“Tata Nano Challenge Mileage Rally 2016” හිදී Tata Nano ඉන්ධන දහනය අවම මෝටර් රථයක් බවට තවදුරටත් තහවුරු වෙයි

    July, 1, 2016

    “Tata Nano Challenge Mileage Rally 2016” හිදී Tata Nano ඉන්ධන දහනය අවම මෝටර් රථයක් බවට තහවුරු වෙයි. මෙරට ප්‍රමුඛතම රථවාහන සමාගමක් මෙන්ම Tata සමාගමේ ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිතයා වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) සංවිධානය කළ “Tata Nano Challenge Mileage Rally 2016” හිදී Tata Nano මෙරට ඉන්ධන දහනය අවම මෝටර් රථයක් බව යළි තහවුරු විය.

    “Tata Nano Challenge Mileage Rally 2016” පසුගියදා කොළඹින් ඇරඹි අතර එහි අරමුණ වූයේ මෙරට වඩාත්ම ඉන්ධන දහනය අවම මෝටර් රථයක් ලෙස Tata Nano මෝටර් රථය පිළිබඳ පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමයි. මෙම “Tata Nano Challenge Mileage Rally 2016” සඳහා දිවයින පුරා Tata Nano හිමිකරුවන් සිය දෙනෙකු පමණ රථවාහන ඉදිරිපත් කර තිබූ අතර මෙම රැළිය කොළඹ පිහිටි ඩීමෝ ප්‍රධාන කාර්යාලය අසලින් ඇරඹිණ. කිරිබත්ගොඩ,සියඹලාපේ, ගම්පහ, උඩුගම්පොළ, දිවුලපිටිය සහ මීගමුව ආවරණය වන පරිදි කිලෝමීටර් 100 ක දුරක් Tata Nano රථ ධාවනය කිරීම මෙම රැළියේදී සිදු කෙරින.මේ සඳහා අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබී තිබූ අතර ඉන් තත්ව පරීක්ෂාවකින් තෝරාගත් 100 දෙනෙකු පමණක් රැළිය සඳහා ඉදිරිපත් කෙරිණ. මෙම රැළිය සඳහා සහභාගි වන සෑම තරගකරුවෙකුටම නියමිත කාල සීමාවක්, මාර්ග සිතියමක් සහ ධාවනය කිරීමේ උපදෙස් මාලවක් ඩීමෝ සමාගම විසින් සපයා තිබුණි. “ටොප් අප්“ ක්‍රමයට ඉන්ධන දහනය පිළිබඳව මැන බැලීම මෙහිදී සිදු කෙරුණු මෙම ක්‍රමය අනුව සෑම වාහනයක්ම ධාවනය වන දුර අනුව වැයවන ඉන්ධන ප්‍රමාණය නිවැරදිව ගණනය කළ හැකිවෙයි.

    ඉන්ධන ලීටරයට කිලෝමීටර් 36.88 ක දුරක් ධාවනය කරමින් මෙම රැළියේ ජයග්‍රහණය නුගේගොඩ පදිංචි රනිකා සුලක්ෂණි මහත්මිය විසින් හිමිකරගත් අතර ඇයට ඉන්දීය සංචාරයක් ප්‍රථම ත්‍යාගය වශයෙන් පිරිනැමුණි. ඉන්දියාවේ Tata ආයතනය නැරඹීමටද මෙහිදී ඇයට අවස්ථාව උදාවෙයි.මෙහි දෙවන ස්ථානය ඉන්ධන ලීටරයට කිලෝමීටර් 36.73 ක දුරක් ධාවනය කළ කොළඹ 12 පදිංචි උපාලි කිත්සිරි මහතා විසින් හිමිකරගත් අතර තරු පහේ හෝටලයක රාත්‍රී දෙකක් ගතකිරීමට අවස්ථාව ඔහු වෙත පිරිනැමිණ. එසේම තෙවන ස්ථානයට හිමි සිව් දෙනෙකු සඳහා තරු පහේ හෝටලයක රාත්‍රී ආහාරය දිනා ගනු ලැබුවේ ඉන්ධන ලීටරයට කිලෝමීටර් 33.90 ක දුරක් ධාවනය කළ අංගොඩ පදිංචි ටී.බී.ජී සොයිසා මහතා විසිනි. මීට අමතරව “වැඩිම දුරක් ධාවනය කළ මෝටර් රථය“, “හොඳම නවීකරණය කළ මෝටර් රථය“ “හොඳින් නඩත්තු කළ මෝටර් රථය“ සහ “වැඩිම වාර ගණනක් ඩීමෝ වෙතින් සේවා පහසුකම් ලබාගත් මෝටර් රථය“ යනාදී අංශ වලින්ද ජයග්‍රාහකයන් තෝරා ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදුවිය.තවද මෙහි සහභාගීත්වය වෙනුවෙන් සහතික පත්‍රයක් සහ තවත් ත්‍යාග රැසක් සියලුම තරගකරුවන් වෙත පිරිනමනු ලැබිණ.

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රථම ස්ථානය දිනු රනිකා සුලක්ෂණී මහත්මිය සඳහන් කළේ සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි. සිය ජීවිතය තුළ තමන්ට හමුවූ හොඳම ඉන්ධන පිරිමැස්ම සහිත වාහනය වන්නේ Tata Nano මෝටර් රථය බවද ඇය සඳහන් කළාය. Tata Nano රථය නිසා පවුලේ ගමනාගමන වියදම් සැලකිය යුතු මට්ටමකින් අඩුකරගත හැකිවී ඇති බව පෙන්වාදුන් ඇය වැඩිදුරටත් සඳහන් කළේ සිය පවුලේ සුව පහසුව සහ ආරක්ෂාව අතින් ද Tata Nano රථය වැදගත් වන බවයි.

    ඩීමෝ සහ Tata ආයතනවල ප්‍රධානීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙහි සම්මාන ප්‍රදානෝත්සවය සහ ත්‍යාග පිරිනැමීම Jetwing Blue හෝටලයේදී පැවැති අතර ඒ සඳහා ඩීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ , අධ්‍යක්ෂ විජිත බණ්ඩාර, Tata වාහන සේවා අංශයේ සාමාන්‍යාධිකාරි මහේෂ් කරුණාරත්න, Tata වාහන අමතර කොටස් අංශයේ සාමාන්‍යාධිකාරි නවීන් සෙනවිරත්න, Tata මගී රථ වාහන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනුර විජේසිංහ, Tata මෝටර්ස් හි ජාත්‍යන්තර ව්‍යාපාර සහ මගී මෝටර් රථ අංශයේ අලෙවි සේවා ප්‍රධානි සහ දකුණු ආසියානු කලාපීය ප්‍රධානි සුජාන් රෝයි, ජාත්‍යන්තර ව්‍යාපාර අංශයේ මගී වාහන කලාපීය පාරිභෝගික සේවා කළමණාකරු රන්දීර් චෞද්රි, ජාත්‍යන්තර ව්‍යාපාර අංශයේ මගී රථ වාහන කලාපීය කළමණාකරු ප්‍රණාව් කුමාර් ආදීන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දැක්වූ ඩීමෝ හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ මෙම තරගයේ ජයග්‍රාහකියන් වෙත තම සුභපැතුම් පිරිනමන බවයි. ඉන්ධන පිරිවැය අවම මෝටර් රථයක් ලෙස Tata Nano යළි ස්ථානගතවීම සත්‍ය වශයෙන්ම පාරිභෝගිකයා ගෙවන මුදලට වැඩි වටිනාකමක් සහ වගකීමක් ලබා දීමක් බව ද ඒ මහතා පැවැසීය. එමෙන්ම ඩීමෝ හි දීප ව්‍යාප්ත අලෙවියෙන් පසු සේවා මධ්‍යස්ථාන ද මෙහිදී වැදගත් වන බවත් විශේෂයෙන්ම කොළඹ 14 සහ රත්මලාන යන ප්‍රදේශ වල පිහිටා ඇති සේවා මධ්‍යස්ථාන මගින් නිරතුරුවම Tata Nano වාහන පිළිබඳව සොයා බැලීම් සහ නඩත්තු කටයුතු සිදුකරන බවත් හෙතෙම කීය.

    මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් පළ කල ඩීමෝ හි අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා පැවසූවේ දිවයින පුරා Tata Nano පාරිභෝගිකයින් මෙහිදී දැක්වූ සහයෝගය අගය කරන බවයි. ඩීමෝ මගින් Tata වාහන සඳහා ලොව උසස්තම අලෙවියෙන් පසු සේවා පහසුකම් සමග පළපුරුදු තාක්ෂණ ශිල්පීන්ගේ දායකත්වය ද හිමිවෙයි. මේ නිසා ඉතා ඉහළ මට්ටමින් නඩත්තු වන වාහනයක් ලෙස Tata Nano හැඳින්විය හැකි බවද හෙතෙම පැවසීය.

    Tata මෝටර්ස් හි ජාත්‍යන්තර ව්‍යාපාර සහ මගී මෝටර් රථ අංශයේ අලෙවි සේවා ප්‍රධානි සහ දකුණු ආසියානු කලාපීය ප්‍රධානි සුජාන් රෝයි මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ විශිෂ්ඨ සහභාගිත්වයක් සහිතව රැළිය පැවැත්වූ බවයි. Tata නිරතුරුවම පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් මෙම සේවාව අඛණ්ඩව සිදු කරන බවද හෙතෙම පැවසීය.

    2011 වසරේදී මෙරටට හඳුන්වා දුන් Tata Nano මෝටර් රථය අඛණ්ඩව වසර ගණනාවක් තිස්සේ මෙරට ඉන්ධන අරපිරිමැස්මෙන් ඉහළ මෝටර් රථයක් ලෙස ජනප්‍රසාදයට පාත්‍ර වී ඇත. Tata Nano හි GenX Nano එහි නවතම හඳුන්වාදීම වන අතර විවිධ වර්ණ ගණනාවක් සහිත GenX Nano මේ වනවිට අතිශය ජනප්‍රියත්වයට පත්වූ මෝටර් රථයක් වී හමාරය. GenX Nano සුවපහසු මෝටර් රථයක් වන අතරම Electronic Power Assisted Steering (ePAS) පහසුකම සහිත සහ වායු සමීකරණ මෙන්ම ආරක්ෂාකාරී පහසුකම් වලින්ද අනූන මෝටර් රථයකි. එමෙන්ම ඉඩ පහසුකම් අතින්ද මගීන්ට සරිලන පුළුල් ඉඩ පහසුකම් වලින් GenX Nano සමන්විත වෙයි.

    වසර 55 ක් තිස්සේ ඩීමෝ සහ Tata මෝටර්ස් සහයෝගීත්වයෙන් කටයුතු කරන අතර Tata Bolt, Tata Zest, Tata Aria,Tata Safari Storme මෙරටට ගෙන්වන අනිකුත් මගී රථ වාහන වේ. එමෙන්ම නුදුරු අනාගතයේදී Tata Tiago සහ Tata GenX Nano (Automatic) රථ ද ඩිමෝ සමාගම මඟින් මෙරටට හඳුන්වා දීමට නියමිතයි. Tata කැබ් රථ, සහ බස් රථ සහ ට්‍රක් රථ වැනි වෙළඳ වාහන සහ ඕෆ්රෝඩ් වාහන රැසක්ද ඩීමෝ වෙතින් ඛෙදාහරිනු ලබයි. සේවා පහසුකම් සහ අමතර කොටස් මෙන්ම විසි හතර පැය පුරා ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවා පහසුකම් ද පාරිභෝගිකයින්ට හිමිවන වරප්‍රසාදයකි.