• Ada Derana BIZ Sinhala
  • Samsung
  • SLT-MOBITEL
  • Smart devices
  • sri lanaka

තෝරාගත් සැම්සුන් Smart devices සඳහා 5G තාක්ෂණික අත්දැකීම ලබා දීමට Samsung, SLT-MOBITEL සමඟ අත්වැල් බැඳගනී

July, 1, 2022

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන් තෝරාගත් සැම්සුන් devices සඳහා 5G තාක්ෂණික අත්දැකීම ලබා දීම සඳහා SLT-MOBITEL සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙය ජූනි මස මුල් සතියේ සිට ක‍්‍රියාත්මක වේ. මේ අනුව සැම්සුන් පරිශීලකයන්ට දැන්  SLT-Mobitel 5G අත්හදා බැලීමේ (trial) කලාපවල සුපිරි 5G අත්දැකීමක් අත්විඳීම සඳහා ඔවුන්ගේ 5G හැකියාව සහිත device SLT-Mobitel ජාලය තුළ භාවිත කිරීමට හැකි වේ.

සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම අති නවීන 5G තාක්ෂණික අත්දැකීම අත්විඳීමට හැකියාව ලබාදෙමින්, සුපිරි බ්‍රෝඞ්බෑන්ඞ් සම්බන්ධතාව සහ SLT-Mobitel හි ඊලඟ පරම්පරාවේ සම්බන්ධතාවය සමඟින් එන ප‍්‍රතිලාභ රැසක් සමඟින් SLT-Mobitel හි 5G තාක්ෂණය සැම්සුන් පරිශීලකයින්ට ඔවුන්ගේ devices උපරිමයෙන් භාවිත කිරීමට හැකියාව ලබා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන Mobitel හි ප‍්‍රධාන විධායක නිළධාරී චන්දික විතාරණ මහතා පැවසුවේ ‘’ජාතික ICT විසඳුම් සපයන්නා ලෙස අප ශ‍්‍රී ලංකාව තාක්ෂණික විප්ලවයේ මීළඟ අදියර කරා ගෙන යාමට කැපවී සිටිනවා. සැම්සුන් සමඟ ඇති අපගේ හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා වන ඉදිරි පියවරක්. ලෝකයේ ප‍්‍රමුඛතම අන්තර්ජාල වේග පරීක්ෂක ස්ථාන සඳහා වේගයෙන් පරීක්ෂණ තාක්ෂණය සපයන Ookla විසින් අඛණ්ඩව වසර තුනක් වේගවත්ම ජංගම දුරකතන ජාලය ලෙස පිළිගැනීමට ලක් කර ඇති SLT-Mobitel Mobile අපගේ අනාගතය සඳහා සූදානම් යටිතල පහසුකම් සහ ඊළඟ පරම්පරාවේ සම්බන්ධතා අත්දැකීම සමඟින් ශ‍්‍රී ලංකාව පරිවර්තනයට ලක් කිරීමට සූදානමින් සිටී. තෝරාගත් සැම්සුන් Smartphone devices සඳහා 5G තාක්ෂණික අත්දැකීම ලබා දීමෙන් සැම්සුන් පරිශීලකයින්ට ඔවුන්ගේ 5G හැකියාව සහිත device එක උපරිම හැකියාවෙන් භාවිත කිරීමට අප හැකියාව ලබා දෙනවා. 5G අත්දැකීම සමඟින් පාරිභෝගිකයින්ගේ ජීවිත බුද්ධිමත් හා වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යා හැකි තාක්ෂණය සහ යටිතල පහසුකම් අප සතුව ඇති නිසා SLT-Mobitel හි අප, අපගේ පාරිභෝගිකයින්ට සුවිශේෂී අත්දැකීම් ලබා දීම සඳහා අඛණ්ඩව නව ක‍්‍රම සොයමින් සිටිනවා.’’ යනුවෙනි.

‘’SLT-Mobitel හි සහයෝගයත් සමඟින් අපගේ පුළුල් පරාසයක ස්මාර්ට් ජංගම දුරකතනවලට 5G හඳුන්වා දුන් පළමු smartphone වෙළෙඳ නාමය වීම ගැන අප සතුටුයි. පහසුව, හැඩය සහ ඉහළ තාක්ෂණය ඔබේ වෙතටම ගෙන එමින් 5G සමඟින් ඔබ වෙත ගෙන එන නවතම ප‍්‍රතිලාභවලින් ද එය සමන්විත වන නිසා සැම්සුන් දැන් Future Ready ය. 5G යනු උපරිම ධාරිතාවයෙන් එය භාවිත වන බව සහතික කිරීම සඳහා සැම්සුන් Galaxy devices වලට කළ නවතම හඳුන්වා දීමයි. 5G ශ‍්‍රී ලංකාව පුරා හඳුන්වා දීමට පටන් ගැනීමත් සමඟ මුළු රටම වඩාත් හොඳ ජංගම දුරකථන ජාලයකට සම්බන්ධ වීම වැඩි ඈතක නොවනු ඇත. සැම්සුන් සැමවිටම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ smartphones වලින් හොඳම දේ ලබා ගැනීම සහතික කරන අතර අපගේ 5G හඳුන්වා දීම වඩාත් සාර්ථක ලෙස සිදු කිරීමට අප මහත් පරිශ‍්‍රමයක් දරන්නේ ඒ නිසයි. පාරිභෝගිකයින්ට දැන් 5G සමඟින් ඔවුන්ගේ Galaxy smartphones හරහා ඔවුන්ගේ සිහින සැබෑ කර ගත හැකියි.’’ යනුවෙන් සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේය.

සැම්සුන් Galaxy smartphones යනු 12 5G band තාක්ෂණය සහිත 5G devices වේ. SLT-Mobitel විසින් 5G ජාලය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී බැවින් එම devices වලට 5G අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව ඇති බව මෙයින් අදහස් අදහස් වේ. 5G ජාලය ශ්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වීමට පෙර පවා සැම්සුන් N1, N3, N5, N7, N8, N20, N28, N38, N40, N41, N66 සහ N78 යන 12 5G band තාක්ෂණය සහිත smartphones පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට කටයුතු කළේය.

Galaxy 5G සමඟින්, ශ‍්‍රී ලංකාවේ 5G band එක කුමක් වුවත්, පරිශීලකයින්ට සහතික කළ 5G සම්බන්ධතාවයක් හිමි වනු ඇති අතර දිවයින පුරා  ඕනෑම 5G ජාලයකට බාධාවකින් තොරව ප‍්‍රවේශය හිමි වනු ඇත. බාධාවකින් තොර අඛණ්ඩ 5G තාක්ෂණය මගින් ඉතා වේගයෙන් අන්තර්ගතයන් download, share සහ stream කිරීමට උපකාරී වේ.

Galaxy S21 Ultra 5G, S21+ 5G සහ S21 5G  ආදිය SLT-Mobitel 5G හැකියාව සහිත devices වන අතර Galaxy Z Fold 3, Galaxy Z Flip 3, Galaxy Z Fold 2, Galaxy Note20 Ultra 5G, Galaxy Note20 5G, Galaxy A22 5G, Galaxy F42 5G, Galaxy S22 Ultra 5G, S22+ 5G සහ S22 5G යන එක් එක් මාදිලිය සඳහා මීළඟ software නිකුතුවේදී SLT-Mobitel 5G හැකියාව ලැබෙනු ඇත.

ශ‍්‍රී ලංකාවේ ජාතික ICT විසඳුම් සපයන්නා වන SLT-Mobitel, දේශීය වෙළඳපොළට නවතම ජංගම දුරකතන තාක්ෂණය හඳුන්වා දීමේ පුරෝගාමියා වේ. 2019 දී වාර්තාගත වේගයක් පෙන්නුම් කරමින් 5G ස්මාර්ට් ජංගම දුරකතනයක් සිය 5G trial network එකට සම්බන්ධ කළ පළමු ජාලය ද වන්නේ SLT-Mobitel ය. තවද, SLT-MOBITEL ශ‍්‍රී ලංකාවේ මෑතකදී 2.5Gbps ක් ඉක්මවා ගිය ඉහළම ජංගම දුරකතන 5G වේගය වාර්තා කළේය. තවද, SLT-Mobitel සිය පාරිභෝගිකයින්ට තමන් සමඟින් 5G හි සැබෑ වෙනස අත්විඳීමට අවස්ථාව ලබා දීම සඳහා සිය 5G ready network යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කරමින් සිටී. Streamers, පාරිභෝගිකයින්, වීඩියෝ ක‍්‍රීඩාවල නිරතවන්නන්ට සහ ඩිජිටල් ක‍්‍රියාකාරිකයින්ට https://5g.sltmobitel.lk වෙත පිවිසීමෙන් 5G අත්හදා බැලීමේ කලාප පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. නැත්නම් ළඟම ඇති ප‍්‍රධාන ප‍්‍රදර්ශනාගාරයට ගොස් 5G හි පරිවර්තනීය වෙනස අත්විඳින්න. SLT-Mobitel සමඟ අනාගතය කෙබඳු වේදැයි අත්විඳින්න.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • LANKAQR
  • Q+ Payment App
  • SLT-MOBITEL
  • sri lanaka

Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කරන්නන්ට 30% ක් දක්වා ආපසු මුදල් සහ දිනපතා රුපියල් 10,000 ක ත්‍යාගයක්

June, 23, 2022

කොමර්ෂල් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් සේවාව භාවිතා කරමින් තෝරාගත් අලෙවිසැල් වෙතින් ස්කෑන් කර ගෙවීම් සිදුකිරීමේදී ග්‍රොසරි භාණ්ඩ, ආහාර, සේවා සහ ඇඳුම් පැළඳුම් සඳහා මුදල් ආපසු ලබාදීම, මුදල් ත්‍යාග ලබාදීම, නොමිලේ සේවා පැකේජ ඇතුළු දීමනා මාලාවක් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

2022 සැප්තැම්බර් මාසය දක්වා තෝරාගත් දිනයන්හි සහ එක් එක් කාල සීමාවන් වලදී කීල්ස් සුපිරි වෙළෙඳසැල්, සෙන්-සාල් අවන්හල්, ෆැෂන් බග් (ප‍්‍රයිවට්) ලිමිඩට් සහ SLT-Mobitel වෙත ගෙවීම් කිරීමේදී මෙම දීමනා ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

මීට අමතරව, වීසා කාඞ්පත් පිළිගන්නා  ඕනෑම LANKAQR සක‍්‍රීය කර තිබෙන ස්ථානයකින් Q+ ගෙවීමේ ඇප් සේවාව තුළින් ගෙවීම් කටයුතු කරන කොමර්ෂල් බැංකුවේ වීසා කාඞ්පත් හිමියන්ට මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුළ මුලින් කරන ගනුදෙනු තුන සඳහා එක් ගනුදෙනුවකට උපරිම රුපියල් 300 ක් දක්වා මුදල් ආපසු ලබාදෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මේ අතර, සැප්තැම්බර් මාසය අවසන් වනතුරු LANKAQR සක‍්‍රීය කර තිබෙන ස්ථානයකින් Q+ ගෙවීමේ ඇප් සේවාව තුළින් බිල්පත් ගෙවීමේදී මෙම දීමනාව ලබාගත හැකිවේ.

කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලයද මෙම LANKAQR ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා සම්බන්ධ වී සිටින අතර ජූලි 07 වනදා දක්වා මෙම ඇප් පහසුකම මගින් ස්කෑන් කර ගෙවීම් කරන වාසනාවන්ත ගනුදෙනුකරුවෙකුට දිනකට රුපියල් 10,000 ක් ලබාදීමට කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලය ඉදිරිපත් වී තිබේ.

එසේම, ඊ-බිල් පතේ තිබෙන LANKAQR කේතය ස්කෑන් කර Q+ ඇප් පහසුකම භාවිතා කරමින් SLT-Mobitel බිල්පත් ගෙවන ගනුදෙනු කරුවන්ට 5GB නොමිලේ ඬේටා සහ මොබිටෙල් ග‍්‍රාහකයෙකුට තවත් මොබිටෙල් ග‍්‍රාහකයින්ට කතා කිරීමට නොමිලේ මිනිත්තු 300 ක කතා කාලයක් ලබාගැනීමටත්  මොබිටෙල් ග‍්‍රාහකයෙකුට තවත් මොබිටෙල් ග‍්‍රාහකයින්ට නොමිලේ කෙටි පණිවුඩ 300 ක් යැවීමටත් අවස්ථාව හිමිවේ. මෙම දීමනාව හිමිවන්නේ බිල්පතේ වටිනාකම රුපියල් 1000 කට වැඩිනම් පමණක් බව බැංකුව සඳහන් කරයි.

Q+ ගෙවීමේ ඇප් පහසුකම මේ වනවිට ශ‍්‍රී ලංකාවේ තිබෙන වේගයෙන්ම ව්‍යාප්ත වන QR ඇප් සේවාව වන අතර LANKAQR යටතේ ආරම්භ කළ මෙරට පළමු QR පදනම් කරගත් ඇප් පහසුකම මෙය වේ. එසේම, නවතම දත්ත විශ්ලේෂණය කරමින් LANKAQR සඳහන් කළේ මෙය ශ‍්‍රී ලංකාවේ දැනට තිබෙන අංක එකේ ගෙවීමේ ඇප් සේවාව බවයි. Q+ ගෙවීමේ ඇප් පහසුකම මෙම ජයග‍්‍රහණය හිමිකර ගත්තේ වෙළෙඳුන් විසින් නිකුත් කළ LANKAQR කේත ස්කෑන් කර සිදුකළ සාර්ථක ‘ස්කෑන් ඇන්ඩ් පේ’ ගනුදෙනු පිළිබඳව ලංකාපේ විසින් රැස්කර ගත් දත්ත පදනම් කරගනිමිනුයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • Environmental
  • Geo Tagging
  • Governance - ESG
  • SLT-MOBITEL
  • Social
  • sri lanaka
  • WorldEnvironmentDay2022

දේශගුණ විපර්යාස අවම කරමින් රටට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දීම සඳහා හරිත වැඩසටහන් ක්‍රියාවට නැංවීම

June, 17, 2022

  • SLT-MOBITEL තම ප්‍රධාන කාර්යාලයේදී ලෝක පරිසර දිනය සමරයි
  • 5 වැනි මී පැළ සිටුවීමේ වැඩසටහන සාර්ථක ලෙස සිදුකෙරේ

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් සිය රුක් රෝපණ වැඩසටහන් මාලාවේ 5 වැනි අදියර ක්‍රියාවට නැංවී ය. SLT-MOBITEL විසින් මෙම ජාතික මට්ටමේ රුක් රෝපණ වැඩසටහන ආරම්භ කරන ලද්දේ වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, වන වගාව ප්‍රවර්ධනය කිරීම, පරිසරයේ කාබන් උරාගැනීමේ හැකියාව වැඩි කිරීම, හරිතාගාර වායු අවම කිරීම සහ දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම යන අරමුණු මුල්කරගනිමිනි. තිරසාරත්වයේ සැබෑ අරුත පෙරදැරිව, SLT-MOBITEL හරිත පෘථිවියක වැදගත්කම මෙන්ම අනාගත පරම්පරාවන්ගේ පැවැත්ම උදෙසා සොබාදහම සුවපත් කරමින් දේශගුණික විපර්යාස නැවැත්වීමේ සහ ආපසු හැරවීමේ අවශ්‍යතාවද හොඳින් අවබෝධ කරගෙන සිටී.

‘පිරිසිදු වාතයෙන් හා පොහොරවලින් රට පෝෂණය කරමු’ යන තේමාව යටතේ දියත් කර ඇති මෙම රුක් රෝපණ වැඩසටහන, මිනිස් වර්ගයාගේ යහපැවැත්ම උදෙසා පරිසරය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම නැවත නැවතත් අවධාරණය කරයි.

පළිබෝධ පාලනය කිරීමට හැකියාවක් ඇති බවට පවතින විශ්වාසය, කාබනික පොහොර නිෂ්පාදනය යොදාගත හැකි වීම, වාතය පිරිසිදු කිරීමේ හැකියාව සහ ඖෂධීය ගුණාංග යනාදිය නිසා මෙම වැඩසටහන සඳහා මී ශාකය තෝරාගෙන තිබේ. මේ වනවිට SLT-MOBITEL මොණරාගල, උමංදාව, අනුරාධපුර සහ මහනුවර ඇතුළු ප්‍රදේශ වල මී ශාක 1,000 ක් පමණ බෙදා දී හෝ සිටුවා ඇත.

සෑම වසරකදීම ජූනි මාසයේදී සමරනු ලබන ලෝක පරිසර දිනය, පරිසරය සුරැකීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සිදුකරන ප්‍රමුඛතම දිරිගැන්වීම ලෙස සැලකේ. මෙවර ලෝක පරිසරය දිනය වෙනුවෙන් තම කාර්ය මණ්ඩලය අතර පැළ බෙදාදීමටද  SLT-MOBITEL කටයුතු කළේ ය. එමෙන්ම මීරිගම සෙත් සෙවණ වැඩිහිටි නිවාසයේදී මී පැළ සිටුවීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවන ලදි. මෙම රුක් රෝපණ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම සඳහා SLT-MOBITEL මේ වනවිට ප්‍රාදේශීය ප්‍රජාවන් සහ බිම් මට්ටමේ සංවිධාන සමග එක්ව කටයුතු කරමින් සිටී.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL, තම මෙහෙයුම් වලදී සමාජයට හා පරිසරයට සිදුවන බලපෑම් හැකිතාක් අවම කිරීම සඳහා, පරිසරය, සමාජය සහ ආයතනික පාලනය (Environmental, Social, and Governance - ESG) යන පැතිමානයන් ඔස්සේ කැපවී සිටී. මේ යටතේ ක්‍රියාත්මක වන මී පැළ සිටුවීමේ වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, පරිසරය වැඩිදියුණු කරමින් දිවයින පුරා ප්‍රජාවන් සවිබල ගැන්වීම ය. මෙම වැඩසටහන වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමටත්, දේශගුණික විපර්යාස අවම කිරීමටත්, වඩාත් හොඳ පළිබෝධ පාලනයක් හා සරුසාර පසක් ඇතිකිරීමටත්, ස්වභාවික ආර්ද්‍රතාව ඉහළ නැංවීමටත් මහෝපකාරී වේ. මෙම වැඩසටහනේ කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ සිටුවනු ලබන මී ශාක ‘Geo Tagging’ වැනි නවීන ක්‍රමවේදයන් ඔස්සේ කළමනාකරණය කරනු ලැබීම ය. එමෙන්ම ‘තුරු’ නම් ජංගම යෙදුම හරහා මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණ කෙරේ.

තම පරිසර හිතකාමී මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් SLT-MOBITEL විද්‍යුත් අපද්‍රව්‍ය අවම කිරීම සහ කාබන් පියසටහන අවම කිරීම ඇතුළු තවත් වැඩසටහන් රාශියක්ද ක්‍රියාවට නංවා ඇත. වගකීම්සහගත අපද්‍රව්‍ය කළමනාකරණ උත්සාහය යටතේ සම්පත් නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය සිදුකෙරෙන අතර, ආයතනයේ සහ එහි පාරිභෝගිකයන්ගේ කාබන් පියසටහන අවම කිරීම සඳහාද විධිවිධාන රාශියක් ක්‍රියාවට නංවා තිබේ.

 

  • ‘The Directory’ 2022
  • Ada Derana BIZ Sinhala
  • SLT Digital Services
  • SLT-DIGITAL
  • SLT-MOBITEL
  • sri lanaka

SLT-MOBITEL ව්‍යාපාර නාමාවලිය නව මුහුණුවරකින් එළිදකී

June, 15, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2022 ජාතික ව්‍යාපාර නාමාවලිය (‘The Directory’ 2022) පසුගියදා එළිදක්වන ලදි. මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල අලෙවිකරණ සහ දැන්වීම්කරණ අවශ්‍යතා එකම තැනකින් සපුරාලන සුවිශේෂී විසඳුමක් වන මෙය,  SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක් වන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) විසින් වැඩිදියුණු කර, නව මුහුණුවරකින් යුතුව හඳුන්වා දී තිබේ.

‘The Directory’ 2022 යනු ජාතික ව්‍යාපාරික දුරකථන නාමාවලියේ 2022 සංස්කරණය වන අතර, එය රටේ ව්‍යාපාරවල සාර්ථකත්වයට අත්වැලක් වන නවතම මෙවලම ලෙස හැඳින්විය හැක. පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට, නව අංග රැසක් සමගින් හඳුන්වා දී ඇති මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ, වර්තමාන සහ අනාගත පාරිභෝගිකයන්ටත්, ලියාපදිංචි ව්‍යාපාරවලටත් උපරිම ප්‍රතිලාභ ලබාදීම ය. මීට අමතරව මෙය මාර්ගගත නාමාවලියක් (rainbowpages.lk), මුද්‍රිත පොතක්, විද්‍යුත් පොතක්, ජංගම යෙදවුමක් සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් (SLT 1212, Mobile 444), ආදී වශයෙන් මාධ්‍ය කිහිපයක් ඔස්සේ පරිශීලනය කළ හැකි වීම තවත් විශේෂත්වයකි.

‘The Directory’ ශ්‍රී ලංකාවේ එකම ජාතික ව්‍යාපාර නාමාවලිය ලෙස සැලකේ. 6,000 කට අධික ව්‍යාපාර ආයතන සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු සමගින් රටේ ආර්ථිකයේ සියලුම පැතිමාන නියෝජනය වන ආකාරයට භාණ්ඩ හා සේවා අංශ සම්බන්ධ දැන්වීම් 170,000කට අධික සංඛ්‍යාවක් මීට ඇතුළත් වී තිබේ. දිනකට එය මාර්ගගත ක්‍රමයට පරිශීලනය කරනු ලබන වාර ගණන 10,000කට අධික ය.

සැබවින්ම දේශීය වූ සෙවුම් යාන්ත්‍රණයක් තෝරාගැනීමට උනන්දු වූ, විශේෂයෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය, ඉදිකිරීම්, විදුලි සහ ඉලෙක්ට්‍රොනික වැනි ක්ෂේත්‍ර සහ උප ක්ෂේත්‍ර වලට සම්බන්ධ භාණ්ඩ හා සේවා සපයන්නන් විශාල පිරිසකගේ සම්බන්ධතා තොරතුරු 2022 ජාතික ව්‍යාපාර නාමාවලියට ඇතුළත් වී තිබේ. මෙය ව්‍යාපාර අතර ගනුදෙනු පහසු කරන අතර, Search Engine Optimization (SEO) ක්‍රමවේදය ඔස්සේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට තම ව්‍යාපාර ප්‍රවර්ධනය කරගැනීම සඳහා අගනා අවස්ථාවක් ද ලබාදෙයි. මීට ඇතුළත් සමාගම් හා ආයතන ගූගල් සෙවුම්වලදී පහසුවෙන් සොයාගත හැකි ආකාරයට මෙම නාමාවලිය ගෝලීය ‘search engines’ සඳහා ‘optimize’ කර තිබේ. එමෙන්ම දැන්වීම් සඳහා මෙහි වැඩි ඉඩක් වෙන්කර ඇති නිසා මෙම ව්‍යාපාරවලට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම වඩාත් පහසු වනු ඇත.

මෙහි ලැයිස්තුගත වී සිටින සහ ලියාපදිංචි වූ ව්‍යාපාරවලට වැදගත් වන තවත් සාධකයක් වන්නේ එය රජයේ ටෙන්ඩර් සඳහා අයදුම් කිරීමට සුදුසුකමක් වීමයි. මේ සම්බන්ධ චක්‍රලේඛය දැනටමත් මහා භාණ්ඩාගාරය මගින් නිකුත් කර තිබේ.

“මීට පෙර අවසන් වරට ජාතික ව්‍යාපාර නාමාවලිය මුද්‍රණය කර බෙදාහරින ලද්දේ 2020 වසරේදීයි. මේ වනවිට ඩිජිටල් හා මාර්ගගත ක්‍රම සම්බන්ධයෙන් අප වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මීට පෙර මුද්‍රිත නාමාවලියට දැන්වීම් ලබාදුන් සේවාදායකයන් අතරින් 80% ක්ම 2022 “The Directory” සහ එහි මාර්ගගත නාමාවලිය සඳහා දැන්වීම් ලබා දී තිබෙනවා. අපගේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් අඛණ්ඩව වටිනාකම් නිර්මාණය කිරීම අපගේ ප්‍රධානතම ක්‍රමෝපායික ප්‍රමුඛතා අතරින් එකක්. ඒ ඔස්සේ අපගේ වටිනා පාරිභෝගිකයන්ට තම සන්නාම පණිවිඩ වඩාත් හොඳින් ජනතාව අතරට ගෙනයාමට අත්වැලක් වීම සඳහා අප ඩිජිටල් අලෙවිකරණ විසඳුම්, වෙබ් විසඳුම්, සහ ‘Content Development’ ඇතුළු සේවා රාශියක් ලබාදෙනවා. ළඟදීම ‘Platform Based Solutions’ ඇතුළු තවත් නිෂ්පාදන හා සේවා රැසක් හඳුන්වාදීමටත් අප සූදානම්”, SLT Digital Services (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා පැවසී ය.

SLT-DIGITAL යනු ඩිජිටල් අලෙවිකරණය, ව්‍යාපාර නාමාවලි දැන්වීම්කරණය, ඩිජිටල් නාමාවලි විසඳුම්, වෙබ් නිර්මාණ විසඳුම්, උත්සව කළමනාකරණය, සන්නාම සම්බන්ධ සේවා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ අලෙවිකරණ විසඳුම් පිරිනමන සමාගමකි. මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ප්‍රජාව අතර වඩාත්ම ජනප්‍රිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා අලෙවිකරණ විසඳුම් සපයන්නා බවට පත්වීම එම සමාගමේ අරමුණ වේ.

ඡායාරූපය: ජාතික ව්‍යාපාර නාමාවලියේ නවතම සංස්කරණය වන ‘The Directory’ 2022, SLT-DIGITAL ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා විසින් SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව. SLT-MOBITEL සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න සහ SLT ප්‍රධාන විධායක නිලධාරී ජනක අබේසිංහ යන මහත්වරුන් සමග SLT-DIGITAL හි කළමනාකාරීත්වයේ සාමාජිකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

 

  • 5G
  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanaka

SLT-MOBITEL තම 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරයි

June, 9, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය පූර්ව-වාණිජ 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. මෙය ජංගම සහ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා වලදී 5G තාක්ෂණයේ සුවිශේෂී බලය අත්විඳීමට පාරිභෝගිකයන්ට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.

කොළඹ, මහනුවර, අනුරාධපුර, ගාල්ල සහ යාපනය යන ප්‍රදේශ වල වෙසෙන, 5G තාක්ෂණය අන්තර්ගත සහ SLT-MOBITEL 5G පර්යේෂණ ජාලයට අනුකුල ජංගම දුරකථන හෝ  අන්තර්ජාල  උපාංග (Internet Devices) හිමි පාරිභෝගිකයන්ට මෙය අත්විඳීමට අවස්ථාව ලැබේ. මීට අමතරව මෑතකදී කොළඹ ප්‍රදේශයේ නව 5G යටිතල පහසුකම් ස්ථාපිත කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය.

https://5g.sltmobitel.lk වෙත පිවිසීම මගින් පාරිභෝගිකයන්ට තම උපාංග (Device) වල 5G තාක්ෂණ පහසුකම් තිබේද යන්න පරීක්ෂා කළ හැකි වේ. 5G තාක්ෂණය භාවිතා කළ නොහැකි උපාංග (Device) හිමි පාරිභෝගිකයන්ට, තෝරාගත් SLT-MOBITEL මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් 5G තාක්ෂණයේ මහිමය අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.

අධිවේගී දත්ත සම්ප්‍රේෂණය, Latency අවම වීම, වැඩි  සම්බන්ධතා ධාරිතා හැකියාව සහ අන්තර්ජාල අත්දැකීම් ඉහළ  නැංවීමේ   හැකියාව යනාදී ගුණාංග සහිත 5G තාක්ෂණය, රැහැන් රහිත සන්නිවේදනයේ නවතම තාක්ෂණික පෙරලිය  ලෙස සැලකේ. පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාර වලටද වැදගත් වන HD video streaming, augmented reality, virtual reality, factory automation, remote operations, mission critical communications, massive IOT වැනි තාක්ෂණයන් හා හැකියාවන් රාශියක් 5G මගින් බලගැන්වේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ නියමුවා වශයෙන් SLT-MOBITEL විසින් පසුගිය කාලය තුළ දිවයින පුරාම 5G ජාලය ව්‍යාප්ත කිරීමේ හැකියාව සහ අවශ්‍යතාව දැඩිව පෙන්වා දෙන ලදි. 2019 වසරේ සිටම SLT-MOBITEL දිවයින පුරා ප්‍රදර්ශන ආදිය පවත්වමින්, ජනතාව 5G තාක්ෂණය පිළිබද දැනුවත් කරමින්, 5G ක්‍රියාවට නැංවීමේ මෙහවරට නායකත්වය දී ඇත. 2019 වසරේ අප්‍රේල් මාසයේදී දකුණු ආසියාවේ ප්‍රථම වරට ජංගම දුරකථන ජාලයක් තුළ 5G තාක්ෂණය ක්‍රියාත්මක කරමින්, ස්මාර්ට් දුරකථනයක් තම 5G ජාලයට සම්බන්ධ කර වාර්තාගත වේගයක් සනිටුහන් කිරීමට SLT-MOBITEL සමත් විය.

මේ වනවිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රට තුළ වාණිජ 5G තාක්ෂණය සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටී. වාණිජ 5G බලපත්‍ර ලත් විගස තම 5G ජාලය තවදුරටත් පුළුල් කරමින් රටේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට මෙන්ම වඩාත් ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීමට SLT-MOBITEL තම උපරිම දායකත්වය ලබාදෙනු ඇත.

SLT-MOBITEL සෑම විටම 5G, Narrowband Internet of things (NB-IoT), Mission Critical Communications (MCPTT), සහ Artificial Intelligence (AI) වැනි නවීන තාක්ෂණයන් ගෙන් යුතු සන්නිවේදන විසඳුම් රටට හඳුන්වා දීමට කටයුතු කරයි.

2019 වසරේ සිට 2021 වසර දක්වා අඛණ්ඩව වසර 3ක්, ලොව අන්තර්ජාල සම්බන්ධතා වේගයන් පරීක්ෂා කිරීමේ ප්‍රමුඛයා වන Ookla® වෙතින් ශ්‍රී ලංකාවේ වේගවත්ම ජංගම ජාලය යන ඇගයීම හිමිකර ගැනීමට SLT-MOBITEL සමත් විය.