October, 27, 2022
ශ්රී ලංකාවේ මෙන්ම මුළුමහත් ලෝකයේ සියලුම දෙනා වෙත ආර්ථික සමෘද්ධියේ ප්රතිලාභ ළඟා කර දීමේ උත්සාහය සාර්ථක කරගැනීමට නම් කාන්තා ව්යවසායකත්වය දිරිගැන්වීම අතිශයින් වැදගත් ය. මෙරට කාන්තා ව්යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා DFCC බැංකුව කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටින අතර, ‘DFCC ආලෝකා’ යනු එම අරමුණ වෙනුවෙන් හඳුන්වා දෙන ලද ඉතුරුම් ගිණුමක් මූලික කරගත් සේවාවන් එකතුවකි.
මෙහි තවත් පියවරක් වශයෙන්, කාන්තා ව්යවසාය සංවර්ධන හා වාණිජ මණ්ඩලය (Women's Chamber of Industry and Commerce - WCIC) විසින් සංවිධානය කරනු ලබන 2022 ‘ප්රතිභාභිෂේක’ කාන්තා ව්යවසායකත්ව සම්මාන උළෙල සඳහා ප්රධාන අනුග්රාහකත්වය ලබාදීමට DFCC ආලෝකා ඉදිරිපත් වී සිටී. මෙම සම්මාන උළෙලේදී, මෙරට ආර්ථිකයට විශිෂ්ටතම දායකත්වයක් ලබාදුන් ව්යවසායිකාවන් ඇගයීමට ලක්කෙරේ.
කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුන් වෙත මූල්ය සේවාවන් හඳුන්වා දීමට DFCC බැංකුව දරන උත්සාහය එහි තිරසාරත්ව ක්රමෝපායේ ප්රධානතම අංගයකි. ප්රධාන වශයෙන් DFCC ආලෝකා ගිණුම මූලික කරගෙන ක්රියාත්මක කෙරෙන මෙම මෙහෙවර තුළදී කාන්තාවන්ට පෞද්ගලික තලයේදී මෙන්ම වෘත්තීය හා ව්යවසායකත්ව තලයේදී සාර්ථක වීමට අවශ්ය අත්වැල ලබාදෙනු ලැබේ.
ශ්රී ලංකාවේ හා සාක් කලාපයේ ව්යවසායිකාවන්ට සහ කාන්තාවන්ගේ ප්රධානත්වයෙන් ක්රියාත්මක වන ව්යාපාර වලට මෙම සම්මාන සඳහා අයදුම් කළ හැක. අයදුම්පත් භාරගැනීම 2022 ඔක්තෝබර් 31 දිනෙන් අවසන් වන අතර, සම්මාන උළෙල 2023 ජනවාරි මාසයේදී පැවැත්වේ. 2021/22 මූල්ය වර්ෂයේ ආදායම් දත්ත අනුව ආරම්භක මට්ටම, සුළු, කුඩා, මධ්ය සහ මහා පරිමාණ යන කාණ්ඩ යටතේ මේ සඳහා අයදුම් කළ හැක. සෑම කාණ්ඩයක් සඳහාම රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනැමෙන අතර, ශ්රී ලංකාවේ පළාත් මට්ටමින් තෝරාගැනෙන විශිෂ්ටතම ව්යාපාර සඳහාද සම්මාන පිරිනැමෙනු ඇත. මීට අමතරව මෙහිදී විශිෂ්ටතම තරුණ ව්යවසායිකාව, විශිෂ්ටතම ආරම්භක මට්ටමේ ව්යාපාරය, වඩාත්ම ධනාත්මක හැකියාව ඇති ව්යවසායිකාව, විශිෂ්ටතම අපනයන-නැඹුරු ව්යවසායිකාව සහ සාර්ක් කලාපයේ විශිෂ්ටතම ව්යාපාර යන කාණ්ඩ යටතේ සම්මාන පිරිනැමේ. සම්මාන උළෙලේ අවසානයේදී ‘2022 වසරේ විශිෂ්ටතම ව්යවසායිකාව’ සම්මානය හිමි ජයග්රාහිකාව නිවේදනය කෙරෙනු ඇත.
“අපගේ දැක්ම වන්නේ සියලුම දෙනාට සමාන අවස්ථා ලැබෙන අනාගතයක් නිර්මාණය කිරීමයි. කාන්තාවන් සවිබල ගැන්වීම යනු ඒ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමේ උත්සාහයේ වැදගත් අංගයක්. මේ උත්සාහයේ පෙරමුණ ගෙන තිබෙන්නේ DFCC ආලෝකා ගිණුමයි. ඒ හරහා ව්යවසායිකාවන්ට මූල්ය පහසුකම් හා සේවාවන් සැපයීම සඳහා අප විවිධ සංවිධාන සමඟ හවුල්කාරීත්වයන්ට එළඹී තිබෙනවා. ශ්රී ලංකාවේ කාන්තාවන්ගේ යහපත උදෙසා අපගේ කැපවීම ස්ථාවර වන අතර, රටේ අනාගත සංවර්ධනය සඳහා තීරණාත්මක සාධකයක් ලෙස අප දකින කාන්තා ව්යවසායකත්වය කෙරෙහි ඉදිරියේදී මීටත් වඩා වැඩි අවධානයක් යොමු කරවීමට අප බලාපොරොත්තු වෙනවා.” DFCC බැංකුවේ Pinnacle/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්රියාත්මක කිරීම් ප්රධානී ශේරා හසන් මහත්මිය පැවසුවා ය.
‘කාටත් ගැළපෙන බැංකුව’ යන තේමාව යටතේ සියල්ලන්ගේ සිහින සැබෑ කරමින්, DFCC ආලෝකා ගිණුම ඇතුළු අනෙකුත් සේවාවන් ඔස්සේ ඔවුන් සවිබල ගැන්වීමට DFCC බැංකුව සෑම විටම උත්සාහ කරයි. මෙම මෙහෙවරට විශේෂ ණය ක්රම හඳුන්වා දීම, ව්යවසායකත්වය හා නායකත්වය සම්බන්ධ වැඩමුළු හා පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ එම වැඩසටහන් වලට සහභාගී වන්නන්ට ජාත්යන්තර වශයෙන් පිළිගත් ආයතන වෙතින් සහතික පිරිනැමීම වැනි බොහෝ දේ ඇතුළත් වී තිබේ.
‘DFCC ආලෝකා’ යනු ශ්රී ලාංකික කාන්තාවන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්ය මූල්යමය අත්වැල සැපයීම ඉලක්ක කරගත් සුවිශේෂී මූල්ය සැලසුම් සේවාවකි. මෙම සේවාව යටතේ, කාන්තාවන්ට විශේෂයෙන් වැදගත් වන ප්රතිලාභ රැසක් පිරිනමන, වෙළඳ නාමය සඳහන් ක්රෙඩිට් කාඩ්පතක් ඇතුළුව, සාමාන්ය ඉතුරුම් ගිණුමකින් නොලැබෙන ප්රතිලාභ රැසක් හිමි වේ. රු. 1000/- ක් වැනි සුළු මුදලකින් ගිණුමක් ආරම්භ කළ හැකි වීම, විශේෂ පොලී අනුපාතයක් හිමි වීම, දිවයින පුරා DFCC හෝ LankaPay ATM යන්ත්ර වලින් ගාස්තුවකින් තොරව මුදල් ලබාගත හැකි වීම, නොමිලේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් හිමි වීම සහ Mteller හරහා නිවසේ සිටම සුරක්ෂිත ලෙස බැංකු සේවාවන් ලබාගත හැකි වීම ඇතුළු ප්රතිලාභ රාශියක් මීට ඇතුළත් ය. තවද විශේෂ පොලී අනුපාතයන් යටතේ හිමිවන රන්භාණ්ඩ උකස් සේවාව, ගිණුමේ ශේෂය මෙන් 10 ගුණයක් දක්වා නොමිලේ රක්ෂණ ආවරණයක් සහ Doc990 සමග එක් වී පිරිනමන ප්රතිලාභයක් ලෙස, ගිණුම් හිමිකාරිය සහ පවුලේ සාමාජිකයක් 3 දෙනෙකු දක්වා පිරිසකට නොමිලේ සෞඛ්ය සේවාවන් හිමි වීම ඇතුළු ප්රතිලාභ රාශියක්ද ඔවුන්ට හිමි වේ. මේ සියල්ලට අමතරව, ව්යවසයිකාවන්ට මුදල් ප්රදානයන් ඇතුළුව මූල්ය පහසුකම් සැලසීම සඳහා අවශ්ය කටයුතු සම්පාදනය කිරීමටද ‘DFCC ආලෝකා’ නිරන්තරයෙන් කටයුතු කරයි.
October, 25, 2022
රටේ පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද සෙලින්කෝ ලයිෆ් සමාගම සමාජයට සිදුකරන සත්කාරක කටයුතු අඛණ්ඩවම ඉදිරියට රැගෙන යමින් කළුතර දිස්ත්රික්කයේ ගල්පාත, පැල්පොල කණ්ෂ්ඨ විද්යාලයේ පන්ති කාමරයක් ගොඩනැගීම සඳහා පසුගියදා මුල්ගලක් තැබූ අතර සමාගම විසින් සිදුකරගෙන පැමිණි ‘වෛද්ය හමුව’ නැමති වැඩසටහන යටතේ තවත් වෛද්ය කඳවුරු දෙකක් ද පසුගියදා පවත්වන ලදී.
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛයා විසින් මේ දක්වා පාසැල් සඳහා පන්ති කාමර ගොඩනැගිලි 84 ක් ප්රදානය කර තිබෙන අතර නවතම පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යන ගොඩනැගිලි ද්රව්ය ලබාදීමට මෙවර සමාගම එකඟවී තිබේ. එයට හේතුව වන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට ගොඩනැගිලි ද්රව්යවල මිල දිනෙන් දිනම විශාල ලෙස ඉහළ යාමයි. මෙම පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීමට යන ශ්රමය ලබාදීමට පාසැල් ප්රජාව එකඟවී තිබෙන අතර මෙම ව්යාපෘතිය සෙලින්කෝ ලයිෆ් සමාගමේ හොරණ ශාඛාව විසින් සම්බන්ධීකරණය කරනු ලබයි. සමාගම විසින් දිගු කාලයක් පුරා සිදුකරන මෙම සමාජ සත්කාරක වැඩසටහන මගින් මේ වසර තුළ ලබාදෙන දෙවන පන්ති කාමර ගොඩනැගිල්ල මෙය වේ.
මේ අතර, සමාගමේ සෞඛ්ය සම්බන්ධ ප්රජා සත්කාරක වැඩසටහන් යටතේ සෙලින්කෝ ලයිෆ් විසින් පසුගියදා මාතලේ සහ මහනුවර දිස්ත්රික්කවල නොමිල වෛද්ය කඳවුරු දෙකක්ද පවත්වන ලදී. සමාගම විසින් පසුගිය මැයි මාසයේදී සිට යළිත් ‘වෛද්ය හමුව’ වැඩසටහන ආරම්භ කිරීමෙන් පසුව මේ වසරේ පැවැත්වූ හතරවන සහ පස්වන වෛද්ය කඳවුරු මෙම කඳවුරු වේ.
මෙම වෛද්ය කඳවුරු මාතලේ මඩවල උල්පත ගෝනගල මහා විහාරයේදී සහ සමාගම විසින් මීට පෙර පන්ති කාමර ගොඩනැගිල්ලක් තනාදුන් මහනුවර වැලිවිට ශ්රී සංඝරාජ කණිටු විදුහලේදී පැවැත්වුණි.
මෙම වෛද්ය කඳවුරු මගින් 400 දෙනෙකුට වැඩි පිරිසක් ප්රතිලාභ ලැබූ අතර ඔවුන්ට නොමිලේ වෛද්යවරුන් හමුවීමේ අවස්ථාව සහ වෛද්ය පරීක්ෂණ කර ගැනීමේ අවස්ථාව හිමිවිය. ඉලෙක්ට්රෝකාර්ඩියෝග්රෑම්, ඇස් පරීක්ෂාව සහ බොඩි මාස් දර්ශකය (BMI) පරීක්ෂාව, ෆාස්ටිං බ්ලඞ් ෂුගර්, රැන්ඩම් බ්ලඞ් ෂුගර්, කොලෙස්ටරෝල් පරීක්ෂාව මෙහිදී කර ගැනීමේ අවස්ථාව පැමිණි අයට ලැබුණි. මෙහිදී, හයිපර්කොලෙස්ටරෝලෙමියා, දියවැඩියාව, හයිපටෙන්ෂන්, වෙරිකෝස්, ස්නායු සහ හෘද රෝග හඳුනාගත් රෝගීන්ට බෙහෙත් නියම කළ අතරම සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්ය උපදෙස්ද ලබාදෙන ලදී.
මෙම නවතම වෛද්ය කඳවුරු සෙලින්කෝ ලයිෆ් සමාගමේ මූලස්ථානය සමග එක්ව මාතලේ, පිළිමතලාව සහ රඹුක්කන ශාඛා විසින් සංවිධානය කරන ලදී. සමාගම විසින් මේ දක්වා පවත්වා තිබෙන ‘වෛද්ය හමුව’ වැඩසටහන් මගින් 146,000 කට වැඩි පිරිසක් ප්රතිලාභ ලබා තිබෙන අතර සමාගම විසින් රට පුරා වෛද්ය හමු වැඩසටහන් 392 ක් මේ වනවිට පවත්වා තිබේ.
සෙලින්කෝ ලයිෆ් සමාගම 2020 සහ 2021 වසර වලදී ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ ලෙසින් රීදි සම්මානය දිනාගත් අතර බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ‘ශ්රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය’ ලෙසින්ද සම්මානයට පාත්රවිය. එසේම, පිට පිටම තුන්වන වසර සඳහාත් ‘හොඳම සේවා ස්ථාන’ (Great Workplace) යන ඇගයීම සෙලින්කෝ ලයිෆ් සමාගමට 2022 වසරේදී ලැබී තිබේ. මීට අමතරව, ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් 2021 වසරේදී ශ්රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සෙලින්කෝ ලයිෆ් නම්කළ අතර පිට පිටම 16 වන වසරටත් ශ්රී ලංකාවේ වඩාත්ම ජනප්රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස ශ්රී ලංකා අලෙවිකරණ ආයතනයේ Kantar Peoples සම්මානය සමාගම විසින් දිනාගෙන තිබේ. සෙලින්කෝ ලයිෆ් ආරම්භ කළ වසර 34 ක කාලය තුළ අඩකට වඩා වැඩි කාලයක් පුරා ශ්රී ලංකාවේ ප්රමුඛතම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සමාගම ගෞරවාදරයට පාත්රවී ඇත. 2021 වසරේ LMD විසින් ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ‘වඩාත් ජනප්රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්යන්තර වාණිජ මණ්ඩලයේ ශ්රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්රේණිගත කළ ‘ශ්රී ලංකාව තුළ වඩාත්ම ප්රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය. එමෙන්ම 2022 වසරේ Great Place to Work® විසින් ශ්රී ලංකාවේ බැංකු, මූල්ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත්රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට ද සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්රේණිගත කර ඇත.
සක්රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
September, 12, 2022
ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ තිරසාර නවෝත්පාදනයන් ගොඩනඟමින් හේලීස් සමූහ ව්යාපාරයේ අනුබද්ධිත සහ පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදනයේ ජාතික ප්රමුඛයා වන Alumex PLC ගෝලීය වෙළෙඳපොළ සඳහා Low Carbon ඇලූමිනියම් හඳුන්වාදීම පිළිබඳව නිවේදනය කළේය.
සපුගස්කන්ද ප්රදේශයේ දී ස්ථාපිත කරන ලද Alumex හි නව නවීනතම ඇලූමිනියම් උණු කිරීමේ පහසුකම හරහා Low Carbon ඇලූමිනියම් නිෂ්පාදනය සකී්රය කරන අතර දැනටමත් එහි පළමු අදියර සාර්ථක ලෙස කි්රයාත්මක වෙයි. මෙමගින් අපනයන වෙළඳපල ජය ගැනීම යථාර්ථවත් කරන අතර රුපියල් බිලියන 1.0 ක ආයෝජනයක් සිදුකර එය දෙවන අදියර දක්වා ද පුළුල් කරයි.
ලොව ඇති නවීනතම සහ පරිසර හිතකාමී තාක්ෂණයන් ඇතුළත් කරමින් නව පහසුකම හරහා Boxite මගින් ප්රාථමික ඇලූමිනියම් නිෂ්පාදනයේදී පරිභෝජනය කරන මුළු ශක්තියෙන් 5%ක් පමණක් ප්රයෝජනයට ගනිමින් ඉහළම තත්වයේ ඇලූමිනියම් billets නිෂ්පාදනය කිරීමට Alumex හට හැකියාව ලැබේ. තවදුරටත් ස්වයංක්රීයකරණය මත පදනම් වූ ප්රශස්තකරණයන් Alumex හි බලශක්ති පරිභෝජනය 20% දක්වා අඩු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Alumex PLC හි කළමනාකාර අධ්යක්ෂ ප්රමුක් දැදිවෙල මහතා පවසන පරිදි මෙම නිෂ්පාදනය ශ්රී ලාංකේය ඉදිකිරීම් ක්ෂේත්රයේ පාරිසරික සහ කාබන් පියසටහන් අවම කිරීමට දරණ වෑයමකි. එමෙන්ම මෙහිදී “Ozon” භාවිතා කරමින් ඉහළම ගෝලීය තත්ව ප්රමිතීන් පවත්වාගෙන යන අතර Ozon billets සඳහා ඔවුන්ගේ විදේශීය ගැනුම්කරුවන්ගෙන් ඉහළ ඉල්ලූමක් පවතී. විශේෂයෙන් Low Carbon ඇලූමිනියම් සඳහා ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය සහ ඕස්ටේ්රලියාව වැනි රටවල් වල ඉහළ ඉල්ලූමක් පවතී. වර්තමානයේ පවතින අර්බුදකාරී තත්වය තුළ ඉතා අත්යවශ්ය සහ ප්රමුඛ වැදගත්කමක් ඇති විදේශ විනිමය මෙරටට ගෙන ඒමට මේ හරහා Alumex හට හැකි වේ.
”ඇලූමිනියම් යනු අසීමිත හැකියාවන් ඇති සහ නැවත නැවත භාවිත කළ හැකි ද්රව්යයක්. නිවැරදිව සකසන ලද විට ගුණාත්මක හා හානියකින් තොරව එය භාවිතා කිරීමට, උණු කිරීමට සහ නැවත සකස් කිරීමට පුළුවන්. අපගේ නව පහසුකම හරහා Alumex විසින් නැවත නැවත භාවිතා කිරීම සක්රීය කිරීම, සෘණාත්මක පාරිසරික බලපෑම සහ බලශක්ති භාවිතය විශාල ලෙස අඩු කරනවා. ඒ වගේම අපි දකුණු ආසියාවේ ඉහළම ගුණාත්මක නිෂ්පාදන දේශීය සහ ගෝලීය වෙළෙඳපොළ වෙත බෙදා හැරීම සඳහා අපගේ සන්නාමයේ කීර්ති නාමය අඛණ්ඩව පැතිරවීම සහතික කරනවා.” යනුවෙන් දැදිවෙල මහතා වැඩිදුරටත් පැවසුවේය.
Hayleys Life Code අනුගමනය කරමින් හේලීස් සමූහයේ සියලූම සමාගම් පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මුලපිරීම් සඳහා ඒකාබද්ධ ප්රවේශයක් අනුගමනය කරන අතර Alumex ද තිරසාරභාවය කේන්ද්ර කරගත් අපනයන සංවර්ධනය අවධාරණය කරමින් සිය උපායමාර්ග වඩාත් ශක්තිමත් ලෙස සකස් කර ඇත.
”අපි රටක් ලෙස වඩාත් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින කාලයක ආයෝජන සහ නවෝත්පාදනයන් තුළින් ඉදිරියට යාම සහ ඊට නායකත්වය දීම අපගේ වගකීම බව අපි විශ්වාස කරනවා. කාබන් විමෝචනය සහ බලශක්ති පරිභෝජනය අවම කරමින් අපගේ පරිසරය හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට දායක වෙමින් ගෝලීය වේදිකාවක් මත තරඟ කළ හැකි නිෂ්පාදන මෙහෙයුම් නිර්මාණය කිරීමට Alumex කණ්ඩායම දරණ උත්සාහය Hayleys Life Code හි දක්වා ඇති හොඳම පරමාදර්ශවලට අනුකූල වෙනවා. ඒ වගේම ඔවුන්ගේ නවෝත්පාදන ආකල්පය පිළිබඳව ඔවුන්ට ප්රශංසා කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් හේලීස් සමූහයේ සභාපති සහ ප්රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා ප්රකාශ කළේය.
Alumex දැනටමත් එහි අමුද්රව්ය අවශ්යතාවයෙන් 50% ක් සඳහා ප්රතිචක්රීයකරණය කරන ලද ලෝහ භාවිතා කරයි. මෑතකදී Alumex පරිසරය සුරැකීමේ සිය මුලපිරීමේ කොටසක් ලෙස භාවිතා කරන ලද ඇලූමිනියම් බීම කෑන් (UBCs) එකතු කිරීමේ නියමු ව්යාපෘතියක් රට තුළ කි්රයාත්මක කළේය. සාමාන්යයෙන් භාවිතා කරන ලද ඇලූමිනියම් බීම කෑන් කිලෝග්රෑම් 1 ක් ප්රතිචක්රීයකරණය කිරීමෙන් bauxite කිලෝග්රෑම් 8 ක්, රසායනික නිෂ්පාදන කිලෝග්රෑම් 4 ක් සහ විදුලිය kWh 14 ක් ඉතිරි කරගත හැකිය.

September, 12, 2022
අධ්යයන සහ බාහිර ක්රියාකාරකම් වලදී අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් 147 ක් සඳහා මෙවර රුපියල් මිලියන 11.1 ක් වටිනා ශිෂ්යත්ව ලබාදෙමින් සෙලින්කෝ ලයිෆ් ‘ප්රණාම’ ශිෂ්යත්ව වැඩසටහනේ 21 වන අදියරේ ශිෂ්යත්ව ප්රදානයකිරීමේ උත්සවය පසුගියදා මාර්ගගත ක්රමය ඔස්සේ පවත්වන ලදී.
අඛණ්ඩව දෙවන වරට මෙම උත්සවය Zoom ඔස්සේ සජීවීව විකාශය කළ අතර මේ සඳහා දෙමව්පියන්, ගුරුවරුන්, ශිෂ්යත්ව ලාභීන් ඇතුළු 200 කට වැඩි පිරිසක් සහභාගී විය. මෙහිදී, කැළණිය විශ්ව විද්යාලයේ උප කුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය මෙම මාර්ගගත වැඩසටහනේ ආරාධිත දේශකයා ලෙසින් එක්වූ බව සමාගම සඳහන් කරයි.
මීට අමතරව, මෙම උත්සව සභාව ගාල්ල දිස්ත්රික්කයේ අ.පො.ස උසස් පෙළ ප්රථම ස්ථානය දිනාගත් බී. අමන්දි දිල්හාරා සමරවික්රම සහ යාපනය දිස්ත්රික්කයේ අ.පො.ස උසස් පෙළ ප්රථම ස්ථානය දිනාගත් තනරාජ් සුන්දර්භවන් යන අයද අමතන ලදී.
මෙම ශිෂ්යත්ව ප්රදානයේදී පහ වසර ශිෂ්යත්වයෙන් දිස්ත්රික් මට්ටමෙන් ඉහළම ලකුණු ලබාගත් සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දු පුතුනට හා අ.පො.ස සාමාන්ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ගෙන් දිස්ත්රික් මට්ටමේ ඉහළම ප්රතිඵල ලබාගත් සෙලින්කෝ ලයිෆ් ඔප්පුහිමියන්ගේ දරු දැරියන් වෙත මුදල් තිළිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප්රණාම’ ශිෂ්යත්ව ලබාදුන් අතර ක්රීඩාවල සංස්කෘතියල කලාවල නාට්ය සහ නව සොයා ගැනීම් සඳහා ජාතික හෝ ජාත්යන්තර මට්ටමේ ජයග්රහණයන් හිමිකරගත් තරුණ තරුණියන්ටද මුදල් තිලිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප්රණාම’ ශිෂ්යත්ව පිරිනැමිණ. මීට අමතරව, අ.පො.ස. උසස්පෙළ විභාගයේදී දිස්ත්රික්ක මට්ටමින් දෙවැනිල තෙවැනි හෝ සිව්වන ස්ථාන හිමිකරගත් ඔප්පුහිමියන්ගේ දරුවන්ට එම ජයග්රහණ සඳහාද විශේෂ මුදල් ශිෂ්යත්ව පිරිනැමීමට සෙලින්කෝ ලයිෆ් කටයුතු කර ඇත.
මෙම නවතම ‘ප්රණාම’ ශිෂ්යත්ව වැඩසටහන යටතේ 2021 පහ වසර ශිෂ්යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුදරුවන් 28 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 120,000 ක් බැගින් වන ශිෂ්යත්ව සමාගම විසින් පරිත්යාග කළ අතර එම ශිෂ්යත්ව අවුරුදු පහක් පුරා මාසික වාරික වශයෙන් සිසුන්ට ලබාදීමට කටයුතු කරනු ඇත. මීට අමතරව, 2020 අ.පො.ස. සාමාන්ය පෙළ විභාගයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුදරුවන් 25 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 84,000 ක් බැගින් වන ශිෂ්යත්ව ප්රදානය කළ අතර එම මුදල් මාසික වාරික වශයෙන් අවුරුදු දෙකකින් ලබාදීමට සමාගම සහතික වී තිබේ. එසේම, 2020 අ.පො.ස. උසස්පෙළ විභාගයේදී දිස්ත්රික් පළමුවෙනියා බවට පත්වූ සිසු දරුවන් 25 දෙනෙකු සඳහා එක්අයෙකුට රුපියල් 144,000 ක් බැගින් සමාගම විසින් ප්රදානය කළ අතර එම මුදල් මාසික වාරික වශයෙන් අවුරුදු තුනකින් ලබාදීමට සමාගම කටයුතු කරනු ඇත.
එසේම, 2020 අ.පො.ස. උසස්පෙළ විභාගයේදී දිස්ත්රික්ක වලින් දෙවන, තෙවන හා සිව්වන ස්ථාන ලබාගත් දරුවන් 65 දෙනෙකුට රුපියල් 30,000 බැගින් ලබාදීමටද සමාගම කටයුතු කළේය.
මීට අමතරව, 2020 සහ 2021 වසර වලදී ක්රීඩා, නාට්ය, නවෝත්පාදනය සහ නිර්මාණශීලි අංශයන්ගෙන් විශිෂ්ටතා දැක්වූ දරුවන්ට කුසලතා සම්මාන හිමිවූ අතර ඒ වෙනුවෙන් එක් අයෙකු වෙත සමාගම රුපියල් 35,000 ක මුදලක් ප්රදානය කළේය.
මේ සියල්ලට අමතරව මෙම විභාග තුනේදී දිස්ත්රික්ක මට්ටමින් පළමු දසදෙනා අතරට පත්වූ සිසුදරුවන් 506 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ඇගයීමේ සහතිකයක් සහ ත්යාග පාර්සලයක් සමාගම විසින් ඔවුන් ගනුදෙනු සඳහා සම්බන්ධ වන ශාඛා වලදී ළඟදීම පිරිනමන බව සමාගම සඳහන් කරයි.
ප්රණාම ශිෂ්යත්ව වැඩසටහන ආරම්භ කළ 2002 වසරේ සිට සිසු දරුවන් 2,887 දෙනෙකු සඳහා සමාගම විසින් රුපියල් මිලියන 166 ක මුදලක් ප්රදානය කර ඇති අතර මෙවර 21 වන වැඩසටහනත් සමග ප්රදානය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 177.1 ක් දක්වා ද, ප්රතිලාභ ලැබූ දරුවන් සංඛ්යාව 3,034 ක් දක්වා ද ඉහළ ගොස් ඇත. සමාගම විසින් මෙම වැඩසටහන ආරම්භ කළේ දෙමව්පියන්ට අධ්යාපනය සම්බන්ධව තිබෙන මූල්ය පීඩනය අවම කිරීමට වන අතර පසුගිය ප්රණාම ශිෂ්යත්ව වැඩසටහන් වලදී ශිෂ්යත්ව දිනාගත් බොහෝ දෙනෙකු මේ වනවිට වෛද්යවරුන්, නීතිඥවරුන්, ඉංජිනේරුවන් හෝ අනිකුත් ක්ෂේත්රවල ප්රවීණ වෘත්තිකයින් බවට පත්වී රට ගොඩනැගීමේ මෙහෙවරට දායකවී තිබේ.
2022 වසරේ දී බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ්රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සහ 2021 වසරේ ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ්රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම SLIM Kantar ජනතා සම්මාන ප්රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත වසර 16 කට ශ්රී ලංකාවේ වඩාත්ම ජනප්රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස නම් වී ඇත. ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්රමුඛයා බවට පත්වීමට ද සමත්වී ඇති සෙලින්කෝ ලයිෆ් 2021 වසරේ LMD විසින් ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ‘වඩාත් ජනප්රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්යන්තර වාණිජ මණ්ඩලයේ ශ්රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්රේණිගත කළ ‘ශ්රී ලංකාව තුළ වඩාත්ම ප්රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය. එමෙන්ම 2022 වසරේ Great Place to Work® විසින් ශ්රී ලංකාවේ බැංකු, මූල්ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත්රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට ද සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්රේණිගත කර ඇත.
සක්රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

සේයාරු සටහන - (වමේ සිට) කැළණිය විශ්ව විද්යාලයේ උප කුලපති, ජ්යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා මාර්ගගත උත්සවයේදී කතා පැවැත්වූ සිසුන් දෙදෙනා සමග.
September, 9, 2022
සයිබර් අවකාශයේ තර්ජන සම්බන්ධ දත්ත සහ පර්යේෂණ පදනම් කරගනිමින් Microsoft සමාගම කාර්තුවකට වරක් ප්රකාශයට පත්කරනු ලබන Cyber Signals වාර්තාවේ දෙවැනි සංස්කරණය පසුගියදා එළිදක්වන ලදි. Ransomware-as-a-Service (RaaS) ලෙස හඳුන්වනු ලබන වංචනික ව්යාපාර ආකෘතියේ පරිණාමය සම්බන්ධයෙන් මෙහිදී මූලික වශයෙන් අවධානය යොමුකර තිබේ. RaaS හි වර්ධනය මෙන්ම, තාක්ෂණික හැකියාවක් නොමැති අපරාධකරුවන්ට ද ඉතා පහසුවෙන් Ransomware වර්ගයේ හානිකර පරිගණක වැඩසටහන් භාවිතා කිරීමට හැකියාව ලැබී තිබීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඇතැම් සයිබර් අපරාධකරුවෝ මේ වනවිට තමන්ම අපරාධ ක්රියා සිදු කරනු වෙනුවට, තමන් නිර්මාණය කළ හානිකර පරිගණක වැඩසටහන් වෙනත් පාර්ශ්ව වෙත කුලියට දීම හෝ අලෙවි කිරීම සිදුකරන අතර, අදාළ අපරාධ වලින් ලැබෙන ලාභයෙන් කොටස් ඒ සඳහා ගෙවීම් ලෙස ලබාගනිති. සයිබර් අපරාධකරුවන් කිහිප දෙනෙකු එක්වී, අදියර කිහිපයක් යටතේ සාමාන්යයෙන් මෙම ආක්රමණ සිදු කෙරේ. RaaS ක්රියාවලියට සාමාන්යයෙන් අදාළ ආක්රමණවලට අවශ්ය පහසුකම් සපයන ප්රධාන මෙහෙයුම්කරුවෙක් සහ, ආක්රමණය සැබැවින්ම දියත් කරන අපරාධකරුවන් පිරිසක් ඇතුළත් වෙති.
මේ වනවිට මාර්ගගත තර්ජන සංඛ්යාත්මකව මෙන්ම සංකීර්ණත්වය අතින්ද ඉහළ යමින් පවතී. සයිබර් ආරක්ෂාව පිළිබඳ යුරෝපා සංගම් නියෝජිතායතනය මෑතකදී වාර්තා කළේ, 2021 මැයි සිට 2022 ජූනි දක්වා කාලසීමාව තුළ සෑම මාසයකදීම ටෙරාබයිට් 10 ක පමණ දත්ත ප්රමාණයක් සොරාගෙන ඇති බවයි. මේ අතරින් 58.2% ක්ම සමාගම්වල සේවක සේවිකාවන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීම් වේ.
තවද Cyber Signals හි මෙම සංස්කරණයේදී RaaS පිළිබඳව දක්වන කරුණු මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, Ransomware වලින් 80% කට වඩා වැඩි ප්රමාණයක් මෘදුකාංග සහ උපාංගවල පොදු වින්යාස දෝෂ වලින් ප්රයෝජන ලබන බවයි. Ransomware ව්යාපාරය ක්රමයෙන් වර්ධනය වීම හමුවේ අපරාධකරුවන් තවතවත් එවැනි අපරාධ සිදුකිරීමට පෙළඹෙමින් සිටින පසුබිමක් තුළ, මෙමගින් ගෙවීම් යටිතල පහසුකම් වලට අමතරව Ransomware Payloads සහ අනවසරයෙන් දත්ත ලබාගැනීම සඳහා ප්රවේශය මිලදී ගැනීමට හැකියාව ලැබී ඇත. කප්පම් ගැනීම පිටුපස සිටින ආක්රමණිකයන්ට සිය අනන්යතාව සැඟවීම පහසු වීම මෙන්ම, RaaS පද්ධති Dark Web අවකාශය තුළ පහසුවෙන් සොයාගත හැකි වීම නිසා, ඕනෑම කෙනෙකුට RaaS වංචනික ක්රියාවන්ට සම්බන්ධ වීමට හැකි වී තිබේ. මේ නිසා ආක්රමණයට ලක්වන්නාට, එම ආක්රමණය සිදුකළ අපරාධකරුවන් හඳුනා ගැනීම අපහසු වී ඇත.
RaaS මගින් සයිබර් අපරාධකරුවන්ට කිසියම් ආයතනයක දත්ත සොරා ගැනීමට සහ එම දත්ත මුදාහරින බවට තර්ජනය කරමින් මුදල් ලබා ගැනීමට හැකි වීම නිසා, මෙය ලොව පුරා ව්යාපාර හා අනෙකුත් සංවිධාන වලට බරපතළ අභියෝගයක් වී තිබේ. කෙසේ නමුත් Microsoft සමාගම විසින් මේ ආකාරයට අපරාධ සහ අපරාධකරුවන් පිළිබඳ නවතම බුද්ධි තොරතුරු එක්රැස් කිරීම නිසා, ලොව පුරා ව්යාපාර හා සංවිධාන වලට ඒ පිළිබඳව නිසි පරිදි දැනුවත් වී අවශ්ය පියවර ගැනීමට හැකියාව ලැබී ඇත.
Microsoft සමාගමේ ඩිජිටල් අපරාධ මැඩලීමේ ඒකකය 2021 ජූලි මාසයේ සිට 2022 ජූනි මාසය දක්වා Phishing වර්ගයේ වෙබ් ලිපින 531,000 ක් සහ Phish kits 5,400 ක් ඉවත් කිරීමට සමත් විය. එමෙන්ම සොරාගන්නා ලද පාරිභෝගික තොරතුරු එක්රැස් කිරීම සඳහා භාවිතා කරන ලද වංචාකාරී ඊමේල් ගිණුම් 1,400 ක් අවලංගු කරන ලදි.
දැනට පවතින බොහෝ RaaS වැඩසටහන් වින්දිතයන්ගෙන් කප්පම් ගැනීමට අමතරව, සොරකම් කරන ලද දත්ත වෙනත් පාර්ශ්වයන් වෙත ලබාදීම ද සිදුකරන අතර, මෙය ද්විත්ව කප්පම් ගැනීමකි. සාමාන්යයෙන් කප්පම් ගැනීමේ අරමුණින් සිදුකරන ආක්රමණ වලදී බොහෝ දුරට සිදුවන්නේ සොරාගත් මුරපද හෝ අනාරක්ෂිත අනන්යතා තොරතුරු හරහා වෙනත් පාර්ශ්ව වල ගිණුම් වෙත පිවිසීම ය. මෙය සිදුවීම වැළැක්වීම සඳහා, සියලුම ගිණුම්වල සහ සියලුම උපාංගවල බහුසාධක සත්යාපනය (multifactor authentication- MFA) බලාත්මක කළ යුතු බවට Cyber Signals නිර්දේශ කරයි. කිසියම් ජාලයක මූලික දුර්වලතාවක් හඳුනා ගත් පසුව එය භාවිතා කරමින් ප්රහාර මාලාවක් දියත් කිරීමට සයිබර් අපරාධකරුවන්ට හැකියාව ඇති නිසා, RaaS තර්ජනයන්ගෙන් ආරක්ෂා වීමට MFA වැනි මූලික ආරක්ෂක ක්රියාමාර්ග ගැනීම අත්යවශ්ය ය.
එමෙන්ම නිසි ආරක්ෂක විධිවිධාන භාවිතා නොකරන ජාලවල දුර්වලතා ප්රයෝජනයට ගනිමින්, එම ජාලයන්හි ඇතැම් ආරක්ෂක ක්රමවේද අකර්මණ්ය කරමින් තම ආක්රමණය දියත් කිරීමට ආක්රමණිකයන්ට හැකියාව ඇත. තවද ආක්රමණිකයන්ට යෙදුම් වල අනුපිටපත් හෝ භාවිතයට නොගන්නා යෙදුම් (විශේෂයෙන්ම ඒවා legacy configurations ලෙස පවතී නම්) හරහා ප්රවේශය ලබාගත හැකි වේ. ආරක්ෂක විධිවිධාන නිසි පරිදි ක්රියාත්මක වන බව තහවුරු කරගැනීම සහ, ජාල නිතිපතා ස්කෑන් කිරීම මගින් Ransomware ආක්රමණ වලින් ආරක්ෂා වීම වඩාත් පහසු වනු ඇත.
එපමණක් නොව, පැරණි අවදානම්ද ආක්රමණ වලට මූලික වශයෙන් බලපාන අතර, බොහෝ අවස්ථාවල දී ඒ සඳහා වහාම ‘vendor patches’ යෙදීම අවශ්ය වේ. මෘදුකාංග ආදිය අඛණ්ඩව යාවත්කාලීන කරමින් පවත්වා ගැනීම සහ සුදුසු අවස්ථාවලදී ක්ලවුඩ් පාදක කරගත් සේවා වෙත යොමු වීම මගින් Ransomware ආක්රමණවලින් ආරක්ෂා වීමට බොහෝ දුරට හැකියාව ලැබෙනු ඇත.
කිසියම් පුද්ගලයෙකු නොමග යවනසුළු (Phishing) ඊමේල් වංචාවකට හසු වූයේ නම්, ආක්රමණිකයෙකුට අදාළ පෞද්ගලික දත්ත වෙත පිවිසීමට ගතවන කාලය සාමාන්යයෙන් පැය එකකුත් විනාඩි 12 ක් බව සයිබර් සංඥා පෙන්වා දෙයි. අන්ත-ලක්ෂ්ය තර්ජන සම්බන්ධයෙන් ගත් විට, උපාංගයක් අවදානමට ලක්වුවහොත් ප්රහාරකයෙකුට ආයතනික ජාලයක් තුළට ප්රවේශ වීම ආරම්භ කිරීමට ගතවන කාලය සාමාන්යයෙන් පැය එකයි මිනිත්තු 42 කි.
ඉහත සඳහන් කරුණු සලකා බලන විට, කප්පම් ගැනීම ඉලක්ක කරගත් හානිකර පරිගණක වැඩසටහන් වලින් සහ එම ආක්රමණිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා, ආරක්ෂක විධිවිධාන තරකිරීම සහ සයිබර් ආරක්ෂාව වෙනුවෙන් නිසි ආයෝජන සිදුකිරීම අත්යවශ්ය බව පැහැදිලි වේ. සයිබර් ආක්රමණ ප්රමාණය මෙන්ම සංකීර්ණත්වය අතින් වර්ධනය වෙමින් පවතින පසුබිමක් තුළ, ආරක්ෂක සංඥා ට්රිලියන 43 ක් විශ්ලේෂණය කරමින් සහ ආරක්ෂාව සම්බන්ධ විශේෂඥයන් 8500 කට අධික පිරිසකගේ අදහස් සැලකිල්ලට ගනිමින් කරුණු ඉදිරිපත් කරන Microsoft සමාගමේ සයිබර් සංඥා, ලොව සමාගම්, ආයතන හා සංවිධාන වලට කප්පම් ඉල්ලීම් ඇතුළු සියලුම ආකාරයේ සයිබර් තර්ජන හා ආක්රමණ වලින් ආරක්ෂා වීමට වැදගත් වන පුළුල් මගපෙන්වීමක් ලබාදෙයි.

September, 1, 2022
මෙම වසරේ දී ශ්රී ලංකා ආර්ථිකය 8.7% කින් සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්යන්තර මූල්ය අරමුදල සඳහන් කර සිටී.
ජාත්යන්තර මූල්ය අරමුදලේ දූත කණ්ඩායමක් 2022 අගෝස්තු 24 සිට සැප්තැම්බර් 01 දක්වා ජාත්යන්තර මූල්ය අරමුදලේ සහාය දක්වන ආර්ථික ගැලපුම් වැඩසටහන පිළිබඳව ශ්රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා ශ්රී ලංකාවට පැමිණියේය. දූත කණ්ඩායම විසින් සිය සංචාරය අවසානයේ දී අද (01) දින නිකුත් කළ මාධ්ය නිවේදනයේ මේ බව සඳහන් වේ.
එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
“ශ්රී ලංකාව උග්ර අර්බුදයකට මුහුණ දී සිටී. බාහිර කම්පනවලය ඔරොත්තු දීමට ඇති ආරක්ෂණ ප්රමාණවත් නොවීම සහ තිරසාර නොවන රාජ්ය ණය තත්ත්වය හේතුවෙන් අවදානම් වර්ධනය වී ඇත. අප්රේල් මාසයේ දී විදේශ ණය ආපසු ගෙවීම තාවකාලිකව නැවැත්වීමත් සමඟ ශ්රී ලංකාව තම විදේශීය වගකීම් පියවීම කල් දැමූ අතර, තීරණාත්මක ලෙස අඩු මට්ටමක පවතින විදේශ සංචිත ඉන්ධන ඇතුළු අත්යාවශ්ය භාණ්ඩ ආනයනයට බාධාවක් වීම මඟින් ආර්ථික ක්රියාකාරකම් තවදුරටත් අඩාල කළේය. 2022 වසරේ දී ආර්ථිකය සියයට 8.7කින් සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර උද්ධමනය සියයට 60ක් ඉක්මවිය. මෙහි බලපෑම අසමානුපාතික ලෙස දිළිඳු සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් විසින් දරනු ඇත.“
September, 1, 2022
ඊයේ (31) නිකුත් කර ඇති 2295/08 දරන අති විශේෂ ගැසට් පත්රය ප්රකාරව අද (01) දින සිට බලපැවැත්වෙන පරිදි එකතු කළ අගය මත වන බදු අනුප්රමාණය 15% ක් දක්වා ඉහළ නංවා තිබේ.
මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

September, 1, 2022
ශ්රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව බදු එකතු කිරීම පවතින්නේ ඉතා පහළ මට්ටමක බවත් ෆිස්කල් ගැලපීම් සිදුකිරීමට නම් බදු ආදායම ඉහළ නංවා ගත යුතු බවත් ජාත්යන්තර මූල්ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්රධානී මසහිරො නොසාකි මහතා පවසයි.
මේ අතර මෙම කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවේ දී ධනය මත පදනම් වන බද්ද (Wealth Tax) ගැන සාකච්ඡාවට ගැනුණු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම මාධ්ය හමුවේ දී අදහස් දැක්වූ ජාත්යන්තර මූල්ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්රධානී මසහිරො නොසාකි මහතා,
ශ්රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව බදු එකතු කිරීම පවතින්නේ ඉතා පහළ මට්ටමක. එබැවින් ෆිස්කල් ගැලපීම් සිදුකිරීම සඳහා බදු ආදායම ඉහළ නංවා ගත යුතුයි.
වැඩසටහන යටතේ බදු ප්රතිසංස්කරණ ප්රගතිශීලී ආකාරයෙන් සකස් විය යුතුයි. එයින් අදහස් වෙන්නේ ඉහළ ආදායම් ලබන්නන් ඊට වැඩි වශයෙන් දායකත්වය ලබා දිය යුතු බව තහවුරු කිරීමට අවශ්යයි.
ෆිස්කල් ගැලපීම්වලින් දිළිඳු සහ වැඩි වශයෙන් බලපෑමට ලක්විය හැකි ජන කොට්ඨාශයන්ට විය හැකි බලපෑම අවම කළ හැක්කේ එවිටයි.
බදු නිර්දේශ පැනවීමේ දී ප්රගතිශීලී අයුරින් එය ක්රියාත්මක වීමට නම්, පුද්ගලික ආදායම් බදු සැලකීමේ දී ඉහළ ආදායම් ලබන්නන්ට ඉහළ බදු අනුපාතයක් යෙදවීමෙන් එය කළ හැකියි.
Wealth Tax මෙම කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවේ/ ගිවිසුමේ කොටසක්. එය නිර්මාණය වන්නේ කෙසේද යන්න පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා කළ යුතුයි. ඒවගේම එයට සූදානම් වීමට කාලයක් යාවි. එය යෝග්ය ආකාරයෙන් නිශ්චිත කාල රාමුවක් යටතේ සකස් විය යුත්තක්.
September, 1, 2022
ශ්රී ලංකාව සහ ජාත්යන්තර මූල්ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්යන්තර මූල්ය අරමුදල මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය.
ඒ අනුව මාස 48ක් වැඩපිළිවෙලක් යටතේ ශ්රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව එම නිවේදනය වැඩිදුරටත් දැක්වේ.
August, 31, 2022
ශ්රී ලාංකේය වැවිලි කර්මාන්තයේ පුරෝගාමියෙකු වන හේලීස් වැවිලි සමාගම මෑත කාලීනව මුහුණ දීමට සිදු වූ අභියෝගවලට ප්රතිචාර වශයෙන් තම වතු කණ්ඩායම් විසින් දියුණු කරන ලද නවෝත්පාදනයන් සහ හොඳම භාවිතයන් ලෝකයා ඉදිරියට ගෙනයමින් ශ්රී ලාංකේය වැවිලි කර්මාන්තයේ සහ දේශීය ආයතනික අංශයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්රථම වරට කළමනාකරණ සමුළුවක් පැවැත්වීය.
ශාස්ත්රීය හා විද්යාත්මක ක්ෂේත්රයන් පිළිබඳ අදහස් සහ පර්යේෂණ එක් තැනකට ගෙන එන සාකච්ඡා මණ්ඩපයක් වන මෙම සමුළුව හේලීස් වැවිලි අංශයේ මානව සම්පත් අංශය විසින් දිවයින පුරා පිහිටි වතු 60ක් සහ එහි කණ්ඩායම් සම්බන්ධ කරගනිමින් කි්රයාත්මක කරන ලදී. පර්යේෂණ මත පදනම් වූ විද්යාත්මක අදහස් වලට වටිනාකමක් ලබාදෙමින්, විද්යාත්මක හා ආර්ථික ක්රමවේද හරහා කාලීන ගැටලූ විසඳීම පිළිබඳ සිද්ධි අධ්යයනයන් සම්පාදනය කිරීමට මෙම කණ්ඩායම්වලට පැවරී තිබිණි.
මෙම අවස්ථාවට හේලීස් සමූහ ව්යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය සහ ප්රමුඛ පෙළේ ආයතන සහභාගී විය. පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ආයෝජනයේ වැදගත්කම යළිත් අවධාරණය කරමින් පේරාදෙණිය විශ්වවිද්යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා විසින් මෙම සමුළුවේ ප්රධාන දේශනය පවත්වන ලදී.
හේලීස් වැවිලි සමාගම විසින් ගනු ලැබූ මෙම ප්රයත්නයන් පිළිබඳව ප්රශංසා කළ මහාචාර්ය මාරඹේ මහතා යාවත්කාලීන වන තාක්ෂණයන් ඒකාබද්ධ කිරීම වෙනුවෙන් ආයතන සහ නැගී එන කෘෂි තාක්ෂණික පුරෝගාමීන් අතර ඇති හවුල්කාරිත්වයේ වටිනාකම පිළිබඳව ද සඳහන් කළේය.
”අපගේ කණ්ඩායම් පෙර නොවූ විරූ අභියෝග මධ්යයේ ඔවුන්ගේ ජයග්රහණ ප්රදර්ශනය කරමින් නව්ය චින්තනයේ ප්රබලත්වය ප්රදර්ශනය කරනවා. අපගේ කර්මාන්තයේ වසර 150ක ඉතිහාසය තුළ මෙවැනි සමුළුවක් සංවිධානය කළ පළමු අවස්ථාව මෙයයි. විද්යාත්මකව ගැටළු නිරාකරණය කිරීම පදනම් වූ මෙම සිද්ධි අධ්යයනයන් ඉදිරියට ගැනීම මගින් ශ්රී ලංකාවේ වැවිලි කර්මාන්තයට මෙන්ම එයට සම්බන්ධ මිලියනයකට අධික ශ්රී ලාංකිකයින්ට ද වඩාත් තිරසාර සහ සමෘද්ධිමත් අනාගතයක් උදාකර දීම වෙනුවෙන් සහය විය හැකියි.” යනුවෙන් හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේය.
”නවෝත්පාදන ව්යාපාර චින්තනය සහ යෙදවුම්” යන තේමාව යටතේ පවත්වන ලද මෙම සමුළුව මගින් සමාගම් මට්ටමේ ජයග්රාහකයින් 3 දෙනෙකු සමඟින් ඉහළම ව්යාපෘති 10, සෑම හේලීස් වැවිලි සමාගමකින්ම හොඳම ව්යාපෘතියක් බැගින් සහ එම ජයග්රාහකයින් අතරින් සමස්ත ජයග්රාහකයා හඳුනා ගන්නා ලදී. සේවකයින්ගේ තෘප්තිය, ගුණාත්මකභාවය ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති භාවිතය, නව්ය පරිසර හිතකාමී විසඳුම්, ඉඩම් පරිහරණය උපරිම කිරීම සහ තේ අස්වනු නෙළන්නන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම වැනි ක්ෂේත්ර ආවරණය වන පරිදි වතු කණ්ඩායම් වෙත සම්මාන පිරිනැමිණි.
PIM ජ්යෙෂ්ඨ කළමනාකරණ උපදේශක සහ පීඨ සාමාජික ආචාර්ය සමන්ත රත්නායක ප්රමුඛ 7 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් මෙම ඉදිරිපත් කිරීම් වල අගය එකතු කිරීමේ හැකියාව, නවෝත්පාදන සහ නිර්මාණශීලීත්වය මත පදනම්ව ඉදිරිපත් කිරීම් ලබා ගන්නා ලදී.
ඩුනඩින් ස්කිම් රබර් සැකසුම් කම්හල විසින් සකස් කරන ලද අපජල කළමනාකරණ පද්ධතිය කැලණිවැලි වැවිලි සමාගම විසින් ඉදිරිපත් කරන ලද ව්යාපෘතිය ‘විශිෂ්ටතමයන්ගෙත් විශිෂ්ටතමයා’ ලෙසින් පිළිගැනීමට ලක් වුණු අතර එය සමස්ත ජයග්රාහකයා ලෙස කිරුළු පළඳින ලදී. නව පද්ධතිය ක්රියාත්මක කිරීමෙන් පසු වැඩ කරන දින පහක් ඇතුළත මෙම වතු කණ්ඩායම එම නව නිපැයුම වෙනුවෙන් ආයෝජනය කල මුදල උපයා ගැනීමත් සමඟින්ම ඒ හරහා අපජල ජනනය 50% කින් අඩු කළේය.
තලවකැලේ වැවිලි සමාගමෙහි බෙයාර්වෙල් වතුයාය ප්රවාහන වියදම් අඩු කරමින්, ඵලදායිතාවයට, සෞඛ්යයට සහ සේවකයින්ගේ යහපැවැත්මට දායක වූ, වතුයායේ ඉන්ධන පරිභෝජනය අඩු කරන මෙන්ම කාබන් පියසටහන් අවම කරන හරිත කොළ ප්රවාහන කරන ලබන කේබල් (zipline) ව්යාපෘතිය හඳුන්වා දුන් අතර එහිදී තලවකැලේ වැවිලි සමාගම වතු කාණ්ඩය අතරින් ‘විශිෂ්ටතමයන්ගෙත් විශිෂ්ටතමයා’ ලෙස ඇගයීමට ලක්විය.
හොරණ වැවිලි සමාගමෙහි ෆෙයාර්ලෝන් වත්ත එහි වල් පැලෑටි මිලදී ගැනීමේ යෝජනා ක්රමය සඳහා සමාගම් අතරින් ජයග්රාහකයා ලෙස පිළිගැනීමට ලක්විය. පොහොර අර්බුදය අතරතුර ආරම්භ කරන ලද මෙම මුලපිරීම මගින් වතු සේවකයන්ට වල් පැළෑටි ඉවත් කිරීම සඳහා අමතර ආදායමක් ලබා දුන් අතර වතුයාය ඒවා මුදල් ගෙවා මිලදී ගන්නා ලදි. එම වැඩපිළිවෙල තුළින් සේවකයින්ට අමතර ආදායමක් ලබා දෙනවා වගේම ස්භාවික කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට ද හැකියාව ලැබීම සුවිශේෂී කරුණකි.
කර්මාන්තයට සම්බන්ධ වන පුද්ගලයින්ට දැනුම හුවමාරු කර ගැනීම සහ කුසලතා වර්ධනය කිරීම සඳහා මෙහි හොඳම ඉදිරිපත් කිරීම් 10 ඇතුළත් කරමින් පර්යේෂණ වාර්තාවක් මුද්රණය කර ශාස්ත්රීය හා වැවිලි කර්මාන්ත පාර්ශවකරුවන් වෙත බෙදා හරිනු ලැබේ.

හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා විසින් මෙම සමුළුවේ පර්යේෂණ වාර්තාවේ පළමු පිටපත හේලීස් සභාපති සහ ප්රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා වෙත ලබා දෙමින්

පේරාදෙණිය විශ්වවිද්යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා මෙම උත්සවයේ පොල්තෙල් පහන දල්වමින්

කැලණිවැලි වැවිලි සමාගමේ සාමාන්යාධිකාරී - මානව සම්පත් සහ ආයතනික තිරසාර, අනුරුද්ධ ගමගේ මහතා සමුළුව අමතමින්
ඡායාරූප : ඩුනඩින් ස්කිම් රබර් සැකසුම් කර්මාන්තශාලාවේ ජ්යෙෂ්ඨ කළමනාකාර, චන්දන වන්නිආරච්චි මහතා (වමේ සිට තෙවැන්නා) මෙම උත්සවයේ ‘විශිෂ්ටතමයන්ගෙත් විශිෂ්ටතමයා’ සම්මානය පිළිගනිමින්
Video Story