December, 23, 2022
2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙ හි දී වසරේ හොඳ ම නව පිවිසුම් සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානය, මෙරට ප්රමුඛයන් අතර සිටින ගෘහස්ථ රෙදි සෝදන දියර සහ කුඩු සන්නාමයක් වන Diva Power හිමිකර ගැනීමට සමත් විය.
2020 දී හඳුන්වා දුන් Diva Power රෙදි සෝදන ඩිටර්ජන්ට් කුඩු සහ දියර ඉතා කෙටි කලක් තුළ දී මෙරට ඩිටර්ජන්ට් නිෂ්පාදන ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින්, ශ්රී ලාංකික හදවත් දිනා ගැනීමට සමත් විය. ඇඳුම්වලට ආරක්ෂාවක් හා සුපිරිසිඳු බවක් ලබා දෙන Diva Power දැරිය හැකි මිලකට මෙන් ම වර්ග කිහිපයකින් ලබා ගත හැකි ය. Diva Power Germ Guard ඇඳුම්වල විෂබීජ 99.9% ක් ඉවත් කරන අතර, Diva Power Colour Guard මගින් ඇඳුම් දුර්වර්ණ වීම අවම කරයි.
ලබා ගත් මෙම ජයග්රහණය පිළිබඳ ව අදහස් දක්වමින් හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් හි ගෘහස්ථ නිෂ්පාදන කාණ්ඩ කළමනාකාරිණී අනුෂ්කා සබනායගම් මහත්මිය පැවසුවේ, " Diva Power නිෂ්පාදනය හඳුන්වා දී වසර දෙකක් වැනි කෙටි කාලයක දී මෙවැනි ජයග්රහණයක් ලබා ගැනීමට හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා. වෙළෙඳපොළ වෙත අලුතින් පැමිණි සන්නාමයක් විදියට තරඟකාරීත්වය තුළින් ජය ලැබීමට හැකි වීම ඇත්ත වශයෙන් ම සතුටට කරුණක්. මෙම සම්මානය Diva Power සන්නාමය වටා එක් වී සිටින විශ්වාසවන්ත පාරිභෝගික ජනතාව වෙත උසස් තත්ත්වයන් යුත් රෙදි සෝදන නිෂ්පාදන ලබා දීමට අප දරන උත්සාහය ඇගයීමක් විදියට මා දකිනවා." යනුවෙනි.
Diva යනු සෑම ආර්ථික මට්ටමක ම පාරිභෝගිකයින්ගේ විශ්වාසය හා ආකර්ෂණය දිනාගෙන සිටින, තත්ත්වයෙන් උසස් ගෘහස්ථ නිෂ්පාදන සන්නාමයක් වන අතර, එය Diva Power රෙදි සෝදන කුඩු සහ දියර, Diva සබන්, Diva Fresh රෙදි සෝදන කුඩු ආදී වශයෙන් විවිධ ප්රභේදවලින් හා ඇසුරුම් ප්රමාණවලින් යුත් නිෂ්පාදන පෙළකින් සමන්විත වේ.
පාරිභෝගික කේන්ද්රීය සන්නාමයක් වන Diva Power කෙරෙහි විශ්වාසය තබමින්, ජයග්රාහී ගමනේ කොටස් කරුවෙකු වීම පිළිබඳ ව හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් සමාගම පාරිභෝගික ජනතාව වෙත සිය කෘතඥතාව පළ කරයි.
December, 20, 2022
ලොව ප්රමුඛතම සෞඛ්ය සහ සනීපාරක්ෂක සන්නාමයේ නිෂ්පාදන විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් Dettol හට ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී (SLIM Brand Excellence Awards) ගෞරවනීය සම්මාන දෙකක් දිනාගන්නා ලදී.
2022 දෙසැම්බර් 8 වන දින පැවති මෙම සම්මාන ප්රදානෝත්සවයේදී වසරේ නිෂ්පාදන සන්නාමය සඳහා රන් සම්මානය සහ වසරේ ගෝලීය සන්නාමය සඳහා ලෝකඩ සම්මානය සමඟින් Dettol සිය නිෂ්පාදන පිරිනැමීම සහ පාරිභෝගික සම්බන්ධතා පවත්වාගෙන යාම සහ වැඩිදියුණු කිරීම සඳහා දරණ උත්සාහය ඇගයීමට ලක්විය.
ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් Dettol ක සන්නාම කළමනාකාරිණී ලිලානි රාජපක්ෂ මෙනවිය මෙසේ පැවසුවාය: ”පසුගිය වසර කිහිපය අප සැමට අභියෝගාත්මක වසරක්. කෙසේ වෙතත් Dettol ඉතා ප්රශංසනීය ජයග්රහණ දෙකක් සමඟින් පිළිගැනීමට ලක්වීම අපගේ දැක්ම වන ගනුදෙනුකරුවන්ට මුල් තැන දීමේ උත්සාහයට සැබෑ සාක්ෂියක් වන අතර අපගේ සාමූහික දැක්මට අනුව සැබෑ පාරිභෝගික අවශ්යතා සහ අපේක්ෂාවන් හදුනා ගනිමින් Dettol නිෂ්පාදන පිරිනැමීම් අඛණ්ඩව පෝෂණය කිරීම අපගේ අරමුණයි.”
වෘත්තීය අලෙවිකරණ විශිෂ්ටතය ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වන SLIM සන්නාම විශිෂ්ඨතා සම්මාන උළෙල සෑම වසරකම ප්රධාන සම්මාන පහක් සහ විශේෂ සම්මාන 10ක් සමඟින් මෙරට විශිෂ්ටත සන්නාමයන් ඇගයීමට ලක් කරනු ලබයි.
මෙම සම්මාන ප්රදානෝත්සවයේදී අරමුණ, සන්නාම අන්තර්ගතය, සන්නාම ක්රියාවලිය සහ සන්නාම ක්රියාකාරිත්වය යටතේ සන්නාම ගොඩනැගීමේ බහුවිධ අංශ ඇගයීමට ලක් කරනු ලබන අතර සන්නාමවල වාණිජමය සාර්ථකත්වය පමණක් නොව පාරිභෝගිකයින්ගේ අවශ්යතා සහතික කිරීම තක්සේරු කරයි. අලෙවිකරුවන් විසින් පෙන්නුම් කර ඇති ධෛර්යය, කැපවීම සහ නොපසුබට උත්සාහයේ ඉහළම පිළිගැනීම ලෙස SLIM සන්නාම විශිෂ්ඨතා සම්මාන සලකනු ලබයි.
විෂබීජ සහ බැක්ටීරියා සමඟ සටන් කිරීමට හොදම නිෂ්පාදන පෙළක් ලෙස ෘැඑඑදක ලොව පුරා ප්රසිද්ධියක් උසුලයි. Dettol සන්නාමය ගෝලීය මට්ටමේ නිෂ්පාදනයක් සැපයීමෙන් එහා ගොස් විෂබීජ නාශක පිළිබඳව විශේෂඥ දැනුම ලබාදෙමින් සනීපාරක්ෂක පිළිවෙත් සහ ප්රථමාධාර ලබාදීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට උත්සාහයක් දරයි.
වසර 60 කට වැඩි කාලයක් Reckitt සෞඛ්ය සේවා අංශයේ පුලූල් පරාසයක නිෂ්පාදන පෙළක් වෙළඳපොළට ඉදිරිපත් කරමින් රට පුරා සිටින ජනතාවගේ සනීපාරක්ෂාව, සෞඛ්ය සහ පෝෂණය ඉහළ නංවමින් සියලූම ශ්රී ලාංකිකයන්ගේ ජීවිත සවිබලගන්වයි.
Reckitt හි Dettol සහ Strepsils යන සන්නාමයන් 2021 SLIM Effie සම්මාන උළෙල සහ SLIM Digis 2.1 හිදී ඇගයීමට ලක් විය. Reckitt විසින් පසුගිය වසර දෙක තුළ සිය පාරිභෝගිකයන් සමඟ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමට සහ ඔවුන්ගේ ජීවිතවල වෙනසක් ඇති කිරීමට සිදු කිරීමට දරණ උත්සහය මෙහිදී ප්රශංසාවට ලක් විය. LMD සඟරාව විසින් ශ්රී ලංකාවේ වඩාත්ම ආදරය කරන සන්නාමය ලෙස Dettol ශ්රේණිගත කර තිබීම විශේෂත්වයකි.

November, 8, 2022
අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් 20 සිට නොවැම්බර් 30 දක්වා
මෙරට සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් අලෙවිකරණ දැනුමෙන් හා කුසලතාවයන්ගෙන් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් දියත් කර ඇති ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM විසින් 2022 වසර සඳහා SME Development Awards (SMEDA) සම්මාන උළෙල සඳහා 2022 ඔක්තෝබර් 20 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා අයදුම්පත් කැඳවා තිබේ. ශ්රී ලාංකීය ආර්ථිකයේ ජීව නාලිය බඳු සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් දිරිගැන්වීම සඳහා ඔවුන් විකුණුම්කරණය, අලෙවිකරණය හා සන්නාමකරණය යන අංශයන් හි දක්වා ඇති කුසලතා අගයමින් පිරිනැමෙන SME Development Awards සම්මාන උළෙල ‘Nation Branding National Initiative’ සන්නාමකරණය පිළිබඳ ජාතික වැඩසටහන හා සමගාමීව දියත් කෙරෙන්නකි.
මෙවර SLIM SME Development Awards සම්මාන උළෙලේදී ශ්රී ලාංකීය සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් විවිධ නිර්නායකයන් රැසක් ඔස්සේ අගය කිරීම අරමුණු කරගනිමින් “විශේෂ සම්මාන” සහ “ප්රමුඛතා සම්මාන” ලෙස ආකාර දෙකකින් සම්මාන පිරිනැමේ. තවද ජූරියේ ඉහළම ප්රසාද ලකුණු හිමිකරගන්නා ව්යවසායකයා වෙත “වසරේ විශිෂ්ඨතම සුළු/මධ්ය පරිමාණ ව්යවසායකයා” සම්මානයත් තරුණ ව්යවසායකයන් දිරිගැන්වීමෙහිලා “වසරේ විශිෂ්ඨතම තරුණ ව්යවසායකයා” සම්මානයත් පිරිනැමේ.
SLIM සභාපති නුවන් ගමගේ මහතා සම්මාන උළෙල පිළිබඳ අදහස් දක්වමින් “අපේ රටේ ආර්ථික සංවර්ධනයට සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ගෙන් සිදුවන දායකත්වය මෙතෙකැයි කියා කියන්නට බැහැ. වාර්තා අනුව අපේ රටේ 75% ක ප්රතිශතයක් ව්යාපාර, ඒ වගේම, අපනයනවලින් 20% කට වඩා, රැකියාවලින් 45% කට සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 52% කටත් වඩා දායකත්වය සපයන්නේ ඔවුන්. ව්යවසායකත්ව කුසලතා පැවතියද, සන්නාමකරණය, අලෙවිකරණ මූලිකාංග, නිෂ්පාදන හා සේවා වාණිජකරණ උපාය මාර්ග පිළිබඳ දැනුම අඩුකමත් ශී්ර ලාංකීය ආර්ථිකයේ සංවර්ධනයට තමා ලබාදෙන දායකත්වය නිසි ලෙස ඇගයීමකට ලක් නොකිරීමත් සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ගේ ඉදිරිගමන වළක්වන සාධක ලෙස අපගේ අනෙකුත් සම්මාන උළෙලවල් කි්රයාත්මක කරද්දී අප හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ හරහා සුළු හා මධ්ය පරිමාණ කර්මාන්ත වලින් එන අපනයන ප්රමාණය 20% වඩා වැඩි කරගැනීමට දිරිගැන්වීමෙන්, එය ගෙවුම් ශේෂ හිඟය අඩුකර ගැනීමට දිගු කාලීන උපාය මාර්ගයක් ලෙස භාවිතා කළ හැක.
ශ්රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය වැනි සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ට නූතන අලෙවිකරණ උපාය මාර්ගයන් සමග ඉදිරියට යන්නට අත්වැලක් වෙමින් දිරිගැන්වීම සඳහා SLIM SME Development Awards සම්මාන උළෙල පවත්වනු ලබනවා. ඔවුන් ශක්තිමත් වීම හරහා අපේ රටේ ජාතික ආර්ථිකයත් ශක්තිමත් වෙනවා.” යැයි පැවසීය.
SLIM උප සභාපති ගයාන් පෙරේරා මහතා අදහස් දක්වමින් “සුළු සහ ම මධ්ය පරිමාණ ව්යාපාරික ප්රජාව, අපේ රටේ ආර්ථිකයේ ජීවනාලිය බඳුය. ඔවුන් සුළු ව්යාපාරිකයන් වශයෙන් හැඳින්වුවත් ඔවුන්ගෙන් අපේ රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය සුළු පටු නොවේ. එමනිසා ආර්ථික දුෂ්කරතා වලින් පිරි මෙවන් කාලයක, ඔවුන් ඇගයීමට සහ දිරිගැන්වීමට සුදුසු වැඩසටහනක් නිර්මාණය කිරීම කාලෝචිත බව ජාතික අලෙවිකරණ ආයතනය ලෙස අපට හැඟී ගොස් තිබෙනවා” යැයි පැවසී
SLIM SMEDA සම්මාන උළෙල පිළිබඳ එහි ජූරියේ ප්රධානී දිනේෂ් නල්ලයියා මහතා අදහස් දක්වමින් “ඔබට පෙර නොවූ ආකාරයේ සාර්ථක ප්රතිඵල අවශ්යය නම් ඔබ මෙයට පෙර කටයුතු කළාට වඩා වෙනස් ආකාරයකින් කටයුතු කළ යුතුයි. SLIM SMEDA සම්මාන උළෙල පැවැත්වීමේ අරමුණ හුදෙක් සම්මාන ප්රදානය කිරීම නොවේ අපේ රටේ සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන්ගේ තත්ත්වය අවබෝධ කරගැනීමයි. එම ව්යවසායකයන්ගේ ව්යාපාර ස්වභාවය නූතන තරගකාරී ලෝකයට ගැලපෙන ආකාරයෙන් සකස් කිරීමටත් ඒ හරහා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමත් අප මෙයින් අපේක්ෂා කරනවා. බොහෝ සුළු හා මධ්ය පරිමාණ ව්යයවසායකයන්ට නව අදහස් තිබෙනවා, ඒවා කි්රයාත්මක කරවීම සඳහා අවශ්යය වන මගපෙන්වීම ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.
SLIM ව්යාපෘති සභාපති මධුරංග වීරතුංග මහතා අදහස් දක්වමින් “SLIM SMEDA සම්මාන උළෙල අප සැලසුම් කළේ වර්තමානයේ අපේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පසුගාමී වූ දේශීය සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් දිරිගැන්වීමක් ලෙසයි. හුදු සම්මාන උළෙලක් ලෙස නොව SLIM අපගේ වගකීමක් හා යුතුකමක් ලෙස සලකා එම ව්යවසායකයන් සවිබලගැන්වීමේ පුළුල් වැඩසටහනක් ලෙසයි කි්රයාත්මක කරනු ලබන්නේ. “SLIM ප්රයත්න” නමින් ව්යවසායකයන්ගේ ගැටළු විසඳාදෙන නොමිලේ උපදේශ සේවාවක්ද මෙම සම්මාන උළෙලට සමගාමීව අප කි්රයාත්මක කරනු ලබනවා. ” යැයි පැවසීය.
වාර්ෂීක ආදායම රුපියල් මිලියන 16 ත් 250 ත් අතර උපයන දේශීය ව්යවසායකයන් හට කුඩා පරිමාණයේ ව්යවසායකයෙකු ලෙසත් වාර්ෂික ආදායම රුපියල් මිලියන 750 නොඉක්මවන ව්යවසායකයන්ට මධ්ය පරිමාණ ව්යවසායක කාණ්ඩයෙන් SLIM SME Development Awards වෙත අයදුම් කළ හැකිය. සම්මාන සඳහා අයදුම් කරන සියළු අයදුම්කරුවන් බාහිර විගණන නිලධාරියෙකු හරහා තම ව්යාපාරයේ විගණනය කළ අවසන් ගිණුම් වාර්ථාව සහතික කරවාගෙන ඉදිරිපත් කළ යුතුය. වැඩි විස්තර 070 3266 988 අංකයෙන් හෝ gangani.l@slim.lk හරහා ගංගානි අමතන්න.


October, 28, 2022
ශ්රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්රමුඛතම ආයතනය වන ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් නැවත වරක් SLIM National Sales Awards 2022 (පෙර SLIM NASCO ලෙස හැඳින්වූ) උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි. අලෙවිකරණ වෘත්තිකයන් සඳහාම වන මෙම සම්මාන උළෙල මෙවර “SLIM National Sales Awards” නමින් දියත් කිරීමට නියමිතය. මෙම සම්මාන උළෙල අඛණ්ඩව වසර 20 ක් පුරා පවත්වනු ලැබූ අතර සමාගම්වල ඉහළ කාර්යසාධනයක් ඇති අලෙවිකරණ වෘත්තිකයින්ගේ විශිෂ්ට දක්ෂතාවන් ඇගයීම සහ ඔවුන්ව ජාතික මට්ටමින් හඳුනා ගැනීම එහිදී සිදු වනවා.
මෙම සම්මාන උළෙලෙහි දැක්ම වන්නේ දකුණු ආසියානු කලාපයේ හොඳම සම්මාන යෝජනා ක්රමය ලෙස ස්ථානගත වෙමින් ගෝලීය ප්රමිතීන්ට අනුකූලව අලෙවිකරණ වෘත්තිකයන් ඇගයීමය. තවද විශිෂ්ට දක්ෂයින් ගෝලීය වේදිකාව තුල ඉහලටම ඔසවා තැබීම සම්මාන උළෙලෙහි බලාපොරොත්තුවයි.
SLIM National Sales Awards මගින් කර්මාන්ත 20කට අධික ප්රමාණයක දක්ෂයින් හඳුනාගෙන ත්යාග පිරිනමනු ලබයි. එමඟින් පුද්ගලයන්ට ඔවුන්ගේ කාර්ය සාධනය මත පදනම්ව ඔවුන්ගේ සමාගම් හරහා අයදුම් කිරීමට ඉඩ සලසයි. SLIM NSA 2022 සඳහා ඇතුළත් වන කාණ්ඩ අතරට ඉදිරි පෙළ සේවකයින් (FL), අලෙවිකරණ විධායක සහ අලෙවිකරණ අධීක්ෂක (SE), ප්රදේශ කළමනාකරුවන් (TM), කලාපීය අලෙවිකරණ කළමණාකරුවන් (RSM) සහ සහකාර අලෙවිකරණ කළමණාකරුවන්, ජාතික අලෙවිකරණ කළමනාකරුවන් (NSM), අලෙවිකරණ කළමනාකරුවන් (SM) සහ අනෙකුත් අලෙවිකරණ සහාය කාර්ය මණ්ඩලය ඇතුළත් වේ. තවද මෙවර 2021 සහ 2022 වසර සඳහා ඉදිරිපත් කරන ලද ප්රවේශයන් සඳහා විනිශ්චය සිදු කරනු ලැබේ. අදාළ සමාගම්වල මූල්ය වර්ෂය අවසන් වීම සිදුවන ආකාරය අනුව එක් එක් කාණ්ඩය සඳහා කාර්යසාධන මනිනු ලබන කාලය 2021 දෙසැම්බර් 31 හෝ 2022 මාර්තු 31 වේ.
සම්මාන උළෙල පිළිබඳව SLIM හි සභාපති නුවන් ගමගේ මහතා මෙසේ සිය අදහස් දැක්වීය. "National Sales Awards යනු අපගේ වාර්ෂික දින දර්ශනයේ අති විශේෂ අංගයක්. ඒ වගේම වසර ගණනාවක් පුරා එය දැඩි තරඟකාරීත්වයකින් යුක්තයි. ඕනෑම ආයතනයක අලෙවිකරණ වෘත්තිකයන්ව, වේගයෙන් වෙනස් වන පරිසරයක් තුල ඉදිරියටම යාමට සහ අභියෝග වලට මුහුණදීමට දිරිමත් කිරීම උදෙසා අපි මෙම සම්මාන උළෙල පවත්වනු ලබනවා".
"අපි සම්බන්ධ වීමට අදහස් කරන ජාත්යන්තර අනුබද්ධතාවයන් තුලින්, අනාගතයේදී, අලුතින් ප්රතිසංස්කරණය කරන ලද සම්මාන උළෙල ගෝලීය මට්ටමට උසස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාතික ආයතනයක් ලෙස SLIM හි අපේ බලාපොරොත්තුව වෙන්නේ අලෙවිකරණ වෘත්තිකයන් මෙම වසරේදී ඔවුන්ගේ ව්යාපාර ඊළඟ මට්ටමට ගෙන යාමට යොදවා තිබෙන කැපවීමට ඉහළම පිළිගැනීමක් ලබා දීමයි " ඔහු තවදුරටත් මෙසේ පවසා සිටියේය.
"You make the difference," යන තේමාව යටතේ මෙවර සම්මාන උළෙලේදී අභියෝග රැසකට මුහුණ දුන් සහ අභියෝගාත්මක තත්ත්වයන් මධ්යයේ ජයග්රහණය කරා ගමන් කළ අලෙවිකරණ වෘත්තිකයන් අගය කිරීම සිදු කෙරේ.
ව්යාපෘති සභාපති ඉනෝක් පෙරේරා මහතා සිය අදහස් දැක්වුයේ මෙසේය. "“වසංගත තත්ත්වය සහ ආර්ථික අභියෝග හේතුවෙන් රට බොහෝ කැලඹීම්වලට මුහුණ දුන් කාලයකදී අලෙවිකරණ නිලධාරීන්ට ඒ සියල්ලටම මුහුණ දෙමින් කටයුතු කිරීමට සිදු වුණා. දක්ෂ අලෙවිකරුවන් නිර්මාණය කිරීම සඳහා, ආයතන විසින් ඔවුන්ව පුහුණු කිරීම සහ ඔවුන්ව දිරිමත් කිරීමේ කටයුතු වල නිරත වෙනවා. SLIM National Sales Awards කියන්නේ අලෙවිකරණ වෘත්තිකයන්ගේ උත්සාහයන් හඳුනා ගෙන ඔවුන්ව දිරිමත් කල හැකි හොඳම වේදිකාවක්".
සම්මාන උළෙල පිළිබඳව සියලුම විස්තර https://slim.lk/nationalsalesawards/වෙත පිවිසීමෙන් ලබා ගත හැක. සියලුම අයදුම්පත් 2022 නොවැම්බර් 30 වැනි දින සවස 5.00 ට පෙර ඉදිරිපත් කළ යුතුය. ලියාපදිංචි වී ව්යාපාර කරගෙන යන සීමිත වගකීම් සහිත සමාගම්, හවුල් ව්යාපාර, පොදු සහ තනි හිමිකාරත්වයන් සහිත ව්යාපාර වලටද තරඟයට ඇතුළත් විය හැක.
තරඟය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා ගංගානි 0703266988 හෝ දිමිත්ර 0703463171 අමතන්න.
September, 7, 2022
අභියෝගාත්මක තත්වයන් මධ්යයේ වුවද වෙළඳ සන්නාමයන් විශිෂ්ටව මෙහෙයවූ අලෙවිකරණ උත්සාහයන් ඇගයීම වෙනුවෙන් ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය 2022 අගෝස්තු 22 වැනි දින 21 වන SLIM බ්රෑන්ඩ් විශිෂ්ටතා සම්මාන 2022 (SLIM Brand Excellence Awards) උළෙල නිල වශයෙන් ප්රකාශයට පත්කරන ලදී. මෙම වසරේ සන්නාම උළෙල “Mettle of Resilience” යන තේමාව යටතේ නවතම ඇගයුම් කි්රයාවලියක් සමඟ දියත් කොට ඇත. එම නවමු ඇගයුම් නිර්ණායක සහ අනෙකුත් කරුණු පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කිරීමට ඉකුත් සැප්තැම්බර් 5 වන දින ජයික් හිල්ටන් හිදී මාධ්ය සාකච්ජාවක් පැවැත්විණි.
උපාය මාර්ග, නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනයන් උපායශීලීව භාවිතා කිරීම තුළින් දේශීය සහ ගෝලීය වෙළඳපල ජය ගැනීමට සමත් වූ සන්නාමයන්ගේ උත්සාහය ඇගයීම සඳහා SLIM බ්රෑන්ඞ් විශිෂ්ටතා සම්මාන පහක් සහ විශේෂ සම්මාන දහයක් පිරිනැමීමට අපේක්ෂා කරයි.
ශ්රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති නුවන් ගමගේ මහතා විසින් මෙම දැනුවත් කිරීමේ සැසියේ දී පැමිණ සිටින්නන් පිළිගනු ලැබූ අතර වත්මන් ගැටලූවලට සෘජු විසඳුමක් ලෙස ‘’ශ්රී ලංකා” සන්නාමය ඉදිරියට ගෙන යාමට අලෙවිකරුවන් ඉදිරිපත් විය යුතු බව අවධාරණය කළේය. ජූරි සභාවේ ප්රධානී ඉමාල් ෆොන්සේකා මහතා සහ ව්යාපෘති සභාපති කවී රාජපක්ෂ මහත්මිය විසින් අයදුම්පත් සම්පාදනය කිරීමේ ක්රියාවලියට සහ දෙවන වටයේ ඉදිරිපත් කිරීම් සඳහා සහය වන නවතම ඇගයීම් නිර්ණායක පිළිබඳව දැනුවත් කරන ලදි.
අනතුරුව පැවති ප්රශ්නෝත්තර සැසිය අතරතුරදී නවතම ක්රියාවලිය සහ ජූරියේ අපේක්ෂාවන් මොනවාද යන්න පිළිබඳ ප්රශ්න ඉදිරිපත් වූ අතර එම ස්ථානයට පැමිණ සිටි අයගේ සහ ඩිජිටල් පේ්රක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් හරවත් සාකච්ඡුාවක් ගොඩනැගුණි.
“Let’s tell a good story” යන්න සිය තේමා පාඨය කරගත් නිල නිර්මාණ සහකරු වන Shift Integrated සහ ‘’Getting Your Customer’s Attention’’ යන්න සිය තේමා පාඨය කරගත් නිල ඩිජිටල් සහකරු වන Loops Integrated විසින් පවත්වන ලද සැසි දෙකෙන් මෙම කතිකාවත වඩාත් පොහොසත් විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ තම සන්නාමය පිළිබඳ හදුන්වාදීම වඩාත් හොදින් ඉදිරිපත් කිරීම සඳහා මඟ පෙන්වීමටයි. එමෙන්ම මෙහිදී පිරිනැමෙන ගෞරවනීය සම්මාන දිනා ගැනීම සඳහා නිරීක්ෂණය කළ යුතු සහ ඉදිරිපත් කළ යුතු ඩිජිටල් පරාමිතීන් දැන පිළිබඳ පැහැදිලි කරන ලදි.
ප්රධාන සම්මාන කාණ්ඩ පහ අතරට වසරේ නිෂ්පාදන සන්නාමය, වසරේ සේවා සන්නාමය, වසරේ ගෝලීය සන්නාමය, වසරේ දේශීය සන්නාමය සහ වසරේ අපනයන සන්නාමය ඇතුළත් වේ. වසරේ නව්යකරණ සන්නාමය, වසරේ හැරවුම් සන්නාමය, වසරේ හොඳම නව ප්රවේශකයා, වසරේ B2B සන්නාමය, වසරේ CSR සන්නාමය, වසරේ ඔන්ලයින් සන්නාමය, වසරේ දේශීය කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සන්නාමය, වසරේ දේශීය කුඩා හා මධ්ය පරිමාණ අපනයන ව්යාපාර සන්නාමය යන විශේෂ සම්මාන දහයට අමතරව මෙවර වසරේ Agile සන්නාමය සහ වසරේ හරිත සන්නාමය යන නව කාණ්ඩ දෙක ද සම්මාන රාත්රියට එක් කර ඇත.
සියලූම ඇතුළත් කිරීම් විනිශ්චය කරනු ලබන්නේ රටේ වඩාත්ම ගෞරවනීය, පළපුරුදු වෘත්තිකයන් විසිනි. ඔවුන් පිළිගැනීමට වඩාත් සුදුසු වෙළඳ නාම, සන්නාම භාරකරුවන් සහ ව්යවසායකයින් තීරණය කිරීම සඳහා සියුම් සහ නිරවද්ය ඇගයීම් ක්රියා පටිපාටියක් අනුගමනය කරයි.
දේශීය සන්නාම ජාත්යන්තර තලයට ගෙන යාමේ දැක්ම ඇතිව SLIM බ්රෑන්ඞ් විශිෂ්ටතා සම්මාන සඳහා මෙවර අලූතින්ම ‘’Brand Book’’ නැමැති නවතම අයදුම්පතක් හඳුන්වා දී ඇති අතර එමඟින් සියලූම අයදුම්කරුවන්ට තම සන්නාමය පිළිබඳ විස්තර එකවරම ලබාදීමෙන් පසුව අදාල කාණ්ඩය යටතේ තම සන්නාමය සුවිශේෂී විය යුත්තේ ඇයි යන්න පිළිබඳව පමණක් කරුණු දැක්විය හැකිය.
වර්තමාන සංකීර්ණ ව්යාපාරික පරිසරය තුළ ශ්රී ලංකාවේ අලෙවිකරණ ක්ෂේත්රයේ විශිෂ්ටයින්ගේ කැපීපෙනෙන කාර්යභාරය ඇගයීමට ලක්කරන එකම ජාතික මට්ටමේ වැඩසටහන මෙය වේ. එබැවින් නිෂ්පාදන හා සේවා සන්නාම විශිෂ්ටත්වය කරා ඔසවා තැබීමට අලෙවිකරුවන්ගේ අභිපේ්රරණය, කැපවීම සහ දැඩි මහන්සිය මෙම සම්මානවලින් පිළිබිඹු වේ.
වසර 21 කට පෙර ආරම්භ කරන ලද SLIM බ්රෑන්ඞ් විශිෂ්ටතා සම්මාන උළෙල හොඳම සන්නාම සහ සන්නාම භාරකරුවන් හඳුනාගෙන ඇගයීමට ලක් කරන එකම සම්මාන උළෙලයි. හුදෙක් අයදුම්කරුවන් 26 කින් ආරම්භ වූ සම්මාන වැඩසටහන අද වන විට ඉහළ වාර්ෂිකව වාර්තාගත අයදුම්කරුවන් සංඛ්යාවක් පිළිබඳ දත්ත ඉදිරිපත් කරයි. සන්නාම, සන්නාම කළමනාකරුවන් සහ ව්යවසායකයින් සඳහා සංවර්ධන වේදිකාවක් වන SLIM බ්රෑන්ඞ් විශිෂ්ටතා සම්මාන උළෙල දිනෙන් දින ඉහළ යන ජනප්රියත්වයක් හිමිකර ගනියි.
Video Story