• Ada Derana BIZ Sinhala
  • Janashakthi Life
  • sri lanka
  • TAGS

ජනශක්ති ලයිෆ්,  මෙවර TAGS සම්මාන උළෙලෙහි දී රනින් පිදුම් ලබයි

January, 23, 2023

පුරෝගාමී ජීවිත රක්‍ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA  Sri Lanka) විසින් සංවිධානය කරන ලද 'TAGS සම්මාන 2022' සම්මාන උළෙලෙහි දී  රක්ෂණ අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුරන්ස් පීඑල්සී හී අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසුවේ ය. "කීර්තිමත් CA Sri Lanka ආයතනය සංවිධානය කළ TAGS සම්මාන උලෙළේ දී ඇගයීමට ලක් වීම අපට ගෞරවයක් වගේ ම, මෙම සම්මානය මඟින් අපගේ ආයතනික ස්ථාන ගත කිරීම රක්ෂණ ක්ෂේත්‍රයේ සම්මානලාභී සමාගමක් බවට උසස් වුණා. මෙම ජයග්‍රහණය ජනශක්ති ලයිෆ් සමාගම සතු ශක්තිමත් ප්‍රතිපත්ති, විනිවිදභාවය, මනා පාලනය සහ වටිනාකම් පිළිබඳ සාක්ෂියක්. අපගේ සියලු ම පාර්ශ්වකරුවන්ට නිවැරදි සහ ප්‍රමිති ගත වාර්ෂික වාර්තාවක් ලබා දීමට අපි නිරන්තරයෙන් කටයුතු කරන බව පැවසීමට කැමතියි. ඒ වගේ ම මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ අපගේ කණ්ඩායමට සුබ පැතීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා."

ජීවිත නඟා සිටුවමින් සහ සිහින සවි බල ගැන්වීමේ ආයතනික අරමුණ පෙර දැරි කරගනිමින් ක්‍රියාත්මක වන ජනශක්ති ලයිෆ් සෑම විටම තම පාර්ශවකරුවන්ට සදාචාරාත්මකව සහ විනිවිදභාවයෙන් යුතුව වැඩි වටිනාකමක් ලබා දීමට කටයුතු කරයි.  පාරිභෝගික ජනතාවගේ ජීවිතයේ සෑම අදියරක දී ම පැන නඟින විවිධ අවශ්‍යතා සඳහා ​​රක්ෂණ විසඳුම් සහ සේවාවන් ලබා දෙන ජනශක්ති ලයිෆ් මෙම අරමුණ සිය  සේවකයින් දක්වා පුළුල් කරමින්, තම කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ සිහින සහ අපේක්ෂාවන් බලගැන්වීමට සහ සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගය ලබා දීමට සුදුසු සේවා පරිසරයක් ගොඩනඟා ඇත.

ජනශක්ති ලයිෆ් ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘ශ්‍රී ලංකාවේ හොඳ ම ජීවිත රක්ෂණකරු' ලෙස පසුගිය දා ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් විය. ලන්ඩනය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන, ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් ව ඇති කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් (CFI.co) විසින් පිරිනමනු ලබන මෙම කීර්තිමත් සම්මානය මඟින් ආර්ථිකයේ වර්ධනයට සැලකිය යුතු ලෙස දායක වෙමින්, සියලු පාර්ශ්වකරුවන් සඳහා වටිනාකම් එකතු කරන ආයතන හඳුනා ගනිමින් ඇගයීමට ලක් කරයි. 2022 වසරේ දී ආකර්ෂණීය සන්නාම වටිනාකම් වර්ධනයක් වාර්තා කරමින්, ‘ශීඝ්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලාංකීය සන්නාමවලින් එකක්’ ලෙස TOP 10 ගෞරවය ලැයිස්තුවට ඇතුළත් වූ ජනශක්ති ලයිෆ් එම ජයග්‍රහණය හිමි කර ගත් මෙරට  එක ම රක්ෂණ සන්නාමය ලෙසින් ද හඳුන්වා දිය හැකි ය.

ජනශක්ති ලයිෆ් 2021 වසරේ දී පැවැත් වූ 3 වැනි ICC නැගී එන ආසියානු රක්‍ෂණ සම්මාන උළෙලේ දී, ‘රක්ෂණ ව්‍යප්තිය වෙනුවෙන් හොඳ ම උපාය මාර්ග’ සඳහා වන සම්මානය දිනා ගත්තේ, විශිෂ්ට රක්ෂණ විසඳුම් තුළින් කලාපීය රක්‍ෂණ  ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා දක්වන දායකත්වය වෙනුවෙනි.  තවද, ජනශක්ති ලයිෆ් 'වසරේ ගෘහස්ථ රක්ෂණකරු' ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ අතර, 2022 රක්ෂණ ආසියා සම්මාන උළෙලෙහි දී   ‘වසරේ විශිෂ්ටතම ජංගම යෙදවුම' ට හිමි සම්මානය  දිනා ගැනීමට ද සමත් විය.

වසර 28ක කාලයක් පුරා, ජනශක්ති ලයිෆ් පීඑල්සී මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ඉදිරියටම ගමන් කිරීමට සමත්ව ඇති අතර, එම සමාගමේ 75 කට අධික දීප ව්‍යාප්ත ශාඛා ජාලය හරහා සෑම තරාතිරමක ම පුද්ගලයින්ට එහි අද්විතීය රක්ෂණ විසඳුම් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලබා දී ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Janashakthi Life
  • sri lanka

ජනශක්ති ලයිෆ් 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳ ම ජීවිත රක්‍ෂණ සමාගම ලෙස ගෝලීය ඇගයීමට ලක් වෙයි

November, 22, 2022

ජනශක්ති රක්‍ෂණ සමාගම ඉතිහාසයේ ප්‍රථම වරට '2022 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රක්‍ෂණ සමාගම ' ලෙස සම්මාන ලබමින් ගෝලීය  වශයෙන් ඇගයීමට ලක් විය. ලන්ඩනය මූලික කරගනිමින් ක්‍රියාත්මක, ජාත්‍යන්තරව කීර්තිමත් ආයතනයක් වන කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් (CFI.co) විසින් පිරිනමනු ලබන මෙම සම්මානය මගින් රටේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු ලෙස දායක වන, එමෙන් ම සියලු  පාර්ශ්වකරුවන් වෙත  වටිනාකම් එක් කිරීම සඳහා කටයුතු කරන ආයතන ඇගයීමට ලක් කරයි.  ජනශක්ති ලයිෆ් ඇතුළු සියලු ම සම්මානලාභී ගෝලීය සන්නාම සඳහා මෙම සම්මානය ලන්ඩනයේ හවුස් ඔෆ් ලෝඩ්ස් හි දී නොබෝදා පිරිනැමිණි. සම්මාන සඳහා ජයග්‍රාහකයින් තෝරා ගැනීමේ දී අවසාන පියවර ලෙස ජූරි සභාව මගින් ජයග්‍රාහකයින් නම් කිරීම දක්වා ඉතා සාධාරණ, විනිවිධභාවයකින් යුත්, ගුණාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරන නිසා ම මෙම සම්මානයෙහි වැදගත් කම තවත් වැඩිවන බව පැවසිය යුතු ම ය. මෙම සම්මානය, උසස් පාරිභෝගික අත්දැකීමක් සහ සේවා විශිෂ්ටත්වයක් සමඟින් නව්‍ය රක්‍ෂණ විසඳුම් පිරිනැමීම හරහා ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයට ජනශක්ති ලයිෆ් සමාගම ලබාදුන් සුවිශේෂී දායකත්වය සඳහා කදිම සාක්ෂියකි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය. "මෙම පිළිගැනීම අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ට උසස් සේවාවක් ලබා දෙමින්, අපගේ ආයතනික අරමුණු සාක්ෂාත් කරගැනීමට කැපවීමේ ප්‍රතිඵලයක්. අභියෝගාත්මක වසරක් මධ්‍යයේ වුවත් සමාගමේ  වර්ධනයට අසමසම දායකත්වයක් ලබා දුන් අපගේ  ජනශක්ති සිංහ බලකායේ අඛණ්ඩ කැපවීම, හැකියාව හා අති විශිෂ්ට බව මෙම සම්මානයෙන් අපට පෙන්වා දෙනවා. නව්‍ය විසඳුම් හරහා ශ්‍රී ලංකාව තුළ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් පාරිභෝගික ජනතාවට වඩාත් හොඳ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා අප අපගේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමට කටයුතු කළා."

ජීවිත නඟා සිටුවමින්, සිහින සවිබල ගැන්වීමේ ආයතනික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන ජනශක්ති ලයිෆ් සැම විට ම ආචාරධර්මයන්ට අනුකූල වෙමින්, විනිවිදභාවයෙන් යුතුව සිය පාර්ශවකරුවන් වෙත වැඩි ප්‍රතිලාභ ලබා දීම සඳහා කැප වෙයි. පාරිභෝගිකයින්ගේ  ජීවිතයේ සෑම අදියරක දී ම මතුවන විවිධත්වයෙන් යුතු අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රක්‍ෂණ විසඳුම් හා සේවාවන් හඳුන්වා දෙන ජනශක්ති ලයිෆ් සිය කාර්‍යමණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ  සිහින හා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට ද හැකි උපරිම සහයෝගය ලබා දෙයි.

ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවේ ඉහළ ම,  වටිනා ම මෙන් ම  ශක්තිමත් ම සන්නාම 100 අතරට තේරී පත් වූ අතර, බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් වාර්තාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලාංකේය සන්නාමවලින් එකක් ලෙස TOP 10 සන්නාම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වීමට ද සමත් විය. 2022 වසරේ දී ආකර්ෂණීය සන්නාම අගය වර්ධනයක් වාර්තා කරමින්, A+ ශ්‍රේණිගත කිරීම හා ශක්ති දර්ශකයේ (BSI) ලකුණු 569ක් සහිතව TOP 10  නාමාවලිය අතරට එක් වූ එක ම රක්ෂණ සන්නාමය වශයෙන් ද ජනශක්ති හඳුන්වා දිය හැකිය.  .

හොඳ ම රක්ෂණ විසඳුම් සමඟින් කලාපයේ රක්ෂණ කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් ජනශක්ති ලබා දෙන දායකත්වය පසුගියදා පැවති තුන් වන  ICC Emerging Asia Insurance Awards 2021 හි දී 2021 වර්ෂය සඳහා ‘රක්ෂණ ව්‍යප්තිය උදෙසා හොඳ ම උපාය මාර්ග’ සඳහා වන සම්මානය මගින් ඇගයීමට ලක් විය. ඊට අමතරව ජනශක්ති ලයිෆ් 'වසරේ ගෘහස්ථ රක්ෂණකරු' ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වී ඇති අතර, 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙල මගින් ජනශක්ති ලයිෆ් ජංගම යෙදුම 'වසරේ ජංගම යෙදුම' ලෙසින් ද සම්මානයට පාත්‍ර විය. රක්ෂණ සමාගම්, ආයෝජකයින්, වෘත්තිකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ඇගයෙන ආසියානු රක්ෂණ සම්මාන උළෙල, කලාපයේ වඩාත් ම කැපී පෙනෙන රක්ෂණ සමාගම් ඇගයීම වෙනුවෙන් සංවිධානය වන ආසියා පැසිෆික් කලාපයේ ප්‍රමුඛතම සම්මාන උළෙල ලෙස හැඳින්විය හැකිය. 

ජනශක්ති රක්ෂණ සමාගම සිය සිංහ බලකායේ විශිෂ්ටත්වය හා ගෝලීය ප්‍රමිතිය තහවුරු කරමින්  2021 වසරේ දී  MDRT ජයග්‍රාහකයින් 100 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට සමත් විය.  සිය සාමාජික සාමාජිකාවන් සවිබල ගන්වමින් ධනාත්මක වටිනාකමකින් යුත් ආයතනික සංස්කෘතියක් තහවුරු කිරීම වෙනුවෙන් ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගම සේවය කිරීම සඳහා සුදුසු ම ආයතනයක් වශයෙන් ද නම් කෙරිණි.  වසර 27ක කාලයක් පුරා, ජනශක්ති ලයිෆ් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ඉදිරියට ම ගමන් කර ඇත.  එම සමාගමේ දීප ව්‍යප්ත 75කට අධික ශාඛා ජාලය මගින් සෑම තරාතිරමක ම පුද්ගලයන් වෙත සිය අද්විතීය රක්ෂණ විසඳුම් වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි.

  • Ada Derana BIZ Sinhala
  • Insurance Asia Awards 2022
  • Janashakthi Life
  • sri lanka

ජනශක්ති ලයිෆ් 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙලෙහි දී ද්විත්ව සම්මානයෙන් පිදුම් ලබයි

September, 28, 2022

සිය විශිෂ්ටත්වය නැවතත් තහවුරු කළ ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වෙමින්, 2022 ආසියානු රක්ෂණ සම්මාන උළෙලෙහි දී 'වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකීය ජීවිත රක්ෂණ සමාගම' ලෙස සම්මාන දිනාගත් අතර, එම සම්මාන උළෙලෙහි දී ම ජනශක්ති ලයිෆ් ජංගම  යෙදුම (Mobile App)  'වසරේ ජංගම යෙදුම'  ලෙස සම්මානයට පාත්‍ර විය.

ආසියානු කලාපය තුළ රක්ෂණ සමාගම්, ආයෝජකයින්, වෘත්තිකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයින් වෙනුවෙන් කැප වී සිටින කීර්තිමත් සගරාවක් වන 'Insurance Asia' සගරාව විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරුණු අතර, ආසියානු රක්ෂණ සම්මාන උළෙල මගින් ආසියා පැසිෆික් කලාපයේ වඩාත් කැපී පෙනෙන රක්ෂණ සමාගම් ඇගයීම සිදුකරයි. ගෝලීය රක්ෂණ ක්‍ෂේත්‍රයේ වඩාත් කීර්තිමත් පිළිගැනීමක් සහිත මෙම සම්මාන සඳහා ජයග්‍රාහකයින් තෝරා ගැනෙන්නේ සුවිශේෂී මෙන් ම පුළුල් තෝරාගැනීමේ ක්‍රමවේදයකට අනුව වීම විශේෂිතය.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් පී එල් සී සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය. “මෙම ජයග්‍රහණය අපගේ ගනුදෙනුකරුවන් වෙත ගුණාත්මක රක්ෂණ සේවාවක් ලබා දීම වෙනුවෙන් අප සිදුකරන කැපවීම තහවුරු කරනවා. මෙම සම්මාන ද්විත්වය  අපගේ වර්තමාන සාර්ථකත්වයට වගේ ම,  අනාගතයේ දී ත් අපගේ ගනුදෙනුකරුවන් වෙත රක්ෂණ ක්ෂේත්‍රයේ හොඳ ම විසඳුම් ලබා දෙමින්, ගුණාත්මක සේවාවක් ලබා දීමට අප සතු හැකියාව පිළිබඳ  හොඳ ම උදාහරණයක්. පසුගිය අභියෝගාත්මක කාලසීමාව මධ්‍යයේ වුවත් අප සමාගමේ වර්ධනයට අසමසම  දායකත්වයක් ලබා දුන් අපගේ සිංහ බලකායේ අඛණ්ඩ කැපවීමට හා හැකියාවට මෙම ජයග්‍රහණය ඉතා හොඳ සාක්ෂියක්."

'වසරේ ජංගම යෙදුම' සම්මානය මගින් ජනශක්ති ලයිෆ් සමාගමේ ඩිජිටල් පරිවර්තනය ද ඇගයීමට ලක් වූ අතර,  නව රක්ෂණ ඔප්පුවක් ලබා ගැනීමේ සිට සේවාවන් රැසක් ලබාගත හැකි නව්‍ය මූල්‍ය විසඳුම් රාශියක් මෙම ජංගම යෙදුම හරහා ලබා දීමට ජනශක්ති ලයිෆ් සමාගම කටයුතු කරයි.

ජනශක්ති ලයිෆ් සමාගම නවෝත්පාදනයන් මත පදනම් වූ නව්‍ය සේවාවක් ලබා දීම වෙනුවෙන් නිරන්තර අවධානය යොමු කරන අතර, සිය ඩිජිටල් සේවාවන් මගින් වඩාත් පහසු, සරල සේවාවක් ලබා දීම තුළින් ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රය වෙත ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් ද සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරයි. එමෙන් ම විශිෂ්ට සේවාවක් ලබා දීම සඳහා  ඩිජිටල්කරණය ඉතා වැදගත් කාර්‍යභාරයක් ඉටු කරන බව විශ්වාස කරන ජනශක්ති ලයිෆ් සමාගම, තම ගනුදෙනුකරුවන්ගේ දිනෙන් දින වෙනස්වන අවශ්‍යතා හඳුනා ගනිමින් ඉහළ ම ප්‍රමිතීන්ගෙන් සමන්විත රක්ෂණ සේවාවක් තහවුරු කිරීම වෙනුවෙන් කැප වෙයි.

'ජීවිත නඟා සිටුවමින් සිහින සවිබල ගැන්වීම' යන ආයතනික අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන ජනශක්ති ලයිෆ් සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ ආචාරධර්මවලට අනුකූලව, විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වන අතර සිය පාර්ශවකරුවන් සඳහා වැඩි ප්‍රතිලාභ ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි.  සිය ගනුදෙනුකරුවන්  ජීවිතයේ සෑම අදියරක දී ම වර්ධනය වන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රක්‍ෂණ විසඳුම් හා සේවාවන් ලබා දෙමින් සිය ආයතනික අරමුණ යථාර්ථයක් කිරීමට කටයුතු කරන ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම මෙම අරමුණ තම සාමාජික සාමාජිකාවන් දක්වා පුළුල් කරමින්, සැමවිට ම ඔවුන්ගේ සිහින හා අපේක්ෂාවන් ඉටුකරගැනීමට සහයෝගය ලබා දෙන සේවා පරිසරයක් ගොඩනැංවීමට ද කටයුතු කරයි.

පසුගිය දා නිකුත් කෙරුණු Brand Finance ශ්‍රේණිගත කිරීමේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ  වටිනා ම හා ශක්තිමත් ම සන්නාම 100 අතරට මෙන් ම, ශීඝ්‍රයෙන් ම වර්ධනය වන ශ්‍රී ලාංකේය සන්නාම 10 න් එකක් ලෙස ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී නම් කෙරුණු අතර, BSI දර්ශකයේ ලකුණු 569ක් සහිතව TOP 10  නාමාවලියට  ඇතුළත් වූ මෙරට  එක ම රක්ෂණ සන්නාමය වන්නේ ද ජනශක්ති ලයිෆ් බව සඳහන් කළ යුතුමය.

එමෙන් ම 2021 වසරේ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් පැවැත් වූ තුන් වන  'ICC Emerging Asia Insurance Awards' රක්ෂණ සම්මාන උළෙලෙහි දී, හොඳ ම රක්ෂණ විසඳුම් සමඟින් කලාපීය රක්‍ෂණ ක්ෂේත්‍රය පරිවර්තනය කිරීමට දක්වන ලද දායකත්වය වෙනුවෙන් ‘රක්ෂණ ව්‍යාප්තිය වෙනුවෙන් හොඳ ම උපාය මාර්ග’ සඳහා වන සම්මානය දිනාගැනීමට ද ජනශක්ති ලයිෆ් සමාගම සමත් විය.

ජනශක්ති සිංහ බලකායේ ශක්තිය හා කාර්‍යශූරත්වය මත පදනම් වූ රක්ෂණ සංස්කෘතියකින් සමන්විත ජනශක්ති රක්ෂණ සමාගම  ගෝලීය ප්‍රමිතීන් වෙත ළඟා වෙමින්, 2021 වසරේ දී පමණක්  MDRT ජයග්‍රාහකයින් 100 කට අධික සංඛ්‍යාවක් බිහි කිරීමට සමත් විය. සිය සාමාජික සාමාජිකාවන් සවිබල ගන්වමින් ධනාත්මක ආයතනික  සංස්කෘතියක් පෝෂණය කිරීමට ඇප කැප වන නිසා ම 'විශිෂ්ට සේවා ස්ථානයක්'  ලෙස නම් කෙරුණු ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම වසර 27ක කාලයක් පුරා, මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශ්වාසවන්ත මෙන් ම ශක්තිමත් ආයතනයක් ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට සමත් වී ඇත. ජනශක්ති ලයිෆ් සමාගම 75 කට අධික දීප ව්‍යප්ත සිය  ශාඛා  ජාලය හරහා සෑම තරාතිරමක ම පුද්ගලයින් වෙත  අද්විතීය රක්ෂණ සේවාවක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙයි.

  • 2021 Emerging Asia
  • Ada Derana BIZ Sinhala
  • Janashakthi Life
  • sri lanaka

ජනශක්ති ලයිෆ් ‘2021 Emerging Asia’ රක්ෂණ සම්මාන උළෙල විජයග්‍රහණය කරයි

June, 23, 2022

ඉන්දීය වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 3 වැනි ICC නැගී එන ආසියානු රක්ෂණ සම්මාන (2021) උළෙලේ දී  'රක්ෂණ සේවා ව්‍යප්තිය සඳහා අනුගමනය කළ හොඳ ම උපායමාර්ග' සඳහා වන සම්මානය ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම විසින් දිනා ගන්නා ලදී.

ඉන්දියාවේ කල්කටාහි දී පැවැත්වුණු මෙම සම්මාන උළෙල ඉන්දීය වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ අතර, එහි දී ඉන්දියානු රක්ෂණ ආයතනය, ඉන්දීය ජීවිත රක්ෂණ කවුන්සිලය, ඉන්දීය සාමාන්‍ය රක්ෂණ සභාව, ජාතික රක්ෂණ ඇකඩමිය සහ PWC යන ආයතන  ආසියානු කලාපයේ රක්ෂණ කර්මාන්තය නඟාසිටුවීමට ක්‍රියාකරන රක්ෂණ සමාගම් තෝරාගැනීමේ ක්‍රියාවලියේ සමාලෝචකයින් ලෙස කටයුතු කරන ලදී.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් පී. එල්. සී.  හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය. " අප සමාගම ලබාගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය තුළින් අපගේ ව්‍යාපාරික උපාය මාර්ගවල විශිෂ්ටත්වය පිළිබිඹු වෙනවා. ඒ වගේ ම සාමාජයීය හා ආර්ථික වශයෙන් අභියෝගාත්මක පසුගිය වකවානුවක පවා මේ රටේ තරඟකාරී රක්ෂණ වෙළෙඳපොළ තුළ අපගේ ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගැනීමට අපට හැකි වුණු බව මේ සම්මානය තහවුරු කරනවා. ඊට අමතරව මෙමගින් අපගේ සමාගමේ වර්තමාන ආයතනික ශක්තිමත් බව සහ අනාගත ස්ථාවරත්වය ගැන ගනුදෙනුකරුවන්ට ඉතා හොඳ පණිවුඩයක් ලබා දෙන බවත් මම විශ්වාස කරනවා. මෙම සම්මානය අපගේ අඛණ්ඩ කැපවීමේ ප්‍රතිඵලයක්. ඒ නිසා ම පසුගිය අභියෝගාත්මක කාලවකවානුවල දී පවා ආයතනයේ දියුණුව වෙනුවෙන් අඛණ්ඩව කැප වුණු අතිදක්ෂ අපගේ සමස්ත කාර්‍යමණ්ඩලයට  මගේ සුභාසිංශන එක් කිරීමට මෙය මම අවස්ථාවක් කරගන්නවා."

'ජනතාවගේ ජීවිත නගා සිටුවමින්, ඔවුන්ගේ සිහින බලගැන්වීම'  යන ආයතනික අරමුණ පෙරදැරි කර ගනිමින් ක්‍රියාත්මක වන විශ්වාසවන්ත සමාගමක් වන ජනශක්ති ලයිෆ්, සෑම විට ම සිය ගනුදෙනුකරුවන් වෙත මූලිකත්වය ලබා දෙමින්, ආචාරධර්මයන්ට අනුකූලව සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වන ආයතනයක් බව පැවසිය යුතු ම කරුණකි. එමෙන් ම සිය ගනුදෙනුකරුවන්ගේ සියලු ම රක්ෂණ අවශ්‍යතා සඳහා සරිලන රක්‍ෂණ විසඳුම් හා සේවාවන් රැසක් ජනශක්ති ලයිෆ් සමාගම සතු වන බව ද සිහිපත් කළ යුතු ම ය. සිය ආයතනික අරමුණු තවත් පුළුල් කරමින් තම සේවක මණ්ඩලයේ සිහින හා අපේක්ෂාවන් වර්ධනය කරගැනීමට සහයෝගය ලබා දීමට මෙන් ම ඒ සඳහා සරිලන සේවා පරිසරයක් නිර්මාණය කිරීමට ජනශක්ති රක්ෂණ සමාගම කටයුතු කරන බව ද සඳහන් කළ යුතුමය.

ජනශක්ති රක්ෂණ සමාගම Brand Finance ආයතනය මගින්  ශ්‍රී ලංකාවේ ශක්තිමත් ම සන්නාම 100 අතරට නම් කර ඇති ආයතනයකි. 2022 වසරේ දී ආකර්ෂණීය සන්නාම අගය වර්ධනයක් වාර්තා කරමින්,  වේගයෙන් ම වර්ධනය වන ශ්‍රී ලාංකේය සන්නාම 10 (TOP 10) අතරින් එකක් ලෙස ශ්‍රේණිගත වීමට සමත් වූ ජනශක්ති ලයිෆ්,  A+ ශ්‍රේණිගත කිරීම හා සන්නාම ප්‍රබලතා දර්ශකයේ (BSI) ලකුණු 569 ක ආකර්ෂණීය සන්නාම අගය වර්ධනයක් වාර්තා කරමින්, TOP 10 සන්නාම අතරට එක් වූ එක ම රක්ෂණ සන්නාමය ද වේ. ඊට අමතරව ජනශක්ති රක්ෂණ සමාගම 2022 වසර තුළ වෙළෙඳපොළේ ඇති සියලු ම ජීවිත රක්ෂණ සමාගම්වල මුළු සන්නාම වටිනාකමට සාපේක්ෂව  22% ක කැපී පෙනෙන වර්ධනයක් ලබා ඇත. මෙම සන්නාම වටිනාකම් වර්ධනය සඳහා 2021 වසර තුළ දී ජනශක්ති රක්ෂණ සමාගම මෙරට රක්ෂණ වෙළෙඳපොළ තුළ පවතින තරඟකාරිත්වය අභිබවමින්,  අඛණ්ඩව රුපියල් බිලියන දෙකක ශක්තිමත් වෙළෙඳපොළ කොටස් වර්ධනයක් අත්කර ගැනීමට සමත් වීම ද බෙහෙවින් බලපෑ බව පැවසිය යුතුමය.

සිය සිංහ බලකායේ කාර්යශූරත්වය සහ කැපවීම සමගින්, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල MDRT ජයග්‍රාහකයින් 100 කට අධික සංඛ්‍යාවක් බිහි කිරීමට ජනශක්ති රක්ෂණ සමාගම 2021 වර්ෂයේදී සමත් විය. එමෙන් ම සිය සේවකයින් සවිබල ගන්වමින් ධනාත්මක වටිනාකම් සහිත ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාම ( Great Place To Work – GPTW) වෙනුවෙන් ජනශක්ති රක්ෂණ සමාගමේ කැපවීම අගයමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස ද එම සමාගම නම් කොට ඇත.  වසර 27ක කාලයක් පුරා, ජනශක්ති රක්ෂණ සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින්, ඉදිරියට ම ගමන් කරන සමාගමක් වන බවත්, දිවයින ම ආවරණය වන පරිදි පිහිටා ඇති 75 කට අධික ජනශක්ති ශාඛා ජාලය සෑම තරාතිරමක ම පුද්ගලයන්ට එහි අද්විතීය රක්ෂණ විසඳුම් වෙත ප්‍රවේශ වීමමේ හැකියාව ලබා දෙන බවත් සිහිපත් කළ යුතුමය.

 

ඡායාරූප විස්තරය :  ජනශක්ති ඉන්ෂුවරන්ස් පී. එල්. සී.  හි අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ