December, 20, 2022
කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාරයන්ට සහාය දැක්වීම සඳහා වන සිය අඛණ්ඩ ගමන් මගේ තවත් ප්රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප්රමුඛ පෙළේ පුද්ගලයන් සහ ක්රියාවලි තක්සේරු උපදේශන සමාගමක් වන PPOD උපදේශන සමාගම සමඟින් එක්ව පවත්වනු ලබන ධාරිතා සංවර්ධන වැඩමුළු මාලාවේ තවත් අදියරක් පසුගියදා සාර්ථකව අවසන් කළේය.
විශේෂයෙන් ගිණුම්කරණය, මූල්ය, මුදල් ප්රවාහ කළමනාකරණය, ආයෝජන, පොත්තැබීම්, බදු, තොරතුරු තාක්ෂණය සහ එක් එක් කර්මාන්තයට අදාළ වෙනත් විශේෂිත හැකියාවන් වැනි අංශවල SME ව්යවසායකයින්ගේ දැනුම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් මෙම මූල්ය සාක්ෂරතා වැඩමුළුවල දෙවන අදියර HNB විසින් සම්පූර්ණ කරන ලදී. අදාල අවබෝධතා ගිවිසුමේ කොටසක් ලෙස දේශීය හා ජාත්යන්තර වශයෙන් ව්යාපාර මෙහෙයුම් ව්යාප්ත කිරීම, පහසුකම් වැඩිදියුණු කිරීම, මානව සම්පත් සහ ඵලදායිතා කළමනාකරණය, ආයෝජන සහ ඒකාබද්ධ කිරීම් ඇතුළුව පුළුල් ව්යාපාරික සැලැසුමක් නිර්මාණය කිරීමට සහාය වීමට HNB SMEs වෙත ප්රවේශය ලැබෙනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය පිළිබඳ නිෂ්පාදන හා හවුල්කාරීත්ව ප්රධානී නිලූක ටී. අමරසිංහ මහතා පැවසුවේ ‘‘යම් සමාගමක දියුණුව රඳා පවතින්නේ විශේෂයෙන්ම දෛනික මෙහෙයුම් හරහා වියදම් කළමනාකරණය කිරීම සහ ප්රශස්ත කිරීමත් ව්යාපාර ව්යාප්ත කිරීම සඳහා ආයෝජන යොමු කිරීමේදී ගන්නා බුද්ධිමත්, තොරතුරු මත තීරණ ගැනීමේ හැකියාව මතයි. විශේෂයෙන්ම වත්මන් ආර්ථික තත්වය අනුව, සියලූම කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ට නිවැරදි හා කාලෝචිත මූල්ය තීරණ ගැනීමට අවශ්ය දැනුම ලබා දීමත් ඔවුන්ගේ දිගුකාලීන හැකියාව සුරක්ෂිත කිරීමත් ඉතා වැදගත් වනවා. එබැවින්, අපගේ SMEs පුහුණු කිරීමට, නිවැරදි මග පෙන්වීමට සහ ඔවුන්ට සහාය වීමට මෙන්ම ඔවුන්ව තිරසාර දියුණුවක් කරා රැගෙන යාමට PPOD උපදේශන සමාගම සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වනවා.’’ යනුවෙනි.
‘‘මෙවැනි වැදගත් කටයුත්තකට අපගේ විශේෂඥ දැනුම අඛණ්ඩව ලබා දීමට ලැබීම අප ඇත්තෙන්ම ගෞරවයක් කොට සලකනවා. අපගේ ඉලක්කය වන්නේ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් ශක්තිමත් කිරීමටත් ඔවුන්ට දියුණු වීමට සහ නව වෙළෙඳපොලවල් වෙත පිවිසීමට අවශ්ය ඔරොත්තු දීමේ හැකියාව තවත් වැඩිදියුණු කිරීමට උපකාර කිරීමයි. අවසාන වශයෙන්, මෙම වැඩමුළු මගින් ඔවුන්ගේම ව්යවසායකත්ව මානසිකත්වය සොයා ගැනීමට මග පෙන්වනු ඇති බවටත් ඒවගේම ඔවුන් ව්යාපාර මූලධර්ම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව මූල්ය සහ කළමනාකරණය පිළිබඳ තීරණ ගනු ඇති බවටත් අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙන් PPOD හි ජ්යෙෂ්ඨ පුහුණුකරු සහ උපදේශන ස්ටීවන් ඒ. පෝල්රාජ් මහතා පැවසුවේය.
මීට පෙර, PPOD, 2022 වසර තුළ HNB SME පාරිභෝගිකයින් සඳහා වැඩමුළු හතරක් පවත්වා ඇත. මෙම වැඩමුළුවලට සහභාගී වන SME පාරිභෝගිකයින්ට තමන්ට කැමති ඕනෑම භාෂාවකින් (සිංහල, දෙමළ සහ ඉංග්රීසි) ප්රවේශය විය හැකිය. HNB සමඟ මීට පෙර සාර්ථකව සැසි පවත්වා ඇති ක්ෂේත්රයේ ප්රවීණයන් සහ පුරෝගාමීන් විසින් මෙම වැඩසටහන් පවත්වා ඇත.

Image 01-03 - HNB SME පාරිභෝගිකයින් සඳහා පවත්වන ලද වැඩමුළු
September, 27, 2022
කර්මාන්ත ප්රමිතීන් සකස් කිරීම හා නියාමනය මෙන්ම SLS ප්රමිති සහතික නිකුත් කිරීමේ ජාතික ආයතනය වන ශ්රී ලංකා ප්රමිති ආයතනය (SLSI) සිය කාර්ය භාරයෙහි වැදගත් කම අවබෝධ කර ගනිමින් මෙරට ආර්ථිකයේ කො`දු නාරටිය වන සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් වෙත සිය සහයෝගය ලබා දීමට කැපවී කටයුතු කරනු ලබයි. එහි දැවැන්ත පියවරක් ලෙස 2021 සැප්තැම්බර් මාසයේ සිට 2022 සැප්තැම්බර් මාසය දක්වා සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් 1000කට අධික පිරිසක් වෙත පුහුණු වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන්, වැඩමුළු හා පුහුණු සැසි විශාල ප්රමාණයක් ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් සංවිධානය කරනු ලැබුවේ සමස්ත ජාතික ආර්ථිකයේ උනන්තිය වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙමිනි.
ශ්රී ලාංකේය ව්යවසායකයන් වෙනුවෙන් ක්රියාත්මක කළ මෙම සියලූ වැඩසටහන්හි අරමුණ මෙරට පාරිභෝගිකයා වෙත වෙළෙ`දපොල විශ්වාසය හා පිළිගැනීම ලබා දීමට අවැසි උසස් තත්වයේ නිෂ්පාදන හා සේවාවන් ලබා දීම සහ ඒවා පාරිභෝගිකයා වෙත ලබා දීමට අවශ්ය ම`ග පෙන්වීම හා ඒ වෙනුවෙන් අවශ්ය සහයෝගය ලබා දීමයි. විශේෂයෙන් එහිදී පාරිභෝගික ආරක්ෂාව හා ඉහළ ව්යාපාර කාර්ය සාධනය වෙනුවෙන් ගුණාත්මකභාවයේ සහ ප්රමිතිකරණයේ වැදගත්කම පිළිබ`ද ව්යවසායකයින් දැනුවත් කිරීම කෙරෙහිද අවධාරණය කරන ලදී. ඔවුන්ගේ සහයෝගයෙන් පවත්වනු ලැබූ විවිධ පුහුණු සැසි හා වැඩසටහන් හරහා සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් ජාත්යන්තර තත්වයන්ට අනුකූලව නිෂ්පාදන සිදු කිරීමේ සහ සේවා සැපයීමේ වැදගත්කම පිළිබ`දවද අවදානය යොමු කළ අතර ඒ තුළින් ජාත්යන්තර පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ඔවුන්ගේ වෙළෙ`දපොල තව දුරටත් ඉහළ නංවා ගැනීමටත්, වෙළෙ`දපොල හා සම්බන්ධවීමට හැකි ආකාරය පිළිබ`දවත් දැනුවත් කරන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්රී ලංකා ප්රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල්/ ප්රධාන විධායක නිලධාරී ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න මහත්මිය ‘‘අපගේ පාරිභෝගිකයින්ගේ වගේම ව්යවසායකයන්ගේත් ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් අපි කැපවී කටයුතු කරනවා. පාරිභෝගිකයින්ට පිළිගත හැකි උසස් තත්වයේ නිෂ්පාදන හා සේවා සහතික කිරීම තුළින් ව්යාපාරයන්ට පාරිභෝගිකයින් අතර නමක් දිනා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ජාත්යන්තර වෙළෙ`දපොලේ නමක් දිනා ගෙන සිටින ශ්රී ලංකාවටද ඒ තුළින් කීර්තියක් අත්කරගත හැකියි. අප වර්තමානයේදී අත්වි`දින අභියෝග සම`ග ජාත්යන්තර වෙළෙ`දපොල ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ශ්රී ලංකාවට දිගු කාලීන ප්රතිලාභ හා ස්ථාවරභාවය සහතික කිරීමට ඇති හො`දම ක්රමය වන්නේ ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල උසස් තත්වයේ අපනයන භාණ්ඩ හා සේවා නිර්මාණය කිරීම හො`දම ක්රමය ලෙසයි අපි දකින්නේ. ශ්රී ලංකා ප්රමිති ආයතනය ලෙස අපි අපගේ සුළු හා මධ්ය පරිමාණ ව්යවසාකයින්ට සහාය වීම මෙන්ම ඔවුන්ට අනාගත තිරසාර" ශක්තිමත් වර්ධනයක් සහතික කිරීම ස`දහා මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා’’ යනුවෙන් පවසා සිටියාය.
ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් සංවිධානය කරනු ලබන වැඩමුළු, පුහුණු වැඩසටහන් හා දැනුවත් කිරීමේ වැඩසටහන් ව්යවසායකයින්ට ඉතා වැදගත් වන Vidatha, GMP, ISO 9001, ISO 22000, HACCP, SLS ආදී පද්ධති සහතික කිරීම ඇතුළු ක්ෂේත්ර රැසක් අනාවරණය කරනු ලබයි. SLS සහතිකරණය හා කාබනික සහතිකකරණය යන පද්ධති සහතික කිරීමද මීට ඇතුළත් වේ. ඒ ස`දහා අවශ්ය පරීක්ෂණ, ප්රමිතිකරණය, ආනයන - අපනයන පරීක්ෂාව සහ වෙනත් තීරණාත්මක අවශ්යතා වැනි ක්ෂේත්රද මේ තුළින් ආවරණය කිරීමට විශේෂත්වයකි.
පසුගිය වසර තුළ ආහාර" කෘෂිකර්මාන්තය" රෙදිපිළි හා ඇ`ගලූම් වැනි කර්මාන්තයන්හි සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන් ක්රියාත්මක කළ ශ්රී ලංකා ප්රමිති ආයතනය ඉදිරියේදී වෙනත් කර්මාන්තයන්හි ව්යවසායකයන්ද ඒ වෙත එක් කර ගැනීමට කටයුතු කරගනිමින් සිටින්නේ එම ප්රතිලාභ ඔවුන් වෙත ලබා දීමේ අරමුණෙනි. ශ්රී ලංකා ප්රමිති ආයතනයේ මෙම වැඩපිළිවෙල වෙනුවෙන් දිවයින පුරා පිහිටි දිස්ත්රික් ලේකම් කාර්යාල, කුඩා ව්යාපාර සංවර්ධන අංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා සමෘද්ධි සංවර්ධන දේපාර්තමේන්තුව මෙන්ම ප්රාදේශීය ස්වේච්ඡd සේවකයන්ගේ සහයෝගයද නොඅඩුව හිමි විය.



Video Story