November, 28, 2022
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම විසින් ජ්යෙෂ්ඨ නියෝජ්ය සාමාන්යාධිකාරීවරුන් ලෙස මූල්ය පසුබිම්වලින් හෙබි ප්රවීණයන් දෙදෙනෙකු පත් කිරීම පසුගියදා සිදුවිය. 2022 ඔක්තෝම්බර් මස 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි පීපල්ස් ලීසිං ශාඛා ජාල ප්රධානි ලෙස ලක්සඳ ගුණවර්ධන මහතා පත් කරන ලද අතර සමාගම් ප්රධාන මෙහෙයුම් නිලධාරී ලෙස උදේශ් ගුණවර්ධන මහතා පත් කරන ලදී.
ගිණුම්කරණය, විගණනය, මූල්ය කළමනාකරණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන උදේශ් ගුණවර්ධන මහතාට මූල්ය ක්ෂේත්රයේ වසර 25 කට වැඩි පළපුරුද්දක් තිබේ. ඔහු මූල්ය ක්ෂේත්රය තුළ ජ්යෙෂ්ඨ තනතුරු හොබවමින් නායකයෙකු ලෙස තම හැකියාවන් ප්රදර්ශනය කරමින් ද්විතීයික පදනම මත පීපල්ස් ලීසිං හි අනුබද්ධිත ආයතනයක් වන බංග්ලාදේශයේ ලන්කන් එලායන්ස් ෆිනෑන්ස් ලිමිටඩ් හි විධායක නොවන අධ්යක්ෂවරයෙකු ලෙස ද භූමිකාවක් ඉටු කරයි.
ඔහු ශ්රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙක් සහ ශ්රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. ඔහුට ශ්රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ භාණ්ඩාගාර, ආයෝජන සහ අවදානම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද තිබේ. ඊට අමතරව ඔහු ඕස්ටේ්රලියානු පරිගණක සංගමයේ ලෝක ත්යාගලාභී සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.
එසේම පීපල්ස් ලීසිං ශාඛා ජාල ප්රධානි ලෙස පත්වු ලක්සඳ ගුණවර්ධන මහතාට ආයතනික සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායක මූල්යකරණය පිළිබඳ වසර 27කට අධික පළපුරුද්දක් ඇත. ඔහු ණය, අලෙවිකරණය, කළඹ කළමනාකරණය (Portfolio Management), ශාඛා සංවර්ධනය සහ මෙහෙයුම් යන ක්ෂේත්රවල දැනුමින් හෙබි නායකයෙකු වේ. එතුමා වසර 13ක් සමාගමේ ලීසිං අංශයේ ප්රධානියා ලෙසත් අලෙවිකරණ ප්රධානියා ලෙසත් සිය නායකත්ව ගුණාංග සමඟ කටයුතු කර ඇත. ඔහු සතුව ඇති දක්ෂතා අතර අභියෝගාත්මක නායකත්ව භූමිකාවන්, පරිවර්තනීය වෙනසක් සාක්ෂාත් කර ගැනීම සහ තිරසාර ව්යාපාර වර්ධන සාර්ථකත්වය පිළිබඳ ඉතා හොද වාර්තා ඔහු සතු වේ. ලක්සඳ මහතා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත පීපල්ස් මයික්රෝ කොමර්ස් ලිමිටඩ් හි අධ්යක්ෂවරයෙකු ලෙස ද සේවය කරයි.
ඔහු වේල්ස් විශ්ව විද්යාලයේ ව්යාපාර පරිපාලනවේදි පශ්චාත් උපාධියක් ලබා ඇති අතර සහතික කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය- ඕස්ටේුලියාවල සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු වන අතර සහ ආසියානු විශ්ව විද්යාලයෙන් උපාය මාර්ගික අලෙවිකරණය පිළිබඳ MSc උපාධියක් දි හිමි කරගෙන තිබේ. ඔහු CMA (ඕස්ටේුලියාව) සහ CPM (ආසියාව) සඳහා සුදුසුකම්ලභා ලබා ඇත. තවද, ලක්සඳ මහතා ශ්රී ලංකා ණය කළමනාකරණ ආයතනයේ ආශ්රිත සාමාජිකයෙකු වන අතර ශ්රී ලංකා ණය කළමනාකරණ ආයතනයෙන් ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇත. එසේම ඔහු ශ්රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහතිකලත් සාමාජිකයෙකු වන අතර ශ්රී ලංකා අධ්යක්ෂවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙක් මෙන්ම ශ්රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ ද සාමාජිකයෙකි.
පීපල්ස් ලීසිං සමාගම යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්රමුඛ රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකිග විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත වියග පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.
ඡායාරූප විස්තරය
01. උදේශ් ගුණවර්ධන මහතා - ප්රධාන මෙහෙයුම් නිලධාරි - පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
02. ලක්සඳ ගුණවර්ධන මහතා - ශාඛා ජාල ප්රධානි - පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
September, 29, 2022
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැල්ලවත්ත ශාඛාව විසින් වැල්ලවත්ත අවට ප්රදේශයෙහි ලියාපදිංචි ත්රිරෝදරථ ක්රියාකරුවන්ගේ රැකියා ගුණත්වය ඉහළ නංවාලීමේ ව්යාපෘතියක් දැන් අරඹා තිබේ. එහි මුලික වැඩසටහන වැල්ලවත්ත ත්රිරෝදරථ රියදුරන්ගේ සංගමය සහ වැල්ලවත්ත පොලිසියේ සහයෝගයෙන් පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාවේදී පසුගියදා පැවැත්විණි.
වර්ථමාන ශ්රී ලංකාව තුළ නාගරික සහ ග්රාමීය ප්රදේශවල බහුලව භාවිතාවන පොදු ප්රවාහන ක්රමය ත්රිරෝදරථය හෙයින් එය භාවිතයෙන් සිදුවන අපරාධ වැළැක්වීම හා ත්රිරෝද රථ ක්රියාකරුවන් සඳහා මනා වෘත්තීයභාවයක් ඇතිකිරීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන දියත් කෙරුණි. ඒ අනුව පීපල්ස් ලීසිං වැල්වත්ත ශාඛාව විසින් වැල්ලවත්ත ත්රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති සෑම ත්රිරෝද රථ ක්රියාකරුවෙකුටම හැඳුනුම්පතක් නිකුත්කිරීමද මෙහිදී සිදු කෙරුණි.
වර්ථමානයේ සිදුවන ගෝලීය ඩිජිටල් පරිවර්ථනය හමුවේ සිය ජීවනෝපායන් පහසුකරලිම හා ඊට අනුගතවීම පහසුකරලීමේ අදිටනින් මෙම අවස්ථාවට සහභාගි වු ත්රිරෝදරථ ක්රියාකරුවන්ට zQR කේතය’ පිළිබඳ දැනුවත් කිරීමද මෙහිදී සිදුවිය.
පීපල්ස් ලීසිං සමාගමේ මෙහෙයුම් අංශයේ ප්රධාන කළමනාකාරිණි ප්රියංකා විමලසේන මහත්මියගේ මුලිකත්වයෙන් පැවැත්වුණු මෙම කර්ත්යව්යයට පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාවේ කළමනාකරු කේ. චන්ද්රසේකරන් මහතා, වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති (OIC) ප්රධාන පොලිස් පරීක්ෂක පරිපාලන එල්.ඒ.යූ. නාඔටුන්න මහතා සහ ස්ථානාධිපති (OIC) උප පොලිස් පරීක්ෂක රථවාහන ඩබ්ලිව්.පී. ප්රශාන්ත යන මහත්වරුන් ද “වෘත්තීය ත්රිරෝද රථ සංගම් නායකත්වයේ සැබෑ හඬ” සංවිධානයේ කැඳවුම්කරු එල්. රෝහණ පෙරේරා මහතා සහ වැල්ලවත්ත ත්රිරෝද රථ රියදුරන්ගේ සුබසාධක සංගමයේ සභාපති ජේ. පි. ස්වර්ණසිරි යන මහත්වරු සහභාගි වුහ.
පීපල්ස් ලීසිං සමාගම යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්රමුඛ රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

ඡායා රූප විස්තරය - QRකේතය පිළිබඳව ත්රිරෝද රථ ක්රියාකරුවන් දැනුවත් කරන අවස්ථාව සහ පීපල්ස් ලීසිං සමාගමේ ප්රධාන කළමනාකාරිණි (මෙහෙයුම්) ප්රියංකා විමලසේන මහත්මිය විසින් ත්රිරෝද රථ රියදුරු මහතෙකු වෙත හැඳුනුම්පතක් ලබාදෙන අයුරු.
September, 15, 2022
2022 සැප්තැම්බර් මස 12 වන දා සිට බලපැවැත්වෙන පරිදි පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පි. එල්. සි සමාගමෙහි ස්වාධින විධායක නොවන සභාපතිවරයා ලෙස ප්රදීප් අමිර්තනායගම් මහතා පත් කර ඇත.
2022 ජුලි 15 වන දින සිට ස්වාධින විධායක නොවන අධ්යක්ෂකවරයෙකු ලෙස ද පීපල්ස් ලීසිං සමාගමේ කටයුතු කරන ප්රදීප් අමිර්තනායගම් මහතා 2015-2019 දක්වා නියෝජ්ය සභාපති ලෙසත් 2019-2020 කෙටි කාල සීමාව තුළ සභාපතිවරයා ලෙසත් සේවය කර ඇත. එසේම ඔහු ලන්කන් එලායන්ස් ෆිනෑන්ස් හි අධ්යක්ෂකවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
අමිර්තනායගම් මහතා, වරලත් අලෙවිකරණ ආයතනයේ (එක්සත් රාජධානියේ) සාමාජිකයෙකු වන අතර එක්සත් රාජධානියේ ත්රිත්ව සංගීත විද්යාලයේ (Trinity College of Music) කථන හා නාට්ය අංශයේ සාමාජිකයෙකි. ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා ගුවන් විදුලි සංස්ථාව යන මාධ්ය ආයතන ත්රිත්වයේම ප්රවෘත්ති නිවේදකයෙකු ලෙස කටයුතු කර තිබෙන ඒ මහතා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන්ම ක්රිකට් විස්තර විචාරකයෙකු ලෙසද කටයුතු කර තිබෙන්නෙකි. මීට අමතරව ඔහු ලන්ඩනයේ බීබීසි මූලස්ථානය වන “බුෂ් හවුස්” හි පුහුණුවද ලබා තිබේ.
බටහිර කොළඹ රොටරි සමාජයේ 50වැනි සභාපතිවරයා ලෙස පත් වු ඔහු 2012 “වසරේ රොටරියන්” සම්මානයෙන්ද පිදූම් ලැබීය. ලාදූරු රෝගයෙන් පීඩාවට පත්වූවන් නගාසිටුවීම හා පුණුරුත්ථාපනයකිරීමේ සංගමයේ උප සභාපතිවරයා ලෙසද අනුර බණ්ඩාරනායක පදනමේ අධ්යක්ෂකවරයා ලෙසද කටයුතු කරනු ලබයි.
සුජීව රාජපක්ෂ මහතාගෙන් පසු නව ස්වාධීන විධායක නොවන සභාපතිවරයා ලෙස අමිර්තනායගම් මහතා පත්වීමත් සමඟ පීපල්ස් ලීසිං අධ්යක්ෂ මණ්ඩලය ලෙස ආර්. පතිරගේ මහතා, කේ. සී. ජේ. සී. ෆොන්සේකා මහතා, ඒ. ඒ. අහමත් මහතා, සී. ජේ. විජේතිලක මහතා, යු. එල්. ඒ. ඩබ්. බණ්ඩාර මහතා, එම්. සී. පීටර්ස් මෙනෙවිය සහ ආර්. කොඩිතුවක්කු යන මහත්ම මහත්මින් කටයුතු කරනු ලබයි.
පීපල්ස් ලීසිං සමාගම යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්රමුඛ රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

September, 14, 2022
පීපල්ස් ලීසිං සමාගමේ පූර්ණ මූල්ය අනුග්රාහකත්වය යටතේ සේරුවිල ප්රජා සංවර්ධන පදනමට මගී ප්රවාහන බස් රථයක් පරිත්යාගකිරීම පසුගියදා පිපල්ස් ලීසිං ප්රධාන කාර්යාල පරිශ්රයේදී සිදුකෙරුණි.
සේරුවිල ප්රදේශය අවට සිටින පාසල් සිසුන්ට නොමිලේ ප්රවාහන පහසුකම් සපයාදීමේ අරමුණින් නව බස් රථයක් මිළදීගැනීමට සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති සහ සේරුවිල ප්රජා සංවර්ධන පදනමේ සභාපති පූජ්ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන්වහන්සේ විසින් පීපල්ස් ලීසිං සමාගමෙන් කරන ලද ඉල්ලීමකට ප්රතිචාර ලෙස මෙම පුණ්ය කටයුත්ත සමාගමේ සමාජ සත්කාරක ව්යාපෘතියක් ලෙස දියත් විය.
මෙම බස් රථය සේරුවිල ප්රජා සංවර්ධන පදනමේ සභාපති පූජ්ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන්වහන්සේට පීපල්ස් ලීසිං සමාගමේ හිටපු සභාපති සුජිව රාජපක්ෂ මහතා සහ ප්රධාන විධායක නිළධාරී සාමාන්යාධිකාරී ෂමීන්ද්ර මර්සිලිං මහතා විසින් නිල වශයෙන් ප්රදානය කරනු ලැබීය.
බස් රථය ප්රදානයකිරීමේ උත්සවයේ අනුශාසක කථාව සිදුකරමින් පූජ්ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන්වහන්සේ පැවසුවේ සේරුවිල සුමේධංකරපුර, කාවන්තිස්සපුර, බ්ලොක් සී, සේරුනුවර, සෝමාවතිය පාර සහ මහවැලිගම යන ගම්මානවල පවතින වන අලි තර්ජන නිසා ආරක්ෂාකාරීව පාසල් යෑමේ අභියෝගයට ළමුන් මුහුණදෙන බවත් එයට විසදුමක් ලෙස දරුවන්ට නොමිලේ ප්රවාහන පහසුකම් ලබාදීමට අවශ්ය බස් රථයක් මිළදීගැනීමට පීපල්ස් ලීසිං සමාගමෙන් සිදුකළ ඉල්ලීමට ක්ෂණික ප්රතිචාරයක් විදියට එම ප්රදේශයේ දරුවන්ට නොමිලේ බස් රථයක් ලබාදීම වෙනුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ හිටපු සභාපති සුජිව රාජපක්ෂ මහතා සහ ප්රධාන විධායක නිලධාරී/සාමාන්යාධිකාරී, ෂමීන්ද්ර මර්සිලිං මහතා ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලයේ සියළු දෙනාට සේරුවිල ප්රජා සංවර්ධන පදනම සහ ප්රදේශවාසීන්ගේ කෘතවේදී’ත්වය පළකරන බවය.
මෙම උදාරතර කටයුත්ත, පීපල්ස් ලීසිං සමාගමේ සමාජ සත්කාරක ව්යාපෘතියක් ලෙස සිදුකිරීමට හැකිවීම පිළිබඳව අප සමාගම ඉතා සතුටට පත්වන බවත් මෙම මගී ප්රවාහන බස් රථය සේරුවිල ප්රදේශවාසී පාසල් දරුවන්ට ලැබුණු ධනයක් සේ සළකා එය ඉතා ආරක්ෂාකාරීව පරිහරණය කර ඉදිරි පරපුරටත් දායාදකිරීම ඔවුන්ගේ වගකීම බව උත්සවය ඇමතු පීපල්ස් ලීසිං සමාගමේ හිටපු සභාපති, සුජීව රාජපක්ෂ මහතා සදහන් කළේය.
එම උත්සව අවස්ථාවට, පීපල්ස් ලීසිං සමාගමේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය, මහාමාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, චමින්ද අතළුවගේ මහතා, කන්තලේ කලාප අධ්යාපන අධ්යක්ෂ, ධර්මතිලක මහතා, සේරුවිල ප්රජා සංවර්ධන පදනමේ නියෝජිතයන්, සේරුවිල මංගල මහ චෛත්යවර්ධන සමිතියේ නියෝජිතයන්, සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ දායකාදීන් සහ සේරුවිල මහා විද්යාලයේ විදුහල්පති, ගුරුවරු ඇතුළු සිසුදරුවන් සහභාගී වූහ. පැමිණ සිටි සේරුවිල මහා විද්යාලයේ සිසු දරුවන්ට පාසල් උපකරණ ප්රදානයකිරීමක්ද මෙහිදී සිදුවිය.
පීපල්ස් ලීසිං සමාගම යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්රමුඛ රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

ඡායාරූප විස්තරය - පීපල්ස් ලීසිං සමාගමේ හිටපු සභාපති, සුජීව රාජපක්ෂ මහතා සහ ප්රධාන විධායක නිළධාරී/ සාමාන්යාධිකාරී, ෂමීන්ද්ර මර්සිලිං මහතා විසින් පූජ්ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන්වහන්සේට නිළ වශයෙන් බස් රථය ප්රදානය කළ අවස්ථාව. පීපල්ස් ලීසිං සමාගමේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය හා සේරුවිල සිසු දරුවෝ ජායාරූපයෙහි පසෙකින් සිටිති.
August, 23, 2022
පීපල්ස් ලීසිං සමාගමේ රන් ණය ඒකක හයක් විවෘතකිරීමට එම සමාගම කටයුතු කරනු ලැබිය. පීපල්ස් ලීසිං සමාගමේ දිවුලපිටිය, මඩකලපුව, ඇල්පිටිය, උඩුගම, රත්නපුරය හා අම්බලන්තොට යන ශාඛා පරිශ්රයන් හි පිහිටවූ එම රන් ණය ඒකක ඔස්සේ ගණුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්යතා ‘පීපල්ස් ලීසිං රන් ණය සේවාව’ තුළින් පහසුවෙන් ඉටු කරගැනීමට දැන් පහසුකම් සැලසෙනු ඇත.
ඔබේ මූල්ය අවශ්යතා සඳහා ඉක්මන් සහ සුවපහසු විසඳුමක් ලෙස පුළුල් සහ විවිධ වූ මුල්ය සේවා රැසක් සපයන පීපල්ස් ලීිසිං සමාගම වර්ෂ 2017 ජුලි 27 වන දින රන් ණය පහසුකම් සඳහා මුල පිරිමක් ලෙස ප්රථම රන් ණය ඒකකය පීපල්ස් ලීසිං පිටකොටුව ශාඛාව තුළ විවෘත කෙරුණි. එතැන් සිට අද දක්වා දිවයින පුරා රන් ණය ශාඛා 55ක් පිහිටුවූ වැඩි වටිනාකමකින් යුත් ඉහළ අත්තිකාරම් මුදලක් ගණුදෙනුකරුවන්ගේ අතට එසැණින් ලබා දෙනු ලබයි.
පීපල්ස් ලීසිං සමාගම යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්රමුඛ රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇතග
ජායාරූපය : පීපල්ස් ලීසිං ශාඛාවක රන් ණය ඒකක විවෘත කළ අවස්ථාව.
August, 9, 2022
පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛාව ගෙවතු වගාව සඳහා සිය ගණුදෙනුකාරභවතුන් යොමුකිරීමේ අරමුණින් පැළ 500ක් රෝපණය කර බෙදාදීම එම ශාඛා පරිශ්රයේදී පසුගියදා සිදු කෙරුණි. පීපල්ස් ලීසිං සමාගමේ තිස්සමහාරාම ශාඛාවේ ආයතනික සමාජ සත්කාරක ව්යාපෘතියක් ලෙස ඇරඹුණු මෙම ව්යාපෘතිය හරහා ගෙවතු වගාවට උනන්දුවක් දක්වන පෙර හඳුනාගත් විශ්වාසවන්ත ගණුදෙනුකරුවන්ට ශාඛා කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් මෙම පැල බෙදාදීම සිදුවූයේ මෙය ශාඛා කළමණාකරුගේ ප්රධානත්වයෙන් සහ පීපල්ස් ලීසිං ප්රාදේශීය කාර්යාලයේ මඟපෙන්වීම යටතේය.
ව්යාපෘතිය සාර්ථකව සිදුකිරීමට ස්වේච්ඡාවෙන් ශාඛා කාර්යය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු තම වටිනා පෞද්ගලික කාලයෙන් පැය 109ක් වැයකර තම ශ්රම දායකත්වය සහ මූල්යමය දායකත්වයද ලබා දෙනු ලැබීය.
“මේ වන විට ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින අප රටට ගෝලීය ආහාර අර්බුදය යන අභියෝගකාරී තත්ත්වයකටද මුහුණදීමටද සිදුව ඇත. ඊට අවශ්ය වපසරිය නිර්මාණයකිරීමේ වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස අප මෙම සමාජ සත්කාරක ව්යාපෘතිය දියත් කළේ ගෙවතු වගාවට අපගේ වටිනා ගණුදෙනුකරුවන් දිරිමත්කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. ගණුදෙනුකරුවන් තම දෛනික පරිභෝජනය සඳහා අඛණ්ඩව කාබනික ආහාර සපයාගැනීමේ මාධ්යයක් ලෙස මෙම ගෙවතු වගාව සඳහා අප ලබා දුන් ශාඛ පැලවලට අමතරව තවත් ප්රභේද සමඟින් ඉදිරි කාලය තුළ ඔවුන්ගේ වගාව පුළුල් කරගනු ඇතැයි අපගේ අභිප්රාය සහ බලාපොරොත්තුවයි.’ පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛා ප්රධානී මධුක නලින් මහතා පැවසීය.
පීපල්ස් ලීසිං සමාගම යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්රමුඛ රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත වියග අද වන විට පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.
ජායාරූප විස්තරය : පීපල්ස් ලීසිං තිස්සමහාරාම ශාඛා ප්රධානී මධුක නලින් මහතා (මැද) හිතවත් ගණුදෙනුකරුවෙකුට සහ ඔහුගේ දියණියට (වමේ) රෝපණය කරන ලද මිරිස් පැළයක් ලබා දෙන අයුරු. පසෙකින් තිස්සමහාරාම ශාඛා උප ප්රධානී ඊ.ඒ.එස්.ලක්මින්ද මහතා සහ මුදල් අයකැමි නිලධාරී ප්රදීප් චන්ද්රසේන යන මහත්වරු සිටිති.
August, 3, 2022
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (පීපල්ස් ලීසිං), ශ්රී ලංකාවේ අග්රගන්ය හා ඓතිහාසික වටිනාකමකින් යුත් සංස්කෘතික උත්සවයක් වන ”කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්යය” සඳහා අනුග්රාහකත්වයක් පසුගියදා පිරිනැමීය. පිපල්ස් ලීසිං සමාගම වසර ගණනාවක සිට ශ්රී දළදා පෙරහැර සඳහා සිය අනුග්රාහක දායකත්වය සපයයි.
රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මූල්ය ආයතනයක් ^NBFI&වන පීපල්ස් ලීසිං සමාගම විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් 2011 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම, බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළුව අනුබද්ධිත ක්ෂේත්ර හයක් සමඟ විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.
ජායාරූප විස්තරය : පීපල්ස් ලීසිං සමාගමෙහි ප්රධාන කළමනාකරු (ණය අය කර ගැනීම් -මධ්යම කලාපය) සමන් ලියනගේ මහතා විසින් ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා වෙත අනුග්රාහක ලිපිය පිරිනැමූ අවස්ථාව, මේ අවස්ථාවට පීපල්ස් ලීසිං මහනුවර ශාඛාවේ ශාඛා කළමනාකරු සේනක මුණසිංහ මහතාද එක් විය
July, 27, 2022
පීපල්ස් ලීසිං සමාගමේ කිරිබත්ගොඩ ශාඛාව අංක 157/2/2, මාකොළ පාර, කිරිබත්ගොඩ යන ස්ථානයට පිවිසීම පසුගියදා සිදුවිය. පීපල්ස් ලීසිං සමාගමේ ප්රධාන කළමනාකාර (මෙහෙයුම්) චමිල් හේරත් මහතාගේ ප්රධානත්වයෙන් නව පරිශ්රය උත්සවාකාරයෙන් විවෘත කෙරුණි.
වර්ෂ 2016 ජුලි 06 දින කිරිබත්ගොඩ ප්රදේශයේ සුළු සහ මධ්ය පරිමාණ ගනුදෙනුකරුවන්ගේ මූල්ය අවශ්යතා සපුරාලීමේ අරමුණින් කිරිබත්ගොඩ ශාඛාව මෙහෙයුම් කටයුතු සඳහා විවෘත විය.
පාරිභෝගිකයින්ට වැඩි පහසුවක්, ගුණාත්මක බවක් සහ මූල්ය ප්රවේශයක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් ශාඛාව වෙනත් ස්ථානයකට රැගෙන යන ලද අතර, උසස් සේවාවක් අත්විඳීමට නව ශාඛාව වෙත පැමිණෙන ලෙස පීපල්ස් ලීසිං සමාගම සිය ගණුදෙනුකාරභවතුන්ට ආරාධනා කරයි.
රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මූල්ය ආයතනයක් (NBFI) වන පීපල්ස් ලීසිං සමාගම විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් 2011 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විය.
බැංකු නොවන මූල්ය ආයතන ක්ෂේත්රයේ මිණුම් සලකුණක් තබමින් නවීන තාක්ෂණ ක්රමවේදයන්ගෙන් යුක්තව නව්ය ඩිජිටල් විසඳුම් ඇතුළුව මූල්ය සේවා රාශියක් සිය ගණුදෙනුකරුවන් වෙත පිරිනැමීම පීපල්ස් ලීසිං සමාගමේ අපේක්ෂාවය.
පීපල්ස් ලීසිං සමාගම සිය 25වන කඩයිම පසුකරමින් බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළුව අනුබද්ධිත ක්ෂේත්ර හයක් සමඟ විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.
ජායාරූප විස්තරය
Video Story