October, 20, 2022
ජයග්රාහකයන්ට රු. 500,000/- ක් වටිනා මුදල් ත්යාග
10 වන වරටත්, ඔක්තෝබර් 01 දිනය යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙන් මාසයක් පුරා සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට, මෙරට ප්රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන සෙලාන් ටිකිරි පියවර ගෙන තිබේ. මෙම කාලසීමාව තුළ, එනම් 2022 ඔක්තෝබර් 01 දින සිට 2022 ඔක්තෝබර් 31 දින දක්වා, අලුතින් විවෘත කරන ලද සෙලාන් ටිකිරි ගිණුම් ඇතුළුව සියලුම සෙලාන් ටිකිරි ගිණුම් වල මුදල් තැන්පත් කිරීමේදී විශේෂ ත්යාග හිමිවනු ඇත.
රටේ පවතින උද්ධමනය හමුවේ වියදම් අවම කරගැනීමේ පියවරක් ලෙස බොහෝ පවුල් මේ වනවිට ගෙවතු වගාවට යොමු වී සිටිති. මෙම තත්ත්වය මැනැවින් අවබෝධ කරගනිමින්, රටේ දරුදැරියන්ටද ගෙවතු වගාවෙහි වැදගත්කම පෙන්වා දීම සඳහා මෙම ලෝක ළමා දින සැමරුම් වලදී ගෙවතු වගාවට මුල්තැන දීමට සෙලාන් ටිකිරි කටයුතු කළේ ය.
ඒ අනුව, සෙලාන් ටිකිරි ගිණුමක රු. 25,000/- ක් තැන්පත් කිරීමේදී ගෙවතු වගාවට අත්යවශ්ය උපාංග සහ බීජ ඇතුළත් තෑගි කට්ටලයක් හිමිවන අතර, සෙලාන් ටිකිරි ගෙවතු වගා තරගයට නොමිලේ ඇතුළත් වීමටද අවස්ථාව හිමි වේ. මෙම වැඩසටහන තුළදී වයස අවුරුදු 12 දක්වා දරුවන්ට රු. 500,000/- ක් දක්වා මුදල් ත්යාග දිනාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
රු. 100,000/- ක මූලික තැන්පතුවකින් නව සෙලාන් ටිකිරි ගිණුමක් ආරම්භ කරන අවස්ථාවකදී ගිණුම් හිමියාට ඉහත සඳහන් ගෙවතු වගා කට්ටලයට අමතරව තෑගි වවුචර් 7 ක් සහ තවත් අතිරේක ත්යාග 3 ක්ද හිමි වේ. අලුත් හෝ දැනට පවතින සෙලාන් ටිකිරි ගිණුමක රු. 5,000/- ක් තැන්පත් කළ විට ගිණුම් හිමියාට ගෙවතු වගා තරගයට නොමිලේ ඇතුළත් වීමේ අවස්ථාව පමණක් හිමි වනු ඇත. මීට අමතරව ගිණුම් හිමියන්ට විශේෂ වට්ටම් පිරිනැමීම සඳහා සෙලාන් ටිකිරි මේ වනවිට ඇට්ලස්, CIB, බාටා සහ ලුමාලා වැනි සමාගම් සමගද අත්වැල් බැඳගෙන සිටී.
“අනෙක් බොහෝ දෙනෙකු ලෝක ළමා දිනය පමණක් සමරද්දී අප වසර දහයක් තිස්සේ රටේ අනාගත පරපුර වෙනුවෙන් මාසයක කාලයක් වෙන්කර එය සැමරීමට කටයුතු කරමින් සිටිනවා. මේ වසරේ සැමරුම් තුළදී ගෙවතු වගාව සම්බන්ධයෙන් දරුවන් උනන්දු කරවීමට මුල්තැන දීමට අප තීරණය කළා. මෙය ඔවුන්ට තම දෙමාපියන් සමග වැඩියෙන් කාලය ගතකිරීමට ලැබෙන අවස්ථාවක්ද වේවි. මේ සැමරුම් ඔස්සේ සෑම වසරකදීම, අනාගත පරපුර වෙනුවෙන් වඩාත් යහපත් හෙට දිනයක් නිර්මාණය කර දීමේ වැදගත්ම ලොවට පෙන්වා දීමට අපට හැකි වන බව අප විශ්වාස කරනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී (විකුණුම් හා අලෙවි) ගාමික ද සිල්වා මහතා පැවසී ය.
වගකීම්සහගත සන්නාමයක් වශයෙන් පසුගිය දශක 3 ක කාලය තුළ නැවුම් ආකාරයේ වැඩසටහන් ඔස්සේ දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවීම සඳහා සෙලාන් ටිකිරි සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. සෑම විටම දරුවන්ට ආකර්ෂණීය වන කාලීන සංකල්ප පදනම් කර ගනිමින් මෙම වැඩසටහන් සැලසුම් කිරීමට සෙලාන් ටිකිරි කටයුතු කරයි.
වයස අවුරුදු 15 ට අඩු දරුවන් වෙනුවෙන් සෙලාන් ටිකිරි ගිණුම් විවෘත කළ හැකි වේ. තම දරුවන් ඉතිරි කිරීමට යොමුකරවීමට බලාපොරොත්තු වන දෙමාපියන්ට, ළඟම පිහිටි සෙලාන් බැංකු ශාඛාව වෙත පැමිණීමෙන් හෝ 011 200 88 88 අංකය ඇමතීමෙන් සෙලාන් ටිකිරි පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක.
August, 22, 2022
ස්වභාවධර්මය ඡායාරූපයට නැගීමට දරුවන් යොමුකරවීමේ සාර්ථක උත්සාහයක්
වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමයේ (Wildlife and Nature Protection Society- WNPS) ‘Wild Kids’ වැඩසටහන මඟින් සංවිධානය කරන ලද වනජීවී ඡායාරූප තරගය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. එහි ප්රධාන අනුග්රාහකයා ලෙස එක් වූ, මෙරට ප්රමුඛතම ළමා ඉතුරුම් ගිණුමක් වන සෙලාන් ටිකිරි විසින් එහි ජයග්රාහක ජයග්රාහිකාවන් වෙත වටිනා ත්යාග පිරිනමන ලදි. මෙම තරගය තුළදී, තම නිවෙස් අසල සිටින විවිධාකාර වූ සතුන් ඡායාරූපයට නඟා තරගයට ඉදිරිපත් කිරීමට දරුදැරියන්ට අවස්ථාව ලැබිණි.
මාස තුනක කාලයක් පැවති මෙම තරගයේ ප්රධාන අරමුණ වූයේ, නිවෙස් වලම රැඳී නොසිට එළිමහනට ගොස් ස්වභාවධර්මයට සමීප වීමට දරුදැරියන් දිරිගැන්වීම ය. මෙහිදී දරුදැරියන් විසින් කුරුල්ලන්, සමනලුන්, කටුස්සන් සහ මකුළුවන් ඇතුළු විවිධ සත්ව වර්ග ඡායාරූපයට නඟා තිබෙනු දැකගත හැකි විය. වයස අවුරුදු 6 ත් 12 ත් අතර දරුවන් සඳහා විවෘත වූ මෙම තරගයට ඡායාරූප 600 කට අධික සංඛ්යාවක් ලැබී තිබිණි. ඇන්ටන් ජූඩ් විනූෂන්, තිමාන්ද්රා බර්තොලමියුස්, තෙසන්යා කරුණාරත්න සහ සමිරු සන්තුජ රාජපක්ෂ යන දරුදැරියන් තරගයේ සතිපතා ජයග්රහණ හිමිකරගත් අතර, සමිරු සන්තුජ රාජපක්ෂ එහි සමස්ත ජයග්රාහකයා බවට පත්විය.
ශ්රී ලංකාවේ පුරෝගාමී ළමා ඉතුරුම් ගිණුමක් වශයෙන් සෙලාන් ටිකිරි සෑම විටම මෙරට දරු පරපුරේ වෙනස් වන රුචිකත්වයන්ට අනුගත වීමට උත්සාහ කරයි. ඡායාරූපකරණය යනු මේ වනවිට දරුදැරියන් බෙහෙවින් උනන්දු වන විනෝදාංශයකි. එම නිසා වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම ඡායාරූප තරගයට අනුග්රාහකත්වය ලබාදීමට සෙලාන් ටිකිරි කටයුතු කළේ ය.
“දරුවන් තුළ ඉතිරි කිරීම ඇතුළු හොඳ පුරුදු වර්ධනය කරවීමටත්, නිර්මාණශීලී ක්රම ඔස්සේ ඔවුන්ගේ විනෝදාංශ හා ආශාවන් දිරිගැන්වීමටත් සෙලාන් ටිකිරි සෑම විටම උත්සාහ කරනවා. වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමයේ නිල අනුග්රාහකයා වශයෙන්, එම සංගමය හා එක් වී, දරුවන් ස්වභාවධර්මයට සමීප කරවීම සඳහා ව්යාපෘති කිහිපයක්ම ක්රියාවට නැංවීමට අප කටයුතු කළා. මේ වනවිට දරුවන් වැඩි වැඩියෙන් ඡායාරූප ශිල්පය ගැන උනන්දුවක් දක්වන බව පෙනී ගිය නිසා, එම උනන්දුව ස්වභාවධර්මය වෙතද යොමුකරවීම සඳහා අප මෙම ඡායාරූප තරගය සංවිධානය කිරීමට පියවර ගත්තා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී (අලෙවි හා විකුණුම්) ගාමික ද සිල්වා මහතා පැවසී ය.
දරුදැරියන් තුළ පරිසරය පිළිබඳ උනන්දුවක් ඇති කරවීම සහ අධ්යාපනික හා විනෝදාත්මක ක්රියාකාරකම් තුළින් පරිසර සංරක්ෂණයේ වැදගත්කම ඉස්මතු කිරීම යන අරමුණු පෙරදැරිව වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමය විසින් ‘Wild Kids’ ව්යාපෘතිය ආරම්භ කරන ලදි.
“ස්වභාවධර්මයට හා සත්ව ලෝකයට සමීප වීම යනු දුර ඈත ප්රදේශ වලට හෝ වනාන්තර තුළට ගොස් දුර්ලභ ශාක හෝ සත්ව වර්ග සෙවීම පමණක් නොවෙයි. අපගේ නිවෙස් අසලදීම පවා අපට සවභාවධර්මයේ අසිරිය මුණගැසෙනවා. අපට හොඳ නිරීක්ෂණ හැකියාවක් තිබෙනවා නම්, එම අසිරිය ඡායාරූපයට නැගීමට පුළුවන්. ‘Wild Kids’ ව්යාපෘතිය තුළින් අප උත්සාහ කරන්නේ, දරුවන් තුළ ස්වභාවධර්මය පිළිබඳ උනන්දුව ඇතිකරවන විනෝදාංශ හා ආශාවන් තවදුරටත් දිරිමත් කිරීමටයි.” වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමයේ සභාපති ජෙහාන් කනගරත්න මහතා පැවසී ය.
අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමේ පුරුද්ද ඇතිකරවන අතරම, දරුවන්ගේ ආශාවන් හඳුනා ගනිමින්, ඔවුන්ගේ හැකියාවන් පුබුදු කරන වැඩසටහන් ක්රියාවට නැංවීමට සෙලාන් ටිකිරි සෑම විටම කටයුතු කරයි. මෙම අරමුණ වෙනුවෙන් මේ දක්වා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විවිධාකාර වූ තරග, වැඩමුළු සහ උත්සව සංවිධානය කර ඇති අතර, විවිධාකාර වූ හවුල්කාරීත්වයන්ද ඇතිකරගෙන තිබේ.
සෙලාන් ටිකිරි ගිණුමක් ආරම්භ කිරීමට හෝ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට කැමති ඕනෑම කෙනෙකුට, සෙලාන් බැංකුවේ නිල ෆේස්බුක් පිටුවට පිවිසීමෙන්, www.seylan.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 200 88 88 අංකය ඇමතීමෙන් එම තොරතුරු ලබාගත හැකි වේ.
Video Story