January, 24, 2023
Viber පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට සහ සන්නාම හඳුනාගැනීම ඉහළ නංවන Business Inbox සහ Commercial Account යෙදුම් හඳුන්වා දෙයි.
පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්රමුඛයා වන Rakuten Viber විසින් සිය යෙදුමේ (App) සන්නාම-පරිශීලක සබඳතා ක්රම විකාශයේ නව අදියරක් ලෙස ප්රධාන විශේෂාංග ද්විත්වයක් ලොව පුරා එළිදැක්වීමට පියවර ගෙන ඇත. නව හඳුන්වාදීම් අතරට Business Inbox සහ Commercial Account එකක් සහිත යෙදුම් ඇතුළත් කළ ඇති අතර, එය Viber හි දිගුකාලීන සුපිරි යෙදුම් උපාය මාර්ගයන් තුළ මීළඟ ඉදිරි පියවර බවට පත්වනු ඇත.
පර්යේෂණ වාර්තාවලට අනුව, පාරිභෝගිකයින්ගෙන් 71% ක් පෞද්ගලිකව අන්තර් සබඳතාවයන් පවත්වනු ඇතැයි සමාගම් අපේක්ෂා කරන අතර, ආයතනවලින් 82% ක් පමණ සේවා හරහා වඩාත් ගුණාත්මක පාරිභෝගික සේවා වටිනාකමක් ලබා දීම සඳහා අගය වැඩි කිරීමේ උපාය මාර්ගයක් ක්රියාත්මක කිරීමට සැලසුම් කරයි. මෙම නව හඳුන්වාදීම පරිශීලකයන් සහ ව්යාපාර යන අංශ දෙක කෙරෙහිම අවදානයේ තබා ගනිමින්, Viber හි යාවත්කාලීන කිරීම් වඩා ඉහළ පාරිභෝගික අත්දැකීමක් සහ සන්නාම වෙත නැඹුරු කිරීමට ගනු ලැබූ පියවරකි.
සන්නාම-පරිශීලක සන්නිවේදනය වැඩිදියුණු කිරීම අරමුණු කොට ගෙන, Viber විසින් සන්නාම-පරිශීලක අන්තර් සබඳතා සඳහා වෙන්වූ අවකාශයක් පුද්ගලයෙකුගේ සාමාන්ය කතාබස් තිරය තුළින් සෘජුවම ප්රවේශ විය හැකි අයුරින් මෙම Business Inbox යෙදුම ගෝලීයව හඳුන්වා දී ඇත. නිල සන්නාම ගිණුම් වලින් ලැබෙන සියලුම ව්යාපාරික පණිවිඩ එක් ෆෝල්ඩරයක් තුළ (බැංකු දැනුම්දීමක්, බෙදාහැරීමේ සේවාවකින් ඇණවුම් තහවුරු කිරීමක්, වෙළඳසැලකින් ලැබෙන විශේෂ දීමනාවක් වැනි දෑ) ගබඩා කිරීම සහ සකස් කිරීම මෙම විශේෂාංගය ඉඩ සපයා දෙනු ලබයි.
පරිශීලකයාට ඔවුන්ගේ පළමු ව්යාපාරික පණිවිඩය ලැබුණු පසු Business Inbox සක්රිය කෙරෙනු ඇත. මීට පෙර ව්යාපාර සමඟ සංවාද කර ඇති පරිශීලකයින් සඳහා, විශේෂාංග යෙදුම නිකුත් වීමෙන් අනතුරුව ව්යාපාර සමඟ පවතින සියලුම කතාබස් ස්වයංක්රීයව Business Inbox වෙත රැගෙන යනු ඇත. Business Inbox ෆෝල්ඩරය කතාබස් ලැයිස්තුවේ නිර්මාණය කළ පසු, සියලුම ව්යාපාරික පණිවිඩ ඒ වෙත යනු ලබයි. Business Inbox මඟින් පරිශීලකයින්ට Viber හි මෙම අත්දැකීම ඔවුන් කැමති පරදි සහ ඔවුන්ට වඩාත් පහසු වන ආකාරයට සන්නාම සමඟ අන්තර් සබඳතා වෙනුවෙන් ඉඩ සලසනු ඇත.
ව්යාපාරයකින් නවතම යාවත්කාලීන කිරීම් සොයා ගැනීම මේ තුළින් පහසු වනු ඇත. ෆෝල්ඩරය තුළට යන පෙර අවසන් කරනු ලැබූ සංවාද කතාබස් තිරයේ ඉහළට අමුණනු ඇති අතර, ව්යාපාරික පණිවිඩ පුද්ගලික කතාබස් සමඟ මිශ්ර නොවනු ඇත. Business Inbox මඟින් පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීමට, සන්නාම වෙත නැඹුරුව වැඩි කිරීමට සහ පරිවර්තන ධාවනය කිරීමට සන්නාම සහ පරිශීලකයන් අතර වඩාත් කාර්යක්ෂම අයුරින් සන්නිවේදනය කටයුතු සක්රීය කරනු ලබයි.
වඩාත් හොඳ මට්ටමේ පාරිභෝගික අත්දැකීමක් ලබා ගැනීම සඳහා තවත් පියවරක් වන්නේ නව Commercial Account විශේෂාංග යෙදුමයි. මෙය හරහා පරිශීලකයින් හට එකම ස්ථානයක දී සන්නාමයක් සමඟ සම්බන්ධ වීම සඳහා සියලු මාර්ග සොයා දෙනු ලබයි. එය සොයා ගත හැකි තනි ව්යාපාරික ආයතනයක් යටතට Viber හි සියලුම ව්යාපාරික තොරතුරු, සේවා සහ කතාබස් සත්කාරකත්වය හිමි වේ.
සෙවිය හැකි නව Commercial Accounts පරිශීලකයින් හට වැඩි බලයක් සපයා දෙනු ඇත. ඔවුන්ට වෙළඳ නාම සොයා ගැනීමට ඇති හැකියාව, සොයා ගැනීම පමණක් නොව වෙළඳ නාම සමඟ සන්නිවේදන කටයුතු කල්තියා ආරම්භ කිරීමට මේ මගින් හැකි වේ. Commercial Accounts පාරිභෝගිකයින්ගේ අත්දැකීම් ද වැඩිදියුණු කරනු ලබයි. Viber හි ව්යාපාරයක් සමඟ සම්බන්ධ වීමට කැමති පරිශීලකයින් හට ඔවුන් කැමති නාලිකාව තෝරා ගැනීමට සහ විශේෂාංග යෙදුම තුළ කුඩා වෙබ් අඩවි අත්දැකීමක් ලබා ගැනීමට හැකි වේ. මේ අතර, සන්නාමයන් ගනුදෙනුකරුවන් සමඟ සිය සන්නිවේදන කටයුතු විධිමත්ව බාධාවකින් තොරව පාරිභෝගික අත්දැකීම් නිර්මාණය කරනු ලබයි.
Viber හි Commercial Accounts හරහා හැකියාවන් පුළුල් කරමින්, පරිශීලකයින් හට පහසු ලෙස ලබා ගත හැකි සන්නිවේදන නාලිකා, තනි ගිණුමක් යටතේ තවත් සේවාවන් සහ වෙන්කරවා ගැනීම්, ස්ථානය, ව්යාපාරයක් ඇමතීම සහ තවත් බොහෝ දේ ඇතුළුව දිගු විශේෂාංග සපයා දෙනු ඇත. මෙම වසර අවසානයේදී මෙම විශේෂාංග යෙදුම කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා වැඩි කළමනාකරණ අවස්ථා හඳුන්වා දීමට නියමිතය.
Business Inbox සහ Commercial Account යන විශේෂාංග සමඟින් Viber ව්යාපාරයක් සමඟ සම්බන්ධ වීමේදී පරිශීලක ආරක්ෂාව සහ විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීමට අරමුණු කර ඇත. සන්නාමවලින් ලැබෙන සියලුම ව්යාපාරික පණිවිඩ Business Inbox වෙත යොමුවන අතර, එය ව්යාපාරයක් ලෙස පෙනී සිටීමට උත්සාහ කරන පුද්ගලික ගිණුම් සඳහා ප්රවේශ වීමට ඉඩ ලබා නොදෙනු ඇත. මෙහි ඇති වටිනා එකතු කිරීමක් වන්නේ පරිශීලකයින් හට තහවුරු කරන ලද වෙළඳ නාම හඳුනා ගැනීමට උපකාර වන 'නිල් පැහැති ටික් සලකුණය'. Commercial Accounts සඳහා වන සියලුම ව්යාපාරික තොරතුරු එක තැනක ප්රදර්ශනය කරනු ඇත.
'' Viber හි මීළඟ ඉදිරි පියවර වන්නේ මෙම සන්ධිස්ථානය නැවත යාවත්කාලීන කරමින් සියලුම සන්නාම-පරිශීලක සන්නිවේදන ක්රියා සහ අන්තර් සබඳතාවයන් පහසු එක්-නැවතුම් පොළක් ලෙස ක්රියා කරන සුපිරි යෙදුමක් නිර්මාණය කිරීමයි. පරිශීලකයා හට විශේෂාංග යෙදුමේ ඇති වටිනාකම වැඩි කිරීමට සහ වෙළඳ නාමවලට ඔවුන්ගේ ප්රේක්ෂකයින් සමඟ සම්බන්ධ විය හැකි අවස්ථා පුළුල් කිරීම යන ගුණාත්මක දෑ අපි හඳුන්වා දෙන අනෙක් සුපිරි යෙදුම් විශේෂාංග සඳහා පාදක කර ගන්නවා'' යැයි මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් Rakuten Viber හි ප්රධාන විධායක නිලධාරී ඔෆීර් ඉයාල් පැවසීය.
මෙම විශේෂාංග දෙක 2023 ජනවාරි 23 සිට ගෝලීය වශයෙන් ලබා ගත හැකිය.
November, 21, 2022
Viber විසින් පරිශීලකයින් වෙත ක්රීඩා අනාවැකි පළකිරීමට හා ප්රමුඛ පෙළේ chatbot, පාපන්දු AR කාච සහ ස්ටිකර් ඇතුළු එකිනෙකා හා සම්බන්ද විය හැකි විනෝදාත්මක විශේෂාංග රැසක් සමඟ තරඟකාරී අත්දැකීමක් ගෙන දෙමින් පාපන්දු ක්රීඩාව සමරයි.
පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්රමුඛයෙකු වන Rakuten Viber විසින් chatbot, AR කාච (Lenses), ස්ටිකර් (Sticker Pack) සහ දේශීය සහ ජාත්යන්තර ක්රීඩා මාධ්ය නාලිකා (Channels) හරහා ජාත්යන්තර පාපන්දු තරඟවල නවතම පුවත් රැගෙන එමින් පරිශීලකයන් අතර අන්තර් සබඳතාවයන් ගොඩනැගිය හැකිවන අයුරින් පාපන්දු ආශ්රිතව නව විශේෂාංග එළිදැක්වීමට පියවර ගෙන තිබේ. එම විශේෂාංග නොවැම්බර් මාසයේදී එළිදක්වනු ලබන අතර මාස දෙකක් පුරාවට එහි අත්දැකීම් පරිශීලකයින්හට ලබා ගත හැකිය.
ලෝකයේ රටවල් 200ක් පුරා විසිරි සිටින බිලියනයක පමණ ප්රේක්ෂක පිරිසකගේ ජනප්රියතම ක්රීඩාව බවට පත්ව ඇත්තේ පාපන්දු ක්රීඩාවයි. මෙම ක්රීඩාව සැමරීමට මෙන්ම ලෝකයේ සෑම රටක්ම එකට එක් කිරීමට හැකිවන අයුරින් Viber, සිය පරිශීලකයින් සඳහා පාපන්දු තරඟවල සියලු ප්රවෘත්ති පෙළගැස්වීමට සහ ඒ හා සම්බන්ධ වීමට හැකි ක්රියා මාලාවක් ආරම්භ කර ඇත.
Viber හි 2022 ගෝලීය පාපන්දු ක්රීඩා ක්රියා මාලාව හරහා එහි මිලියන ගණනක පරිශීලකයින්ට පුද්ගලික හෝ කණ්ඩායම් කතා බහ (Chats) කිරීම් තුළින් තරඟ දිරිගැන්වීම සඳහා තරඟ පිළිබඳව අනාවැකි පල කිරීමට සහ chatbot සමඟ ක්රීඩාව සැමරීමට සහයක් ලැබෙනු ඇත. ඔවුන්ගේ ප්රියතම පාපන්දු කණ්ඩායම සමඟ පෙළගැසෙමින් පරිශීලකයන්ගේ අනාවැකි ගෝලීය ප්රමුඛ පුවරුවේ පළ කිරීමට මේ හරහා අවස්ථාව හිමිවන අතර ජයග්රාහකයින් සඳහා ආකර්ෂණීය වූ ත්යාග රැසක් දිනා ගැනීමට ද හැකියාව ලැබේ.
මීට අදාළව ඇතුළත් අමතර විශේෂාංග මෙසේය:
''ලෝකය පුරා විසිරී සිටින බොහෝ උද්යෝගිමත් පාපන්දු ලෝලීන් සමඟ සහ Viber හි ගෝලීය ප්රේක්ෂකයින් සමඟ අපගේ පරිශීලකයින්ට සම්බන්ධ වීමට සහ එකිනෙකා සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට අපට අවශ්යතාවයක් තිබුණා. අප සමඟ අන්තර් සබඳතාවයන් ඇති කරගත් අපගේ පරිශීලකයින්ට විවිධ ත්යාග පිරිනැමීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. අපගේ පරිශීලකයින්ට ඔවුන්ගේ මිතුරන්, පවුලේ අය සහ සගයන් සමඟ ඔවුන්ගේ පාපන්දු කණ්ඩායමේ ජයග්රහණ සැමරීමට පුළුවන්. ඔබගේ අනාවැකි බෙදා ගැනීම, ක්රීඩාවේ ලකුණු සොයා ගැනීමට හෝ ගෝලීය ප්රමුඛ පුවරුව පරීක්ෂා කිරීම සඳහා Viber යෙදුම විවෘත කිරීම හරහා පහසු වනු ඇති.'' බව මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් Growth Top Markets of Rakuten Viber හි ජ්යෙෂ්ඨ අධ්යක්ෂ ඇතනස් රෙකොව් පැවසීය.

October, 15, 2022
Rakuten Viber විසින් අඛණ්ඩව දෙවන වසරටත් විනෝදයෙන් පිරි ක්රීඩා සහ නව Cricket Superbot සමඟ ආකර්ෂණීය ත්යාග සහ තවත් බොහෝ දේ සමඟින් ක්රිකට් ලෝක කුසලානය වෙනුවෙන් මාසයක් පුරාවට පැවැත්වෙන සැමරුම් රැසක් ක්රිකට් රසිකයින් වෙත ගෙන එයි.
Rakuten Viber, පසුගිය වසර දෙක තුළ ක්රිකට් ක්රීඩාව සඳහා අඛණ්ඩව සහය දක්වනු ලැබූ අතර එම සමාගම විසින් මේ වන විට Cricket Fiesta හරහා එම සහයෝගය දෙගුණ කරමින් රසිකයින්ට වඩාත් විනෝදාශ්වාදයෙන් පිරි අත්දැකීම් ලබා දීමට සුදානමින් සිටියි. ඒ අනූව එම වැඩසටහනේ කොටසක් ලෙස බොහේ දෙනා කැමැත්තෙන් බලා සිටි, App එක හරහා එකිනෙකා අතර ක්රීඩා කළ හැකි Games ඇතුළත් Cricket Superbot විශේෂාංගය හඳුන්වාදීමට එම සමාගම පියවර ගෙන ඇත. නව Superbot විශේෂාංගය යනු Cricket Vibes Channel හිම කොටසක් වන ස්වයංක්රීය විශේෂාංගයක් වන අතර එමගින් ක්රිකට් රසිකයින්ට Games වෙත සම්බන්ධ වීමට, සජීවීව තරගවල විස්තර දැනගැනීමට, තරඟ පිළිබඳ අනාවැකි පළ කිරීමට සහ තවත් බොහෝ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
ක්රිකට් රසිකයන් ප්රිය කරන එක් තරඟ අංගයක් වන්නේ තරඟ පිළිබඳව පුරෝකථනය කිරීමය. එහිදී ඔවුන්ට තරඟයේ කාසියේ වාසිය ලබා ගැනීමේ සිට කණ්ඩායමක් වාර්තාකරණ ලකුණු ප්රමාණය සහ ජයග්රාහී කණ්ඩායම ඇතුළුව මුළු ක්රීඩා තරඟයම කුමන ආකාරයකට සිදුවේද කියා අනුමාන කිරීමට අවස්ථාව හිමි වේ. ක්රිකට් තරඟාවලිය අවසන් වන විට ශ්රී ලංකාව, නේපාලය, බංගලාදේශය සහ ඉන්දියාව යන රටවල ක්රිකට් රසිකයන් අතරින් පුරෝකථනය කිරීම හරහා වැඩිම ලකුණු ලබා ගනු ලබාගන්නා රසිකයින් තිදෙනා සඳහා Viber වෙතින් ආකර්ෂණීය ත්යාග දිනා ගැනීමට ද හැකියාව ලැබේ.
Cricket Vibes නාලිකාව හා එක්වෙමින් දිනපතා විනෝද වීමට, ජයග්රහණ ලැබීමට සහ වවුචර දිනා ගැනීමට පරිශීලකයින්ට අවස්ථාව හිමි වේ. ඔවුන්ට මාර්ගගත (virtual) ක්රමවේදය හරහා ක්රිකට් Games ක්රීඩා කළ හැකි අතර ඔවුන්ගේම නිවහන් තුළ රැදෙමින් ලකුණු එක්රැස් කිරීමට ද හැකියාව ඇත. ක්රිකට් ලෝක කුසලානයේ මුළු කාල සීමාව පුරාවටම සැබෑ තරගයකදී මෙන්, ඔවුන්ට ඔවුන්ගේම ප්රියතම ක්රිකට් ක්රීඩකයන් ලෙස සිතා Cricket Superbot හරහා පන්දුවකට පහර දීමේ අවස්ථාව උදා කරගත හැකිය.
''අපගේ පළමු Cricket Fiesta එක තුළින් අපි කොයිතරම් විශිෂ්ඨ සාර්ථකත්වයක් අත්කර ගත්තාද කිව්වොත්, ඒ හරහා දෙවැනි වසරේදී එය දෙගුණ කිරීමට අපට අපහසු කාර්යයක් වුණේ නැහැ. පසුගිය වසරේ නිර්මාණය කළ අවස්ථාවන් රසිකයින් විසින් මහත් උද්යෝගයකින් පිළිගනු ලැබුවා. එම නිසා අපි Cricket Superbot සමඟින් මේ වසරේදී එම අවස්ථාවන් තවත් පුළුල් කිරීමට සහ තවත් හොඳට සිදුකරන්න තීරණය කළා. එය මේ වන විටත් අපගේ තරු පන්තියේ පෙළගැස්ම සඳහා විශිෂ්ඨ වූ එකතුවක් වන අතරම මෙම වසරේ දී සහ ඉදිරි වසරවලදී ද ක්රිකට් නාලිකාව සමඟ මෙම උද්යෝගිමත් තරඟාවලිය සැමරීමට අපි බලාපොරොත්තු වෙනවා.'' යැයි Rakuten Viber හි ආසියානු ශාන්තිකර කලාපයේ (APAC) ජ්යෙෂ්ඨ අධ්යක්ෂ ඩේවිඩ් ට්සේ පැවසීය.
Viber හි 2022 වසරේ ක්රිකට් ලෝක කුසලාන ප්රචාරණ වැඩසටහනට ඇතුළත් අනෙකුත් විශේෂාංග සහ අවස්ථාවන් අතර කැමතිම කාච (Custom Lenses), ස්ටිකර් (Sticker Packs), ක්රිකට් Vibes නාලිකාවේ ක්රිකට් පිළිබඳව විශේෂ වූ Cricket Fixtures සහ ක්රිකට් පිළිබඳ කතා බහ (Cricket Talks) වැනි දෑ ඇතුළත් වේ. රසිකයින් හට දැන් Cricket Superbot අත්විඳීමට අවස්ථාව හිමිවී ඇති අතර මෙම වසර පුරා පැවැත්වෙන තරඟාවලි සියල්ලෙහිම එම අත්දැකීම අඛණ්ඩව ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
September, 7, 2022
ක්රිකට් ආසියානු කුසලාන ප්රශ්න මාලාව, Cricket Vibes නාලිකාව වෙත පිවිසීම, Cricket Talks සහ බොහෝ දෙනා බලා සිටි Cricket Superbot ආරම්භ කිරීම වැනි Rakuten Viber වෙතින් ගෙන එන ක්රියාකාරකම් ලැයිස්තුවක් ඉදිරි මාසවලදී ක්රිකට් ලෝලීන් බලාපොරොත්තුව සිටින්න!
Rakuten Viber විසින් වසර අවසානය දක්වා විනෝදාත්මක ක්රියාකාරකම් පෙළක් ක්රිකට් ලෝලීන් වෙත අත්දැකීම් ලෙස ලබා දෙයි. පණිවිඩ යැවීමේ යෙදුම හරහා Cricket Vibes Channel සමඟ ශ්රී ලංකාවේ ජනප්රියම ක්රීඩාව සමඟින් Viber සිය සලකුණ ශක්තිමත් කරන බැවින්, Viberහි ක්රිකට් පිළිබඳව කතා බහ (Cricket Talks), රසිකයන් වෙත ගෙන එන ප්රශ්න මාලාව (Fan Quizzes) සහ ක්රිකට් සුපර්බෝට් (Cricket Superbot) ආරම්භ කිරීම ඇතුළු තවත් අංග රැසක් ක්රීඩා ලෝලීන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත. නව Superbot විශේෂාංගය කඩිනමින් නාලිකාවට එක් කෙරෙන ස්වයංක්රීය විශේෂාංගයක් වන අතර එහිදී රසිකයින්ට ක්රිකට් තරග විඳිය හැකිය. එමඟින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්රිකට් තරග, සජීවී යාවත්කාලීන කිරීම්, තරඟ පිළිබඳ අනාවැකි සහ තවත් දේ පිළිබඳව ප්රථමයෙන්ම සාමාජිකයින් හට දැක බලා ගැනීමට සලස්වයි.
උද්යෝගය එකාකාරීව දිගටම පවත්වා ගැනීම සඳහා, ඔවුන් සියල්ලන්ගේම අවසාන ක්රිකට් රසිකයා තීරණය කිරීම සඳහා Viber විසින් දිනපතා තරඟයක් ද පවත්වනු ලබයි. එහිදී ක්රිකට් පිළිබඳව සුළු ප්රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබා දීමෙන් සහ ආකර්ෂණීය ත්යාග දිනා ගැනීමෙන් රසිකයින්ට ලකුණු ලබා ගැනීමට සහ ලකුණු එක් රැස් කර ගැනීමට හැකිවේ!
නිදහස් සන්නිවේදන යෙදුම ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාවට සහාය වීම සඳහා බහුවිධ වූ ප්රචාරණයන් දියත් කරනු ලැබූ පළමු අවස්ථාව මෙය නොවන අතර, සෑම අවස්ථාවකදීම ප්රේක්ෂකයින් ඒ සියල්ලටම කේන්ද්රගත කර ඇත. මේ වසර ආරම්භයේදී ශ්රී ලංකාව සහ ඕස්ට්රේලියාව අතර සජීවී ක්රීඩා තරඟයක් නැරඹීමට වාසනාව ක්රිකට් ලෝලීන්ට හිමි විය. ''අපගේ පෙර ක්රිකට් ප්රචාරණ වැඩසටහන් සාර්ථක වූ අතර මෙවැනි සහයෝගිතා තුළින් රසිකයින්ට උද්යෝගීමත් වූ ක්රියාකාරකම් සහ විශේෂාංග ලබා දීමට එම සාර්ථකත්වය අපව පොළඹවනු ලබනවා. ඔවුන් ක්රිකට් සඳහා ප්රතිචාර දක්වන ආකාරය සහ ඔවුන්ගේ කණ්ඩායම්වලට සහ ප්රියතම ක්රීඩකයින්ට සහය දෙන ආකාරය දැකීමෙන් ඔවුන් ක්රීඩාව කෙරෙහි කොයිතරම් කැපවීමක් ලබා දෙනවා ද යන්න පමණක් නොව ශ්රී ලාංකික ජනතාව ක්රිකට් වෙනුවෙන් කෙතරම් කැමැත්තක් දක්වනවාද යන්න පිළිබඳව පිළිඹිබු වෙනවා. මේ තුළින් තවත් ස්ටිකර් ඇසුරුම් (sticker packs), කාච (lenses), විශේෂ වූ නාලිකා වැඩසටහන් (Channel segments) සහ තවත් බොහෝ දේ නවීනත්වයෙන් යුතුව හඳුන්වා දීමට අපව පොලඹවනවා. මෙම රසික පදනම වර්ධනය වනවා දැකීම ඉතාමත් විචිත්රවත් වන අතර එහි කොටසක් වීමට ලැබීම අපට ගෞරවයක්'' වන බව Rakuten Viber හි ආසියා ශාන්තිකර කලාපයේ (APAC) ජ්යෙෂ්ඨ අධ්යක්ෂ ඩේවිඩ් ට්සේ පවසයි.
ආසියානු ක්රිකට් කුසලානය සහ එළැඹෙන 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරඟාවලිය තුළින් Viber විසින් හඳුන්වාදෙන Viber ක්රික් වයර් (Cricwire) සහ මිරර් සපෝර්ට්ස් (Mirror Sports) වැනි තවත් දේශීය ශ්රී ලාංකේය ප්රචාරණ විශේෂාංග කිහිපයක් සමඟින් Viber තවත් ඉදිරියට ගමන් කරනු ඇත. ක්ෂණික පණිවිඩ යැවීමේ යෙදුම මෙන්ම, මෙම විශේෂාංගවල නම් පාරිභෝගිකයින්ට හොඳම අත්දැකීම් ලබා දීමේ තීරුව දිගටම ඔසවා තබනු ඇත. ක්රීඩාව සඳහා ඔවුන් සතුව ඇති උද්යෝගය පෙන්වීමට ආසියානු කුසලානය රසිකයන්ගෙන් පිරුණු තරගයක් ලෙස සැමරීමට වඩා හොඳ ක්රමය කුමක් වේද? ඉන් එක ක්රමයක් වන්නේ අනාවැකි, ක්රීඩා ප්රතිඵල සහ දක්ෂතා සාකච්ඡා කිරීමට Cricket Vibes නාලිකාව තුළට ප්රවීණයන් පැමිණීමය. 2022 අගෝස්තු 20 වන දින, ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රීඩක ෆර්වීස් මහරූෆ් සහ බංග්ලාදේශ ක්රීඩා මාධ්යවේදී අරිෆුල් රෝනි සහ බංගලාදේශ ක්රිකට් ක්රීඩක ටස්කින් අහමඩ් යන අය Cricket Talks වැඩසටහන සඳහා සහභාගී විය. මෙම නාලිකාවේ සාමාජිකයන්හට වමතින් පන්දුවට පහර දෙන පිතිකරුවකු වන භානුක රාජපක්ෂ සහ හිටපු ක්රිකට් ක්රීඩක ලසිත් මාලිංග සමඟ ඉදිරියේදී පැවැත්වෙන ආරාධිත වැඩසටහනක් දැකබලා ගැනීමට හැකිවනු ඇත.
ක්රිකට් රසිකයන් සඳහා දැන් Cricket Vibes Channel සහ Cricket Superbot සමඟ දිනපතා යාවත්කාලීන කිරීම්, සුවිශේෂී අන්තර්ගතයන් සහ තවත් බොහෝ දේ බැලීම සඳහා සම්බන්ධ විය හැක.
June, 16, 2022
පුද්ගලික ලොබි හරහා ප්රජාවන්ගේ ක්රීඩා අතර උද්යෝගය සොයමින් ලොව ප්රමුඛ පෙළේ පණිවිඩ යැවීමේ යෙදුම තුළ Hypercasual ක්රීඩාවන්ට පිවිසෙන්න
Rakuten Viber හා Mineski Global සමඟ සහයෝගීතාවය ඇතිව ලොව ප්රමුඛ පෙළේ පණිවුඩකරණ යෙදුම වන Viber තුළ ආකර්ෂණීයව සහ පහසුවෙන් ක්රීඩා කළ හැකි අති නවීන වූ ජංගම වීඩියෝ ක්රීඩා (Hypercasual Games) හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
ආසියා පැසිෆික් කලාපය පුරා විසිරී සිටින Viber පරිශීලකයින් සඳහා 2022 වසරේ ජූනි මාසයේ සිට Viber හි mgames chatbot හරහා සෑම මසකම නව ක්රීඩා හඳුන්වාදීමට නියමිත අතර ඒ සමඟින්, Hypercasual ක්රීඩා 70ක් දක්වා නොමිලේ සහ පහසුවෙන් ක්රීඩා කිරීමට ප්රවේශය ලබා දී ඇත. mgames යනු Mineski Global සමාගම විසින් නිර්මාණය කරන ලද ජංගම වීඩියෝ ක්රීඩා වේදිකාවක් වන අතර ක්රීඩා කිරීමට පහසු මෙන්ම ක්රීඩාව හා සම්බන්ධ නියමයන් සහ සැලසුම් අනුව සැහැල්ලු ලෙස ක්රීඩා කිරීම සඳහා පුළුල් අවස්ථා රැසක් සලසා දී ඇත.
“විවිධ වූ පරිශීලකයින් සඳහා ජංගම ක්රීඩා අපගේ වේදිකාවට ඒකාබද්ධ කිරීමට Mineski Global සමාගම සමඟ අප ඇති කරගත් සහයෝගීතාවය පිළිබඳව සතුටට පත් වන බව Rakuten Viber හි ජ්යෙෂ්ඨ අධ්යක්ෂ ඩේවිඩ් ට්සේ පවසයි. ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි."අපි Viber තුළින් හුදෙක් ක්රීඩාවක් පමණක් එළිදක්වන්නේ නැත. අපිට අවශ්ය වන්නේ මේ හරහා Hypercasual ක්රීඩකයින්ගේ ප්රජාවක් ගොඩනැඟීමටයි. අපගේ පරිශීලකයින්ට ක්රීඩා වින්දනයක් තුළින් එකිනෙකා අතර අන්තර් සබඳතා සහ සන්නිවේදන ක්රියාවන් වැඩි දියුණු කිරීම සඳහා තවත් මාවතක් සලසා දීම අපගේ අපේක්ෂාවයි.''
ඇදහිය නොහැකි ලෙස වචන ගලපන්නන් (Word Masters) සහ ත්රාසය සොයන ඇඩ්රිනලින් ලෝලීන්ගේ සිට අපූරු ප්රහේලිකා විසඳන්නන් සහ තරඟකාරී ධාවකයන් ඇතුළුව Viber භාවිතා කරන සියල්ලන් සහ වයස් කාණ්ඩ සඳහා විවිධ වූ විකල්ප සමඟින් නියත වශයෙන්ම මෙහි ක්රීඩාවක් නිර්මාණය වී ඇත.
මෙම Hypercasual ක්රීඩා මගින් Viber පරිශීලකයින්ට තරඟකාරීව ත්යාග දිනා ගැනීමට සහ එම ක්රීඩා වල ප්රමුඛත්වයන් හිමි කර ගැනීම සඳහා ඔවුන්ගේ Viber ජාලය ඉඩ සලසා දෙයි. පරිශීලකයින්ට ඔවුන්ගේම පුද්ගලික ලොබි නිර්මාණය කිරීමට සහ Viber මත ඔවුන්ගේ මිතුරන් සහ පවුලේ අය සමඟ ප්රීතිමත් කාලයක් ගත කළ හැකිය.
''ක්රීඩාවේ සමාජ පැතිකඩ බොහෝ විට නොසලකා හරිනවා. නමුත් එය පාරිභෝගික හැසිරීම් දිරිමත් කරන බව අපි විශ්වාස කරනවා. උදාහරණයක් ලෙස, Viber හි mgames වල පුද්ගලික ලොබි තිබෙනවා. එම නිසා පරිශීලකයින්ට ඔවුන්ගේ පවුලේ අය සහ මිතුරන් සමඟ මිත්රශීලී තරඟ පැවැත්වීමේ හැකියාව පවතිනවා. මෙය සහ අනෙකුත් විශේෂාංග තුළින් ඔබගේ පණිවිඩ යැවීමේ යෙදුම වඩාත් උනන්දුවක් ඇතිකරවන අත්දැකීමක් බවට පත් කරන නව්යතාවයක් එක් කරනවා. '' යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mineski Global සමාගමේ ප්රධාන විධායක නිලධාරී රොනාල්ඩ් රොබින්ස් පවසයි.
''ජංගම දුරකථන වීඩියෝ ක්රීඩා වල රසිකයෙක් ලෙස මට Viber හි මෙම නව එකතු ඉතාමත් විනෝදජනකයි. එය මට මගේ මිතුරන් සමඟ අත්විඳිය හැකි තවත් උද්යෝගිමත් ක්රියාවක්.'' බව මෙම අවස්ථාවට සහභාගී වූ පිලිපීන අන්තර්ගත නිර්මාතෘ කයිල් වර්ගාරා පැවසීය. Viber හි ඇති mgames අපට ලඟ නොසිට දුරස්ථව හෝ සම්බන්ධ වීමට ඉඩ සලසා දෙනවා. මම ඉදිරියේදී මිතුරන් සමඟ විනෝදාත්මක තරඟ පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා'' යැයි වර්ගාරා වැඩිදුරටත් අදහස් දැක්වීය.
"ක්රීඩා කිරීමෙන් තමන්ට සතුටක් ගෙන දෙන බව උද්යෝගිමත් ක්රීඩා අන්තර්ගත නිර්මාපකයෙකු වන ෂායි ඔර්ටිලී පවසයි. Viber හි මෙම ක්රීඩා මට මගේ මිතුරන් සහ සහෝදර සහෝදරියන් සමඟ සහ මගේ දෙමාපියන් සමඟ පවා බෙදා ගැනීමට ඉඩ සලසනවා. මෙම Hypercasual ක්රීඩා තුළින් අනෙක් අයට ක්රීඩා කිරීමෙහි සතුට සොයා ගෙන යාමටත්, ඔවුන් කැමති නම් ඒ සඳහා ලැදි වූ ක්රීඩකයින් වීමටත් මග පාදනු ඇතැයි මම අපේක්ෂා කරනවා "යැයි ඔහු සඳහන් කරයි.
පසුගිය ජූනි 8 වන දින Mandaluyong නගරයේ පැවති Viber හි mgames chatbot මාධ්ය වෙත එළිදැක්වූ අවස්තාව අතරතුර පිලිපීන ජනමාධ්ය සාමාජිකයින් සහ ඇතැම් අන්තර්ගත නිර්මාපකයින් ආකර්ෂණීය ත්යාග දිනා ගැනීම සඳහා තරඟ කරමින් විනෝදයක් අත්විඳිනු ලැබුහ. නේපාලයේ සහ බංගලාදේශයේ ජනමාධ්ය සාමාජිකයන්ද ඊට මාර්ගගතව සම්බන්ධ විය. මෙම උත්සවයේදී පුද්ගලික ලොබිවල ක්රීඩා කරන ලද සමහර ක්රීඩා වූයේ Tako Block ක්රීඩාවයි. මෙය ප්රීතිමත් හා නිමක් නැතිව ක්රීඩා කළ හැකි ක්රීඩාවක් වන අතර එහිදී ක්රීඩකයින්ට බාධක බිඳ ගෙන හෝ ඒවා හරහා යාමට Tako Block තැනීමට අවශ්ය වේ. Whack A Mole ක්රීඩාව කාලානුරූපී විනෝදාත්මක සහ වේගවත් අයුරින් ක්රීඩකයින්ට ඔවුන්ගේ විනෝදය හා අත්දැකීම තව තවත් ලබා දීමට ඉඩ සලසා දෙයි. Furious Speed ක්රීඩාව ක්රීඩකයින්ගේ ඇඩ්රිනලින් හෝමෝනය වැඩි කරවන විස්මිත වූ මෝටර් රථ හඹා යාමේ ක්රීඩාවකි.
''Viber සමඟ අප ඇතිකර ගත් හවුල්කාරිත්වය මේ තුළින් ප්රතිලාභදායක අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා වන අපගේ කැපවීම පිළිබිඹූ කරන්නක්. මෙම ඒකාබද්ධ වූ Hypercasual ක්රීඩා ඔස්සේ ප්රජාවන් අතර ආදරයක් ගොඩනැගීම Mineski සමාගමේ මුල් අවදිය සිහිපත් කරවන අතර Viber හට පමණක් එක් කළ හැකි විශාල සහ විවිධ Hypercasual ක්රීඩා ප්රේක්ෂකයින් වෙත මෙම පොරොන්දුව ලබා දීම ගැන අපි ආඩම්බර වන බව ”Mineski හි ප්රධාන විධායක නිලධාරී රොනාල්ඩ් රොබින්ස් වැඩිදුරටත් සඳහන් කළේය.
දැන්ම Viber හි ක්රීඩා කිරීම ආරම්භ කර ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ විනෝදය බෙදා ගැනීමට පුද්ගලික ලොබි සදා ගන්න. Viber හි mgames ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට www.viber.com සහ www.mineskiglobal.com/mgames වෙත පිවිසීමෙන් හෝ සමාජ මාධ්ය හරහා Rakuten Viber සහ Mineski Global සෙවීමෙන් ලබා ගත හැකිය.

Video Story