January, 6, 2023
Bodyline ආයතනයේ නිෂ්පාදන අංශය, Intimate Fashions India වැඩසටහන දියත් කිරීමට සහාය දක්වයි
ප‍්‍රමුඛ ඇඟලූම් නිෂ්පාදකයෙකු වන MAS Holdings මීට වසර 15 කට පෙර දියත් කරන ලද Eco Go Beyond වැඩසටහන පළමු වරට ශ‍්‍රී ලංකාවෙන් ඔබ්බට ගමන් කර ඇත. ඒ අනුව MAS Eco Go Beyond තිරසාර සංවර්ධන අධ්‍යාපන වැඩසටහන ඉන්දියාව දක්වා ව්‍යාප්ත කරන ලදී.
Eco Go Beyond වැඩසටහන කායරඹේඩු රජයේ උසස් පාසලේ සහ නන්දිවරම් රජයේ පිරිමි පාසලේදී දියත් කරන ලද අතර MAS හි ව්‍යාපාරික අංශය වන Bodyline ආයතනයේ නිෂ්පාදන අංශයක් වන Intimate Fashions India (Pvt) Ltd, සමඟ එක්ව මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කරන ලදී. එහිදී සම්මානලාභී චිත‍්‍රපට නිෂ්පාදක සහ අධ්‍යාපනඥ රාම්නාත් චන්ද්‍රශේකාර් සමඟ එක්ව දැනුම හුවමාරු කර ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබුණ අතර තිරසාරත්වය පිළිබඳ ප‍්‍රායෝගික අත්දැකීම් තුළින් දැනුම ලබා ගැනීමට හැකි විය.
”MAS හි අපගේ වැඩපොළවල් වටා සිටින ප‍්‍රජාවන් අපගේ ව්‍යාපාරයේ ශක්තිය බව අපි විශ්වාස කරන හෙයින් ඔවුන් අපට ලබාදෙන ශක්තියට සමගාමීවම අපි ඔවුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ද කටයුතු කරනවා. මීට වසර 15 කට පෙර තිරසර සංවර්ධන අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගත් අපි සමාජය තුළ ඵලදායී වෙනසක් ඇති කිරීමේ අරමුණ සහිතව Eco Go Beyond වැඩසටහන දියත් කළා. මෙම වැඩසටහන ඉන්දියාව දක්වා ව්‍යාප්ත කිරීමට හැකිවීම ගැන අපි සතුටට පත්වන අතර අප කෙරෙහි විශ්වාසය තබමින් අප සමඟ අත්වැල් බැඳගත් ගුරුභවතුන් හට අපි කෘතඥ වෙනවා.” යනුවෙන් MAS Holdings හි සමාජ තිරසාරත්වයේ ප‍්‍රධානී අමන්ති පෙරේරා මහත්මිය පැවසුවාය.
අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව වසර 15ක් ශ‍්‍රී ලංකාවේ පුරා ක‍්‍රියාත්මක වන පරිදි Eco Go Beyond වැඩසටහන පාසල් 120කට අධික සංඛ්‍යාවක සක‍්‍රීය කර ඇත. වැඩසටහන සංවේදීකරණය, සක‍්‍රීය කිරීම සහ ප‍්‍රතිලාභ ලැබීම යන අදියර තුනක් හරහා තිරසර සංකල්ප ඉස්මතු කරයි. පවතින ක‍්‍රමවේද වෙනස් කිරීමේදී අධ්‍යාපන ක‍්‍රමය තුළින් සිදුකළ හැකි බලපෑම ඉමහත්ය. අධ්‍යයනය සඳහාම වෙන් කරන ලද කාලයකදී සම්පත් සහ ගුරුවරුන් සමඟ වඩාත් ඵලදායී බලපෑමක් සිදුකල හැකි ස්ථාන වශයෙන් පාසල් හඳුනාගත හැකිය.
කායරම්බේඩු රජයේ උසස් පාසලේ සහ නන්දිවරම් රජයේ පිරිමි පාසලේ දී මෙම වැඩසටහන දියත් කිරීම සඳහා සිසුන්, අධ්‍යාපනඥයින්, ආරාධිත කථිකයන්, ප‍්‍රජා නායකයින් මෙන්ම MAS, Bodyline, සහ Intimate Fashions India හි නියෝජිතයින් ද සහභාගී විය.
MAS විසින් දිරිමත් ප‍්‍රජාවන් නිර්මාණය කිරීම සඳහා වන MAS “Plan for change” තිරසර සැලසුමේ කොටසක් ලෙස, MAS සමාගම ක‍්‍රියාත්මක වන අනෙකුත් ප‍්‍රජාවන් වෙතට පිවිසෙමින් ඉදිරි වසර කිහිපය තුළ Eco Go Beyond වැඩසටහනේ ව්‍යාප්තිය අඛණ්ඩව කරගෙන යාමට බලාපොරොත්තු වේ.
දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS සමූහය ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 118,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 16 ක් පුරා විලාසිතා සඳහා ප‍්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරනු ලබයි. නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලීම් සපුරාලමින් MAS හි සන්නාම, තාක්ෂණය, FemTech, start-ups සහ ලොව පුරා ඇඟලූම් උද්‍යාන ආදිය වේගවත්ව පුළුල් වී ඇත.
වසර 35 ක ඉතිහාසයක් හිමි MAS එහි සදාචාරාත්මක සහ තිරසාර සේවා, පරිසර සහ සමාජ සංවර්ධනය වැඩසටහන් මෙන්ම කාන්තා සවිබල ගැන්වීම වෙනුවෙන් ගෝලීය පිළිගැනීමක් හිමිව ඇත. MAS සමාගම 2022 දී Fast Company’s World Changing සඳහා අවසන් තරඟකරුවෙකු ලෙස තේරී පත් වූ අතර Reuters Responsible Business සම්මාන හි දී ඉහළ පැසසුමට ලක්විය.
නිෂ්පාදන විශිෂ්ටත්වය සහ නිර්මාණශීලිත්වය මෙන්ම නව්‍ය නිෂ්පාදන සහ සැලසුම් ප‍්‍රදර්ශනය කරමින් ඇඟලූම් කර්මාන්ත ප‍්‍රමුඛයෙකු ලෙස MAS සිය නාමය ලොව පුරා බබළවයි. අද වන විට MAS නිෂ්පාදන, ජීවිත සහ මිහිතලය යන අංශ තුන යටතේ තිරසාර වෙනසක් ඇති කිරීම උදෙසා කැපවී සිටියි. මෙම මුලපිරීම් හරහා MAS හි අරමුණ වන්නේ සියලූම සේවා නියුක්තිකයින්, සිහිනයන් බලගන්වමින් ජීවන වියමන සාරවත් කරන වෙනස්කරුවන් බවට පත්කිරීමට දිරිගැන්වීමයි.

October, 1, 2022
දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings මේ වසරේ ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ (ICC) පිරිමි T-20 ලෝක කුසලානයේ දී ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම විසින් යොදා ගන්නා නිල ක‍්‍රිකට් ජර්සිය හදුන්වා දුන්නේය. 2022 සැප්තැම්බර් 30 වන දින ජර්සි නිර්මාණය කර නිෂ්පාදනය කරන කටුනායක MAS Active Nirmaana හි පැවති උත්සවයකදී MAS Holdings හි සභාපති මහේෂ් අමලියන් සහ MAS Active හි ප‍්‍රධාන විධායක නිලධාරී චෙලාන් ගුණතිලක යන මහත්වරුන් විසින් ශ‍්‍රී ලංකා T-20 ලෝක කුසලාන නායක දසුන් ශානක සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා වෙත ජර්සිය භාර දෙන ලදී.
2005 වසරේ සිට MAS විසින් SLC සමඟ විශ්වාසනීය සබඳතාවක් ගොඩනඟා ගනිමින් ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ දක්ෂතාව ඉහළ නැංවීම සඳහා සුවපහසුව සහ ක‍්‍රියාශීලිත්වය වැඩිදියුණු වන අන්දමින් ජාත්‍යන්තර මට්ටමේ කී‍්‍රඩා ඇඟලූම් සැලසුම්කර නිෂ්පාදනය කරයි. MAS විසින් 2005-2008 දී ජාතික ජර්සි සඳහා ඉහළ කාර්යසාධනයක් සහිත කෘතිම රෙදි, 2012 දී සැහැල්ලූ ක‍්‍රීඩා නිශ්පාදනය සහ sublimation මුද්‍රණය සහ 2014 දී දහඩිය දැමීම අවම කරන දැල් රෙදි සහ සිදුරු සහිත ලේසර් ඇතුළු නව නිෂ්පාදන තාක්ෂණයන් හඳුන්වා දී ඇත. 2014 වසරේ සිට MAS ලද අත්දැකීම් තුළින් ජර්සියේ භාහිර පෙනුම වැඩිදියුණු කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇති අතර ඒ තුළින් ඇඳුමට වැඩි ආකර්ෂණීය බවක් ගෙන දෙයි. 2022 ආසියානු කුසලානයේ දී කණ්ඩායම ශූරයන් බවට පත් වූ අභිමානය පිළිඹිබු වන අන්දමින් සහ කණ්ඩායමේ සිංහාභිමානය සංකේතවත් කරමින් මෙම ජර්සිය නිර්මාණය කර ඇත.
2022 ICC T-20 ලෝක කුසලානයට පෙර ක‍්‍රීඩකයන්ගේ අදහස වූයේ දහඩිය දැමීම හේතුවෙන් ශරීරයට ඇලෙන ඇඳුම් සමඟ ක‍්‍රීඩා කිරීම දුෂ්කර බවයි. ඔක්තෝම්බර් මාසයේදී ඉහළ ආර්ද්‍රතා මට්ටමක් ඇති ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩාංගණවල පාරිසරික තත්වයන් තක්සේරු කර කාලගුණ රටා, උෂ්ණත්වය සහ මිනිස් සිරුරේ දහඩිය ග‍්‍රන්ථි පිළිබඳ පර්යේෂණ කිරීමෙන් පසු මෙම නවතම ජර්සිය MAS Active කණ්ඩායම විසින් නිර්මාණය කරන ලදී. MAS Active විසින් ක‍්‍රීඩකයාගේ නැවුම් බව සහ සුවපහසුව සඳහා දහඩිය වේගයෙන් වාෂ්ප කිරීමට හැකි රෙදි නිපදවන ලද අතර මෙය දැනට පවතින wicking සහ තෙතමනය කළමනාකරණ තාක්ෂණයට අමතරව සුවපහසු බව පවත්වා ගැනීම සඳහා සකස් කරන ලද සැහැල්ලූ, ඉහළ අවශෝෂක හැකියාව සහිත, ඇදෙන සුළු රෙදි භාවිතා කරමින් නිර්මාණය කර ඇත.
"ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ඉහළ කාර්ය සාධනයක් සහිත ක‍්‍රීඩා ඇඟලූම් සැපයීම MAS අපගේ අරමුණයි.” යනුවෙන් චෙලාන් ගුණතිලක මහතා පැවසුවේය.
"T20 ලෝක කුසලානය ශ‍්‍රී ලංකා මාතාව වෙත ගෙන ඒම සඳහා තරඟ කරන අපේ කී‍්‍රඩකයින් වෙනුවෙන් MAS හි ශිල්පීය හැකියාවන් සහ තාක්ෂණය තුළින් ජාත්‍යන්තර මට්ටමේ ඇඟලූම් නිර්මාණය කරනවා. එම ජර්සිය ඔවුන් වෙත එන්නේ සියලූම ශ‍්‍රී ලාංකිකයින්ගේ සුබ පැතුම් සහ බලාපොරොත්තු කැටි කරගෙනයි.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය.
MAS විසින් සාගර ප්ලාස්ටික් සහ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ අවශ්‍යතාවය වැනි වැදගත් කරුණු පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍යක් ලෙස වසර ගණනාවක් පුරාවට SLC ජර්සිය භාවිතා කර ඇත. 2019 සහ 2021 දී MAS විසින් ICC ලෝක කුසලාන ජර්සි නිෂ්පාදනය කළේ සාගර ප්ලාස්ටික් සහ දිවයින පුරාවෙන් එකතු කරන ලද ප‍්‍රතිචක‍්‍රීයකරණය කල ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතා කරමිනි. මෙම වසරේ ජර්සිය නිර්මාණය කර ඇත්තේ වනාන්තර විනාශ කිරීම, ග්ලැසියර දියවීම සහ පශු සම්පත වැනි විස්තරාත්මක අංග ඇතුළත් වන පරිදිය. ඊට අමතරව ශ‍්‍රී ලංකාව වැනි ූපත් සඳහා මුහුදු මට්ටම ඉහළ යාමේ බලපෑම, උෂ්ණත්වය ඉහළ යාම සහ ආන්තික කාලගුණික රටා වැනි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑම් පිළිබඳව ද එමඟින් ඉස්මතු කරයි.
ලොව පුරා සිටින බොහෝ ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ප‍්‍රමිතිගත කී‍්‍රඩා ඇඟලූම් සපයන MAS හි ඇඟලූම් තාක්ෂණය සහ නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය සහ සදාචාරාත්මක නිෂ්පාදන පිළිවෙත් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල වේ.
September, 26, 2022
වෙළෙඳ සේවා ආයතන තුළ ශ්‍රී ලංකාවේ ජාතික ක‍්‍රීඩාව වන වොලිබෝල් ක‍්‍රීඩාව ප‍්‍රවර්ධනය කරන අතරතුර දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික තලයට හඳුන්වාදීම අරමුණුකොට 2012 වසරේදී ආරම්භකරන ලද වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය දෙවසරක කෙටි නිහැඬියාවකින් පසු 2022 වසර වෙනුවෙන් පැවැත්වෙන බව වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබේ. පසුගිය කාලයේ පැවැති කොරෝනා වසංගතය නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංවිධානය කිරීමට නොහැකිවූ වෙළෙඳ සේවා වොලිබබෝල් තරගාවලිය මෙවර ශ්‍රී ලාංකිකයන් අසීරුතා රැුසකට මුහුණ දී සිටින මොහොතකදී වුවද සංවිධානය කරනු ලබන්නේ වෙළෙඳ සේවා සාමාජිකයන්ටත් වොලිබෝල් ක‍්‍රීඩා රසිකයන්ටත් යම් මානසික සහනයක් ලබාදීමේ අරමුණ ඇතිව බව වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය පවසයි.
2012 වසරේ කණ්ඩායම් 50 ක සහභාගීත්වයෙන් ඇරඹුණ වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය වසරෙන් වසර දියුණුවෙන් දියුණුවට පත්වූයේ ශ්‍රී ලාංකීය වොලිබෝල් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේද නව ප‍්‍රබෝධයක් ඇතිකරවමිනි. ජාතික වොලිබෝල් නීති රීති රෙගුලාසි වලට අනුකූලව, MAS ක‍්‍රීඩා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්දන බණ්ඩාර මහතාගේ නායකත්වයෙන් යුතු සුප‍්‍රකට දේශීය සමාගම් රැසක නියෝජිත කණ්ඩායමක සංවිධාන ශක්තියෙන් 2022 වසරේ වෙළෙඳ සේවා වොලිබෝල් ක‍්‍රීඩා තරගාවලිය සංවිධානය කෙරේ. 2022 වසරේ අගෝස්තු 31 වන දිනට පෙර වෙළෙඳ සේවා ආයතනයන්ගේ සේවා නියුක්තිකයන් මේ වසරේ පැවැත්වෙන වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගීවීමට සුදුසුකම් ලබයි.
මේ වසරේ වෙළෙඳ සේවා වොලිබෝල් මූලිකවටයේ තරග 2022 ඔක්තෝබර් මස 22 හා 23 දෙදින ගාල්ල වොලිබෝල් ක‍්‍රීඩා සංකීර්ණයේදී සංවිධානය කෙරේ. අවසන් වටයේ තරග නොවැම්බර් 19 හා 20 දෙදින මහරගම ජාතික තරුණ සේවා සභාවේ ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ප‍්‍රවීණ හා ආධුනික යන තරග කාණ්ඩ 2 යටතේ, දක්ෂතම ක‍්‍රීඩකයා හා ක‍්‍රීඩිකාව වෙත පිරිනැමෙන රු. 150,000 සහ රු. 100,000 ක මුදල් තෑගි ද තවත් මුදල් තෑගි 16 ක් ද ඇතුළුව රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුතු මුදල් තෑගි හා කුසලාන 30කට අධික සංඛ්‍යාවක් සමග 2022 වසරේ වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය සංවිධානය කෙරේ.
අදාල ත්‍යාග පහත ආකාරයෙන් පිරිනැමේ.

මෙම වසරේ තරගාවලියේ ප්ලැටිනම් අනුග‍්‍රාහකයා වශයෙන් මාස් (MAS) හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමත්, බ‍්‍රැන්ඩික්ස්, ලංකා ටයිල්ස් සහ එක්ස්පෝ ලංකා (EFI) යන සමාගම් රන් අනුග‍්‍රාහකයන් ලෙසත්, ශී‍්‍ර ලංකා ටෙලිකොම්, ඔමේගා ලයින්, ඕෂන් ලංකා, මැලිබන් බිස්කට් සහ ලින්ක් නැචුරල් ප‍්‍රඩට්ස් යන සමාගම් රිදි අනුග‍්‍රාහකයන් ලෙසත් කටයුතු කරයි.
එදා මෙදාතුර පැවැති වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතා තරගමාලාවන් නිසා ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමට තේරී පත්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැුසකි. සම්ප‍්‍රදායක ලෙස වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය විසින් වොලිබෝල් ජාතික ක‍්‍රීඩාවේ උන්නතිය උදෙසා වෙහෙසුණු දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගනිමින් ඔවුන් වෙත පහසුකම් සැලසීම මේ වසරේදීද ක‍්‍රියාත්මක කරනු ලබයි.
තරගාවලියේ කණ්ඩායම් ලියාපදිංචිය සඳහා අයදුම්පත් භාර ගැනීම 2022 වසරේ ඔක්තෝබර් මස 1 වැනිදාට පෙර සිදු කළ යුතු අතර වැඩි විස්තර 0710 682 682 (චන්දන) හෝ 0765 498 086 (තාරා) අංක වෙතින් හෝ www.mva.lk වෙත පිවිසීමෙන් හෝ mvasrilanka@gmail.com වෙත ඊමේල් පණිවුඩයක් යොමුකිරීමෙන් දැනගත හැකිය.
August, 5, 2022
Microsoft, T-Mobile, Adobe, PayPal සහ තවත් දැවැන්තයින් අතරට එක් වෙයි
සෑම මට්ටමකම නවෝත්පාදන දිරිගැන්වීම සඳහා නොසැලෙන අධිෂ්ඨානයක් හා කැපවීමක් පෙන්නුම් කරන සංවිධාන සහ ව්‍යාපාර ඇගයීමේ අරමුණින් Fast Company සිය සඟරාවේ සිව්වන වාර්ෂික නවෝත්පාදකයින් සඳහා විශිෂ්ටතම සේවා ස්ථාන 100 ලැයිස්තුව පසුගියදා ප‍්‍රකාශයට පත් කළ අතර එහිදී MAS හි නවෝත්පාදන අංශය වන Twinery සිය ජාත්‍යන්තර තලයේ නව්‍ය සේවා සංස්කෘතිය සහ සාමාජිකයින් උදෙසා එම ලැයිස්තුවේ 18 වන ස්ථානයට ශ්‍රේණිගත වීම විශේෂයෙන් කැපී පෙනිණි.
පරිගණක විද්‍යාව, ජෛව තාක්ෂණය, පාරිභෝගික ඇසුරුම් කළ භාණ්ඩ, ලාභ නොලබන, අධ්‍යාපනය, මූල්‍ය සේවා, සයිබර් ආරක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, විවිධත්වය, තිරසාරභාවය, B2B සහ පාරිභෝගික නිෂ්පාදන සහ සේවා ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර අතරින් Accenture සමඟ එක්ව තෝරා ගනු ලබන නවෝත්පාදකයින් සඳහා වන 2022 විශිෂ්ටතම සේවා ස්ථාන ලැයිස්තුව සඳහා ජයග‍්‍රාහකයින් ශ්‍රේණිගත කරනු ලබයි. Fast Company හි සංස්කාරකවරුන් සහ Accenture හි පර්යේෂකයන් අයදුම්පත් 1,500කට ආසන්න ප‍්‍රමාණයක් ලබා ගැනීමට එක්ව කටයුතු කළ අතර කීර්තිමත් විනිශ්චයකරුවන් අට දෙනෙකුගෙන් යුත් විනිසුරු මණ්ඩලයක් විසින් විශිෂ්ටතම සමාගම් 100 තෝරා ගන්නා ලදී. 2022 සම්මාන සඳහා ලොව පුරා ඇති විවිධ රැකියා ස්ථාන ඇගයීමට ලක් කරයි.
‘’Fast Company සඟරාව මගින් අපව ඇගයීමට ලක් වීම ගැන අපි සතුටු වෙනවා. මෙමගින් අපගේ කණ්ඩායමේ විශිෂ්ට හැකියාවන් ඉස්මතු වනවා පමණක් නොව, සහයෝගීතාවය සහ යටිතල පහසුකම් සවිබල ගැන්වීම තුළින් ඕනෑම තැනක පෙරළිකාර නවෝත්පාදනයන් සිදු විය හැකි බව ද අවධාරණය කරනවා.’’ යනුවෙන් මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Twinery හි ප‍්‍රධාන නවෝත්පාදන නිලධාරී රනිල් විතාරණ මහතා පැවසුවේය.
Twinery හි මානව සම්පත් කළමනාකරණ ප‍්‍රධානී දිනේලි ජයසේකර මහත්මිය පැවසුවේ, Fast Company සඟරාව වෙතින් අප පිළිගැනීමට ලක්වීම වෘත්තීය මට්ටමින් පමණක් නොව පුද්ගලිකව ද අප කටයුතු කරන ආකාරය සහ අපගේ දක්ෂතා වර්ධනය කරගැනීම සඳහා සුදුසු සේවා පරිසරයක් ඇති කිරීමට අප ගන්නා උත්සාහය හා කැපවීම අගය කිරීමක් ලෙස සඳහන් කළ හැකියි. ඉදිරියටත් අපගේ කටයුතු කරගෙන යාමට එය අපට ශක්තියක් වෙනවා.’’ යනුවෙනි.
”මෙම වසරේ නවෝත්පාදකයින් සඳහා වූ විශිෂ්ටතම සේවා ස්ථාන ලැයිස්තුව තෝරාපත්කර ගැනීමේදී නිර්මාණශීලී නවෝත්පාදනයන් සිදුකිරීම සඳහා ඉහළින්ම කැපවන ආයතන හඳුනාගත්තා.’’ යනුවෙන් Fast Company හි ප‍්‍රධාන කර්තෘ බ්‍රෙන්ඩන් වෝන් මහතා පැවසුවේය. ‘’සියලූ බාධාවන් හමුවේ නොසැලී මෙම ප‍්‍රමුඛ පෙළේ සමාගම් හා කණ්ඩායම් නවෝත්පාදනයන් අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
https://www.fastcompany.com/best-workplaces-for-innovators/list ඔස්සේ සම්පූර්ණ ලැයිස්තුව සඳහා යොමුවන්න.
Fast Company හි නවෝත්පාදකයින් සඳහා විශිෂ්ටතම සේවා ස්ථාන ලැයිස්තුව ඇතුලත් කලාපය (සැප්තැම්බර් 2022) දැන් අන්තර්ජාලය මගින් ලබා ගත හැකි අතර මුද්‍රිත කලාපය 2022 අගෝස්තු 16 වන දින සිට පුවත්පත් වල පල වීමට නියමිතය. #FCBestWorkplaces භාවිත කර නවෝත්පාදකයින් සඳහා විශිෂ්ටතම සේවා ස්ථාන වන සාකච්ඡුාව සමඟ සම්බන්ධ වීමට හැකියාව ඇත.
August, 1, 2022
MAS 2024 ඔලිම්පික් උළෙල සඳහා වන ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිල ඇඳුම් සහකරු ලෙස නම් වෙයි
MAS හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත සමාගමක් වන බොඩිලයින් ආයතනය 2022 වසරේ සිට 2024 පැරිස් ඔලිම්පික් උළෙල දක්වා ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ - SLAA නිල ඇඳුම් සහකරු ලෙස අත්වැල් බැඳගත්තේය. 2022 ජූලි 28 වන දින පැවති උත්සවයකදී, බොඩිලයින් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා මහතා විසින් MAS නිර්මාණය කරන ලද මෙම මලල ක‍්‍රීඩා ඇඳුම් කට්ට SLAA හි සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
ජාත්‍යන්තර ක‍්‍රීඩා ඇඟලූම් සන්නාම සඳහා උසස් තත්ත්වයේ ඇඟලූම් නිෂ්පාදන නිර්මාණය කරනු ලබන MAS යනු දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් නිෂ්පාදකයා වේ. මෙම හවුල්කාරීත්වය හරහා ශ‍්‍රී ලාංකික මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට 2024 පැරිස් ඔලිම්පික් උළෙල දක්වා ජාත්‍යන්තර ඉසව්වල පුහුණුවීම් කිරීමට සහ තරගවලදී දක්ෂතා දැක්වීමට සහාය වීම සඳහා MAS විසින් නවීනතම තාක්ෂණය භාවිත කරමින් නිර්මාණය කරන ලද මෙම ඇඳුම් කට්ටල ලබා දෙනු ඇත. මේ වසරේ ජුනි මසදී ඉන්දියාවේ සංචාරය කළ 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම MAS විසින් නිර්මාණය කරන ලද තරග සහ පුහුණු වීම් සඳහා වන ඇඳුම් කට්ටල හිමි වූ පළමු කණ්ඩායම විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් SLAA හි සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ‘’අපගේ තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තුළින් අප දකින දක්ෂතා සැබවින්ම පුදුමාකාරයි. නමුත් ඔවුන් ඒ සඳහා පැමිණි ගමන් මග එතරම් පහසු එකක් නොවේ. අපගේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඔවුන්ගේ පුහුණු වීම්වලින් පිටතදී බොහෝ අසීරුතාවන්ට මුහුණ දුන් අතර මෙහි පැමිණීමට ඔවුන් ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කළා.’’ යනුවෙනි.
”මෙරට ග‍්‍රාමීය ප‍්‍රදේශවලින් අඩු වරප‍්‍රසාද සහිත සහ දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග බිමට පැමිණෙන විට ඔවුන්ට මෙම සහයෝගය විශාල ශක්තියක් වෙනවා. MAS හෝල්ඩින්ග්ස් විසින් ගන්නා ලද මෙම දැවැන්ත පියවර ශ‍්‍රී ලංකාවේ සෑම මලල ක‍්‍රීඩා ලෝලියෙක් වෙනුවෙන්ම මා ඉතා අගය කොට සලකනවා. අපේ මාතෘභූමියට අභිමානයක් ගෙන ඒමට ජාත්‍යන්තර තලයට යන ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙමගින් මනා පන්නනරයක් ලැබෙනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
‘‘MAS අප සැමවිටම නිර්මාණාත්මක වෙනසක් ඇති කිරීමට කටයුතු කරන ආයතනයක්’’ යනුවෙන් බොඩිලයින් හි අධ්‍යක්ෂ-අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන, දිල්ෂාන් මොහොමඞ් මහතා පැවසුවේය. තෙතමනය ඉක්මනින් ඉවත් කිරීමේ හැකියාව සහ වැඩි සුව පහසු හා මෘදුබවක් සහිත ඉතා සුවපහසු රෙදි වර්ගයක් භාවිතා කර නිර්මාණය කළ ඇඳුම් සමඟින් ඔවුන්ගේ ක‍්‍රීඩා කෞශල්‍ය තව තවත් ඉහළ නැංවීමට ඔවුන්ට උපකාර කිරීමෙන් ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය සඳහා වෙනසක් ඇති කිරීමට මෙවර අපට අවශ්‍ය වුනා.’’
”අප අපගේ කණ්ඩායම්වලට ඔවුන් තරගවලට සහභාගී වීමේදී සහ පුහුණු වීම් කිරීමේදී ඇඳුම් කට්ටල ලබා දීම ගැන පමණක් නොව, SLAA හි නිල ඇඳුම් සහකරු ලෙස අනුග‍්‍රාහකත්වය ලබා දීමට හැකි වීම ගැන ද සතුටු වෙනවා. තවද අපගේ ජාතික මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ගැලපෙන පරිදි ඔවුන්ගේ අදහස් ලබා ගනිමින් ඔවුන් සමඟ එක්ව සහයෝගයෙන් මෙම ඇඳුම් නිර්මාණය කරමින් වඩාත් උසස් තත්වයේ ඇඟලූම් නිෂ්පාදනය කිරීමට දායකත්වය ලබා දීමට හැකි වීම ගැන අප ඉතා සතුටු වනවා.’’ යනුවෙන් බොඩිලයින් ප‍්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා මහතා පැවසුවේය.
ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සභාපති පාලිත ප‍්‍රනාන්දු සහ බොඩිලයින් හි ප‍්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා යන මහත්වරුන් විසින් MAS සහ SLA අතර ඇති කරගත් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.
දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS සමූහය ඇඟලූම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 115,000 කට අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 15 ක් පුරා විලාසිතා සඳහා ප‍්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම නිෂ්පාදන සිදු කරනු ලබයි. නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලීම් සපුරාලමින් MAS හි සන්නාම, තාක්ෂණය, FemTech, start-ups සහ ලොව පුරා ඇගළුම් උද්‍යාන ආදිය වේගවත්ව පුළුල් වී ඇත.
Video Story