August, 22, 2022
විශේෂ දක්ෂතා දැක්වූ ශ්රී ලාංකේය විශ්ව විද්යාල සිසුන් කණ්ඩායමක් තොරතුරු තාක්ෂණ පුහුණුවක් සඳහා තායිලන්තයට
Huawei සහ අධ්යාපන අමාත්යංශය සහයෝගයෙන් ක්රියාත්මක කරන ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන Seeds for the Future 2022 වැඩසටහනේ ආරම්භය සනිටුවහන් කරමින් නිල උත්සවයක් පසුගියදා පැවැත්විණි. මෙහි නිල දියත් කිරීමේ උත්සව පසුගියදා අධ්යාපන අමාත්යංශ කාර්යාලයේදී පැවැත්වුණු අතර, මේ සඳහා අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මැතිතුමන්, යුනෙස්කෝ ශ්රී ලංකා කාර්යාලයේ මෙරට නියෝජිත හිමාලි ජිනදාස මහමත්මිය, Huawei ශ්රී ලංකා ප්රධාන විධායක නිලධාරී Tao Guangyao මහතා, Huawei නියෝජිතයින් සහ ශිෂ්ය ශිෂ්යාවන් සහභාගී විය.
Huawei Asia-Pacific Seeds for the Future 2022 වැඩසටහන හරහා සුවිශේෂී දක්ෂතා දක්වන විශ්ව විද්යාල සිසුන් කණ්ඩායමක් සඳහා තායිලන්තයේ පැවැත්වෙන තොරතුරු තාක්ෂණ පුහුණුවක් සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වීම සුවිශේෂී වේ.
Huawei හි ගෝලීය ආයතනික සමාජ වගකීම් (CSR) ව්යාපෘති යටතේ ක්රියාත්මක කරන ප්රමුඛ වැඩසටහන් මාලාවක් වන Seeds for the Future, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් ගෝලීය වැඩසටහනකි. මේ හරහා සිසුන්ට සිය තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට මෙන්ම ඔවුන්ගේ තාක්ෂණික කුසලතා සංවර්ධනය කර ගැනීමට විවිධ අවස්ථා රැසක් සපයනු ඇත. තවද මෙම මුලපිරීම කලාපීය සහයෝගීතාවයන් ගොඩනැගීම සහ රටවල් සහ සංස්කෘතීන් අතර සන්නිවේදනය කිරීම දිරිමත් කරයි.
2022 වර්ෂයේදී Huawei විසින් ASEAN පදනම හා එක්ව Huawei Asia-Pacific Seeds for the Future 2022 සමාජ සත්කාර ව්යාපෘතිය ආරම්භ කරන ලද්දේ, ආසියානු පැසිෆික් කලාපයේ කුසලතා සංවර්ධනය සවිබල ගැන්වීම උදෙසාය. මෙමඟින් තායිලන්තය සහ ශ්රී ලංකාව ඇතුළු රටවල් 14ක උපාධි අපේක්ෂකයින් දින 8ක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණුවක් සඳහා බැංකොක් බලා පිටත් වනු ඇත. මෙම පුහුණුවේ පළමු අදියර අගෝස්තු මස 19 සිට 28 වනදා දක්වා ක්රියාත්මක වන අතර, ජයග්රාහකයින් සඳහා වන එහි දෙවන අදියර අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා සිංගප්පුරුවේදී ක්රියාත්මක වනු ඇත.
මෙම නිල උත්සවයට සහභාගී වූ අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මැතිතුමන් මෙලෙස පවසා සිටියි. " කුසලතා සංවර්ධනය යනු ශ්රී ලංකාව වැනි රටවල් වැඩි අවධානයක් යොමුකළ යුතු අංශයක් ලෙස මම දකිනවා. විශේෂයෙන්ම ගෝලීය ආර්ථිකයේ කුසලතා පරතරය අවම කිරීමට දැනුමෙන් පිරිපුන් ශ්රම බලකායක් නිර්මාණය කිරීම ඉතා වැදගත් වෙනවා. Huawei ශ්රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සංවර්ධනය මෙන්ම තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ක්රියාකාරීව සහභාගී වෙමින් රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රය අඛණ්ඩව වැඩිදියුණු කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව මම ඇත්තෙන්ම සතුටු වෙනවා. Huawei විසින් “Seeds for the Future” වැඩසටහන අඛණ්ඩව ක්රියාත්මක කිරීම තුලින්, කලාපීය වශයෙන් සහයෝගීතාවන් වැඩිදියුණු වන අතරම, ශ්රී ලංකාවේ තරුණ පරම්පරාවට අත්යවශ්ය කුසලතා සංවර්ධනයට විශාල අවස්ථාවක් හිමි වෙනවා. ඩිජිටල් කුසලතා වර්ධනය කර ගැනීමට මෙන්ම නව අවස්ථා ගවේෂණය කිරීමට මෙය ඔවුන්ට හිමිවන කදිම අවස්ථාවක් ලෙස මම හඳුන්වන්න කැමතියි."
මෙහිදී අදහස් දැක්වූ Huawei ශ්රී ලංකා ප්රධාන විධායක නිලධාරී Tao Guangyao මෙලෙස පවසා සිටියි. "රටේ ඩිජිටල්කරණය සහ ආර්ථික සමෘද්ධිය සඳහා බලපාන ප්රධාන අංගයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා හඳුන්වන්න පුළුවන්. Huawei විසින් සෑම විටම විශ්වාස කරනුයේ, රටේ දක්ෂ තරුණ තරුණියන්ට නවතම තාක්ෂණයන් හඳුන්වා දීම, නව දැනුම සහ අත්දැකීම් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ උත්සාහයට සහාය වීම, රටේ තාක්ෂණික දියුණුවට විශාල වශයෙන් බලපාන බව. Seeds for the Future වැඩසටහනේ අපගේ දැක්ම වන්නේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා දක්ෂ සිසුන් හට ශක්තියක් වීම යන්න. ඒ නිසා අද මෙහි පැමිණ සිටින ඔබ වැනි දක්ෂ ශිෂ්යයින්ට ලබා දී ඇති අවස්ථාව තුළින්, අනාගත ලෝකය ආලෝකමත් කළ හැකි යැයි මම විශ්වාස කරනවා. රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සහ නිපුණතා සංවර්ධනය පුළුල් කිරීම සඳහා Huawei වෙත ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව මම ශ්රී ලංකා රජයට සහ අධ්යාපන අමාත්යාංශයට ස්තූතිය පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගන්නවා."
Seeds for the Future වැඩසටහන 2008 වර්ෂයේදී ගෝලීයව දියත් කරන ලදී. මෙය 2016 වර්ෂයේදී ශ්රී ලංකාවේ ප්රථම වරට ක්රියාත්මක කරන ලද අතර, මේ හරහා සෑම වසරකම විශ්ව විද්යාල සිසුන් 10 දෙනෙකු සඳහා චීනය වෙත ගොස් තාක්ෂණික සහ සංස්කෘතික පුහුණු සැසියක් සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවිය. කොවිඩ් වසංගත තත්වය පැවති කාලසීමාව තුළ මෙම වැඩසටහන ඔන්ලයින් ආකාරයට පැවැත්වුණු අතර, මෙය ශ්රී ලංකාවේ මෙම වැඩසටහන ක්රියාත්මක වන හත්වැනි අවස්ථාවයි. මෙම කාලය පුරාවට මෙම වැඩසටහන හරහා දේශීය විශ්ව විද්යාල ශිෂ්ය ශිෂ්යාවන් 80 දෙනෙකු ප්රතිලාභ ලබා ඇත.
Huawei හට ලොව පුරා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ වසර 30කට වැඩි පළපුරුද්දක් ඇති අතර, ශ්රී ලංකාව තුළ දශක දෙකක අත්දැකීම් ඇත. මෙම වැඩසටහන දකුණු ආසියානු කලාපයේ සහ ශ්රී ලාංකේය තරුණ තරුණියන් ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා Huawei විසින් දියත් කරන ලද වැඩසටහන් කිහිපයෙන් එකකි. ශ්රී ලංකාව තුළ Huawei විසින් Huawei ASEAN Academy in Sri Lanka, NAITA-Huawei ICT Academy, ICT තරඟාවලි වැනි දිගුකාලීන වැඩසටහන් ආරම්භ කර ඇත්තේ තිරසාර දැනුම පදනම් කරගත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්රී ලංකාවට සහාය වීම සඳහා ය.මේ හරහා මේ වන විට ශ්රී ලංකාවේ බොහෝ දේශීය දක්ෂතා ඇති තරුණ තරුණියන් ප්රතිලාභ ලබා ඇති අතර, රට තුළ ඩිජිටල් පරිවර්තනය සහ සංවර්ධන ප්රයත්නයන් මෙහෙයවීම සඳහා අවශ්ය කුසලතා ඔවුන්ව සන්නද්ධ කර ඇත.
July, 26, 2022
Huawei හි නවෝත්පාදන සතිය මූලික කර ගනිමින් පැවැත්වුණු හරිත විසඳුම් සංවර්ධන දියත් කිරීමේ වැඩසටහන තුළදී, Huawei Carrier ව්යාපාර අංශයේ සභාපති Ryan Ding විසින්, සියලුම තාක්ෂණික සංවර්ධකයින් බලශක්ති කාර්යක්ෂමතාව සිය ප්රමුඛතාවයක් කොට සැලකීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කර සිටියි. "Green ICT for New Value" තේමාවෙන් කතාවක් පැවැත්වූ ඔහු පවසා සිටියේ, ඉදිරි වසර 5ත් 10ත් අතර කාලසීමාවේදී, කාබන් විමෝචනය වැඩි වීම ගෝලීය ගැටලුවක් බවට පත්වනු ඇති බවත්, බලශක්ති කාර්යක්ෂමතාවය තුළින් එම ගැටලුවට විසඳුම් කඩිනමින් දියත් කළ යුතු බවත්ය.
පර්යේෂණ දත්ත වලට අනුව, ඩිජිටල් සේවා මගින් ජනනය වන data traffic ප්රමාණයන්, 2020 වසරට වඩා 2030 වසරේ, 13 ගුණයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙයින් අදහස් කරන්නේ බලශක්ති කාර්යක්ෂමතාව සංවර්ධනය නොකළහොත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ බලශක්ති පරිභෝජනය සහ කාබන් විමෝචනය දෙතුන් ගුණයකින් වැඩි වියහැකි බවයි. ITU ට අනුව, දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය (UNFCCC) පැරිස් ගිවිසුමේ ඉලක්කය සපුරාලීමට නම්, ICT කර්මාන්තයට 2030 වන විට එහි කාබන් විමෝචනය අවම වශයෙන් 45% කින් අඩු කිරීමට අවශ්ය වනු ඇත.
Ding මහතා පවසන පරිදි, අපි දැන් පෙර නොවූ විරූ අභියෝගයකට මුහුණ දී සිටිනවා: වැඩි වශයෙන් කර්මාන්ත ඩිජිටල්කරණය වෙමින් පවතින බැවින්, දත්ත සඳහා ඉල්ලුම තියුනු ලෙස ඉහළ යනු ඇත, එය බලශක්ති පරිභෝජනය ඉහළ යාමට හේතු වනවා. මේ අතර, මුළු ලෝකයම දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට කටයුතු කරමින් සිටින අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය ද කාබන් විමෝචනය අවම කිරීමට කටයුතු කළ යුතුයි. බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම ක්රියාකරුවන්ට තුන් ආකාරයකින් ප්රතිලාභ ලබා දෙනු ඇති අතර, මෙම ප්රතිලාභ ලබා ගැනීමට නම්, green sites, green networks, සහ green operations යන විසඳුම් වෙත ක්රියාකරුවන් කඩිනමින්ම මාරුවිය යුතුයි."
Huawei විසින් බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා විසඳුම් රැසක් හඳුන්වා දී ඇති අතර, බලශක්ති කාර්යක්ෂමතාව වඩාත් කළමනාකරණය කරමින්, ප්රශස්තකරණ ප්රතිපත්ති උත්පාදනය කිරීම සඳහා Huawei හඳුන්වා දී ඇති විසඳුම් විශේෂ වේ. මේ වන විට, මෙම හරිත සංවර්ධන විසඳුම් රටවල් 100 කට වැඩි ගණනක ක්රියාකරුවන් විසින් සිය මෙහෙයුම් හා ඒකාබද්ධ කර තිබීම විශේෂ වේ. Huawei සහ හවුල්කරුවන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් භාවිතයෙන් බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා දැනටමත් එක්ව කටයුතු කරයි. Huawei විසින් ක්රියාකරුවන් සමඟ සහයෝගිව වැඩ කිරීමට සහ හරිත තොරතුරු සන්නිවේදන තාක්ෂණික පද්ධතියක් නිර්මාණය කිරීම තුළින් නව වටිනාකමක් නිර්මාණය කිරීමට සූදානම්ව සිටියි. Huawei විසින් යෝජනා කරන ලද NCIe බලශක්ති කාර්යක්ෂමතා දර්ශක පද්ධතිය, ITU-T SG5 විසින් අනුමත කර ඇති අතර එය දැන් මහජන උපදේශන ක්රියාවලියේ පවතී.
Huawei නවෝත්පාදන සතිය ජූලි 18 සිට ජූලි 21 දක්වා චීනයේ Shenzhen හිදී පැවැත්විණි. ගෝලීය තාක්ෂණික ක්රියාකරුවන්, කර්මාන්ත වෘත්තිකයන් සමඟ එක්ව, Huawei විසින් ඩිජිටල් ආර්ථිකයේ හවුල් සාර්ථකත්වය අපේක්ෂා කිරීම සඳහා, 5.5G, හරිත සංවර්ධනය, පරිගණක ජාල සහ ඩිජිටල් පරිවර්තනය වැනි මාතෘකා පිළිබඳ මෙහිදී සාකච්චා පවත්වන ලදී. වැඩිදුර විස්තර සඳහා: //carrier.huawei.com/en/events/winwin-innovation-week වෙත පිවිසෙන්න.
June, 21, 2022
ලොව ප්රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයකු වන Huawei විසින්, අද්විතීය විශේෂාංග රැසක් එක් කළ Nova 9 SE ස්මාර්ට් දුරකතනය සහ MateBook D15 ලැප්ටොප් පරිගණකය ශ්රී ලාංකේය වෙළඳ පොළ වෙත හඳුන්වා දී ඇත. බොහෝ පාරිභෝගිකයින් විසින් ප්රිය කරන මධ්ය පරාසයේ Nova ස්මාර්ට් දුරකථන පවුලට එක්වුණු නවතම සාමාජිකයා වන Nova 9 SE, අද්විතීය විශේෂාංග රැසක් සහ මනරම් නිමාවක් සමඟින් පාරිභෝගිකයා අතට පත්වේ. තවද, වැඩි දියුණු කල තාක්ෂණික විශේෂාංග රැසක් සමඟින් හඳුන්වා දුන් 11වන පරම්පරාවේ MateBook D 15 ලැප්ටොප් පරිගණකය ද විශිෂ්ට නිමවා සහ අන්තර්ගත තාක්ෂණික විශේෂාංග හේතුවෙන් ඉහළ පාරිභෝගික ජනාදරයක් හිමිකරගනු ඇත.
අඟල් 6.78 ක LCD ස්ක්රීන් එකක්,90Hz රිෆ්රෙශ් ස්පීඩ්, centre punch-hole සෙල්ෆි කැමරා සහ 3D glass back සහිත Nova 9 SE, ක්රිස්ටල් බ්ලූ, පර්ල් වයිට්, මිඩ්නයිට් බ්ලැක් යන මනරම් වර්ණ ත්රිත්වයෙන් වෙළඳ පොළට පැමිණේ. මෙහි සුවිශේෂී කැමරා විශේෂාංග අතර, 108MP ක ප්රධාන කැමරාව, 2MP Bokeh lens, 2MP macro lens සහ 8MP ultra-wide-angle lens සහිත 108MP AI Quad කැමරා පද්ධතිය සුවිශේෂී වනුයේ, දවසේ ඕනෑම වේලාවක විශිෂ්ට සහ පැහැදිළි ඡායාරූප ලබා ගැනීමට ලබාදෙන අවස්ථාව හේතුවෙනි.
විශේෂයෙන්ම වර්තමාන තාරුණ්යයයේ අවශ්යතාවන් හඳුනා ගනිමින් නිෂ්පාදනය කළ Nova 9 SE හරහා, front/rear dual-view video, front/rear video recording ඇතුලු බොහෝ නව්ය වීඩියෝ විශේෂාංග අත්හදා බැලිය හැකිය. තවද, මතක ධාරිතාවය පිළිබඳ ගැටලු රැසකට විසඳුම් සපයමින් Nova 9 SE, Qualcomm Snapdragon 680 ප්රොසෙසර් මඟින් බලගන්වා ඇති අතර, මෙහි 8GB of RAM සහ 128GB මතක ධාරිතාවයක් පවතී. තවද, නැවත නැවතත් දුරකථනය චාර්ජ් කිරීමේ අවශ්යතාවයක් ඇති නොවන පරිදි Huawei SuperCharge තාක්ෂණය හරහා ඉතාමත් ඉක්මනින් Nova 9 SE චාර්ජ් කිරීමේ හැකියාව පාරිභෝගිකයාට හිමිවේ.
වඩාත් පහසුවෙන් එහාමෙහා ගෙනයාමේ හැකියාව සහිත සැහැල්ලු නිමාවක් සමඟින් වෙළඳ පොලට හඳුන්වා දුන් MateBook D 15, විශිෂ්ට තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත ලැප්ටොප් මාදිලියකි. කාර්යක්ෂමව වැඩ කිරීමට කැමති සියලු දෙනා වෙනුවෙන් නිපදවා ඇති MateBook D 15 හි සැහැල්ලු බර වන්නේ කිලෝ ග්රෑම් 1.56ක් පමණි. මෙහි Full HD 1920x1080 resolution සහිත අඟල් 15.6 ක Huawei Full View ඩිස්ප්ල්යේ හරහා වඩාත් පුලුල් සහ පැහැදිළි නැරඹුම් අත්දැකීමක් පරිශීලකයාට හිමිකර දෙයි. වැඩි වෙලාවක් පරිගණකය භාවිත කිරීමේදී ඇස් සඳහා වන හානි අවම කරන තාක්ෂණයන් සමගින් සන්නද්ධ කරමින් නිපදවා ඇති, MateBook D 15, 11වන පරම්පරාවේ Intel Core ප්රොසෙසර් සහ 16GB RAM සහිතව පැමිණේ. දත්ත ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් නිපදවා ඇති MateBook D 15, Fingerprint පවර් බටන් සමඟින් නිපදවා ඇති අතර, 65W USB-C චාර්ජර් හරහා කඩිනමින්ම ලැප්ටොප් පරිගණකය චාර්ජ් කරගත හැකිය.
Huawei Nova 9 SE සහ MateBook D 15 දැන් Huawei experience centers, බලයලත් Huawei අලෙවි නියෝජිත ජාලය හරහා සහ සිංගර් ප්රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකිය.
Video Story