November, 24, 2022
අද (24) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි තවත් භාණ්ඩ 78ක ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්යවරයා පෙන්වා දෙන්නේ සංචාරක සහ කර්මාන්ත යන ක්ෂේත්රයන් හි ප්රවර්ධනය උදෙසා අවශ්ය වන භාණ්ඩ රැසක් ඒ් අතර වන බවයි. ශීතකරණ, අධි ශීතකරණ, ඇගලුම්, සෙරමික් භාණ්ඩ, ටයිල්, රෙදි සෝදන යන්ත්ර, ගුවන්විදුලි යන්ත්ර, වොටර් හීටර්, බ්රේක් ලයිනර් සහ බ්රේක් පෑඩ්ස් ඒ අතර වෙයි.
මෙලෙස ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ අතුරින් 15ක් සඳහා ඒ ක්ෂේත්රවල බලධාරීන්ගේ නිර්දේශ මත ආනයන අපනයන පාලකගේ අනුමැතියෙන් ආනයනය කිරීමට අවසර හිමිව තිබේ. ඒ අතරට රූපලාවාන්ය උපකරණ, සුවඳ විලවුන්, දන්ත සෞඛ්ය උපකරණ ඇතුළත් වේ. මේවා ආනයනය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ප්රධාන විධායක නිලධාරීයාගේ හෝ සංචාරක ප්රවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ හෝ නිර්දේශය අවශ්ය වේ.
පවතින විදේශ විනිමයි අර්බුදය හේතුවෙන් පසුගිය අගෝස්තු මස 23 වැනි දා සිට ක්රියාත්මක වන පරිදි භාණ්ඩ එච්.එස්. කේත 1,468කට අයත් භාණ්ඩ ආනයනය අත් හිටුවීමට රජය කටයුතු කළ අතර අනතුරුව විවිධ පාර්ශ්වයන්ගෙන් ලද සාධාරණ ඉල්ලීම් සලකා බලා සැප්තම්බර් මස 09 දා ඉන් භාණ්ඩ 708ක ආනයන තහනම ඉවත් කිරීමට රජය පියවර ගත් බවයි අමාත්යවරයා සඳහන් කළේ.
October, 21, 2022
රූපලාවන්ය උපකරණ, මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ඉදිරි සති දෙකක කාලය තුළ ඉවත් කරන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්යවරයා පවසන්නේ අදාළ ක්ෂේත්රයන්හි රැකියාවන්වල නිරත පිරිස් වෙතින් දිගින් දිගටම ලද අභියාචනා සැලකිල්ලට ගනිමින් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත මෙම සීමා ඉවත් කිරීමට සිදු කිරීමට නියමිත බවයි.
පවතින විනිමය අර්බුදය හේතුවෙන් භාණ්ඩ 1,465කට ආනයන සීමා පනවමින් ඉකුත් අගොස්තු මස 23 වැනි දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි. පසුව ඉදිරිපත් වූ අභියාචනා සැලකිල්ලට ගනිමින් භාණ්ඩ 708ක් එම ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු බව අමාත්යවරයා සඳහන් කළේය.
අමාත්යවරයා මේ බව කියා සිටියේ අද (21) පෙරවරුවේ කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේ ශ්රී ලංකා රේගුවට අයත් අංගනවල නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. මෙහි දී රේගු භාරයට ගෙන රාජසන්තක කරන ලද ආනයනය තහනම් භාණ්ඩ තොගයක් ද අමාත්යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. ජංගම දුරකතන, රූපලාවන්ය උපකරණ ඇතුළු භාණ්ඩ ඒ අතර වෙයි.
අමාත්යවරයා කියා සිටියේ විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන සාධාරණ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී මෙම ආනයන සීමා ක්රමානුකූලව ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
රේගු අධ්යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා ඇතුළු රේගුවේ ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාව එක් වූහ.
Video Story