July, 23, 2014
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ට්‍රාන්ස් ඒෂියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අයහපත් කාලගුණික තත්ත්වය නිසා අද තායිවානයට හදිසි ගොඩබෑමක් සිදුකරන විට ගුවන් යානය අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් මගීන් 51 දෙනෙකු මියගොස් තවත් මගීන් 07 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි.
මෙම ගුවන් යානය අනතුරට පත්ව තිබෙන්නේ තායිවානයේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ පෙන්ගු දූපත් වලදීයි.
තායිවාන බලධාරීන් පවසා තිබෙන්නේ මෙම ගුවන් යානයේ මගීන් 58 දෙනෙකු ගමන් ගත් බවත් ඔවුන් අතර යානයේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුද සිටින බවයි.
ගුවන් යානය දේශීය ගුවන් මාර්ගයක ගමන් කරමින් සිටියදී අනතුරට පත්ව ඇත.
Video Story