• Ada Derana BIZ Sinhala
  • Mathaka
  • sri lanka
  • Srilanka airlines

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘Mathaka’ ව්‍යාපෘතිය ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙයි

October, 27, 2022

ශ්‍රීලංකන් ගුවන් සේවය , Sheikh Mohammed Bin Rashid Al Maktoum (SMBR) ගුවන් සම්මාන උළෙලේ දී විශිෂ්ඨතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මානය දිනා ගත්තේය. මේ සඳහා ඉදිරිපත්ව තිබූ අනෙකුත් ඉදිරිපත් කිරීම් 118 ක් අභිබවා යමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ‘Mathaka’ නමින් හඳුන්වන upcycle ව්‍යාපෘතිය සඳහා මෙම සම්මානය හිමිවිය. ‘Mathaka’ ව්‍යාපෘතිය යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ අපද්‍රව්‍ය සහ ඉවතලන අයිතම වලින් භාවිතා කළ හැකි නිෂ්පාදන නිර්මාණය කිරීම සිදුකරයි. මෙම ව්‍යාපෘතිය මගින් ගුවන් සමාගමට ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍ය නව නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමට ඉඩ සලසන අතර  එමඟින් අපද්‍රව්‍ය සහ පරිසර දූෂණය ද  අවම කරයි.

SMRB Global Aviation සම්මාන ප්‍රදානය කැනඩාවේ මොන්ට්‍රියල් හි පැවති ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) 41 වැනි මහා සභා රැස්වීමේ දී සිදුකරන ලදී.  2016 දී පිහිටුවන ලද SMBR Global Aviation සම්මාන උළෙල ගෝලීය ගුවන් සේවා කර්මාන්තයේ සාර්ථකත්වය සඳහා ව්‍යාපාරික සංවිධාන සහ පුද්ගලයින්ගේ දායකත්වය ඇගයීම සිදුකරයි. මෙහිදී ජයග්‍රාහකයින් තෝරා ගැනීම මෙහෙයවන ලද්දේ උපායමාර්ගික හවුල්කරුවන්ගේ ජාත්‍යන්තර කණ්ඩායමක් විසිනි.

අපද්‍රව්‍ය  සහ වෙනත් අයිතම වලින් නව නිර්මාණ සිදුකරන ශ්‍රී ලාංකේය සංවිධානයක් වන House of Lonali ‘ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ‘Mathaka’ ව්‍යාපෘතියේ නිල සැලසුම්කරු  ලෙස සම්බන්ධ විය. ඒ අනුව එම හවුල්කාරිත්වය මගින් ‘‘Mathaka’’ සන්නාමය යටතේ සංචාරක බෑග්, මුදල් පසුම්බි, පොත්පත්, කී ටැග් සහ ස්වර්ණාභරණ ඇතුළු සුවිශේෂී නිෂ්පාදන පෙළක් එළිදැක්වීම සිදුකරන ලදී. සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලද ගුවන් සේවා නිල ඇඳුම්, ගුවන් යානා අභ්‍යන්තර කොටස් සහ අනෙකුත් ද්‍රව්‍ය වලින් සාදන ලද භාණ්ඩ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වලදී  සහ House of Lonali හි වෙබ් අඩවිය සහ වෙනත් හවුල්කරුවන් හරහා ලබාගැනීමට හැකිවිය. මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන සියලුම මුදල් ගුවන් සමාගමේ අනෙකුත් ආයතනික තිරසාර මුලපිරීම් සඳහා එකතු වනු ඇත.

මෙම ව්‍යාපෘතිය මගින් අපද්‍රව්‍ය නව නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම මගින් ගුවන් සමාගමට සිය පරිසර හිතකාමී ආයතනික දැක්මේ තවත් පියවරක් ඉදිරියට ගෙන යාමට ඉඩ සලසයි. එපමනක් නොව, අපද්‍රව්‍ය භාවිතය නිසි ලෙස කළමනාකරණය කිරීම මගින් ආර්ථික හිඟය සහ අමුද්‍රව්‍ය හිඟය පවතින මෙම යුගයේ upcycling  ව්‍යාපෘති  තිරසාර ප්‍රායෝගික විසඳුමකි.

මීට අමතරව, එය කාන්තාවන්ට රැකියා අවස්ථා ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන සමාජ ව්‍යවසායක ව්‍යාපාරයක් වන බැවින් House of Lonali සමඟ හවුල් වීමෙන් ශ්‍රීලංකන් වක්‍රව කාන්තාවන් සවිබල ගැන්වීමට සවියක් ලබාදෙන ඇත.    ‘‘Mathaka’’ ව්‍යාපෘතියේ නිෂ්පාදන ක්‍රියාවලිය හරහා හවුස් ඔෆ් ලෝනාලි ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයන්ට ජාත්‍යන්තර මට්ටමින් තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටත්, ඒ සමඟම ජීවිකාව උපයා ගැනීමටත් බලය ලබා දෙනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • PATA
  • Say Bonjour to Paris
  • sri lanka
  • Srilanka airlines

ශ්‍රීලංකන් ගුවන් සේවයේ “Say Bonjour to Paris“ප්‍රචාරණ ව්‍යාපාරය PATA රන් සම්මානයෙන් පිදුම් ලබයි

October, 24, 2022

පැසිෆික් ආසියා සංචාරක සංගමයේ (PATA) 27 වැනි සම්මාන උළෙලේ දී  අලෙවිකරන වාහකයා කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය  පසුගියදා පිදුම් ලැබීය.  මෙම සම්මානය හිමිවූයේ ‘Say Bonjour to Paris’ යන නමින් ගුවන් සේවය දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහාය. ගුවන් ‍සේවයේ අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව පෙන්නුම් කරමින්  අඛණ්ඩව මෙම සම්මානය හිමි වූ සිව්වන අවස්ථාව මෙය වන අතර ඒ සමඟ ශ්‍රීලංකන් ගුවන් සේවයට මෙතෙක් හිමිව ඇති සමස්ථ PATA රන් සම්මාන සංඛාව පහකි.

ලොව පුරා සංචාරක ආයතන සහ සංචාරක සංවිධාන සහ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ 136 ක් අතරින් මෙවර රන් සම්මානලාභීන් 25 දෙනෙකු  තොරාගත් අතර ඊට අමතරව ග්‍රෑන්ඩ් ටයිටල් ජයග්‍රාහකයින් දෙදෙනෙකු කිරුළු පැළඳීය. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 12 දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයින් තෝරාපත් කරගන්නා ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා මෙසේ පැවසීය, “අපගේ අලෙවිකරණ මුලපිරීම් සඳහා තවත් PATA සම්මානයක් ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. සංචාරකයින් ආකර්ෂණය කරගැනීම සහ ඔවුන්ව දැනුම්වත් කිරීම මෙන්ම ක්ෂේත්‍රයේ සහෝදරත්වය ගොඩනගා ගැනීමට අප දරන උත්සාහය මෙහිදී පෙන්නුම් කරනවා. ජාතික ගුවන් සේවය වශයෙන්, මෙම ගෝලීය සම්මානය සමඟින් ශ්‍රී ලංකාව ගෝලීය සිතියම තුළ  කැපීපෙනීම අපට ගෞරවයක්. මෙම සම්මානය ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය නිවැරදි දිශාවට ගමන් කරන බවට සහතිකයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ” යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 ඔක්තෝම්බර් මාසයේ දී පැරිස් සහ කොළඹ අතර සතිපතා සෘජු සේවා තුනක් නැවත ආරම්භ කිරීමට සමගාමීව ‘Say Bonjour to Paris’ ප්‍රචාරණ ව්‍යාපාරය නිර්මාණය කරන ලදී. ශ්‍රීලංකන් ගුවන් සමාගම වසර හයක විරාමයකින් පසු නැවත පැරීසියට මෙහෙයුම් සිදු කළ අතර, ගුවන් ගමන් නැවත ස්ථාපිත කිරීම ගුවන් ගමන් ජාලයේ දිගුකාලීන පැවැත්මට සහ සෙසු ජාලයට එම මාර්ගය ලබාදෙන  දායකත්වය අතිශය වැදගත් විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අලෙවි ප්‍රධානී, සමින්ද පෙරේරා මහතා මෙසේ පැවසීය, “අපිට අඛණ්ඩව සිව්වන වසරටත් මෙම කිරුළ ආරක්ෂා කර ගැනීමට  හැකි වුණා. ශ්‍රීලංකන් කළමනාකාරිත්වය, අපගේ වටිනා හවුල්කරුවන්, මගේ කණ්ඩායම විසින් මේ සඳහා ලබා දුන් දිරිගැන්වීම් සහ සහයෝගයට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.  ඒ වගේම අපගේ නිර්මාණාත්මක ආයතනය වන Wunderman Thompson, ආයතනයත් මේ ‍අවස්ථාවේ සිහිපත් කරන අතර ඔවුන් නොමැතිව මෙම ජයග්‍රහණ ලබා ගැනීම අපහසු වනු ඇත. ” යනුවෙන් හෙතෙම පැවසීය.

මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේ අරමුණ වූයේ තමන් මින් පෙර කිසිදා නොපැමිණි නව ගමනාන්තයක් නැරඹීමට සංචාරකයින් උනන්දු කරවීමත්  ,  මේ වන විටත් එම ගමනාන්තය හුරුපුරුදු  සංචාරකයින්ගේ සිත් තවඳුරටත් ඇඳ බැඳ තබා ගැනීමයි. පැරිස් කලාභවන 1000කට අධික නිර්මාණ  ප්‍රමාණයකින් යුත් කලා පුරවරයක් ලෙස පිළිගන්නා බැවින් මෙම ප්‍රචාරණ ව්‍යාපාරය තුළ එම කලාවන් නිරූපනය වීමත් ඒවා ගවේෂණය කිරීමට කැමැත්තක් ඇතිවන අයුරින් නිර්මාණය කර තිබේ. එසේම 'සිලෝන්' සංචාරක ගමනාන්තයක් ලෙස මෙහිදී නිරූපණය කර තිබේ.

PATA Gold Awards 2022 සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ අනෙකුත් ශ්‍රී ලාංකික ආයතන දෙක වන Jetwing Hotels සහ Cinnamon Hotels and Resorts යන හෝටල්වලට සහ එහි වටිනා සත්කාරක හවුල්කරුවන්ටද ශ්‍රීලංකන් ගුවන් සේවය සුබ පැතුම් පිරිනමයි.

  • Ada Derana BIZ Sinhala
  • BOC SmartPay
  • cargo
  • launch
  • SmartPay
  • sri lanka
  • Srilanka airlines

ශ්‍රීලංකන් ගුවන් සමාගම BOC SmartPay කටුනායක භාණ්ඩ ප්‍රවාහන පර්යන්තයේ දී හඳුන්වාදෙයි

September, 21, 2022

ශ්‍රීලංකන් ගුවන් සේවය ලංකා බැංකුව (BOC) සමඟ හවුල් වී කටුනායක භාණ්ඩ ප්‍රවාහන පර්යන්තයේ දී BOC SmartPay ජංගම මෘදුකාංග පහසුකම හඳුන්වාදීමත් දී තිබේ. BOC SmartPay යනු පාරිභෝගිකයින්ගේ ගනුදෙනු සඳහා වැඩි පහසුවක් සහ ආරක්ෂාවක් ලබා දීමට සැලසුම් කර ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයකි.

නව ඩිජිටල් ගෙවීම් මෘදුකාංගය ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ගනුදෙනුකරුවන් මුහුණ දෙන සමහර අපහසුතා ඉවත් කරමින් සකස් කර තිබේ. මෙය කොවිඩ් වසංගතය සමඟ ඇතිව තිබෙන සනීපාරක්ෂක මාර්ගෝපදේශ වල  අවශ්‍යතාවයට සරිලන අයුරින් නිර්මාණය වී ඇති අතර පහසු, ස්පර්ශ රහිත ඩිජිටල් ගනුදෙනු සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීමට ද එය උපකාරී වනු ඇත.

ඉක්මන් මුදල් රහිත සහ ආරක්ෂිත ගෙවීම් සක්‍රීය කිරීමට අමතරව, BOC SmartPay හට කාඩ්පත් රහිත, QR කේත ගෙවීම් සැකසීමට මෙමගින් හැකි වේ. LankaClear විසින් සහතික කරන ලද ඩිජිටල් මුදල් පසුම්බි වර්ග 25කට අධික ප්‍රමාණයකින් ගෙවීමට පාරිභෝගිකයින්ට ඉඩ සලසයි. BOC SmartPay හරහා හැසිරවීම, ලේඛනගත කිරීම සහ ගබඩා කිරීම ඇතුළුව භාණ්ඩ පර්යන්තයේ ඇති සියලුම ගබඩා ගාස්තු ආයාසයකින් තොරව ගෙවීමට පාරිභෝගිකයින්ට හැකි වේ.

තවද, භාණ්ඩ ප්‍රවාහන පර්යන්තයේ විශාල භෞතික මුදල් ප්‍රමාණයක් හැසිරවීමේ අපහසුතාවය සහ අවදානම ඉවත් කිරීමෙන් පාරිභෝගිකයින්ට සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමට ප්‍රතිලාභ ලැබෙනු ඇත. BOC SmartPay වෙත මාරුවීම හරහා ගෙවීම් සඳහා පහසුකම් සපයන අතර, මුදල් සංක්‍රමණ ඉතා ඉක්මනින් පෙන්වීම සමග මාර්ගස්ථ මුදල් රක්ෂණය වාරික ඉතිරි කර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට හැකියාව ලැබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන සාමාන්‍යාධිකාරී චමින්ද පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය. “BOC SmartPay හරහා ඩිජිටල් ගෙවීම් වෙත මාරුවීමත් සමඟම අපගේ ගනුදෙනුකරුවන්ට අපගේ සේවාවන් වැඩිදියුණු කිරීමට සහ ජාතික වෙළඳ පහසුකම් කමිටුවේ අවශ්‍යතාවයක් ඉටු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. නව තාක්ෂණය සමග ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය වේගයෙන් පරිවර්තනය වෙමින් පවතිනවා. එම නිසා අනාගතයේ දී ප්‍රතිලාභ ගෙන දෙන වෙනස්කම් රැසක් සිදුකිරීමට සිදුවේවි,” යනුවෙන් ඒ මහතා පැවසීය.

සාමාන්‍යයෙන්, භාණ්ඩ පර්යන්තයේ මාසික පදනමින් මුදල් සහ ණය මත පදනම් වූ ගෙවීම් 10,000 කට ආසන්න ප්‍රමාණයක් සිදු කරනු ලැබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගම එවැනි ගනුදෙනුවලින් අවම වශයෙන් සියයට 20ක් කෙටි කාලීනව ඩිජිටල් ගෙවීම් බවට පත් කිරීමට බලාපොරොත්තු වන අතර, BOC SmartPay සමඟින් දිගු කාලයක් තුළ තවත් පරිවර්තන බලාපොරොත්තු වේ. ගුවන් සමාගම දිවයින පුරා ඇති ප්‍රවේශපත්‍ර කාර්යාල ඇතුළු අනෙකුත් ගෙවීම්  ස්ථාන වෙත මෙය හඳුන්වා දීමට කටයුතු කරමින් සිටී.

පාරිභෝගිකයන් Google Play Store හෝ App Store වෙතින් LankaClear විසින් සහතික කරන ලද ඩිජිටල් මුදල් පසුම්බියක් බාගත කර  ඔවුන්ගේ බැංකු ගිණුම සම්බන්ධ කළ යුතුය. භාණ්ඩ නිෂ්කාශනය කරන අවස්ථාවේ දී ලබා දී ඇති QR කේතය භාවිත කිරීමෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ පර්යන්තයේ ගබඩා ගාස්තු පියවා ගත හැකිය.

වැඩි විස්තර සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ භාණ්ඩ ප්‍රවාහන පාරිභෝගික සහාය ඒකකය අමතන්න 0197333222

  • Ada Derana BIZ Sinhala
  • MATI
  • sri lanaka
  • Srilanka airlines

ශ්‍රීලංකන් ගුවන් සේවයට MATI වෙතින් ගෞරවනීය ‘50 වසරක සංචාරක සම්මානය’ හිමිවේ

July, 29, 2022

මාලදිවයිනේ සංචාරක ස්වර්ණ ජයන්තිය සැමරීමේ උත්සවයකදී අඩ සියවසකට අධික කාලයක් පුරා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් සිදු කරන ලද විශිෂ්ට සේවාව අගයමින් MATI විසින් කීර්තිමත් ‘50 වසරක සංචාරක සම්මානය’ පසුගියදා පිරිනමන ලදී. 1960 දී එවකට එයාර් සිලෝන් යටතේ මාලදිවයින වෙත මෙහෙයුම් දියත් කළ පළමු ජාත්‍යන්තර වාණිජ ගුවන් සේවය බවට ශ්‍රීලංකන් පත් වූ අතර එතැන් සිට අඛණ්ඩව නව මාවත් විවර කරමින් මාලදිවයිනේ ගුවන් තොටුපළවල් කිහිපයකට මගීන් රැගෙන පියාසර කරන එකම ජාත්‍යන්තර ගුවන් සේවය බවටද ශ්‍රීලංකන් පත්විය.

මාලදිවයිනේ සංචාරක කර්මාන්ත සංගමය (MATI) මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයට මූලිකත්වය ගෙන ක්‍රියාකරයි. ඒ සඳහා සුවිශේෂී ලෙස දායක වූ සංවිධාන සහ පුද්ගලයින්ට ගෞරව දැක්වීම අරමුණු කරගනිමින් මෙම විශේෂ ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවය පසුගියදා සංවිධානය කර තිබිණි.මෙහිදී සම්මානලාභීන් තෝරා ගනු ලැබුවේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් විසිනි. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීතුමා වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාලදිවයිනේ කළමනාකාර ෆවුසාන් ෆරීඩ් මහතා සම්මානය පිළිගත්තේය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටල් මහතා මෙසේ පැවසීය, “ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ජාලය තුළ මාලදිවයින සැමවිටම සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන තිබෙනවා. වාණිජ පියාසර කිරීමේ ආරම්භයේ සිට මාලදිවයින සමඟ සිටි එකම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් මාලදිවයිනේ සංචාරක ගමනේ සෑම සන්ධිස්ථානයකටම සිය දායකත්වය ලබා දී ඇත. වසර ගණනාවක් පුරා, ගුවන් සමාගම මාලදිවයිනේ විශ්මයජනක හා අසමසම වෙරළ තීරයන් වෙත සංචාරකයින් සිය දහස් ගණනක් සම්බන්ධ කර ඇත. අද ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ සංචාරය කිරීම සඳහා ප්‍රධාන පහසුකම් සපයන ගෝලීය ගුවන් සේවය ලෙස පවතී. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාලදිවයිනේ කළමනාකාර ෆවුසාන් ෆරීඩ් මහතා, “මාලදිවයින යනු අපගේ පුළුල් නිවහනයි. විවිධ රටවල ස්ථානගතව සිටින ශ්‍රීලංකන් ගුවන් සේවයේ අපගේ සගයන් මාලදිවයිනට සංචාරකයින් රැගෙන යාම සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කරනවා, එබැවින් මම මෙම සම්මානය ඔවුන් වෙනුවෙන් කැප කිරීමට කැමැත්තෙමි. කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාව වන විටත් මාලදිවයිනට බාධාවකින් තොරව සේවාවක් පවත්වාගෙන ගිය එකම ගුවන් සමාගම ශ්‍රීලංකන් ගුවන් සේවයයි. එහිදී අතරමං වූ නිවාඩු ගත කරන්නන් 2,000 කට අධික සංඛ්‍යාවක් දූපත්වලින් ඉවත් කිරීමට ගුවන් සේවය උපකාර කළ බවත් මම සිහිපත් කිරීමට කැමැත්තෙමි. ”

2016 වසරේ දී Addu Atoll හි Gan දූපත වෙත මෙහෙයුම් සිදු කළ පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ බවට ශ්‍රීලංකන් පත්වූ අතර එය මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. තවද, ගුවන් සමාගම මෑතකදී දේශීය ගුවන් සේවය වන Manta Air සමඟ හවුල් වී Gan වලින් ඔබ්බට දකුණු මාලදිවයිනේ ඉහළ මට්ටමේ නිවාඩු නිකේතන කිහිපයකට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා සංචාරකයින්ට අවස්ථාව ලබා දෙන ලදී. තවද, මාලදිවයිනට සම්බන්ධ වීමට ලෝකයේ වඩාත්ම පහසු මධ්‍යස්ථානය වන කොළඹ හරහා ගුවන් ගමන් සපයන එකම ජාත්‍යන්තර ගුවන් සේවය ශ්‍රී ලංකන් වේ.

මාලදිවයින සඳහා ශ්‍රීලංකන් හි අනාගත සැලසුම් අතරට ගැන් හි කේන්ද්‍රස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීම සහ Maafaru ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මෙහෙයුම් ඇතුළත් වන අතර එමඟින් සංචාරකයින්ට උතුරු Noonu Atoll සංචාරක නිකේතන සහ දූපත් වෙත වේගවත්ම ප්‍රවේශය ලබා දීමට හැකිවනු ඇත.