January, 18, 2023
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL අනුබද්ධිත SLT Digital Services (පුද්.) සමාගමේ (SLT-DIGITAL) වර්ෂාවසාන පාරිභෝගික සම්මන්ත්රණය පසුගියදා පැවැත්විණි. ‘Connecting Businesses to Grow’ යන තේමාව යටතේ පැවති මෙහි මූලික අරමුණ වූයේ, ඩිජිටල් මාධ්ය ඔස්සේ තම ව්යාපාර කටයුතු බාධාවකින් තොරව පවත්වාගන්නා ආකාරය සම්බන්ධයෙන් ව්යාපාර ක්ෂේත්රය දැනුවත් කිරීම ය.
මෙම සම්මන්ත්රණයට ව්යවසායකයන් සහ වෘත්තිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ. රටේ සංවර්ධනයට සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර මගින් ලැබෙන දායකත්වය මෙහිදී විශේෂ ඇගයීමට ලක්වූ අතර, ව්යාපාරවල දෛනික කටයුතු කාර්යක්ෂම ලෙස පවත්වාගැනීම සඳහා SLT Digital Services මගින් ලබාදෙන සේවා ඵලදායී ලෙස භාවිතා කරන ආකාරය මෙහිදී පෙන්වා දෙන ලදි.
ඩිජිටල් අවකාශය තුළ සාර්ථක වීමට අත්යවශ්යවන විසඳුම් මාලාවක් SLT-DIGITAL වෙතින් ව්යාපාර වෙත හිමි වේ. විශිෂ්ට තලයේ මාර්ගගත ප්රවර්ධන වැඩසටහන්, ක්රියාවලි ස්වයංක්රීයකරණය කිරීම, පාරිභෝගික සම්බන්ධතා ශක්තිමත් කරගැනීමේ විසඳුම් සහ ඉහළම තලයේ සම්බන්ධතා විසඳුම් මීට ඇතුළත් ය.
මෙම විසඳුම් සමගින් ලැබෙන අමතර ප්රතිලාභ වන ඩිජිටල් නාමාවලි සේවාව, ඩිජිටල් අලෙවිකරණය, නිර්මාණශීලී අන්තර්ගත, Automobile.LK ඩිජිටල් නාමාවලිය සහ FortArc Gaming වේදිකාව ආදිය ද මෙහිදී පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙන ලදී.
මෙහිදී SLT Digital Services (Pvt) Ltd හි ප්රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා ‘සමාගමක ව්යාපාර පරිවර්තනය සහ එහි ගනුදෙනුකරුවන්ට සේවා සැපයීම සඳහා නිෂ්පාදන එකතුව ප්රතිනිර්මාණය කිරීම’ යන මාතෘකාව යටතේ අදහස් දැක්වූ අතර, SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්රනාන්දු මහතා, වර්තමාන ව්යාපාර පරිසරය සහ, ක්ෂුද්ර, සුළු, මධ්යම හා මහා පරිමාණ ව්යාපාරවලට SLT-MOBITEL සේවාවන්ගෙන් ලැබෙන ප්රතිලාභ පිළිබඳව අදහස් දැක්වී ය. මෙම අවස්ථාවට SLT-MOBITEL සමූහ ප්රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න සහ සමූහ ප්රධාන මූල්ය නිලධාරී සංජීව සමරනායක යන මහත්වරුද එක්වූහ.
B2B ව්යාපාර කාණ්ඩයට වැදගත් වන ආකාරයට ඩිජිටල් තාක්ෂණයේ සිදු වී ඇති වෙනස්කම් පිළිබඳව කරුණු දැක්වූ SLT-MOBITEL සමූහ Smart විසඳුම් සාමාන්යාධිකාරී කල්හාර ගමගේ මහතා මෙහිදී ‘පරිවර්තනයන්ට ලක්වූ ඩිජිටල් නාමාවලි එකතුව සහ B2B කාණ්ඩයට වැදගත් වන විද්යුත් වාණිජ හැකියා’ නමින් ඉදිරිපත් කිරීමක් සිදුකළේ ය. ඊට අමතරව ජ්යෙෂ්ඨ සාමාන්යාධිකාරී (ව්යාපාර සංවර්ධන සහ උත්සව) රුවන් විජේතුංග මහතා automobile.lk ඩිජිටල් නාමාවලිය සහ එමගින් ලැබෙන ප්රතිලාභ පිළිබඳව විස්තර කළේ ය.
Sherry Bakery Equipment Suppliers (Pvt) Ltd. හි අධ්යක්ෂ - විකුණුම් හා අලෙවි, රුහාර කංකානිගේ මහතා SLT-DIGITAL Business Directory මගින් තම ආයතනයට ලැබුණු ප්රතිලාභ පිළිබඳව අදහස් දැක්වී ය.
SLT Digital සමඟ අත්වැල් බැඳගැනීම මගින් ව්යාපාරවලට SLT-MOBITEL වෙතින් ලැබෙන ප්රධාන ප්රතිලාභවලට අමතරව එකම විසඳුමක් තුළින් ඩිජිටල් සහ දැන්වීම්කරණ සේවා ඇතුළු සේවා සහ ප්රතිලාභ රාශියක් ලබාගත හැකි වේ.
SLT Digital යනු දැන්වීම්කරණය සඳහා සුවිශේෂී වූ ඒකාබද්ධ සේවා එකතුවක් පිරිනමන සේවා සම්පාදකයෙකි. එහි අතිශය ජනප්රිය වෙබ් අඩවියවන www.rainbowpages.lk වෙත දිනකට පිවිසෙන සංඛ්යාව 10,000 ඉක්මවයි. ව්යාපාරවලට වැඩි ප්රචාරයක් ලබාගැනීමට හැකිවීම සඳහා මේ හරහා ඩිජිටල් නාමාවලියක්, මුද්රිත නාමාවලියක්, ජංගම යෙදවුමක්, eBook එකක්, ඇමතුම් මධ්යස්ථාන සේවාවක් (SLT 1212, Mobile 444), IVR ප්රවර්ධන සේවාවක්, ඩිජිටල් අලෙවිකරණය, සමාජ මාධ්ය දැන්වීම්කරණය සහ වෙබ් නිර්මාණය වැනි සේවා රැසක්ද හඳුන්වා දී තිබේ. මෙහි ලියාපදිංචි සැපයුම්කරුවන්ට රජයේ ටෙන්ඩර් සඳහා අයදුම් කිරීමට හැකි වීම අමතර වාසියකි.
වැඩිදුර තොරතුරු 1212 ඔස්සේ ඇමතුම් මධ්යස්ථානයෙන්, 0112 399 399 ඔස්සේ ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ www.rainbowpages.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ.
June, 15, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2022 ජාතික ව්යාපාර නාමාවලිය (‘The Directory’ 2022) පසුගියදා එළිදක්වන ලදි. මෙරට ක්ෂුද්ර, සුළු හා මධ්යම පරිමාණ ව්යාපාරවල අලෙවිකරණ සහ දැන්වීම්කරණ අවශ්යතා එකම තැනකින් සපුරාලන සුවිශේෂී විසඳුමක් වන මෙය, SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක් වන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) විසින් වැඩිදියුණු කර, නව මුහුණුවරකින් යුතුව හඳුන්වා දී තිබේ.
‘The Directory’ 2022 යනු ජාතික ව්යාපාරික දුරකථන නාමාවලියේ 2022 සංස්කරණය වන අතර, එය රටේ ව්යාපාරවල සාර්ථකත්වයට අත්වැලක් වන නවතම මෙවලම ලෙස හැඳින්විය හැක. පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට, නව අංග රැසක් සමගින් හඳුන්වා දී ඇති මෙහි ප්රධානතම අරමුණ වන්නේ, වර්තමාන සහ අනාගත පාරිභෝගිකයන්ටත්, ලියාපදිංචි ව්යාපාරවලටත් උපරිම ප්රතිලාභ ලබාදීම ය. මීට අමතරව මෙය මාර්ගගත නාමාවලියක් (rainbowpages.lk), මුද්රිත පොතක්, විද්යුත් පොතක්, ජංගම යෙදවුමක් සහ පැය 24 පුරා ක්රියාත්මක වන ඇමතුම් මධ්යස්ථාන සේවාවක් (SLT 1212, Mobile 444), ආදී වශයෙන් මාධ්ය කිහිපයක් ඔස්සේ පරිශීලනය කළ හැකි වීම තවත් විශේෂත්වයකි.
‘The Directory’ ශ්රී ලංකාවේ එකම ජාතික ව්යාපාර නාමාවලිය ලෙස සැලකේ. 6,000 කට අධික ව්යාපාර ආයතන සංඛ්යාවක් පිළිබඳ තොරතුරු සමගින් රටේ ආර්ථිකයේ සියලුම පැතිමාන නියෝජනය වන ආකාරයට භාණ්ඩ හා සේවා අංශ සම්බන්ධ දැන්වීම් 170,000කට අධික සංඛ්යාවක් මීට ඇතුළත් වී තිබේ. දිනකට එය මාර්ගගත ක්රමයට පරිශීලනය කරනු ලබන වාර ගණන 10,000කට අධික ය.
සැබවින්ම දේශීය වූ සෙවුම් යාන්ත්රණයක් තෝරාගැනීමට උනන්දු වූ, විශේෂයෙන්ම ගොඩනැගිලි ද්රව්ය, ඉදිකිරීම්, විදුලි සහ ඉලෙක්ට්රොනික වැනි ක්ෂේත්ර සහ උප ක්ෂේත්ර වලට සම්බන්ධ භාණ්ඩ හා සේවා සපයන්නන් විශාල පිරිසකගේ සම්බන්ධතා තොරතුරු 2022 ජාතික ව්යාපාර නාමාවලියට ඇතුළත් වී තිබේ. මෙය ව්යාපාර අතර ගනුදෙනු පහසු කරන අතර, Search Engine Optimization (SEO) ක්රමවේදය ඔස්සේ ක්ෂුද්ර, සුළු හා මධ්යම පරිමාණ ව්යාපාරවලට තම ව්යාපාර ප්රවර්ධනය කරගැනීම සඳහා අගනා අවස්ථාවක් ද ලබාදෙයි. මීට ඇතුළත් සමාගම් හා ආයතන ගූගල් සෙවුම්වලදී පහසුවෙන් සොයාගත හැකි ආකාරයට මෙම නාමාවලිය ගෝලීය ‘search engines’ සඳහා ‘optimize’ කර තිබේ. එමෙන්ම දැන්වීම් සඳහා මෙහි වැඩි ඉඩක් වෙන්කර ඇති නිසා මෙම ව්යාපාරවලට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම වඩාත් පහසු වනු ඇත.
මෙහි ලැයිස්තුගත වී සිටින සහ ලියාපදිංචි වූ ව්යාපාරවලට වැදගත් වන තවත් සාධකයක් වන්නේ එය රජයේ ටෙන්ඩර් සඳහා අයදුම් කිරීමට සුදුසුකමක් වීමයි. මේ සම්බන්ධ චක්රලේඛය දැනටමත් මහා භාණ්ඩාගාරය මගින් නිකුත් කර තිබේ.
“මීට පෙර අවසන් වරට ජාතික ව්යාපාර නාමාවලිය මුද්රණය කර බෙදාහරින ලද්දේ 2020 වසරේදීයි. මේ වනවිට ඩිජිටල් හා මාර්ගගත ක්රම සම්බන්ධයෙන් අප වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මීට පෙර මුද්රිත නාමාවලියට දැන්වීම් ලබාදුන් සේවාදායකයන් අතරින් 80% ක්ම 2022 “The Directory” සහ එහි මාර්ගගත නාමාවලිය සඳහා දැන්වීම් ලබා දී තිබෙනවා. අපගේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් අඛණ්ඩව වටිනාකම් නිර්මාණය කිරීම අපගේ ප්රධානතම ක්රමෝපායික ප්රමුඛතා අතරින් එකක්. ඒ ඔස්සේ අපගේ වටිනා පාරිභෝගිකයන්ට තම සන්නාම පණිවිඩ වඩාත් හොඳින් ජනතාව අතරට ගෙනයාමට අත්වැලක් වීම සඳහා අප ඩිජිටල් අලෙවිකරණ විසඳුම්, වෙබ් විසඳුම්, සහ ‘Content Development’ ඇතුළු සේවා රාශියක් ලබාදෙනවා. ළඟදීම ‘Platform Based Solutions’ ඇතුළු තවත් නිෂ්පාදන හා සේවා රැසක් හඳුන්වාදීමටත් අප සූදානම්”, SLT Digital Services (පුද්.) සමාගමේ ප්රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා පැවසී ය.
SLT-DIGITAL යනු ඩිජිටල් අලෙවිකරණය, ව්යාපාර නාමාවලි දැන්වීම්කරණය, ඩිජිටල් නාමාවලි විසඳුම්, වෙබ් නිර්මාණ විසඳුම්, උත්සව කළමනාකරණය, සන්නාම සම්බන්ධ සේවා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ අලෙවිකරණ විසඳුම් පිරිනමන සමාගමකි. මෙරට ක්ෂුද්ර, සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර ප්රජාව අතර වඩාත්ම ජනප්රිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා අලෙවිකරණ විසඳුම් සපයන්නා බවට පත්වීම එම සමාගමේ අරමුණ වේ.
ඡායාරූපය: ජාතික ව්යාපාර නාමාවලියේ නවතම සංස්කරණය වන ‘The Directory’ 2022, SLT-DIGITAL ප්රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා විසින් SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්රනාන්දු මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව. SLT-MOBITEL සමූහ ප්රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න සහ SLT ප්රධාන විධායක නිලධාරී ජනක අබේසිංහ යන මහත්වරුන් සමග SLT-DIGITAL හි කළමනාකාරීත්වයේ සාමාජිකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.
Video Story