August, 29, 2022
අගනා ප්රතිඑල සහ සාර්ථක පර්යේෂණ සංස්කෘතික පසුබිමක් ඉදිරිපත් කරමින් SLIIT හි සිසුන් නැවත වරක් සිය පර්යේෂණ සඳහා H-Index සහ PLOS One ප්රකාශනයක් හිමි කර ගෙන ඇත. Alcohol brings burdens (මත්පැන් රෝගාබාද ඇති කරයි) යන ප්රකාශන පත්රිකා මාතෘකාව යටතේ SLIIT හි සිසුන් වන ඕෂද අතුකෝරල, සඳුනි ඉෂාරා, දිෂානි සිල්වා සහ ටාන්යා පතිරගේ යන අයගේ සහයෝගීතාවය ඇතිව මත්පැන් පරිභෝජනය සහ ගෝලීය රෝගාබාද පිළිබඳ ගෝලීයවශයෙන් හා මහාද්වීප වශයෙන් අධ්යයනයක් කර තිබේ. මේ සම්බන්ධයෙන් සිසුන් සමඟ කළ සාකච්ජාවේදී, ඔවුන් සිය පර්යේෂණ ගමන් මග සහ ප්රකාශනයේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වනු ලැබීය.
නිශ්චිත ප්රදේශය හා අදාළ මාතෘකාව තෝරා ගැනීමට හේතුව කුමක්ද?
''අපගේ පර්යේෂණ ක්ෂේත්රයට සම්බන්ධ ඉහළ Scimago H-දර්ශක පත්රිකා අපට හමුවුණා, නමුත් මහාද්වීප වශයෙන් ඒ ගැන කිසිම පර්යේෂණයක් සිදු කර නැහැ. අපගේ මාතෘකාවට අදාළ ගැඹුරු පර්යේෂණ අධ්යයනයක් නොතිබූ නිසා මත්පැන් පානයට අදාළ ප්රභේද ලෙස වයින්, බියර්, ස්ප්රීතු සහ වෙනත් මධ්යසාර පාන වර්ග ඇති බව ද අපි සඳහන් කළා.
ඒ අනුව, මහාද්වීප මිල සඳහා එක් එක් මත් පැන් පරිභෝජන ආශ්රිත රෝගාබාද සඳහා අපගේ පර්යේෂණ අධ්යයනය සිදු කිරීමට අප තීරණය කළා. මෙම සියලු වෙනස්වීම් එකට යොදාගෙන මේ දක්වා කිසිම පර්යේෂණ අධ්යයන කටයුත්තක් සිදු කර නොමැති නිසා අපි අපගේ සමාජ-ජනවිකාස පරිසරය, මානව සංවර්ධන දර්ශකය සහ ආදායම වැනි ස්වාධීන වෙනස්වීම් ද සලකා බැලුවා.''
පර්යේෂණ කටයුතු කොපමණ කලක් සිදු කළාද?
පර්යේෂණය අවසන් වසරේ පළමු අධ්යයන වාරය තුළදී, එනම් පෙබරවාරි මාසයේ සිට ජූනි මස දක්වා වූ මාස හයකට ආසන්න කාලයක් තුළ අවසන් කරනු ලැබුවා. සම්පූර්ණ පැවරුම සඳහා මාස 12 ක කාලයක් ගත වූ නමුත් මාස හයක කාලයක් තුළ පර්යේෂණ කොට අවසන් කිරීම අප ලැබූ ජයග්රහණයක්.
උපාධිය ලබා ගැනීමටත් පෙර මෙලෙස කැපී පෙනෙන ජයක් හිමිකර ගත්තේ කෙසේද?
හොඳ තත්ත්වයේ ප්රකාශනයක් සමඟ මාස හයක් වැනි කාලයක් තුළදී පර්යේෂණ කටයුතු අවසන් කිරීම පහසු දෙයක් නොවේ. කෙසේ නමුත් එවැනි විශාල ක්රියාවලියක් සම්පූර්ණ කිරීමට අපට මඟපෙන්වමින් සහ දැනුම ලබා දෙමින් අපට සහාය ලබා දීමට තව බොහෝ දෙනෙක් සිටියා.
ඔවුන් අතරින් අපව අධීක්ෂණය කරනු ලැබූවේ SLIIT ව්යාපාරික පාසලෙහි සහකාර මහාචාර්ය, මහාචාර්ය රුවන් ජයතිලක, මහතාය. මුල සිටම අපේ අධීක්ෂකවරයා ලෙස මහාචාර්ය රුවන් ජයතිලක මහතා තෝරා ගැනීමට අප විශේෂ උනන්දුවකින් කටයුතු කළේ ඔහුගේ පර්යේෂණවලට ඇති කීර්තිය සහ ඔහු සතුව තිබෙන නවීනත්වයෙන් යුතු චින්තනය නිසාය. පියවරෙන් පියවර පර්යේෂණයේ කාලය පුරාවටම ඔහු අපට ලබා දුන් දිරිගැන්වීම සුවිශේෂයි.
ඔහු පසුගිය අධ්යයන කටයුතු සඳහා උදාහරණ සපයනු ලැබුවා. ආදි සිසුන්ගේ අතීත ජයග්රහණ පිළිබඳව ඉදිරිපත් කරමින් සිය අත්දැකීම් හුවමාරු කර ගත්තා. ඊට අමතරව, ඔහුගේ දේශන ඉතා සිත්ගන්නාසුළු හා උද්යෝගිමත් වූ අතර, ඒ තුළින් අපිව තවත් දිරිමත් වුණා.
අපි හතර දෙනා විවිධ දිස්ත්රික්කයන් හි විවිධ වූ ප්රදේශවලින් පැමිණි අය. මේ නිසා ගුණාත්මක වූ සඟරා ප්රකාශනයක් සමඟ මාස හයකින් පර්යේෂණ කටයුතු අවසන් කිරීම ඉතා අපහසු කටයුත්තක් වූවා. භෞතික වශයෙන් සන්නිවේදනය කිරීමට සහ රැස්වීම් පැවැත්වීමට බාධා ඇති වුණා. ඒ කොහොම නමුත් අපගේ කණ්ඩායමේ සියලුම සාමාජිකයින් පර්යේෂණය සම්පූර්ණ කිරීම සඳහා ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළා. තම කාලය කැප කරමින් කණ්ඩායම මෙම ජයග්රහණය සඳහා දායක වූ පර්යේෂණ වෙනුවෙන් සිය ප්රමුඛතාවය ලබා දුන්නා.
ආර්ථික දුෂ්කරතාවයන් හමුවේ පීඩා විඳිමින් තමයි අප පර්යේෂණ කටයුතු සිදු කළේ. අපගේ දෙමව්පියන් ඒ සඳහා අපට ශක්තියක් වෙමින් එම අභියෝග ජය ගැනීමට සහාය ලබා දීම ගැන අප සඳහන් කළ යුතුයි.
ඔබලාගේ පර්යේෂණය වෙනුවෙන් SLIIT ඔබට සහාය වුයේ කෙසේද?
SLIIT හි මාර්ගගත සහ මාර්ගගත නොවූ අධ්යයන කටයුතු හා එහි සම්පත් මෙම ඉලක්කය සපුරා ගැනීමට අපට උපකාර වුණා. අපගේ කණ්ඩායමේ සමහර සාමාජිකයන් ආයතනවල සේවය කරන නිසා, අපට සහාය වීමට ආයතනික වශයෙන් කණ්ඩායමක් සිටීම ඉතා වැදගත් විය. SLIIT ව්යාපාරික පාසලෙහි කථිකාචාර්යවරුන් සහ කාර්ය මණ්ඩලය අපට සහාය වූවා. මෙම ගමන් මග සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ මගපෙන්වීම සහ සහය ලබා දීම පිළිබඳව ද අපගේ ස්තුතිය ඔවුන් වෙත පුදකර සිටිනවා.
මෙම පර්යේෂණය කිරීමට අවස්ථාව ලබාදුන් SLIIT ආයතනයේ කුලපතිවරයා, උපකුලපති සහ නියෝජ්ය උපකුලපතිවරයා මෙන්ම SLIIT ව්යාපාරික පාසලේ පීඨාධිපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතාටද අපගේ ස්තුතිය පුදකර සිටිනවා.
පර්යේෂණය ප්රකාශනය කිරීම සඳහා පිළිගෙන තිබේද?
ඔව්, අපගේ පර්යේෂණය SJR හි Q1 කාණ්ඩය සමඟ H-දර්ශකයේ 367 සඟරාවක් විසින් පිළිගෙන තිබෙනවා. සඟරාව PLOS ONE, Scopus හි ඉහළම ශ්රේණි දහය අතරට පැමිණ ඇති අතර දැනට පර්යේෂණ පත්රිකා සඳහා 10%කට වඩා අඩු පිළිගැනීමේ අනුපාතයක් පවත්වාගෙන යනවා.
පර්යේෂණ ක්රියාවලිය ගැන සඳහන් කළ හැකිද?
මුළින්ම අපට හොඳ පර්යේෂණ ගැටළුවක් සොයා ගැනීමට උවමනා වුණා. අවශ්ය සියලුම මගපෙන්වීම් සහ පියවරයන් අපගේ අධීක්ෂක විසින් ලබා දුන්නා. හොඳ පර්යේෂණ මාතෘකාවක් තෝරා ගත් පසුව අදාළ යෝජනාව සම්පූර්ණ කළා. අදාළ ශාස්ත්රීය ග්රන්ථ පරිහරණය කිරීම, දත්ත එකතු කිරීම, හා විශ්ලේෂණය කර ප්රතිඵල ලියා පසුව අපගේ පර්යේෂණ ලිපිය අවසන් කළා.
ඔබලාගේ ඉදිරි සැලසුම් මොනවාද?
අපගේ ශාස්ත්රීය නිබන්ධයේ ඉතිරි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අපි තවත් ලිපි ලිවීමට සැලසුම් කරනවා. තවත් නවීන වෙනස්කම් සමඟින් අධ්යයන ක්ෂේත්රය තවදුරටත් පර්යේෂණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාස හතර තුළ ප්රධාන ඉලක්කය බවට පත්වී තිබෙන්නේ අපගේ උපාධිය ලබා ගැනීමට ප්රථමව පත්රිකාවේ අරමුණු සම්පූර්ණ කිරීමයි. මෙම සඟරා පත්රිකාව අපගේ වෘත්තීය ගමන් මගට විශාල සහයෝගයක් සහ මග පෙන්වීමක් මෙන්ම ශාස්ත්රීය කටයුතු සඳහා දායක වනු ඇත.
SLIIT ව්යාපාරික පාසලෙහි සහකාර මහාචාර්ය, මහාචාර්ය රුවන් ජයතිලක මෙම පත්රිකාවේ අධීක්ෂකවරයා ලෙස H-දර්ශක ශ්රේණිගත කිරීම් වල වැදගත්කම සහ සිසුන්ගේ ජයග්රහණ පිළිබඳව කළ සාකච්ජාවේදී දැක්වූ අදහස් මෙසේය.
ඔබ දකින ආකාරයට H-දර්ශක ශ්රේණිගත කිරීමේ තත්ත්වය ලබා ගැනීම සිසුන්ට කෙතරම් වැදගත් ද?
ප්රකාශනය, ශාස්ත්රීය කුසලතා ඉදිරිපත් කිරීමට විද්වතුන් භාවිතා කරන පොදු ක්රමයක්. පර්යේෂණවල ගුණාත්මක ප්රකාශනය විද්වතුන් සහ ඔවුන්ගේ ආයතන කෙරෙහි අවධානය යොමු කරනවා. මේ මගින් ආයතනය සඳහා වැඩි අරමුදල් ලබා ගත හැකි අතර පුද්ගලයෙකුගේ ක්ෂේත්රයේ ප්රගතිය සහතික කරනු ලැබේ. ප්රකාශනයක ඉහළH -දර්ශකයක් මඟින් පුළුල් ප්රේක්ෂක පිරිසක් වෙත ඔබේ කාර්යයේ වැදගත්කම, දෘශ්යතාව සහ සැබෑ ව්යාප්තිය පෙන්නුම් කරයි. මුල් ප්රකාශන විද්යාත්මක හා ශාස්ත්රීය කුසලතා වැඩි දියුණු කිරීම සඳහා උත්ප්රේරකයක් ලෙස සේවයක් ලබා දෙන අතර අනාගත විද්වතුන්ට පර්යේෂණ සංවර්ධනය කිරීමට සහ ශක්තිමත් පර්යේෂණ නිමැවුම් නිපදවීමට ඇති හැකියාව සංඥා කරයි. රැකියා අවස්ථා හැරුණු විට, විද්වතුන් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ප්රකාශන සබඳතාව, පර්යේෂණ ප්රදාන සහ වෘත්තීය සාර්ථකත්වය යන දෙකටම සම්බන්ධ වේ. සිසුන්ගේ මුල් අධ්යයන ඉහළ H-දර්ශක ප්රකාශන තිබීම, සංඥා ලෙස ක්රියා කළ හැකි අතර, පුද්ගලයන්ට සහ ඔවුන්ගේ කාර්යයට වටිනාකමක් එක් කරයි. ඒ අනුව අධ්යාපනය තුළ හෝ ඉන් පිටත තනතුරු සෙවීමේදී ඔවුන්ගේ දෘශ්යතාව වැඩි කරයි. මෙය ඔවුන්ගේ රැකියා නියුක්තිය කෙරෙහි ධනාත්මක බලපෑම් ඇති කරවන අතරම, එමඟින් ඔවුන්ට සහ ඔවුන් අධ්යයන කටයුතු සංවර්ධනය කරනු ලැබූ විශ්ව විද්යාලයට ප්රතිලාභ ගෙන එයි. තවද, පර්යේෂණ ආශ්රයෙන් ශිෂ්යත්ව හෝ රැකියා සඳහා, ඔබට යම් පළපුරුද්දක් ඇති බවටත්, එසේම එම ක්රියාවන් ඔබට අපහසු නොවන බවට ඇඟවීම සඳහා ගුණාත්මක පත්රිකා කිහිපයක් ප්රකාශයට පත් කිරීම අවශ්ය වේ. එම කරුණුවලට අදාළව අනාගතයේදී එය ඔබට තවත් සම්මාන ගෙන දෙයි.
මෙම ජයග්රහණය සඳහා ඔබ සිසුන්හට මග පෙන්වූයේ කෙසේද?
මෙය ශිෂ්යයාගේ කාර්යය සඳහා පැහැදිලි මඟ පෙන්වීමක් සහිත දීර්ගව කරනු ලබන උපදේශන ක්රියාවලියක්. පළමුව, මෙයට දිරිගැන්වීම, උපදේශනය සහ සිසුන්ගේ සැබෑ ජීවිත සන්දර්භය තුළ BBA වලින් එහාට දිවෙන බව දැන සිටීම ඇතුළත් වේ. ශාස්ත්රීය නිබන්ධය ආරම්භයේදීම අපේක්ෂාවන් සැලසුම් කිරීම, නම්යශීලී වීම, ක්රියාවලිය සැලසුම් කිරීම සහ අධීක්ෂණය සඳහා ගතවන කාලය කළමනාකරණය කිරීම එහි කොටසක් වේ. දෙවැනි පියවර ලෙස සිදු කරනු ලබන්නේ සිසුන් සහ සම වයසේ මිතුරන් සමඟ හොඳින් සන්නිවේදනය කිරීම සහ SLIIT ආයතනය විසින් සපයනු ලබන සම්පත් භාවිතා කිරීමේ වාසිය භාවිතා කිරීමයි. තවදුරත් නිර්මාණශීලීව සහ ඉක්මනින් ඔවුන්ගේ වැඩ කටයුතු පිළිබඳ ප්රතිචාර සහ ගුණ දොස් දැක්වීම ශිෂ්යයෙකුගේ වර්ධනයට ඉතාමත් වැදගත්. උදාහරණයක් ලෙස, මම සිසුන් සඳහා ප්රමාණවත් කාලයක් වෙන් කරමින් සිසුන්ව සෑම දිනකම මුණගැසෙනවා. ඔවුන්ව ප්රධාන වශයෙන් හමුවීමට නොහැකිනම්, විද්යුත් තැපෑල, දුරකථන මගින් හෝ zoom තාක්ෂණය වැනි මාධ්ය කිහිපයක් හරහා සම්බන්ධ වීමට කටයුතු කරනවා.
අධීක්ෂකවරයා හට තමන්ගේ පර්යේෂණයේ නිශ්චිත මාතෘකාව පිළිබඳ විශේෂඥ දැනුමක් තිබෙන බවට සිසුන් කිසි විටෙක බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් ශිෂ්යයාගේ පර්යේෂණ මාතෘකාව පුළුල් ක්ෂේත්රයට ගැළපෙන ආකාරයට සංකල්පගත කිරීමට සහ නිරූපණය කිරීමට මෙන්ම විෂය ක්ෂේත්රය සම්බන්ධව ඔවුන්ගේ දැනුම ඊට අදාළ කර ගැනීමට මඟ පෙන්වීමක් ලබා දිය හැකි අධීක්ෂකවරයෙකු ඔවුන් ඉතා අගය කරනවා. ඒ කොහොම වෙතත් අධ්යයනයකදී අවශ්ය පර්යේෂණ ක්රමවේද පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අධීක්ෂකවරයෙකුගේ මගපෙන්වීම, නව පර්යේෂකයන් කුසලතාවලින් සවි බල ගැන්වීමේදී සහ ගුණාත්මක පර්යේෂණ පත්රිකා නිෂ්පාදනය කිරීමේදී ඉතාමත් වැදගත් සහ වාසිදායක වෙනවා.
ඔබගේ අදහසට අනුව තෝරාගත් මාතෘකාව හරහා කෙතරම් බලපෑමක් ඇති වුණාද?
මෙම අධ්යයනය තුළින් 2000 සහ 2019 වසර තුළ මහාද්වීපය අනුව සහ ගෝලීය වශයෙන් මත්පැන් පරිභෝජනය සහ ඒ හේතුවෙන් ඇතිවන රෝගාබාද අතර පවතින දිගුකාලීන සම්බන්ධතාවය විමර්ශනය කරයි. විශේෂ වූ හේතු දෙකක් නිසා මෙම අධ්යයනය සිදු කිරීමට කටයුතු කළා. පළමු කාරණය වන්නේ මෙම පර්යේෂණ අධ්යයනය පසුගිය වසර 20ක කාලය තුළ එකතු කරන ලද දත්ත භාවිතා කරමින් මහාද්වීප පහම ඇතුළුව ලොව පුරා රටවල් 177 ක් ආවරණය කිරීමට කටයුතු කිරීමයි. එම නිසා මෙම අධ්යයනය පුළුල් (රටවල් පිළිබඳ පුළුල් ආවරණයක් සහ පර්යේෂකයාගේ උපරිම දැනුම අනුව, මෙතෙක් පැවති අධ්යයනයන් වර්තමාන අධ්යයනයේ තෝරාගත් වෙනස්වීම් යටතේ මෙම මාතෘකාව කෙරෙහි අවධානය යොමු කර නොමැත) සහ කාලෝචිත එකක් විය. මීට අමතරව, අධ්යයනයේ වටිනාකම වැඩිදුරටත් වර්ධනය කරන ගෝලීය මට්ටමේ විශ්ලේෂණය සමඟ එක් එක් මහාද්වීප සඳහා වෙනම විශ්ලේෂණයක් සිදු කරනු ලබයි. දෙවන හේතුව වන්නේ විශ්ලේෂණය සඳහා තෝරාගත් වෙනස්වීම් පෙර අධ්යයනයන් හා සසඳා බැලූ විට ඒවාට සාපේක්ෂව එය අති විශිෂ්ඨ වීමය. ඊට ප්රතිවිරුද්ධව අධ්යාපනය, දරිද්රතාවය සහ මානව සංවර්ධනයේ මට්ටම ගණනය කරන අනෙකුත් ප්රධාන මිනුම් පූර්ව අධ්යයනයන්හි වෙනස්කම් ලෙස සැලකේ. මෙම සොයාගැනීම් මගින් ගෝලීය රෝගාබාදයන් කෙරෙහි මතුව ඇති මත්පැන් පානය සහ අනෙකුත් බලපෑම් පිළිබඳ සමස්ත චිත්රය පෙන්නුම් කරන අතර ගෝලීය රෝගාබාද අඩු කිරීම සඳහා අනාගතයේදී මෙම වෙනස්වීම් සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ යෝජනා සපයා දෙනු ලබයි.
SLIIT ව්යාපාරික පාසලේ පීඨාධිපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතා කළ අදහස් දැක්වීම මෙසේය.
“අපගේ අරමුණ සඳහා පර්යේෂණ ප්රධාන වේ. ජාත්යන්තර පර්යේෂණ ශ්රේණිගත කිරීම්වල SLIIT හි සාර්ථකත්වය හා අපගේ සියලුම පර්යේෂණ කටයුතුවල විශිෂ්ඨත්වයන් හිමි කර ගැනීම සඳහා අපගේ කාර්ය මණ්ඩලයේ තිරසාර කැපවීම පිළිබඳව පිළිඹිබු කරන්නක් වන අතර එය ඇගයීමට ලක් කළ යුතුය. මෙම කණ්ඩායමේ ජයග්රහණය අපගේ සිසුන් නිෂ්පාදනය කරන අධ්යයන කටයුතුවල උසස් තත්ත්වය ද පෙන්නුම් කරන්නක්. මෙම ශිෂ්ය කණ්ඩායම විසින් ලබාගෙන ඇති H-දර්ශක ප්රතිඵලය මෑත වසරවලදී SLIIT හි පර්යේෂණ ඉදිරියට පැමිණ ඇති ආකාරය පෙන්නුම් කරන එක් දර්ශකයක් පමණි.
පර්යේෂණ පත්රිකාව පිළිබඳව තොරතුරු - https://doi.org/10.1371/journal.pone.0270998

August, 29, 2022
ජනශක්ති සමූහයට අයත් ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සේවා සම්පාදකයෙකු වන Orient Finance PLC සිය 41 වන සංවත්සරය මූලික කර ගනිමින් සුවිශේෂී වැඩසටහක් ක්රියාත්මක කරයි. ශ්රී ලංකාවේ විශාලතම ඔන්ලයින් රථවාහන උපාංග වෙළඳ පොළ ලෙස නම් දරා ඇති Greasemonkey.lk හා හවුල්කාරිත්වයකට එළඹෙමින්, පාරිභෝගිකයින් සඳහා විශේෂ දීමනා සහ ප්රවර්ධන යටතේ සිය රථවාහන උපාංග මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීමට Orient Finance PLC මේ හරහා ක්රියා කරයි.
මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා, Orient Finance පාරිභෝගිකයන් වෙත විශේෂ දීමනා වලට යටත්ව, රථවාහන අමතර කොටස් සහ උපාංග, වාහන ආරක්ෂණ නිෂ්පාදන, එන්ජින් ඔයිල් සහ ලිහිසි තෙල්, වාහන තත්ත්ව වාර්තා ලබාගැනීම් ආශ්රිත සේවා ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන සහ සේවා මිලදී ගැනීමේ හැකියාව හිමිවේ. මෙහිදී www.greasemonkey.lk හරහා භාණ්ඩ මිලදී ගන්නා Orient Finance පාරිභෝගිකයින් වෙත වඩාත් පහසුවෙන් සිය භාණ්ඩ මිලදී ගැනීම සහතික කරමින්, විශේෂ කේතයක් (code) ලබාදෙන අතර, කිසිඳු කරදරයකින් තොරව භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමට ද අවස්ථාව හිමිවේ.
මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින්, Orient Finance PLC හි විධායක අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී K.M.M. ජබීර් මහතා මෙලෙස පවසා සිටියි. "මෙම අභියෝගකාරී කාලසීමාව තුළ අප පාරිභෝගිකයින්ට සහන ලබා දෙමින්, Greasemonkey.lk හා මේ ආකාරයේ හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටට පත් වෙනවා. පවතින ආර්ථික තත්ත්වයන් පිළිබඳ සැළකිල්ලට ගනිමින්, අප පාරිභෝගිකයින්ගේ මූල්ය ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා වන පිරිවැය ඉතිරි කිරීමේ බහුවිධ මාර්ග පිළිබඳ අප දැඩි අවධානයකින් කටයුතු කරනවා වගේම, නිරන්තරයෙන්ම අප ගනුදෙනුකරුවන් ශක්තිමත් කරමින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා අප කැපවී ක්රියා කරනවා. මෙම හවුල්කාරීත්වය හරහා, දැන් අප පාරිභෝගිකයින්ට ඔවුන්ට අවශ්ය දෑ වඩාත් පහසුවෙන් මිලදී ගෙන, නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමිකර දී තියෙනවා. මෙම හවුල්කාරීත්වය අප පාරිභෝගික ජීවන තත්වයන් උසස් කරනවා යැයි අපට විශ්වාසයි. එසේම, අපගේ ගනුදෙනුකරුවන් මෙම සුවිශේෂී දීමනාව භාවිතා කර එහි ප්රතිලාභ ලබා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. තවද, 41 වසරක ගමන් මඟ තුළ, අප සාර්ථකත්වය පසුපස සිටි සියලුම පාරිභෝගිකයන්, සේවකයින් ඇතුලු සියලුම පාර්ශවකරුවන් වෙත ස්තුතී කිරීමට මෙය මම අවස්ථාවක් කර ගන්නවා. පසුගිය දශක 4ක කාලය පුරාවට මෙන්ම ඉදිරියේදීත්, අප පාරිභෝගිකයන් වෙනුවෙන් කැපවෙමින්, ඔවුනට අවශ්ය මුල්යමය සහයෝගය සහ ශක්තිය ලබා දීමට අප දිගින් දිගටම ක්රියා කරනවා."
"අපගේ වටිනා පාරිභෝගික පදනම වෙත සේවාවන් ලබාදීම සඳහා, ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය සමාගමක් වන Orient Finance PLC හා අත්වැල් බැඳ ගැනීමට හැකිවීම සතුටක්. ශ්රී ලංකාවේ විශාලතම රථවාහන උපාංග වෙබ් අඩවිය වන Greasemonkey.lk වෙත පිවිසෙන පාරිභෝගිකයන් වෙත, වාහන අමතර කොටස් සහ උපාංග ඇතුලුව, පුළුල් පරාසයක විහිදුනු භාණ්ඩ හා සේවා රැසක් මිලදී ගැනීමේ හැකියාව හිමි වෙනවා. මෙම හවුල්කාරීත්වයේ ප්රතිලාභ ඉදිරියටත් වර්ධනය කරමින්, පාරිභෝගිකයින් වෙත උපරිම සහන සැලසීමට අප ක්රියා කරනවා." Greasemonkey.lk හි කළමනාකරණ අධ්යක්ෂ නිදුක්ෂ වීදීසිංහ මහතා පවසයි.
වසර 41ක කාලය පුරාවට, ශ්රී ලාංකේය මූල්ය ක්ෂේත්රය බලගැන්වූ, Orient Finance PLC, වඩාත් කාලෝචිත නිෂ්පාදන පිරිනැමීම් වෙළඳ පොලට හඳුන්වා දෙන, නව්ය, පාරිභෝගික කේන්ද්රීය මූල්ය සේවා සපයන්නෙකු ලෙස නම් දරා ඇත. පාරිභෝගිකයින්ගේ සහ ජාතියේ මූල්ය යහපැවැත්ම පිලිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන Orient Finance PLC, පාරිභෝගිකයින් ශක්තිමත් කිරීම උදෙසා වඩාත් උපායමාර්ගික විසඳුම් රැසක් දියත් කරමින් සිටියි.
August, 29, 2022
ක්රිප්ටෝ වෙළෙඳපොළ ප්රමුඛයෙකු (Block Chain) වන Binance Charity සංවිධානය, දේශීය ‘Binance Angel’ හා අත්වැල් බැඳගනිමින්, වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වී සිටින, මහනුවර දිස්ත්රික්කයේ නගර 3 ක ගම්මාන 30 ක පවුල් 1000 කට අධික සංඛ්යාවකට සහල්, සීනි, කරවල, පරිප්පු සහ නූඩ්ල්ස් වැනි අත්යවශ්ය ආහාර ද්රව්ය පරිත්යාග කිරීමට කටයුතු කළ අතර, එම අත්යවශ්ය ආහාර ද්රව්යවල වටිනාකම ඇමරිකානු ඩොලර් ස්ථායී කොයින් (BUSD) 20,000 කි.
මෙහි දී Binance සංවිධානයේ විධායක නියෝජ්ය සභාපතිනිය / Binance පුණ්යායතනයේ ප්රධානී හෙලන් හයි මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ "ශ්රී ලංකාවේ ජනතාව කොවිඩ් වසංගත තත්ත්වය, සංචාරක ව්යාපාරය බිඳ වැටීම සහ වර්තමාන ආර්ථික අර්බුදය යනා දී ගැටලුකාරී අවස්ථා සමඟ දුෂ්කර වසර කිහිපයක් ගෙවා දමමින් සිටිනවා. ඔවුන් වෙත මෙම අත්යවශ්ය ආහාර ද්රව්ය සාර්ථකව බෙදා දීම සඳහා ශ්රී ලංකාවේ Binance Angel ඉෂාර සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බව සිහිපත් කළ යුතුයි. ලෝකය තුළ මිනිසා පෝෂණය කිරීමට අවශ්ය ආහාර ඇති තරම් තිබිය දී, වර්තමානයේ ද ජනතාව කුසගින්නේ සිටීම කණගාටුවට කරුණක්. අපි මේ ලෝකය තුළ කුසගින්න නිමා කිරීම වෙනුවෙන් කැප විය යුතුයි." යනුවෙනි.
Binance Angel, ඉතා හොඳ ක්රිප්ටෝ අත්දැකීමක් ගොඩනැංවීම වෙනුවෙන් ක්රියාත්මක, ක්රියාකාරී සහ උද්යෝගිමත් ගෝලීය ජාලයක සාමාජිකත්වයකි. ශ්රී ලංකාව තුළ ක්රියාකාරී ක්රිප්ටෝ භාවිතා කරන්නන් 300,000 ක් පමණ සිටින අතර, වර්තමාන අර්බුදකාරී තත්ත්වය යටතේ මෙරට අවදානමට ලක් වී සිටින ජන කොටස් අතර අත්යවශ්ය ආහාර ද්රව්ය බෙදා දීමට ශ්රී ලංකාව නියෝජනය කරන Binance Angel විසින් කටයුතු කෙරිණි.
ශ්රී ලාංකාව නියෝජනය කරන Binance Angel ඉෂාර අබේසිංහ මහතා පැවසුවේ, " බයිනෑන්ස් ඒන්ජල් වරයෙකු විදියට ක්රිප්ටෝ ප්රජාව ගොඩනැංවීම වගේ ම මා නියෝජනය කරන ජනතාවට සහාය දැක්වීමත් මට පැවරී ඇති වගකීමක් විදියට මම දකිනවා. මෙම ව්යාපෘතියේ දී මට සහාය වීමට Binance Charity සමාගම ඉදිරිපත් වීම ගැන මම අතිශය සතුටට පත් වෙනවා. මෙම ව්යාපෘතිය වර්තමාන ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්රී ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා දැවැන්ත පියවරක් වනු නොඅනුමානයි."
කුඩා දරුවන්, තනිකඩ මව්වරුන්, ගර්භනී කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් සහ වැඩිහිටියන් සහිත පවුල් විශාල සංඛ්යාවක් ද මෙම පරිත්යාග ලැබූ පවුල් අතර වීම විශේෂත්වයකි.
ශ්රී ලංකාව වෙනුවෙන් සිදු කළ මෙම පරිත්යාගය Binance Charity සංවිධානය නයිජීරියාව, මොරොක්කෝව සහ ප්රංශය යන රටවල ක්රියාත්මක කළ Fight Hunger Worldwide ව්යාපෘතියේ දිගුවකි. මෙම ව්යාපෘතිය මගින් අද වන විට COVID-19 වසංගතයෙන් පීඩාවට පත් පුද්ගලයින් 20,000 කට පමණ ආහාර සැපයීම සඳහා ඩොලර් 100,000 කට වඩා වැඩි මුදලක් වැය කර ඇත.
මේ පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර media@binance.charity ඔස්සේ සම්බන්ධ වන්න.
August, 29, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems,‘‘තිරසාර හෙටක් සඳහා ස්ත්රී පුරුෂ සමානාත්මතාව” යන තේමාව මූලික කර ගනිමින් සමරන ලබන 2022 ජාත්යන්තර කාන්තා සමානාත්මතා දිනයට සහය දැක්වීම සඳහා ප්රමුඛතාවය ගෙන ඇත.Fems සිය ගුණාත්මක නිෂ්පාදන පිරිනැමීම ඉක්මවා යමින් ශ්රී ලාංකේය කාන්තාවන් සවිබල ගැන්වීමට මෙන්ම ඔසප් සෞඛ්යය සහ සනීපාරක්ෂාව පිළිබඳ සමාජ දුර්මත අවසන් කිරීමටද ප්රමුඛත්වය ගෙන කටයුතු කරයි.තවද ශ්රී ලාංකේය කාන්තාවන්ගේ ජිවන තත්වය මැනවින් තේරුම් ගනිමින් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔසප් සනීපාරක්ෂක අවශ්යතාවලට ප්රමුඛත්වය දෙන සන්නාමයක් ලෙසද Fems කටයුතු කරයි.
වසර 18 කට වැඩි ඉතිහාසයක් ඇති Fems, සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන්ට ගැලපෙන සනීපාරක්ෂක නැප්කින් පරාසයන් හඳුන්වා දී ඇති අතර , විවිධ ප්රජා ආධාරක මුලපිරීම් හරහා කාන්තාවන්ගේ අභිවෘද්ධියට දායක වෙමින් ඔවුන්ට සහයෝගය දැක්වීමටද නිරන්තරයෙන් උත්සාහයන් කරයි.
ශ්රී ලංකාවේ ඔසප් සෞඛ්යය පිළිබඳ දැනුවත් කිරීම සහ ඔසප් වීම පිළිබඳ සමාජයේ ඇති දුර්මත පිටුදැකීමට පියවර ගත් ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නාමයන් අතරින් එකක් වූ Fems, සියලුම ශ්රී ලාංකේය කාන්තාවන්ගේ අවශ්යතාවයට සරිලන ලෙස දැරිය හැකි මිලකට, තත්වයෙන් උසස් සනීපාරක්ෂක නැප්කිනයක් වන ‘Fems ඇය’ හඳුන්වා දී තිබීම කාලීන වශයෙන් ඉතා වැදගත් අවශ්යතාවයක් ලෙස හඳුනා ගත හැකිය. නැප්කිනයෙහි ගුණාත්මකභාවයට හානියක් නොවන පරිදි කාලාන්තරයක් තිස්සේ පවතින ඔසප් දරිද්රතාවය අවසන් කිරීම සඳහා යෝග්ය විකල්පයක් ලෙස මෙම Fems ඇය මුලපිරීම දියත් කර ඇත.
Fems හි ජ්යෙෂ්ඨ සන්නාම කළමනාකාරිනී රොෂෙල් පෙරේරා මහත්මිය මෙසේ සඳහන් කළේය. "ප්රමුඛතම කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems සෑම විටම කාන්තා සවිබල ගැන්වීම් සහ ස්ත්රී පුරුෂ සමානාත්මතාවය සඳහා සහය දක්වන සන්නාමයක්. 2022 ජාත්යන්තර කාන්තා සමානාත්මතා දිනය සැමරීම මූලික කර ගනිමින්, අපි කාන්තා සමානාත්මතාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු අතර මෙම පණිවිඩය අපට ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේද යන්න පිළිබඳවද අවධානය යොමු කිරීම ද ඉතා වැදගත්. Fems සන්නාමය මේ සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට මැදිහත් වන අතරම ශ්රී ලාංකේය කාන්තාවන් සවිබල ගන්විමෙහිලා අවශ්ය සියලුම පියවර Fems විසින් ගනු ගනු ලැබීමද විශේෂත්වයකි.”
තවත් දැවැන්ත පියවරක් ඉදිරියට තබමින්, 2021 මාර්තු 8, ජාත්යන්තර කාන්තා දිනයට සමගාමීව දියත් කරන ලද “Fems ඇය” මුලපිරීම වෙනුවෙන් The Merrill J. Fernando foundation, Arka Initiative, Sarvodaya Women’s movement සහ Sarvodaya-Fusion යන ආයතන ද සිය දායකත්වය ලබා දුනි. ෆෙම්ස් ප්රමුඛ මෙම සංවිධාන විසින් පසුගිය වසර තුළදී වැඩමුළු සහ මාර්ගගත පුහුණු සැසි මගින් ග්රාමීය ගම්මානවල සහ වතුකරයේ කාන්තාවන් 2906+ කට අධික සංඛ්යාවක් සඳහා දැනුම ලබා දීම අඛණ්ඩව සිදු කරන ලදී.
Hemas Consumer Brands හි ස්ත්රී පුරුෂ භේදයකින් තොරව සමස්ත කාර්ය මණ්ඩලය වෙත Fems ඇය සනීපාරක්ෂක නැප්කින් බෙදා දීම Fems හි වැදගත් සංධිස්ථානයකි. තවද ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ Daraz සමඟින්, ඔසප් සෞඛ්යය සහ සනීපාරක්ෂාව පිළිබඳව ස්ත්රී පුරුෂ දෙපාර්ශවයේම සේවකයින් දැනුවත් කිරීම, ඔසප් සෞඛ්යය සහ සනීපාරක්ෂාව පිලිබඳ සංවාදයන් සාමාන්යකරණය කිරීම සඳහා විවිධ වැඩමුළු පැවැත්වීම Fems හි තවත් කැපී පෙනෙන මුලපිරීමක් ලෙස දැක්විය හැකිය.
කාන්තාවන්ගේ සෞඛ්ය පිලිබඳ නිරතුරු අවධානය යොමු කරන Fems , ඔසප් සෞඛ්ය සහ සනීපාරක්ෂාව සාමාන්යකරණය කරමින් මේ පිළිබඳ සංවාදය සමාජගත කිරීම සහ ඔසප් සෞඛ්ය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
August, 29, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මගින් බලගැන්වුණු Hack:AI 2021 Hackathon වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. තිරසාර ජීවන රටාවක් සඳහා මහෝපකාරී වන සුවිශේෂී හා පුරෝගාමී නවෝත්පාදන රාශියක් එහිදී එළිදැක්විණි.
කොළඹ ගේට්වේ පාසලේ ‘Calori’ කණ්ඩායම තරගයේ පාසල් කාණ්ඩයේ ජයග්රහණය හිමිකරගත් අතර, කොළඹ විශ්ව විද්යාලයේ ‘Prostasia’ කණ්ඩායමට විශ්ව විද්යාල කාණ්ඩයේ ජයග්රහණය හිමි විය.
“Hack:AI 2021 Hackathon තරගකරුවන්ට ලැබුණු ප්රධාන අභියෝගය වූයේ සැබෑ ලෝකයේ ගැටලු ආමන්ත්රණය කරන තිරසාර නවෝත්පාදන හඳුන්වා දීමයි. මෙම තරගය ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටත්, සුවපත් ලෝකයක් නිර්මාණය කිරීමටත් ඉතා හොඳ දායකත්වයක් ලබාදුන් බව අප විශ්වාස කරනවා. Machine Learning සහ Artificial Intelligence වැනි තාක්ෂණයන් ඔස්සේ නවෝත්පාදන ඉදිරිපත් කිරීමට මෙම තරගකරුවන් හා කණ්ඩායම් සමත් වූ ආකාරය අපට මහත් සතුටක්. මේ සියලුම කණ්ඩායම්වලට විශේෂ ඇගයීම් හිමි විය යුතුයි. ඔවුන්ගේ දායකත්වය හා කැපවීම වෙනුවෙන් අප ඔවුන්ට ස්තූතිවන්ත වනවා.” SLT ප්රධාන අලෙවි නිලධාරී ප්රභාත් දහනායක මහතා පැවසී ය.
“මෙම තරගය ඔස්සේ, Machine Learning සහ Artificial Intelligence වැනි නවීන තාක්ෂණයන් භාවිතා කරමින් සැබෑ ලෝකයේ ගැටලු විසඳීමට විශ්ව විද්යාල සහ පාසල් සිසුන් යොමුකරවීමට අපට අවශ්ය වුණා. එමෙන්ම තිරසාරත්වයට මුල්තැන දීම සහ, ඒ ඔස්සේ නව ව්යාපාර හා තාක්ෂණයන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අනාගත පරපුරට පැහැදිලි අවබෝධයක් ලබාදීමටත් මෙම වැඩසටහන වැදගත් වේවි.” STEMUP Educational Foundation හි අධ්යක්ෂ ප්රභාත් මාන්නප්පෙරුම මහතා පැවසී ය.
පාසල් සහ විශ්ව විද්යාල කාණ්ඩ යටතේ තරගයට ඉදිරිපත් වූ කණ්ඩායම් වලට, සෞඛ්ය හා යහපැවැත්ම, ගුණාත්මක අධ්යාපනය, තිරසාර නගර හා ප්රජාවන්, කර්මාන්ත, නවෝත්පාදන හා යටිතල පහසුකම, සහ වගකීම්සහගත පරිභෝජනය හා නිෂ්පාදනය වැනි තිරසාර සංවර්ධන ඉලක්ක (SGDs) ඉලක්ක පදනම් කරගත් නවෝත්පාදන සිදුකිරීමට අවස්ථාව ලබාදෙන ලදි. මෙම තරගය තරුණ නවෝත්පාදකයින්ට නවීන තාක්ෂණය භාවිතයෙන්, තෝරාගත් තිරසාර සංවර්ධන ඉලක්කවලට අදාළ ඇතැම් අභියෝගවලට මුහුණ දීම සඳහා ප්රායෝගික විසඳුම් නිර්මාණය කිරීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.
විද්යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත අංශයන් සම්බන්ධ දැනුම සහ වෘත්තීන් වෙත සිසුන් යොමුකරවීම ඉලක්ක කරගත්, ආයතනයක් වන STEMUP Educational Foundation, ශ්රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සහ ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව Hack:AI 2021 Hackathon වැඩසටහන සංවිධානය කරන ලදි.
August, 29, 2022
2022 අගෝස්තු 25 වැනි දින ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවති උත්සවයක දී විදේශ අමාත්ය අලි සබ්රි මහතා විසින් එක්සත් රාජධානියේ රෝහල්වල රැකියා ආරම්භ කිරීමට නියමිත ශ්රී ලාංකික පුහුණු හෙදියන් පිරිසකට පත්වීම් ලිපි ප්රදානය කරන ලදී. ලන්ඩනයේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පහසුකම් ඇතිව ශ්රී ලංකාවේ වැලිසර ජාත්යන්තර සෞඛ්ය විද්යා ආයතනය (IIHS) විසින් ක්රියාත්මක කරන ලද වැඩසටහන යටතේ පුහුණුව ලත් පළමු හෙද කණ්ඩායම මෙය වේ.
පත්වීම්ලාභීන්ට සුබ පතමින්, වඩාත් දියුණු සෞඛ්ය පද්ධතියක විශිෂ්ට වෘත්තියක් කරා යන ඔවුන්ගේ ගමන මේ වන විට ආරම්භ වී ඇති බවත්, ශ්රී ලාංකික සත්කාරක වෘත්තිකයන්ගේ ප්රතිරූපය ගොඩනැගීම සඳහා අපේ රටේ නියෝජිතයන් වීමට ඔවුන්ට ආරාධනා කරන බවත් අමාත්ය සබ්රි මහතා පැවසීය. “ඔබේ සාර්ථක වෘත්තීන් අනාගතයේ දී ශ්රී ලංකාවට තවත් අවස්ථා සහතික කරනු ඇති අතර, ඔබේ විශේෂඥභාවය සහ පුහුණුව සමඟින්, ඔබ එක්සත් රාජධානියේ අපගේ කීර්ති නාමය තවදුරටත් ඉහළ නංවනු ඇති බව මට විශ්වාසයි” යනුවෙන් ද ඔහු පැවසීය.
සෞඛ්ය සේවා අධ්යාපන හා පුහුණු ක්ෂේත්රයේ දූරදර්ශී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ජාත්යන්තර සෞඛ්ය විද්යා ආයතනයට සහ එක්සත් රාජධානියේ එහි අනුග්රාහක නියෝජිතායතනවලට ස්තූතිය පළ කළ අමාත්යවරයා, රට විදේශ මුදල් ප්රේෂණ වැඩි කිරීම සඳහා වන සියලු මාර්ග ගවේෂණය කරමින් සිටින අතරතුර දී, මෙමඟින් ශ්රී ලාංකීය තරුණ තරුණියන්ට විදේශ රැකියා ලබා ගැනීමට හැකි වනු ඇති බව සඳහන් කළේය.
පත්වීම්ලාභීන් මෙන්ම මෙම වැඩසටහනට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වකරුවන් ද දිරිමත් කරමින්, කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
විදේශ කටයුතු අමාත්යාංශය සහ එක්සත් රාජධානියේ ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවට ජාත්යන්තර සෞඛ්ය විද්යා ආයතනයෙහි නිර්මාතෘ වෛද්ය නිහාල් ද සිල්වා මහතා, ජාත්යන්තර සෞඛ්ය විද්යා ආයතනයෙහි සම නිර්මාතෘ වෛද්ය කිත්සිරි එදිරිසිංහ මහතා සහ නිලධාරීහු ද සහභාගී වූහ.


August, 29, 2022
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා ජාත්යන්තර මූල්ය මණ්ඩලයේ (IFC) IFC-DFAT Women in Work වැඩ සටහන යටතේ සංවිධානය කර තිබූ ස්ත්රී පුරුෂ සමාජභාවය පිලිබඳ සංවේදිතා පුහුණුවේ (GST) ප්රථම අදියර සම්පූර්ණ කරන ලදී. මෙම පුහුණු වැඩසටහන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මගින් 2022 මාර්තු මාසයේ දී දියත් කරන ලද 'ඇය සුරකින AIA' නම් වූ කාන්තා රක්ෂණ වැඩසටහනට අදාළ ක්රමෝපයෙහි එක් අංගයක් වේ. මෙම වැඩසටහන ඔස්සේ කඩිනම්ව කාන්තා පුරුෂ සමානාත්මතාව සඳහා සංවේදී ශ්රම බලකායක් ඇති කරමින් වැඩි වැඩියෙන් කාන්තාවන් ශ්රම බලකායට එකතු කර ගැනීම සඳහා රැකියා අවස්ථා ඇතිකරලීම සිදු කරනු ලබයි. විශේෂයෙන් මේ වැඩසටහන ඔස්සේ ශ්රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රය වෙත කාන්තාවන් එකතු කරගනිමින් ඔවුනට දැනුම පුහුණුව මෙන්ම රැකියා අවස්ථා ද ලබා දෙයි.
ස්ත්රී පුරුෂ සමානාත්මතාව යනු සමාජයීය සහ සදාචාරාත්මක වශයෙන් අවශ්ය කරුණක් ලෙසම ආරථික වශයෙන් ද අත්යවශ්ය වන කරුණකි. ජාත්යන්තර මූල්ය මණ්ඩලයේ 2015 AXA Group සහ Accenture හි SheForShield වාර්තාවට අනුව 2030 වසර වනවිට ජාත්යන්තර වශයෙන් රක්ෂණ වෙළඳපොල කාන්තාවන්ගේ නියෝජයනය සඳහා ඇති අවස්ථාවන්හි අගය ඇමෙරිකානු ඩොලර් ට්රිලියන 1.7ක් ලෙස දක්වා ඇත. එමෙන්ම මෙම අවස්ථාවන්ගෙන් 50% කට ආසන්න ප්රමාණයක් අවස්ථා ශ්රී ලංකාව වැනි අලුතෙන්ම බිහිවෙමින් පවතින වෙළෙඳපොල තුලින් ඇතිවිය හැකිබව අනුමාන කෙරේ. එබැවින් AIA වැනි ප්රමුඛ පෙලේ ආයතන ඔවුන්ගේ ශක්තීන් වෙළෙඳපොල වෙත එවන් ඇතුලත් කිරීම් සඳහා යොමු කිරීම ඉතා වැදගත් වේ. වෙළෙඳපොල තුළ කාන්තා ශ්රම බලකා නියෝජනයෙහි සැලකිය යුතු අඩුවක් ඇති අතර වැඩි වැඩියෙන් කාන්තාවන් ව්යවසායිකාවන් සහ සේවානියුක්තිකයන් ලෙස වෙළෙඳපොල වෙත එකතු වීම ශ්රී ලාංකික ආර්ථිකයට සැලකිය යුතු වටිනාකමක් එකතු කරනු ඇත.
රක්ෂණය සඳහා කාන්තාවන් වඩාත් වටිනා වෙළෙඳපොල කොටසක් යන මැයෙන් ඉතා ඉහල අන්තර් ක්රියාකාරිත්වයක් සහිතව පවත්වන ලද මෙම වැඩසටහන ඔස්සේ, ස්ත්රී පුරුෂ සමානාත්මතාවයකින් හෙබි සංස්කෘතියක් පැවතීම තුලින් ඔවුනගේ නැඹුරුකම් සහ හැසිරීම් රටා තක්සේරුවට ලක්කිරීම මෙන්ම එවැනි සංස්කෘතියක් මගින් පෝෂණය විය හැකි කුසලතාවන්ද AIA හි කලමනාකාරිත්වය විසින් අවබෝධ කරගන්නා ලදී. AIA පුහුණු මධ්යස්ථානය වන AIA ඇකඩමිය සඳහා 2022 වසරට මෙම පුහුණුව ප්රධානතම වැඩසටහනක් ලෙස එකතු කරන ලදී.
මෙම ස්ත්රී පුරුෂ සමාජභාවය පිලිබඳ සංවේදිතා පුහුණුවේ සමාරම්භය සිදුකරන ලද්දේ AIA හි ජේෂ්ඨ කලමනාකාරිත්වයට එම පුහුණුව ලබා දෙමින් වන අතර ඉන් පසුව අපගේ පුහුණු මධ්යස්ථානය වන AIA ඇකඩමියේ පුහුණුකරුවන්හට එම පුහුණුව ලබාදෙන ලදී. ඉදිරියේ දී කාර්ය මණ්ඩල සාමාජිකයින්හට සහ අලෙවි බලකා සාමාජිකයින්හටත් මෙම පුහුණුව ලබා දීමට නියමිතය. මේ ඔස්සේ සේවාලාභීන්හට වඩාත් ගුණාත්මක සේවයක් ලබා දීමට සහ නව වෙළෙඳපොල ලඟා කර ගැනීමට මෙන්ම කාන්තාවන්ගේ රක්ෂණ වෙළෙඳපොල සොයා ගැනීමටත් සහාය වෙනු ඇත. මෙහි දී එක් ප්රධාන අරමුණක් වෙනුයේ අලෙවි බලකායේ චින්තනය රක්ෂණ අලෙවියට පමණක් සීමා නොවී කාන්තාවන් හට සිය මූල්ය කළමනාකරණය සහ රැකවරණය වඩාත් හොඳ ආකාරයකට සිදුකර ගැනීම සඳහා රිසි දැනුම සහ අවබෝදය ලබා දීමයි.
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් ප්රකාශ කරමින් කියා සිටියේ "ස්ත්රී පුරුෂ භාවය ඇතුලත් රක්ෂණය මත ගොඩනැගුණ සමාගමක් ලෙස අපගේ අලෙවි නියෝජිතයින්, සමාගමේ කාන්තාවන් වෙනුවෙන් ඇති අගය එකතු කිරීමේ යෝජනාවලීන් සන්නිවේදනය කිරීමට සහය වෙමින්, කාන්තාවන්ගේ වෙළෙඳපොල සමගින් නියැලීම වැඩි දියුණු කරගනිමින් ස්ත්රී පුරුෂ භාවයේ ගතිකත්වය මත සහ නොදැනුවත්ව සිදුවන පක්ෂපාතීත්වය අඩු කිරීම පිලිබඳ දැනුවත් භාවය ඇති කිරීම යන සියලු කරුණු සඳහා මෙම GST පුහුණුව වැදගත් දායකත්වයක් ලබාදෙනු ඇතිබව මගේ විශ්වාසයයි. ස්ත්රී පුරුෂ භාවය සහ සංවර්ධනය (GAD) ප්රවර්ධනය සහ ක්රියාවට නැංවීම පිලිබඳ AIA හි කැපවීමට අනුව, මෙම පුහුණුව AIA පුහුණු ඇකඩමියේ ප්රධාන වැඩසටහනක් වෙනු ඇත. ඒ ඔස්සේ AIA හි කාන්තාවන් සහ පුරුෂයන් සවිබල ගැන්වෙනු ඇති අතර ඔවුන්ගේ සමාජය තුලට එම සමානාත්මතාවය පිලිබඳ පණිවිඩය ඔවුන් ගෙනයනු ඇත."
August, 29, 2022
ශ්රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියා කලාපීය අධ්යක්ෂක ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි විසින් සිදුකරනු ලබන ප්රකාශය.
ආර්ථික අර්බුදය මඟින් ශ්රී ලංකාව අඛණ්ඩව දුෂ්කරතාවයට පත්වීම හේතුකොටගෙන, අතිශය දරිද්රතාවයෙන් පෙළෙන වඩාත් අවදානමට ලක්විය හැකි පිරිමි ළමයි සහ ගැහැණු ළමයි දරුණුතම බලපෑමට ලක්වී සිටිති.
ශ්රීඝ්ර ආර්ථික වර්ධනයක් සහ දිනෙන් දින දියුණුවන සංචාරක කර්මාන්තයක් හිමි රටක් ලෙස පොදුවේ හඳුනාගෙන තිබෙන ශ්රී ලංකාව, 1948 දී නිදහස ලබාගැනීමෙන් අනතුරුව වඩාත් දරුණුතම ආර්ථික අර්බුදයකට වර්තමානයේ මුහුණදෙමින් සිටී. ආහාර මිළදී ගැනීමේ හැකියාව නොමැතිවීම නිසා පවුල්, ඔවුන්ගේ එදිනෙදා නිතිපතා ගනුලබන ආහාරවේල් අත්හරිමින් සිටී. දකුණු ආසියාවේ වැඩියෙන්ම දරුණු මන්ද පෝෂණ තත්වයන් දැක්වෙන 2 වන රට වූ ශ්රී ලංකාවේ ළමයි මීළඟ ආහාරවේල ලැබෙන්නේ කෙසේදැයි නොදැන කුසගින්නේ නින්දට යති.
ශ්රී ලංකාවේ ළමුන්ගෙන් සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙකුට දැනටමත් යම් ආකාරයේ හදිසි ආධාර උපකාර ලබාදීමේ අවශ්යතාවයක් පවතී. ළමුන් මිලියන 4.8 ක ගේ අධ්යාපනය වසර දෙකක් පුරා පැවැති විවිධවූ බාධාවන් නිසා අඩාල වූ අතර අඛණ්ඩව පාසලට පැමිණීමට අසමත්වීම නිසා වඩාත් අවදානමට පත්වී ඇත. දැනට පවත්නා අර්බුදකාරී තත්වය නිසා ළමුන්ගේ පාසල් යාම විවිධ හේතුන් මත අඩාලවී තිබේ. අර්බුදයට පෙර ඔවුන්ට සාමාන්යයෙන් ලැබුණු රසවත් සහ නැවුම් ආහාරවේලක් ඔවුන්ට දැන් ලැබෙන්නේ නැත. ඔවුන්ට අවශ්ය ප්රධාන ලිපි ද්රව්ය නොමැති අතර ඔවුන්ගේ ගුරුවරුන් ප්රවාහන අපහසුතාවන්ට මුහුණ දේ.”
දිනෙන් දින ඉහළයන ආර්ථික පීඩාකාරී තත්වය හමුවේ ළමුන් අපයෝජනයට පත්වීම, සූරාකෑමට ලක්වීම සහ ළමුන්ට එරෙහිව සිදුවන ප්රචණ්ඩකාරී ක්රියාවන් පිළිබඳ වාර්තාවීම් වැඩිවෙමින් පවතී. ප්රධාන වශයෙන් දරිද්රතාවය හේතු කොටගෙන ශ්රී ලංකාවේ ළමයි 10,000 කට අධික සංඛ්යාවක් ළමා ආරක්ෂණ ආයතනවල රැකවරණය ලබති. මෙවැනි ආයතනවල පවුලකින් ලැබෙන සුරක්ෂිතතාවය, බැඳීම නොමැති නිසා
ඒවායෙහි ළමුන්ට හැදී වැඩීමට සුදුසු පරිසරයක් නොමැත. අවාසනාවකට මෙන් දැනට පවත්නා ආර්ථික අර්බුදය නිසා අවශ්ය ආහාර ද ඇතුළුව ළමුන්ගේ අවශ්යතා සපුරා ලීමට නොහැකි නිසා පවුල් වැඩි සංඛ්යාවක් ඔවුන්ගේ ළමුන් මෙවැනි ආයතන කරා යොමු කිරීමේ ප්රවණතාවයක් දක්නට ලැබේ.”
මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත්, ළමුන් සම්බන්ධයෙන් මහත් දුෂ්කරතා මධ්යයේ දැනට ලබාගෙන තිබෙන ප්රගතිය පසුබැසීමේ අවදානමක් මතුවී ඇති අතර, සමහර අවස්ථාවන්හිදී මෙය සම්පූර්ණයෙන් ස්ථිරවම වියැකී යා හැකියි.”
“එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ශ්රී ලංකාවේ වසර 50 කට අධික කාලයක් ක්රියාත්මක වෙමින් සිටියි. පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව අපි පොත්පත් /ලිපිද්රව්ය ලබාදීම, පෙරපාසල් ළමුන්ට ආහාර ලබාදීම සහ අතිශයින් සහාය අවශ්ය ගැබිණි මාතාවන්ට සහ මව්කිරි ලබාදෙන මව්වරුන්ට මුල්ය ආධාර ලබාදීම සිදු කරන්නෙමු.”
“නමුත් මෙම අර්බුදය දිගටම පවතින නිසා තව තවත් මේ සම්බන්ඳව කටයුතු කිරීම අවශ්යයි.”
මෙම අර්බුදය විසඳාගැනීමට ශ්රි ලංකාව ප්රයත්න දැරීමේදී එම විසඳුමේ ප්රධාන ස්ථානයක් ළමුන්ට ලබාදිය යුතුය. සියලුම වයස් සීමාවන්හි පිරිමි සහ ගැහැණු ළමුන්ගේ අඛණ්ඩ අධ්යාපනය අනිවාර්යයෙන් තහවුරු කළ යුතු අතර එමඟින් ඔවුන් අනාගතයට සූදානම්වීමත්; ළමා ශ්රමිකයින් බවට පත්වීම, සූරාකෑමට ලක්වීම සහ ස්ත්රීපුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය යනාදියෙන් ආරක්ෂාවීමටත් ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත. ජීවිත අවදානමට පත් කරන්නාවූ රෝගවලින් සහ මන්දපෝෂණයෙන් ළමුන් සහ කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා මධ්යම සහ ප්රජා සෞඛ්ය සේවාවන්ට ප්රමුඛතාවය ලබාදිය යුතුය.”
“ශ්රී ලංකාවේ මම අත්දකින ලද තත්වය අනෙකුත් දකුණු ආසියානු රටවලටද අනතුරු ඇඟවීමකි.”
“දැනටමත් ලෝකයේ අතිශයින් දරිද්රතාවයට ලක්වී සිටින පුද්ගලයින්ගෙන් පහෙන් එකක් වාසය කරන සහ නොයෙකුත් දුෂ්කරතා සහ අසමානතාවයන් දක්නට ලැබෙන දකුණු ආසියාවේ ඇතිවී තිබෙන දරුණු ආර්ථික අවපාතය මඟින් ළමුන්ගේ සෞඛ්යයට, ඉගෙනීමට, ආරක්ෂාවට සහ ජීවිතවලට දැඩි තර්ජනයක් ඇතිවේ.”
ලෝකයේ ආර්ථිකය කඩාවැටීමේ අයහපත් බලපෑම් වලින් ළමුන් ආරක්ෂා කරගැනීමට අපි දැන් පියවර නොගතහොත් ලෝකයේ වඩාත්ම වැඩි ජනගහනයක් දක්නට ලැබෙන කලාපයේ ළමුන් තවදුරටත් දරිද්රතාවයට පත්වන අතර ඔවුන්ට සෞඛ්ය, පෝෂණය, ඉගෙනීම සහ ආරක්ෂාව අහිමිවනු ඇත.”
ඔවුන් විසින් ඇති නොකළ ආර්ථික අර්බුදයකින් ළමුන්ට පීඩා විදීමට අපට ඉඩදිය නොහැක. ඔවුන්ගේ මතු අනාගතයන් සුරැකීමට අප අදම ක්රියාත්මක විය යුතුයි.

August, 27, 2022
LankaRemit නමින් හඳුන්වනු ලබන ජාතික ප්රේෂණ ජංගම යෙදුම (Mobile App) විදෙස්ගත ශ්රී ලාංකික ශ්රමිකයන් අතර ප්රචලිත කිරීමේ අරමුණ ඇතිව ශ්රී ලංකා මහ බැංකුව (CBSL) සහ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් එහි විශේෂාංගයන් හඳුන්වා දීමේ උත්සවයක් 2022 අගෝස්තු 26 වන දින ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. LankaRemit ජංගම යෙදුම, විදෙස්ගත ශ්රමිකයන්හට ශ්රී ලංකාව වෙත වේගවත්ව, ආරක්ෂිතව සහ වඩාත් පහසුවෙන් ප්රේෂණ එවීම සඳහා ප්රවේශයක් ලබා දෙයි.
ශ්රී ලංකා මහ බැංකුව, ලංකාක්ලියර් (පුද්ගලික) ආයතනයෙහි සහයෝගීතාවයෙන් LankaRemit ජංගම යෙදුම හඳුන්වා දුන් අතර එහි පළමු අදියර 2022 පෙබරවාරි මාසයේදී දියත් කරන ලදී. විදේශ කටයුතු අමාත්යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය සහ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැනි පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ඇතිව LankaRemit ජංගම යෙදුම පිළිබඳව දේශීයව සහ ජාත්යන්තරව දැනුම්වත් කිරීමට ශ්රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටියි.
LankaRemit ජංගම යෙදුම හරහා ශ්රී ලංකාවේ ප්රතිලාභීන් වෙත මුදල් එවීමට විදේශ ශ්රමිකයන් හට හැකි වන අතර විදේශයන්හි නිකුත් කරන ලද විද්යුත් අරමුදල් හුවමාරු කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිතාකිරීමෙන් විදුලිබිල් පත් හා ජලබිල්පත් ආදී උපයෝගීතා බිල්පත් ගෙවීමට ද හැකි වේ. LankaRemit ජංගම යෙදුම මගින් එය භාවිතා කරන්නන් හට අගය එකතු කළ සේවාවන් රැසක් ද සපයනු ලබයි. එ් අනුව තමාට ආසන්නතම ලියාපදිංචි මුදල් හුවමාරු සේවා සපයන්නන් සහ එම මුදල් හුවමාරු කාර්යාල පිහිටා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු සොයා ගැනීමටද LankaRemit ජංගම යෙදුම හරහා හැකි වේ. තවද, විදේශයන්හි මුදල් හුවමාරු සේවා සපයන්නන් හරහා ප්රේෂණ සිදු කළ පසු, මෙම ජංගම යෙදුම භාවිතා කරන පරිශීලකයාට ශ්රී ලංකාවේ ප්රතිලාභීන් වෙත කරන ලද සෑම ප්රේෂණයක්ම මුදල් හුවමාරු ක්රියාවලිය තුල කුමන අදියරේ පවතී ද යන්න සෙවුම් අංකයක් (tracking number) භාවිතයෙන් මෙම යෙදුම හරහා නිරීක්ෂණය කළ හැකිය. ශ්රී ලංකා රජය හෝ අදාළ ආයතන විසින් රට තුලට මුදල් ප්රේෂණ කරන ශ්රී ලාංකිකයන් සඳහා ප්රතිලාභ යෝජනා ක්රම අනාගතයේදී හඳුන්වා දෙන්නේ නම්, එවැනි ප්රතිලාභ යෝජනා ක්රම වෙත ප්රවේශ වීමට ද LankaRemit ජංගම යෙදුම භාවිතා කළ හැකි වනු ඇත.
LankaRemit ජංගම යෙදුම Google Play Store, Apple App Store සහ Huawei AppGallery වෙතින් ඕනෑම රටක සිට ශ්රී ලංකාවට මුදල් එවන ඕනෑම අයෙකුට බාගත (download) කල හැකිය. LankaRemit ජංගම යෙදුම හා සම්බන්ධවී සිටින මුදල් ප්රේෂණ සේවා සපයන්නන් අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර, ශ්රී ලංකාවට මුදල් ප්රේෂණය කිරීමට පහසුකම් සැලසීම සඳහා නුදුරු අනාගතයේ දී ගෝලීය මුදල් හුවමාරු සේවා සපයන්නන් සහ ගෝලීය මූල්ය නවෝත්පාදකයන් (FinTechs) ඇතුළු මූල්ය සේවා අංශයේ තවත් සේවා සපයන්නන් මෙම යෙදුම සමඟ සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විදේශ රැකියා සඳහා පිටත් වීමට සුදානම් වන ශ්රමිකයින් වෙත LankaRemit ජංගම යෙදුම තුළින් ලැබෙන පහසුකම් සහ ප්රතිලාභ හඳුන්වා දීමට මෙම උත්සවයේදී ප්රමුඛත්වය ලබා දෙන ලදී. ප්රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර අමාත්යතුමා ද, ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්ර කුමාරසිංහ වෙනුවට එහි උපසභාපති ඒ. ඒ. එම්. හිල්මි යන මහත්වරුන් මෙන්ම රාජ්ය ආයතන, මූල්ය ආයතන සහ ගෙවීම් සේවා සපයන ආයතන කිහිපයක ප්රධානීන් ද මෙම උත්සවයට සහභාගි විය. ශ්රී ලාංකික විදෙස්ගත ශ්රමිකයන් අතර LankaRemit ජංගම යෙදුම ප්රචලිත කිරීම සහ ඒ සඳහා අනුගතවීම ඉහළ නැංවීම මෙන්ම ශ්රී ලංකාව වෙත විදේශ ප්රේෂණ එවීමේදී විධිමත් ක්රමවේද මගින් රටතුළට මුදල් එවීමට ඇති මාර්ග භාවිතය දිරිමත් කිරීමද මෙමගින් අපේක්ෂා කෙරේ.

ශ්රී ලාංක මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා උත්සව සභාව අමතමින්

කම්කරු හා විදේශ රැකියා අමාත්ය ගරු. මනූෂ නානායක්කාර මහතා උත්සව සභාව අමතමින්
August, 26, 2022
කොමර්ෂල් බැංකුවේ ජනප්රිය ‘Millionaire’ ආයෝජන සැලසුමේ පොලී අනුපාතය වාර්ෂිකව 15% ක් දක්වා වැඩිකිරීම හමුවේ මෙම සැලසුමේ රුපියල් 4,280 ක මාසික තැන්පතුවක් සිදුකිරීම මගින් රුපියල් මිලියනයක මුදලක් රැස්කර ගැනීමේ ඉලක්කය කරා ගමන් කිරීමට දැන් කොමර්ෂල් බැංකුවේ තැන්පතුකරුවන්ට අවස්ථාව හිමිවී තිබේ.
මෙරට පොලී අනුපාතය වර්ධනය වීම හමුවේ ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් අවුරුදු 02 සිට අවුරුදු 06 ක් දක්වා ආයෝජන සැලසුම් සඳහා නව මාසික තැන්පතු වටිනාකම් නිවේදනය කර තිබේ. මෙහිදී, තැන්පතුකරුවන් තම ගිණුම් වල ශේෂය ලෙස රුපියල් මිලියනයක් උපයාගත් විට ආයෝජන සැලසුම අවසන්වේ.
මේ අනුව, වසර දෙකකට මාසිකව රුපියල් 35,600 ක් තැන්පතු කළහොත් වසර දෙක අවසන් වනවිට තැන්පතුකරුවාට රුපියල් මිලියනයක් ලබාදීමට බැංකුව සහතික වන අතර වසර දෙකක් සෑම මසකම රුපියල් 17,800 ක් තැන්පත් කළහොත් වසර දෙක අවසානයේදී රුපියල් 500,000 ක් ලබාදීමට බැංකුව සහතික වේ. එසේම, රුපියල් 17,800 ක් බැගින් වසර හතරක් තැන්පත් කළහොත් වසර හතර අවසානයේදී රුපියල් මිලියනයක් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.
ඉලක්කගත කාලයක් තුළ බලාපොරොත්තු වන ප්රතිලාභයක් ලබාදීම සඳහා මෙම නම්යශීලී සහ පහසුවෙන් කළමනාකරණය කළ හැකි මෙම ආයෝජන සැලසුම හඳුන්වා දී තිබෙන අතර කොමර්ෂල් බැංකුවේ Millionaire ගිණුම මගින් රුපියල් 500,000 ක අවමයක් රැස් කර ගත හැකි අතර අවුරුදු 02, 03, 04, 05 හෝ අවුරුදු 06 යන කාලයක් තුල රැස් කර ගත හැකි ශේෂයට සීමාවක් පනවා නොමැත.
මෙම අයෝජන සැලසුමේදී හදිසි අවශ්යතාවයක් ඇති වුවහොත් තැන්පතු කරුවන්ට තමන්ගේ ආයෝජන සැලසුම ක්රියාත්මක වන කාලයේදී තැන්පතු මුදලෙන් 75% ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
Video Story