• Ada Derana BIZ Sinhala
  • AIA Insurance
  • sri lanka
  • WCIC

AIA ඉන්ෂුවරන්ස්, දිවයින පුරා කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට WCIC සමගින් සහයෝගීතාවයකට එළඹේ

November, 12, 2022

 

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (WCIC) නොබෝදා සහයෝගීතාවයකට එළෙඹෙන ලදී. මේ ඔස්සේ WCIC මගින් සංවිධානය කරනු ලබන 2022 කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සඳහා ස්වර්ණ සහකරු ලෙස සිය දායකත්වය ලබා දෙමින්, 2022-2023 වසර සඳහා කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ WCIC හි ක්‍රමෝපායික වැඩසටහන් වෙනුවෙන් සහය ලබා දීමට AIA ඉදිරිපත්ව සිටියි.

දශක ගණනාවක් පුරාවට කාන්තා සවිබලගැන්වීම, ව්‍යවසායකත්වය සහ කාන්තාව ආර්ථිකයට ඇතුළත් කරගැනීම් පෝෂණය කල සමාගමක් වශයෙන් AIA ඉන්ෂුවරන්ස් සමාගමට, කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලයෙහි අරමුණු හා සමගින් ඇත්තේ එකිනෙකට සමාන වූ ඉදිරි දැක්මක්. එනම් කාන්තා සවිබලගැන්වීමේ සහ මූල්‍ය වශයෙන් ඔවුන් ඇතුළත් කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක ජාතික තලයේ වැඩසටහනක් වන AIA ඉන්ෂුවරන්ස් හි ‘AYA SURAKINA AIA’ කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය සහ ප්‍රගතිය මෙහෙයවන අතර එය කාර්ය මණ්ඩල සාමාජිකාවන්හට, අලෙවි නියෝජිතවරියන්හට, කාන්තා සේවාලාභීන්හට මෙන්ම මුළු මහත් සමාජයේම සිටින කානතාවන්හට අදාළ වේ. මෙසේ එක්ව සිදුකරන්නා වූ සහයෝගීතාවයන් ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, රක්ෂණය සහ කාන්තාව පිළිබඳව ගැඹුරු ලෙස පර්යේෂණ පවත්වනු ලබන අතර ශ්‍රී ලාංකික කාන්තාවන්හට රක්ෂණ විසදුම් ලබා දෙමින්, මූල්‍ය දැනුම සඳහා පුහුණු සැසි පවත්වමින් තොරතුරු ලබා ගැනීමට මං පාදා දෙමින් වඩාත් අර්ථවත් වූ ධනාත්මක බලපෑමක් ඔවුනගේ ජීවිත වලට ඇතිකරලීමට සහාය ලබා දෙයි.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, කාන්තාවන්හට සේවය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සමාගමක් ලෙස සිය කාර්යමණ්ඩලය තුල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සියලු දෙනා ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වීම සඳහා කැපව කටයුතු කරයි. පසුගිය වසරේදී සමාගම සිය සේවා බලකාය තුල කාන්තා නියෝජනය 41% දක්වා වැඩිකරලීමට කටයුතු කර ඇත. එමෙන්ම සමාගමේ අලෙවි බලකාය වන AIA වෙල්ත් ප්ලෑනර්වරුන් අතර ද 47% ක කාන්තා නියෝජනයක් ඇති අතර විශේෂත්වය වන්නේ සමාගම තුල ඉහළම කාර්යසාධනයක් ඇති හොඳම අලෙවිකරුවන් 100 දෙනා අතරින් 53%ක ප්‍රතිශතයක් නියෝජයන කරන්නේ ද කාන්තාවන් වීමත්, එමෙන්ම සමාගමට වසරකට ලැබෙන නව ව්‍යාපාර වලින් භාගයකට අධික ප්‍රමාණයක් ගෙන එන්නේ ද එම කාන්තාවන් විසින් වීමත්ය.

AIA ඉන්ෂුවරන්ස්, සමාගමේ කාර්ය මණ්ඩලය තුල සහ අලෙවි බලකාය තුලත් කාන්තා නියෝජනය වැඩිකරගැනීමට පමණක් නොව, ඔවුනගේ වෘත්තීය වර්ධනය තහවුරු කිරීමටත් කැපවී කටයුතු කරනවා. නායකත්වය සඳහා කාන්තා නියෝජනය වැඩිකරලීම සඳහා ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර ඇති අතර ඒ සඳහා ඔවුන්ව දේශීය සහ විදේශීයව පවත්වන වැඩසටහන් ඔස්සේ දැණුමෙන් සහ පුහුණුවෙන් සන්නද්ධ කිරීමටත් ඔවුනට නම්‍යශීලී කාලවේලාවන්ට අනුව වැඩ කරමින්, නිදහසේ සිය වෘත්තියෙහි නියැලීමට අවශ්‍ය අවකාශය සකස් කර දෙමින් ඉගෙනීම තුලින් වර්ධනයට ඉඩ සැලසීම සඳහා ද සමාගම කටයුතු යොදා තිබෙනවා. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස AIA හි ජේෂ්ඨ නායකත්ව බලකායෙන් 33%ක ප්‍රතිශතයක් කාන්තාවන් වන අතර ආයතනයේ කාන්තාවන් අතරින් 70% මෙහෙයුම් හා 63% ආයුඝනක යන රක්ෂණ හා සම්බන්ද විශේෂිත කාර්යාභාරයන් හි නිරත වේ.

 

 

 

  • Ada Derana BIZ Sinhala
  • DFCC
  • sri lanaka
  • WCIC

‘DFCC ආලෝකා’ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් WCIC කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සවිබලගැන්වෙයි

October, 27, 2022

ශ්‍රී ලංකාවේ මෙන්ම මුළුමහත් ලෝකයේ සියලුම දෙනා වෙත ආර්ථික සමෘද්ධියේ ප්‍රතිලාභ ළඟා කර දීමේ උත්සාහය සාර්ථක කරගැනීමට නම් කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම අතිශයින් වැදගත් ය. මෙරට කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා DFCC බැංකුව කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටින අතර, ‘DFCC ආලෝකා’ යනු එම අරමුණ වෙනුවෙන් හඳුන්වා දෙන ලද ඉතුරුම් ගිණුමක් මූලික කරගත් සේවාවන් එකතුවකි.

මෙහි තවත් පියවරක් වශයෙන්, කාන්තා ව්‍යවසාය සංවර්ධන හා වාණිජ මණ්ඩලය (Women's Chamber of Industry and Commerce - WCIC)  විසින් සංවිධානය කරනු ලබන 2022 ‘ප්‍රතිභාභිෂේක’ කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදීමට DFCC ආලෝකා ඉදිරිපත් වී සිටී. මෙම සම්මාන උළෙලේදී, මෙරට ආර්ථිකයට විශිෂ්ටතම දායකත්වයක් ලබාදුන් ව්‍යවසායිකාවන් ඇගයීමට ලක්කෙරේ.

කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුන් වෙත මූල්‍ය සේවාවන් හඳුන්වා දීමට DFCC බැංකුව දරන උත්සාහය එහි තිරසාරත්ව ක්‍රමෝපායේ ප්‍රධානතම අංගයකි. ප්‍රධාන වශයෙන් DFCC ආලෝකා ගිණුම මූලික කරගෙන ක්‍රියාත්මක කෙරෙන මෙම මෙහෙවර තුළදී කාන්තාවන්ට පෞද්ගලික තලයේදී මෙන්ම වෘත්තීය හා ව්‍යවසායකත්ව තලයේදී සාර්ථක වීමට අවශ්‍ය අත්වැල ලබාදෙනු ලැබේ.

ශ්‍රී ලංකාවේ හා සාක් කලාපයේ ව්‍යවසායිකාවන්ට සහ කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර වලට මෙම සම්මාන සඳහා අයදුම් කළ හැක. අයදුම්පත් භාරගැනීම 2022 ඔක්තෝබර් 31 දිනෙන් අවසන් වන අතර, සම්මාන උළෙල 2023 ජනවාරි මාසයේදී පැවැත්වේ. 2021/22 මූල්‍ය වර්ෂයේ ආදායම් දත්ත අනුව ආරම්භක මට්ටම, සුළු, කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ යන කාණ්ඩ යටතේ මේ සඳහා අයදුම් කළ හැක. සෑම කාණ්ඩයක් සඳහාම රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනැමෙන අතර, ශ්‍රී ලංකාවේ පළාත් මට්ටමින් තෝරාගැනෙන විශිෂ්ටතම ව්‍යාපාර සඳහාද සම්මාන පිරිනැමෙනු ඇත. මීට අමතරව මෙහිදී විශිෂ්ටතම තරුණ ව්‍යවසායිකාව, විශිෂ්ටතම ආරම්භක මට්ටමේ ව්‍යාපාරය, වඩාත්ම ධනාත්මක හැකියාව ඇති ව්‍යවසායිකාව, විශිෂ්ටතම අපනයන-නැඹුරු ව්‍යවසායිකාව සහ සාර්ක් කලාපයේ විශිෂ්ටතම ව්‍යාපාර යන කාණ්ඩ යටතේ සම්මාන පිරිනැමේ. සම්මාන උළෙලේ අවසානයේදී ‘2022 වසරේ විශිෂ්ටතම ව්‍යවසායිකාව’ සම්මානය හිමි ජයග්‍රාහිකාව නිවේදනය කෙරෙනු ඇත.

“අපගේ දැක්ම වන්නේ සියලුම දෙනාට සමාන අවස්ථා ලැබෙන අනාගතයක් නිර්මාණය කිරීමයි. කාන්තාවන් සවිබල ගැන්වීම යනු ඒ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමේ උත්සාහයේ වැදගත් අංගයක්. මේ උත්සාහයේ පෙරමුණ ගෙන තිබෙන්නේ DFCC ආලෝකා ගිණුමයි.  ඒ හරහා ව්‍යවසායිකාවන්ට මූල්‍ය පහසුකම් හා සේවාවන් සැපයීම සඳහා අප විවිධ සංවිධාන සමඟ හවුල්කාරීත්වයන්ට එළඹී තිබෙනවා. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ යහපත උදෙසා අපගේ කැපවීම ස්ථාවර වන අතර, රටේ අනාගත සංවර්ධනය සඳහා තීරණාත්මක සාධකයක් ලෙස අප දකින කාන්තා ව්‍යවසායකත්වය කෙරෙහි ඉදිරියේදී මීටත් වඩා වැඩි අවධානයක් යොමු කරවීමට අප බලාපොරොත්තු වෙනවා.” DFCC බැංකුවේ Pinnacle/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් ප්‍රධානී ශේරා හසන් මහත්මිය පැවසුවා ය.

‘කාටත් ගැළපෙන බැංකුව’ යන තේමාව යටතේ සියල්ලන්ගේ සිහින සැබෑ කරමින්, DFCC ආලෝකා ගිණුම ඇතුළු අනෙකුත් සේවාවන් ඔස්සේ ඔවුන් සවිබල ගැන්වීමට DFCC බැංකුව සෑම විටම උත්සාහ කරයි. මෙම මෙහෙවරට විශේෂ ණය ක්‍රම හඳුන්වා දීම, ව්‍යවසායකත්වය හා නායකත්වය සම්බන්ධ වැඩමුළු හා පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ එම වැඩසටහන් වලට සහභාගී වන්නන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයතන වෙතින් සහතික පිරිනැමීම වැනි බොහෝ දේ ඇතුළත් වී තිබේ.

‘DFCC ආලෝකා’ යනු ශ්‍රී ලාංකික කාන්තාවන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය මූල්‍යමය අත්වැල සැපයීම ඉලක්ක කරගත් සුවිශේෂී මූල්‍ය සැලසුම් සේවාවකි. මෙම සේවාව යටතේ, කාන්තාවන්ට විශේෂයෙන් වැදගත් වන ප්‍රතිලාභ රැසක් පිරිනමන, වෙළඳ නාමය සඳහන් ක්‍රෙඩිට් කාඩ්පතක් ඇතුළුව, සාමාන්‍ය ඉතුරුම් ගිණුමකින් නොලැබෙන ප්‍රතිලාභ රැසක් හිමි වේ.  රු. 1000/- ක් වැනි සුළු මුදලකින් ගිණුමක් ආරම්භ කළ හැකි වීම, විශේෂ පොලී අනුපාතයක් හිමි වීම, දිවයින පුරා DFCC හෝ LankaPay ATM යන්ත්‍ර වලින් ගාස්තුවකින් තොරව මුදල් ලබාගත හැකි වීම, නොමිලේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් හිමි වීම සහ Mteller හරහා නිවසේ සිටම සුරක්ෂිත ලෙස බැංකු  සේවාවන් ලබාගත හැකි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් මීට ඇතුළත් ය. තවද විශේෂ පොලී අනුපාතයන් යටතේ හිමිවන රන්භාණ්ඩ උකස් සේවාව, ගිණුමේ ශේෂය මෙන් 10 ගුණයක් දක්වා නොමිලේ රක්ෂණ ආවරණයක් සහ Doc990 සමග එක් වී පිරිනමන ප්‍රතිලාභයක් ලෙස, ගිණුම් හිමිකාරිය සහ පවුලේ සාමාජිකයක් 3 දෙනෙකු දක්වා පිරිසකට නොමිලේ සෞඛ්‍ය සේවාවන් හිමි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක්ද ඔවුන්ට හිමි වේ. මේ සියල්ලට අමතරව, ව්‍යවසයිකාවන්ට මුදල් ප්‍රදානයන් ඇතුළුව මූල්‍ය පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද ‘DFCC ආලෝකා’ නිරන්තරයෙන් කටයුතු කරයි.