The Routes We Take වැඩසටහන මෙරට නිර්මාණ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි

    March, 18, 2026

    The Routes We Take (TRWT) වැඩසටහන, 2025 අවසන් භාගයේදී EUNIC ශ්‍රී ලංකා හවුල්කාරිත්වය සාර්ථකව අවසන් කළේය. එසේ වුවත්, Good Life X සමාගමේ මූලිකත්වයෙන් එම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ නිර්මාණ ක්ෂේත්‍රයේ තිරසාරත්වය මුල්කර ගත් නවෝත්පාදනය සහ අන්තර්-කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් TRWT වැඩසටහන කැප වී සිටී.

    2024 වසරේදී ඩිජිටල් නිර්මාණශීලී හරිත සැලසුම සමගින් ඇරඹුණු එම වැඩසටහන තුළ පිරිස් 210 කට අධික පිරිසක් ලැයිස්තුගත වී ඇත. දෘශ්‍ය කලා, ඉදිරිපත් කිරීම්, නිර්මාණ සැලසුම්, ගෘහ මෙවලම් සහ අන්තර්-ක්ෂේත්‍ර ක්‍රමවේද සම්බන්ධව කටයුතු කරන ශිල්පීන් එමගින් හඳුන්වාදෙනු ලැබේ. තවද, බහු-කලාපීය TRWT වැඩසටහන, දිවයිනේ මධ්‍යම (මහනුවර), උතුරු (යාපනය), නැගෙනගිර (මඩකළපුව) සහ දකුණු (අහංගම) යන පළාත්වල කුඩා පරිමාණයේ සාමූහික ආරම්භ කිරීමට මග පෑදීය.

    "පාරිසරික සහ සමාජයීය අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා නිර්මාණ කර්මාන්ත සතු භූමිකාව වෙනුවෙන් TRWT වැඩසටහන ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකාවේ තිරසාරත්වය මත පදනම් වූ නිර්මාණ ක්‍රමවේද කෙතරම් සම්ප්‍රදායික නිර්මාණ කලාව සමග බද්ධ වෙමින් සම්පත් භාවිතය අවම කරමින් සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමට කටයුතු කළ ද නිරන්තරයෙන් ඒවා නිසි ඇගයුමට ලක් නොවන බව ද අප මෙහිදී හඳුනා ගත්තා." යනුවෙන් Good Life X සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී සහ TRWT ව්‍යාපෘති අධ්‍යක්ෂිකා එමා ද සිල්වා සඳහන් කළාය.

    2025 වසර පුරාම එම වැඩසටහන, කොළඹින් පිටත තිරසර ආර්ථික මොඩල සමග නිර්මාණශීලිත්වය සම්බන්ධ කිරීමේ අවශ්‍යතාව මතුකරන සහ අන්තර්-කලාපීය සහයෝගීතාව වර්ධනය කරන ප්‍රදර්ශන, සාකච්ඡා සහ වැඩමුළු සංවිධාන කළේය. නිර්මාණ ශිල්පීන් සහ සංචාරක පාර්ශ්වකරුවන් අතර දකුණු පළාතේ ගොඩනැගුණු හවුල්කාරිත්වය මගින් ප්‍රජා-මූලික සංචාරක සංවර්ධනය සඳහා නව අවස්ථා ගොඩනැගීමට හැකි විය.

    "දකුණු පළාතේ නිර්මාණ ක්‍රමවේද-සංචාරක කර්මාන්තය සමග ඒකාබද්ධ කරමින් සිදු කෙරුණු ක්‍රියාකාරකම් සඳහා ඉතා සාර්ථක සහභාගිත්වයක් දැකගත හැකි වුණා. එමගින් වඩාත් ප්‍රජා-මූලික සහ තිරසර සංචාරක අත්දැකීම් සඳහා නව මානයන් විවෘත වුණා," යනුවෙන් එමා ද සිල්වා වැඩිදුරටත් අදහස් පළ කළාය.

    බහු-ක්ෂේත්‍ර කලාකාරිනියකවන මහේෂා කාරියප්පෙරුම ද මේ පිළිබඳ අදහස් පළ කළාය. ඇය පළමුව මහනුවර ප්‍රදර්ශනයේදීත්, පසුව යාපනයේ පැවති ප්‍රදර්ශනයේදීත් සිය නිර්මාණ ප්‍රදර්ශනය කළ මහනුවරින් බිහි වූ කලා ශිල්පිනියකි. "මට මහනුවරදී ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වුණේ, නොවෙනස් සංස්කෘතික ගති ලක්ෂණයි. TRWT වැඩසටහන හරහා අප පළමු වරට අප උපන් නගරය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමි වූ අතර, අවසානයේදී මහනුවර කලා ශිල්පී සාමූහිකය ගොඩනැගීමටත් එය මනා පිටිවහලක් වුණා. ඉන්පසුව යාපනය ප්‍රදර්ශනයට සහභාගී වීමත් සමග මා හට සංස්කෘතික සමානතා දැකබලා ගැනීමටත්, යාපනය ප්‍රදේශයේ කලා ශිල්පීන්ගෙන් නූතන, සංස්කෘතික කලා නිර්මාණ සහ නිර්මාණ සැලසුම් අධ්‍යයනය කිරීමටත් හැකි වුණා."

    Alliance Française, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති කාර්යාලය, Goethe-Institute, British Council, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, නෙදර්ලන්ත රාජධානියේ සහ ඉතාලියේ තානාපති කාර්යාලවලින් සමන්විත සහ යුරෝපා සංගමයේ දූත මණ්ඩලයේ සහයෝගය හිමි EUNIC ශ්‍රී ලංකා හවුල්කාරිත්වය, Good Life X සමාගම විසින් දියත් කෙරෙන අතර, ඒ යටතේ TRWT වැඩසටහන, පාරිසරික සහ සමාජයීය අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා නිර්මාණ කර්මාන්තවලට ඇති භූමිකාවට වේදිකාවක් ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කරයි. තිරසාරත්වය සහ චක්‍රීය මූලධර්ම කෙතරම් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික නිර්මාණ සහ සංස්කෘතික ක්‍රමවේද තුළ මුල්බැසගෙන තිබුණ ද, විධිමත් නිර්මාණ සහ ආර්ථික සංවාද තුළ ඒවාට හිමි විය යුතු නිසි ඇගයීම බොහෝවිට හිමි නොවේ.

    2025 වසරේදී Beyond Rhizome සමග අත්වැල් බැඳ ගනිමින් මෙම ව්‍යාපෘතිය මහනුවර Artistic Exploration, යාපනයේ Yarl IT Hub, Olai සහ Sri Lanka Archive of Contemporary Art, Architecture & Design, මඩකළපුවේ Dreamspace Academy සහ අහංගම සරණ ශ්‍රී ලංකා යන ආයතනවලදී ක්‍රියාත්මක කෙරුණු අතර Good Life X සමාගම ඊට අවශ්‍ය ක්‍රමෝපායික මගපෙන්වීම සහ අන්තර්-පළාත් සම්බන්ධීකරණය සිදු කළේය.

    The Routes We Take වැඩසටහන යටතේ ගොඩනැගුණු නිර්මාණ හරිත සැලසුම නව එක්කිරීම් සහ අලුතින් හඳුන්වා දෙන ලද ධාරිතා සංවර්ධන වීඩියෝ මොඩියුල සඳහා මහජනතාව වෙනුවෙන් විවෘතව පවතිනු ඇත. (https://therouteswetake.com/ TRWT වෙබ් අඩවියට පිවිසීමෙන් ද ඊට ප්‍රවේශ විය හැකිය)

    2025 ක්‍රියාකාරකම් අවසන් කිරීමේ මොහොත: අහංගම පැවති South Coast Exchange: Tourism X Creativity වැඩසටහන

     

    සේයාරූ සටහන - EUNIC ශ්‍රී ලංකා නියෝජිතයින්