• Ada Derana BIZ Sinhala
  • pelwatte
  • sri lanka

පැල්වත්තෙන් සිය පාරිභෝගිකයන්ට නව නිෂ්පාදන පෙළක් 

January, 5, 2023

ශ්‍රි ලංකාවෙි ප්‍රමුඛතම දේශිය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් පැල්වත්ත මිරිස් රසැති බටර් , පැල්වත්ත සිලෝන් බටර් සහා පැල්වත්ත එළඟිතෙල් නමින් නවතම නිෂ්පාදන පෙළෙක් වෙළෙඳපලට හදුන්වාදිමෙි වැඩසටහනක් පසුගියදා බණ්ඩාරනායක සමිමන්ත්‍රණ ශාලාවෙිදි (BMICH) පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා පැල්වත්ත සමාගමෙි සභාපති ආරියශිල වික්‍රමනායක මහතා, පැල්වත්ත සමාගමෙි නිලධාරින්, සුපිරි වෙළෙදසැල් නිලධාරින්, සුපවෙිදින් මෙන්ම පැල්වත්ත නිෂ්පාදන බෙදාහරින්නන් හා නියෝජිතයන් රැසක් සහාභාගි විය.

පැල්වත්ත සමාගමෙි සභාපති ආරියශිල වික්‍රමනායක මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්විය. " අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත නව නිෂ්පාදන පෙළක් හඳුන්වාදිමට හැකිවිම ගැන අප බෙහෙවින් සතුටු වෙනවා. වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයත් සමඟ පාරිභෝගිකයින් වෙනුවෙන් සාධාරණ මිල ගණන් යටතේ මෙි නිෂ්පාදනයන් මෙි වසරේ සිට වෙළෙදපලට නිකුත්කිරිමට අපි බලාපොරොත්තු වෙනවා. මෙි සෑම නිෂ්පාදනයක්ම ඉහළ දේශිය කිරි යොදාගනිමින් ඉහළ පෝෂණ ගුණයෙන් යුක්තව පාරිභෝගිකයින් වෙත ලබාදිම සිදුකරනවා."

අද වනවිට බොහෝදෙනා කෙටි ආහාර සහා පෙර සුදානමි කරන ලද ආහාර භාවිතයට පෙළෙඹි ඇත. මෙම නිසාම පැල්වත්ත පාරිභෝගිකයන් වෙනුවෙන් නිෂ්පාදන රැසක් හදුන්වාදිමට කටයුතු කර තිබෙි. එසේම මෙදින ලුණු , බැඳපු ස්වභාවික මිරිස් කුඩු සහා මිරිස් කැබැලි යොදාගෙන ග්‍රෑමි 200 ක ඇසුරුමක් ලෙස නිෂ්පාදිත පැල්වත්ත මිරිස් රසැති බටර් වෙළෙදපලට හදුන්වාදිම සිදුවිය. මෙමඟින් සැර හා ලුණු රසට කැමැති පාරිභෝගිකයන්ගේ ආහාරවෙිලෙහි නව පෙරළියක් ඇති කරනු ඇතැයි පැල්වත්ත සහතික වෙි.

එසේම මෙම වැඩසටහනේදි පැල්වත්ත සිලෝන් බටර් ග්‍රෑමි 10 ක නව ඇසුරුම ද වෙළෙදපලට හදුන්වාදිම සිදු වු අතර එය 82% පිරිසිදු ශ්‍රි ලාංකිය කිරි මෙිදය ප්‍රමාණයක්, 16% ට අඩු ඝන කිරි මෙිද ප්‍රමාණයක් සහා 1.35% ට වඩා අඩු ලුණු ප්‍රමාණයක් යොදාගනිමින් 16% වඩා අඩු තෙතමනයක් යටතේ නිෂ්පාදනය කෙරේ.එමෙන්ම පැල්වත්ත එළඟිතෙල්  ග්‍රෑමි 500 නව ඇසුරුමක් එළි දැක්විමද මෙහිදි සිදු වු අතර, එය 99% ක පිරිසිදු දේශිය කිරි මෙිදය සමඟින්  0.5 අඩු තෙතමනයක් යටතේ උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් ලෙස පාරිභෝගිකයින් වෙත නිකුත් කරනු ලබයි.

සියල්ලන්ටම අවැසි පරිදි විවිධ රසයන්ගෙන් යුත්,  පැල්වත්ත නිෂ්පාදන වලට ප්‍රිය කරන පිරිස ඉතා බහුලය. සන්නාමයක් ලෙස පැල්වත්තෙහි දිගුකාලීන ගමන්මගට ඔවුන්ගේ දායකත්වය අපමණය. පැල්වත්ත හුදෙක් කිරි නිෂ්පාදනයන් සැපයීමම පමණක් නොව, සෑම කෙනෙකුගේම විවිධ රසයන්ගේ, රුචි අරුචිකම් සහ අවශ්‍යතාවයන්ට සරිලන ලෙස සිය නිෂ්පාදනයන් කරන නිසාවෙන්,  වෙළඳපල තුල නායකත්වයක් හොබවන සන්නාමයක් බවට පත්වී තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • pelwatte
  • sri lanka

පැල්වත්ත විසින් සිය කිරි එකතු කිරීමේ, බෙදාහැරීමේ  සහ විකුණුම් මධ්‍යස්ථානයක්  අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේදී විවෘත කරයි

November, 16, 2022

ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් කිරි එකතු කිරීමේ, බෙදාහැරීමේ සහ විකුණුම් මධ්‍යස්ථානයක් පසුගියදා අනුරාධපුරයේ කැකිරාව ප්‍රදේශයේදී විවෘත කරන ලදී. පැල්වත්ත අලෙවිසැල් ජාලයේ 15 වන කිරි නිෂ්පාදන අලෙවිසැල මෙයයි.

පැල්වත්ත සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. "කිරි එකතු කිරීම, බෙදාහැරීම සහ විකිණීම එකම ස්ථානයකින් සිදු කිරීමේ අරමුණින් පැල්වත්ත විසින් මෙම මධ්‍යස්ථානය නිර්මාණය කරනු ලැබුවා. මේ ආකාරයේ ඒකාබද්ධ,  කිරි එකතු කිරීමේ සහ විකුණුම් මධ්‍යස්ථානයක් මගින් කිරි එකතු කිරීමට ගතවන කාලය සහ පිරිවැය අවම කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. අපි දැනටමත් අපගේ කිරි ගොවීන්ගෙන් දිනකට කිරි ලීටර් 150,000 ක් පමණ එකතු කරගන්නවා. මෙම මධ්‍යස්ථානය හරහා එම කිරි ප්‍රමාණය වැඩි කරගැනීමට සහ ක්‍රියාවලිය තව තවත් විධිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. තොග සහ සිල්ලර පාරිභෝගිකයින්ට මෙම මධ්‍යස්ථානයෙන් අපගේ නිෂ්පාදන මිලදී ගත හැකියි".

එකම ස්ථානයකින් කිරි එකතු කිරීම, බෙදාහැරීම සහ විකිණීම සිදු කිරීම හරහා  කිරි සැපයුම්කරුවන් හා වෙළඳපල අතර  යහපත් සම්බන්ධතාවයක් ගොඩනැගීම තුලින් වඩාත් කාර්යක්‍ෂම සේවාවක් පාරිභෝගිකයින් වෙත ලබා දීම පැල්වත්තෙහි අරමුණයි.

“පැල්වත්ත සමාගම විසින් දැනටමත් මෙම ප්‍රදේශයේ කිරි නිෂ්පාදන වෙළඳපොලේ වැඩි කොටසකට හිමිකම් කියනවා. මෙම නවතම විකුණුම් මධ්‍යස්ථානය හරහා, පවතින වෙළඳපල කොටස වැඩි දියුණු කරගැනීමටත් මෙම නිෂ්පාදන කලාපයේ පාරිභෝගිකයින් වෙත හැකි ඉක්මනින් අවශ්‍ය නිෂ්පාදන සැපයීමටත් අපට හැකියාව ලැබෙනවා".  කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

පැල්වත්ත කර්මාන්තශාලා දැනට  දිනකට නැවුම් කිරි ලීටර් 150,000 කට වඩා වැඩි ප්‍රමාණයක් හසුරවනු ලබයි. උසස් තත්ත්වයේ කිරි සැපයුමක් පවත්වා ගැනීම සඳහා සමාගම විසින් සිය ගොවීන්ට නිරතුරුවම දිරිගැන්වීම් ලබා දීම සිදු කරයි.  ශ්‍රී ලංකාව පුරා සිටින කිරි ගොවීන්ගෙන් 10,000 කට ආසන්න ප්‍රමාණයකට පැල්වත්ත සිය දායකත්වය ලබා දෙයි.

  • Ada Derana BIZ Sinhala
  • pelwatte
  • sri lanka

ස්වයං සත්ව ආහාර නිෂ්පාදනය තුලින් සිය කිරි කර්මාන්තය නැංවීමෙහිලා පැල්වත්ත සමාගම අනඟි ක්‍රියාවලියක

September, 13, 2022

මව්බිමට වටිනා විදේශ විනිමයක් ඉතිරිකරනු ලබන ශ්‍රී ලාංකීය කිරි නිෂ්පාදන සන්නාමයන් අතර පැල්වත්ත සමාගම ප්‍රමුඛතම ස්ථානයක් හොබවයි. පැල්වත්ත සිය නැවුම් රසයෙන් යුත් ගුණාත්මක නිෂ්පාදන පෙළ තුලින් සිය පාරිභෝගිකයින්ගේ හදවත් දැනටමත් දිනාගෙන අවසන්ය.

ස්වයං ගව ආහාර නිෂ්පාදනය පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන පැල්වත්ත ආයතනය, 2009 සිට මෙම කර්තව්‍යයේ නියැලෙයි. කිසිදු වෙනසකින් තොරව ගව ආහාරවල ගුණාත්මකභාවය එකසේ පවත්වා ගැනීමටද ඔවුන් සමත් වී ඇත. කිරි ගවයින්ට ලබා දෙන ආහාර අනුව ඔවුන් ලබා දෙන කිරිවල ප්‍රමාණය සහ ගුණාත්මකභාවය වෙනස් වන බැවින් ඒවා සාමාන්‍ය ගවයන්ට ලබා දෙන ආහාර සමඟ සැසඳිය නොහැක. මේ හේතුවෙන් කිරි ගවයින්ගේ ආහාර සැකසීමට පෙර ඔවුන්ගේ ශරීර බර, ජීවන චක්‍ර අවධිය, ලබා දෙන වියළි ආහාර සහ දියර ආහාර ප්‍රමාණයන් යන අංශ කෙරෙහි පැල්වත්ත සුවිශේෂී අවධානයක් යොමු කරයි.

"කිරි ගවයාට ලබා දෙන වියලි ආහාර, එම සත්වයාගේ ඵලදායිතාව ඉහළ නැංවීමට සහ පාරිභෝගිකයාට වඩාත් රසවත් කිරි ලබාදීමට ප්‍රධාන සහ වැදගත් සාධකය වන බව පැල්වත්ත අපි හඳුනාගෙන තියෙනවා. අපගේ සත්ව ආහාර නිෂ්පාදන මධ්‍යස්ථානයෙහි  දිනකට මෙට්‍රික් ටොන් 60 ක සැලසුම්ගත ධාරිතාවකින් යුත් ගුණාත්මක සත්ව ආහාර ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව පවතිනවා. අපි ශ්‍රී ලංකාව තුළ සෑම මසකම මෙට්‍රික් ටොන් 300කට වැඩි ගව ආහාර නිෂ්පාදනයක් සිදු කරන අතරම මෙම ආහාර අපගේම කිරි සැපයුම්කරුවන් විසින් භාවිතා කරනු ලබනවා. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචියත් සමඟ ඔවුන්ගේ අනුග්‍රහය යටතේ පැල්වත්ත නිෂ්පාදන මධ්‍යස්ථානවල ඇති උසස් තත්ත්වයේ ගව ආහාරවල,  අමුද්‍රව්‍ය යෙදවුම්වල සිට අවසාන නිෂ්පාදිතය දක්වා ක්‍රියාකාරිත්වය සිදුවෙනවා. මෙසේ දේශීයව නිෂ්පාදනය කරනු ලබන උසස් තත්වයේ ගව ආහාර තුලින් අපගේ කිරි නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය වඩා වර්ධනය වන බව මම විශ්වාස කරනවා" පෝෂක නිෂ්පාදන මධ්‍යස්ථානය භාර ජ්‍යෙෂ්ඨ විධායක යාන්ත්‍රික ඉංජිනේරු පී.ඒ.පී. කුමාර මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

පැල්වත්ත සත්ව ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්‍රථමයෙන් ම ඉරිඟු සහ සහල් වැනි අමුද්‍රව්‍ය හොදින් සේදීමට ලක්කරන අතර පසුව ඒවා කාණ්ඩ වලට වෙන්කිරීමෙන් අනතුරුව අනෙකුත් කුඩා අමුද්‍රව්‍ය එකතු කිරීම සිදුවේ. ඉන් අනතුරුව සිදු වන්නේ මිශ්‍ර කිරීමේ ක්‍රියාවලිය වන අතර, මිශ්‍ර කිරීම අනුව අවසාන නිෂ්පාදිතයේ ගුණාත්මකභාවය තීරණය වන බැවින් මිශ්‍ර කිරීමේ ක්‍රියාවලියට වැඩි අවධානයක් යොමු කිරීම සිදු වේ.  කැට ගැසීම, තොගයෙහි  ඝනත්වය සමානුපාත කිරීම සහ මිශ්‍රණ කාලය අතර නිවැරදිබව යන කරුණු මත හොඳ මිශ්‍රණයක් නිර්මාණය වීම තීරණය වේ. පසුව මිශ්‍රණය ඇඹරීම මගින් කුඩු බවට පත් කරන අතර ඉන් අනතුරුව එයට උක් පැණි එක්කරනු ලබයි. ඉන් පසු මෙම අමුද්‍රව්‍ය මිශ්‍රණය සෙල්සියස් අංශක 85 කදී තත්ත්පර 15ක් පුරා පිසගනු ලැබේ. අවසානයේදී සිදු වන්නේ මිශ්‍රණය සිසිල් කිරීමය. සිසිල් කිරීමෙන් අනතුරුව පෙරීමකට භාජනය කරන අතර එයින් තෝරාගන්නා සුදුසු කොටස් පමණක් ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලබයි. මේවායේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා මෙන්ම පිරිවැය අඩු කිරීම සඳහා, තෙතමනය පාලනය කිරීමක් සිදු කරනු ලැබේ.  පැල්වත්ත සමාගමේ ආහාර නිෂ්පාදන මධ්‍යස්ථානයේදී ප්‍රධාන වශයෙන් ගව සාන්ද්‍ර ආහාර වර්ග තුනක් නිෂ්පාදනය කරයි. “Pelwatte High Yielding Feed” යනු ඉහළ අස්වැන්නක් සහිත කිරි ගවයින් සඳහා සාන්ද්‍ර ආහාර වන, පරිවෘත්තීය ශක්තිය (Metabolizable energy) 2600-2750 අතර වන, ප්‍රෝටීන් (16-17%) සහ මේදය (5-7.5%) අඩංගු ආහාර වේ. “Pelwatte General Feed” යනු සාමාන්‍ය අස්වැන්නක් ලබා දෙන ගවයින් සඳහා සාන්ද්‍ර ආහාර වන අතර ඒවායේ පරිවෘත්තීය ශක්තිය (2450-2550), ප්‍රෝටීන් (13.5-14%) සහ මේදය (5-7.5%) අඩංගු වේ.  “Pelwatte Calf Feed” යනු පරිවෘත්තීය ශක්තිය (2800-2950), ප්‍රෝටීන් (18-18.5%) සහ මේදය (5-7.5%) වැනි ඉහළ අනුපාත සහිත පැටවුන් සඳහා සාන්ද්‍ර ආහාර වේ.

ජ්‍යෙෂ්ඨ විධායක පී.ඒ.පී. කුමාර මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් කියා සිටියේ "High yield feed යනු ඉහළ ප්‍රෝටීන් සහිත සාන්ද්‍ර නිෂ්පාදනයක්. එය සාමාන්‍යයෙන් වැඩි කිරි ප්‍රමාණයක් නිපදවන එළදෙනුන් සඳහා අත්‍යවශ්‍යම ආහාරයක්. පැල්වත්ත සමාගම  විසින් ඉහළ නිෂ්පාදනයක් ඇති කිරි ගවයින්ව, ඔවුන්ගේ සෞඛ්‍යය මෙන්ම කිරි නිෂ්පාදනයද කාර්යක්‍ෂම ලෙස පවත්වා ගැනීමට ඉඩ සැලසීම සඳහා ආහාර පරිමාව අඛණ්ඩව වැඩි කිරීමේ සැලැස්මක් මත පෝෂණය කරනවා. අපගේ නිෂ්පාදන ක්‍රියාවලියේදී අප භාවිතා කරන අමුද්‍රව්‍ය අතර බඩඉරිඟු, තිරිඟු නිවුඩ්ඩ, සෝයා බෝංචි, ඩීසීපී, ලුණු, දෙහි, සහල්, පරිප්පු සහ පරිප්පු නිවුඩ්ඩ, පොල් පුන්නක්කු, පොහොර සහ සහල් සන්නාමයක්  වන ඩී - ඔයිල් අඩංගු වෙනවා. වැදගත් කරුණක් නම් පැල්වත්තේ කිරි ගව ආහාර නිෂ්පාදනය කරනු ලබන්නේ දේශීය අමුද්‍රව්‍ය මත වීමයි. මෙය කුඩා පරිමාණ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තයට සහාය වීම සඳහා ය. පැල්වත්ත විසින් අවස්ථා ගණනාවකදී රට පුරා සිටින ගව ගොවීන්ගේ  විශේෂ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කර තිබෙනවා"

සාමාන්‍ය නිෂ්පාදන මට්ටම් ඇති කිරි එළදෙනුන්ට සහ පිරිමි ගවයින්ට "General feed" කාණ්ඩයේ ආහාර ලැබෙන අතර, පරිණත ගවයින්ගේ ඝන ආහාරවලට සාපේක්ෂව පැටවුන්ට විශාල දියර ආහාර වේලක් ලබා දෙනු ලැබේ. තවද, පැටවුන් වර්ධනය වන විට ඔවුන්ගේ ප්‍රෝටීන් ඉල්ලුම වැඩි වන බැවින් ඔවුන්ට  සෝයා සහ අනෙකුත් ධාන්‍ය මත පදනම් වූ ආහාර ලබා දේ. උසස් තත්ත්වයේ කිරි යෙදවුම් පවත්වා ගැනීම සඳහා සමාගමට සහයෝගය ලබා දෙන එහි ප්‍රධාන සැපයුම් දාමය වන ගොවීන්ව අඛණ්ඩව ඇගයීමට ලක් කරයි. පැල්වත්ත සමාගම මේ වනවිට ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් විශාල සංඛ්‍යාවකට සිය අත්වැල සපයනු ලබයි.

  • Ada Derana BIZ Sinhala
  • pelwatte
  • sri lanaka

පැල්වත්ත මේද රහිත කිරිපිටි මගින් ඔබට සෞඛ්‍ය සම්පන්න දිවියක්

August, 23, 2022

රටට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම සිය පාරිභෝගිකයින්ට හොඳම දේ ලබාදීම වෙනුවෙන් සියල්ලන්ගේම හදවත් දිනාගෙන ඇත. දේශීයව නිෂ්පාදනය කරන ප්‍රෝටීන් ගුණයෙන් පරිපූර්ණ තවත් කිරිපිටි වර්ගයක්, දැනට නිපදවනු ලබන කිරි නිෂ්පාදන පෙළට අමතරව සිය පාරිභෝගිකයින් වෙත පැල්වත්ත සමාගම විසින් ඉදිරිපත් කරනු ලබයි.

සම්පූර්ණ යොදය සහිත කිරිපිටි සමග සංසන්දනය කරන විට පැල්වත්ත මේදය රහිත කිරිපිටි, අඩු කැලරි සංඛ්‍යාවක් සහ අඩු ‘මේද අන්තර්ගතයක්’ සහිතව බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභයන් තම පාරිභෝගිකයින්ට අත්කර දෙයි. මෙම කිරිපිටි දෙවර්ගයේ කැලරිවල වෙනස එතරම් විශාල සංඛ්‍යාවකින් නොපෙන්වුවද එතුල වාසිදායක බලපෑම් රැසක් අන්තර්ගත වේ. “සාමාන්‍ය කිරිපිටිවලට වඩා අඩු මේදයක්, මේදය රහිත කිරිපිටිවල සහිත වන බැවින් එය සමස්ත ශරීර බර අඩු කර ගැනීම සඳහා උපකාරී වේ. ඔබ ගන්නා ආහාරවල ඇති සංතෘප්ත මේදය මගින් රුධිරයේ ඇති අහිතකර මේදය වැඩි කරන අතර, මෙම මේදය රහිත කිරිපිටි වර්ගය මගින් සෞඛ්‍යයට තදින්ම බලපානු ලබන සංතෘප්ත මේද පරිභෝජනය සීමා කිරීමට උපකාරී වේ. එහි මේදය ග්‍රෑම් 0.2 ක් සහ සංතෘප්ත මේදය ග්‍රෑම් 0.1 ක් පමණක් අඩංගු වේ.

පැල්වත්ත සමාගමේ පර්යේෂණ හා සංවර්ධන කළමණාකාර සුනෙත් ​​ගුණතිලක මහතා මෙසේ සිය අදහස් දක්වයි. "වෙළඳපොලේ ඇති බොහෝ ආනයනික කිරි නිෂ්පාදනවලට සාපේක්ෂව අපේ කිරි නිෂ්පාදන සම්පූර්ණයෙන්ම දේශීයව, බොහොම නැවුම්ව නිෂ්පාදනය කර තිබෙනවා.  මෙය අපි අපේ පාරිභෝගිකයන්ට පිරිනමන සුවිශේෂී වටිනාකමක්. අපේ මේදය රහිත  කිරිපිටිවල, ආනයනික කිරිපිටිවලට සමානවම ‘පෝෂක ඝනත්වයන්’ තිබෙනවා. ඒ නිසා මෙම පැල්වත්ත මේදය රහිත කිරිපිටි සමඟ ගුණාත්මකභාවයේ තවත් පියවරක් ඉදිරියට තබන්නට අපට හැකිවුණා. අවසාන වශයෙන්, සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන අපේ පාරිභෝගිකයින් සඳහා මෙය ඉතාම සුදුසු කිරි නිෂ්පාදනයක් වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුවන්."

සැබෑම කිරි රසයෙන් යුක්ත පැල්වත්ත මේදය රහිත කිරිපිටිවල සිරුරේ බර පවත්වා ගැනීමට උපකාරී වන අවම සංතෘප්ත මේද ප්‍රමාණයක් අඩංගු වේ. මේ තුල අස්ථි පෝෂණය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රෝටීන්, කැල්සියම්, විටමින් D සහ විටමින් A වැනි පෝෂ්‍ය පදාර්ථ ද සහිතය. එමෙන්ම අඩු කැලරි ප්‍රමාණයක් සමගින් වැඩි විටමින් ප්‍රමාණයක් ද අඩංගු වේ. පැල්වත්ත මේදය රහිත කිරිපිටි මගින් රුධිරයේ සීනි, කොලෙස්ටරෝල් මට්ටම්, හෘද වාහිනී ගැටළු ද අවම කරයි. මෙමගින් සිහින් මාංශ පේශින් පවත්වා ගැනීමට සහ අස්ථිවල ඝනත්වය වැඩි කරගැනීමටද උපකාරී වේ.

සෑම ග්‍රෑම් 100කටම මේදය ග්‍රෑම් 27ක් අඩංගු සම්පූර්ණ යොදය සහිත කිරිපිටි හා සසඳන විට පැල්වත්ත මේදය රහිත කිරිපිටිවල මේදය ඉතා අවමය (ග්‍රෑම් 1.5ක් පමණි). මෙම කිරිපිටි පෝෂ්‍ය පදාර්ථ රැසකින් අනූන වේ. කිරි ප්‍රෝටීන ප්‍රධාන වශයෙන් කැසීන් වලින් සමන්විත වන අතර පැල්වත්ත මේදය රහිත කිරිපිටිවල එය ග්‍රෑම් 34 ක් පමණි. මෙම ප්‍රෝටීනය, ඇමයිනෝ අම්ල සමඟ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සිරුර තුළ පවත්වා ගැනීමට උපකාරී වේ. ලැක්ටෝස් 39g, ඛනිජ ලවණ 4.7g, විටමින් A 587.3µg , සහ විටමින් D3 400µg, ෆෝලික් අම්ලය 46µg, පොස්පරස් 0.9g , සහ සින්ක් 32.5 mg/kg  වැනි තවත් පෝෂ්‍ය පදාර්ථ රැසකින්ද පැල්වත්ත මේදය රහිත කිරිපිටි සමන්විත වේ. පැල්වත්ත මේදය රහිත කිරිපිටිවල විටමින් B එකතුවෙහි riboflavin, විටමින් B12 සහ thiamin, niacin සහ folate අඩංගු වේ. එහි සෑම ග්‍රෑම් 100 කටම 394 kcal ශක්ති ප්‍රමාණයක් සහිතය. එය පැල්වත්ත මේදය රහිත කිරිපිටිවල අඩු කැලරි සන්චිතයක් අන්තර්ගතවන බවට සාක්ෂි දරයි.

  • Ada Derana BIZ Sinhala
  • pelwatte
  • sri lanaka

පැල්වත්ත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නව මුහුණුවරක්

August, 4, 2022

පැල්වත්ත සමාගම නිරන්තරයෙන්ම නැවුම් එළකිරි ආශ්‍රිත නිෂ්පාදන සපයන ජාතියේ විශ්වාසවන්තම කිරි නිෂ්පාදකයා ලෙස හැදින්විය හැකිය. පසුගියදා සමාගම සිය පරිපාලනය සහ නායකත්වය ශක්තිමත් කිරීම උදෙසා තවත් පියවරක් ගනු ලැබීය. දේශීය කිරි නිෂ්පාදනය මත පමණක් යැපෙන කිරි නිෂ්පාදන සන්නාම අතරින් ශ්‍රී ලංකාවේ නියමුවා බවට පත්වීමට සමාගම විශාල මෙහෙවරක නිරතව සිටී. එම මෙහෙවර සාර්ථක වීම උදෙසා ඒ පසුපස නිවැරදි පුද්ගලයින් සිටිය යුතුමය.

සමාගමෙහි නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස තේරී පත්වූ ලසන්ත සිල්වා මහතා වසර ගණනාවක කිරි කර්මාන්තයේ පළපුරුද්ද සහිත ප්‍රවීණයෙකු වශයෙන් හැඳින්විය හැකි ය. ඒ අතරම ඔහු නිෂ්පාදන සේවා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක් (MBA) ද හිමිකරගෙන තිබේ. "ඕනෑම ආකාරයකින් රටට සේවයක් කිරීම අරමුණු කරගත් සන්නාමයක් වේනම් එය ඉතාම ගෞරවනීයයි. රටට සිදුකරන සේවය, සිය කර්මාන්තයට විශාල මෙහෙයක් ඉටු කරන කිරි ගොවි මහතුන්ගෙන් ආරම්භ කිරීම තුලින්, පැල්වත්ත සමාගම සියල්ලන්ටම ආදර්ශයක් සපයනවා. මෙවැනි ආයතනයක සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් සේවය කිරීමට ලැබීම මට විශාල ගෞරවයක්." ලසන්ත සිල්වා මහතා මෙසේ සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

ක්ෂේත්‍ර ගණනාවක වසර 20 ක පළපුරුද්දක් සහිත දර්ශන පෙරේරා මහතා වරලත් ගණකාධිකාරීවරයකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක් (MBA) ද හිමිකරගෙන ඇත. ඔහු අධ්‍යක්ෂ මණ්ඩලයට විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස තෝරාපත් කරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ගණකාධිකාරී සහ මූල්‍ය ප්‍රජාව අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන දර්ශන මහතා තරුණ පිරිස් සඳහා ද සිය උපදේශකත්වය සපයා දී ඇත. සිය පත්වීම සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්වීය. "කාර්යක්ෂම ව්‍යාපාර ක්‍රියාවලීන්ගෙන් යුතුව නිරන්තර නවෝත්පාදනයන්ට පෙළඹෙන මෙවැනි සංවිධානයක කොටස්කරුවෙක් වීමට ලැබීම මට මහත් ආඩම්බරයක් සහ සතුටක්. පැල්වත්ත සමාගමේ අනාගතය බොහොම දීප්තිමත්. මට හැකි උපරිමයෙන් සමාගමට සේවය කිරීමට මම බලාපොරොත්තු වෙනවා "

තවද බැංකු ක්ෂේත්‍රයේ ඉහලම නමක් හිමි වසර 30 කට වැඩි වෘත්තීය අත්දැකීම් සහිත තිලක් පියදිගම මහතා ව්‍යාපාර අවදානම් කළමනාකරණ කමිටුවේ ප්‍රධානියා වශයෙන් තේරී පත්විය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධියක් (MBA) ලබා ඇති අතර එක්සත් රාජධානියේ ඉංජිනේරු කවුන්සිලයේ ද සාමාජිකයෙකි. තිලක් මහතා ද විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයට තොරා පත් කර ඇත. ඔහු වැඩිදුරටත් මෙසේ පවසා සිටියේ ය "සන්නාමයක් වශයෙන් පැල්වත්ත සමාගම ගුණාත්මකභාවය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව දක්වන සැලකිල්ල මම ඉතාම අගය කරනවා. ඔබ වෙත ලබාදෙන සෑම කිරි බින්දුවකම සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ඔවුන් දරන උත්සාහය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. එවන් ආයතනයකට සම්බන්ධ වීමට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. ඒ වගේම දැනට ආයතනය අනුගමනය කරන භාවිතයන් දිගටම පවත්වාගෙන යාමටත් ඒවා වැඩිදියුණු කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා."

දර්ශන සහ තිලක් යන මහත්වරුන් දෙදෙනාම, දීර්ඝ කාලීන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම කීර්තිමත් මූල්‍ය අංශයේ ප්‍රවීණයෙකු වන හර්ෂල් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් විගණන කමිටුවට ද පත් කර තිබීම විශේෂත්වයකි. ඉහත නම් සඳහන් මහත්වරුන් කිරි කර්මාන්තය තුල පමණක් නොව, ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වසර ගණනාවක පළපුරුද්ද සහිත ප්‍රවීණයන් වේ.  පැල්වත්ත සමාගමෙහි ඒකායන අපේක්ෂාව වන යම් දිනකදී රටට අවශ්‍ය සමස්ත ගෘහස්ත කිරි අවශ්‍යතාවය සපුරාලීමේ අභිප්‍රායට ලඟාවීමට මෙම විද්වත් මණ්ඩලය  මහඟු පිටිවහලක් වනු ඇත. ආරියසීල වික්‍රමනායක, අක්මාල් වික්‍රමනායක, ටොෂාන් වික්‍රමනායක සහ හර්ෂල් ගුණවර්ධන යන මහත්වරු අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වේ.