• Ada Derana BIZ Sinhala
  • sri lanka
  • Sysco LABS

Sysco LABS විසින් ‘Share a Meal, Share a Moment’ වැඩසටහනේ 5 වන අදියර සම්පූර්ණ කරයි

October, 5, 2022

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය හරහා 35,000කට වඩා වැඩි පිරිසක් පෝෂණය ලබා ඇත.

Sysco LABS Sri Lanka විසින් අඩු ආදායම් ලාභී හා වරප්‍රසාධ නොලත් ප්‍රජාවන්ගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතා සඳහා සහාය ලබා දෙමින් 'Share a Meal, Share a Moment' යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන සිය ප්‍රමුඛ සමාජ සත්කාර වැඩසටහනෙහි 5 වන අදියර පසුගියදා අවසන් කරනු ලැබීය. එම අදියර ගාල්ල දිස්ත්‍රික්කයට අයත් බෙන්තර, බලපිටිය, අම්බලන්ගොඩ සහ කඩවත් සතර යන ප්‍රදේශයන්හිදී  ක්‍රියාත්මක වූ අතර එම ප්‍රදේශවල පවුල් සඳහා වියළි සලාක සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් භාණ්ඩ ප්‍රදානය සිදු කෙරිණි.

අභියෝගාත්මක සමාජ ආර්ථික තත්ත්වයන් හේතුවෙන් වඩාත් පීඩාවට පත් වූ පුද්ගලයින් සඳහා ආහාර පාර්සල් සහ ආහාර මලු සපයමින් 'Share a Meal, Share a Moment' වැඩසටහන 2020 වසරේ දී ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන හරහා අද වන විට කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල 35,000 කට වැඩි පිරිසක් පෝෂණය ලබා ඇත. Sysco LABS විසින් මෙම වැඩසටහනෙහි ඉදිරියෙදී පවත්වනු ලබන අදියරවලදී අනෙකුත් ග්‍රාමීය දිස්ත්‍රික්කවල අඩු ආදායම් ලාභී හා වරප්‍රසාධ නොලත් ප්‍රජාවන් වෙත ළඟා වීමට අපේක්ෂාකර ඇත.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් Sysco LABS හි සහකාර අධ්‍යක්ෂ ගැවී පෙරේරා මෙසේ පැවසීය. '' Share a Meal, Share a Moment වැඩසටහන කියන්නේ අපේ හදවතට ඉතා සමීප ව්‍යාපෘතියක්. මෙය අඩු ආදායම් ලාභී හා වරප්‍රසාධ නොලත් ප්‍රජාවන්ට ඔවුන්ගේ කඩිනම් පෝෂණ අවශ්‍යතා සඳහා උපකාර කිරීම වෙනුවෙන් ආරම්භ කරපු ව්‍යාපෘතියක්. හඳුනාගත් ප්‍රජාවන් වෙත ආහාර ලබා දීම වෙනුවෙන් සමාගම සෑම මොහොතකම උපරිමයෙන් ක්‍රියා කරනවා. ඒ වගේම අප හා සම්බන්ධ විවිධ පාර්ශව විසින් ද මේ සඳහා උපරිම ආකාරයෙන් ඔවුන්ගේ පෞද්ගලික අරමුදල් පරිත්‍යාග කරනවා. මේ වසරේ දී පවතින විවිධ අභියෝගයන් හමුවේ වුවද, කොළඹින් පිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. එමෙන්ම ඉදිරියේදී රටේ අනෙකුත් දුෂ්කර ප්‍රදේශවල සිටින ප්‍රජාවන් වෙත ළඟා වීමට අප බලාපොරොත්තු වෙනවා.''

Sysco හි ගෝලීය ප්‍රජාවන් හරහා අවශ්‍යතා ඇති පිරිස් වෙත උපකාර කිරීම අරමුණු කරගත් 'Share a Meal Share a Moment' මුලපිරීම Sysco හි ‘200 million meals’ තිරසාර අරමුණ ඇතිව ක්‍රියාත්මක වේ.

Sysco හි ගෝලීය වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Sysco LABS හි අලෙවි අධ්‍යක්ෂිකා කුෂානි කල්පගේ මෙසේ පැවසුවාය. ''ලෝකයේ විශාලතම ආහාර සේවා සමාගමක නවෝත්පාදන මධ්‍යස්ථානය වශයෙන් ප්‍රජාවන් පෝෂණය කිරීමේ  කාර්යය අපගේ හද පතුලෙන්ම ඉටු කරන නිසා අප හට ඉදිරි පැවැත්මක් තිබෙනවා.ආහාර බෙදා ගැනීමට සහ එකිනෙකා  රැකබලා ගැනීම වෙනුවෙන් ලෝකය එක් කිරීමේ, අපගේ උදාර අරමුණ ඇතිව අවශ්‍යතා පවතින පවුල්වලට උපකාර කිරීම සඳහා අපි 'Share a Meal Share a Moment' වැඩසටහන ආරම්භ කළා. එය විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදෙන ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා අප සියලු දෙනාම දැඩි උනන්දුවකින් යුතුව සහ අපගේ අනෙකුත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිවලට සමගාමීව ක්‍රියාත්මක වන වැඩසටහනක්. අපගේ ප්‍රජාවන් රැකබලා ගැනීමට සහ ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා අපගේ සම්පත් තීව්‍ර කර ගැනීමට අපි කැපවී සිටිනවා.''

Sysco LABS හි 'Share a Meal Share a Moment' වැඩසටහනෙහි මුල් අදියරයන් පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට syscolabs.lk/csr වෙත පිවිසෙන්න.

 

  • Ada Derana BIZ Sinhala
  • Project Summit
  • sri lanaka
  • Sysco LABS

Sysco LABS විසින් අනාගත ඉංජිනේරුවන් සංවර්ධනය කිරීමට ‘Project Summit’ වැඩසටහන ආරම්භ කරයි

July, 7, 2022

අනාගත ඉංජිනේරුවන් පුහුණු කිරීම වෙනුවෙන් ඔවුන් හට අඛණ්ඩව අධ්‍යයන කටයුතු කිරීමට පහසුකම් සැලසීමට සහ අනාගතයට සූදානම් නව ඉංජිනේරු පරපුරක් බිහිකරමින් ඔවුන්ව දිරිගැන්වීමේ අරමුණ යටතේ Sysco LABS Sri Lanka ආයතනය විසින් 'Project Summit' වැඩසටහන පසුගියදා එළිදක්වන ලදී.

Sysco LABS හි 'Project Summit' වැඩසටහන විශ්ව විද්‍යාල අධ්‍යනයෙන් පසු සෘජුව නව බඳවා ගැනීම් සඳහා වේගවත් වර්ධන පහසුකම් සැලසීමේ වේදිකාවක් ලෙස කටයුතු කරන අතර, '4වන කාර්මික තාක්ෂණ විප්ලවය' (‘4th industrial revolution tech’ - 4IR) යටතේ වර්ගීකරණය කර ඇති නව තාක්ෂණික සංකල්ප මත ක්‍රියාත්මක වීමට මාර්ගය විවර කර දෙයි.

නිවැරදිව කුසලතා වර්ධනය කරමින් අනාගත ඩිජිටල් විප්ලවය ආමන්ත්‍රණය කිරීම සඳහා සහභාගීවන්නන් හට කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence), යන්ත්‍ර අධ්‍යයනය (Machine Learning), (Immersive Technology) සහ අන්තර්ජාලය (Internet) වැනි 4IR සංකල්ප පිළිබඳ අවබෝධය සහ උපදේශන සේවා ලැබෙනු ඇත. Sysco LABS විසින් අනාගත ශ්‍රම බලකාය වෙනුවෙන් ආයෝජනය සිදු කරන අතර 4IR භූ දර්ශනය කෙරෙහි දක්වන මෙම අවධානය මගින් විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට ඔවුන්ගේ හැකියාවන් එළිදැක්වීමට සහ අනාගතය සඳහා විසඳුම් ගොඩනැගීමට සහාය ලබා දෙනු ඇත.

'Project Summit' වැඩසටහන සාමාන්‍යයෙන් අධ්‍යයනය කිරීමට වසර 4ක් පමණ ගතවන අධ්‍යයන මොඩියුල වලින් සමන්විත වේ. කෙසේ වෙතත් සහභාගීවන්නන් හට මාස හයක කාල සීමාවකින් වැඩසටහන සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙන අතර ඒ හරහා ඔවුන්ගේ වෘත්තීය ජීවිතය වේගවත් කිරීමට හැකි වේ. 'Lean Start-up සංකල්පය' මත පදනම් වෙමින් 4IR හි සක්‍රීය විසඳුම් හඳුනාගැනීමට, සංවර්ධනය කිරීමට සහ ඵලදායිතා ප්‍රමිති වැඩිදියුණු කිරීමට මෙම වැඩසටහන හරහා සහභාගීවන්නන් බල ගන්වනු ලබයි.

මෙම වැඩසටහනේ ද්විතියික අරමුණු වන්නේ වැඩිදුරටත් අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ මානසිකත්වයක් වර්ධනය කිරීම හා නවෝත්පාදන මත පදනම් වූ ඉංජිනේරු සංස්කෘතියකට සහභාගීවන්නන් අනුගත කිරීමය. ඒ හරහා ව්‍යාපාරික වපසරිය පිළිබඳ ඔවුන්ගේ දැනුම මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පය, ව්‍යාපෘති කළමනාකරණය සහ බෙදා හැරීමේ ක්‍රියාවලියේ ඉහළම භාවිතයන් වැඩිදියුණු කිරීමට ඔවුන්ට ඉඩ සලසනු ඇත.

වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Sysco LABS හි Enterprise Architecture Group හි අධ්‍යක්ෂ, ඉංජිනේරු නිශාන්ත හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසීය.''අපගේ අති විශිෂ්ඨ වූ ඉංජිනේරු උපදේශන සහ පුහුණු වැඩසටහන වන 'Project Summit' වැඩසටහන ආරම්භ කිරීම හරහා තාක්‍ෂණය මත පදනම් වූ ලෝකයක අනාගත අවශ්‍යතාවයන් සපුරාලීමට බලා සිටින නව ඉංජිනේරු පරපුරක් පෝෂණය කිරීමට අවශ්‍ය මග සලසා දෙනවා. අපගේ වර්තමාන සහ අනාගත අවශ්‍යතා සඳහා තිරසාර වූ කුසලතාවයන් සහිත කණ්ඩායමක් පත්කර ගත යුතුයි. ඒ වෙනුවෙන් රැකියා ස්ථානවල විශිෂ්ඨ වූ දක්ෂතාවයන් දැක්වීමට අවශ්‍ය කුසලතා සහ පළපුරුද්ද ලබාදෙමින් තරුණ ඉංජිනේරුවන් වේගවත්ව ලුහුබැඳයාම මෙම වැඩසටහනේ අරමුණයි.''

Sysco LABS හි 'Project Summit' වැඩසටහන සහ සමාගමේ නවෝත්පාදන සංස්කෘතිය පිළිබඳව වැඩිදුරටත් දැන ගැනීම සඳහා  https://syscolabs.lk/life-at-syscolabs වෙත පිවිසෙන්න.