December, 19, 2022
ශ්රී ලංකාවේ ආහාරමය තෙල් සහ මේද නිෂ්පාදන සම්බන්ධයෙන් පුරෝගාමියෙකු වන SMR Consolidated Consolidated (සේන මිල්ස් රෙෆිනරීස් (පුද්) සමාගම) පසුගිය නොවැම්බර් මස 20 දා කොළඹ BMICH හිදී නිමාව දුටු 2022 Pro food, Propack and Agbiz හිදී සිය වෙළෙඳ කුටිය ආකර්ෂණීය අයුරින් ජනතාව වෙත ගෙන ඒමට සමත් විය. ශ්රී ලංකා ආහාර සැකසුම් සංගමය විසින් සංවිධානය කරන ලද ශ්රී ලාංකේය කෘෂිකර්මය පදනම් කරගත් සැකසූ ආහාර ප්රදර්ශනය කරනු ලබන Pro food, Propack and Agbiz වාර්ෂිකව සංවිධානය කරන්නක් වන අතර කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් 2020 සහ 2021 වසරයන්හිදී නොපැවැත්විණ. ආහාරමය තෙල් නිෂ්පාදනයේ ප්රමුඛයෙකු හා විශ්වාසවන්තයෙකු ලෙස නමක් දිනා සිටින SMR Consolidated තෙල් පිරිපහදු කරන්නකු සහ අපනයනකරුවෙකු වශයෙන් ද එහිදී සිය විශිෂ්ටතාවන් මනාව පෙන්නුම් කරන ලදී.
"ගොවිපළේ සිට කෑම මේසය දක්වා” යන තේමාව යටතේ 19 වැනි වරටත් පැවති මෙම ප්රදර්ශනයේ දී සැකසූ ආහාර, ඇසුරුම්කරණය හා කෘෂිකර්මාන්තයේ යෙදී සිටින පුද්ගලයන් හා සංවිධාන එකම වහලක් යටතේ හමුවීමට මෙහිදී කර්මාන්ත පාර්ශ්වකරුවන්ට, ගනුදෙනුකරුවන්ට මෙන්ම මහජනතාවට ද අවස්ථාව හිමිවූහග ප්රදර්ශන භූමියේ පිහිටා තිබූ SMR Consolidated හි ප්රදර්ශන කුටිය නැරඹීම සඳහා බොහෝ පිරිසක් පැමිණි අතර එහිදී ඔවුන් වෙනුවෙන් Good Oil, Coco Fry,
Centuries, Fry It, Good Bake සහ Coco Organic ඇතුළු දේශීය හා අපනයන සන්නාම රැසක් ප්රදර්ශනය කිරීමට සමාගම කටයුතු කරන ලදී.
මෙම ප්රදර්ශන කුටිය හරහා විවිධ වර්ගයේ පොල්තෙල් ප්රභේද හා ඒවායේ ගති ලක්ෂණ, සෞඛ්ය ප්රතිලාභ හා මුල්යමය වාසි මෙන්ම, ආහාර සැකසීමේදී ගත හැකි තෙල් භාවිතයේ විවිධ ශිල්පීය ක්රම පිළිබඳව මෙහිදී දැනුවත් කරන ලදීග තවද තෙල් සහ මේද පරිභෝජකයින් මෙන්ම ව්යාපාර නිෂ්පාදන සඳහා යොදාගනු ලබන පොල්තෙල් සහ විවිධ ක්රම පිළිබඳව දැනුවත් කිරීමට සහ සිය සමාගමේ නිෂ්පාදන සන්නාම පිළිබඳ මහජනතාවට අවබෝධයක් ලබා දීමට SMR Consolidated එහිදී කටයුතු කළේය.
1960 වසරේදී පමණ සේන මිල්ස් නමින් කුඩා පරිමාණ පොල් තෙල් මෝලක් ලෙස ආරම්භ කළ SMR Consolidated එතැන් සිට ආහාරයට ගත හැකි තෙල් නිෂ්පාදනය සහ පිරිපහදු කිරීම සඳහා සිය ව්යාපාරය ඉදිරියට ගෙන යමින් වර්ධනයේ සහ ව්යාප්තියේ තිරසාර හා ස්ථාවර ගමනක් සනිටුහන් කිරීමට සමත්ව සිටී. 1997 වසරේදී SMR විසින් ශ්රී ලංකාවේ ප්රථම අඛණ්ඩ හා භෞතික ආහාරයට ගත හැකි තමන්ගේම තෙල් පිරිපහදුවක් පිහිටුවන ලදී. ආරම්භයේ සිටම ගුණාත්මකභාවය හා විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවී කටයුතු කළ SMR හි නිෂ්පාදන අපනයන වෙළෙ`දපොල තුළ ඉහළ ඉල්ලූමක් පවතී. BRCGS, FSSC 22000, ISO 22000, HACCP, GMP ආහාර සුරක්ෂිතතා කළමනාකරණ සහතික ද, Organic, Kosher නිෂ්පාදන සහතික මෙන්ම Sedex, Fair-trade වැනි සාධාරණ වෙළඳාම පිළිබඳ සහතිකයන්ද හිමි කරගෙන සිටින SMR Consolidated සමාගම සිය නිෂ්පාදන මහාද්වීප 6ක් පුරා රටවල් 35කට අධික සංඛ්යාවක් වෙත අපනයනය කරමින් විදේශ විනිමය මෙරටට හිමි කරදීමට මහත් වෙහෙසක් ගනිමින් සිටියි.
2022 Pro food, Propack and Agbiz සඳහා SMR Consolidated ඉදිරිපත් වීම පිළිබඳව අදහස් දැක්වූ එහි උපාය මාර්ගික ව්යාපාර සංවර්ධන ප්රධානී දීමන්ත නානායක්කාර මහතා ‘‘ගෝලීය වශයෙන් බොහෝ වෙළෙඳ ප්රදර්ශන හා සම්මේලන සඳහා එක්ව ඇති අප ආයතනයට ශ්රී ලංකාවේ විශාලතම කෘෂිකර්මාන්තය පදනම් කරගත් සකස් කළ ආහාර ඇසුරුම්කරණ ප්රදර්ශනයට එක්වීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වන අතරල මෙහිදී අප විසින් දිනාගත් ගනුදෙනුකරුවන්, පාර්ශ්වකරුවන් හා මහජනතාව සමඟ සම්බන්ධ වීමෙන් අපට ලැබුණු ධනාත්මක ප්රතිචාර ඉතාමත් වැදගත් වෙනවාග අප මේ මොහොතේ අපේ නිෂ්පාදන අන්තර්ජාතික වෙළෙඳපොළ වෙත අපනයනය කරමින් ආහාරයට ගත හැකි පොල්තෙල් හා ඒ හා රැඳී අනෙකුත් නිෂ්පාදන සන්නාම සහිතව අන්තර්ජාතික වෙළඳපොළ තුළ ශක්තිමත්ව ඉදිරියට යමින් සිටිනවාග මේ වනවිටත් ඇතැම් රටවල ප්රියතම සන්නාම බවට පත්ව ඇති අප නිෂ්පාදන ලෝකයේ අනෙකුත් රටවල ද ප්රියතම සන්නාම බවට ස්ථානගත කිරීම සඳහා අප වෙහෙසෙමින් සිටිනවාග ඒ සියලූ දේ තුළින් ශ්රී ලංකාවට හා ලෝකයට හොඳම පොල්තෙල් සහ අනෙකුත් ආහාරමය තෙල් ලබා ගත හැකි බවට සහතික කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් පැවසීය.
මෙහිදී SMR Consolidated වෙළෙඳ කුටියේදී වෘත්තීයමය සූපවේදීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සූපවේදී සැසියක්ද පවත්වනු ලැබූ අතර විවිධ වර්ගයේ පොල් තෙල් සහ අනෙකුත් ආහාරයට ගත හැකි තෙල් වර්ග භාවිත කිරීම සඳහා වට්ටෝරු සහ ශිල්පීය ක්රම පිළිබඳ දැනුම බෙදා හදා ගන්නා ලදීග එහිදී සෞඛ්ය උපදෙස් සමඟින් පැමිණි සිටි භාවිතා කරන්නන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාවක්ද උදා කර දී තිබිණ.
පොල්තෙල්වල වටිනාකම සහ එහි සෞඛ්ය ප්රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා වෙනත් විවිධ දැනුම බෙදා හදා ගැනීම හා අධ්යාපනික සැසියක්ද මෙහිදී පැවැත්විණ.

November, 21, 2022
රජය 2022 අතුරු අයවැය යටතේ අගය එකතු කිරීම සහ පසු අස්වනු හානි අවම කිරීම සඳහා ඇසුරුම්කරණය ප්රමුඛතාවයක් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව රට තුළ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායක අංශයේ දේශීය ඇසුරුම් නිෂ්පාදන කර්මාන්තය ප්රවර්ධනය කිරීමේ අවශ්යතාවයට පිළියම් යෙදීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය යටෙත් පවතින ශ්රී ලංකා ජාතික ඇසුරුම් මධ්යස්ථානය නැවත සක්රීය කළ යුතු බව රජය විසින් හඳුනාගෙන ඇත. දේශීය ඇසුරුම් නිෂ්පාදන ප්රවර්ධනය කිරීම සඳහා වන 2022 අතුරු අයවැයේ අංක 32 යෝජනා ක්රියාත්මක කිරීම සඳහා 2022 සැප්තැම්බර් 28 වැනි දින ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් (ආර්ථික කටයුතු) ගේ ප්රධානත්වයෙන් පැවති රැස්වීමේ දී ඒ සම්බන්ධ ඉදිරි කයටුතු සාකච්ඡා කෙරිණි.
Profood, Propack සහ Ag-biz 2022 ප්රදර්ශනය සදහා ජාතික ඇසුරුම් මධ්යස්ථානය මගින් සංවිධානය කළ ප්රදර්ශන මණ්ඩපයට භාණ්ඩ ඇසුරුම් අංශය සඳහා උනන්දුවක් දක්වන විශාල පිරිසකගේ ආකර්ෂණය හිමිවිය. කර්මාන්ත අමාත්යාංශය, ආයෝජන ප්රවර්ධන අමාත්යාංශය සහ රාජ්ය ආයතන එකොළහක සහයෝගීතාවය ජාතික ඇසුරුම් මධ්යස්ථානය වෙත හිමිවූ අතර නොවැම්බර් 18 සිට 20 දක්වා BMICH පරිශ්රයේ දී ප්රදර්ශනය පැවැත්විණි.
තල් සංවර්ධන මණ්ඩලය, ජාතික නිර්මාණ මධ්යස්ථානය, ජාතික ශිල්ප සභාව, ශ්රී ලංකා ප්රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්යස්ථානය, මොරටුව විශ්වවිද්යාලය, ශ්රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, ශ්රී ලංකා පසු අස්වනු තාක්ෂණ ආයතනය සහ ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ජාතික ඇසුරුම් මණ්ඩපයේ සහයෝගයෙන් කටයුතු කළ අතර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට අගය එකතු කළ ඇසුරුම් සේවා පිළිබඳ මෙවලම් සහ දැනුම ලබා දීම සඳහා සම්මන්ත්රණ මාලාවක් ද පවත්වන ලදී.

ප්රදර්ශනයේදී ජාතික ඇසුරුම් මණ්ඩපය විවෘත කිරීම

Video Story