• Ada Derana BIZ Sinhala
  • cricket
  • sri lanka
  • thousand dollars

LPL නව ලෝගෝව නිර්මාණය කළ තරුණයාට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් දහසක්

October, 21, 2022

Lanka Premier League 2022 ක්‍රිකට් තරඟාවලියේ නව ලෝගෝව එළිදක්වා තිබේ.

මෙම නව ලෝගෝව නිර්මාණය කිරීම සඳහා Lanka Premier League විසින් ක්‍රිකට් රසිකයින් වෙත ආරාධනා කර සිටි අතර එම ලෝගෝව නිර්මාණය කිරීමේ තරඟයේ ජයග්‍රාහකයා බවට මහනුවර ප්‍රදේශයේ 24 හැවිරිදි මියුලික වීරමන්ත්‍රී පත්විය.

ඒ සඳහා ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඩොලර් 1,000 ක මුදලක් පිරිනැමුණි.