November, 23, 2022
පිටරට රැකියා කරන ශ්රී ලාංකිකයින් මෙරටට එවන පේ්රෂණ ප්රමාණය ඉහළ නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දරන ප්රයත්නය යටතේ ශ්රී ලාංකිකයින් විශාල සංඛ්යාවක් වාසය කරන සිංගප්පූරුව දෙසට බැංකුව පසුගියදා අවධානය යොමුකරන ලදී.
මේ අනුව, සිංගප්පූරුවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමග ඒකාබද්ධව කොමර්ෂල් බැංකුව මෙම අරමුණ ජයගැනීම වෙනුවෙන් එහිදී දින දෙකක වැඩසටහනක් පැවැත්වීය.
මෙම වැඩසටහන සඳහා සහභාගී වූවන් බැංකුව විසින් පවත්වගෙන යන පේ්රෂණ නාලිකා පිළිබඳවත් ඒවා තුළින් රටට මුදල් එවීමේදී පුද්ගලිකවත් රටටත් ලැබෙන ප්රතිලාභ පිළිබඳවත් දැනුවත් කරන ලදි. මීට අමතරව, මෙම වැඩසටහනට සහභාගී වූවන්ට විශේෂ පේ්රෂණ අනුපාත සහ ත්යාග ලබාදීමටද බැංකුව කටයුතු කළේය.
සිංගප්පූරුවේ වාසය කරන ශ්රී ලාංකිකයින්ට විශේෂ පේ්රෂණ වරප්රසාද සහ වට්ටම් මෙන්ම කොම්බෑන්ක් ඩිජිටල් ඇතුළුව බැංකුවේ සේවා පිළිබඳව තොරතුරු ලබාදෙමින් සහයෝගය ලබාදීම සඳහා මෙම වැඩසටහන පැවැත්වූ බව බැංකුව පවසයි. මීට අමතරව, බැංකුවේ ප්රධාන පේ්රෂණ පාර්ශවකරුවෙකු වන Ria මුදල් හුවමාරු සේවාව සහ සිංගප්පූරුවේ කාන්තාවන් සඳහාම නිර්මාණය කර තිබෙන ජංගම දුරකතන බැංකුකරණ ඇප් සේවාව වන Lucy මෙම වැඩසටහනේදී ප්රවර්ධනය කරන ලදී.
මෙම දින දෙකක වැඩසටහන තුළදී කොමර්ෂල් බැංකුව විසින් ශ්රී ලාංකිකයින් 100 දෙනෙකුට වැඩි සංඛ්යාවකට නව ගිණුම් විවෘත කරදුන් අතර බැංකුවේ ඩිජිටල් බැංකු සේවා සම්බන්ධවීමේ ගාස්තුවක් නොමැතිව සහ පළමු වාර්ෂික ගාස්තුවෙන් තොරව ප්රදානය කරන ලදි.
මෙම වැඩසටහනට සහභාගීවූ සිංගප්පූරුවේ ශ්රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා පේ්රමවර්ධන මහත්මිය පැවසුවේ මෙම වැඩසටහන ආරම්භයක් පමණක් බවත් සිංගප්පූරුව තුළ වෙසෙන ශ්රී ලාංකිකයින්ට තමන් මහන්සියෙන් උපයාගත් ධනයෙන් ශ්රී ලංකාවේ ආර්ථිකයට ඉහළ සේවාවක් සිදු කරන බවයි. ආරාධනාවට ඉක්මන් ප්රතිචාර දක්වමින් කොමර්ෂල් බැංකුව මෙම වැඩසටහන සිදුකිරීම පිළිබඳව ඇය ස්තූතිය පුද කළාය. ‘සිංගප්පූරුව තුළ ඉතාමත් කැපවීමෙන් සේවය කරන අපගේ පුරවැසියන්ට සහයෝගය ලබාදීම අපගේ වගකීමයි,’ යැයි ද ඒ මහත්මිය ප්රකාශ කළාය.
‘ශ්රී ලංකාවේ වඩාත්ම විශ්වාසවන්ත බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුවට ශ්රී ලාංකිකයින්ගේ පේ්රෂණ ලංකාවට රැගෙන ඒම සඳහා ප්රමුඛ කාර්ය භාරයක් ඉටුකළ හැකියි.’ යැයි කොමර්ෂල් බැංකුවේ රිටේල් ප්රඩක්ට්ස් සහ ඩිජිටල් නාලිකා ප්රධානී, ප්රදීප් බන්දුවන්ස මහතා මෙසේ ප්රකාශ කළේය. ‘මෙවැනි වැඩසටහනක් මගින් රටට ලැබෙන පේ්රෂණ ප්රමාණය වැඩිකළ හැකියි. මේ තුළින් පාරිභෝගිකයින්ට සහ රටටද ප්රතිලාභ ලැබෙනවා.’
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
සේයාරු සටහන - ශ්රී ලංකාවේ සිංගප්පූරු මහ කොමසාරිස් ශෂිකලා පේ්රමවර්ධන මහත්මිය (ඉහළ, මැද) කොමර්ෂල් බැංකුවේ සහ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් සමග වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේදී. (පහළ) සිංගප්පූරුවේ වෙසෙන ශ්රී ලාංකිකයින් සහ බැංකුවේ සාමාජිකයින් අදහස් හුවමාරු කරගත් ආකාරය.
September, 27, 2022
සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළඳ ගිවිසුම ක්රියාත්මක කිරීම තම රජයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්රාමාත්ය ලී සියෙන් ලූං (Lee Hsien Loong) මහතා සමඟ අද (27) විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්යන්තර වෙළඳ කාර්යාලයක් විවෘත කරන බව ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිංගප්පූරු අග්රාමාත්යවරයා දැනුවත් කළේය.
ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ප්රසාදය පළ කළ සිංගප්පූරු අග්රාමාත්යවරයා තවදුරටත් ප්රකාශ කර සිටියේ සිංගප්පූරුව යළිත් වරක් ශ්රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්රී ලංකාවේ 75 වන නිදහස් සංවත්සරයට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා, සිංගප්පූරු අග්රාමාත්යවරයාට මෙහිදී ආරාධනා කළේය.
ඡායාරූපය - 2018 වසරේ දී සිංගප්පූරු - ශ්රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සඳහා අත්සන් තැබූ අවස්ථාව. එවකට සංවර්ධන උපායමාර්ග හා ජාත්යන්තර වෙළඳ අමාත්ය මලික් සමරවික්රම මහතා සහ සිංගප්පූරු ජනරජයේ වෙළෙඳ හා කර්මාන්ත අමාත්ය එස්. ඉස්වරන් යන මහත්වරුන් දෙරට වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් කරන ලදී.
Video Story