November, 5, 2022
ප්රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo විසින් ශ්රී ලංකාව තුල සිය 5වන සංවත්සරය සමරනු ලබයි. අභියෝගාත්මක කාලවකවානු වලදී පවා ඔවුන්ට ශක්තියක් වෙමින් ශ්රී ලාංකීය ප්රජාව වෙත ලගා වීමට අත්වැලක් වූ සිය හවුල්කරුවන්, කාර්ය මණ්ඩලය, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, මාධ්ය සහ පාරිභෝගිකයින්ට හට ඔවුන්ගේ හදපිරි ස්තූතිය මෙම අවස්ථාවේදී vivo විසින් පිරිනමනු ලබයි.
vivo 2017 දී ශ්රී ලංකාව තුළ සිය දැවැන්ත ගමන ආරම්භ කළ අතර මෙම වසර 5 තුළ සිය නව්ය ස්මාර්ට්ෆෝන් තාක්ෂණය සහ පාරිභෝගික සත්කාර සේවා හරහා සාර්ථක ස්ථානයක් ගොඩනගාගෙන ඇත. නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් කිරීමේ බෙන්ෆෙන් දර්ශනය අනුගමනය කිරීමෙන් සහ ඔවුන්ගේ පාරිභෝගික කේන්ද්රීය ප්රවේශය තුලින් vivo විසින් ගෝලීය නවෝත්පාදන රැසක් කලාපයට හඳුන්වා දී තිබේ.
vivo, සන්නාමයක් ලෙස වෙළඳපල තුල, පාරිභෝගිකයින් සමඟ ශක්තිමත් සබඳතා නිර්මාණය කර ගැනීම සහ ඔවුන්ගේ තාක්ෂණික නවෝත්පාදනයන් හරහා පාරිභෝගිකයින්ගේ ජීවන රටාව පහසු කරන සහ වටිනාකමක් එකතු කරන නිෂ්පාදන හදුන්වාදීම අරමුණු කොටගෙන සිටී. vivo සිය නිෂ්පාදන ශ්රී ලාංකීය ස්මාර්ට්ෆොන් වෙළඳපලට හඳුන්වා දීමෙන් පසු අද වනවිට, 2500කට අධික ශක්තිමත් වෙළඳ ජාලයක් හරහා අලෙවිය සහ අලෙවියෙන් පසු සේවා සපයමින් කැපී පෙනෙන සහ විශ්වාසනීය සන්නාමයක් ලෙස ජනප්රියත්වය ලබා ඇත. තවද කලාපීය වෙළෙඳපොළ තුළට තවදුරටත් පිවිසෙමින් vivo විසින් ශ්රී ලාංකේය පාරිභෝගිකයින්ට සුවිශේෂී සේවාවක් සහතික කිරීමේ අරමුණින් ප්රධාන සමාගම් සමඟ ව්යාපාරික හවුල්කාරිත්වයන්ට එළඹ ඇත.
සෑම පාරිභෝගිකයෙකුගේම අවශ්යතාවයන් සපුරාලීම කෙරෙහි අවධානය යොමු කරමින් vivo Sri Lanka විසින් නව්ය විශේෂාංග සහ කැපී පෙනෙන මෝස්තර සහිත ආකර්ශනීය ස්මාර්ට්ෆෝන් පෙළක් විවිධ මිල පරාසයන් හරහා හඳුන්වා දී තිබේ. V සහ Y ශ්රේණිවල නිෂ්පාදන අද වනවිට පාරිභෝගිකයින් විසින් ආදරයෙන් වැළඳගෙන තිබේ. V ශ්රේණියේ ස්මාර්ට්ෆෝන් හරහා ජංගම ඡායාරූපකරණයට සුවිශේෂී විශේෂාංග ඒකාබද්ධ කිරීම තුලින් සහ Y ශ්රේණියේ ස්මාර්ට්ෆෝන් හරහා දැරිය හැකි මිලකට විවිධාකාර විශේෂාංග සහ ප්රමුඛ කාර්ය සාධනයක් සහිත නිෂ්පාදන හඳුන්වා දීම තුලින් vivo විසින් තරුණ පරම්පරාවෙහි මිතුරෙකු බවට පත්ව ඇත.
මෙම සුවිශේෂී අවස්ථාව සමරමින් vivo Sri Lanka හි ප්රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. "වසර 5ක් පුරාවට ශ්රී ලංකාව තුල අප ආ ගමන් මග පිළිබඳව සන්නාමයක් ලෙස අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. අපගේ නවෝත්පාදන ප්රවේශය සමඟින්, අභියෝග හමුවේ වුවද, බොහෝ පරිශීලකයින්ට ප්රතිලාභ ලබා දීමට සමත් වූ අති නවීන තාක්ෂණයන් රට තුළට හඳුන්වා දීමටත් අපට හැකියාව ලැබුනා. සිය පක්ෂපාතිත්වය නිරතුරුව අපට ලබා දෙමින් අපිව දිරිමත් කරන අපගේ ආදරණීය පාරිභෝගික ප්රජාව මේ අවස්ථාවේදී මම ගෞරවයෙන් මතක් කිරීමට කැමතියි. vivo Sri Lanka හි අතිවිශිෂ්ට සාර්ථකත්වය, අපගේ කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයින්, අලෙවි නියෝජිතයන්, බෙදාහරින්නන්, මාධ්ය සහ හවුල්කරුවන් සියල්ලගේම සාමූහික උත්සාහයක ප්රතිඑලයක්. ඉදිරියටත් අපගේ සේවාවන් අඛණ්ඩව ව්යාප්ත කිරීමටත්, හොඳම තාක්ෂණය සැපයීමටත්, විශාල ඩිජිටල් ඒකාබද්ධතාවයක් කරා රට ගෙන යාමටත් අපි බලාපොරොත්තු වෙනවා".
vivo හි සන්නාම වටිනාකම්වල ප්රධාන අංගයක් වන්නේ ප්රජාව වෙත ආපසු දෙයක් ලබා දීමට ඇති කැපවීමයි. ප්රජා ප්රතිලාභ සහ ආකර්ෂණීය ප්රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම තුලින් vivo විසින් පාරිභෝගිකයින්ගේ නිරන්තර සහයෝගය සඳහා කෘතගුණ දක්වා ඇත. සුවිශේෂී අලෙවියෙන් පසු සේවාවන් සිය සේවා මධ්යස්ථානවලින් ලබා දීම තුලින් පාරිභෝගික සේවා අත්දැකීම වැඩිදියුණු කිරීම vivo හි අරමුණයි. ශ්රී ලාංකීය ප්රජාවට තවදුරටත් සහය දැක්වීමේ ක්රියාකාරී ප්රයත්නයක් ලෙස, vivo විසින් #vivocares CSR ව්යාපෘතියක් දියත් කරන ලද අතර, තරුණ පරම්පරාවේ අධ්යාපන අවශ්යතා සවිබල ගන්වමින් අත්යාවශ්ය ලිපි ද්රව්ය සහ ස්මාර්ට් පුවරු පාසල් වෙත පරිත්යාග කිරීම එයින් සිදු විය.
උසස් තාක්ෂණයන් හඳුන්වාදීම සහ ප්රජාව කේන්ද්ර කරගත් ව්යාපෘති මගින් ජීවන රටා වැඩිදියුණු කිරීම තුලින් vivo විසින් ශ්රී ලංකාව තුල සියල්ලන්ගේම ඇගයීමට පාත්රවන සන්නාමයක් බවට පත්වී ඇත. කාර්යක්ෂම පාරිභෝගික සහයක් පවත්වා ගැනීම සහ ඩිජිටල් නවෝත්පාදනයන් වැඩිදියුණු කිරීම තුලින් ඉදිරියටත් සුවිශේෂී ගමනක් යාම vivo හි පැතුමයි.
September, 2, 2022
Counterpoint Research හි ජුලි 27 වන දින නිකුත් කරන ලද Market Pulse වාර්තාවට අනුව 2022 දෙවන කාර්තුවේදී 19.8% ක වෙළඳපල කොටසක් සමඟ vivo චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළම ස්ථානයට පැමිණ ඇත. ගෝලීය සහ දේශීය ප්රවේශයක් අනුගමනය කරමින් vivo විසින් දේශීය සංස්කෘතිය පිළිබඳ මනා අවබෝධයක් ළගා කොටගෙන ඇති අතරම ලොව පුරා ව්යාප්ත වෙමින්ද පවතී. වර්තමානය වන විට, vivo සිය විකුණුම් ජාලය රටවල් 50 කට වැඩි ප්රමාණයක් සහ කලාප දක්වා විහිදුවා ඇති අතර විවිධ මිල කාණ්ඩ හරහා ලොව පුරා මිලියන 400 කට අධික පරිශීලකයින් සඳහා සේවා සපයයි.
2022 දෙවන කාර්තුවේ විකුණුම් ප්රතිඵලය පිළිබඳව සිය අදහස් දක්වමින් vivo ශ්රී ලංකා හි ප්රධාන විධායක නිලධාරී කෙවින් ජියෑං මහතා පැවසුවේ, vivo හි විවිධත්වයෙන් යුත් නිෂ්පාදන හේතුවෙන් වෙළඳපල තුල සිය නායකත්වය පවත්වාගනිමින් වෙළඳපොලේ හොඳ කොටසක් අත්පත් කර ගැනීමට හැකි වූ බවයි. සන්නාමය, එහි ධනාත්මක සන්නිවේදන ක්රියාවලියන් සහ කලාපීය වශයෙන් පවතින නව්ය උපාය මාර්ග හේතුවෙන් මෙම ප්රතිඵලය අත්පත් කරගෙන ඇති බවත් එසේම vivo හි අයවැය හිතකාමී නිෂ්පාදන සඳහා විශේෂයෙන්ම තරුණ පාරිභෝගිකයින්ගෙන් යහපත් ප්රතිචාර ලැබී ඇති බවත් ය.

නවෝත්පාදන සහ තාක්ෂණය සිය හරය ලෙස හඳුනාගත් සන්නාමයක් ලෙස, vivo සිය නොනවතින ගමන්මග ඔස්සේ කලාපීය වශයෙන් විහිදී සිටින සිය පාරිභෝගිකයින්ගේ ආදරය සහ සහයෝගයට පාත්ර වී ඇත.
July, 27, 2022
රටක වර්ධනය සහ ප්රසාරණය උදෙසා තාක්ෂණය විසින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ස්මාර්ට්ෆෝන් තාක්ෂණයෙහි දියුණුවත් සමඟ ලෝකවාසී සියලු දෙනා වෙනදාටත් වඩා එකිනෙකාට සමීප වී ඇති අතර දේශසීමා තුළ සහ ඉන් ඔබ්බට සන්නිවේදනයෙහි ඇති පරතරය අවම වීමද ඉන් සිදු වී ඇත. විශේෂයෙන්ම ශ්රී ලංකාව තුළ ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ බලපෑම තුලින් හොඳම නවෝත්පාදනයන් බිහි වී ඇත. ප්රමුඛ පෙළේ තාක්ෂණික සන්නාමයක් වන vivo සිය Y සහ V series හි මෝස්තර සහ විශේෂාංග හරහා සිය නව නිර්මාණ එළිදක්වා ඇත. වසර ගණනාවක් පුරා, vivo එහි කැමරා පද්ධතිය සහ අනෙකුත් නව්ය විශේෂාංග සඳහා නමක් දිනා ඇත. එසේ දේශීය පාරිභෝගිකයින් සමඟ කැපී පෙනෙන සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඔවුන්ගේ ප්රියතමයා බවට vivo පත් වූයේ කෙසේදැයි පහත කරුණු මගින් ඔබට අවබෝධ වනු ඇත.
කැමරාව
vivo විසින් පරිශීලකයාගේ අවශ්යතාවය මත විවිධ කැමරා පද්ධති වලින් යුත් පුළුල් පරාසයක ස්මාර්ට්ෆෝන් ඉදිරිපත් කර ඇත. උදාහරණයක් ලෙස, V Series හි ස්මාර්ට්ෆෝන් මගින් ස්ථාවර ඡායාරූප ආයාසයකින් තොරව ලබා ගැනීම සහතික කරන අතර, රාත්රී කාලයේදී සිදු කරන ඡායාරූපකරණය ප්රගුණ කිරීමට ද පරිශීලකයින්ට උපකාර කරයි. එසේම Y Series එහි කාර්යක්ෂමතාව සහ සුවිශේෂී කැමරා තාක්ෂණය උදෙසා වෙළඳපොලෙහි ප්රසිද්ධියට පත් වී ඇත.
නිර්මාණ සැකසුම
vivo හි උපාංග ගැඹුරු වෙළඳපල පර්යේෂණයක ප්රතිඵලයක් බව ඔවුන් නිරන්තරයෙන් අවධාරණය කර සිටී. සන්නාමයේ නවෝත්පාදනයන්, නිරන්තරයෙන් වර්ධනය වන පාරිභෝගිකයින්ගේ අවශ්යතා අනුව සිදු වෙයි. වෙළඳපල ප්රවණතාවයන්ට අනුව, දේශීය පරිශීලකයින් සැහැල්ලු උපාංගයක් තෝරා ගැනීමට වඩාත් නැඹුරු වෙයි. ඒ හේතුවෙන් නවීන මෝස්තරයන් සහිත සුවපහසු අතේ ගෙන යා හැකි උපාංග පෙළක් සමඟින්, vivo තම පාරිභෝගිකයින් පුදුම කරන ලදී. කර්මාන්තයේ ප්රථම, වර්ණ වෙනස් කරන ලද වීදුරු පසුපස කවරයන් හදුන්වා දීම මගින් ස්මාර්ට්ෆෝන් මෝස්තරයන්හි විප්ලවීය වෙනසකට vivo මුලපිරුවේය.
ක්රියාකාරිත්වය
vivo පිළිබඳ හොඳ නිරීක්ෂණයක් නම්, සන්නාමය සිය ස්මාර්ට් ජංගම දුරකථනයේ සමස්ත ආකර්ෂණයට බලපෑමක් නොවන පරිදි දැවැන්ත බැටරියක් එක් කිරීමට සාර්ථකව සමත් වී තිබීමය. වේගවත් ලෙස ජංගම දුරකථනය චාජ් කිරීමටද මින් හැකියාව ලැබී ඇත. තවද, vivo හි Extended RAM විශේෂාංගය ස්මාර්ට් ජංගම දුරකථනය බාධාවකින් තොරව ක්රියා කරවීමට ඉඩ සලසයි. RAM ඒකකය ක්රියා කිරීමට උපාංගයේ ඇති අමතර ROM ඉඩකඩ මගින්, ප්රමාදයකින් තොරව ඇප් අතර මාරු වීමට උපකාරී වේ.
නවෝත්පාදන
මෙම වසර මුලදී, සන්නාමය විසින් සිය ස්වාධීන පර්යේෂණ සහ සංවර්ධන සහ චිප් නිර්මාණයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්රමුඛ පෙළේ දෘශ්ය ගුණාත්මක භාවයෙන් යුත් රූප සහ වීඩියෝ යෙදුම් සඳහා කැප වූ ඒකාබද්ධ පරිපථ චිපයක් වන V1+ Chip හදුන්වා දෙන ලදී. තවද vivo විසින් කලාපයට ප්රතිලාභ ලබා දීම සඳහා 5G තාක්ෂණය යොදවා ඇති අතර දේශීය පරිශීලකයින්ගේ අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ව, පවතින නවතම සහ විශිෂ්ටතම තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සිදු කරයි.
පාරිභෝගික සේවා
vivo හි කාර්යක්ෂම පාරිභෝගික සේවාව මගින් දේශීය පරිශීලකයින් තෘප්තිමත් කිරීම තහවුරු කොට ඇත. vivo ස්මාර්ට්ෆෝන් භාවිතයේ සෑම පියවරකදීම තම පාරිභෝගිකයින්ට සහය වීමට උත්සාහ කරන අතර කොළඹ සහ ගාල්ලේ පිහිටි සිය සේවා මධ්යස්ථාන දෙක හරහා ජාතික වශයෙන් තම පාරිභෝගිකයන් වෙත ළඟා වෙමින් දිවයිනේ පාරිභෝගික සම්බන්ධතාව උපායශීලීව ශක්තිමත් කර ඇත. මෙම නවීනතම පහසුකම් සහ උපාංග මගින් පාරිභෝගිකයින්හට කරදරයකින් තොරව මිලදී ගැනීමේ කටයුතු සිදු කිරීමත්, අලෙවියෙන් පසු සේවා අත්දැකීමක් ලබා ගැනීමත් සහතික කරයි.
July, 1, 2022
ප්රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo විසින් ජාත්යන්තර පාපන්දු තරඟාවලිය වන FIFA ලෝක කුසලාන කටාර් 2022™ හි නිල අනුග්රාහක ලෙස පත්වීම ඉතා සතුටින් දැනුම් දෙන ලදී. 2017 සිට අවස්ථා දෙකකදීම FIFA ලෝක කුසලානයේ නිල ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස vivo ක්රියා කල අතර මෙම වසරේදී ලොව පුරා සිටින පාපන්දු ලෝලීන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දීමේ අරමුණින් 2022 නොවැම්බර් 21 සිට කටාර්හිදී මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතය.
මෙම හවුල්කාරිත්වය හරහා vivo විසින් සිය නිල ලාංඡනය සහ නිල සන්නාම අනන්යතාවයන් සංකේතවත් කරමින් ලොව පුරා සිටින උද්යෝගිමත් පාපන්දු ලෝලීන් සමඟ සම්බන්ධ වීම උදෙසා අද්විතීය ප්රවර්ධන වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට සූදානමින් සිටී. මේ තුලින් අනාගතයේදී සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් සහ ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ පෙරළිකාර දියුණුවක් අත්කරගනිමින් ජාත්යන්තරය ජය ගැනීම vivo හි පැතුමයි.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව සිය අදහස් දක්වමින් vivo Sri Lanka හි ප්රධාන විධායක නිලධාරී කෙවින් ජියෑං මහතා මෙසේ පැවසීය. "“FIFA World Cup Qatar 2022™ සමඟ මෙම සහයෝගීතාවයට එළඹීමට ලැබීම අප ලද භාග්යයක්. ලොව පුරා සිටින බිලියන ගණනකට ප්රීතිය ගෙන දීමටත් ඔවුන්ගේ වයස, ජාතිය, ස්ත්රී පුරුෂ භාවය සහ සංස්කෘතිය නොතකා ඔවුන්ව එකට එක් කිරීමටත් පාපන්දු ක්රීඩාවට හැකි බව අපි විශ්වාස කරනවා. අපි රටවල් 60 කට වැඩි ප්රමාණයක් සහ කලාප හරහා අපගේ පැවැත්ම ව්යාප්ත කරමින් යන අවදියක ලොව පුරා බිලියන ගණනකට ආස්වාදයක් ලබා දීමට හැකියාව පවතින FIFA ලෝක කුසලාන කටාර් 2022™ හිදී අපට ලැබුණු මෙම අවස්ථාව කදිම වේදිකාවක්. මේ තුලින්, ලොව පුරා සිටින බිලියන ගණනක ක්රීඩා ලෝලීන්ට ප්රීතියක් ලබා දීමට හැකි ක්රීඩාවන් ප්රවර්ධනය කිරීමේ, අපගේ වටිනා අවශ්යතාවය මැනවින් පිළිබිඹු වෙනවා".
දකුණු ආසියාව තුල සිය ආරම්භය සනිටුහන් කල දා පටන්ම vivo හි අවධානය සහ කැපවීම යොමු වූයේ දේශීය පාරිභෝගිකයින්ට විශිෂ්ට නිෂ්පාදන අත්දැකීම් ලබා දීම කෙරෙහිය. Vivo හි දේශීය නිෂ්පාදන සහ අලෙවිකරණ උපාය මාර්ග හේතුවෙන් වෙළඳපල තුල වේගවත් වර්ධනයක් අත්කර ගැනීමට හැකිවිය. සිය පරිශීලකයන් කේන්ද්ර කොට ගනිමින්, නවෝත්පාදන තුලින් පුරෝගාමී ස්මාර්ට්ෆෝන් තාක්ෂණයන් බිහි කිරීම vivo හි ඉදිරි බලාපොරොත්තුවයි.
June, 23, 2022
ප්රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo විසින් ශ්රී ලාංකික පාරිභෝගික ප්රජාවට උසස් අත්දැකීමක් ලබා දීමේ අරමුණින් සිය අන්තර්ජාල සේවා පුළුල් කිරීමකට ලක් කොට ඇත. After-sales (අලෙවියෙන් පසු) සේවාවන් හරහා, සමාගමේ නවතම නිෂ්පාදන සහ විශේෂාංග පිළිබඳව දේශීය පාරිභෝගිකයන් දැනුවත් කිරීම සහ ඔවුන්ට අවශ්ය අනෙකුත් තොරතුරු සැපයීමේ අරමුණින් vivo මෙම මුලපිරීම ආරම්භ කොට ඇත. සිය පාරිභෝගිකයන්ට හොඳම තේරීම් සිදු කිරීමට අවශ්ය දැනුම සැපයීමද මෙමගින් සිදු කෙරේ. vivo Support භාවිතා කරමින්, පාරිභෝගිකයින්ට දැන් ක්ෂණිකව කිසිදු කරදරයකින් තොරව සමාගමේ After-sales කණ්ඩායම සමඟ සෘජුවම සම්බන්ධ විය හැකිය. මීට අමතරව, පාරිභෝගිකයින්ට vivo Support වෙබ් අඩවියට පිවිසීමෙන් අනෙකුත් උපාංග සහ අමතර කොටස් සඳහා ලබා දී ඇති වට්ටම් සහ යාවත්කාලීන මිල ගණන් පරීක්ෂා කළ හැකි අතර සේවා සම්බන්ධ ගැටළු වලට අවශ්ය විමසුම් කෙටි කාලයකින් ලබා ගත හැක.
තාරුණ්යය ඉලක්ක කරගත් සන්නාමයක් ලෙස, vivo සිය විශේෂ Service Days හරහා පාරිභෝගික තෘප්තිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ස්මාර්ට්ෆෝන් භාවිතයේ සෑම පියවරකදීම තම පාරිභෝගිකයින්ට සහාය වීමට උත්සාහ කරයි. මෙම දිනයන් හිදී පාරිභෝගිකයින්ට බලයලත් vivo සේවා මධ්යස්ථාන දෙකකින් vivo සේවාවන් නොමිලේ ලබා ගත හැකිය. මෙම සේවාවන්ට නොමිලේ ආරක්ෂිත ආවරණ ඇලවීම, නොමිලේ ස්මාර්ට්ෆෝන් සේවා සහ පිරිසිදු කිරීම, ෆ්ලෑෂ් අලුත්වැඩියාව සහ නොමිලේ මෘදුකාංග යාවත්කාලීන කිරීම් ඇතුළත් වේ. මීට අමතරව adapters, data/USB cables සහ headphones වට්ටම් සහිත මිලකට මිලදී ගැනීමට ද අවස්ථාවක් ලබා දෙයි.
සෑම ව්යාපාරයකම විශාලතම වත්කම පාරිභෝගිකයින් වන අතර vivo Sri Lanka විසින් පාරිභෝගික තෘප්තිය අඛණ්ඩව සහතික කිරීමට අවශ්ය සියලු පියවරයන් ගනිමින් සිටී. පාරිභෝගික තෘප්තිය පවත්වා ගැනීම ඉතා වැදගත් වන බව සන්නාමය විශ්වාස කරන අතර, විශ්වාසවන්ත පාරිභෝගිකයින් රඳවා තබා ගැනීම පමණක් නොව, නව පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම ද ඉතා වැදගත් වේ. එබැවින්, දේශීය පාරිභෝගිකයින්ගේ අවශ්යතා සහ වුවමනා අවබෝධ කර ගනිමින් vivo විසින් සිය After-sale සේවාවන් වැඩිදියුණු කිරීමට අවශ්ය සියලු පියවර ගනිමින් පවතී.
vivo Sri Lanka හි අධ්යක්ෂ ඇලිසන් ජින් මහත්මිය මෙසේ සිය අදහස් දැක්වීය, “vivo අපි පාරිභෝගික කේන්ද්රීය සහ වගකීම් සහිත සන්නාමයක් ලෙස අපගේ ආදරණීය පරිශීලකයින්ට කිසිදු කරදරයකින් තොර මිලදී ගැනීමේ අත්දැකීමක් ලබා දීමට සහ පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහ පහසුව සහතික කිරීමට නිරතුරුවම කැපවී සිටිනවා. අපගේ පාරිභෝගිකයින් පසුගිය කාලය තුළ මෙම මුලපිරීම් සඳහා ධනාත්මක ප්රතිචාර දැක්වූ අතර, ශ්රී ලංකාව තුල vivo ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් සඳහා ධනාත්මක අත්දැකීමක් නිර්මාණය කිරීමට හැකිවීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. අපගේ සේවාවන් හැකි ඉක්මනින් පාරිභෝගිකයින්ට ලබා දීම සහ ඔවුන්ගේ ගැටළු ඉක්මනින් විසඳීමට අපි කටයුතු කරනවා. ඉදිරියටත් vivo අපි අපගේ පාරිභෝගිකයින්ට කාර්යක්ෂම සහ හොඳම අත්දැකීම් ලබා දීමට සැදී පැහැදී සිටිනවා"
vivo සිය කොළඹ සහ ගාල්ල ප්රදේශයන්හි පිහිටි සුවිශේෂී ශාඛා දෙක හරහා තම පාරිභෝගිකයන් වෙත ළඟා වෙමින් දිවයිනේ පාරිභෝගික සම්බන්ධතාව උපායශීලීව ශක්තිමත් කර ඇත. භූගෝලීය සීමාවන් වලින් ඔබ්බට යමින්, vivo විසින් නවීනතම පහසුකම් සහ උපකරණ පාරිභෝගිකයන් වෙත බාධාවකින් තොරව ලබා දීමට සහ කාර්යක්ෂම After-sales සේවා අත්දැකීමක් සහතික කිරීමට අවශ්ය සියලුම පියවර ගනිමින් සිටී.
පාරිභෝගිකයාට ඔවුන්ගේ විමසුම් සහ අවශ්යතා ඉදිරිපත් කිරීමට Live Chat සේවාවක් සක්රිය කර ඇත. 011 20 29 184 අංකයට ක්ෂණික ඇමතුමක් ලබා දීම සහ Facebook සහ email මගින් මෙම සේවා ලබා ගත හැකිය. පාරිභෝගිකයින්ට ඔවුන්ගේ විමසුම් සඳහා තත්පර කිහිපයක් ඇතුළත ක්ෂණික ඇමතුම් මගින්, Facebook සහ පැය 24 තුළ servicecenter@lk.vivo.com හරහා ප්රතිචාර දක්වනු ලැබේ. මෙම අංකය වෙළඳ නිවාඩු දින හැර සතියේ දිනවල පෙ.ව. 9 සිට පස්වරු 5 දක්වා, සෙනසුරාදා පෙ.ව. 9 සිට පස්වරු 2 දක්වා ක්රියාත්මක වේ.
June, 9, 2022
වෙනස්වීම ජීවිතයේ එකම ස්ථිරතාවය වන අතර ස්මාර්ට්ෆෝන් කර්මාන්තයටද එහි වෙනසක් නොමැත. ගතවන සෑම දිනයක් පාසාම ස්මාර්ට් ජංගම දුරකතනයන්හි විවිධ නවෝත්පාදනයන් රැසක් සිදුවන බව අපට දැකගත හැකිය. ප්රමුඛතම ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo, ජංගම දුරකථන තාක්ෂණයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ පුරෝගාමියෙකු ලෙස බොහෝ කලක සිට කටයුතු කරනු ලබයි. ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තයට vivo විසින් ප්රථම වරට හඳුන්වා දුන් බොහෝ තාක්ෂණික නවෝත්පාදන හේතුවෙන් අද වන විට පරිශීලකයන්ට ඡායාරූප ස්ටූඩියෝවක් තුලින් ලබා ගත හැකි ආකාරයේම ගුණාත්මක ඡායාරූප තම ජංගම දුරකථනය මගින් ලබා ගැනීමට අවස්ථාව සැලසී ඇත.
vivo විසින් ජංගම දුරකථන වෙත රැගෙන ආ සුවිශේෂී වැඩිදියුණු කිරීම් කිහිපයක් පහත දැක්වේ.
Optics සහ Optoelectronics අංශයෙන් ගෝලීය ප්රමුඛයෙකු වන ZEISS සමඟ සහයෝගිතාවයක් ගොඩනගා ගැනීම තුලින් Gimbal කැමරා තාක්ෂණය, ජංගම දුරකථන ඡායාරූපකරණ අත්දැකීම උපරිම ලෙස පරිශීලකයන්ට සැපයීම උදෙසා නිර්මාණය කර ඇත. එමගින් සමස්ත light sensing ක්රියාවලිය වඩාත් හොඳ කාර්ය සාධනයකින් සපයන අතර අඩු ආලෝකයකදී වුවද පැහැදිලි ඡායාරූප ගැනීමට හැකිවන පරිදි විශාල ප්රමාණයේ සෙන්සරයක් සමගින් ultra-HD ගනයේ ඡායාරූප ලබා දෙයි.
vivo's premium range flagship හි සහතික කරන ලද ZEISS T* Coating මගින් දෘශ්ය ආලෝක සම්ප්රේෂණය වැඩි දියුණු කිරීම, පරාවර්තනය අඩු කිරීම සහ ඡායාරූප වල වර්ණ නිවැරදිව පිළිබිඹු කිරීම සිදු කරනු ලබයි. තවද එමගින් ආලෝකය, පරාවර්තනය සහ අනෙකුත් දෑ තුලින් ඇතිකල හැකි අහිතකර බලපෑම් අඩු කරන අතර ඡායාරූප වල ගුණාත්මකභාවය මෙන්ම ආලෝකය සම්ප්රේෂණය ද සැලකිය යුතු ලෙස වැඩි කරයි.
vivo විසින් හඳුන්වා දුන්, මෙම විශේෂාංගය මගින් අස්ථායී කැමරා චලනය නිසා ඇති වන නොපැහැදිලි, සෙලවෙන ඡායාරූප සහ වීඩියෝ හේතුවෙන් පරිශීලකයන් පත් වූ අපහසුතාවයට විසඳුමක් ලබා දෙයි. Eye Autofocus මගින් චලනයේදී පවා ඡායාරූප බාධාවකින් තොරව ග්රහණය කර ගැනීම සඳහා අවස්ථාව සලසා දෙයි. Autofocus (AF) සහිත ඉදිරිපස කැමරාවක් පැවතීම ඉතා සුවිශේෂී අංගයකි.
Vivo හි OIS ඉදිරිපස කැමරා තාක්ෂණය මගින් අනාගත ස්මාර්ට්ෆෝන් ඉදිරිපස කැමරා සඳහා, ප්රමිතිය සැකසීමේ වැදගත් පියවරක් සනිටුහන් කරන ලදී. OIS මගින් මෘදුකාංග-දෘඪාංග සහයෝගීතාවයක් නිර්මාණය කරන අතර එමගින් handheld සහ motion shots සඳහා අතිශය ස්ථායීකරණ හැකියාවන් ලබා දෙයි. OIS යනු දුරකථනයේ චලනය හඳුනා ගනිමින් ඒ අනුව ඡායාරූපයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ස්වයංක්රීයව කැමරාව සැකසීමට උපකාරී වන දැවැන්ත තාක්ෂණයකි. එමගින් පරිශීලකයාට විශිෂ්ට සමස්ත ඡායාරූප අත්දැකීමක් ලබා දෙයි.
vivo, pop-up කැමරාව වෙළඳපොළට ගෙන ආ ප්රථමයා වූ අතර ඉන්පසු අනෙකුත් වෙළඳනාම එය අනුගමනය කිරීම අරඹන ලදී. vivo හි ඉංජිනේරු කණ්ඩායම විසින් සැබවින්ම පහසු, ක්රියාකාරී සහ කල් පවතින කැමරාවක් නිර්මාණය කිරීම සඳහා pop-up කැමරාව සඳහා අවශ්ය සියලු අධ්යයනයන් සිදු කරන ලදී.
ඉදිරිපස පවතින Dual LED spotlight සතුව ක්ෂණිකව ආලෝක වැඩි කිරීමේ හැකියාව පවතී. පවතින ආලෝක තත්ත්වයන් නොතකා සෑමවිටම සුපැහැදිලි selfie ඡායාරූප ලබා දීම එමගින් සිදු කරයි. vivo විසින් නව්ය ලෙස සිය ජංගම දුරකථන වල ඉදිරිපස පුවරුව යටට OLED ස්පොට් ලයිට් දෙකක් එකතු කර ඇති අතර, එමගින් රාත්රියේදී පවා ඡායාරූප ස්ටූඩියෝවකින් ලබා ගත හැකි ආකාරයේ ආලෝකයක් සමගින් ඡායාරූප සහ වීඩියෝ පටිගත කිරීම් සිදු කිරීමට සහ අතිශය පැහැදිලි selfie ලබා ගැනීමට අවස්ථාව ලබා දේ.
මෙම විශේෂාංගය මගින් ඉදිරිපස කැමරාව සහ පසුපස කැමරාව මගින් සිදුවීමට අවශ්ය කටයුතු එකවර ලබා ගැනීමට අවස්ථාව සලසා දේ. පරිශීලකයින්ට single tap එකක් මගින් එකවර, පසුබිම සහ ඔවුන්ව පටිගත කළ හැකිය. එය නිර්මාණකරුවන්ට සහ Live පටිගතකිරීම් ලබා දෙන්නන්ට ලැබෙන කදිම අවස්ථාවකි.
Video Story