February, 19, 2026
ශ්‍රී ලංකාවේ විශ්වාසදායී ජංගම දුරකථන අලෙවි නියෝජිතයෙකු වන The Smart Phone Shop ආයතනය, සිය ව්‍යාපාරික ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම දුරකථන අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Center) 2026 පෙබරවාරි 14 වන දින මහරගම දී නිල වශයෙන් විවෘත කරන ලදී.
ව්‍යවසායක අශෝක වික්‍රමසිංහ මහතා විසින් 2012 දී ආරම්භ කළ The Smart Phone Shop, අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජංගම දුරකථන අලෙවි ජාලයක් දක්වා වර්ධනය වී තිබේ. පසුගිය වසර 10 පුරාම විශ්වාසදායී වගකීමක් සහ උසස් ගුණාත්මකභාවයක් සහිත ස්මාර්ට් දුරකථන අඩුම මිලට ලබා දෙමින් එම ආයතනය පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට සමත් වී ඇත.
මහරගම වාණිජ කලාපයේ පිහිටි මෙම නව අත්දැකීම් මධ්‍යස්ථානය හරහා පාරිභෝගිකයින්ට ලොව ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථන වර්ග පරීක්ෂා කර බැලීමටත්, පළපුරුදු සේවකයින්ගේ උපදෙස් සහ අලෙවියෙන් පසු සේවාවන් එකම ස්ථානයකදී ලබා ගැනීමටත් අවස්ථාව ලැබේ. සාම්ප්‍රදායික වෙළඳාමෙන් ඔබ්බට ගොස් පාරිභෝගිකයාට ඉහළම ගුණාත්මක සේවාවක් සහ තාක්ෂණික අත්දැකීමක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම සමාගමෙහි වර්ධනය එහි නිර්මාතෘ අශෝක වික්‍රමසිංහ මහතාගේ කැපවීමේ ප්‍රතිඵලයකි. උසස් පෙළ අධ්‍යාපනයෙන් පසු වසර හතක් දකුණු කොරියාවේ සේවය කර රැස්කරගත් මුදල් ආයෝජනය කරමින් 2012 දී ඔහු මෙම ව්‍යාපාරය ආරම්භ කළේය. එහිදී උසස් නිෂ්පාදනය, අඩුම මිල සහ කඩිනම් සේවාව යන මූලධර්ම මත පදනම් වෙමින් ඔහු තම සන්නාමය ශක්තිමත් කළේය.
මෙම ව්‍යාපාරයේ ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් The Smart Phone Shop හි නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය. "මෙම අත්දැකීම් මධ්‍යස්ථානය (Experience Center) හරහා අප බලාපොරොත්තු වන්නේ ව්‍යාපාරයේ වර්ධනය මෙන්ම, අප කෙරෙහි පාරිභෝගිකයන් තැබූ විශ්වාසය සහ ලංකාවේ ජංගම දුරකථන වෙළඳපොළේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටයි. අපගේ අරමුණ වන්නේ ජංගම දුරකථන අලෙවි කිරීම පමණක් නොව, පාරිභෝගිකයින්ට පූර්ණ විශ්වාසයකින් සහ වෘත්තීය මට්ටමේ අවබෝධයක් සහිතව තාක්ෂණය අත්විඳිය හැකි පරිසරයක් සකස් කිරීමයි.
මෙම නව ව්‍යාප්තිය මඟින් ලංකාවේ තාක්ෂණික වෙළඳපොළ තුළ තම ස්ථානය තහවුරු කර ගැනීමටත්, අඩුම මිලට ඉහළම සේවාවක් ලබා දීමේ පොරොන්දුව තවදුරටත් රැක ගැනීමටත් The Smart Phone Shop බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකාවේ දැවැන්තම ජංගම දුරකථන අත්දැකීම් මධ්‍යස්ථානයට ( Mobile Experience Center ) විවෘත වීමත් සමඟ 'The Smart Phone Shop' නව ගමනක් අරඹයි. නවෝත්පාදනය සහ විශිෂ්ටතම පාරිභෝගික අත්දැකීමක් රට පුරා ව්‍යාප්ත කිරීම මෙහි මූලික ඉලක්කයයි.


Video Story