• Ada Derana BIZ Sinhala
  • European Union
  • laptops
  • SEDR
  • sri lanka

යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන SEDR ව්‍යාපෘතිය, රට පුරා සිටින සමථකරණ සංවර්ධන නිලධාරීන්  වෙත ලැප්ටොප් පරිගණක 70ක් භාර දෙයි

November, 14, 2022

යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම (SEDR) ව්‍යාපෘතිය; රට පුරා සිටින (සමථකරණ) සංවර්ධන නිලධාරීන්ගේ පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ලැප්ටොප් පරිගණක 70ක් භාර දීම හරහා, සමථ මණ්ඩල කොමිෂන් සභාවට (MBC) දැනටමත්, ලබාදෙන සහය වඩාත් විස්තාරණය කළේය.

ගරු. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් ප‍්‍රියනාත් පෙරේරා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති  විනිසුරු යාපා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල්, සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා මාර්යා රෙහ්මාන් යන සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් විය.

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය යනු යුරෝපා සංගමයේ මුල්‍ය අනුග‍්‍රාහකත්වයෙන්, ආසියානු පදනම සමඟ එක්ව බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් ක්‍රියාත්මක කෙරෙන වසර හතරක යුක්ති ප‍්‍රවේශ ව්‍යාපෘතියකි. යුරෝ මිලියන 7ක ව්‍යාපෘතියක් වන මෙය, යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාව තුල  ක්‍රියාත්මක කෙරෙන ‘ප්‍රතියෝජන, ප්‍රතිසන්ධාන සහ සියලුදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම ශක්තිමත් කිරීමේ (STRIDE)’ වැඩපිළිවෙලට අයත් එක් අංගයක් වේ.

SEDR හි 4 වන ප්‍රතිඵල ක්‍ෂේත්‍රයෙහි, තොරතුරු තාක්ෂණ උපකරණ සැපයීම තුලින් සමථ මණ්ඩලවල පරිපාලන ක්‍රියාකාරිත්වයට සහාය වීමේ ක්‍රියාකාරකමක් ඇතුළත් වේ. මෙය සිදුකරන්නේ අලුතින් පත් කරන ලද සංවර්ධන නිලධාරීන් විසින් කෙරෙන දත්ත එකතු කිරීමේ ක්‍රියාවලියට සහාය වීමේ අරමුණින් ය. SEDR හි 1 වන ප්‍රතිඵල ක්‍ෂේත්‍රය යටතේ, සමථ මණ්ඩල කොමිෂන් සභාවෙහි වෙබ් අඩවිය වැඩිදියුණු කිරීම සහ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ වඩාත් සුමුදු ක්‍රියාකාරීත්වයට සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි මධ්‍යස්ථකරණ දත්ත ගබඩාවක් ගොඩ නැගීම සම්බන්ධයෙන්, දැනටමත් සැලකිය යුතු කාර්යභාරයක් සිදු කර ඇත. මෙම වෙබ් අඩවිය මහජන දැනුවත් කිරීම් සඳහා උපකාරී වනු ඇති අතර, නඩු පැවරීම හා සසඳන විට වියදමින් අඩු සහ තිරසාර විසඳුමක් වන සමථකරණය සඳහා අවශ්‍ය මහජන ප්‍රවේශය වැඩි කරනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් මහතා ප්‍රකාශ කළේ “සියලු දෙනාටම යුක්තිය සඳහා ප්‍රවේශය සහතික කිරීමේ උත්සාහයේදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ එක්ව සිටියි. නවීන සමාජයේ සෑම අංශයකම ඩිජිටල්කරණය වඩ වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන මේ සමයේ, යුක්ති සේවාවන් ලබාදීම සඳහා ඒවා වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීමට ඉඩ සලසන බැවින්ම, එය අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයටද අදාළ වේ. මෙම උපකරණ සැපයීම සමථ මණ්ඩල කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ කාර්යභාරයන් පහසු කිරීමට සහ ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු." යනුවෙනි.

නව සංවර්ධන නිලධාරීන් (සමථකරණ) ඇතුළුව සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයේ 235 දෙනෙකුගේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අවශ්‍යතා ඇගයීම් සමීක්ෂණයක් 2021 වසරේ දෙවන භාගයේදී අවසන් කරන ලද අතර, SEDR විසින් පත්කරන ලද උපදේශකයෙකු විසින් පුහුණුවීම් අවශ්‍යතා විශ්ලේෂණයක් ද සිදු කරන ලදී. මිලදී ගැනීමට නියමිත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපකරණවල ස්වභාවය සහ අවධානය යොමු කළයුතු ප්‍රදේශ පිළිබඳව සමථ මණ්ඩල කොමිෂන් සභාව, අධිකරණ අමාත්‍යාංශය සහ SEDR ඒකාබද්ධ කමිටුවේ එකඟතාවයකට අනුව; හොඳම තේරීම ලැප්ටොප් පරිගණක 70ක් ලබා දීම යන්න තීරණය විය.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම විසින් මෙම ලැප්ටොප් පරිගණකවලට මෘදුකාංග (Windows10) ඇතුලත් කිරීමේ කාර්යය සම්පූර්ණ කරන ලදී. එමෙන්ම ඒවා සියල්ලම SEDR සන්නාම සහිතව ආරක්‍ෂිත පරිගණක බෑග් සමඟ ලබාදෙනු ඇත. මෙම ලැප්ටොප් පරිගණක බෙදා හැරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස, SEDR විසින් සමථ මණ්ඩල කොමිෂන් සභාව සහ අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව, නව පරිශීලකයින් 70 දෙනාට මෙම නව තාක්ෂණික මෙවලම් සහ මෘදුකාංග වලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන බව සහතික කෙරෙන මාර්ගගත හඳුන්වාදීමේ පුහුණු සැසියක් සැලසුම් කර ඉදිරිපත් කරනු ඇත. තවද, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ නවතම සමථකරණ දත්ත ගබඩාවේ අංගයක් ලෙස මෙම උපකරණ වඩාත් හොඳින් භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂිත අවධානය යොමු කෙරෙන අතිරේක මාර්ගගත පුහුණු සැසියක්, නව පරිශීලකයින් වෙනුවෙන් ලබාදීමටත් SEDR සහය වනු ඇත.

  • Active Citizens
  • Ada Derana BIZ Sinhala
  • SEDR
  • sri lanaka

SEDR ව්‍යාපෘතිය, Active Citizens වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ පළමු අදියර සාර්ථකව නිම කරයි

August, 8, 2022

SEDR (ඵලදායීව ආරවුල් නිරාකරණයට සහාය වීම)‍‍ යනු බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් ක්‍රියාත්මක කරන ලද සහ ශ්‍රී ලංකාව තුළ ප්‍රතියෝජනය, ප්‍රතිසන්ධාන සහ සියලුදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම ශක්තිමත් කිරීමේ (STRIDE) යන තම වැඩසටහනේ කොටසක් ලෙස යුරෝපා සංගමය විසින් අරමුදල් සපයනු ලබන, සිව් වසරක යුක්ති ප්‍රවේශ ව්‍යාපෘතියකි. SEDR හි පරමාර්ථය වන්නේ, සාමකාමී සහජීවනය සහ සාධාරණ සහ යුක්තිගරුක ශ්‍රී ලංකාවක් සඳහා වූ අපේක්ෂාවයි. 2021 දෙසැම්බර් සිට 2022 ජූනි දක්වා කාලය තුළ SEDR විසින්, ප්‍රජා ගැටලු විසඳීමට සහ ප්‍රජා ආරවුල් නිරාකරණය වැඩිදියුණු කිරීමට, ස්ථානීය ආරවුල් නිරාකරණය සහ සමාජීය අන්තර්කරණය වෙත දැඩි අවධානයක් සහිතව විශේෂයෙන් සකසන ලද SEDR Active Citizens වැඩසටහන් තුනක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම අරඹන ලදී. SEDR හි ඉලක්ක පළාත් තුනෙහිම (උතුර, නැගෙනහිර සහ ඌව) මෙම වැඩසටහන් පවත්වන ලද අතර, පළමු අදියර නොබෝදා සාර්ථකව අවසන් විය.

Active Citizens යනු අන්තර් සංස්කෘතික සංවාදය මෙන්ම ප්‍රජාව විසින් මෙහෙයවන සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කරමින්, ප්‍රජාවන් තුළ සහ ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනගමින් වසර 10 කට වැඩි කාලයක් බි්‍රතාන්‍්‍ය කවුන්සිලය විසින් ලොව පුරා සාර්ථකව මෙහෙයවනු ලබන සමාජ නායකත්ව පුහුණු ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදය ප්‍රජා මට්ටමේ ආරවුල් නිරාකරණයේදී, විකල්ප ආරවුල් නිරාකරණ යාන්ත්‍රණයන්ට සහාය වීම සඳහා වූ SEDR හි ප්‍රවේශයට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

සෑම පළාතකම CSO හවුල්කාර සංවිධානවල සහයෝගය සහ මගපෙන්වීම සමඟ, SEDR Active Citizens වැඩසටහන විසින්, සෑම දිනකම යම් ප්‍රජාවක් සමඟ වැඩ කිරීමේ විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කරන ලද දින පහක පුහුණුවක් ලැබූ සහභාගිවන්නන් සමඟ වැඩ කරන ලදී.

පුහුණුව තුළින් ලබා දෙන කුසලතා අතරට තම අනන්‍යතාවය සහ සංස්කෘතිය පිළිබඳ ස්වයං දැනුවත්භාවය, විශ්වාසය සහ අන්තර් පුද්ගල සබඳතා ගොඩනැගීම, සංවාදය දිරිමත් කිරීම සහ පහසු කිරීම සඳහා මෙවලම් සහ ශිල්පීය ක්‍රම ගවේෂණය කිරීම, ගැටළු හඳුනා ගැනීම, ගැටළු විසඳීම, සමාජ එකමුතුභාවය ප්‍රවර්ධනය කිරීම සහ ආරවුල් කළමනාකරණය සහ නායකත්වය ද ඇතුළත් විය.

SEDR SEDR Active Citizenප්‍රජාවක සිටින්නාවූ විවිධ රුචිකත්වයන් සහ කුසලතා ඇති පුද්ගලයින් සමඟ සම්බන්ධ වෙති. අනතුරුව, තරුණ ස්වේච්ඡා සේවකයන්ගේ සිට රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශවකරුවන් දක්වා ඔවුන්ගේ ප්‍රජාවන්ගේ සහයෝගය ඇතිව ප්‍රජාව තුළ සැලසුම් කර කළමනාකරණය කර ක්‍රියාත්මක කරන ලද විශේෂිත ප්‍රජා මැදිහත්වීමක් (සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘති) හරහා ඔවුන් මෙම කුසලතා ක්‍රියාවට නංවති. 2022 මාර්තු සිට ජූනි දක්වා, SEDR Active Citizens විසින් ඔවුන්ගේ ප්‍රජාවන් මුහුණ දෙන ගැටළු සහ ආරවුල් පිළිබඳව අවධානය යොමු කරන ලද සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘති 15ක් ලබා දෙන ලදී.

මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රදේශයේ තරුණ සහභාගිවන්නෙකු පැවසුවේ, “මගේ SEDR AC ගමනේ දී, වැඩමුළුවේදී මම ඉගෙන ගත් සමහර පාඩම් නම්, විශේෂයෙන් ගැටුම් ගස, සංසද රඟහල, ඒ වගේම භූමිකා නාට්‍ය එකම ප්‍රජාවකට සීමා නොවී, ඔවුන් කුමන ආගමකට හෝ ජනවර්ගයකට අයත් වුවද සියල්ලන්ටම අදාළ වීම. මම එම ස්ථානයෙන් පිටව යාමට සූදානම් වූ විට, මගේ දෙමළ නේවාසික මිතුරන්ට අපේ ගමට පැමිණෙන ලෙස ආරාධනා කරන්නත් මම අමතක කළේ නැහැ. ඒ වගේම මේ මිතුරන් මා සහ අනෙකුත් සිංහල මිතුරන් ඔවුන්ගේ වතුවල ඔවුන්ගේ ආගන්තුකයන් ලෙස පැමිණෙන්නත් ආරාධනා කළා.”

SEDR කණ්ඩායමේ නායක ජැක් කාර්ස්ටන්ස්ථ  “බි්‍රතාන්‍්‍ය කවුන්සිලයේ Active Citizens ආකෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රජා මට්ටමේ ආරවුල් නිරාකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමේ SEDR හි අභිලාෂය සඳහා ඉතා සුදුසු බව ඔප්පු වී ඇත. කාන්තාවන් සහ තරුණ ස්වේච්ඡා සේවකයන් Active Citizens ප්‍රවේශයෙන් වර්ධනය වී ප්‍රතිලාභ ලබාගෙන ඇති ආකාරය සහ ඔවුන්ගේම ප්‍රාදේශීය ප්‍රජාවන්ට බලපාන ගැටුම්වල මූල හේතුන් කිහිපයක් විසඳීමට ඔවුන්ගේ නව දැනුම් සහ කුසලතා භාවිතා කරන ආකාරය දැකීම ඉතා දිරිගන්වන සුළුය.” යනුවෙන් අදහස් දැක්වීය.

Active Citizens ආකෘතිය භාවිතා කරමින්, SEDR Active Citizens වැඩසටහනේ 2 වන අදියර හරහා දේශීය තරුණ හා කාන්තා ශූර ශූරියන්ගේ ධාරිතාව තවදුරටත් ගොඩනැංවීම සහ ශ්‍රී ලංකාවේ උතුරු, ඌව සහ නැගෙනහිර පළාත්වල ප්‍රජාවන් තුළ සියල්ලන් අන්තර්ගතවූ, සන්දර්භීය වශයෙන් අදාළ සහ ධනාත්මක වෙනසක් ඇති කරන සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘති ලබා දීමට ඔවුන්ට සහාය වීම SEDR අරමුණු කරයි.

පසුගිය මාස කිහිපය පුරාවට SEDR - Active Citizens ගමන් මගෙහි කොටසක් නැරඹීමට මෙතැන ක්ලික් කරන්න. (add link to website with videos and pics)