October, 15, 2022
ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්රමුඛයා වන කදානේ, ස්වදේශී කර්මාන්තායතනය විසින් පසුගිය දා කඳාන - කන්දේවත්ත සහ කඳාන නාගොඩ - මොරාවත්ත යන ග්රාම නිලධාරී වසම්වල අඩු ආදායම් ලාභී පවුල් සඳහා අත්යවශ්ය ද්රව්ය පරිත්යාග කෙරිණි. ස්වදේශී සමාගම සිදු කරන ප්රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් වූ මෙම ව්යාපෘතිය, 'ස්වදේශී කොහොඹ ප්රජා සත්කාරය' යන තේමාව යටතේ දියත් කෙරුණු අතර, එමගින් වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාවට පිළිසරණක් වීම අරමුණු කෙරිණි.
ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනිය වන අමරි විජයවර්ධන මැතිණිය සහ එම සමාගමේ නියෝජ්ය සභාපතිනිය හා කළමනාකාර අධ්යක්ෂිකා චූලෝධරා සමරසිංහ මැතිණිය පැවසුවේ දේශීය සමාගමක් ලෙස, උපන් නගරයේ ජීවත් වන පාරිභෝගික ජනතාවට මෙවැනි දුෂ්කර කාලවකවානුවක සහය වීම සිය ආයතනික වගකීමක් ලෙස සලකන බවයි.
100%ක් දේශීය සමාගමක් ලෙස ස්වදේශී, සියලු ශ්රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත. ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්යාපෘති ක්රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි. සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය - කොහොඹ පැළ වගා කිරීමේ ව්යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්රී ලංකාවේ වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්රදානය වැනි සත්කාරයන් සිදු කරයි.
ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 - 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්රිය වෙළඳ නාම අතර කොහොඹ හර්බල්, රාණි සඳුන්, කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.
ශ්රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්රව්යවල ක්රියාකාරී ප්රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්රව්යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්රිතාන්ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගිකයා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.
මෙම සෑම කොහොඹ බේබි නිෂ්පාදනයක්ම, සෞඛ්ය අමාත්යාංශයට අනුබද්ධ ශ්රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ සහතික කළ නිෂ්පාදන පෙළකි. එමෙන්ම, ස්වදේශී නිෂ්පාදන සඳහා යොදා ගන්නා සුවඳ ගන්වන, ජාත්යන්තර විලවුන් සංගමය (IFRA) මගින් අනුමත කර ඇති අතර, සෑම නිෂ්පාදනයක්ම ISO 9001 – 2015 තත්ත්ව සහතික යටතේ නිපදවා තිබේ.
ඡායාරූප විස්තරය - ස්වදේශී කර්මාන්තායතනයේ ප්රධාන විධායක නිලධාරී අමිල උඩවත්ත මහතා ඇතුළු ස්වදේශී නිළධාරීන් විසින් කඳාන, කන්දේවත්ත සහ නාගොඩ, මොරවත්ත යන ප්රදේශවල ජනතාව වෙත අත්යවශ්ය ද්රව්ය පරිත්යාග කරමින්
October, 3, 2022
ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ වෙළඳ පොළ ප්රමුඛයා වන කඳානේ ස්වදේශී කර්මාන්තායතනය විසින් දෙවුන්දර ශ්රී විෂ්ණු මහා දේවාලය සහ මහනුවර ශ්රී මහ විෂ්ණු දේවාලය ආලෝකමත් කරන ලදි. ඇසළ උත්සවයට සමගාමීව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”යන තේමාව පෙරදැරිව මෙම ආලෝක පුජාව සිදු කරන ලදි. ස්වදේශී මෙසේ මහනුවර ශ්රී මහ විෂ්ණු දේවාලය ආලෝකමත් කරන ලද්දේ තෙවන වරටය.
ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ “ශ්රී ලාංකේය සමාගමක් ලෙසින් ශ්රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක්. ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීමේ ප්රයෝජනය සියලු වන්දනාකරුවන්ට ලැබෙන අතර, ශ්රී ලාංකේය උරුමයන් සුරැකීම පිළිබඳව මතු පරපුර වෙත පූර්වාදර්ශයන් ද සපයනවා” යනුවෙනි. ආලෝක පූජාවෙන් පසුව ශ්රී ලාංකේය සම්ප්රදායයන් සහ ඉතිහාසය පිළිඹිබු කරන වර්ණවත් සංස්කෘතික පෙරහැර ද පැවැත්විණි.
පෘතුගීසීන් විසින් විනාශ කරන ලද මුල්ම උත්පලවර්ණ ශ්රී විෂ්ණු මහ දේවාලය ක්රි.ව 661 දී ධාපුළුසෙන් රජු විසින් ඉදිකරවන ලද්දකි. බෞද්ධ සාහිත්යයට අනුව බුද්ධ පරිනිර්වාණයට පෙරාතුව, ලංකාවේ බුදු දහම ආරක්ෂා කර දෙන ලෙස බුදු රදුන් විසින් ශක්ර දේවේන්ද්රයාගේන් ඉල්ලීමක් කර ඇත. ශක්ර දේවේන්ද්රයා විසින් මෙම කාර්යය, උත්පලවර්ණ දෙවියන්ට පවරා දී ඇත. උත්පලවර්ණ යන්නෙහි අර්ථය නිල් පැහැය වන අතර එය විෂ්ණු දෙවියන්ගේ පැහැයට සමාන වේ. මේ නිසා දෙවුන්දර දේවාලය, උත්පලවර්ණ ශ්රී විෂ්ණු දේවාල මන්දිරය ලෙස හඳුන්වයි.
නුවර හතර දේවාලයන්ගෙන් එකක් වන මහනුවර ශ්රී මහා විෂ්ණු දේවාලය, රාජකීය මන්දිරය (මහ වාසල) සහ ශ්රී දළදා මාළිගාව සමඟ සමීපව කටයුතු කරයි.
2013 වසරේ දී, ඓතිහාසික දඹදෙණි රජමහා විහාරයේ ‘ශ්රී දළදා මාළිගාව’ සහ පෞරාණික බිතු සිතුවම් අලුත්වැඩියා කරන ලද ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහා විහාරයේ ප්රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.
කතරගම කිරි වෙහෙර, රුහුණු මහා කතරගම දේවාලය, අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලය, සබරගමු මහ සමන් දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජ මහා විහාරය, දැරණියගල සමන් දේවාලය, අම්මඩුව කුඩා කතරගම දේවාලය, සංඛපාලි රජ මහා විහාරය, කොළඹගම රජ මහා විහාරය, දඹදෙණිය රජ මහා විහාරය සහ කෑරගල රජ මහා විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.
100%ක් දේශීය කර්මාන්තායතනයක් ලෙස ස්වදේශී, සියලු ශ්රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත. ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්යාපෘති ක්රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි. සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය - කොහොඹ පැළ වගා කිරීමේ ව්යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්රී ලංකාවේ වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්රදානය වැනි සත්කාරයන් සිදු කරයි.
ශ්රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්රව්යවල ක්රියාකාරී ප්රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්රව්යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්රිතාන්ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගිකයා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.
ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 - 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්රිය වෙළඳ නාම අතර ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.
එසේම ස්වදේශී විසින් ශ්රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන් වන රාණි සදුන් නිෂ්පාදනය හා විකිණීම සිදු කරයි.

ඡායාරූප විස්තරය : කඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, මහනුවර, ශ්රී මහ විෂ්ණු දේවාලය, අලුත්නුවර ශ්රී මහා දැඩිමුණ්ඩ දේවාලය/ බස්නායක නිළමේ, මහින්ද්ර රත්වත්තේ මහතා ඇතුළු ස්වදේශී කළමණාකාර නිළධාරීන් ආලෝක පූජාවට සම්බන්ධ වෙමින්
August, 8, 2022
ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ වෙළඳ පොළ ප්රමුඛයා වන කඳානේ, ස්වදේශී කර්මාන්තායතනය ශ්රී ලංකාවේ වැදගත් පූජනීය ස්ථාන දෙකක් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය 2022 ඇසළ මංගල්යය වෙනුවෙන් ආලෝකවත් කරනු ලබයි. "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" යන තේමාව යටතේ සිදු කරන මෙම අලෝක පූජාව මෙවර සිදු කරනු ලබනුයේ 21 ක් වන වරටයි.
ශ්රී ලාංකික සමාගමක් ලෙසින් ශ්රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක් බව කඳානේ, ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්රකාශ කර සිටියාය.
ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීමේ ප්රයෝජනය සියලු වන්දනාකරුවන්ට ලැබෙන අතර, ශ්රී ලාංකික උරුමයන් සුරැකීම පිළිබඳව මතු පරපුර වෙත පූර්වාදර්ශයන් ද සපයන බව ඇය තවදුරටත් පවසා සිටියාය. ආලෝක පූජාවෙන් පසුව ශ්රී ලාංකික සම්ප්රදායයන් සහ ඉතිහාසය පිළිඹිබු කරන වර්ණවත් සංස්කෘතික පෙරහැර ද පැවැත්විණි.
බුදු රජාණන් වහන්සේගේ තුන්වන ලංකාගමනයේ දී ධර්ම දේශනය සඳහා කතරගම කිහිරි උයනට වැඩම කිරීම සිහිවනු පිණිස මහානාග රජු විසින් කිරි වෙහෙර තැන වූ බව මහා වංශයේ දැක් වේ.
ශ්රී ලංකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තැබූ භාරයක් ඉටු කිරීමක් ලෙසින් දුටු ගැමුණු රජු විසින් කතරගම දේවාලය ඉදි කරන ලදි. ශ්රී ලංකාවේ පමණක් නොව ලොව විවිධ ජන වර්ගවලට අයත් විවිධ ජාතීන් හා ආගම්වල ජනයා විසින් කතරගම දෙවිඳුන් වන්දනාමාන කරනු ලබයි.
ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය විසින් අතීත මහිමය නැවත ගෙන ඒමෙහිලා 2013 වසරේ දී, ඓතිහාසික දඹදෙණි රජමහා විහාරයේ 'ශ්රී දළදා මාළිගාව' සහ පෞරාණික බිතු සිතුවම් අලුත්වැඩියා කරන ලදි. අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහ විහාරයේ ප්රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.
දෙවුන්දර ශ්රී විශ්නු දේවාලය, අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය, මහනුවර ශ්රී විශ්නු මහ දේවාලය, සබරගමු මහ සමන් දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජමහ විහාරය, දැරණියගල සමන් දේවාලය, අම්මඩුව කුඩා කතරගම දේවාලය, සංඛපාලි රජමහ විහාරය, කොළඹගම රජමහ විහාරය, දඹදෙණිය රජ මහා විහාරය සහ කෑරගල රජමහ විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.
100%ක් දේශීය කර්මාන්තායතනයක් ලෙස ස්වදේශී, සියලු ශ්රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත. ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්යාපෘති ක්රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි. සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය - කොහොඹ පැළ වගා කිරීමේ ව්යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්රී ලංකාවේ වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්රදානය වැනි සත්කාරයන් සිදු කරයි.
ශ්රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්රව්යවල ක්රියාකාරී ප්රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්රව්යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්රිතාන්ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගිකයා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.
ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 - 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්රිය වෙළඳ නාම අතර ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.
එසේම ස්වදේශී විසින් ශ්රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන් වන රාණි සදුන් නිෂ්පාදනය හා විකිණීම සිදු කරයි
Photo Caption: ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, කිරි වෙහෙර රජමහ විහාරයේ විහාරස්ථානාධිපති, ගරු පූජ්ය කොබවක ධම්මින්ද හිමි, රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිශාන් වික්රමරත්න ගුණසේකර ඇතුළු ස්වදේශී කළමණාකාර නිළධාරීන්
Video Story