• Ada Derana BIZ Sinhala
  • Palawatta
  • sri lanka

පැල්වත්ත  බටර් පවුලට තවත් සාමාජිකයින් කිහිපදෙනෙක්

October, 31, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් සිය පාරිභෝගිකයින් සඳහා නවතම මිරිස් රසැති  බටර් වර්ගයක් හඳුන්වා දීමට නියමිත අතර මිරිස් රසැති බටර් වර්ගයක්  ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලබන ප්‍රථම අවස්ථාව මෙය ලෙස දැක්විය හැකිය. මෙම නවතම මිරිස් රසැති බටර්  වර්ගය  පාරිභෝගිකයින්ගේ  ආහාර රුචිය වර්ධනය කර සෞඛ්‍යය නංවාලීමට උපකාරී වේ. මෙය ශ්‍රී ලාංකීය ගොවීන්ගෙන් ලබාගන්නා එළකිරි සහ ආහාරයට ගත හැකි ලුණු, බැදපු ස්වාභාවික මිරිස් කුඩු සහ මිරිස් කැබලි යොදා ගනිමින් නිෂ්පාදනය කොට වෙළඳපලට පැමිණෙයි. එය පාරිභෝගිකයින්ට ග්‍රෑම් 200 ක බටර් ඇසුරුමක් ලෙස ලබා ගත හැකිය.

සැර රසට සහ ලුණු රසට කැමති පාරිභෝගිකයින් සඳහා වෙළඳපල පර්යේෂණ මත පදනම්ව නිපදවා ඇති මෙම බටර් වර්ගය මගින්, ඔවුන්ගේ  ආහාර වේලෙහි අලුත් පෙරළියක් ඇති කරන බවට පැල්වත්ත සහතික වෙයි.

එමෙන්ම පැල්වත්ත සිලෝන් බටර්, ග්‍රෑම් 10 ක නව ඇසුරුම් ප්‍රමාණයකින් ද පැමිණෙන අතර  82% ක පිරිසිදු ශ්‍රී ලාංකික කිරි මේද ප්‍රමාණයක්, 16% ට අඩු ඝන කිරි මේද ප්‍රමාණයක්  සහ 1.35% ට වඩා අඩු ලුණු ප්‍රමාණයක් යොදා ගනිමින් 16% ට වඩා අඩු තෙතමනයක් යටතේ නිෂ්පාදනය කෙරේ.

අද වන විට බොහෝ දෙනා කෙටි ආහාර සහ පෙර සූදානම් කරන ලද ආහාර භාවිතයට පෙළඹී ඇත. පැල්වත්තෙහි  රසවත්, ලුණු රසැති සිලෝන් බටර් යොදාගැනීම මගින්, ඔවුන්ට අපූරු රසයකින් යුත් කෙටි කාලයකින් සාදා ගතහැකි උසස් තත්ත්වයේ ආහාර සකස් කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

සියල්ලන්ටම අවැසි පරිදි විවිධ රසයන්ගෙන් යුත්,  පැල්වත්ත නිෂ්පාදන වලට ප්‍රිය කරන පිරිස ඉතා බහුලය. සන්නාමයක් ලෙස පැල්වත්තෙහි දිගුකාලීන ගමන්මගට ඔවුන්ගේ දායකත්වය අපමණය. පැල්වත්ත හුදෙක් කිරි නිෂ්පාදනයන් සැපයීමම පමණක් නොව, සෑම කෙනෙකුගේම විවිධ රසයන්ගේ, රුචි අරුචිකම් සහ අවශ්‍යතාවයන්ට සරිලන ලෙස සිය නිෂ්පාදනයන් කරන නිසාවෙන්,  වෙළඳපල තුල නායකත්වයක් හොබවන සන්නාමයක් බවට පත්වී තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • Palawatta
  • sri lanaka

පැල්වත්ත සමාගම නවෝත්පාදන සහ ගුණාත්මකභාවය යන මූලධර්ම සමගින් තවත් ඉදිරියට

June, 27, 2022

දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා වන පැල්වත්ත සමාගම, දැනට පර්යේෂණ සහ සංවර්ධනය යටතේ පවතින නව නිෂ්පාදන පෙළක් මෙම වසරේදී එළිදැක්වීමට නියමිතය. 100% දේශීය එළකිරි යොදාගනිමින් සිදුකරන මෙම නිෂ්පාදන පැල්වත්ත සමාගමේ නිෂ්පාදන එකතුවට විශිෂ්ටත්වයක් එක්කරයි. කිරිපිටි පමණක් නොව නැවුම් කිරි, බටර්, චීස්, අයිස්ක්‍රීම් සහ අනෙකුත් කිරි නිෂ්පාදන සමගින් පාරිභෝගික ඉල්ලුමට සරිලන ලෙස සිය සැපයුම ලබාදී ඇතිබව පැල්වත්ත සමාගම විශ්වාස කරයි.

රටේ උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් ඔවුන්ට සිදුවන බාධාවන් සියල්ල පසෙකලා ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන අපගේ කිරි ගොවීන්ගෙන් මෙම සියලු ප්‍රයත්නයන් ආරම්භ වන අතර ජාත්‍යන්තර වෙළඳනාම වලට අසමසම ගුණාත්මකබවකින් යුත් හොඳම දේ ජනතාවට ලබාදීම ඔවුන්ගේ අධිෂ්ඨානයයි. රටේ ජනතාව කිරි නිෂ්පාදන වලින් තෘප්තිමත් වන අතරම නිසි පෝෂණය ලබාගන්නා බවට සහතික කිරීම සඳහා මෙම සියලු දෙනාම මෙහෙවරක යෙදී සිටිති.

පැල්වත්ත සමාගමෙහි පර්යේෂණ හා සංවර්ධන කළමණාකාර  සුනෙත් ​​ගුණතිලක මහතා මෙසේ සිය අදහස් දැක්වීය, “නවෝත්පාදන යනු හුදෙක්ම වෙළඳපලෙහි දැනට නොපවතින අලුත් දෙයක් නිපදවීමම පමණක් නොවේ. පිළිගත් සූපවේදීන් විසින් අපගේ නවෝත්පාදන අනුමත කොට තිබීමද මෙහිදී සිදුවිය යුතුය. පැල්වත්ත විසින් බටර්වල සිට අයිස්ක්‍රීම් දක්වා විවිධ නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇති අතරම එහි විවිධ රසයන්ට ඔබ ආදරය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. පැල්වත්ත එහි ප්‍රමිතීන් වැඩි දියුණු කිරීමට දරන නිරන්තර උත්සාහයන් නිසා වෙනත් වෙළඳනාමවලින් කැපී පෙනෙනවා. පැල්වත්ත නිෂ්පාදනයක් විවෘත කරන මොහොතේ දී මෙය ඔබටම දැක ගත හැකිවේවි. නැවුම්බව, රසය, විශ්වාසය සහ සතුට පැල්වත්ත නිෂ්පාදන හමුවේ ඔබට අත්විඳිය හැකිවෙයි. ඊට හේතුවන්නේ ඔබ පරිභෝජනය කරන සෑම කිරි බින්දුවක් පාසාම අප  දරන උත්සාහයන් වේ.''

සිත් ඇදගන්නාසුළු කිරි නිෂ්පාදන රැසක් සඳහා හිමිකම් කියන පැල්වත්ත සමාගම තවත් නව නිෂ්පාදන පෙළක් දියත් කිරීමට සූදානම් වෙයි. 100% දේශීය එළකිරි පමණක් භාවිතා කරමින් පැල්වත්ත කිරි සමාගම නව ස්ට්‍රෝබෙරි රසැති සෙට් යෝගට් සහ ස්ට්‍රෝබෙරි යෝගට් පානයන් පිරිනැමීමට සැලසුම් කරයි. පැල්වත්ත විසින් නිෂ්පාදනය කළ පළමු රසකළ නිෂ්පාදන පෙළ මෙය නොවේ. වැඩි දියුණු කළ චොකලට්, ස්ට්‍රෝබෙරි සහ වැනිලා රසයන් සමගින් ඉගුරු බිස්කට් රසැති (Ginger Biscuit), පොල් සහ එනසාල් රසැති (Coconut with Cardamom), බටර්ස්කොච් රසැති (Butterscotch), බ්ලූබෙරි සහ ෆ්රුට් ඇන්ඩ් නට් රසැති (Blueberry and Fruit & Nut) ලෙස විවිධ රසයන්,  කුඩා දරුවන් ඇතුළුව පාරිභෝගිකයන්ගේ ප්‍රියතම රස ගොන්නට එකතු වේ.

පුළුල් වෙළඳපල පර්යේෂණ මත පදනම්ව, විවිධ රසයන් වලට ඇලුම් කරන පාරිභෝගිකයින්  සඳහා නව බටර් වර්ග හඳුන්වා දීමට තීරණය කර ඇත. සිය ආහාර වේලෙහි නැවුම් වෙනසක් අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට හඳුන්වාදෙන මිරිස් රසැති බටර් (Chilli Butter) වෙතින් සැබෑ රසයක් ලබාදෙනු ඇතැයි පැල්වත්ත සමාගම බලාපොරොත්තු වෙයි. එසේම, පැල්වත්ත සමාගම ඔවුන්ගේ ගිතෙල් නිෂ්පාදනය ග්‍රෑම් 500 ටින් එකක් ලෙස හඳුන්වා දෙනු ලබයි. එය බොහෝ ජාත්‍යන්තර ප්‍රමිතිකරණ ක්‍රමවලට අනුකූලව නිෂ්පාදනය කරන හොඳම මේද සහිත කිරි නිෂ්පාදන වලින් එකකි.

පැල්වත්ත නිෂ්පාදන සෑම කෙනෙකුගේම විවිධ රසයන්ගේ, රුචි අරුචිකම් සහ අවශ්‍යතාවයන්ට අනුකූලව නිශ්පාදනය කරන නිසාවෙන්, දැනට වෙළඳපොළෙහි ඇති අනෙකුත් වෙළඳ සන්නාම පවා අනුගමනය කරන විශිෂ්ට නිෂ්පාදන හඳුන්වා දෙන සන්නාමයක් බවට පත්වී තිබේ.

පැල්වත්ත, විශ්වාසවන්ත දේශීය කිරි නිෂ්පාදන සැකසුම්කරුවකු ලෙස නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ආනයනික නිෂ්පාදනවලට වඩා බෙහෙවින් උසස් තත්වයක පවත්වා ගන්නා අතර නිසැකවම නිෂ්පාදනවල නැවුම් බව නැවත නැවතත් පෙන්වා දී ඇත. පැල්වත්ත සෑම විටම සිය නිෂ්පාදන නිපදවීමෙන් පසු වෙළඳපල දක්වා යොමුකිරීමට ගතවන කාලය පැය 48ට අඩු බව සහතික කරනු ලබයි.  දේශීය මූලාශ්‍ර අනුව ඉහළ යන අනුපාත හේතුවෙන් සැපයුම් සහ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බව ඉතා පැහැදිලිය. කෙසේ වෙතත්, මෙම සියලු අභියෝග පසෙකලා පැල්වත්ත සිය නිෂ්පාදනවල ගුණාත්මකභාවයේ හෝ සපයන සේවාවේ කිසිදු අඩුවක් සිදු නොකරන බවට පාරිභෝගිකයින්ට සහතික කරයි.