TBS ජාත්‍යන්තර කැම්පස්හි නිඳුවර හෙද පීඨයේ සහතික පත්‍ර හා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වේ

    November, 12, 2024

    මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනූ TBS ජාත්‍යන්තර කැම්පස්හි නිඳුවර හෙද පීඨය විසින් සාත්තු සේවක NVQ 03 පාඨමාලාව සමත් සිසු සිසුවියන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය උත්කර්ෂවත් ලෙස මහනුවරදී පවත්වන ලදී. 2022දී ඇරැඹුණු TBS සාත්තු සේවා සිව් දින පුහුණු පාඨමාලාව සහ ලොව පුරා රටවල් රැසක සාත්තු සේවා ක්ෂේත්‍රයෙහි රැකියා සඳහා අවශ්‍ය වන NVQ 03 පාඨමාලාව මෙන්ම හෙද සහායක NVQ 04 පාඨමාලාවද නිඳුවර හෙද විද්‍යාලය පිරිනමන සුවිශාල ඉල්ලුමක් සහිත පාඨමාලා අතර ප්‍රමුඛ වේ.

    TBS ජාත්‍යන්තර කැම්පස්හි නිඳුවර හෙද පීඨය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැනුමෙන්, දක්ෂතාවලින් හා යහපත් ආකල්පවලින් සපිරුණු සාත්තු සේවක සේවිකාවන්, හෙද සහායකයන් සහ ඖෂධ සහායකයන් රැසක් දායද කර ඇත. TBS ජාත්‍යන්තර කැම්පස්හි අධ්‍යක්ෂ නුවන් ජයකොඩි, තුෂාර දිසානායක, දුලේන්ද්‍ර හේරත් යන මහත්වරුන්ගේ සංකල්පයකට අනුව බිහිවූ නිඳුවර හෙද පීඨය එහි විදුහල්පති තුෂාර දිසානායක මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන අතර තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතියද ලබා ඇත.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුසන්ත රත්නායක, ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මහනුවර ශාඛාවේ සභාපති ආනන්ද උයන්වත්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උපාධි ප්‍රදානෝත්සවය සදහා TBS ආයතනයේ නීති උපදේශිකා ගීත් යහතුගොඩ, TBS ආයතනයේ උපදේශක මිරාක් ෆාරුක්, වෝල්ටන් කැම්පස් සභාපති රාසි අහමඩ් යන මහත්ම මහත්මීහු ආරාධිතයන් ලෙස පැමිණ සිටියහ.

    TBS නිඳුවර හෙද පීඨයේ කථිකාචාර්ය ඩී. එම්. එන්. දසනායක මහත්මියගේ සහා කථිකාචාර්ය බී. එම්. ඕෂධී ඩයනිකා මහත්මියගේ පූර්ණ මග පෙන්වීම යටතේ මෙහිදී සාත්තු සේවා NVQ 03 පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන් 80කට සහතික පත්‍ර ප්‍රදානය කළ අතර මහනුවර TBS ජාත්‍යන්තර කැම්පස්හි සංචාරක සහ සත්කාරක කළමනාකරණ පීඨයේ හෝටල් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන් 10කට ඩිප්ලෝමා ප්‍රදානය කරන ලදී. මහනුවර සහ කඩවත නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක නිඳුවර හෙද පීඨයට ඔබගේ අනාගත සිහින සැබෑ කර ගැනීමට විශ්වාසයෙන් පිය නඟන්න.