November, 21, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම බලපත්රලාභී මූල්ය සමාගමක් වන මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛාව පසුගියදා බණ්ඩාරගම නගරයේදී උත්සවාකාරයෙන් විවෘත විය. පසුගිය කාලය තුළ මේ ආකාරයට රටේ ප්රධාන නගර කිහිපයකම නව ශාඛාවන් විවෘත කිරීමට මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම කටයුතු කළ අතර, එම ශාඛා ජාලයට එක්වූ 23 වන ශාඛාව මෙයයි. මෙය විවෘත කිරීමේ අවස්ථාවට සමාගමේ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, ආරාධිතයන්, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු පිරිසක් එක්වූහ.
අංක 26, කළුතර පාර, බණ්ඩාරගම යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාවෙන් ගනුදෙනුකරුවන්ට මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ රන් ණය, ස්ථාවර තැන්පතු සහ ලීසිං ඇතුළු සියලුම සේවාවන් ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි වේ.
“බණ්ඩාරගම යනු කළුතර දිස්ත්රික්කයේ වැදගත්ම නගරයක්. එමෙන්ම එය කර්මාන්ත මෙන්ම වෙළඳ හා කෘෂි ව්යාපාර කටයුතු බහුලව සිදුවන ප්රදේශයක්. අපගේ ශාඛාවක් බණ්ඩාරගම නගරයේ විවෘත කිරීමට අප තීරණය කළේ ඒ නිසයි. රට පුරාම මේ ආකාරයට වාණිජමය වශයෙන් වැදගත් නගර වල ශාඛා විවෘත කිරීමට අප මේ වනවිට පියවර ගෙන තිබෙනවා. මෙය අපගේ ශාඛා ජාලයේ 23 වැනි ශාඛාව මෙන්ම, බස්නාහිර පළාතේ 6 වැනි ශාඛාවයි. මීට පෙර අප බස්නාහිර පළාතේ ගම්පහ, කඩුවෙල, ජාඇල, කඩවත සහ මීගමුව යන නගර වල ශාඛා විවෘත කළා. එමෙන්ම අපගේ ශාඛා විවෘත කරන ප්රදේශ වලින් දක්ෂතම වෘත්තිකයන් බඳවාගෙන අපගේ කණ්ඩායම තවදුරටත් ශක්තිමත් කිරීමටත් අප පියවර ගෙන තිබෙනවා. මානව සම්පත් වල යහපත වෙනුවෙන් අප ගන්නා උත්සාහයන් නිසා අඛණ්ඩව සිව් වතාවක් Great Place to Work ඇගයීම හිමිකර ගැනීමටත් අපට හැකි වුණා. අපගේ සියලුම ශාඛාවන් හරහා, අප හඳුන්වා දී ඇති පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් එකතුව පහසුවෙන් ලබාගැනීමට අපගේ ගනුදෙනුකරුවන්ට පුළුවන්. අප උණුසුම් ලෙස පිළිගත් බණ්ඩාරගම ජනතාවට ඉදිරියේදී විශිෂ්ටතම සේවාවක් ලබාදීමට අප සූදානමින් සිටිනවා.” මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.
ඉන්දියාවේ මහින්ද්රා ඇන්ඩ් මහින්ද්රා ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම (Mahindra and Mahindra Financial Services Limited, India) අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය ලබාගැනීමත් සමග මේ ආකාරයට සමාගමේ ශාඛා ජාලය දිවයින පුරා පුළුල් කිරීමේ වේගවත් වැඩසටහන ආරම්භ වී තිබේ. මෙම හිමිකාරීත්ව වෙනසත් සමග, ශ්රී ලංකාවේ මූල්ය සේවා ක්ෂේත්රය ජයගැනීමේ අරමුණින් අයිඩියල් ෆිනෑන්ස් සමාගම ‘මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස්’ ලෙස නම්කරන ලදි. මහින්ද්රා ඇන්ඩ් මහින්ද්රා ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම අයිඩියල් ෆිනෑන්ස් හි ආයෝජනය කිරීමෙන් අනතුරුව ෆිච් රේටිංස් විසින් මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ණය ශ්රේණිය ‘AA – (lka) with a stable outlook’ ලෙස උසස් කරන ලදි.
Mahindra and Mahindra Financial Services Limited හි අනුබද්ධ සමාගමක් වන Mahindra IDEAL Finance Limited, ශ්රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මූල්ය ආයතනයක් සහ බලපත්රලාභී මූල්ය ආයතනයක් වේ. 2012 වසරේදී එය ආරම්භ වූයේ ප්රධාන වශයෙන් ග්රාමීය හා අර්ධ නාගරික ප්රදේශ වල ගනුදෙනුකරුවන්ට සේවාවන් සැපයීමේ අරමුණිනි. මේ වනවිට එම සමාගම රන් ණය සහ පුද්ගලික ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්රිරෝද රථ, කෘෂි රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං පහසුකම් ඇතුළු සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති අතර, ආයෝජකයන්ට සිය ආයෝජන සඳහා ආකර්ෂණීය ප්රතිලාභද පිරිනමයි.

ඡායාරූපය: මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, බණ්ඩාරගම ශාඛාව විවෘත කළ අවස්ථාවේ එම ශාඛාවේ කාර්ය මණ්ඩලය සමග
September, 12, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සේවා සමාගම් අතරින් එකක් වන මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස්, සිය නවතම ශාඛාව පසුගියදා හලාවත ප්රදේශයේදී විවෘත කළේ ය. නවීන පහසුකම් වලින් සමන්විත මෙම ශාඛාව අංක 22, ෂර්ලි කොරයා මාවත, හලාවත යන ස්ථානයේ පිහිටා තිබේ. මින් ඉදිරියට හලාවත ප්රදේශයේ ජනතාවට, මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පිරිනමන ස්ථාවර තැන්පතු, රන් ණය සහ ලීසිං ඇතුළු සියලුම සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
නව ශාඛාව විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සමාගමේ ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලය, විශේෂ ආරාධිතයන් සහ සමාගමේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසුවේ, සමාගම මේ වනවිට දිවයිනේ ආර්ථික වශයෙන් ඉහළ වැදගත්කමක් සහිත ප්රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බවයි. “හලාවත යනු වර්ණවත් ඉතිහාසයක් මෙන්ම ආකර්ෂණීය වෙරළ තීරයක්ද සහිත සුන්දර නගරයක්. මේ නිසාම එය බෙහෙවින් සංචාරක ආකර්ෂණය දිනූ නගරයක් බවටද පත්වී තිබෙනවා. එමෙන්ම කෘෂිකාර්මික සහ කාර්මික කටයුතු සම්බන්ධයෙන්ද හලාවත ප්රදේශය බෙහෙවින් ප්රසිද්ධයි. මේ නිසා හලාවත නගරය, ප්රදේශවාසීන්ටත් සංචාරකයන්ටත් ආර්ථික හා සමාජයීය වශයෙන් අතිශයින් වැදගත් නගරයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙවැනි නගරයක අපගේ ශාඛාවක් පිහිටුවීම මගින් අපගේ දීපව්යාප්ත ශාඛා ජාලය තවදුරටත් ශක්තිමත් වන බව අපගේ විශ්වාසයයි. එමෙන්ම මෙමගින් ප්රදේශවාසීන්ට ඵලදායී ආර්ථික කටයුතු වල නියැළීමට සවිමත් අත්වැලක්ද හිමි වනවා.” දුමින්ද වීරසේකර මහතා වැඩිදුරටත් පැවසී ය.
මීට ඉහත වයඹ පළාතේ තවත් ආර්ථික වශයෙන් වැදගත් නගර දෙකක් වන කුරුණෑගල සහ කුලියාපිටිය යන නගරයන්හිද මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛා විවෘත කරන ලදි. හලාවත ශාඛාව, එම පළාත තුළ විවෘත කරන ලද තුන්වැනි මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛාව වන අතර, එය මෙම ප්රදේශයේ සැලකිය යුතු පිරිසකට නව රැකියා අවස්ථාවන්ද උදාකර දෙනු ඇත. ශ්රී ලංකාවේ මූල්ය සේවා ක්ෂේත්රය තුළ විශිෂ්ටතම සේවායෝජකයෙකු ලෙස පිළිගැනීමට ලක් වී ඇති මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම අඛණ්ඩව වසර තුනක් Great Place to Work™ ඇගයීමද හිමිකරගෙන තිබේ.
ඉන්දියාවේ මහින්ද්රා ඇන්ඩ් මහින්ද්රා ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම (Mahindra and Mahindra Financial Services Limited, India) අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය ලබාගැනීමත් සමග මේ ආකාරයට සමාගමේ ශාඛා ජාලය දිවයින පුරා පුළුල් කිරීමේ වේගවත් වැඩසටහන ආරම්භ වී තිබේ. පසුගිය වසරේ සිදු වූ මෙම හිමිකාරීත්ව වෙනසින් පසු, ශ්රී ලංකාවේ මූල්ය සේවා ක්ෂේත්රය ජයගැනීමේ අරමුණින් අයිඩියල් ෆිනෑන්ස් සමාගම ‘මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ්’ ලෙස නම්කරන ලදි. මහින්ද්රා සමාගම අයිඩියල් ෆිනෑන්ස් හි ආයෝජනය කිරීමෙන් අනතුරුව ෆිච් රේටිංස් විසින් මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ණය ශ්රේණිය ‘AA – (lka) with a stable outlook’ ලෙස උසස් කරන ලදි.
Mahindra and Mahindra Financial Services Limited හි අනුබද්ධ සමාගමක් වන Mahindra IDEAL Finance Limited, ශ්රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මූල්ය ආයතනයක් සහ බලපත්රලාභී මූල්ය ආයතනයක් වේ. 2012 වසරේදී එය ආරම්භ වූයේ ප්රධාන වශයෙන් ග්රාමීය හා අර්ධ නාගරික ප්රදේශ වල ගනුදෙනුකරුවන්ට සේවාවන් සැපයීමේ අරමුණිනි. මේ වනවිට එම සමාගම රන් ණය සහ පුද්ගලික ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්රිරෝද රථ, කෘෂි රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං පහසුකම් ඇතුළු සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති අතර, ආයෝජකයන්ට සිය ආයෝජන සඳහා ආකර්ෂණීය ප්රතිලාභද පිරිනමයි.

ඡායාරූපය: අලුතින් විවෘත කරන ලද මහින්ද්රා අයිඩියල් ෆිනෑන්ස් හලාවත ශාඛාවේ කාර්ය මණ්ඩලය, එම සමාගමේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් පිරිසක් සමග
Video Story