මූල්ය ප්රතිපත්තියට අනුකූලව බර තබන ලද සාමාන්ය ප්රමුඛ ණය පොලී අනුපාතිකය (AWPLR) ප්රතිශතාංක 12කට වඩා වැඩි අගයකින් ඉහළ යාමයි. ඒ අනුව, 2022 සැප්තැම්බර් මාසය දක්වා වූ පළමු මාස නවය තුළ බැංකුවේ ශුද්ධ පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව 100% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 71.1 ක් බවට පත්ව තිබේ.
2021 වසරේ අදාල කාල පරිච්ෙඡ්දයට සාපේක්ෂව වෙළඳ කටයුතුවලින් සහ කාඞ්පත්වලින් ලැබූ ඉහළ ආදායම හේතුවෙන් ශුද්ධ ගාස්තු ආදායම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 11.0ක එනම් 65% ක විශාල වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇතx මීට අමතරව, එම කාල පරිච්ෙඡ්දය තුළ 80%කට වඩා වැඩි අගයකින් රුපියලේ අගය අවප්රමාණය වීම හේතුවෙන් රුපියල් බිලියන 16.8 ක සුවිශේෂී විනිමය ආදායමක් උපයා ගැනීමට හැකි විය.
සමස්ත මෙහෙයුම් ආදායම 110% කින් වැඩි වී රුපියල් බිලියන 99.7 ක් බවට පත් වී ඇති අතර අදාල මාස 9 සඳහා වන සමස්ත හානි පූරණ ගාස්තු 438% කින් වැඩි වී රුපියල් බිලියන 60.3ක් වී ඇත. මෙයට බැංකුව සතු විදේශ විනිමයවලින් ආයෝජනය කර ඇති රජයේ සුරැකුම්පත් හේතුවෙන් සිදු විය හැකි රුපියල් බිලියන 41 ක හානි පූරණ ගාස්තුවක් ඇතුළත් විය. අයහපත් වෙළෙඳපොල තත්වයන් හේතුවෙන් බැංකුවේ net stage III අනුපාතය 2021 දෙසැම්බර් අවසානය වන විට 2.55% සිට 3.34%ක් දක්වා වර්ධනය වී ඇත. 2021 වසරේ අදාල කාල පරිච්ෙඡ්දය තුළ වෙන් කරන ලද රුපියල් බිලියන 9.9 ක ප්රතිපාදනයට සාපේක්ෂව මේ වසරේ අදාල මාස 9 සඳහා ණය සහ අත්තිකාරම් ලෙස රුපියල් බිලියන 19.3 ක හානි පූරණ ගාස්තුවක් බැංකුව වෙන් කර ඇත.
පසුගිය වසරට සාපෙක්ෂව 70%ක උද්ධමනය සහ රුපියලේ අගය 80%කින් අවප්රමාණය වීම යන පසුබිම තුළ මේ වසරේ අදාල මාස 9 සඳහා වන මෙහෙයුම් වියදම් වැඩිවීම 27%කට සීමා කිරීමට HNB සමත්ව ඇත. බැංකුවේ ආදායම් පිරිවැය අනුපාතය අදාල මාස 9 සඳහා 22.9%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී ප්රතිශතාංක 15 ක වැඩි වීමක් පෙන්නුම් කරයි. මේ හේතුවෙන් අදාල කාල පරිච්ෙඡ්දය තුළ ශුද්ධ ආදායම සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.
2022 සැප්තැම්බර් දක්වා වන මාස නවයක කාලය තුළදී බැංකුවේ වත්කම් පදනම 20.2% කින් පුළුල් වී රුපියල් ටි්රලියන 1.6 ක් වී ඇති අතර දළ ණය සහ අත්තිකාරම් ප්රමාණය 13.1% කින් ඉහළ ගොස් රුපියල් ටි්රලියන 1.1 ක් බවට පත්ව ඇත. අදාල මාස නවයක කාලය තුළ සමස්ත තැන්පතු ප්රමාණය 25.1%ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් ටි්රලියන 1.3 ක් වී ඇත. තවද HNB හි දේශීය මුදල් තැන්පතු 17.3% කින් වර්ධනය වී රුපියල් බිලියන 993 ක් වී ඇති අතර සමස්ත ශේෂ පත්රයේ වර්ධනයට රුපියල අවප්රමාණය වීම සැලකිය යුතු බලපෑමක් එල්ල කර තිබේ.
ලබා ගත් මෙම මූල්ය ප්රතිඵල පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේ, ‘‘මේ වන විට රට මුහුණ දී සිටින දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. එහි ප්රතිඵලයක් ලෙස සමස්ත බැංකු ක්ෂේත්රයටම අභියෝග රැසක් එල්ල වී තිබෙනවා. විදේශ විනිමය ද්රවශීලතා සීමාවන් නිසා පාරිභෝගිකයින්ට සහාය වීමට ඇති හැකියාවට බලපෑම් එල්ල වී තිබීම අපට ඇති ප්රධාන අභියෝගයක්. 2019 සිට කාරක ප්රාග්ධන ණය සහ පොලී සහන ලබා දීම මගින් මූල්ය සහාය අවශ්ය ගනුදෙනුකාරභවතුන්ට බැංකු ක්ෂේත්රය අඛණ්ඩව සහයෝගය ලබා දුන්නා. එහිදී සැලකිය යුතු පිරිසක් සිය ජීවනෝපාය නැවත නගා සිටුවීමට කටයුතු කළ අතර තවත් ගනුදෙනුකරුවන් විශාල සංඛ්යාවක් තවත් පීඩා විඳිනවා. එහි ප්රතිඵලයක් ලෙස වත්කම්වල ගුණාත්මකභාවය මත පීඩනය වැඩි වී තිබෙනවා. අඩු ආදායම් මට්ටම්, ඉහළ පොලී අනුපාත, උද්ධමනය සහ ඉහළ බදු හේතුවෙන් ගනුදෙණුකරුවන්ගේ ආපසු ගෙවීමේ හැකියාවට දැඩි බලපෑම් එල්ල කර ඇති බැවින් තත්වය තවත් උග්ර වී තිබෙනවා. මෙහි ප්රතිඵලයක් ලෙස ණය හානිපූරණ සඳහා ඉහළ ප්රතිපාදන වෙන් කිරීමට සිදුව තිබෙනවා. විදේශ විනිමයවලින් ආයෝජනය කර ඇති රජයේ සුරැකුම්පත් හේතුවෙන් අලූත ප්රාග්ධනය රැස් කිරීමට සුදුසු නොවන අවස්ථාවක ප්රාග්ධනයට ඇති අමතර බරක් ලෙස පෙන්වා දිය හැකියි.’’ යනුවෙනි.
Image 01: HNB සභාපතිනි අරුණි ගුණතිලක මහත්මිය
Image 02: HNB කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා
Video Story