• Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • Sri Lanka tourism
  • Tamil Nadu

තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට පියවර 

August, 30, 2022

චෙන්නායි හි සිටින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් අචාර්ය ඩී. වෙන්කටේශ්වරන් මහතා 2022 අගෝස්තු 19 වැනි දින තමිල්නාඩුවේ සංචාරක අමාත්‍ය අචාර්ය එම්. ඒ. මදිවෙන්දන් මහතා හමුවූ අතර, එහිදී ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.

රාමායණ යාත්‍රා (Ramayanaya Yathra), මුරුගන් ට්‍රේල් (Murugan Trail), MICE සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික වැඩසටහන්, ත්‍රාසජනක ක්‍රියාකාරකම්, සිනමා පට රූගත කිරීම යනාදී වශයෙන් සංචාරක ව්‍යාපාරය හා සබැඳි විවිධ මානයන් ඔස්සේ ශ්‍රී ලංකාව නමැති දිවයින දකුණු ඉන්දියාව තුළ ප්‍රවර්ධනය කළ හැකිය.  තමිල්නාඩුවේ සංචාරක අමාත්‍යංශයේ ද සහය ඇතිව චෙන්නායි නුවර තුළ ශ්‍රී ලංකාවේ සංස්කෘතික වැඩසටහනක් සහ ආහාර ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම පිළිබඳව ද, නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී අදහස් දැක්වීය.