• Ada Derana BIZ Sinhala
  • Cabinet decision
  • job opportunities
  • Korea
  • sri lanka

අවම වැටුප ලක්ෂ අට හමාරයි. භාෂාව අනවශ්‍යයි. කොරියාවේ රැකියා අවස්ථා ගැන රාජ්‍ය ඇමතිගෙන් මුල්වරට අනාවරණයක්

September, 13, 2022

වෙල්ඩින්, ග්‍රයින්ඩින්, පේන්ටින් වැනි ක්ෂේත්‍රවල දක්ෂතාව සහිත පුද්ගලයින්ට කොරියාවේ රැකියා සඳහා යාමට අවස්ථාව ඇති බවත් ඒ සඳහා කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්වීම අනවශ්‍ය බවත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

අද (13) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව අනාවරණය කළේය.

දැනට කොරියානු රජයේ රැකියා අවස්ථා ලැබෙන්නේ භාෂා ප්‍රවීණතාවය සමත්වූවන්ට පමණයි. නමුත් භාෂා ප්‍රවීණතාවය නැතුව, මම මේ පණිවුඩය මාධ්‍ය තුළින් ගම් දනව් ඔස්සේ ප්‍රචාරය කරනවා නම් ඉතාමත්ම වැදගත් වෙනවා.

අපි දන්නවා මේ දවස්වල විශේෂයෙන්ම වෙල්ඩින් ක්ෂේත්‍රෙය් යෙදිලා ඉන්න අයට, ඒ වගේම ග්‍රයින්ඩින්, පේන්ටින් වගේ ක්ෂේත්‍රවල අයට රැකියා අවස්ථා අඩුයි රට තුළ. මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක.

ඒ අයට භාෂා ප්‍රවීණතාවයක් නැතුව කොරියානු රජයේ රැකියාවක් අවස්ථාවක් ලබා ගන්න ප්‍රළුවන්කම ලැබෙනවා. ඒ සඳහා උනන්දුවක් දක්වන ඕනම කෙනෙකුට වයස අවුරුදු 45ක් දක්වා  විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශය යටතේ තියෙන, නාවල තියෙන රැකියා ඒජන්සිය වෙත යෑම තුළින්, තාක්ෂණික කමිටුවත් ඉන්නවා, ඔවුන් ඒ පිළිබඳ සාකච්ඡා කරලා, ඔවුන්ට කොරියානු රජයේ රැකියාවක් ලබා ගන්න පුළුවන් වෙනවා.මාසික වැටුප ශ්‍රී ලංකා රුපියල්වලින් ලක්ෂ අටහමාරෙන් තමයි පටන් ගන්නේ.  එතනින් උඩ මාසික මුදලක් තමයි ඔවුන්ට ලැබෙන්නේ.

පුහුණුව තියෙන අය, NVQ සහතිකය අවශ්‍ය නැහැ. තමන්ට ඒ වැඩ කරන්න පුළුවන් නම්, ඒ තාක්ෂණික කමිටුව හරහා අවශ්‍ය අනෙකුත් අවශ්‍යතා ටික සම්පූර්ණ කරලා ඔවුන් ඉතා ඉක්මනින් කොරියානු රජයේ රැකියා සඳහා යොමු කරලා දෙනවා. ඒ සඳහා යන වැය බර රාජ්‍ය බැංකුවලින් ණයක් හැටියට ලබා දෙන්න කටයුුතු කරලා තිබෙනවා. ඒ නිසා කෙලින්ම ඒ ස්ථානයට යොමු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.