October, 31, 2022
ශ්රී ලංකාවේ ප්රථම සංවර්ධන මූල්ය සමාගම වන සර්වෝදය ඩිවලොප්මන්ට් මුල්ය සමාගම (Sarvodaya Development Finance - SDF), පසුගියදා පැවති BestWeb.lk සම්මාන උළෙලේදී බැංකු හා මූල්ය සේවා කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලබන ලදී. ‘LK Domain Registry’ සංවිධානය කළ මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුයේ 12 වැනි වරට වන අතර, එහිදී මෙරට ප්රධාන පෙළේ සමාගම් හා සන්නාම සතු වෙබ් අඩවි අතරින් විශිෂ්ටතම හා නිර්මාණශීලී වෙබ් අඩවි රැසක් ඇගයීමට ලක්විය. එහිදී මෙරට ප්රධානතම බැංකු හා මූල්ය සමාගම් සතු වෙබ් අඩවි සමග තරඟ වදිමින් මෙම කුසලතා සම්මානය හිමි කර ගැනීමට SDFහි වෙබ් අඩවියට හැකියාව ලැබිණි.
“ව්යාපාර ලෝකයේ සිදුවෙමින් පවතින වෙනස්කම් සහ නව ප්රවණතා පිළිබඳව අප ආයතනය සිටින්නේ දැඩි අවධානයකින්. මේ අතරින් එක් ප්රධානතම ප්රවණතාවක් වන්නේ ඩිජිටල් මූල්ය හා තාක්ෂණ ක්ෂේත්රයේ දියුණුවයි. වර්තමානයේ වෙබ් අඩවියක් යනු සයිබර් අවකාශයේ පවත්වාගෙන යන ප්රධාන ශාඛාවකට සමාන දෙයක්. මේ වනවිට ඩිජිටල් නාලිකා හරහා සමාගමේ සේවාවන් ලබාගැනීමට ගනුදෙනුකරුවන් වැඩි නැඹුරුවක් දක්වන බව සමාගමේ පර්යේෂණ හරහා හඳුනාගෙන තිබෙනවා. එම නිසා සමාගමේ වෙබ් අඩවිය ගනුදෙනුකරුවන්ට පහසුවෙන් භාවිතා කළ හැකි, ආකර්ෂණීය වෙබ් අඩවියක් බවට පත්කිරීමට අප විසින් පියවර ගනු ලැබුවා. මේ ආකාරයට BestWeb.lk සම්මාන උළෙලේදී කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට හැකි වීම අපට මහත් සතුටක් සහ ගෞරවයක් වූ අතර ඒ වෙනුවෙන් අප මෙම සම්මාන උළෙලේ සංවිධායකවරුන්ටත්, අපගේ ගනුදෙනුකරුවන්ටත් ස්තූතිවන්ත වෙනවා. අපගේ ගනුදෙනුකරුවන් ලබාදුන් යහපත් ප්රතිචාර මත අපට මේ සම්මානය හිමි වුණා” යැයි ද SDF සමාගමේ තොරතුරු තාක්ෂණ අංශයේ ප්රකාශකයෙකු අප හා පැවසී ය.
දක්ෂ නිර්මාණශීලී කණ්ඩායමක් විසින්, UI/UX වෘත්තිකයන්ගේ සහයෝගය සහිතව SDF වෙබ් අඩවිය නිර්මාණය කරන ලදි. ආකර්ෂණීය සැලසුම, පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණත, පහසු භාෂා පරිවර්තන හැකියාව, අකුරු ප්රමාණයන් වෙනස් කළ හැකි වීම යනාදිය සමග ණය වාරික ගණකයක් සහ ක්ෂණික ඇමතුම් ලබාගැනීමේ හැකියාව ඇතුළු තවත් විශේෂාංග රාශියක්ද එක්කර මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ. සමාගමේ සේවාවන්, ආයෝජක තොරතුරු සහ අනෙකුත් සේවාවන් පිළිබඳව වැදගත් තොරතුරු පහසුවෙන් සොයාගත හැකිවන ආකාරයට මෙය සැලසුම් කිරීමට මෙහිදී විශේෂ අවධානයක් යොමුකර ඇත.
SDF යනු රටේ අඩු සහ මධ්යම ආදායම්ලාභී කණ්ඩායම් වෙත පෞද්ගලික අංශයේ ආයෝජන යොමු කළ පළමු විධිමත් මූල්ය ආයතනයයි. එමෙන්ම එය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වූ පළමු සමාජ ආයෝජන (Impact Investment) මූල්ය සමාගමද වේ. පුළුල් පරාසයක විහිදුණු මූල්ය සේවාවන් සපයමින් රට පුරා සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර කේන්ද්රගතව කළමනාකරණය, ඩිජිටල් අලෙවිකරණය, මූල්ය සහ ඒ ආශ්රිත අනෙකුත් විෂය කරුණු මුල්කරගත් ව්යවසායකත්ව සංවර්ධන වැඩසටහන් සංවිධානය කරමින් SDF සමාගම තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් තම මෙහෙවර ඉටුකරයි.
වර්තමාන හා අනාගත ගනුදෙනුකරුවන් සහ ආයෝජකයන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් සමග ගනුදෙනු කිරීමේදී කාර්යක්ෂම වෙබ් අඩවියක් කෙතරම් දුරකට ක්රමෝපායික වශයෙන් වැදගත් වන්නේද යන්න SDF සමාගම හොඳින් හඳුනයි.
2022 BestWeb.lk සම්මාන උළෙලේදී බැංකු හා මූල්ය සේවා කාණ්ඩය යටතේ සමාගම වෙත හිමි වූ කුසලතා සම්මානය සමාගමේ නියෝජිතයන් විසින් පිළිගන්නා ලද අවස්ථාව ඡායාරූපයෙහි දැක්වේ.
ඡායාරූපය : (වමේ සිට) SDF සමාගමේ තොරතුරු තාක්ෂණ ජ්යෙෂ්ඨ කළමනාකරු නිපුන් ප්රනාන්දු මහතා සහ තොරතුරු තාක්ෂණ කළමනාකරු මනෝජ් බණ්ඩාර මහතා
October, 27, 2022
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම, මෙරට අධ්යාපන ක්ෂේත්රය ඉහළ නැංවීම සඳහා තමන් දක්වන දායකත්වය ඉස්මතු කරමින් මෙවර ලෝක සාක්ෂරතා දිනය සමරන ලදී. ලෝක සාක්ෂරතා දිනය සෑම වසරකම සැප්තැම්බර් 08 වන දිනට යෙදෙන අතර, ‘’සාක්ෂරතා ඉගෙනුම් ප්රවේශයන් පරිවර්තනය කිරීම’’ යන්න මෙවර එහි තේමාව විය. සමාජයේ විවිධ තලවල සාක්ෂරතා මට්ටම ඉහළ නැංවීමට ඉගෙනුම් ප්රවේශයන්හි ඇති වැදගත්කම කෙරෙහි සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමුකරවීම සඳහා ලෝක සාක්ෂරතා දිනය මනා පදනමක් සපයයි. ඒ තුළින් ගුණාත්මක, සාධාරණ හා සහභාගීත්ව අධ්යාපනයක් සෑම දෙනාටම සැපයිය හැකි බව විශ්වාසයයි.
පසුගිය වසර කිහිපය තුළදී මෙම අරමුණ සාක්ෂාත් කරගැනීමෙහිලා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම ගත් උත්සාහයන් පිළිබඳව එම සමාගමෙහි ප්රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා පැහැදිලි කරන ලදී. ප්රජා සත්කාරයන් හා ශ්රී ලාංකික අධ්යාපන ක්ෂේත්රය ඉහළ නැංවීමට ක්රියාකාරී ලෙස දායක වන සමාගම් අතරින් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම ද ඉදිරියෙන් සිටී. මූල්ය සේවාවන් හරහා ශ්රී ලංකාවේ ග්රාමීය සහ නාගරික ප්රජාවන් සවිබල ගැන්වීමේ මූලික අරමුණට අමතරව, සර්වෝදය උසස් අධ්යාපන ආයතනය, මුල් ළමාවිය සංවර්ධන ඒකකය සහ සර්වෝදය සුභසාධක සමිතිය යනාදිය හරහා ශ්රී ලංකාව තුළ වඩා හොඳ සාක්ෂරතා ඉගෙනුම් අවකාශයන් නිර්මාණය කිරීම අප සමාගමෙහි අරමුණයි. සර්වෝදය ශ්රමදාන සංගමයේ දර්ශනය අනුව දරුවන්ට යහපත් අධ්යාපනික පදනමක් ලබාදීමේ අරමුණින්, සර්වෝදය සුභසාධක සමිතිය මගින් ක්රියාත්මක කරනු ලබන පෙරපාසල් ව්යාපෘතිය අප ආයතනය විසින් ක්රියාවට නංවන සමාජ සත්කාරක ව්යාපෘතියකි. මෙම ව්යාපෘති වලට අමතරව ග්රාමීය ප්රදේශ වල සිසුන්ගේ අධ්යාපන මට්ටම නංවාලීමේ වැඩසටහන් ක්රියාත්මක වන අතර එම ප්රදේශවල තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව ප්රවර්ධනය කිරීම සඳහා පරිගණක ඉගෙනුම් මධ්යස්ථානයක් පිහිටුවීමටද අප සමාගම මේ වසරේ දී කටයුතු කර තිබේ. විශේෂයෙන්ම රටක් ලෙස අප මුහුණ දෙන අභියෝග මධ්යයේ මෙම වැඩසටහන් අඛණ්ඩව ක්රියාත්මක කිරීමටත්, සෑම ශ්රී ලාංකිකයෙකුටම හොඳ අධ්යාපනයක් සහ සාක්ෂරතාවක් තුළින් ලැබෙන ප්රතිලාභ භුක්ති විඳීමට අවස්ථාව ලබාදීමටත් මෙමඟින් උත්සාහ කෙරේ.
සර්වෝදය උසස් අධ්යාපන ආයතනය, අධ්යාපන ක්ෂේත්රය තුළ සම්බන්ධතා ගොඩනංවමින් මෙරට ග්රාමීය ප්රදේශ වල යහපත් අධ්යාපන හා සාක්ෂරතා ඉගෙනුම් අවකාශයන් ස්ථාපිත කිරීමට උපකාරී වන අතරම, වඩාත් ඒකාබද්ධ විෂය මාලාවක් නිර්මාණය කිරීම සඳහා විවිධ පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කරයි. මුල් ළමාවිය සංවර්ධන ඒකකය, ග්රාමීය ප්රදේශවල දෙමාපියන්, දරුවන් සහ ප්රජාව දැනුවත් කිරීම සඳහා පෙර පාසල් සහ ළමා සුරැකුම් මධ්යස්ථානවලට සහය වෙයි. මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ප්රවීණ උපදේශකවරුන්ගේ මෙහෙයවීම යටතේ සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ සර්වෝදය සුභසාධක සමිතියේ පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්යස්ථාන ක්රියාත්මක වේ. දැනට මේ යටතේ පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්යස්ථාන 1,427 ක් ක්රියාත්මක වන අතර, එම මධ්යස්ථාන තුළ දරුවන්ට ආරක්ෂිත සහ ආකර්ෂණීය සාක්ෂරතා ඉගෙනුම් අවකාශයන් සපයා දී ඇත.
මෙම වසරේදී සර්වෝදය ඩිවලෝප්මන්ට් ෆිනෑන්ස් සමාගම විසින් ග්රාමීය තොරතුරු තාක්ෂණික සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් පරිගණක ඉගෙනුම් මධ්යස්ථානයක් පිහිටුවන ලදී. මෙරට මෘදුකාංග නිර්මාණය සම්බන්ධ ප්රමුඛතම සමාගමක් වන Mithra Innovation සමග එක්වී මෙම මෙහෙවර ක්රියාවට නංවන ලද අතර මෙමගින් මෙරට ග්රාමීය ප්රදේශ වල දරුවන්ට මෘදුකාංග සැලසුම්කරණය ඉගෙන ගැනීම සඳහා මහඟු අවස්ථාවක් හිමි වී තිබේ. මෙහි මූලික නියාමන ව්යාපෘතිය යටතේ මාස 6 ක කාලයක් තුළ සිසු සිසුවියන් 25 දෙනෙකුට වැඩි පිරිසකට පුහුණුව ලබාදී, ඔවුන්ට වටිනා සහතිකයක් පිරිනැමීම සහ රැකියා අවස්ථා සහතික කිරීම සිදුකරන ලදි. මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් මීළඟ අදියරේදී සිසුන් 100 කට අධික සංඛ්යාවකට පුහුණු අවස්ථා ලබාදීමට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම මේ වනවිට සැලසුම් කර තිබේ.
ශ්රී ලංකාවේ අධ්යාපන ක්ෂේත්රය ඉහළ නංවාලීමේ තවත් වැඩසටහනයක් ලෙස, කොළඹ විශ්වවිද්යාලයේ උපාධිධාරී සංගමය සමඟ එක් වී, සිය අවසන් පාසල් විභාගයේදී ගණිතය විෂයට ලකුණු 40 ට අඩුවෙන් ලබාගත්, ග්රාමීය ප්රදේශවල අ.පො.ස. සාමාන්ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම කටයුතු කළේ ය. මෙහි පළමු සම්මන්ත්රණයට අම්පාර ඩී. එස්. සේනානායක මහා විද්යාලය සහ උහන මහ විද්යාලය යන පාසල් වල සිසු සිසුවියන් 500 කට අධික පිරිසක් සහභාගී වූහ. එමෙන්ම කැබිතිගොල්ලෑව අධ්යාපන කලාපයේ පාසල් 17 ක සිසු සිසුවියන් වෙනුවෙන් තවත් සම්මන්ත්රණයක් පවත්වන ලදි. මෙම සම්මන්ත්රණ මාලාව, ගණිතය පිළිබඳ විශේෂඥ පුහුණුවක් සහිත ප්රවීණ ගුරුවරුන් පිරිසක් විසින් සිසුන්ගේ සිත් ඇදගන්නා පරිදි, තේරුම් ගැනීමට පහසු සහ සංක්ෂිප්ත ආකාරයෙන් පවත්වන ලදි. මෙම සම්මන්ත්රණ වලට සහභාගී වූ සිසු සිසුවියන්ට ලිපි ද්රව්ය සහ ආදර්ශ විභාග ප්රශ්න පත්ර සමඟින් සෑම දිනකම ආහාර වේල් 2 ක් නොමිලේ ලබා දීම සිදු විය. විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සිසු සිසුවියන් දිරිගන්වමින්, සාමාන්ය පෙළ විභාගයෙන් සමත් වීම සඳහා ඔවුන් යොමුකරවීම මෙම වැඩසටහන් වල මූලික අරමුණ වූ අතර, මෙම සිසුන් සම්බන්ධයෙන් පසුව සිදුකළ සමීක්ෂණයකින් පෙනී ගියේ ඔවුන් අතරින් 80% ක්ම සාමාන්ය පෙළ ගණිතය විෂය සමත් වී ඇති බවයි. ඒ අනුව ඔවුන්ට තම උසස් අධ්යාපන කටයුතු සිදුකිරීම සඳහා අවස්ථාව ලැබී තිබේ.
සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම යනු මෙරට සංවර්ධන මූල්ය සේවා ක්ෂේත්රයේ ප්රමුඛතම සමාගමකි. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති එම සමාගම මේ වනවිට උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව දිවයින පුරාම තම සේවාවන් ව්යාප්ත කර තිබේ.
Video Story