Tesla ප්‍රධානියාගේ මීළඟ ඉලක්කය ඉලෙක්ට්‍රික් ගුවන් යානයක්

    February, 9, 2016

    තමන් ගේ මීළඟ ඉලක්කය ඉලෙක්ට්‍රික් ගුවන් යානයක් නිපදවීම බව Tesla මෝටර්ස් ඉන්කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිලධාරී එලන් මස්ක් පැවසීය. මෙම ගුවන් යානය සිරස්ව ගුවන්ගත විය හැකි සහ පොළවට පතිත විය හැකි එකක් වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    Tesla සන්නාමය යටතේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ වෙළෙඳපොළට හඳුන්වා දීමේ පුරෝගාමියා වන්නේ එලන් මස්ක් ය. එසේම SpaceX හා Hyperloop යනා දී නව්‍ය නිර්මාණයන් ලොවට හඳුන්වා දීමේ ගෞරවය ද ඔහු සතුය.

    පසුගිය සතියේ පැවති SpaceX Hyperloop Pod Award Ceremony අවසානයේ දී ඔහුගේ මීළඟ ඉලක්කය කුමක්දැයි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් එලන් මස්ක් මේ බව සඳහන් කළේය.

    ෆෝබ්ස් වාර්තාවලට අනුව 2015 වසර අවසානයේ දී ඔහු සතු ධනය ඇමරිකානු ඩොලර් බිලියන 13 ඉක්මවා තිබේ.