• Ada Derana BIZ Sinhala
  • HNB
  • Oba Venuwen Api
  • pregnant mothers
  • sri lanka

HNB ගැබිණි මව්වරුන් සඳහා ‘ඔබ වෙනුවෙන් අපි’ පෝෂණ වැඩසටහන දියත් කෙරේ

October, 5, 2022

කුඩා දරුවන් අතර බහුලව දක්නට ඇති පෝෂණ ඌණතාවයක් වන මන්දපෝෂණයට එරෙහිව සටන් කරමින්, ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගිකයා කේන්ද්‍රකොට ගත් බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ප‍්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස අත්‍යවශ්‍ය පෝෂණ වැඩසටහනක් පසුගියදා දියත් කළේය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දී මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගෙන පීඩාවට පත් ප‍්‍රජාවන් අතර සිටින ගැබිනි මව්වරුන්ට සහාය වීම මෙම කාලෝචිත මැදිහත් වීමේ අරමුණයි. දිවයින පුරා පිහිටි තෝරාගත් පාරිභෝගික ඒකක 56ක් වෙත ගැබිනි මව්වරුන් දහසක් කැඳවා බැංකුව මෙම වැඩසටහන උත්සවාකාරයෙන් දියත් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී, CHRO/CTO, එල්. චිරන්ති කුරේ මහත්මිය පැවසුවේ ”ඔබ වෙනුවෙන් අපි අරමුදල අප පිහිටුවනු ලැබුවේ කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලාංකිකයන්ට උපකාර කිරීම සඳහායි. මෙම අරමුදල සහ එහි අරමුණු වසර පුරාවට සෑම තරාතිරකම පුද්ගලයින් සමඟ කටයුතු කිරීමට සහ ඔවන්ට හැකි සෑම විටම සහයෝගය ලබා දීම සඳහා ක‍්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා. එනිසා විශේෂයෙන්ම දකුණු ආසියාවේ වයස අවුරුදු 5 ට අඩු ළමුන් අතර ඇති උග‍්‍ර මන්දපෝෂණ තත්වයෙන් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවයි. මේ නිසා ගැබිණි මව්වරුන් වෙනුවෙන් මේ අවස්ථාවේදී කටයුතු කිරීම ඉතා වැදගත් බව අපි විශ්වාස කරනවා. මෙම මුලපිරීම මගින් සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහිවනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා,” යනුවෙනි.

සැප්තැම්බර් මාසයේ සිට අඛණ්ඩව මාස තුනක් සඳහා පෝෂණ මල්ලක් ලබා දිය යුතු ගැබිණි මව්වරුන් 1,000ක් තෝරා ගැනීමට බැංකුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල (MOH), ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සමඟ සුහදව කටයුතු කළේය.

තවද, සෞඛ්‍ය වෘත්තිකයන් සමඟ එක්ව ගර්භණී කාලයේදී කටයුතු කළ යුතු ආකාරය මෙන්ම අලූත උපන් බිළිඳෙකුගේ අවශ්‍යතාවන් පිළිබඳව සහභාගීවූවන් දැනුවත් කිරීම සඳහා සම්මන්ත‍්‍රණ ද සංවිධානය කර තිබුණි. එමෙන්ම අලූත උපන් තම දරුවා වෙනුවෙන් බැංකුව විසින් ලබාදෙන රුපියල් 1,000 ක තැන්පතුවක් සමඟ HNB සිඟිති කිරිකැටියෝ ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමට ද බැංකුව මෙහිදී ගැබිනි මව්වරුන් දිරිමත් කළේය.

මෑතකදී බැංකුව රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඔබ වෙනුවෙන් අපි වැඩසටහන හරහා අලූත උපන් බිළිඳුන් සහ ගැබිනි මවුවරුන්ට අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීමෙන් සහාය දැක්වූයේය.

HNB හි තිරසාර පදනම මගින් මෙහෙයවනු ලබන ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහනට අරමුදල් සපයනු ලබන්නේ පසුගිය වසරේ වසංගතය ආරම්භයේදී සිය දිනක වැටුප ස්වේච්ඡාවෙන් ලබාදුන් HNB සේවකයින් විසිනි. මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ මුදල හා සමාන මුදලක් බැංකුවද පරිත්‍යාග කළ අතර එතැන් පටන් සෞඛ්‍ය සේවා නගා සිටුවීම අරමුණු කරගත් විවිධ ව්‍යාපෘති සඳහා එම අරමුදල් වෙන් කෙරිනි.

 

Image 01 - HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී, CHRO/CTO, එල්. චිරන්ති කුරේ මහත්මිය නිට්ටඹුවේ ගැබිනි මවකට පෝෂණ මල්ලක් ප‍්‍රදානය කරමින්.

Image 02 - HNB පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම මහතා බණ්ඩාරගම ගැබිනි මවකට පෝෂණ මල්ලක් ප‍්‍රදානය කරමින්.

Image 03 - මොණරාගල ගැබිණි මව්වරුන්ට පෝෂණ මලූ බෙදා දෙමින්

Image 04 - නුවරඑළිය ගැබිණි මව්වරුන්ට පෝෂණ මලූ බෙදා දෙමින්

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • Oba Venuwen Api
  • sri lanaka

HNB ඔබ වෙනුවෙන් අපි වැඩසටහන හරහා රෝහල් වලට අත්‍යාවශ්‍ය ඖෂධ

June, 27, 2022

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙම අර්බුද අවස්ථාවේ දී රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට සහාය දක්වමින් ඔබ වෙනුවෙන් අපි වැඩසටහන හරහා අලූත උපන් බිළිඳුන් සහ ගැබිනි මවුවරුන්ට පසුගියදා අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කළේය.

අද වන විට දිවයින පුරා පවතින ඖෂධ හිඟය සැලකිල්ලට ගනිමින් කොරෝනා වසංගතය ආරම්භයෙන් පසුව බැංකුවේ සේවකයින් සිය දිනක වැටුප ස්වේච්ඡාවෙන් ලබා දෙමින් පිහිටු වනු ලැබූ මෙම ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන අඛණ්ඩව ක‍්‍රියාත්මක කරමින් HNB ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගය සිදු කරයි. HNB සහකාර සාමාන්‍යාධිකාරී - උපායමාර්ග ප‍්‍රියංකා විජේරත්න මහත්මිය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුසිත සේනාපති මහතා වෙත මෙම ඖෂධ තොග ලබා දුන් අතර HNB නීති අංශයේ ප‍්‍රධානී ශිරෝමි හලොළුව මහත්මිය විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා සාගරී කිරිවන්දෙනිය මහත්මිය වෙත ඖෂධ තොග ලබා දෙන ලදී.

”රටේ දැනට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අපගේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය දැඩි ලෙස පීඩාවට පත්වෙලා තියෙනවා. තවමත් වසංගතය නිසා ඇති වූ දුෂ්කරතාවලින් රෝහල් සම්පූර්ණයෙන් යථා තත්වයට පත් වී නෑ. ඒ නිසා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ ඖෂධ ලබාදීම සඳහා පියවර ගැනීමට කාලය එළඹ ඇති බව අපි විශ්වාස කරනවා. අපගේ අරමුදල්වල පළමු කොටස අනාගත පරපුර වන දරුවන්ට ඖෂධ ලබාදීම සඳහා වෙන් කර තිබෙන අතර සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අනෙකුත් අංශ සඳහා ද සහය ලබා දීමට අප නුදුරේදීම කටයුතු කරනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී CHRO/Chief Transformation Officer, චිරන්ති කුරේ මහත්මිය පැවසුවාය.

HNB හි තිරසාර පදනම මගින් මෙහෙයවනු ලබන ඔබ වෙනුවෙන් අපි වැඩසටහනට අරමුදල් සපයනු ලබන්නේ පසුගිය වසරේ වසංගතය ආරම්භයේදී සිය දිනක වැටුප ස්වේච්ඡුාවෙන් ලබාදුන් HNB සේවකයින් විසිනි. මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ මුදල හා සමාන මුදලක් බැංකුවද පරිත්‍යාග කළ අතර එතැන් පටන් සෞඛ්‍ය සේවා නගා සිටුවීම අරමුණු කරගත් විවිධ ව්‍යාපෘති සඳහා එම අරමුදල් වෙන් කෙරිනි.

HNB ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මගින් රිජ්වේ ආර්යා රෝහලට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත කඩිනමින් අවශ්‍ය ඖෂධ ලබා දී ඇති අතර මෙම දායකත්වය හරහා පුත්තලම මූලික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන රෝහල් ද ප‍්‍රතිලාභ ලබනු ඇත.

මෙම ව්‍යාපෘතිය හරහා කොවිඞ් වසංගතයේ උච්චතම අවස්ථාවේ දී HNB විසින් දිවයිනේ ප‍්‍රාදේශීය රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල (MOH) වෙත අත්‍යාවශ්‍ය පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) කට්ටල ලබා දීමට කටයුතු කළේය.

විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් අපි වැඩසටහන යටතේ HNB තිරසාර පදනම සමඟින් පසුගිය වසරේදී මෙරට සිටින ක්ෂුද්‍ර ව්‍යවසායකයින් නැවත නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 20 ක් ප‍්‍රදානයක් ද ලබා දුන්නේය.

HNB නීති අංශයේ ප‍්‍රධානී, ශිරෝමි හලොළුව, මහත්මිය විසින් ප‍්‍රධාන ඖෂධවේදිනී ශිරානි ඞී. අමරසිංහ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා සාගරී කිරිවන්දෙනිය යන මහත්මීන් වෙත ඖෂධ ලබා දෙමින්. (වමේ සිට) HNB විධායක - තිරසාර ව්‍යාපාර, ශනෙල් පෙරේරා සහ HNB සේවා ප‍්‍රධානී, රොෂාන් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද ඡායාරූපයේ වෙයි.

 

ඡායාරූප  : HNB සහකාර සාමාන්‍යාධිකාරී - උපායමාර්ග, ප‍්‍රියංකා විජේරත්න මහත්මිය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුසිත සේනාපති මහතා වෙත ඖෂධ පරිත්‍යාග කරමින්. (වමේ සිට) HNB විධායක - තිරසාර ව්‍යාපාර, ශනෙල් පෙරේරා සහ ්‍යභඊ විකුණුම් ප‍්‍රධානී, උපුල් අධිකාරි යන මහත්වරුන් ද ඡායාරූපයේ වෙයි.