• Ada Derana BIZ Sinhala
  • PepsiCo
  • sri lanka
  • Varun Beverages

තිරසාරභාවය සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය උදෙසා Varun Beverages සහා PepsiCo ‘පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්’ දියත්කරයි

January, 17, 2023

Varun Beverages Lanka Pvt Ltd යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයෙකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින් සිය ස්වේච්ඡා EPR (Extended Producer Responsibility) වැඩසටහන යටතේ  'පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්' නමින් ව්‍යාපෘතියක් පසුගියදා දියත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ, භාවිතා කරන ලද ප්ලාස්ටික් බෝතල් එකතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානවල PET බෝතල් එකතු කිරීමේ බඳුන් ස්ථාපිත කිරීම සිදු කෙරිණි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට Eko Plasco (Pvt) Ltd සහ Negombo Recycling Club විසින් සිය දායකත්වය දක්වයි.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කොටුව දුම්රිය ස්ථානයේ දී පැවැත්වුණු අතර මරදාන සිට අලුත්ගම දක්වා සෑම දුම්රිය ස්ථානයකටම PET බෝතල් එකතු කිරීමේ බඳුන් ලබා දීම එහිදී සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවෙහි, Varun Beverages Lanka හි, Eko Plasco (Pvt) Ltd හි සහ Negambo Recycling Club MRF Site හි ප්‍රධාන නිලධාරීන් රැසක් සහභාගී වූ අතර ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා ද සහභාගී විය.

'පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්' ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Varun Beverages Lanka Pvt Ltd හි නීති අනුකූලතා සහ තිරසාරත්වය පිළිබඳ ප්‍රධානී එරේෂා කුඹුරුලන්ද මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය.  “අපගේ ස්වේච්ඡා EPR වැඩසටහන යටතේ  දියත් කරන ලද ව්‍යාපෘතියක් වන 'පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්' තුලින් සමාගමක් වශයෙන් අපට රට වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට හොඳ අවස්ථාවක් ලැබෙනවා. දුම්රිය ස්ථානවල මෙම බඳුන් හරහා එකතු කර ගන්නා භාවිතා කරන ලද ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත යවනු ලබනවා. මෙමගින් දුම්රිය ස්ථාන පිරිසිදු වීම පමණක් නොව ප්ලාස්ටික් දූෂණයෙන් පරිසරය සුරැකීම ද සිදු වෙනවා."

“ආර්ථික අර්බුදය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැඩි අසීරුතාවයකට පත්ව සිටින මෙම කාලසීමාව තුළ මෙම වටිනා ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳව Varun Beverages Lanka වෙත අපගේ ප්‍රණාමය පුද කරනවා.. ඒ වගේම අපි රටේ අනෙකුත් සංවිධානවලටත්  ආරාධනා කරනවා Varun Beverages Lanka විසින් සිදු කරන ආකාරයේ ව්‍යාපෘති ආරම්භ කරන්න කියලා." ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

මෙම 'පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක්' EPR මුලපිරීම තුලින්, Pepsi විසින් භාවිතා කරන ලද PET/ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීම මගින් පරිසර දූෂණය අවම කිරීමටත්, එම බෝතල් නිවැරදිව බැහැර කිරීම සම්බන්ධයෙන් දුම්රිය මගීන්ගේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමටත් බලාපොරොත්තු වේ.

  • Ada Derana BIZ Sinhala
  • PepsiCo
  • sri lanka
  • Varun Beverages Lanka Pvt. Ltd.

Varun Beverages Lanka Pvt. Ltd. විසින් සිය දීර්ඝ කාලීන සේවක මඩුල්ලට කෘතගුණ දක්වයි

November, 21, 2022

එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වන Varun Beverages Ltd. හි අනුබද්ධ සමාගමක් වන Varun Beverages Lanka Pvt. Ltd. විසින් සිය සමාගම වෙනුවෙන් වසර 25ක් හෝ ඊට වැඩි කාලයක් සිය දායකත්වය සපයන ලද සේවකයින්ට කෘතගුණ දැක්වීම උදෙසා සම්මාන උළෙලක් පසුගියදා ටාජ් සමුද්‍රා හිදී පවත්වන ලදී.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් Varun Beverages Ltd. හි  මව් සමාගම සහ බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන RJ Corp හි සභාපති රවී කාන්ත් ජයපූරියා මහතා සහභාගී විය. තවද Varun Beverages Lanka Pvt. Ltd. හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික දේශබන්දු තිලක් ද සොයිසා මහතාද ආරාධිත අමුත්තෙකු වශයෙන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

පැමිණ සිටි අනෙකුත් සම්භාවනීය අමුත්තන් අතර  Varun Beverages India නියෝජනය කරමින් එහි  ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මන්මෝහන් පෝල් මහතා, කලාපීය  ප්‍රධාන තාක්ෂණ නිලධාරී භූපින්දර් සිංග් මහතා මෙන්ම කලාපීය  ප්‍රධාන මූල්‍ය නිලධාරී ප්‍රදීප් ගෝයල් මහතා සමගින් Varun Beverages Lanka හි ප්‍රධානී අමිත් ජෝෂි මහතා සහ එහි අනෙකුත් ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ සභාපති රවී කාන්ත් ජයපූරියා මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රධානී අමිත් ජෝෂි මහතා විසින් සමාගම කෙරෙහි  තම සහෝදර සේවකයන්ගේ කැපවීම සහ පක්ෂපාතිත්වය වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පළ කරන ලදී. එසේම යහපත් ව්‍යාපාර පරිසරයක් පවත්වා ගන්නා අතරම ඉහල කාර්ය සාධනයක් කෙරෙහි අවධානය යොමු කරමින් සිය ගනුදෙනුකරුවන් සඳහා ගෝලීය මට්ටමේ නිෂ්පාදන අඛණ්ඩව සැපයීම උදෙසා සමාගමේ කැපවීම ද ඔවුන් විසින්  මෙහිදී අවධාරණය කරන ලදී.