September, 15, 2022
දිනෙන් දින සීඝ්රයෙන් ඉහළ යන ආහාර මිල හමුවේ කොළඹ දිස්ත්රික්කයේ නාගරික ප්රදේශවල පිහිටි තට්ටු නිවාසවල ගෙවතු වගාව දිරිමත් කරමින් ශ්රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව බිම් මට්ටමේ සිටින මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය නැවත නගා සිටුවීමේ ප්රයත්නයන්ට සහාය දීම සඳහා වන සිය ප්රමුඛතම වැඩසටහනක් වන ‘‘සරු ගෙවත්ත’’ කොළඹ නගරයේ තෝරා ගත් බැංකු ඒකක නවයක් පුරා පසුගියදා දියත් කළේය.
මෙම වැඩසටහනේ පළමු අදියර මධ්යම පළාතෙන් ආරම්භ වූ අතර එහි දෙවන අදියර වූ මෙය දිස්ත්රික් මට්ටමේ කෘෂිකාර්මික කාර්යාල සම්බන්ධ කරගනිමින් පසුගියදා HNB වැල්ලවත්ත පාරිභෝගික ඒකකයේදී පැවැත්වුණු අතර එදිනම ඊට සමගාමීව තිඹිරිගස්යාය, බම්බලපිටිය, හෙට්ටි වීදිය, කොල්ලූපිටිය, ග්රීන් පාත්, ප්රධාන කාර්යාලය, මුතුවල් සහ කොටහේන යන HNB බැංකු ඒකකවලදී ද මෙම වැඩසටහන සාර්ථකව දියත් කෙරිණි.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැවති විශේෂ උත්සවයට HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB නියෝජ්ය සාමාන්යාධිකාරිනී - CHRO/CTO, එල්. චිරන්ති කුරේ, HNB නියෝජ්ය සාමාන්යාධිකාරී-නීති (අධ්යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර, HNB සහකාර සාමාන්යාධිකාරී, ක්ෂුද්ර මූල්ය, විනෝද් ප්රනාන්දු, HNB සහකාර සාමාන්යාධිකාරී - SME කේ. ඉන්ද්රවාසන්, HNB කලාපීය ව්යාපාර ප්රධානී-කොළඹ, සෝමස්කන්ද ශර්මා නරේන්දිරන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ඒ. එච්. එම්. එල් අබේරත්න, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළධාරිනී, ශිරෝමි රත්නායක, ගොවිජන සේවා සහකාර නිෂ්පාදන සහකාර රංජිත් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් සහභාගී විය.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්ය සාමාන්යාධිකාරිනී - CHRO/CTO, එල්. චිරන්ති කුරේ මහත්මිය පැවසුවේ, ”කොළඹ දිස්ත්රික්කය දෙස බැලීමේදී එය ඉතා ජනාකීර්ණ නගරයක් බව ඔබට පැහැදිලිවම දැකගත හැකියි. එබැවින් ජනතාව දැන් මහල් නිවාසවලට සීමා වී ඇති නිසා ගෙවතු ද මහල් නිවාසවලට සීමා වී තිබෙනවා. කෙසේ වෙතත්, අපගේ මෙම වැඩසටහන සමඟින්, ජනතාවට ඔවුන්ගේ සෞඛ්යයට සහ පවුල්වලට ප්රයෝජනවත් වන ඔවුන්ගේ පළතුරු සහ එළවළු ඔවුන්ගේම සඳලූතලවලම වගා කිරීමට පටන් ගත හැකියි.’’ යනුවෙනි.
”එපමණක් නොව, මෙම මුලපිරීම තුළින් අපි ආර්ථිකය සවිබල ගැන්වීමට හා ව්යවසායකත්වය පිළිබඳව උනන්දු කරවීමටත්, ගෙවතු වගාවේ සහ වගා කිරීමේ වටිනාකම පිළිබඳව පුරවැසියන් සහ තරුණ පරම්පරාව දැනුවත් කිරීමට සහ විශේෂයෙන්ම සෑම නිවසකටම පෝෂ්යදායී ආහාර වේල් සැපයීමටත් හැකි වීම පිළිබඳව අප ගෞරවයක් ලෙස සලකනවා,” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
මෙම වැඩසටහන දියත් කරනු ලැබූ ප්රදේශ ආසන්නයේ සිටින පදිංචිකරුවන්ට පැළ සහ බීජ බෙදා දීමට ද බැංකුව මෙහිදී කටයුතු කළේය.
මීට අමතරව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තට්ටු නිවාසවල ගෙවතු වගාව පිළිබඳ කෙටි දැනුවත් කිරීමක් සිදු කරන ලදී. මෙහිදී බැංකුවේ කුඩා හා මධ්ය පරිමාණ පාරිභෝගිකයින්ට පැළ, බීජ, හා පොහොර ආදිය සහනදායී මිලට ලබා දීමට ද HNB කටයුතු කළේය.
තවද, අදාල පාරිභෝගික ඒකකවලදී තෝරාගත් ක්ෂුද්ර මූල්ය ව්යවසායකයින්ට තම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ස්ථානයක් වෙන් කිරීමට ද බැංකුව කටයුතු කළේය.
තවද, මෙම වැඩසටහනේ පළමු වැන්න මධ්යම පළාතෙන් දියත් කරන ලද අතර ග්රාමීය ප්රදේශවල සිටින ගොවීන් නාගරික ප්රදේශවල ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ කිරීමට බැංකුව මෙමගින් අපේක්ෂා කරයි. එහිදී ගොවීන්ට හා පාරිභෝගිකයින් යන දෙපාර්ශවයටම ඔවුන්ගේ අස්වැන්නෙන් යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට සහ ඔවුන්ගේ අත්යවශ්යතාවන් සඳහා සාධාරණ මිලක් ලබා දීම සඳහා කෘෂි ක්ෂේත්රයේ සිටින අතරමැදියන් අවම කරමින් රට පුරා සිටින ගොවීන් හා පාරිභෝගිකයින් අතර ඍජු සබඳතාවන් ඇති කිරීමට බැංකුවේ දැනට සිටින පාරිභෝගික ජාලය සමඟ කටයුතු කරන බව HNB පවසා සිටී.
නැවුම් එළවළු, පළතුරු හා කෘෂි නිෂ්පාදන සඳහා ඍජු වෙළෙඳපොලක් ස්ථාපිත කිරීම, ගෙවතු වගාව ප්රචලිත කිරීමට පැළ, බීජ හා කාබනික පොහොර සහනදායී මිලට සපයා දීම සහ ගෙවතු වගාව සඳහා නවීන තාක්ෂණික ක්රමෝපායන් පිළිබඳ දැනුම හා ප්රායෝගික පුහුණුව ලබා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඊට අදාල ආයතන වෙත ගොවීන් හා ගෙවතු වගාකරුවන් යොමු කිරීම ද මෙම මුලපිරීමේ තවත් අරමුණකි.

September, 8, 2022
පරිසර හිතකාමී, සෞඛ්ය සම්පන්න සහ පිරිමැසුම්දායී ප්රවාහන ක්රම ප්රවර්ධනය කිරීම සඳහා වන සිය කැපවීම තවදුරටත් පුළුල් කරමින්, රැකියාවට යාමේ වඩාත් තිරසාර හා ප්රායෝගික ක්රමයක් වන බයිසිකල් පැදීම ප්රවර්ධනය කිරීම සඳහා ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට පුද්ගලික අංශයේ තවත් බැංකු තුනක් වන සම්පත් බැංකුව, නේෂන්ස් ට්රස්ට් බැංකුව සහ DFCC බැංකුව සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.
මේ සඳහා අදාල බැංකු ආයතන එක්ව සිය සේවකයන් සඳහා පාපැදි සවාරියක් සංවිධානය කළ අතර කිලෝ මීටර 25 ක දුරකින් යුතු වූ මෙම පාපැදි සවාරිය කොළඹ 3 DFCC පාරිභෝගික මධ්යස්ථානයෙන් ආරම්භව ආර්. ඒ. ද මැල් මාවත හරහා දෙහිවල දුම්රිය ස්ථානය දක්වා ගමන් කර පසුව Marine Drive හරහා නැවත ආරම්භක ස්ථානයට පැමිණියේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්ය සාමාන්යාධිකාරීල ප්රධාන මානව සම්පත් නිළධාරී සහ Chief Transformation Officer එල්. චිරන්ති කුරේ මහත්මිය පැවසුවේ ”මිත්රත්වයේදී එක්සත්ව කටයුතු කිරීමට සහ අපගේ කාර්ය මණ්ඩලය අතර තිරසාර ජීවන රටාවන්, සෞඛ්ය සම්පන්න බව සහ ශරීර යෝග්යතාවය ප්රවර්ධනය කිරීමට පාපැදි පැදීම අඛණ්ඩව සිදු කරගෙන යාමටත් ඒ සඳහා බැංකු ක්ෂේත්රය එක් කර ගැනීමට හැකි වීම පිළිබඳවත් අපි ඉතා සතුටට පත්වෙනවා.’’ යනුවෙනි.
පසුගියදා යෙදුනු ලෝක පාපැදි දිනයට සමගාමීව සිය සේවකයින් අතර පරිසර හිතකාමී, සෞඛ්ය සම්පන්න සහ ආර්ථික වශයෙන් පිරිමැසුම්දායී ප්රවාහන ක්රමයක් ප්රවර්ධනය කිරීමේ HNB ‘Walk the Talk’ වැඩසටහනේ තවත් දිගුවක් ලෙස මෙම පරිසර හිතකාමී වැඩසටහන හඳුන්වා දිය හැකියි. තවද HNB SOLO හරහා බැංකුවේ සේවකයින්ට සහනදායී මිලට පාපැදි ලබා දීමට වෙළෙන්දන් සමඟ ද බැංකුව අත්වැල් බැඳ ගෙන ඇත.
ඡායාරූපය - පාපැදි සවාරියට එක් වූ HNB කණ්ඩායම
September, 7, 2022
ජාතික ගුවන් සේවය ලෙස ශ්රීලංකන් ගුවන් සේවය, වීසා සහ මාස්ටර් කාඩ් ගෙවීම් සඳහා නව අන්තර්ජාල ගෙවීම් ද්වාර හඳුන්වාදෙමින් මෙරට කීර්තිමත් දේශීය බැංකු වන ලංකා බැංකුව (BOC) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) සමඟ හවුල්කාරීත්ව ගිවිසුමකට එළඹ තිබේ. ශ්රීලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවියෙන් වීසා හෝ මාස්ටර්කාඩ් භාවිතයෙන් ගුවන් ටිකට්පත් සහ අනෙකුත් සේවාවන් ලබාගන්නා පාරිභෝගිකයින්ට පහසු ගෙවීම් විකල්ප සමගින් ඉතා ආරක්ෂිත උසස් පරිශීලක අත්දැකීමක් මෙමගින් ලබාගත හැක.
BOC සහ HNB මගින් බල ගැන්වෙන ශ්රීලංකන් හි වැඩිදියුණු කරන ලද Visa සහ Mastercard ගෙවීම් ද්වාර පද්ධතිය පාරිභෝගිකයින්ට ගෝලීය මුදල් ඒකක 42 කින් මුදලින් ගෙවීමේ විකල්පය ලබා දෙයි. HNB-CyberSource ‘Decision Manager’ මෙවලම මඟින් පද්ධතියට ගොඩනගා ඇති උසස් ක්රමවේදය හේතුවෙන් පාරිභෝගිකයින්ට ආරක්ෂිතව සිය ගනුදෙනු සිදු කිරීමේ හැකියාව පවතී.
මෙමගින් ශ්රීලංකන් වෙබ් අඩවියෙන් ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව ගුවන් ටිකට්පත් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් දිරිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, ගුවන් සමාගමේ වෙබ් අඩවියෙන් සෘජුවම ගුවන් ප්රවේශ පත්ර මිලදී ගන්නා පාරිභෝගිකයින්ට වෙනත් අද්විතීය ප්රතිලාභද හිමිකර ගත හැකිවේ. මෙයට අඩුම ගාස්තු, සේවා ගාස්තු රහිත විශේෂිත ප්රතිලාභ ඇතුළත් වන අතර කිසිදු ගාස්තුවකින් තොරව පිටත්වීමට පැය 24කට පෙර පළමු දිනය වෙනස් කිරීමට සහ ප්රවේශපත්ර අවලංගු කිරීමට හැකියාව පවතී.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්රීලංකන් ගුවන් සේවයේ වාණිජ සේවා සහ සහාය ජ්යෙෂ්ඨ කළමනාකරු, කොන්රඩ් රෙෂාන්ත මහතා මෙසේ පැවසීය “ අනාගතයේ දී ගුවන් සේවා වෙන්කරවා ගැනීමේ බොහෝ දුරට ඩිජිටල් ක්ෂේත්රයට අන්තර්ගත වනු ඇත. ශ්රීලංකන් එයාර්ලයින්ස් හි මාර්ගගත වෙන්කිරීමේ නාලිකාව අති නවීන සහ පරිශීලකයින්ට පහසු අත්දැකීමක් ලබා දීම සඳහා පුළුල් කර තිබෙනවා. විශේෂයෙන් අමතර ඉඩකඩ සහිත ආසන, අමතර ගමන් මලු, විශේෂ ආහාර සහ ගමන් රක්ෂණ ඇතුළුව අපගේ මගීන්ට ගුවන් ගමන් සඳහා අතිරේකව අවශ්ය ඕනෑම සහායක සේවාවක් වෙන්කරවා ගැනීමේ පහසුකම දැන් හිමිව තිබෙනවා. ” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රීලංකන් ගුවන් සේවයේ ලෝක ව්යාප්ත විකුණුම් සහ බෙදාහැරීමේ ප්රධානී දිමුතු තෙන්නකෝන්, මහතා මෙසේ පැවසීය “ මෙම නව හවුල්කාරිත්වයන් මගින් ශ්රීලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවිය භාවිතා කිරීමේදී පාරිභෝගිකයන්ගේ විශ්වාසය වර්ධනය කිරීමට මග සැලසෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මාර්ගගත විකුණුම් ප්රමුඛස්ථානයක් ගන්නා බැවින්, ප්රමුඛතාවයක් ලෙස එම තාක්ෂණික මාර්ග සංවර්ධනය කිරීම සහ ප්රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් පාරිභෝගිකයින්ගේ ඩිජිටල් අත්දැකීම සහ නම්යශීලී බව වැඩි දියුණු කිරීමට ගුවන් සමාගම නිරන්තරයෙන් කටයුතු කරනවා. ” යැයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.
නව වීසා සහ මාස්ටර්කාඩ් ගෙවීම් දොරටු ගුවන් සේවයේ ඇමතුම් මධ්යස්ථානය , ජංගම යෙදුම් මෙන්ම ශ්රීලංකන් ගුවන් සේවා පුහුණු පාසලේ සහ ශ්රීලංකන් හොලිඩේස් වෙබ් අඩවි වැනි ඩිජිටල් වේදිකා වෙත ව්යාප්ත කිරීමට උත්සාහ කරමින් පවතියි. නුදුරු අනාගතයේ දී චීනයේ UnionPay සහ ජපානයේ JCB වැනි ගෙවීම් විකල්ප හඳුන්වා දීමට ගුවන් සමාගම තවදුරටත් කටයුතු කරමින් සිටියි.
SriLankan වෙබ් අඩවිය දැනටමත් Visa සහ Mastercard ගෙවීම් වලට අමතරව American Express Discover සහ Diners Club cards ගෙවීම් සඳහා අනුමත කරයි. පාරිභෝගිකයින්ට ඩිජිටල් මුදල් පසුම්බි Alipay සහ WeChat සහ මාර්ගගත බැංකුකරණ විකල්පය වන POLi මගින්ද ගෙවිය හැක.
වැඩි විස්තර සහ ඉක්මන් සහ පහසු වෙන් කිරීම් සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න

August, 26, 2022
ශ්රී ලංකාවේ වඩාත්ම නම්යශීලී ගෙවීම් හවුල්කරුවා ලෙස සිය කීර්ති නාමය තවත් ශක්තිමත් කරමින් මෙරට ප්රමුඛ පෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඩිජිටල් ගෙවීම් විසඳුම් වැඩිදියුණු කිරීම සඳහා වූ සිය කැපවීම උදෙසා දකුණු ආසියාවේ විශාලතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz ඇගයීමට ලක් කළේය.
පසුගියදා Daraz විසින් පැවැත්වූ 2022 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන ප්රදානයේදී (Payment Partner Performance Awards) හිදී ‘වඩාත් පරිපූර්ණ වර්ධනයක් සහිත කාඞ්පත පදනම’ සහිත බැංකුව (The best all-round growth) සඳහා වන සම්මානය HNB විසින් දිනා ගන්නා ලදී. හොඳම බැංකු හවුල්කරුවන් අතරට ශ්රේණිගත වී ඇති ්යභඊල 2021-2022 සඳහා ගෙවීම් ධාරිතාවය, ගැනුම්කරුවන්ගේ සහභාගීත්වය සහ සිය ක්රෙඩිට් හා ඩෙබිට් යන කාඞ්පත් දෙවර්ගයෙන්ම සමස්ත ගනුදෙනු සංඛ්යාවේ වඩාත් පරිපූර්ණ වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් විය.
මේ පිළිබඳව අදහස් දක්වමිවන් HNB කාඞ්පත් ප්රධානී ගෞතමි නිරංජන් මහත්මිය පැවසුවේ ”2020 වසරේදී කොරෝනා වසංගතය ආරම්භ වූ දා සිට ඩිජිටල් ගෙවීම් වෙත යොමුවීම සඳහා ඊ-වාණිජ්ය වේදිකා භාවිතා කිරීම පෙර නොවූ විරූ තරම් වේගවත් වුණා. පසුගිය වසර දෙක තුළ අපි මෙම නව වෙළෙඳපල තත්වයන්ට අනුවර්තනය වී තිබෙන අතර අපගේ පාරිභෝගිකයින්ට ඔවුන් ගනුදෙනු කිරීමට කැමති ඕනෑම වේදිකාවක් හරහා ඔවුන්ගේ ගෙවීම් කටයුතු සිදු කිරීමට පහසු සහ නම්යශීලී ක්රම ඇති බව සහතික කරනු ලැබුවා. Daraz විසින් ලබාදුන් මෙම සම්මානය අපගේ පාරිභෝගිකයින්ට හා හවුල්කරුවන් උදෙසා අපගේ වෙහෙස මහන්සිය සහ කැපවීම අගය කිරීමක් ලෙස අපි සලකනවා.” යනුවෙනි.
පසුගිය වසරේ දී ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන උළෙලේදී Daraz විසින් ඉහළම වර්ධනයක් සහිත ගෙවීම් හවුල්කරු ලෙස HNB පිළිගැනීමට ලක් කිරීම විශේෂයෙන් කැපී පෙනේ.
එපමණක් නොව, HNB කාඞ්පත් හිමියන්ට HNB ක්රෙඩිට් කාඞ්පත් සඳහා ආකර්ෂණීය වට්ටම් සහිතව මාස 24ක් දක්වා පොළී රහිත පහසු වාරික ගෙවීමේ සැලසුම් ඇතුළුව Daraz වෙතින් විවිධ ප්රතිලාභ භුක්ති විඳිය හැකිය. සෙනසුරාදා දිනවල ඊ-වාණිජ්ය වේදිකා හරහා සිදු කරනු ලබන මිලදී ගැනීම්වලට 10% ක මිල අඩු කිරීමක් ද හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ඇත. මීට අමතරව, අවුරුදු, Black Friday, Daraz 11:11 සහ Daraz 12.12 වැනි විශේෂ සැණකෙළිවලදී පරිශීලකයින්ට දැවැන්ත වට්ටම් පිරිනැමීමට බැංකුව Daraz සමඟ අත්වැල් බැඳ ගෙන සිටී.
HNB මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ්රී ලංකාවේ ප්රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්යන්තර පාරිභෝගික මූල්ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය.
තවද එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව හයවන වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට HNB ශ්රේණිගත කර ඇති අතර 2021 ජාත්යන්තර මූල්ය සඟරා සම්මාන උළෙලේදී ‘‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමි කරගැනීමට ද බැංකුව සමත් විය. මීට අමතරව අඛණ්ඩව සිව්වන වරටත් ශී්ර ලංකාවේ වඩාත්ම ගෞරවනීය සමාගම් 10 අතරට තේරී පත් වී ඇත.
ඡායාරූපය: HNB කාඞ්පත් ප්රධානී - ගෞතමී නිරංජන් මහත්මිය (වමේ සිට 3 වැනියා), Daraz කළමනාකාර අධ්යක්ෂ රඛිල් ප්රනාන්දු මහතා අතින් සම්මානය ලබා ගනිමින්. (වමේ සිට) HNB හි ජ්යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද ඡායාරූපයේ වෙයි.
August, 24, 2022
මෙරට කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් නව ඊ-වාණිජ්ය වෙළෙඳපොලවල් සහ ගැනුම්කරුවන් වෙත සම්බන්ධ කිරීමේ අරමුණින් නව මාර්ගගත (online) වෙළෙඳ වේදිකාවක් වන Cochchi.lk න වෙත ඔවුන්ට නොමිලේ ප්රවේශය ලබා දීම සඳහා ශ්රී ලංකාවේ වඩාත්ම ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, SLT-MOBITEL සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.
බැංකු සහ විදුලි සංදේශ යන ක්ෂේත්රවල දැවැන්තයින් ආයතන දෙකක් අතර ඇති කරගත් මෙම හවුල්කාරීත්වය මගින් HNB කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරිකයින්ට මෙම නව ඊ-වාණිජ්ය වේදිකාවට ප්රවේශ වන විට අමතර ප්රතිලාභ ලබා දෙනු ඇත. HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න, HNB සහකාර සාමාන්යාධිකාරී - SME කයිලයිවාසන් ඉන්ද්රවාසන්, HNB SME සේවා සහ හවුල්කාරීත්වයන් පිළිබඳ ප්රධානී, නිලූක අමරසිංහ සහ SLT ප්රධාන තොරතුරු සහ ඩිජිටල් නිලධාරී, තිලක් ගම්ලත්, ශ්රී ලංකා ටෙලිකොම් සාමාන්යාධිකාරී - Digital Transformation Projects ඉෂාරි සිරිවර්ධන, ශ්රී ලංකා ටෙලිකොම් නියෝජ්ය සාමාන්යාධිකාරී-ඩිජිටල් ව්යාපෘති, දිනේෂ් පෙරේරා සහ ශ්රී ලංකා ටෙලිකොම් ජ්යෙෂ්ඨ කළමණාකාර (අලෙවි) - SME සේවා සංවර්ධනය, ලාල්වින් ද සොයිසා යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී මෙම හවුල්කාරීත්වයට එළැඹිණි.
මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් HNB සහකාර සාමාන්යාධිකාරී - SME කයිලයිවාසන් ඉන්ද්රාවාසන් මහතා පැවසුවේ ”වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ්රී ලාංකිකයින් වශයෙන් අපට අපගේ ආර්ථිකය නැවත යථා තත්වයට පත් කිරීම සඳහා නව මංපෙත් සහ අවස්ථා පිළිබඳ සොයා බැලිය යුතු වෙනවා. අපගේ අපනයන ඉහළ නැංවීම සහ මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වන අපගේ SME ව්යවසායකයන් සඳහා නව වෙළෙඳපල හඳුනා ගැනීම කෙරෙහි අප අවධානය යොමු කර තිබෙන අතර එය අපට අතිශයින්ම වැදගත් මුදල් ප්රවාහයන් උත්පාදනය කිරීමට කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒවගේම SME ව්යවසායකයින් සමඟ සැමවිටම කටයුතු කර ඇති බැංකුවක් ලෙස ඔවුන්ට online පහසුකම් සැලසීම අත්යවශ්ය බව අප විශ්වාස කරනවා. එබැවින් අපගේ SME ව්යවසායකයින්ට මෙම අවස්ථාව ලබා දීම සඳහා SLT-MOBITEL සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපට සතුටුයි.” යනුවෙනි.
මෙම හවුල්කාරීත්වය මගින් HNB පාරිභෝගිකයින්ට නොමිලේ දැන්වීම් ප්රචාරණ අවකාශය, ආරම්භක සහ දායකත්ව ගාස්තු නොමැති වීම සහ අමතර අගය එකතු කළ සේවාවන් මිලදී ගැනීමේ හැකියාව වැනි විවිධ ප්රතිලාභ ලබා දෙනු ඇත. එපමණක් නොව මෙම වේදිකාව මගින් දේශීයව නිෂ්පාදිත නිෂ්පාදන සඳහා ‘’Made in Sri Lanka’’ නමින් වෙනම කාණ්ඩයක් ඇතුළුව, කාණ්ඩ 500 කට අධික පරාසයක විහිදුණු විවිධ නිෂ්පාදන පාරිභෝගිකයින්ට ලබා දෙනු ඇත.
මෙම යෝජිත ඊ-වාණිජ්ය වේදිකාව SLT-MOBITEL හි දත්ත මධ්යස්ථානයේ cloud පද්ධතියක ගබඩා කර තැබෙනු ඇත. තවද මෙම වේදිකාව මගින් පරිශීලකයින්ට පුළුල් පරාසයක e-business අවශ්යතා සපුරාලන නම්යශීලී, විශේෂාංගවලින් පොහොසත් ඊ-වාණිජ්ය වේදිකාවක් පිරිනමන අතරම SME ව්යවසායකයින්ට ඔවුන්ගේ online වෙළෙඳසැල් සහ e-shops නිර්මාණය කිරීමට හැකියාව ලබා දෙයි.
‘‘SME ව්යාපාර සැමවිටම ශ්රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය ලෙස කි්රයා කරන අතර ගෝලීය වෙළෙඳපොළට ඇතුළුවීම සඳහා ඔවුන්ගේ ඊ-වාණිජ්ය හැකියාවන් ඉහළ නැංවීමට කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මෙරට කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සමඟ සමීපව වැඩ කිරීමේ දිගු ඉතිහාසයක් ඇති HNB සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම අපට ගෞරවයක්.” යනුවෙන් SLT ප්රධාන තොරතුරු සහ ඩිජිටල් නිලධාරී, තිලක් ගම්ලත් මහතා පැවසුවේය.
තවද මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ්රී ලංකාවේ ප්රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්යන්තර පාරිභෝගික මූල්ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් HNB අභිසෙස් ලැබීය.
මේ වසරේදී බැංකුව විසින් දියත් කළ අති සාර්ථක බැංකු මූල්ය නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance Forum and Awards හිදී ‘විශිෂ්ටතම IoT මුලපිරීම’ ලෙස ඇගයීමට ලක් විය. Asian FinTech Academy (AFTA) විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල්කරණය තුළ නවෝත්පාදනයන් හඳුන්වාදෙන සංවිධාන සහ බලපෑම්කාරී පුද්ගලයින් හඳුනාගෙන ඇගයීමට ලක් කරනු ලබයි.
මෙරට ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප්රමුඛයින් සම්මානයට පාත්ර කිරීම සඳහා පැවති 2022 LankaPay Technnovation සම්මාන උළෙලේ දී සම්මාන හතරක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම් කිරීමට HNB සමත් විය. පාරිභෝගික පහසුව සඳහා වන වසරේ විශිෂ්ටතම බැංකුව සහ මූල්ය ඇතුළත් කිරීම් සඳහා වන කාණ්ඩයේ වසරේ බැංකුව සඳහා වන රන් සම්මාන දිනා ගැනීමට අමතරව ‘විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සඳහා වසරේ මුල්ය ආයතනය’ සඳහා වන රිදී සම්මානය ද, මෙම වසරේ ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) - සමස්ත සම්මානය’ සඳහා ලෝකඩ සම්මානය ද දිනා ගැනීමට HNB සමත් වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනිණි.
ඡායාරූපය: HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න (දකුණේ සිට පස්වැන්නා) සහ SLT ප්රධාන තොරතුරු සහ ඩිජිටල් නිලධාරී තිලක් ගම්ලත් (දකුණේ සිට හතරවැන්නා) යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. HNB සහ SLT-MOBITEL යන ආයතන නියෝජනය කරමින් පැමිණි ජේ්යෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම ඡායාරූපයේ වෙයි.
August, 19, 2022
ඉතා අභියෝගාත්මක මෙහෙයුම් පරිසරයක් මධ්යයේ HNB සමූහය 2022 වසරේ පළමු අර්ධය තුළ රුපියල් බිලියන 6.7 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 6.1 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මෙම පළමු අර්ධයේ මූල්ය ප්රතිඵල පිළිබඳ අදහස් දක්වන HNB සභාපතිනී අරුණි ගුණතිලක මහත්මිය පැවසුවේ ‘‘මෙම අසාමාන්ය වෙළෙඳපොළ තත්වයන් සමස්ත බැංකු ක්ෂේත්රයටම නව අභියෝග රැසක් නිර්මාණය කර තිබෙනවා. බාහිර සාධක අඛණ්ඩව අවිනිශ්චිත බැවින් එම අවදානම් සාධක නිසා ඇති වන ඍණාත්මක බලපෑම අවම කිරීමට අවශ්ය පියවර ගැනීම වැදගත්. ඒ අතරම, අර්බුදකාරී අවස්ථාවකදී පවා මතුවන අවස්ථා සඳහා අප සූදානමින් සිටිය යුතුයි. අපගේ පාර්ශවකරුවන්ට දිගුකාලීන වටිනාකමක් ලබා දීම කෙරෙහි අප අවධානය යොමු කර තිබූ බැවින් පළමු භාගය තුළ අප ලබා ගත් මෙම කාර්යසාධනය ඉතා සුවිශේෂීයි.’’ යනුවෙනි.
බැංකුවේ දළ ආදායම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 97.1 ක් බවට පත් වෙමින් 71%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එය පොළී ආදායමේ 53% ක වර්ධනයක්, ගාස්තු ආදායමේ 61% ක වර්ධනයක් සහ විනිමය ආදායමේ 349% ක වර්ධනයක් සඳහා හේතු වී ඇත. ශුද්ධ පොළී ආදායම රුපියල් බිලියන 23.2 සිට රුපියල් බිලියන 40.2 දක්වා සුවිශේෂී ලෙස වර්ධනය වී ඇති අතර එයට මූලික වශයෙන් හේතු වූයේ ශ්රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද දැඩි මූල්ය ප්රතිපත්තියට අනුකූලව බර තබන ලද සාමාන්ය ප්රමුඛ ණය පොලී අනුපාතිකය (AWPLR) ප්රතිශතාංක 16 කින් පමණ ඉහළ යාමයි.
පළමු මාස 6 සඳහා ගාස්තු ආදායම රුපියල් බිලියන 7.3 දක්වා ස්ථාවර වර්ධනයක් වාර්තා කර ඇති අතර එයට ක්රෙඩිට් කාඞ්පත් ගනුදෙනු හා වෙළෙඳ කටයුතුවල ප්රශස්ත වර්ධනය ප්රධාන වශයෙන් දායක විය. අදාල කාල පරිච්ෙඡ්දය තුළ රුපියලෙහි අගය 80% කට වඩා අවප්රමාණය වීම හේතුවෙන් 2021 පළමු අර්ධයේදී සමස්ත විනිමය ආදායම රුපියල් බිලියන 3.4 සිට රුපියල් බිලියන 15.3ක් දක්වා වර්ධනය වී ඇත. ඒ අනුව වාර්ෂික පදනම මත සලකා බැලීමේදී 100% වර්ධනයක් සමඟින් සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 63.3 දක්වා වර්ධනය කර ගැනීමට බැංකුව සමත්ව ඇත.
පසුගිය වසරේ වෙන් කරන ලද රුපියල් බිලියන 6x3ක හානි පූරණ ගාස්තුවලට සාපේක්ෂව මේ වසරේ පළමු මාස හය සඳහා බැංකුව රුපියල් බිලියන 40.1 ක සමස්ත හානි පූරණයක් වෙන් කර ඇත. ශ්රී ලංකා රජය විසින් විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීම සහ ස්වෛරීත්ව ණය ශ්රේණිගතකරණය පහළ වැටීම නිසා බැංකුව සතු විදේශ විනිමයන්ගෙන් ආයෝජනය කර ඇති රජයේ සුරැකුම්පත් හේතුවෙන් සිදු විය හැකි රුපියල් බිලියන 27.3 ක හානි පූරණය අදාල කාල සීමාව සඳහා වූ සමස්ත හානි පූරණ ගාස්තුවට ඇතුළත් විය. අස්ථාවරත්වයන් සහ ආර්ථික සාධක සැලකිල්ලට ගනිමින්, 2021 වසරේ අදාල කාල පරිච්ෙඡ්දය තුළ වෙන් කරන ලද රුපියල් බිලියන 6.2 ක ප්රතිපාදනයට සාපේක්ෂව 2022 පළමු අර්ධය සඳහා ණය සහ අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 22.7 ක හානි පූරණ ගාස්තුවක් බැංකුව වෙන් කර ඇත. අදාල කාල පරිච්ෙඡ්දය සඳහා ලැබුණු විදේශ විනිමය ආදායමෙන් විදේශ විනිමය ණය සහ ආයෝජනවලට අදාලව රුපියල් බිලියන 10.8 ක මුදලක් පියවා ඇත. බැංකුවේ net stage III අනුපාතය 2021 දෙසැම්බර් අවසානය වන විට 2.55% සිට 2.46%ක් දක්වා වර්ධනය වී ඇත.
2022 පළමු අර්ධය සඳහා වන මෙහෙයුම් වියදම් 26% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 14.9 ක් වී ඇති අතර මුදල් අවප්රමාණය වීම, ඉහළ බලශක්ති පිරිවැය සහ වසර ආරම්භයේදී ක්රියාත්මක වූ වැටුප් සංශෝධනවලින් පසුව කාර්ය මණ්ඩල වියදම් ඉහළ යාම එයට ප්රධාන වශයෙන් හේතු විය. එසේ වුවද, බැංකුවේ ආදායම් පිරිවැය අනුපාතය 23.5%ක් දක්වා ප්රතිශතාංක 14 කින් පමණ ඉහළ යාම හේතුවෙන් එම කාල පරිච්ෙඡ්දය තුළ සමස්ත මෙහෙයුම් ආදායම ඉහළ වර්ධනයක් වාර්තා කර ඇත.
2021 වසරේ සලකා බලන කාල කාලපරිච්ෙඡ්දය තුළ බැංකුවේ පිළිවෙලින් රුපියල් බිලියන 10.9ක බදු පෙර ලාභය සහ රුපියල් බිලියන 9.1ක බදු පසු ලාභය සමඟ සසඳන විට 2022 ජූනි මාසයෙන් අවසන් මාස හය සඳහා බැංකුව රුපියල් බිලියන 6.0 ක බදු පෙර ලාභයක් සහ රුපියල් බිලියන 5.5 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.
2022 පළමු මාස 6 තුළ ලබා ගත් මෙම මූල්ය ප්රතිඵල පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා පැවසුවේ ‘‘2019 වසරේ සිට අපගේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ජීවනෝපායන් නැවත නගා සිටුවීමට අවශ්ය ප්රාග්ධනය ලබා දීම සහ පොළී සහන ලබා දීමෙන් HNB ඔවුන්ට සහාය වූවා. ගනුදෙනුකරුවන්ට ඔවුන් ලබා ගත් ණය ආපසු ගෙවීමේ හැකියාවට බලපාන දුර්වල ආර්ථික තත්වයන් සමඟින්, අපගේ ණය සහ අත්තිකාරම්වල සැලකිය යුතු හානි පූරණයක් අප වෙන් කරනු ලැබුවා. තවද, ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ණය ප්රතිව්යුහගත කිරීමේ වැඩසටහන අවසන් කිරීමට පෙර, අපි 2022 පළමු භාගය තුළ ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කර සහ ශ්රී ලංකා ස්වෛරී බැඳුම්කරවල ඇති අපගේ ආයෝජන සම්බන්ධයෙන් සැලකිය යුතු හානි පූරණයක් සිදු කරනු ලැබුවා. මෙය සමස්ත මෙහෙයුම් ආදායමේ සුවිශේෂී වර්ධනය විශාල වශයෙන් හේතු වුනා.’’ යනුවෙනි.
”මෑතකදී HNB සහ තවත් බැංකු හතක් ඇතුළත් බැංකු කණ්ඩායමක් විසින් ජාත්යන්තර ස්වෛරී බැඳුම්කරවල රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් මෙම බැංකුවල අවශ්යතාවන් ආරක්ෂා කිරීම සඳහා පොදු නීති උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට සිංගප්පූරුව පදනම් කරගත් නීති සමාගමක් පත් කරගනු ලැබුවා. බැංකු ක්ෂේත්රය ආර්ථිකයේ ජීවනාලිය වන බැවින් බැංකු ක්ෂේත්රයේ සුබසිද්ධිය උදෙසා අන්යෝන්ය වශයෙන් එකඟ විය හැකි විසඳුමක් බලධාරීන් විසින් තීරණය කරනු ඇතැයි අප දැඩිව විශ්වාස කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
Image 01- HNB සභාපතිනි අරුණි ගුණතිලක මහත්මිය
Image 02 - HNB කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා
August, 12, 2022
ලොව වඩාත් සාර්ථකම හා ස්ථාවර බැංකුවක් ලෙස සිය කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව හයවන වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්රේණිගත කර ඇත.
ද බෑන්කර් සඟරාව යනු 1926 සිට ජාත්යන්තර මට්ටමේ මූල්ය තොරතුරු සපයන බැංකුකරණය හා මූල්යය පිළිබඳව ලෝකයේ ප්රමුඛතම තොරතුරු මූලාශ්රය වේ. 1970 සිට ද බෑන්කර් සඟරාව සිදු කරනු ලබන ලෝකයේ හොඳම බැංකු 1000 ශ්රේණිගත කිරීම මෙම ක්ෂේත්රයේ මිණුම් දණ්ඩක් ලෙස සැලකෙන අතර එමඟින් බැංකු ක්ෂේත්රයේ ස්ථාවරත්වය හා මූල්ය ශක්තිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ ‘’ලොව පුරා මෑතකාලීනව සිදු වූ ආර්ථික අර්බුද හේතුවෙන් රජයන් සහ මූල්ය ආයතන දැඩි අසීරු තත්වයකට පත් කර නව අභියෝගවලට මුහුණ දීමට ඔවුන්ට බලකර සිටිනවා. එපමණක් නොව, ශ්රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය හමුවේ, මෙම අභියෝග දේශීය මූල්ය ආයතනවල ශක්තිය ඉතා දැඩි ලෙස පරීක්ෂා කර තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ HNB හොඳම ගෝලීය බැංකු 1,000 අතරට ශේණිගත වීම ඇත්තෙන්ම අපගේ ශක්තිය සහ ස්ථාවරත්වය පිළිබඳ කදිම සාක්ෂියක්. ඒවගේම එය පාරිභෝගිකයින්ට සහ රට නැවත දෙපයින් නැගී සිටීමට මෙන්ම නැවත ගොඩනැගීමට සහය දැක්වීමේ අපගේ උත්සාහය තවදුරටත් තහවුරු කරනවා.’’ යනුවෙනි.
තවද මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ්රී ලංකාවේ ප්රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්යන්තර පාරිභෝගික මූල්ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ්රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් HNB අභිසෙස් ලැබීය.
අර්බුද හමුවේ සිය විශිෂ්ටත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව මැනවින් පෙන්නුම් කරමින්, පාරිභෝගිකයින්ට දුරස්ථව ගනුදෙනු කිරීමට පහසු, පරිපූර්ණ සහ ආරක්ෂිත විකල්පයන් සපයනු ලබන ඩිජිටල් හැකියාව සහිත සේවා සැපයීමේ සිය අධිෂ්ඨානශීලී ගමන්මගේ බැංකුව අඛණ්ඩව ප්රගතියක් ලබා තිබේ. මේ වසරේදී බැංකුව විසින් දියත් කළ අති සාර්ථක බැංකු මූල්ය නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance Forum and Awards හිදී ‘විශිෂ්ටතම IoT මුලපිරීම’ ලෙස ඇගයීමට ලක් විය. Asian FinTech Academy (AFTA) විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල්කරණය තුළ නවෝත්පාදනයන් හඳුන්වාදෙන සංවිධාන සහ බලපෑම්කාරී පුද්ගලයින් හඳුනාගෙන ඇගයීමට ලක් කරනු ලබයි.
තවද HNB 2021 ජාත්යන්තර මූල්ය සඟරා සම්මාන උළෙලේදී ‘‘විශිෂ්ටතම පාරිභෝගික බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමි කරගැනීමට සමත් වූ අතර අඛණ්ඩව සිව්වන වරටත් ශ්රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සමාගම් 10 අතරට තේරී පත් වී ඇත.
මෙරට ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප්රමුඛයින් සම්මානයට පාත්ර කිරීම සඳහා පැවති 2022 LankaPay Technnovation සම්මාන උළෙලේ දී සම්මාන හතරක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම් කිරීමට HNB සමත් විය. පාරිභෝගික පහසුව සඳහා වන වසරේ විශිෂ්ටතම බැංකුව සහ මූල්ය ඇතුළත් කිරීම් සඳහා වන කාණ්ඩයේ වසරේ බැංකුව සඳහා වන රන් සම්මාන දිනා ගැනීමට අමතරව ‘විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සඳහා වසරේ මුල්ය ආයතනය’ සඳහා වන රිදී සම්මානය ද, මෙම වසරේ ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) - සමස්ත සම්මානය’ සඳහා ලෝකඩ සම්මානය ද දිනා ගැනීමට HNB සමත් වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනිණි.
මීට අමතරව HNB හි ජනප්රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO දැනටමත් LANKA QR වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටින අතර ඩිජිටල් ගෙවීම් යෙදවුම් හා මුදල් රහිත QR කේත පදනම් කරගත් ගෙවීම් රට පුරාම ව්යාප්ත කිරීමේ ප්රයත්නයට අනෙකුත් බලපත්රලාභී මූල්ය ආයතන හා සන්නිවේදන සහකරුවන් සමඟ HNB ද සම්බන්ධ වී සිටී.
August, 1, 2022
තිරසාර සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සඳහා ඇති සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව කන්නෙලිය රක්ෂිතයේ වැසි වනාන්තරයක්ව තිබූ මේ වන විට විනාශයට පත් වී ඇති හෙක්ටයාර 2.5 ක බිම් කොටසක් ප්රතිස්ථාපනය කර කළමනාකරණය කිරීමේ සිය Life ව්යාපෘතියේ 4 වන වසර පසුගියදා සම්පූර්ණ කළේය.
සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්යන්තර සංගමයේ (IUCN) තාක්ෂණික සහාය ඇතිව ශ්රී ලංකා ජෛව විවිධත්ව ආයතනය (BSL) විසින් ක්රියාත්මක කරන ලද මෙම පස් අවුරුදු ප්රතිසංස්කරණ වැඩසටහන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ ක්රියාත්මක වේ. පැළ තවාන් දැමීම, පැළෑටිවලට පොහොර යෙදීම, පාංශු සංරක්ෂණය, පැළ ආරක්ෂණ ක්රම සහ වියළි කාලයෙදී පැළවලට ජලය යෙදීම ආදිය සහතික කරන මෙම ව්යාපෘතිය සඳහා බැංකුව ක්රියාකාරී දායකත්වයක් ලබා දී ඇත.
සාර්ථකව තවත් ඵලදායී වසරක් සම්පූර්ණ කිරීම පිළිබඳව අදහස් දක්වමින් HNB Sustainability/DGM/CHRO ප්රධානී එල්. චිරන්ති කුරේ මහත්මිය පැවසුවේ ‘’කන්නෙලිය රක්ෂිතයේ මේ දක්වා අත්කර ගෙන ඇති ප්රගතිය පිළිබඳව HNB හි අප සතුටු වෙනවා. මීට කලකදී විනාශ වී ඇතැයි සැලකූ භූමියක් මේ වන විට රටේ පරිසර පද්ධතියේ විවිධ ජීවී විශේෂවලට නිවහනක් සපයන ජීවයේ ප්රභවයක් බවට පත්වෙමින් තිබෙනවා.’’ යනුවෙනි.
‘‘මෙවැනි වැදගත් ව්යාපෘතියක් සමඟ හවුල් වීම අපගේ ආයතනය තුළ පමණක් නොව පරිසරය තුළ ද HNB හි තිරසාර සංවර්ධන සඳහා වන කැපවීම තවත් ශක්තිමත් කරනවා. ආර්ථික අවිනිශ්චිතතාවය මධ්යයේ වුවද මේ සම්බන්ධව සාර්ථකව කටයුතු කිරීම පිළිබඳව ශ්රී ලංකා ජෛව විවිධත්ව ආයතනය, සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්යන්තර සංගමය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අප බෙහෙවින් ස්තූති වනවා. රටේ පාරිසරික සම්පත් නොනැසී පවත්වා ගෙන යාමට ඔවුන් දරන උත්සාහය අගය කළ යුතු අතර මෙම ව්යාපෘතියේ අවසානය දක්වා ඔවුන්ට සහයෝගය දැක්වීමට HNB අපේක්ෂා කරනවා.’’ යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
කන්නෙලිය දෙදියගල නාකියාදෙණිය (KDN) යනු සිංහරාජය හැරුණු විට ශ්රී ලංකාවේ ඉතිරිව ඇති දෙවන විශාලතම වන සංකීර්ණය වේ. මෙම සංකීර්ණය 1995 දී වන සංරක්ෂිතයක් ලෙස ප්රකාශයට පත් කරන ලද අතර මෙම භූමිය ප්රතිෂ්ඨාපනය කිරීම සඳහා මෙරට තවත් ආයතන කිහිපයක් සමඟ අත්වැල් බැඳගනිමින් එය කළමනාකරණය කරනු ලබන්නේ ශ්රී ලංකාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ප්රතිසංස්කරණ ප්රයත්නයන් හේතුවෙන් මෙම භූමිය ප්රතිරෝපණයේදී කැපී පෙනෙන ප්රගතියක් පෙන්නුම් කර ඇති බව මෙම ව්යාපෘතියේ තත්වය දැක්වෙන වාර්තාවකින් සොයා ගෙන ඇත.
මෑතක දී බැංකුව ලෝක පාපැදි දිනයේදී සිය සේවකයින් අතර පරිසර හිතකාමී, සෞඛ්ය සම්පන්න සහ ආර්ථික වශයෙන් පිරිමැසුම්දායී ප්රවාහන ක්රමයක් ප්රවර්ධනය කිරීම සඳහා ‘Walk the Talk’ වැඩසටහන හඳුන්වා දුන්නේය. HNB ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා carpooling සහ පොදු ප්රවාහනය ප්රවර්ධනය කරන අතර බැංකුවේ සේවකයින්ට සහනදායී මිලට පාපැදි ලබා දීමට වෙළෙන්දන් සමඟ ද අත්වැල් බැඳ ගෙන ඇත.
එපමණක් නොව, HNB එහි ආරම්භයේ පටන් සිය පාරිභෝගික ඒකක හරහා බලශක්ති කාර්යක්ෂම උපකරණ සඳහා ආයෝජනය කර ඇත. මෙම ප්රයත්නයන් මගින් සිය පාරිභෝගික ඒකක 256 න් 95 ක් සූර්ය බලයෙන් ක්රියාත්මක වන අතර 2021 දී ජාතික විදුලිබල පද්ධතියෙන් යැපීම 19.7% කින් අඩු කර ඇත.

July, 28, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, කෘෂි යාන්ත්රීකරණයේ පුරෝගාමියා ලෙස කිරුළු පළඳමින් දශක ගණනාවක් ගොවි ජනතාවගේ විශ්වාසය දිනූ බ්රවුන් සහ සමාගම සමඟ අත්වැලි බැඳගනිමින් ඉදිරියේදී මූල්ය සහන සහිතව නවීන තාක්ෂණයෙන් යුත් කෘෂි යන්ත්රෝපකරණ මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගනිමින් පසුගියදා ගිවිසුමක් අත්සන් කරන ලදී.
HNB සහ බ්රවුන් සහ සමාගම අතර ඇති කරගත් මෙම සහයෝගීතාවය මගින් පාරිභෝගිකයින්ට බ්රවුන්ස් Yanmar සහ බ්රවුන්ස් World Sumo ගොයම් කපන යන්ත්ර මෙන්ම TAFE හා Massey Ferguson ට්රැක්ටර් සඳහා ද සුවිශේෂී මූල්ය සහන සහිතව ආකර්ෂණීය ප්රතිලාභ ලබා ගැනීමේ හැකියාව උදා වී ඇත. මරදාන, දේවානම්පියතිස්ස මාවතේ පිහිටි බ්රවුන්ස් කෘෂි අංශ පරිශ්රයේදී පැවති විශේෂ උත්සවයකදී HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී සන්ජේ විජේමාන්න සහ බ්රවුන් සහ සමාගමේ කෘෂිකාර්මික සහ බර යන්ත්රෝපකරණ අංශ ප්රධාන මෙහෙයුම් නිළධාරී, සංජය නිශ්ශංක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරිණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ‘’මෙරට ශ්රම බලකායෙන් 30% කට ආසන්න ප්රමාණයක් කෘෂිකාර්මික අංශය නියෝජනය කරන අතර එමගින් අනාගතයේදී කෘෂිකාර්මික අවශ්යතා සඳහා යන්ත්රෝපකරණ ආනයනය කිරීමට වැඩි ප්රවණතාවක් තිබෙනවා. අදවන විට රටක් ලෙස අප මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගනිමින් පුළුල් පරාසයක කෘෂිකාර්මික යන්ත්රෝපකරණ සඳහා ආයෝජනය කිරීමට වඩාත් පහසු සහ වඩාත් වාසිදායක ගෙවීමේ විසඳුම් අපගේ ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට අපි විශේෂයෙන් කටයුතු කර තිබෙනවා. දිවයින පුරා සිටින ගොවීන්ට මෙම අවස්ථාව ලබා දීම සඳහා බ්රවුන් සමාගම සමඟ අපගේ හවුල්කාරීත්වය නැවත අලූත් කිරීමට ලැබීම ගැන අපි සතුටු වනවා.” යනුවෙනි.
මෙහිදී සෑම පාරිභෝගිකයෙකුගේම ආදායමට ගැලපෙන හා ඔවුන්ගේ අවශ්යතාවන්ට සරිලන පරිදි සකස් කළ ආපසු ගෙවීමේ පහසුකම් සහ අවම පොලී අනුපාත සමඟින් ආකර්ෂණීය ලීසිං පැකේජයක් මෙම හවුල්කාරීත්වය මගින් සලසා දී ඇත. HNB ගනුදෙනුකරුවන්ට Prestige Prime ක්රෙඩිට් කාඞ්පතක් ද මේ සමඟින් ලබා දෙනු ඇති අතර එය පළමු වසරේ වාර්ෂික ගාස්තු වෙන් නිදහස් කර ඇත. මෙම කාඞ්පත මගින් පාරිභෝගිකයින්ට මෝටර් රථ නිෂ්පාදන, සර්විසින් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා අද්විතීය වට්ටම් ලබා දෙනු ඇත.
විශාල පරාසයක මෝටර් රථ අවශ්යතා සඳහා සැපයීමට කැපවී සිටින HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් විසින් පාරිභෝගිකයින්ට සහනදායී මිලට වාහන සහ ජීවිත රක්ෂණ යෝජනා ක්රම හරහා අමතර ප්රතිලාභ ලබා දෙනු ඇත. මෙයට පාරිභෝගිකයින් සඳහා වට්ටම් සහිත වාහන රක්ෂණ වාරික සහ නොමිලේ ජීවිත රක්ෂණ ආවරණ ද ඇතුළත් වේ.
”ශ්රී ලාංකීය කෘෂි යාන්ත්රීකරණයේ පුරෝගාමියා වශයෙන් දශක ගණනාවක් පුරා අපගේ පාරිභෝගික මහතුන්ගේ විශ්වාසය ඒ අයුරින්ම පවත්වා ගනිමින් අද වන විට ලංකාවේ තරගකාරී කෘෂි යාන්ත්රීකරණ ක්ෂේත්රයේ ප්රමුඛයා ලෙස වැජඹෙන්නට බ්රවුන්ස් කෘෂි අංශය සමත් වී තිබෙනවා. ගොවි ජනතාවගේ අවශ්යතා හඳුනා ගනිමින් ඒ සඳහා ලොව පිළිගත් අති නවීන තාක්ෂණයෙන් යුත් කෘෂි යන්ත්රෝපකරණ පමණක් විශ්වාසයෙන් වෙළෙඳපොලට හඳුන්වා දීමට බ්රවුන්ස් ආයතනය සැමවිටම වගකීමෙන් කටයුතු කරනවා. එබැවින් අපගේ කෘෂි යන්ත්ර සඳහා නැවත විකිණීමේදී වැඩිම ඉල්ලූමක් හා වැඩිම වටිනාකමක් ලැබෙනවා. අන් කිසිඳු ආයතනයකින් ලබා නොදෙන අසමසම අලෙවියෙන් පසු සේවාවන් සපයමින් පාරිභෝගික මහතුන්ට අපගේ අඛණ්ඩ විශ්වසනීය සේවාව ඔවුන්ගේ නිවසටම හෝ අවශ්ය ස්ථානයටම ලබා දෙන අතර දිවයින පුරා විසිරුනු අමතර කොටස් ජාලය නිසා අපගේ කෘෂි යන්ත්ර සඳහා ලංකාවේ ඕනෑම තැනකින් අමතර කොටස් මිලදී ගැනීමේ හැකියාවත් මේ වන විට පුළුල් කර තිබෙනවා. එබැවින් ගොවි ජනතාවගේ දියුණුවට එදා සිටම අත්වැලක් වන්නට ලැබීම ගැන බ්රවුන්ස් ආයතනය ඉතාමත් අභිමානයෙන් යුතුව නිහතමානීව සතුටු වනවා. නිරන්තරයෙන් ගොවි ජනතාවගේ දියුණුවට පන්නරය වෙමින් මූල්ය පහසුකම් සහිතව කෘෂි යන්ත්ර මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා විශ්වසනීය බැංකු සහකරුවෙකු වන සමඟ ඒකාත්මික වෙමින් ලීසිං පහසුකම් ලබා දීමට කටයුතු කරන්න ලැබීම ගැන අපි සතුටු වනවා.’’ යනුවෙන් බ්රවුන් සහ සමාගමේ කෘෂිකාර්මික සහ බර යන්ත්රෝපකරණ අංශ ප්රධාන මෙහෙයුම් නිළධාරී, සංජය නිශ්ශංක මහතා පැවසුවේය.
මෙම ප්රවර්ධන කාලය තුළ බ්රවුන්ස් සමාගම සියලූම ට්රැක්ටර් මාදිලි සඳහා නොමිලේ ලියාපදිංචි කිරීම සහ සේවා වාර 4ක් නොමිලේ පාරිභා්ගික මහතුන්ගේ නිවසටම ගොස් සපයනු ලබයි. Massey Ferguson ට්රැක්ටර් සඳහා මාස 12ක් හෝ පැය 1000ක වගකීමක් ද බ්රවුන්ස් TAFE ට්රැක්ටර් සඳහා වසර 2ක් හෝ පැය 2000ක වගකීමක් ද ලබා දෙනු ඇත.
මෙම HNB ලීසිං පහසුකම් යටතේ මිලදී ගනු ලබන බ්රවුන්ස් YANMAR ගොයම් කපන යන්ත්ර සඳහා නොමිලේ සේවා වාර තුනක් සහ මාස හයක් හෝ පැය 600ක වගකීමක් හිමි වේ. බ්රවුන්ස් World SUMO ගොයම් කපන යන්ත්ර සඳහා නොමිලේ සේවා වාර තුනක් සහ මාස හයක් හෝ පැය 300ක වගකීම් කාලයක් හිමි වේ.
ඡායාරූපය: HNB පාරිභෝගික සේවා, කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී සන්ජේ විජේමාන්න (මැද) සහ බ්රවුන් සහ සමාගමේ කෘෂිකාර්මික සහ බර යන්ත්රෝපකරණ අංශ ප්රධාන මෙහෙයුම් නිළධාරී, සංජය නිශ්ශංක (දකුණේ සිට හයවැන්නා) යන මහත්වරුන් අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. HNB සහ Brown & Company PLC නියෝජනය කරමින් පැමිණි ජ්යෙෂ්ඨ නිළධාරීන් ද මෙම ඡුායාරූපයේ වෙයි.
July, 26, 2022
ශ්රී ලංකාවට විදේශ පේ්රෂණ ගලා ඒම ඉහළ නැංවීමට මෙන්ම මෙරටට පේ්රෂණ යැවීමේදී විධිමත් පේ්රෂණ මාර්ග භාවිතය දිරිමත් කිරීමට ශ්රී ලංකා මහ බැංකුව (CBSL) හඳුන්වා දී ඇති වැඩසටහනට සහාය වෙමින් මෙරට ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විදේශයන්හි රැකියාවලට යන ශ්රී ලාංකිකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට ප්රතිලාභ ලබා දීමට යෝජනා ක්රම දියත් කරනු ලබයි. සංක්රමණික ශ්රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම සහතික කිරීම උදෙසා විදේශගත ශ්රමිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල මූල්ය හා සමාජීය අවශ්යතා පිළිබඳ සැලකිලිමත් වෙමින් HNB විදේශ පේ්රෂණ සේවාව හරහා රට සල්ලි එවන ගණුදෙනුකරුවන්ට සතිපතා ලක්ෂපතියෙකු වීමට අවස්ථාව සලසා දීමට විශේෂ දිනුම් ඇදීමේ වැඩසටහනක් කි්රයාත්මක කරයි. ඒ අනුව දැනටමත් දිවයින පුරා පිහිටි HNB ශාඛා හරහා ලක්ෂපතියන් විශාල ගණනක් බිහිකර ඇත.
වත්මන් අර්බුදකාරී තත්වය තුළ ජනතාවට තම සුපුරුදු දින චර්යාව ගත කිරීම වඩාත් අභියෝගාත්මක වන අතර පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තම අවශ්යතා ඉටුකර ගැනීම උදෙසා තැනින් තැනට ගමන් කිරීම ද පහසු නොවේ. මෙම පීඩාකාරී තත්වය හමුවේ විදේශගත ශී්ර ලාංකිකයින් මෙරට වෙසෙන තම ආදරණියන් වෙත එවන රට සල්ලි ලබා ගැනීමට බැංකුව වෙත පැමිණීමට පවා අපහසු තත්වයක් උදාවී ඇත. මෙම තත්වය තේරුම්ගත් ්යභඊ තම පාරිභෝගිතයින්ට සහන සැලසීම උදෙසා Call & Credit නමින් සුවිශේෂී සේවාවක් දියත් කල අතර ඒ හරහා බැංකුවට ඇමතුමක් ලබා දීමෙන් ඔබට ලැබෙන අංකය (reference number) මඟින් විදෙස්ගත ශ්රමිකයින් මෙරටට එවන විදේශ පේ්රෂණ තම ගිණුමටම බැර කරවාගැනීමේ හැකියාව ඇත. ඕනෑම අවස්ථාවක තම පාරිභෝගිකයින් වෙත ඉහළම සේවාවක් සැලසීම වෙනුවෙන් ඇප කැප වී සිටින HNB මෙවරත් Call & Credit සේවාවට අමතරව දිවයින පුරා පිහිටි 256 ක් වන පාරිභෝගික ඒකක සහ ATMs හරහා පාරිභෝගිකයින්ට පහසු, කාර්යක්ෂම හා සුහදශීලී සේවාවන් පාරිභෝගිකයින් වෙත පිරිනමන්නේ සිය කැපවීම තවදුරටත් සනාථ කරමිනි.
HNB හි විදේශ පේ්රෂණ ලබන්නන් හඳුනාගෙන ඔවුන්ට ත්යාග පිරිනැමීමට බැංකුව විසින් දිනුම් ඇදීමක් දියත් කළ අතර එම දිනුම් ඇදීම හරහා දැනටමත් මන්නාරම, කඩුවෙල, කයිතඩි, කන්තලේ හා කටුගස්තොට ආදි දිවයිනේ නන් දෙසින් බැංකුව ලක්ෂතියන් බිහි කිරීමට සමත්ව ඇත. මෙම දිනුම් ඇදීම තුළින් 2022 වසර තුළදී ජයග්රාහකයින් 52 දෙනෙකු බිහි කිරීමට HNB අපේක්ෂා කරයි.
මෑතකදී එම මුදල් ත්යාග දිනා ගැනීමට වරම් ලැබූ ජයග්රාහකයින් අතරින් දීර්ඝ කාලයක පටන් HNB කටුගස්තොට ශාඛාව සමඟ ගණුදෙනු කරන පී.ජී. පුෂ්පකුමාර මහතා තම සතුට මෙසේ ප්රකාශ කළේය.
”මගේ නම පී.ජී. පුෂ්පකුමාර මම දැනට වසර ගණනාවක සිට හැටන් නැෂනල් බැංකුවේ කටුගස්තොට ශාඛාව සමඟ ගනුදෙනු කරනවා. මගේ බිරිඳ විදේශගතව රැකියාවක් කරනවා. ඇය මට සල්ලි එවන්නේ හැටන් නැෂනල් බැංකුව හරහා. ඇත්තටම අද මට හරිම සතුටුයි. නොහිතපු මොහොතක රු.100,000 ක මුදල් ත්යාගයක් ලැබුණා. මේ වගේ ආර්ථික අර්බුදයක් පවතින කාලයක මෙවැනි මුදලක් ලබාදීම ගැන හැටන් නැෂනල් බැංකුවට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙවැනි විශ්වාසනීය බැංකුවක් හරහා රට සල්ලි ගෙන්වා ගැනීමට ලැබීම ගැන වගේම අප වෙත ලැබෙන සුහදශීලී සහ කාර්යක්ෂම සේවාව ගැන අපිට සතුටට පත්වෙනවා. හැටන් නැෂනල් බැංකුව හරහා බැංකු කටයුතු සිදු කිරීමේදී ඩිජිටල්කරණයට මුල්තැනක් දීම හරහා කාලය ඉතිරි කරගන්න පුළුවන් වගේම එය වඩාත් කාර්යක්ෂමයි. ඒ වගේම බැංකුව නිරන්තරයෙන් විශේෂ වැඩසටහන් දියත් කරන නිසා පාරිභෝගික අපට විවිධ අමතර ප්රතිලාභ හිමිකර ගැනීමට අවස්ථාව උදාවෙනවා. මින් ඉදිරියටත් අඛණ්ඩව හැටන් නැෂනල් බැංකුව සමඟ ගනුදෙනු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පුෂ්පකුමාර මහතා පැවසුවේය.
තවද මෙම දිනුම් ඇදීම හරහා ලක්ෂපතියෙකු වීමට වරම් දිනාගත් මන්නාරමේ එස්. මාරි. මහත්මිය මෙසේ පැවසුවාය. ‘‘මම ජීවත් වෙන්නේ මන්නාරමේ. මගේ දරුවෝ දෙන්නා ජීවත් වන්නේ විදේශගතව. ඔවුන් මට පසුගිය වසර 10 පුරාවට මුදල් එවන්නේ HNB හරහා පමණයි. ඒකෙන් මමත් මගේ අනිත් ළමයිනුත් අපේ අවශ්යතා සපුරා ගන්නවා. මට හදිසියේම HNB වෙතින් දුරකතන ඇමතුමක් ලැබුනා. එහි නිලධාරියෙක් මට කිව්වා මට මුදල් ත්යාගයක් ලැබිලා තියෙනවා කියලා. එය මට අදහාගත නොහැකි නිසා මා ඒ පිළිබඳව විස්තර ඇහුවා. ඒ අනුව තමයි මා දැනගත්තේ මට සැබවින්ම රුපියල් 100,000 ක මුදල් ත්යාගයක් ලැබී ඇති බව. මෙම මුදල් ත්යාගය ලබා දීම ගැන HNB හට මා ස්තූතිවන්ත වනවා.’’

Video Story