October, 4, 2022
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි දීවා පවර් ඇතුළු වෙල්වට්, පැරිස්, කුමාරික සහ විව්‍යා යන අනෙකුත් රූපලාවන්‍ය සන්නාම එකතුව යාපනය - නල්ලූර් උත්සවයට පැමිණි පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී මුලපිරීමක් පසුගිය මස දියත් කරන ලදි. දිගු කාලයකට පසු නැවත තම පාරිභෝගිකයන් සමඟ ඉතා සමීපව කටයුතු කිරීමේ අවස්ථාව මෙහි දී ලැබිණි. විවිධ වැඩසටහන් සහ දිනුම් ඇදීමේ තරඟ පැවැත්වෙන කුටියන්ගෙන් සමන්විත වූ මෙම වැඩසටහන මඟින් ආකර්ෂණීය ත්‍යාග ලබා දුන් අතර සහ සුපිරි ත්‍යාගය වශයෙන් රෙදි සෝදන යන්ත්‍රයක් දිනා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට සැලසිණි. මීට අමතරව, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මීළඟ දීවා පවර් මිලදී ගැනීමේ දී ලබා ගත හැකි වට්ටම් කූපන් පත් ද ලැබිණි. මීට සමගාමීව, තෝරා ගත් SMMT අලෙවි සැල්වල මේ හා සමාන වැඩසටහන් දීවා පවර් වෙතින් දියත් කරන ලදි.
දීවා පවර් Colour Guard සහ Germ Guard යන උසස් ප්‍රභේදයන්ගෙන් වෙළදපලට නිකුත් කර ඇත. Colour Guard ඇඳුම්වල වර්ණ රැක ගැනීමට සහය වෙන අතර Germ Guardවල අඩංගු කොහොඹ සහ දෙහි ඇඳුම්වල ඇති විසබීජවලට එරෙහිව සටන් කරයි. මෙම ප්‍රභේද සුපිරි පිරිසිදු කිරීමක් සිදු කරන අතර එය රෙදි සෝදන යන්ත්‍රවල භාවිතයට ද වඩාත් සුදුසුය. මෙම නිෂ්පාදන ද්විත්වයම දියර සහ රෙදි සේදුම් කුඩු යන ප්‍රබේදයන්ගෙන් ලබා ගත හැකිය.
දීවා පවර් නිෂ්පාදන පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සහ සන්නාමය සමඟ පාරිභෝගිකයන්ට එක් වී කටයුතු කිරීමට මුලපිරීමක් වශයෙන් මෙය දියත් කරන ලදී. දිවා පවර් පාරිභෝගිකයන් සමග සමීපව එක් වී මෙවැනි වැඩසටන් සදහා ඉදිරියටත් මුල පුරනු ඇත.
August, 25, 2022
ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, ආර්ථික වශයෙන් අභියෝගාත්මක මෙම කාලය තුළ මහජනතාවයට සහයක් වීමේ මානුෂීය ක්‍රියාදාමය අඛණ්ඩ සිදුකරමින් සිය ප්‍රජා ආධාර වැඩසටහන් අතරින් එකක් වන, යාපනයේ නල්ලූර් උත්සවයට පැමිණි බැතිමතුන්ට ආහාර පිරිනැමීමේ අන්නදාන වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස ආරම්භ කරන ලදී.
උතුරු ප්‍රදේශයේ පවත්වන විශාලතම හින්දු කෝවිල් උත්සවය ලෙස යාපනයේ පවත්වන නල්ලූර් උත්සවය හැඳින්විය හැකි අතර එයට සහභාගී වන අයට ආහාර පිරිනැමීම මෙම උත්සවයේ පූජනීය සම්ප්‍රදායක් වේ.
රටෙහි පවතින ඉහළ උද්ධමනය නිසා ආහාරපාන වන මිලගණන් 80% ට වඩා වැඩි වීමත් සමඟ රටවැසියන්ට පෝෂ්‍යදායී ආහාර ගැනීම වඩාත් දුෂ්කර වී ඇත. එබැවින් හච් සිය ප්‍රජා සහ සමාජ ආධාර ප්‍රයත්න වලින් එකක් ලෙස මෙලෙස ආහාර ලබා දීමට මූලිකත්වය ගෙන ඇති අතර අගෝස්තු 5 සිට අගෝස්තු 25 දක්වා දින 20 ක කාලයක් තුළ 10,000 කට අධික බැතිමතුන් පිරිසකට හච් අන්නදානය නල්ලූර් මයිලූරන් අරංගම් හිදී ලබාගත හැක.
මේ වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ මෙවැන්නකි. “මෙම නල්ලූර් උත්සවයේදී, සාමාන්‍ය වාණිජ මෙහෙයුම් කටයුතු සිදුකිරීම පසෙකලා උතුරු කලාපයේ ජනතාවට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම සඳහා මෙම මුදල් වෙන් කිරීමට හච් තීරණය කළා.”
හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතාගේ පවුලේ මුතුන් මිත්තන් යාපනයේ උතුරු ප්‍රදේශයෙන් ජීවත්වූ අතර ඔහු එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලබා ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ඇතුළු එක්සත් රාජධානියේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල තුනකින් උපාධි තුනක් ලබා ඇත. තවද ඔහු හචිසන් ටෙලිකොම් හි හොංකොං මූලස්ථානයේ පසුගිය වසර 25 පුරා ආසියාවේ විවිධ මෙහෙයුම් සඳහා සේවය කරන ලදී.
HUTCH Sri Lanka, CK Hutchison Holdings Limited හි අනුබද්ධ සමාගමක් වන අතර, Global Fortune 500 සමාගම සමග එක්ව ‘3’ හෝ Three සන්නාමය යටතේ ද ගෝලීය ටෙලිකොම් මෙහෙයුම් සිදු කරයි.
Video Story