January, 25, 2023
Convenience Foods (Lanka) PLC (CBL සමුහයෙහි අනුබද්ධ), Isobar Sri Lanka සහ Kaali Projects සමඟ එක්ව නිර්මාණය කරන ලද සාර්ථක නවමු අත්දැකීම් රැගත් ඩිජිටල් අලෙවිකරණ ව්යාපෘතියක් වන Grand Theft Kottu වෙනුවෙන් CBL Sera Kottu Kottu මෙවර SLIM Digis 2.2 සම්මාන උළෙලේ කාණ්ඩ 06ක් යටතේ සම්මාන හිමිවිය.
මෙහිදී Grand Theft Kottu අත්දැකීම සඳහා පාරිභෝගික භාණ්ඩ(FMCG) ක්ෂේත්ර ආහාරපාන අංශයේ ඩිජිටල් අලෙවිකරණය සඳහා වූ රන් සම්මානය ඇතුළුව 'ඩිජිටල් අලෙවිකරණය තුලින් සාර්ථක නවමු අත්දැකීම් භාවිතය', 'අවම පිරිවැයකින් යුත් සාර්ථක ව්යාපෘතිය', 'හොඳම ඩිජිටල් මාධ්යයන් සහ e-ක්රීඩා සම්බන්ධීකරණය', 'ඩිජිටල් ක්රීඩා සැලසුම් කිරීම සහ e - ක්රීඩා භාවිතය' යන කාණ්ඩ හතරක් සඳහා රිදී සම්මාන දිනාගන්නා ලදී. මීට අමතරව සියලු කර්මාන්ත අතුරින් විනිශ්චය කරනු ලබන හොඳම ඩිජිටල් අලෙවිකරණ නවෝත්පාදනය සඳහා ලෝකඩ සම්මානයද දිනා ගන්නා ලදී.
Sera Kottu Kottu සන්නාමය සමඟ නවීන අත්දැකීම් සහිත ඩිජිටල් මාධ්යක් නිර්මාණය කිරීම සඳහා Grand Theft Kottu වෙනුවෙන් ලෝක ප්රකට ක්රීඩා මාලාවක් සහ open - world ක්රියාදාම සහිත ත්රාසජනක පරිගණක ක්රීඩාවක් වන Grand Theft Auto (ග්රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ) භාවිතා කරමින්, එහි GTA-5 ක්රීඩා වේදිකාව තුල කොළඹ සහ ශ්රී ලංකාවේ අනෙකුත් සුවිශේෂී ස්ථානයන් හි අනුරූ නිර්මාණය කල අතර එය ප්රවර්ධනය කිරීම සඳහා පරිගණක ක්රීඩා ක්ෂේත්රයේ ජනප්රිය online game - streaming ක්රීඩකයන් සමඟ එක්ව Sera Kottu Kottu සන්නාමය සහිත ට්රක් රථ උපයෝගී කරගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී.
"Grand Theft Kottu අලෙවිකරණ ව්යාපෘතිය, අපගේ ඉලක්කගත ප්රේක්ෂකයන්ට සමාජ මාධ්ය වේදිකා හරහා අපගේ සන්නාමය පිළිබඳ පැහැදිලි උනන්දුවක් සහ උද්යෝගයක් ඇති කරවන ඩිජිටල් ව්යාපෘතියක් වේ. මෙවැනි නව සංකල්පයක් හඳුන්වාදීම සඳහා අපගේ අලෙවිකරණ කණ්ඩායම සහ Isobar Sri Lanka කණ්ඩායම දැරූ ප්රයත්නයන් සහ කැපවීම මෙම සම්මාන තුලින් පැහැදිලි වනවා" යැයි CBL Food Cluster හි අලෙවි සාමාන්යාධිකාරී ජයංග පෙරේරා මහතා පැවැසීය.
SLIM Digis ශ්රී ලංකාවේ හොඳම ඩිජිටල් අලෙවිකරණ ප්රයත්නයන්, නවෝත්පාදන සහ දක්ෂතා හඳුනාගනිමින් ඒවා ඇගයීමට ලක්කරයි. මෙවර SLIM Digis 2.2 තරඟාවලිය සඳහා ඉතිහාසයේ වැඩිම ඉදිරිපත්වීම් සංඛ්යාවක් පැවැති බැවින්, මෙලෙස අංශ ගණනාවක ජයග්රහණයන් ලබාගැනීම කැපී පෙනෙන කරුණකි.
“ගෝලීය සහ දේශීය වශයෙන් පවතින තරගකාරී තත්ත්වයෙන් හමුවේ කැපී පෙනෙන වෙනසක් නිර්මාණය කිරීමේ අවශ්යතාව අපට දැනී තිබිණි. ඩිජිටල්කරණය මුල් කරගත් නවීන තාක්ෂණය, නව්ය වූ අත්දැකීම් සහිත ව්යාපෘති, සාර්ථක ඩිජිටල් අලෙවිකරණ ව්යාපාර සඳහා අත්යවශ්ය සාධකයකි. Grand Theft Kottu ව්යාපෘතිය සඳහා වූ නිර්මාණාත්මක ක්රියාවලිය, මනා අවබෝධය සහ සියලුදෙනාගේ කැපවීම, මෙහි සාර්ථකත්වයට බලපෑමක් කිරීමට හැකිවිය’’ යනුවෙන් Convenience Foods Lanka PLCහි අලෙවි කළමනාකාර නුවන් රත්නකීර්ති මහතා පැවසීය.
"මෙම ව්යාපෘතිය දේශීය ඩිජිටල් අලෙවිකරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන අතර, Digis සම්මාන උළෙල් ඉතිහාසයේ වැඩිම සම්මානයක් දිනාගත් තනි ව්යාපෘතිය යි. SLIM Digis හිදී ශ්රී ලංකාවට කීර්තියක් ගෙන දුන් සහ e-ක්රීඩා සඳහා පළමු රන් පදක්කම දිනාගත් ආසියා-පැසිෆික් (APAC) කලාපයේ පළමු ව්යාපෘතිය ද මෙය වීම විශාල ගෞරවයක්. අලෙවිකරණය සඳහා e-ක්රීඩාව යොදා ගැනීමේ සාර්ථකත්වය අත්දැකීමෙන් පසුව, අනෙකුත් ආයතන සහ වෙළඳ නාමයන්ද පසු කාලීනව මෙම වේදිකාවට පිවිසෙනු දැකගැනීමට අප බලාපොරොත්තු වනවා” යනුවෙන් Dentsu Communications හි උප සභාපති මොහනේෂ් චමිත් බුත්ගමුව මහතා තම අදහස් දැක්විය.
2017 වසරේදී දියත් කරන ලද Sera Kottu Kottu නිෂ්පාදනයන්, තරුණ ප්රජාවට සහ ගෘහස්ත පාරිභෝගිකයන්ට පහසුවෙන් පිළියෙළ කළ හැකි ආහාර වේලක් වන අතර, නිවසේදීම සුවපහසු පරිසරය තුළ ඔවුන්ගේ ප්රියතම ‘කොත්තු’ භුක්ති විඳීමට අවස්ථාව උදාකරදී ඇත.2022 වසරදී Dragons of Asia සම්මාන උළෙලේදී, ශ්රී ලාංකේය සන්නාමයක් මෙම ක්රීඩා ක්ෂේත්රයේ සම්මානයක් දිනූ පළමු අවස්ථාව සනිටුහන් කරමින්, Grand Theft Kottu ව්යාපෘතිය ' හොඳම නව්ය අදහස සහ සංකල්පය' යන කාණ්ඩය සඳහා වූ බ්ලැක් ඩ්රැගන් සම්මානය Sera Kottu Kottu විසින් හිමිකරගන්නා ලදී.
Image caption : CBL Food Cluster, Isobar Sri Lanka සහ Kaali ව්යාපෘති කණ්ඩායම SLIM Digis 2.2 සම්මාන පාරිභෝගික භාණ්ඩ(FMCG) ක්ෂේත්ර ආහාරපාන අංශයේ ඩිජිටල් අලෙවිකරණය සඳහා වූ රන් සම්මානය ජයග්රහණය කරන ලදී.
January, 11, 2023
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මේ අතරින් එක් රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් #ResponsibleMe වැඩසටහන වෙනුවෙන් හිමි වූ අතර, අනෙක් ලෝකඩ සම්මානය ජාතික දින ප්රවර්ධන වැඩසටහන වෙනුවෙන් හිමි විය. සෙලාන් බැංකුවේ විශිෂ්ට ඩිජිටල් අලෙවිකරණ ප්රයත්නයන්, නවෝත්පාදන සහ සාර්ථකත්වයන් වෙනුවෙන් පිරිනමන ලද මෙම සම්මාන, අර්ථවත් වැඩසටහන් ඔස්සේ සමාජයට වැදගත් පණිවිඩ සන්නිවේදනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියකි.
මෙහිදී #ResponsibleMe වැඩසටහනට ‘විශිෂ්ටතම ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන - ආයතනික සමාජ වගකීම්’ (Best Digital Marketing Campaign - CSR category) කාණ්ඩය සහ ‘සන්නාම අන්තර්ගතයන්හි විශිෂ්ටතම භාවිතාව’ (Best Use of Branded Content) කාණ්ඩය යටතේ පිළිවෙලින් රිදී සහ ලෝකඩ සම්මාන හිමි විය. ‘ආයතනික සමාජ වගකීම්’ කාණ්ඩය යටතේ හොඳම ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන සඳහා සම්මානය දිනූ #ResponsibleMe වැඩසටහන, අපේක්ෂිත ප්රතිඵල ලබාගැනීම සඳහා එකිනෙකට වෙනස් ඩිජිටල් නාලිකා කිහිපයක් සමගාමීව භාවිතා කළ විශිෂ්ටතම වැඩසටහන් අතරින් එකක් ලෙස ඇගයීමට ලක් විය. මෙම ජයග්රහණයන්, නිවැරදි ක්රමෝපාය, නවෝත්පාදන හැකියාව සහ නිර්මාණශීලිත්වය තුළින් ප්රවර්ධන වැඩසටහනක් මනාව සැලසුම් කර නිසි ප්රතිඵල ලබාගැනීම සම්බන්ධයෙන් මනා උදාහරණයක් ලෙස හැඳින්විය හැකි වේ.
‘සන්නාම අන්තර්ගතයන්හි විශිෂ්ටතම භාවිතාව’ සඳහා වූ ලෝකඩ සම්මානය සෙලාන් බැංකුව වෙත හිමි වූයේ, ආයෝජනයෙන් නිසි ප්රතිඵල ලැබෙන ආකාරයට සන්නාමගත අන්තර්ගතයන් වඩාත් නිර්මාණාත්මක, නව්ය සහ ඵලදායි ලෙස භාවිතා කිරීම වෙනුවෙනි. #ResponsibleMe වැඩසටහන සෙලාන් බැංකුවේ වටිනාකම්, සහ ක්රමෝපාය සමඟ හොඳින් ගැළපුණු බැවින් සහ ඊට අදාළ අලෙවිකරණ අභියෝගය පැහැදිලිවම ජයගත් බැවින්, මෙම කාණ්ඩයේ ජයග්රහණයක් වාර්තා කිරීමට එය සමත් විය. මීට පෙර, ආසියානු කලාපයේ සියලු රටවල විශිෂ්ටතම අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කළ Dragons of Asia Effective Marketing Awards 2022 සම්මාන උළෙලේදීද #ResponsibleMe වැඩසටහනට රිදී සම්මානයක් හිමි වීම විශේෂත්වයකි.
සෙලාන් බැංකුවේ #ResponsibleMe වැඩසටහන ආරම්භ වූයේ COVID-19 තුන්වැනි රැල්ල ශ්රී ලංකාව තුළ පැතිරීම දරුණු ලෙස සිදුවෙමින් පැවති කාලසීමාවේදී ය. එම කාලයේදී වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා වගකීම්සහගත ලෙස කටයුතු කිරීමේ වැදගත්කම ජනතාවට පෙන්වා දීම සඳහා, සෙලාන් බැංකුව විසින් මෙම වැඩසටහන දියත් කරන ලදි. එම කාලයේදී පැවති තත්ත්වයේ ආතතියත් සමග ජනතාව නිර්දේශිත චර්යාවන් අනුගමනය කිරීමට මැළිකමක් දක්වන බව නිරීක්ෂණය වීම නිසා, #ResponsibleMe වැනි වැඩසටහනක් දියත් කිරීම අතිශයින් කාලෝචිත පියවරක් විය.
මෙම පණිවිඩය තරමක් දැඩි ස්වරයෙන් සන්නිවේදනය කිරීමට අවශ්ය වීම නිසා, ‘සුහද හදෙන්, ටිකක් සැරෙන්’ යන තේමාව භාවිතා කරන ලදි. මෙහිදී තමන්ටම ආවේණික රටාවන්ට අනුව තම සමාජ මාධ්ය අවකාශයන් ඔස්සේ #ResponsibleMe පණිවිඩය ජනතාව අතරට රැගෙන යාමේ වගකීම සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලය ඉතාමත් උනන්දුවෙන් භාරගත්හ. සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් රැසක්ද ඉන් අනතුරුව මෙම උත්සාහය සමග අත්වැල් බැඳගත් අතර #ResponsibleMe වැඩසටහන සමාජ මාධ්ය තුළ කැපී පෙනෙන රැල්ලක් බවට පත්විය. මීට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධ මාධ්ය හමුවක් සංවිධානය කරන ලද අතර, ඩිජිටල් මාධ්යන් තුළ ක්රියාකාරී ලෙස කටයුතු කළ මාධ්යවේදීන් පිරිසක් මේ සඳහා එක්වූහ.
ජාතික දිනය නිමිත්තෙන් සෙලාන් බැංකුව ක්රියාත්මක කළ ප්රවර්ධන වැඩසටහනට SLIM DIGIS 2.2 හිදී ‘ඩිජිටල් සන්නාම නිර්භීතභාවය’ (Digital Bravery Award) කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි විය. මෙම වැඩසටහන, ඩිජිටල් මාධ්ය හරහා සාම්ප්රදායික මතවාද නිර්භීතව ආමන්ත්රණය කරමින් ජනතාවගේ හදවත් වලට සමීප වීම සඳහා දැරූ සාර්ථක උත්සාහයක් ලෙස හැඳින්විය හැකි වේ.
ජාතික දිනය සම්බන්ධයෙන් පවතින යම් යම් සංවේදී අදහස් හා ආකල්ප නිසා, තම පණිවිඩ සන්නිවේදනය කිරීමේදී අතිශයින් ප්රවේශම්සහගත ලෙස කටයුතු කිරීමට සමාගම් හා ආයතන පෙළඹී ඇත. සාමාන්යයෙන් වෙනත් ප්රජාවකගේ භාෂාවක් භාවිතා කිරීමට හුරුවීම තුළින් එම ප්රජාවෙහි සංස්කෘතික ලක්ෂණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි වන නිසා, භාෂාව යනු සංහිඳියාව සඳහා තීරණාත්මක වැදගත්කමක් සහිත සාධකයක් ලෙස සැලකේ. එම නිසා ජාතික භාෂාවන් දෙකම ඉගෙන ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීමට සෙලාන් බැංකුව විසින් මෙම වැඩසටහන යොදාගන්නා ලදි.
මේ ඔස්සේ සාම්ප්රදායික ලෙස ‘නිදහස් දිනය’ යන්න භාවිතා කිරීම වෙනුවට, එය ජාතික දිනය ලෙස අර්ථගැන්වීමට සෙලාන් බැංකුව කටයුතු කළේ ය. යුද්ධයෙන් පසු ශ්රී ලංකාවට සිය ගමන් මග නිවැරදි කරගැනීමට ඇති වැදගත්ම ප්රවේශය එය බව එමගින් පෙන්වා දෙන ලදි. මෙය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් සාර්ථක ලෙස මතුකරන අතරම තම සන්නාමය ප්රවර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව ගත් සාර්ථක හා නිර්භීත උත්සාහයක් විය.
මීට පෙර සෙලාන් බැංකුව 2022 වසරේදී National Sales Congress හිදී සම්මාන 8 කින් පිදුම් ලැබීමට සමත් විය. එමෙන්ම LMD මගින් අඛණ්ඩව 4 වැනි වරටත් සෙලාන් බැංකුව පාරිභෝගික සේවා විශිෂ්ටත්වයේ අංක 1 ලෙස නම්කරන ලද අතර, බැංකු ක්ෂේත්රයේ සමාජ මාධ්ය භාවිතය සම්බන්ධයෙන් The Finance Brand වෙබ් අඩවියේ ලෝක ශ්රේණිගත කිරීම් තුළ 77 වන ස්ථානය හිමිකර ගැනීමටද සෙලාන් බැංකුවට හැකියාව ලැබිණි. එමෙන්ම LMD මගින් ප්රකාශයට පත්කර ඇති, මෙරට වඩාත්ම ගෞරවය දිනූ සමාගම් ලයිස්තුවේ 29 වන ස්ථානයද සෙලාන් බැංකුව වෙත හිමි වී තිබේ. මීට අමතරව LMD Brands Annual 2022 හි විශිෂ්ටතම සන්නාම 20 අතරට එක්වී සිටින සෙලාන් බැංකුව, Business Today සඟරාව මගින් විශිෂ්ටතම සමාගම් 40 අතරටද නම්කර ඇත.
Photo caption: SLIM DIGIS 2.2 හිදී රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මාන් දෙකක් දිනාගත් සෙලාන් බැංකු කණ්ඩායම
January, 4, 2023
ඩිජිටල් බැංකුකරණ සේවා පිළිබඳ සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී Best Search Engine Optimisation/Search Engine Marketing සඳහා රන් සම්මානය සහ පළපුරුදු ඩිජිටල් අලෙවිකරණය සඳහා රිදී සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත් විය.
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු ලබන SLIM DIGIS සම්මාන උළෙල මගින් ශ්රී ලංකාවේ වඩාත් නවෝත්පාදන බලපෑම්කාරී සහ හොඳම අලෙවිකරණ ප්රයත්නයන් ඇගයීමට ලක් කරනු ලබයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB අලෙවිකරණ ප්රධානී උපුල් අධිකාරී මහතා පැවසුවේ ‘‘තනි පුද්ගලයින් සහ ජාතියක් වශයෙන් පසුගිය වසර තුන තුළ අප සුවිශේෂී අභියෝග රැසකට මුහුණ දුන්නා. මෙම වෙනස්කම් සමඟින් පාරිභෝගික හැසිරීම ද ඉතා වැඩියෙන් වෙනස් වීමට පටන් ගත්තා. එනිසා ඩිජිටල් ක්ෂේත්රයේ මෙම විකාශනය නැවත ගණනය කිරීමට, හැදෑරීමට සහ අවබෝධ කරගැනීමට අපට පියවරක් පසුපසට ගැනීමට සිදු වුනාx පසුගිය වසර පුරා අපගේ උපායමාර්ගය වූයේ අපගේ වේදිකාවන් වෙත අවධානය යොමු කර ඇති ගෙවීමකින් තොරව සෙවුම් ප්රතිඵලවල ප්රතිඵලයක් ලෙස වෙබ් අඩවියට ඇතුළු වන අමුත්තන් (organic traffic) උපරිම ලෙස ප්රයෝජනයට ගැනීම සඳහා නිවැරදි පණිවිඩ සමඟින් නිසි ස්ථානයේ සිටීම වූ අතර SLIM DIGIS 2.2 හිදී මෙම ප්රයත්නයන් තුළ පිළිගැනීමට ලක් වීම ගැන අප ඉතා සතුටු වනවා.’’ යනුවෙනි.
බැංකුවේ ‘Maximising Organic Traffic’ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන සඳහා හොඳම Best SEO/SEM වැඩසටහනට හිමි රන් සම්මානය දිනා ගැනීමට HNB සමත් විය. මෙම කාණ්ඩය යටතේ ඩිජිටල් අලෙවිකරණ සහ search engine optimisation යන අංග වලින් පරිපූර්ණ වූ search campaigns සිදුකිරීමට ඇති හැකියාව මත HNB ඇගයීමට ලක් විය.
HNB හි SOLO ඩිජිටල් යෙදවුම සමඟින් SOLO Pola සහ සහ SOLO Podi Podi Business වැනි HNB හි ඩිජිටල් නවෝත්පාදනයන් පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීම සහ සම්බන්ධ කර ගැනීම සඳහා වන අලෙවිකරණ වැඩසටහන් සඳහා එහි පළපුරුදු ඩිජිටල් අලෙවිකරණ ප්රවේශය වෙනුවෙන් බැංකුවට රිදී සම්මානයක් ද හිමි විය.
Image Caption : HNB අලෙවිකරණ ප්රධානී උපුල් අධිකාරී මහතා (දකුණේ සිට පස්වැනියා) සමඟින් ඩිජිටල් අලෙවිකරණ කණ්ඩායම සහ නියෝජිතායතනය වන (Group M) සම්මාන උළෙලේදී.
Video Story