November, 2, 2022
කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 156,400 ක් දක්වා පහළ බැස ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර කැරට් 24 රන් පවුමක මිල සටහන්ව ඇත්තේ රු. 169,000 ක් ලෙසයි.
මෙය පසුගිය මාර්තු මාසයෙන් පසු, එනම් ඩොලරයේ අගය ඉහළ යාමෙන් පසු වාර්තා වූ අඩුම මිල බව Gold Ceylon සඳහන් කරයි.
2022 අප්රේල් මාසයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 175,000 සීමාව සහ කැරට් 24 රන් පවුමක මිල මිල රු. 190,000 සීමාව ඉක්මවා ගොස් තිබුණි.
ගෝලීය වෙළෙඳපොළේ රන් මිලෙහි ද පහළ යාමක් මේ අතරම වාර්තා වේ.
ඊයේ (01) වන විට ගෝලීය වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 1,650 සීමාවෙන් පහළට පැමිණ තිබුණි.
September, 27, 2022
මෙරට රත්රං මිල ගණන් ක්රමිකව පහළ බසින ප්රවණතාවයක් පෙන්නුම් කරනු ලබන බව වාර්තා වේ.
ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්රං මිල ගණන්වල පහළ යාමක් අද (27) දිනයේ දීද වාර්තා වී ඇත.
මෙහිදී කැරට් 22 රන් පවුමක මිල රු. 159,100 ක් සහ කැරට් 24 රත්රං පවුමක මිල රු. 172,000 ක් ලෙසින් සටහන්ව ඇති බව වාර්තා වේ.
ඊයේ දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 159,600 ක් සහ කැරට් 24 රත්රං පවුමක මිල රු. 172,500 ක් ලෙසින් සටහන්ව තිබුණි.
පසුගිය අප්රේල් මාසයේ දී හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි මිල ගණන්වලට අනුව කැරට් 22 රන් පවුමක මිල රු. 195,000 දක්වා සහ සහ කැරට් 24 රත්රං පවුමක මිල රු. 205,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
Video Story