June, 9, 2022
වෙනස්වීම ජීවිතයේ එකම ස්ථිරතාවය වන අතර ස්මාර්ට්ෆෝන් කර්මාන්තයටද එහි වෙනසක් නොමැත. ගතවන සෑම දිනයක් පාසාම ස්මාර්ට් ජංගම දුරකතනයන්හි විවිධ නවෝත්පාදනයන් රැසක් සිදුවන බව අපට දැකගත හැකිය. ප්රමුඛතම ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo, ජංගම දුරකථන තාක්ෂණයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ පුරෝගාමියෙකු ලෙස බොහෝ කලක සිට කටයුතු කරනු ලබයි. ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තයට vivo විසින් ප්රථම වරට හඳුන්වා දුන් බොහෝ තාක්ෂණික නවෝත්පාදන හේතුවෙන් අද වන විට පරිශීලකයන්ට ඡායාරූප ස්ටූඩියෝවක් තුලින් ලබා ගත හැකි ආකාරයේම ගුණාත්මක ඡායාරූප තම ජංගම දුරකථනය මගින් ලබා ගැනීමට අවස්ථාව සැලසී ඇත.
vivo විසින් ජංගම දුරකථන වෙත රැගෙන ආ සුවිශේෂී වැඩිදියුණු කිරීම් කිහිපයක් පහත දැක්වේ.
Optics සහ Optoelectronics අංශයෙන් ගෝලීය ප්රමුඛයෙකු වන ZEISS සමඟ සහයෝගිතාවයක් ගොඩනගා ගැනීම තුලින් Gimbal කැමරා තාක්ෂණය, ජංගම දුරකථන ඡායාරූපකරණ අත්දැකීම උපරිම ලෙස පරිශීලකයන්ට සැපයීම උදෙසා නිර්මාණය කර ඇත. එමගින් සමස්ත light sensing ක්රියාවලිය වඩාත් හොඳ කාර්ය සාධනයකින් සපයන අතර අඩු ආලෝකයකදී වුවද පැහැදිලි ඡායාරූප ගැනීමට හැකිවන පරිදි විශාල ප්රමාණයේ සෙන්සරයක් සමගින් ultra-HD ගනයේ ඡායාරූප ලබා දෙයි.
vivo's premium range flagship හි සහතික කරන ලද ZEISS T* Coating මගින් දෘශ්ය ආලෝක සම්ප්රේෂණය වැඩි දියුණු කිරීම, පරාවර්තනය අඩු කිරීම සහ ඡායාරූප වල වර්ණ නිවැරදිව පිළිබිඹු කිරීම සිදු කරනු ලබයි. තවද එමගින් ආලෝකය, පරාවර්තනය සහ අනෙකුත් දෑ තුලින් ඇතිකල හැකි අහිතකර බලපෑම් අඩු කරන අතර ඡායාරූප වල ගුණාත්මකභාවය මෙන්ම ආලෝකය සම්ප්රේෂණය ද සැලකිය යුතු ලෙස වැඩි කරයි.
vivo විසින් හඳුන්වා දුන්, මෙම විශේෂාංගය මගින් අස්ථායී කැමරා චලනය නිසා ඇති වන නොපැහැදිලි, සෙලවෙන ඡායාරූප සහ වීඩියෝ හේතුවෙන් පරිශීලකයන් පත් වූ අපහසුතාවයට විසඳුමක් ලබා දෙයි. Eye Autofocus මගින් චලනයේදී පවා ඡායාරූප බාධාවකින් තොරව ග්රහණය කර ගැනීම සඳහා අවස්ථාව සලසා දෙයි. Autofocus (AF) සහිත ඉදිරිපස කැමරාවක් පැවතීම ඉතා සුවිශේෂී අංගයකි.
Vivo හි OIS ඉදිරිපස කැමරා තාක්ෂණය මගින් අනාගත ස්මාර්ට්ෆෝන් ඉදිරිපස කැමරා සඳහා, ප්රමිතිය සැකසීමේ වැදගත් පියවරක් සනිටුහන් කරන ලදී. OIS මගින් මෘදුකාංග-දෘඪාංග සහයෝගීතාවයක් නිර්මාණය කරන අතර එමගින් handheld සහ motion shots සඳහා අතිශය ස්ථායීකරණ හැකියාවන් ලබා දෙයි. OIS යනු දුරකථනයේ චලනය හඳුනා ගනිමින් ඒ අනුව ඡායාරූපයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ස්වයංක්රීයව කැමරාව සැකසීමට උපකාරී වන දැවැන්ත තාක්ෂණයකි. එමගින් පරිශීලකයාට විශිෂ්ට සමස්ත ඡායාරූප අත්දැකීමක් ලබා දෙයි.
vivo, pop-up කැමරාව වෙළඳපොළට ගෙන ආ ප්රථමයා වූ අතර ඉන්පසු අනෙකුත් වෙළඳනාම එය අනුගමනය කිරීම අරඹන ලදී. vivo හි ඉංජිනේරු කණ්ඩායම විසින් සැබවින්ම පහසු, ක්රියාකාරී සහ කල් පවතින කැමරාවක් නිර්මාණය කිරීම සඳහා pop-up කැමරාව සඳහා අවශ්ය සියලු අධ්යයනයන් සිදු කරන ලදී.
ඉදිරිපස පවතින Dual LED spotlight සතුව ක්ෂණිකව ආලෝක වැඩි කිරීමේ හැකියාව පවතී. පවතින ආලෝක තත්ත්වයන් නොතකා සෑමවිටම සුපැහැදිලි selfie ඡායාරූප ලබා දීම එමගින් සිදු කරයි. vivo විසින් නව්ය ලෙස සිය ජංගම දුරකථන වල ඉදිරිපස පුවරුව යටට OLED ස්පොට් ලයිට් දෙකක් එකතු කර ඇති අතර, එමගින් රාත්රියේදී පවා ඡායාරූප ස්ටූඩියෝවකින් ලබා ගත හැකි ආකාරයේ ආලෝකයක් සමගින් ඡායාරූප සහ වීඩියෝ පටිගත කිරීම් සිදු කිරීමට සහ අතිශය පැහැදිලි selfie ලබා ගැනීමට අවස්ථාව ලබා දේ.
මෙම විශේෂාංගය මගින් ඉදිරිපස කැමරාව සහ පසුපස කැමරාව මගින් සිදුවීමට අවශ්ය කටයුතු එකවර ලබා ගැනීමට අවස්ථාව සලසා දේ. පරිශීලකයින්ට single tap එකක් මගින් එකවර, පසුබිම සහ ඔවුන්ව පටිගත කළ හැකිය. එය නිර්මාණකරුවන්ට සහ Live පටිගතකිරීම් ලබා දෙන්නන්ට ලැබෙන කදිම අවස්ථාවකි.
June, 7, 2022
ශ්රී ලංකාවේ අංක 1 smartphone සන්නාමය වන සැම්සුන් ඉවත දැමූ ධීවර මාළු දැල් ඔවුන්ගේ smartphones වලට එක්කරන ප්රයත්නය සමඟින් සමුද්ර ජීවීන් ආරක්ෂා කිරීම උදෙසා ඇති ඔවුන්ගේ කැපවීම යළිත් අවධාරණය කළේය.
පසුගිය දශකය පුරාවට සැම්සුන් ඉලෙක්ට්රොනික්ස් විසින් ස්වභාවික සම්පත් කෙරෙහි අවධානය යොමුකරමින් තම නිෂ්පාදන සැලසුම් කිරීමට සහ සංවර්ධනය කිරීමට කටයුතු කළේය. සැම්සුන් හි ඒ වෙනුවෙන් වූ නවතම පියවර වූයේ මෑතකදී Galaxy තාක්ෂණය සහිත නව අමුද්රව්යයක් නිර්මාණය කිරීමයි. සාගර ආශ්රිතව ඇති ඉවත දැමූ ධීවර මාළු දැල් නැවත වෙනත් අරමුණක් සඳහා භාවිත කිරීමේ අරමුණින් (repurposed) මෙම නව අමුද්රව්ය නිපදවනු ලබයි.
ඉවතලන ධීවර මාළු දැල් සාගර ජීවීන්ට සහ ස්වභාවික පරිසර පද්ධතිවලට බරපතල තර්ජන එල්ල කරයි. මුහුදු ජලයට සහ පාරජම්බුල කිරණවලට දිගු කාලීනව නිරාවරණය වීම හේතුවෙන් මාළු දැල් දිරාපත් වී කැබලි ලෙස ජලයට මුසුවන අතර එය නැවත වැඩිදියුණු කිරීම අපහසු වෙයි. මෙම ගැටළුවට පිළියමක් සොයා ගැනීම සඳහා සාගර සුරකින අතරතුර සැම්සුන් සිය smartphones වල ගුණාත්මකභාවය පවත්වා ගෙන යන අමුද්රව්යයක් ද නිර්මාණය කළේය.
බාධක බිඳ දමමින් කාර්යසාධනය සහ තිරසාරත්වය පවත්වාගත හැකි නවෝත්පාදනයන් නිර්මාණය කිරීමට සියලූදෙනාගේ සහයෝගීතාව ඉතා වැදගත් බව සැම්සුන් සැමවිටම විශ්වාස කරයි. එබැවින් නව හැකියාවන් තුළින් සාගර දුෂණය යන සංකීර්ණ අභියෝගයට මුහුණ දීම වෙනුවෙන් සැම්සුන් මේ හා සමාන අදහස් දරන තවත් සංවිධාන සමඟ අත්වැල් බැඳගත්තේය.
සැම්සුන් පළමු වරට විද්යාව පදනම් කරගත් ප්රමුඛ සමාගමක් වන Royal DSM සමඟ හවුල්කාරීත්වයෙන් ඉන්දියන් සාගරයේ වෙරළ තීරයේ ධීවරයින්ගෙන් ධීවර මාළු දැල් එකතු කිරීම සිදු කරයි. ධීවර මාළු දැල් එකතු කිරීමෙන් පසු අවම වශයෙන් ඉන් 80% ක් ප්රතිචක්රීයකරණය කරන ලද පොලිමයිඞ් හෝ නයිලෝන් වලින් සමන්විත පරිසර හිතකාමී ද්රව්යයක් නිෂ්පාදනය කිරීම සඳහා ඒවා වෙන් කිරීම, කැපීම, පිරිසිදු කිරීම සහ නිස්සාරණය කිරීම සිදු කරයි.
පසුව smartphone තාක්ෂණය සඳහා සමාගමේ උසස් තත්වයේ ප්රමිතීන්ටම ගැලපෙන පරිදි එහි ක්රියාකාරිත්වය ප්රශස්ත කිරීම සඳහා පොලිමර් සංයෝග සමාගමක් වන Hanwha Compound සමඟ සැම්සුන් සහයෝගයෙන් කටයුතු කරයි. මෙම නව අමුද්රව්ය ඉහළ කාර්යසාධනයක් සහිත පොලිමයිඞ් කැබලි බවට පරිවර්තනය කරන අතර ඒවා අවම වශයෙන් 20%ක් repurposed ධීවර මාළු දැල් වලින් නිපදවා ඇත.
මෙම අමුද්රව්ය මේ වන විට ජංගම දුරකතන තාක්ෂණය හා සම්බන්ධ කිරීමට සූදානමින් සිටින අතර සැම්සුන් විසින් Galaxy S22 කාණ්ඩයේ key bracket සහ S Pen හි ඇතුළත ආවරණය ආදී ප්රධාන කොටස්වලට මෙම වැඩිදියුණු කළ පොලිමයිඞ් කැබලි යොදා ගෙන ඇත.
මෙය ආරම්භය පමණි. සැම්සුන් සිය නිෂ්පාදන හරහා සාගර ආශ්රිත ප්ලාස්ටික් භාවිතය වෙනසකට ලක් කිරීමට කැපවී සිටී. 2022 අවසානය වන විට සැම්සුන් හි ප්රතිචක්රීයකරණය කළ සාගර ආශ්රිත ද්රව්ය නැවත භාවිතයට ගැනීමෙන් ඉවත දැමූ ධීවර මාළු දැල් ටොන් 50කට වඩා වැඩි ප්රමාණයක් සාගරයට එක්වීම වළක්වා ගත හැකිය.
Galaxy S22 මාලාව පරිසරය උදෙසා වූ Galaxy for the Planet යන සැම්සුන් හි තිරසාර ගමන් මගේ තවත් පියවරක් සනිටුහන් කරයි. එය MX Business හරහා ස්ථාවර දේශගුණික රටාවක් සඳහා සමාගමේ ඇති කරන ලද වෙනස්කම්, නවෝත්පාදන සහ විවෘත සහයෝගීතාවයේ ශක්තිය මුදා හැරීමටත් Galaxy පාරිභෝගිකන් වෙත තිරසාර ජීවන රටාවක් උරුම කර දීමටත් අරමුණු කරයි. ප්රතිචක්රීයකරණය කළ ද්රව්ය භාවිතය වැඩි කිරීම, අපතේ යන බලය අවම කිරීම (reducing standby power), ඇසුරුම්කරණයේදී එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් ඉවත් කිරීම සහ 2025 වන විට කසල ගොඩවල් ලොවින් තුරන් කිරීම ආදිය මෙයට ඇතුළත් වේ.
පරිසරයට පමණක් නොව සියලූම Galaxy පරිශීලකයින්ගේ ජීවිතවලටද ධනාත්මක බලපෑමක් ඇති කරන ආකාරයෙන් සාගර ප්ලාස්ටික් දුෂණ අර්බුදය විසඳීමට සැම්සුන් කැපවී සිටී. මෙම නව තාක්ෂණික ප්රගතිය පරිසරය සුරැකීමට සඳහා වන සමාගමේ ක්රියාකාරකම් සහ ඉදිරි පරම්පරාවන් සඳහා ස්වභාදහම ආරක්ෂා කිරීම සඳහා වන සමාගමේ ගමන් මගේ කැපී පෙනෙන ජයග්රහණයක් සනිටුහන් කරයි.
ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප්රශස්තකරණය සඳහා ඇති අන්තර් ක්රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.
Samsung අඛණ්ඩව වසර තුනක් ශ්රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත්ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.
Video Story