December, 12, 2022
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් වෙතින් ගෙන එන, මෙරට වඩාත් විශ්වාසදායක මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාර්ඩ් විසින්, මුඛ සෞඛ්යයේ වැදගත්කම ප්රවර්ධනය කිරීම සඳහා දීපව්යප්ත ප්රචාරණ වැඩසටහනක් ලෙස සිය ජංගම දන්ත වෛද්ය සායනය දියත් කළ අතර, එම ජංගම දන්ත වෛද්ය සායනය මගින් පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ සැසියක් මෙන් ම ඔවුන්ගේ දන්ත පරීක්ෂාවක් නොමිලේ සිදු කෙරිණි.
ක්ලෝගාඩ්, සෞඛ්ය අමාත්යාංශය සමඟ එක්ව මෙම ජංගම දන්ත වෛද්ය සායනය සංවිධානය කළ අතර, අති සාර්ථක ලෙස මාස 2ක කාලයක් පුරා ක්රියාත්මක කෙරුණු එම වැඩසටහන මගින් දිවයින පුරා දරු දැරියන් 11,000 කට අධික සංඛ්යාවක් ආවරණය කෙරිණි. එමෙන් ම මෙම මාස දෙක තුළ දරු දැරියන් 6,500 කට අධික සංඛ්යාවක් නොමිලේ දන්ත පරීක්ෂාව සිදු කරගත්හ. ක්ලෝගාඩ් ජංගම දන්ත සායනය තුන්වන මාසයේ දී ත් ක්රියාත්මක වීමට නියමිත ය.
සීමිත මුඛ සෞඛ්ය පහසුකම් සහිත ග්රාමීය ප්රදේශවල පාසල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ක්රියාත්මක වූ මෙම වැඩසටහන අතරතුර දී දරු දැරියන් වෙනුවෙන් අධ්යාපනික හා විනෝදාත්මක ක්රියාකාරකම් ද ක්රියාත්මක කෙරුණු අතර, දන්ත වෛද්ය පරීක්ෂණය අවසානයේ දී දරු දැරියන්ට සිත් ඇදගන්නා සුළු ත්යාග ද ප්රදානය කෙරිණි. එහි දී ක්ලෝගාඩ් සුරතලා වන 'චූටි ලේනා' සායනයට සහභාගි වූ දරු දැරියන් දිරිගැන්වීම ද සුවිශේෂී අත්දැකීමක් විය.
හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් සමාගමේ අලෙවි සාමාන්යාධිකාරී ඩෙරික් ඇන්තනි මහතා ප්රකාශ කළේ, “ අපගේ ජංගම දන්ත වෛද්ය සායනය නැවත ආරම්භ කරමින් මෙම ප්රචාරණ වැඩසටහන දියත් කිරීමට හැකිවීම ඇත්තට ම සතුටට කරුණක්. මේ වන විට, මෙම සායනය හරහා විශාල දරු දැරියන් පිරිසක් වෙත ළඟා වීමට අපට හැකි වූ නිසා එය අතිසාර්ථක වැඩසටහනක් වුණු බව පැවසිය යුතු ම යි. මෙම වැඩසටහනේ මීළඟ අදියරේ දී දිවයිනේ අනෙකුත් ප්රදේශ මීටත් වඩා පුළුල් ලෙස ආවරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.
ක්ලෝගාඩ් යනු ශ්රී ලංකාවේ වඩාත් ම විශ්වාසදායක මුඛ සත්කාර සන්නාමය වන අතර, ශ්රී ලාංකේය ජාතිය දත් කුහරවලින් තොර ජාතියක් බවට පත් කිරීමේ ප්රයත්නයේ කොටසක් ලෙස රට පුරා තවත් මෙවැනි ජංගම දන්ත වෛද්ය සායන අඛණ්ඩව පැවැත්වීමට ක්ලෝගාඩ් අරමුණු කරයි.
September, 14, 2022
පීපල්ස් ලීසිං සමාගමේ පූර්ණ මූල්ය අනුග්රාහකත්වය යටතේ සේරුවිල ප්රජා සංවර්ධන පදනමට මගී ප්රවාහන බස් රථයක් පරිත්යාගකිරීම පසුගියදා පිපල්ස් ලීසිං ප්රධාන කාර්යාල පරිශ්රයේදී සිදුකෙරුණි.
සේරුවිල ප්රදේශය අවට සිටින පාසල් සිසුන්ට නොමිලේ ප්රවාහන පහසුකම් සපයාදීමේ අරමුණින් නව බස් රථයක් මිළදීගැනීමට සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති සහ සේරුවිල ප්රජා සංවර්ධන පදනමේ සභාපති පූජ්ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන්වහන්සේ විසින් පීපල්ස් ලීසිං සමාගමෙන් කරන ලද ඉල්ලීමකට ප්රතිචාර ලෙස මෙම පුණ්ය කටයුත්ත සමාගමේ සමාජ සත්කාරක ව්යාපෘතියක් ලෙස දියත් විය.
මෙම බස් රථය සේරුවිල ප්රජා සංවර්ධන පදනමේ සභාපති පූජ්ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන්වහන්සේට පීපල්ස් ලීසිං සමාගමේ හිටපු සභාපති සුජිව රාජපක්ෂ මහතා සහ ප්රධාන විධායක නිළධාරී සාමාන්යාධිකාරී ෂමීන්ද්ර මර්සිලිං මහතා විසින් නිල වශයෙන් ප්රදානය කරනු ලැබීය.
බස් රථය ප්රදානයකිරීමේ උත්සවයේ අනුශාසක කථාව සිදුකරමින් පූජ්ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන්වහන්සේ පැවසුවේ සේරුවිල සුමේධංකරපුර, කාවන්තිස්සපුර, බ්ලොක් සී, සේරුනුවර, සෝමාවතිය පාර සහ මහවැලිගම යන ගම්මානවල පවතින වන අලි තර්ජන නිසා ආරක්ෂාකාරීව පාසල් යෑමේ අභියෝගයට ළමුන් මුහුණදෙන බවත් එයට විසදුමක් ලෙස දරුවන්ට නොමිලේ ප්රවාහන පහසුකම් ලබාදීමට අවශ්ය බස් රථයක් මිළදීගැනීමට පීපල්ස් ලීසිං සමාගමෙන් සිදුකළ ඉල්ලීමට ක්ෂණික ප්රතිචාරයක් විදියට එම ප්රදේශයේ දරුවන්ට නොමිලේ බස් රථයක් ලබාදීම වෙනුවෙන් පීපල්ස් ලීසිං සමාගමේ හිටපු සභාපති සුජිව රාජපක්ෂ මහතා සහ ප්රධාන විධායක නිලධාරී/සාමාන්යාධිකාරී, ෂමීන්ද්ර මර්සිලිං මහතා ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලයේ සියළු දෙනාට සේරුවිල ප්රජා සංවර්ධන පදනම සහ ප්රදේශවාසීන්ගේ කෘතවේදී’ත්වය පළකරන බවය.
මෙම උදාරතර කටයුත්ත, පීපල්ස් ලීසිං සමාගමේ සමාජ සත්කාරක ව්යාපෘතියක් ලෙස සිදුකිරීමට හැකිවීම පිළිබඳව අප සමාගම ඉතා සතුටට පත්වන බවත් මෙම මගී ප්රවාහන බස් රථය සේරුවිල ප්රදේශවාසී පාසල් දරුවන්ට ලැබුණු ධනයක් සේ සළකා එය ඉතා ආරක්ෂාකාරීව පරිහරණය කර ඉදිරි පරපුරටත් දායාදකිරීම ඔවුන්ගේ වගකීම බව උත්සවය ඇමතු පීපල්ස් ලීසිං සමාගමේ හිටපු සභාපති, සුජීව රාජපක්ෂ මහතා සදහන් කළේය.
එම උත්සව අවස්ථාවට, පීපල්ස් ලීසිං සමාගමේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය, මහාමාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, චමින්ද අතළුවගේ මහතා, කන්තලේ කලාප අධ්යාපන අධ්යක්ෂ, ධර්මතිලක මහතා, සේරුවිල ප්රජා සංවර්ධන පදනමේ නියෝජිතයන්, සේරුවිල මංගල මහ චෛත්යවර්ධන සමිතියේ නියෝජිතයන්, සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ දායකාදීන් සහ සේරුවිල මහා විද්යාලයේ විදුහල්පති, ගුරුවරු ඇතුළු සිසුදරුවන් සහභාගී වූහ. පැමිණ සිටි සේරුවිල මහා විද්යාලයේ සිසු දරුවන්ට පාසල් උපකරණ ප්රදානයකිරීමක්ද මෙහිදී සිදුවිය.
පීපල්ස් ලීසිං සමාගම යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්රමුඛ රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

ඡායාරූප විස්තරය - පීපල්ස් ලීසිං සමාගමේ හිටපු සභාපති, සුජීව රාජපක්ෂ මහතා සහ ප්රධාන විධායක නිළධාරී/ සාමාන්යාධිකාරී, ෂමීන්ද්ර මර්සිලිං මහතා විසින් පූජ්ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන්වහන්සේට නිළ වශයෙන් බස් රථය ප්රදානය කළ අවස්ථාව. පීපල්ස් ලීසිං සමාගමේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය හා සේරුවිල සිසු දරුවෝ ජායාරූපයෙහි පසෙකින් සිටිති.
Video Story