• Ada Derana BIZ Sinhala
  • government employees
  • Special Circular
  • sri lanka
  • Treasury Secretary

රජයේ සේවකයින්ගේ ඉතිරි කර ගත් නිවාඩුවලට ගෙවන්නේ මෙහෙමයි – භාණ්ඩාගාර ලේකම්ගෙන් විශේෂ චක්‍රලේඛයක්

December, 28, 2022

සියලුම රාජ්‍ය ව්‍යාපාර විසින් සිය සේවකයන්ට ඉතිරි කර ගත් නිවාඩු මත දීමනා ගෙවීම කොන්දේසි කිහිපයකට යටත්ව සිදු කළ හැකි බව භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා  පවසයි.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව, එකී රාජ්‍ය ව්‍යාපාරයේ සේවකයන්ට ඉතිරි කර ගත් නිවාඩු ගණනය කිරීම සාප්පු හා කාර්යාල සේවක පනතේ විධිවිධානයන්ට අනුකූල විය යුතු බවත්, එකී රාජ්‍ය ව්‍යාපාරය ප්‍රාග්ධන හා/හෝ පුනරාවර්තන වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබා නොගත යුතු බවත් අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

මීට අමතර ගෙවීම් සඳහා සලකා බලන වර්ෂයට පෙර වසරට අදාළව මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ/ අයබදු ගෙවා තිබිය යුතු බවට ද භාණ්ඩාගාර ලේකම්වරයා අවධාරණය කර සිටී.