• Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bonds

රු. බිලියන 160 ක දැවැන්ත බැඳුම්කර නිකුතුවක් ලබන සතියේ

December, 9, 2022

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 160,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පවත්වන බව දැනුම් දී සිටී.

එළඹෙන දෙසැම්බර් 13 වැනි දින මෙම නිකුතුව පැවැත්වෙනු ඇත.

වෙන්දේසිය සඳහා කාණ්ඩ 3ක් යටතේ බැඳුම්කර ඉදිරිපත් කිරීමට නියමිතය.

එහිදී 2024 මැයි 01 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 40,000 ක්, 2025 ජනවාරි 15 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 50,000 ක් සහ 2026 මැයි 15 දින කල් පිරෙන ආකායෙන් රු. මිලියන 70,000 ක් ලෙසින් වන භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයන් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • treasury bonds

මිලියන 30,000ක බැඳුම්කර නිකුතුවක්

October, 26, 2022

එළබෙන සිකුරාදා (28) රු. මිලියන 30,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙහිදී කල්පිරීමේ කාල දෙකක් යටතේ මෙම වෙන්දේසිය පවත්වනු ලබන අතර එහිදී 2025 කාණ්ඩය වෙනුවෙන් රු. මිලියන 12‍,500 ක වටිනාකමකින් යුතු බැඳුම්කර සහ 2028 කාණ්ඩය සඳහා රු. මිලියන 17,500 ක වටිනාකමකින් යුතු බැඳුම්කර, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරේ.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ වෙළෙඳපොළ තත්ත්වයන් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් කාණ්ඩය යටතේ වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට නොවැඩි ඕනෑම ප්‍රමාණයක් පිළිගනු ලැබිය හැකි බවයි.