• Ada Derana BIZ Sinhala
  • seylan
  • Seylan Tikiri
  • sri lanka

සෙලාන් ටිකිරි ගෙවතු වගාවේ වැදගත්කම පෙන්වා දෙමින් ලෝක ළමා මාසය සමරයි

October, 20, 2022

ජයග්‍රාහකයන්ට රු. 500,000/- ක් වටිනා මුදල් ත්‍යාග

10 වන වරටත්, ඔක්තෝබර් 01 දිනය යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙන් මාසයක් පුරා සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට, මෙරට ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන සෙලාන් ටිකිරි පියවර ගෙන තිබේ. මෙම කාලසීමාව තුළ, එනම් 2022 ඔක්තෝබර් 01 දින සිට 2022 ඔක්තෝබර් 31 දින දක්වා, අලුතින් විවෘත කරන ලද සෙලාන් ටිකිරි ගිණුම් ඇතුළුව සියලුම සෙලාන් ටිකිරි ගිණුම් වල මුදල් තැන්පත් කිරීමේදී විශේෂ ත්‍යාග හිමිවනු ඇත.

රටේ පවතින උද්ධමනය හමුවේ වියදම් අවම කරගැනීමේ පියවරක් ලෙස බොහෝ පවුල් මේ වනවිට ගෙවතු වගාවට යොමු වී සිටිති. මෙම තත්ත්වය මැනැවින් අවබෝධ කරගනිමින්, රටේ දරුදැරියන්ටද ගෙවතු වගාවෙහි වැදගත්කම පෙන්වා දීම සඳහා මෙම ලෝක ළමා දින සැමරුම් වලදී ගෙවතු වගාවට මුල්තැන දීමට සෙලාන් ටිකිරි කටයුතු කළේ ය.

ඒ අනුව, සෙලාන් ටිකිරි ගිණුමක රු. 25,000/- ක් තැන්පත් කිරීමේදී ගෙවතු වගාවට අත්‍යවශ්‍ය උපාංග සහ බීජ ඇතුළත් තෑගි කට්ටලයක් හිමිවන අතර, සෙලාන් ටිකිරි ගෙවතු වගා තරගයට නොමිලේ ඇතුළත් වීමටද අවස්ථාව හිමි වේ. මෙම වැඩසටහන තුළදී  වයස අවුරුදු 12 දක්වා දරුවන්ට රු. 500,000/- ක් දක්වා මුදල් ත්‍යාග දිනාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

රු. 100,000/- ක මූලික තැන්පතුවකින් නව සෙලාන් ටිකිරි ගිණුමක් ආරම්භ කරන අවස්ථාවකදී ගිණුම් හිමියාට ඉහත සඳහන් ගෙවතු වගා කට්ටලයට අමතරව තෑගි වවුචර් 7 ක් සහ තවත් අතිරේක ත්‍යාග 3 ක්ද හිමි වේ. අලුත් හෝ දැනට පවතින සෙලාන් ටිකිරි  ගිණුමක රු. 5,000/- ක් තැන්පත් කළ විට ගිණුම් හිමියාට ගෙවතු වගා තරගයට නොමිලේ ඇතුළත් වීමේ අවස්ථාව පමණක් හිමි වනු ඇත. මීට අමතරව ගිණුම් හිමියන්ට විශේෂ වට්ටම් පිරිනැමීම සඳහා සෙලාන් ටිකිරි මේ වනවිට ඇට්ලස්, CIB, බාටා සහ ලුමාලා වැනි සමාගම් සමගද අත්වැල් බැඳගෙන සිටී.

“අනෙක් බොහෝ දෙනෙකු ලෝක ළමා දිනය පමණක් සමරද්දී අප වසර දහයක් තිස්සේ රටේ අනාගත පරපුර වෙනුවෙන් මාසයක කාලයක් වෙන්කර එය සැමරීමට කටයුතු කරමින් සිටිනවා. මේ වසරේ සැමරුම් තුළදී ගෙවතු වගාව සම්බන්ධයෙන් දරුවන් උනන්දු කරවීමට මුල්තැන දීමට අප තීරණය කළා. මෙය ඔවුන්ට තම දෙමාපියන් සමග වැඩියෙන් කාලය ගතකිරීමට ලැබෙන අවස්ථාවක්ද වේවි. මේ සැමරුම් ඔස්සේ සෑම වසරකදීම, අනාගත පරපුර වෙනුවෙන් වඩාත් යහපත් හෙට දිනයක් නිර්මාණය කර දීමේ වැදගත්ම ලොවට පෙන්වා දීමට අපට හැකි වන බව අප විශ්වාස කරනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම් හා අලෙවි) ගාමික ද සිල්වා මහතා පැවසී ය.

වගකීම්සහගත සන්නාමයක් වශයෙන් පසුගිය දශක 3 ක කාලය තුළ නැවුම් ආකාරයේ වැඩසටහන් ඔස්සේ දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවීම සඳහා සෙලාන් ටිකිරි සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. සෑම විටම දරුවන්ට ආකර්ෂණීය වන කාලීන සංකල්ප පදනම් කර ගනිමින් මෙම වැඩසටහන් සැලසුම් කිරීමට සෙලාන් ටිකිරි කටයුතු කරයි.

වයස අවුරුදු 15 ට අඩු දරුවන් වෙනුවෙන් සෙලාන් ටිකිරි ගිණුම් විවෘත කළ හැකි වේ. තම දරුවන් ඉතිරි කිරීමට යොමුකරවීමට බලාපොරොත්තු වන දෙමාපියන්ට, ළඟම පිහිටි සෙලාන් බැංකු ශාඛාව වෙත පැමිණීමෙන් හෝ 011 200 88 88 අංකය ඇමතීමෙන් සෙලාන් ටිකිරි පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

  • Ada Derana BIZ Sinhala
  • cycle to work
  • seylan
  • sri lanka

සෙලාන් බැංකුව පාපැදි භාවිතය දිරිමත් කිරීම සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දෙයි

September, 7, 2022

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පාපැදි මිලදී ගැනීම සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මේ සඳහා සෙලාන් බැංකුව දැනටමත් දිවයිනේ ප්‍රමුඛතම පාපැදි සැපයුම්කරුවන් කිහිපදෙනෙකු සමඟ අත්වැල් බැඳගෙන සිටී.

රටේ පවතින තත්ත්වය හේතුවෙන් මේ වනවිට පාපැදි සඳහා අධික ඉල්ලුමක් ඇති වී ඇත. කෙසේ නමුත් මෙම ඉල්ලුමට සමගාමීව පාපැදිවල මිලගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති නිසා, බොහෝ දෙනෙකුට පාපැදි මිලදී ගැනීම දුෂ්කර කාර්යයක් වී තිබේ. මේ නිසා සිය ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වඩාත් පහසුවෙන් පාපැදි මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමට සෙලාන් බැංකුව පියවර ගෙන ඇත.

මේ යටතේ සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට Tomahawk හෝ Velo By City වෙතින් පාපැදි මිලදීගෙන, එය පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කරගත හැකි වේ. එමෙන්ම පාපැදි අමතර කොටස් හෝ වෙනත් උපාංග මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන් වෙනුවෙන් සෙලාන් බැංකුව Daraz සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර, විදුලි බලයෙන් ක්‍රියාකරන පාපැදි මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන් වෙනුවෙන් Fono Technologies සමඟ හවුල්කාරීත්වයකට එළඹී ඇත.

ඉහත සඳහන් අලෙවිසැල් වලින් පාපැදි, අමතර කොටස් හෝ උපාංග මිලදී ගැනීමෙන් අනතුරුව, ගනුදෙනුව සිදුකළ දිනයේ සිට දින 7 ක් ඇතුළත 011 200 88 88 අංකය ඇමතීමෙන් පාරිභෝගිකයන්ට අදාළ ගනුදෙනුව මාස 12 ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කරගත හැකි වේ. මෙහි අවම සීමාව රු. 10,000 ක් වන අතර, උපරිම සීමාව රු. මිලියනයකි.

“පවතින තත්ත්වය හමුවේ ඇති හොඳම විසඳුම් භාවිතා කිරීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දීම අපගේ ඉලක්කය වී තිබෙනවා. මේ ආකාරයට, මිල පිළිබඳ ගැටලුවට මුහුණ නොදී පාපැදි මිලදී ගැනීමට අපගේ කාඩ්පත් හිමියන්ට අවස්ථාව සලසා දීමට අප කටයුතු කළේ ඒ නිසයි. වගකීම්-සහගත ආයතනයක් වශයෙන්, මේ දුෂ්කර කාලසීමාවේදී මුහුණ දීමට සිදුවන අභියෝග හමුවේ ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වීම සඳහා අප දිගින් දිගටම කටයුතු කරනවා.” සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ මහතා පැවසී ය.

මෙම දීමනාව මගින් සෙලාන් කාඩ්පත් හිමියන්ට, වර්තමානයේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස හැඳින්විය හැකි පාපැදි මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම මෙවැනි වැඩසටහන් මගින් පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් පාපැදි මිලදී ගැනීමට පෙළඹෙනු ඇති බව සෙලාන් බැංකුව විශ්වාස කරන අතර, වඩාත් නිරෝගී සමාජයක් බිහිකිරීමටත්, පරිසර දූෂණය අවම කිරීමටත් එය නිසැකවම දායක වනු ඇත. එමෙන්ම මෙමගින් සෙලාන් කාඩ්පත් හිමියන්ට ඉන්ධන සඳහා වැයවන අධික වියදම් මෙන්ම, අනාගත සෞඛ්‍ය වියදම් ද අවම වීමට ඉඩ ඇති අතර, එම නිසා මෙය ඵලදායී දීර්ඝකාලීන ආයෝජනයක් ලෙස ද හැඳින්විය හැකි වේ.

  • Ada Derana BIZ Sinhala
  • Daraz
  • Daraz Partner Performance
  • seylan
  • sri lanaka

සෙලාන් බැංකුවට Daraz Partner Performance සම්මාන උළෙලේදී සම්මානයක්

August, 30, 2022

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Daraz Partner Performance සම්මාන උළෙලේදී ‘Category Accelerator’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබී ය. තනි කාණ්ඩයක් (උපයෝගීතා බිල්පත් ගෙවීම්) තුළ ගෙවීම් සඳහා භාවිතා කළ යුතු කාඩ්පත් පදනම වශයෙන්, ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් පසුගිය වසරට සාපේක්ෂව 200% ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වීම වෙනුවෙන් සෙලාන් බැංකුව වෙත මෙම සම්මානය හිමි විය.

ලොව ප්‍රමුඛතම විද්‍යුත් වාණිජ සේවා වෙබ් අඩවියක් වන Daraz සමග එක්වී ‘Seylan Friday Offer’ නමින් විශේෂ දීමනා වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සෙලාන් බැංකුව මීට පෙර කටයුතු කළේ ය. මෙහිදී සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් Daraz වෙබ් අඩවිය හරහා ජල හා විදුලි බිල්පත් ගෙවූ ගනුදෙනුකරුවන්ට 10% ක වට්ටමක් හිමි විය. මේ සඳහා ගනුදෙනුකරුවන් වෙතින් දැවැන්ත ප්‍රතිචාරයක් හිමි වූ අතර එය සෙලාන් බැංකුවටත් Daraz වෙබ් අඩවියටත් පාරිභෝගික ආකර්ෂණය තවදුරටත් වැඩි කළ සාධකයක් බවට පත් විය. එමෙන්ම එදිනෙදා ගනුදෙනු සඳහා ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතා කිරීම කෙතරම් පහසුද යන්න පෙන්වා දෙමින්, දිගින් දිගටම එම ක්‍රම භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් යොමුකරවීම සඳහාද මෙම වැඩසටහන මහඟු කාර්යභාරයක් ඉටුකළේ ය.

“Daraz වෙතින් මෙවැනි ඇගයීමක් හිමිවීම අපට මහත් සතුටක්. Daraz සමග අප ඇතිකරගත් හවුල්කාරීත්වය ආරම්භයේ සිටම ඉතාමත් ඵලදායී හවුල්කාරීත්වයක් බවට පත්වූවා. මෙම ඇගයීම එම හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරන පියවරක් වේවි. මෙවැනි අර්ථවත් හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීම, සෙලාන් බැංකුවේ සාර්ථකත්වයට බලපාන එක් ප්‍රධානතම සාධකයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ඔස්සේ අපගේ ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් වෙත වැඩි වැඩියෙන් ප්‍රතිලාභ පිරිනැමීමට අප සෑම විටම උත්සාහ කරනවා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ගමික ද සිල්වා මහතා පැවසී ය.

‘එදිනෙදා අවශ්‍යතාවන්ට ගැළපෙනම කාඩ්පත’ වශයෙන් සෙලාන් කාඩ්පත්, Daraz හරහා උපයෝගීතා සේවා බිල්පත් ගෙවීමේදී හොඳම වට්ටම් පිරිනමයි. මීට අමතරව තවත් කාණ්ඩ රැසක් සඳහා වසර පුරාම වට්ටම් පිරිනැමීමටද සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ.

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.

  • Ada Derana BIZ Sinhala
  • seylan
  • sri lanaka

සෙලාන් බැංකුව හා ලංකා වාණිජ මණ්ඩලය එක්වී පුත්තලම ප්‍රදේශයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන් වෙනුවෙන් වැඩමුළුවක් පවත්වයි

August, 24, 2022

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ලංකා වාණිජ මණ්ඩලයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මධ්‍යස්ථානය සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සමග එක්වී පුත්තල ප්‍රදේශයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට ආර්ථිකයේ ජීවනාලිය වන්නේ මෙම කාණ්ඩයට අයත් ව්‍යාපාර බවත්, එම නිසා එම ව්‍යාපාර වලට අවශ්‍ය දැනුම සහ මූල්‍යමය විසඳුම් ලබාදීමට කටයුතු කළ බවත් විශ්වාස කරමින්, එම ව්‍යාපාර වලට අවශ්‍ය නිසි මගපෙන්වීම ලබාදීමට සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ. එහි තවත් පියවරක් වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වැඩමුළු මාලාවක් පැවැත්වීමට සෙලාන් බැංකුව මේ වනවිට කටයුතු කරමින් සිටී.

පුත්තලම ප්‍රදේශයේ පැවති වැඩමුළුව දන්කොටුව පෝසිලෙන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, පාරිභෝගිකයන් කාණ්ඩගත කිරීම, සන්නාමකරණය හා එහි වැදගත්කම, අලෙවිකරණය හා එහි අභියෝග, තාක්ෂණය හා ඩිජිටල්කරණයේ අවශ්‍යතාව, සැලසුම් සකස් කිරීම හා එම සැලසුම් වලට අනුකූලව කටයුතු කිරීම සහ මූල්‍ය විසඳුම් යන ප්‍රධාන ක්ෂේත්‍ර එහිදී ආවරණය කරන ලදි. කෘෂිකර්මය, වෙළඳාම්, තොරතුරු තාක්ෂණය, ලුණු නිෂ්පාදනය, කුළුබඩු අපනයනය, ඇඟලුම්, කරවල නිෂ්පාදන සහ ඉදිකිරීම් වැනි ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යාපාර රැසක නියෝජිතයෝ මෙම වැඩමුළුවට සහභාගී වූහ. මෙම වැඩමුළු මාලාවේ තුන්වැනි වැඩමුළුව මෙය වූ අතර, මීට පෙර රත්නපුර සහ අනුරාධපුර යන ප්‍රදේශ වල වැඩමුළු පවත්වන ලදි.

“මෙවැනි වැඩසටහන් හරහා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට නව ව්‍යාපාරික අවස්ථා උදාකර දීමටත්, ඔවුන්ට තම හැකියාවන්ගෙන් නිසි ප්‍රයෝජන ලැබීමට මංපෙත් විවර කරදීමටත් සෙලාන් බැංකුව උත්සාහ කරනවා. නව දැනුම සොයා යමින්, වෙනස්කම් වලට අනුගත වෙමින්, පවතින තත්වයන්ට අභියෝග කිරීමට අවශ්‍ය ආකල්ප වර්ධනය කරගත හැකි නම්, මෙම දුෂ්කර කාලය තුළ දියුණුව ළඟා කරගනිමින්, සමස්ත රටේම දියුණුවට දායක වීමට එම ව්‍යාපාර වලට හැකියාව ලැබේවි. විශේෂයෙන්ම පසුගිය වසර කිහිපය තුළ, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රටට කෙතරම් වැදගත්ද යන්න අප හොඳින් දුටුවා. එම ව්‍යාපාර කාණ්ඩය අපගේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ අතරින් එකක් බවට පත්වී ඇත්තේ ඒ නිසයි. 2020 වසරේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අරමුදල් සැපයීමේදී පුද්ගලික බැංකු අතර තුන්වන විශාලතම දායකත්වය ලබා දී ඇත්තේ සෙලාන් බැංකුව බවත්, එම සහයෝගය අප අදටත් නොවෙනස්ව ලබාදෙන බවත් ප්‍රකට කරුණක්. එහි තවත් පියවරක් වශයෙන් මෙවැනි වැඩසටහනක් ක්‍රියාවට නැංවීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය සහ  වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම ව්‍යාපාර වල දියුණුව රටේ ආර්ථිකයට අතිශයින් වැදගත්. ඒ නිසාම මෙම ව්‍යාපාර ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සෙලාන් බැංකුව සෑම විටම සූදානම්.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (ශාඛා ණය) රනිල් දිසානායක මහතා පැවසී ය.

ලංකා වාණිජ මණ්ඩලය විසින්, වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය  සමග එක්වී ‘Forward Together’ යන තේමාව යටතේ මෙම ප්‍රාදේශීය වැඩමුළු සංවිධානය කරනු ලබයි. මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල දැනුම, කුසලතා සහ මූල්‍ය හා තාක්ෂණික අවබෝධය නංවාලීම මෙහි මූලික අරමුණ වී ඇත. මෙරට රැකියා අතරින් 45% ක්ම ජනනය කරනු ලබන්නේ මෙම කාණ්ඩයේ ව්‍යාපාර මගින් වන අතර, එම ව්‍යාපාර දියුණු කරමින් සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට යහපත් බලපෑමක් ඇතිකිරීමේ අරමුණින් ‘Forward Together’ වැඩසටහන ආරම්භ කරන ලදි.

  • Ada Derana BIZ Sinhala
  • seylan
  • sri lanaka

සෙලාන් බැංකුවේ රන් ණය පහසුකම හරහා ගනුදෙනුකරුවන්ට වැඩි මුදලක්

August, 23, 2022

  • පිරිසැකසුම් ගාස්තු ද ඉවත් කෙරේ

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය රන් ණය සේවාව යටතේ වෙළඳපොළේ ඇති හොඳම මිලගණන් තම ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමට මේ වනවිට පියවර ගෙන ඇත. රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ, ජනතාවට හැකි උපරිමයෙන් සහය ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. එමෙන්ම මින් ඉදිරියට ණය පහසුකම් සඳහා අතිරේක පිරිසැකසුම් ගාස්තු අය නොකිරීමට ද බැංකුව තීරණය කර ඇත.

රන් ණය පහසුකම් යනු ඉක්මන් මුදල් අවශ්‍යතා සඳහා අවිධිමත් ක්‍රම වලින් ණය ගැනීම වෙනුවට බොහෝ දෙනෙකු තෝරාගන්නා විශ්වාසනීය ක්‍රමයකි. කිසිදු භේදයකින් තොරව සමාජයේ ඕනෑම තරාතිරමක පුද්ගලයෝ, ඉහළ යන ජීවන වියදම් හමුවේ රන් ණය පහසුකම් ලබාගැනීමට පෙළඹෙති. මෙහිදී තම මුදල් අවශ්‍යතා සඳහා සෙලාන් රන් ණය සේවාව තෝරාගන්නා ගනුදෙනුකරුවන්ට, තම රන් භාණ්ඩවල ආරක්ෂාව සහතික වීම සහ සෙලාන් බැංකුවේ සම්මානලාභී, අතිවිශිෂ්ට පාරිභෝගික සේවාව අත්විඳීමට හැකිවීම වැනි අමතර ප්‍රතිලාභ රාශියක් ද හිමි වේ.

දිවයින පුරා විසිරුණු සෙලාන් බැංකු ශාඛාවල සේවය කරන සුහදශීලී කාර්ය මණ්ඩල, ගනුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතාවකදී ඔවුන්ගේ වටිනා රන් භාණ්ඩ සඳහා ණය මුදලක් ලබාගැනීමට සිය පූර්ණ සහයෝගය පිරිනමයි. රන් ණය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ඉහළම වර්ධනය වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් වීම, එම සේවාවේ කාර්යක්ෂමතාවට මෙන්ම ගනුදෙනුකරුවන් සෙලාන් බැංකුව කෙරෙහි තබා ඇති විශ්වාසයට මනා සාක්ෂියකි.

සමාජය කෙරෙහි වගකීම්සහගත ආයතයනක් වශයෙන් සෙලාන් බැංකුව සෑම විටම, ගනුදෙනුකරුවන්ට ජීවිතයේ දුෂ්කර අවස්ථාවලදී අත්වැලක් වීමට උත්සාහ කරයි. මෙම උත්සාහයේ එක් පියවරක් වශයෙන්, පූර්ව දැනුම් දීමකින් තොරව තම රන් ආභරණ බේරා ගැනීමට සෙලාන් බැංකුව සිය රන් ණය ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබා දී ඇත. එමෙන්ම පෝලිම්වල කාලය ගත කිරීම දුෂ්කර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් ඔවුන්ට හැකි ඉක්මනින් සේවය සැලසීමට ද සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලය සෑම විටම කටයුතු කරයි.

011 200 88 88 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් හෝ https://www.seylan.lk/pawning/gold-loan වෙත පිවිසීමෙන් සෙලාන් බැංකුවේ රන් ණය සේවාව පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකි වේ. සතියේ දින වල රැකියාවල නිරත වන ගනුදෙනුකරුවන්ට, සෙනසුරාදා දිනයන්හි විවෘතව පවතින සෙලාන් බැංකු ශාඛා වෙතින් රන් ණය සේවාව ලබාගත හැක. ශාඛා සහ ඒවා විවෘතව තැබෙන වේලාවන් පිළිබඳ සම්පූර්ණ විස්තර https://www.seylan.lk/view-all-branches/  හි දක්වා තිබේ.

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.