• Ada Derana BIZ Sinhala
  • HNB SOLO
  • LANKAQR
  • sri lanaka

LANKAQR ගෙවීම් විසඳුම් පිරිනැමීම සඳහා HNB SOLO, ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳ ගනියි

August, 25, 2022

ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර හා සබඳතා රහිත ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණ සහිතව සෞඛ්‍යය සේවා වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීමේ හැකියාව ලබා දෙමින් LANKAQR ගෙවීම් විසඳුම් ලබා දීම සඳහා HNB SOLO, ලංකා හොස්පිට්ල්ස් සමඟ පසුගියදා අත්වැල් බැඳ ගත්තේය.

මේ සඳහා නිර්මාණය කරන ලද අද්විතීය කේතයක් වන Dynamic QR කේතය ස්කෑන් කිරීම මගින් ගනුදෙනුවක් සම්පූර්ණ කිරීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට ලබා දෙයි. LANKAQR පහසුකම සමඟ සම්බන්ධිත යෙදවුමක් (app) භාවිතා කරන පාරිභෝගිකයන්ට මේ තුළින් Point of Sale (PoS) යන්ත‍්‍රයේ තිරය මත දිස්වන Dynamic QR කේතය ස්කෑන් කිරීමෙන් වෙළෙඳසැල් මගින් සබඳතාවකින් තොරවම  ඕනෑම මිලදී ගැනීමක් සිදු කිරීමට අවස්ථාව සලසා දෙනු ලබයි.

කොළඹ One Galle Face, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ (SLIC) ප‍්‍රධාන ශාඛාව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ කොල්ලූපිටියේ පේ‍්‍රමසිරි සුපිරි වෙළඳසැල ඇතුළුව දිවයින පුරා පිහිටි කීල්ස් සුපිරි වෙළඳසැල් 19 ක පිහිටුවා ඇති ලංකා හොස්පිට්ල්ස් විසින් පවත්වාගෙන යනු ලබන ෆාමසි 23 ට අමතරව ලංකා හොස්පිට්ල්ස් හි සියලූම මුදල් අයකැමි කවුන්ටර 20 මගින් පාරිභෝගිකයින්ට HNB SOLO පහසුකම භුක්ති විඳිය හැකිය.

HNB SOLO හරහා තම මිලදී ගැනීම් සිදු කිරීමට කැමති පාරිභෝගිකයින් විශේෂ සෞඛ්‍ය පැකේජ, පූර්ණ ස්කන්ධ පරීක්ෂණ පැකේජ, ජ්‍යෙෂ්ඨ පුරවැසි සෞඛ්‍ය පරීක්ෂාවන් සහ මැමෝග‍්‍රෑම් පරීක්ෂාවන් වැනි සෞඛ්‍ය පරීක්ෂණ සඳහා 20% ක වට්ටමක් ඇතුළුව ප‍්‍රතිලාභ රැසක් භුක්ති විඳීමට අවස්ථාව හිමි වේ. වීසා, මාස්ටර් කාඞ්පත් හෝ ජස්ට්පේ (JustPay) වැනි විවිධ ගෙවීම් ක‍්‍රම හරහා අදාල තිරය swipe කිරීමෙන් ගනුදෙනුකරුවන්ට තම ගනුදෙනු සම්පූර්ණ කළ හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB සහකාර සාමාන්‍යාධිකාරී, ඩිජිටල් ව්‍යාපාර, චම්මික වීරසිංහ මහතා පැවසුවේ ”කොවිඞ් වසංගතය හේතුවෙන් QR මත පදනම් වූ ගෙවීම් ආරම්භ කිරීමට සිදු වුණා. නමුත් HNB SOLO වැනි OR හැකියාව ඇති වේදිකාවල පහසුව සහ විශ්වසනීයත්වය භුක්ති විඳිමින් ඒ වෙත යොමු වන නව පාරිභෝගික රැල්ලක් දැන් අප දකිනවා. මෙවැනි පහසුකම් තව තවත් ව්‍යාප්ත කිරීමට අපගේ තාක්ෂණික යටිතල පහසුකම් ඉතා විශාල දායකත්වයක් ලබා දුන් අතර ඩිජිටල් ගෙවීම් ශක්තිමත් කිරීම සඳහා ලංකා හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.” යනුවෙනි.

”ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුවක් වන HNB සමඟ ලංකා හොස්පිට්ල්ස් අත්වැල් බැඳගැනීම පිළිබඳව සතුටට පත්වනවා වගේම සිය ගනුදෙනුකාරභවතුන්ට සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් පිරිනමමින් අපගේ පාරිභෝගික හිතෛශීභාවය තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. මීට අමතරව ජනතාවට සහනදායී මිලකට පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි සෞඛ්‍ය ප‍්‍රතිලාභ පිරිනැමීම කාලීන අවශ්‍යත්වයක්ව පවතිනවා. ඒ හරහා මෙවැනි කාලවලදී ජනතාවගේ සෞඛ්‍ය නගාසිටුවීමට ඔවුන්ට ශක්තියක් වෙන්න පුළුවන්. ලංකා හොස්පිට්ල්ස් හි රැකවරණය සහ ප‍්‍රතිකාර ලබා ගැනීමට HNB SOLO යෙදවුම භාවිතා කරන්නන්ට මෙවැනි සහනදායී සෞඛ්‍ය පහසුකම් පිරිනැමීමට අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී, දීප්ති ලොකුආරච්චි මහතා පැවසුවේය.

ලංකා හොස්පිට්ල්ස් හි PoS යන්ත‍්‍ර සමඟ HNB හි පද්ධතිය ඒකාබද්ධ කිරීමෙන් රෝහලේ ගිණුමට එවේලේම (real time) ගෙවීම් තහවුරු කරගත හැකි බැවින් මෙම පහසුකම රෝහලට ඉතා ප‍්‍රයෝජනවත් වේ. එපමණක් නොව, HNB SOLO දැනටමත් LANKAQR වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටින අතර ඩිජිටල් ගෙවීම් යෙදවුම් හා මුදල් රහිත QR කේත පදනම් කරගත් ගෙවීම් රට පුරාම ව්‍යාප්ත කිරීමේ ප‍්‍රයත්නයට අනෙකුත් බලපත‍්‍රලාභී මූල්‍ය ආයතන හා සන්නිවේදන සහකරුවන් සමඟ HNB ද සම්බන්ධ වී සිටී.

HNB හි ප‍්‍රධානතම ඩිජිටල් ගෙවීම් විසඳුම වන SOLO 2019 වසරේදී හදුන්වා දුන් අතර එමගින් දැරිය හැකි, පහසු මිලකට හා පහසුවෙන් භාවිතා කළ හැකි QR කේත හරහා ඩිජිටල් ගනුදෙනු කටයුතු කිරීමේ පහසුව ලබා දෙයි. එමෙන්ම එය දැනට වෙළෙඳපොළේ ඇති අනෙකුත් ඩිජිටල් ගෙවීමේ විසඳුම් සමඟ සැසඳීමේදී සැලකිය යුතු ලාභදායී විකල්පයක් ලෙස ද පෙන්වා දිය හැකිය.

පාරිභෝගික ඒකක 256ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. මෑතකදී ඒෂියන් බෑන්කර් සඟරාව විසින් 2022 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස HNB පිළිගැනීමට ලක් කළේය.

සිය තාක්ෂණික විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම් කරමින් පසුගියදා පැවති 2022 LankaPay Technnovation සම්මාන උළෙලේදී HNB සම්මාන හතරක් දිනා ගත්තේය. මෙහිදී මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා වන වසරේ කීර්තිමත් බැංකුව සහ පාරිභෝගික පහසුව සඳහා වූ වසරේ විශිෂ්ටතම බැංකුව, ‘විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම් උපායමාර්ගය සඳහා වසරේ මුල්‍ය ආයතනය’ සඳහා වන රිදී සම්මානය ද, ‘අන්තර් බැංකු ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) - සමස්ත සම්මානය’ සඳහා ලෝකඩ සම්මානය දිනා ගැනීමට ද HNB සමත් විය.

 

ඡායාරූපය:  ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා (වමේ සිට සිව්වැන්නා) HNB සහකාර සාමාන්‍යාධිකාරී, ඩිජිටල් ව්‍යාපාර, චම්මික වීරසිංහ මහතා (දකුණේ සිට තෙවැන්නා) සමඟ LANKAQR හුවමාරු කර ගනිමින්. ලංකා හොස්පිට්ල්ස් සහ HNB නියෝජනය කරමින් පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද මෙම ඡායාරූපයේ වෙයි.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • LANKAQR
  • Q+ Payment App
  • SLT-MOBITEL
  • sri lanaka

Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කරන්නන්ට 30% ක් දක්වා ආපසු මුදල් සහ දිනපතා රුපියල් 10,000 ක ත්‍යාගයක්

June, 23, 2022

කොමර්ෂල් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් සේවාව භාවිතා කරමින් තෝරාගත් අලෙවිසැල් වෙතින් ස්කෑන් කර ගෙවීම් සිදුකිරීමේදී ග්‍රොසරි භාණ්ඩ, ආහාර, සේවා සහ ඇඳුම් පැළඳුම් සඳහා මුදල් ආපසු ලබාදීම, මුදල් ත්‍යාග ලබාදීම, නොමිලේ සේවා පැකේජ ඇතුළු දීමනා මාලාවක් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

2022 සැප්තැම්බර් මාසය දක්වා තෝරාගත් දිනයන්හි සහ එක් එක් කාල සීමාවන් වලදී කීල්ස් සුපිරි වෙළෙඳසැල්, සෙන්-සාල් අවන්හල්, ෆැෂන් බග් (ප‍්‍රයිවට්) ලිමිඩට් සහ SLT-Mobitel වෙත ගෙවීම් කිරීමේදී මෙම දීමනා ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

මීට අමතරව, වීසා කාඞ්පත් පිළිගන්නා  ඕනෑම LANKAQR සක‍්‍රීය කර තිබෙන ස්ථානයකින් Q+ ගෙවීමේ ඇප් සේවාව තුළින් ගෙවීම් කටයුතු කරන කොමර්ෂල් බැංකුවේ වීසා කාඞ්පත් හිමියන්ට මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුළ මුලින් කරන ගනුදෙනු තුන සඳහා එක් ගනුදෙනුවකට උපරිම රුපියල් 300 ක් දක්වා මුදල් ආපසු ලබාදෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මේ අතර, සැප්තැම්බර් මාසය අවසන් වනතුරු LANKAQR සක‍්‍රීය කර තිබෙන ස්ථානයකින් Q+ ගෙවීමේ ඇප් සේවාව තුළින් බිල්පත් ගෙවීමේදී මෙම දීමනාව ලබාගත හැකිවේ.

කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලයද මෙම LANKAQR ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා සම්බන්ධ වී සිටින අතර ජූලි 07 වනදා දක්වා මෙම ඇප් පහසුකම මගින් ස්කෑන් කර ගෙවීම් කරන වාසනාවන්ත ගනුදෙනුකරුවෙකුට දිනකට රුපියල් 10,000 ක් ලබාදීමට කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලය ඉදිරිපත් වී තිබේ.

එසේම, ඊ-බිල් පතේ තිබෙන LANKAQR කේතය ස්කෑන් කර Q+ ඇප් පහසුකම භාවිතා කරමින් SLT-Mobitel බිල්පත් ගෙවන ගනුදෙනු කරුවන්ට 5GB නොමිලේ ඬේටා සහ මොබිටෙල් ග‍්‍රාහකයෙකුට තවත් මොබිටෙල් ග‍්‍රාහකයින්ට කතා කිරීමට නොමිලේ මිනිත්තු 300 ක කතා කාලයක් ලබාගැනීමටත්  මොබිටෙල් ග‍්‍රාහකයෙකුට තවත් මොබිටෙල් ග‍්‍රාහකයින්ට නොමිලේ කෙටි පණිවුඩ 300 ක් යැවීමටත් අවස්ථාව හිමිවේ. මෙම දීමනාව හිමිවන්නේ බිල්පතේ වටිනාකම රුපියල් 1000 කට වැඩිනම් පමණක් බව බැංකුව සඳහන් කරයි.

Q+ ගෙවීමේ ඇප් පහසුකම මේ වනවිට ශ‍්‍රී ලංකාවේ තිබෙන වේගයෙන්ම ව්‍යාප්ත වන QR ඇප් සේවාව වන අතර LANKAQR යටතේ ආරම්භ කළ මෙරට පළමු QR පදනම් කරගත් ඇප් පහසුකම මෙය වේ. එසේම, නවතම දත්ත විශ්ලේෂණය කරමින් LANKAQR සඳහන් කළේ මෙය ශ‍්‍රී ලංකාවේ දැනට තිබෙන අංක එකේ ගෙවීමේ ඇප් සේවාව බවයි. Q+ ගෙවීමේ ඇප් පහසුකම මෙම ජයග‍්‍රහණය හිමිකර ගත්තේ වෙළෙඳුන් විසින් නිකුත් කළ LANKAQR කේත ස්කෑන් කර සිදුකළ සාර්ථක ‘ස්කෑන් ඇන්ඩ් පේ’ ගනුදෙනු පිළිබඳව ලංකාපේ විසින් රැස්කර ගත් දත්ත පදනම් කරගනිමිනුයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.