• Ada Derana BIZ Sinhala
  • Keragala Raja Maha Viharaya
  • sri lanka
  • Swadeshi Khomba

ස්වදේශී කොහොඹ  09වන වරටත් කෑරගල රජමහා විහාරය ආලෝකමත්   කළ වගයි

January, 23, 2023

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය ඓතිහාසික කෑරගල රජමහා විහාරයේ වාර්ෂික 'ආලෝක පූජා සත්කාරය' වෙනුවෙන් පසුගිය දා අනුග්‍රාහක දායකත්වය සපයන ලදි. ඒ සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසිනි. ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" නමවන වරට දුරුතු පුර පසළොස්වක පොහෝ දින සංවිධානය කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කෑරගල රජමහා විහාරය, 13 වන සියවසේ දඹදෙණි රාජධානිය තුළ විජයබාහු රජ සමයේ ඉදි කර ඇත. 15 වන සියවසේ හයවන පරාක්‍රමබාහු පාලන සමයේ, කෑරගල රජමහා විහාරයේ දී පද්මාවතී පිරිවෙන ස්ථාපිත කර ඇත.

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය "ස්වදේශී, ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් සාම්ප්‍රදායික වටිනාකම් හා සිරිත් විරිත් ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් මෙවැනි ආලෝක පූජාවන්ට වාර්ෂිකව සහයෝගය දක්වනවා. සමාජ වගකීමැති සමාගමක් වශයෙන් ස්වදේශී කර්මාන්තායතනය මෙවැනි මුල පිරීම්වලට සහයෝගය ලබා දීමට කැප වී සිටින්නේ  අපගේ සංස්කෘතිය රැක ගැනීමට සම්බන්ධයෙන් මතු පරම්පරාවන්ට පූර්ණ ආදර්ශයන් සපයමින්. වන්දනාකරුවන්ගේ පහසුව සහ අභිවෘද්ධිය උදෙසා මෙන්ම රටේ සංස්කෘතිය හා උරුමය ආරක්ෂා කිරීමේ වැදගත්කම යොවුන් පරපුරට ඉගැන්වීමේ  අභිප්‍රායයෙන් ස්වදේශී කොහොඹ විසින් මෙරට පූජනීය ස්ථාන ආලෝකමත් කරනවා'' යනුවෙන්   සිය අදහස් දැක්වීය.

ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය දිවයින පුරා ආගමික සිද්ධස්ථාන වෙත සිය සහයෝගය අඛණ්ඩව ලබා දී ඇත.  අතීත මහිමය නැවත ගෙන ඒමෙහිලා  2013 වසරේ දී, ඇය විසින්  ඓතිහාසික දඹදෙණි රජමහා  විහාරයේ 'ශ්‍රී දළදා මාළිගාව' සහ පෞරාණික බිතු සිතුවම්  අලුත්වැඩියා කරන ලදි. අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

කතරගම කිරි වෙහෙර, රුහුණු කතරගම මහ දේවාලය, සබරගමු මහ සමන් දේවාලය , දෙවුන්දර ශ්‍රී විශ්නු දේවාලය, අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය, මහනුවර ශ්‍රී මහ විශ්නු දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජමහා විහාරය, අම්මඩුව කුඩා කතරගම දේවාලය, දැරණියගල සමන් දේවාලය, දඹදෙණිය රජමහා විහාරය සහ ගොඩකවෙල සංඛපාලි රජ මහා විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී ආලෝක පූජා සත්කාරය සඳහා ස්වදේශී සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.

100%ක් දේශීය කර්මාන්තායතනයක් ලෙස ස්වදේශී, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත.  ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි.  සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය - කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය වැනි සත්කාරයන් සිදු කරයි.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 - 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී  කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ. එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන්  වන රාණි සදුන් නිෂ්පාදනය හා   අලෙවිය සිදු කරයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර අමු ද්‍රව්‍යය අඩංගුව නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්,  ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන්ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

 

 Photo Caption - ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය,  කෑරගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය රජවෙල නන්දරත්න හිමි ස්වදේශී සහ ජ්‍යේෂ්ඨ කළමණාකාර නිළධාරීන්  ඓතිහාසික කෑරගල රජමහා විහාරය ආලෝකමත් කරමින්.

  • Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • Swadeshi Khomba

ස්වදේශී කොහොඹ, වාරියපොළ, කොළඹගම මියුගුණාරාම රජමහ විහාරය ආලෝකමත් කරයි

June, 28, 2022

ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ, ස්වදේශී කර්මාන්තායතනය සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසින් දියත් කරන "ස්වදේශී කොහොඹ  ආලෝක පූජා සත්කාරය" වැඩසටහන පොසොන් පොහොයට සමඟාමීව ඓතිහාසික  වාරියපොළ, කොළඹගම මියුගුණාරාම රජමහා විහාරය ආලෝකමත් කෙරුණි. "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයකි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති, වාරියපොළ, කොළඹගම මියුගුණාරාම රජමහ විහාරය දේවානම්පියතිස්ස මහ රජු (ක්‍රි.පූ  250 - 210) විසින් ඉදි කරවන ලද පළමු විහාරස්ථාන අතරින් එකක් සේ සැළකෙයි. රජු විසින් සෑම ගවුවකම (ආසන්න වශයෙන් සැතපුම් 04) විහාරස්ථාන තැනවූ බව සඳහන් වේ.  මෙහි ඇති "ටැම්පිට විහාරය" ආකාරයෙන් ඉදි කරන ලද "ශ්‍රී විෂ්ණු දේවාලය" නිසාවෙන් විහාරය අද වඩාත් ජනප්‍රියය. ශ්‍රී ලංකාවේ දුර්ලභ වරද මුද්‍රා සහිත පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් ද විහාරස්ථානය සතුය.

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා සත්කාරය වැඩසටහන වෙනුවෙන් සිය අදහස් පළ කළේ මෙසේ ය. " මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම මගින් ස්වදේශී, ශ්‍රී ලාංකික සමාගමක් ලෙසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් සාම්ප්‍රදායික වටිනාකම් හා සිරිත් විරිත් ඉහළට ඔසවා තබනවා. සමාජ වගකීමැති සමාගමක් වශයෙන් අපි අපගේ පූර්ණ අනුග්‍රහය මෙවැනි වැඩසටහන් වෙනුවෙන් ලබා දෙමින්  මතු පරම්පරාවන්ට   අපගේ සංස්කෘතිය රැක ගැනීමට   පූර්ණ ආදර්ශයන් සපයනවා."

රටේ සංස්කෘතිය හා උරුමය ආරක්ෂා කිරීමේ වැදගත්කම යොවුන් පරපුරට ඉගැන්වීමේ  අභිප්‍රායයෙන් ස්වදේශී කොහොඹ මෙරට ආගමික සිද්ධස්ථාන මෙසේ ආලෝකවත් කරන බවට ඇය තවදුරත් සිය අදහස් දක්වමින් පවසා සිටියා ය.

ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය දිවයින පුරා ආගමික සිද්ධස්ථාන වෙත සිය සහයෝගය අඛණ්ඩව ලබා දී ඇත.  අතීත මහිමය නැවත ගෙන ඒමෙහිලා  2013 වසරේ දී, ඇය විසින්  ඓතිහාසික දඹදෙණි රජමහා  විහාරයේ ' ශ්‍රී දළදා මාළිගාව' සහ පෞරාණික බිතු සිතුවම්  අලුත්වැඩියා කරන ලදි. අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

කතරගම කිරි වෙහෙර, රුහුණු කතරගම මහ දේවාලය, සෙල්ල කතරගම දේවාලය, සබරගමු මහ සමන් දේවාලය , දෙවුන්දර ශ්‍රී විශ්නු දේවාලය, අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය, මහනුවර ශ්‍රී මහ විශ්නු දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජමහා විහාරය,අම්මඩුව කුඩා කතරගම දේවාලය, දැරණියගල සමන් දේවාලය, දඹදෙණිය රජමහ විහාරය සහ කෑරගල රජමහ විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී ආලෝක පූජා වෙත ස්වදේශී සිය අඛණ්ඩ සහයෝගය ලබා දී ඇත.

100%ක් දේශීය සමාගමක් ලෙස ස්වදේශී, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත.  ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි.  සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය - කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය වැනි සත්කාරයන් සිදු කරයි.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 - 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර කොහොඹ හර්බල්,  රාණි සඳුන්, කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්,  ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

විසබීජවලට එරෙහිව ස්වභාවික ආරක්ෂාව ලබා දෙන කොහොඹ ශාකසාරයේ ගුණයන්ගෙන් පොහොසත් ස්වදේශී කොහොඹ හර්බල් හෑන්ඩ් වොෂ් නිෂ්පාදන පෙළ මෑතක දී හඳුන්වා දෙන ලදි. කොහොඹ, සේර සහ කෝමාරිකා සාරයෙන් යුත් ස්වදේශී කොහොඹ හර්බල් හෑන්ඩ් වොෂ් සහ කොහොඹ, කහ සහ කෝමාරිකා සාරයෙන් යුත් ස්වදේශී කොහොඹ හර්බල් හෑන්ඩ් වොෂ් යන ප්‍රභේද 02කින් එය සමන්විත වේ.

 

ඡායාරූප විස්තරය : වාරියපොළ, කොළඹගම මියුගුණාරාම රජමහ විහාරයේ විහාරස්ථානාධිපති, ගරු පූජ්‍ය  ගල්ලැහැපිටියේ පේමරතන හිමි,  ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, සහ ස්වදේශී ජ්‍යේෂ්ඨ කළමණාකාර නිළධාරීන්, වාරියපොළ, කොළඹගම මියුගුණාරාම රජමහ විහාරය ආලෝකමත් කරමින්