June, 4, 2025
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය බෙදාහැරීමේ ප්‍රමුඛතම සමාගමක් වන, ටෙක්නොසිටි පෞද්ගලික සමාගමේ (The Technocity Pvt Ltd) ඉහළ කළමනාකාරීත්වය පසු ගිය දා තායිවානයේ, තායිපේ හි පැවැති 'Computex Taipei - 2025' නවීන පරිගණක හා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ දී උපායමාර්ගික සංචාරයක යෙදිණි.
COMPUTEX TAIPEI යනු, සෑම වසරක ම තායිවානයේ තායිපේ හි පැවැත්වෙන ලොව ප්‍රමුඛතම තාක්ෂණික B2B වෙළෙඳ ප්‍රදර්ශනයකි. සෑම වසරකම ප්‍රදර්ශකයින් 1,600 කට අධික සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර වෘත්තීයවේදීන් 40,000 කට අධික සංඛ්‍යාවක් COMPUTEX TAIPEI සඳහා සහභාගී වේ.
මෙය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ වර්තමාන ගෝලීය ප්‍රවණතාවන් සමඟ සමාගමේ වර්ධනයට ගැළපෙන පරිදි සැලසුම් කිරීමේ තවත් එක් ඉදිරි පියවරකි.
මෙම සංචාරය සඳහා, ටෙක්නොසිටි පෞද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ෆැමි ඉස්මයිල් මහතා ගේ නායකත්වයෙන්, ප්‍රධාන විධායක නිලධාරී අක්‍රම් බදුර්දීන්, බෙදාහැරීමේ අධ්‍යක්ෂ ගෙහාන් තංගප්පන් සහ අධ්‍යක්ෂ Gaming & Components, මොහොමඩ් කදීර් යන මහත්වරු එක්ව සිටියහ.
මෙම නායකත්ව කණ්ඩායමේ සහභාගීත්වය, ටෙක්නොසිටි සමාගමේ උපායමාර්ගික අභිප්‍රාය පෙන්නුම් කළේ ය.
එනම්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පද්ධති ජාලය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) ප්‍රවර්ධනය කිරීමට ටෙක්නොසිටි සමාගමේ ඉදිරි උපායමාර්ගික දැක්ම ඉදිරිපත් කිරීමක් විය. ඒ මඟින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පද්ධති ජාලය පුරා AI භාවිතය උත්ප්‍රේරණය කිරීම හරහා, කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ අවබෝධය වේගවත් කිරීම අරමුණු වේ.
“කෘත්‍රිම බුද්ධිය හෙවත් AI යනු දැන් Aspirational හෙවත් අභිලාෂකාමී අංගයක් පමණක් නොවේ. එය 'මූලික පදනමක්' බවට පත් වෙමින් පවතී.
එසේම, කෘත්‍රිම බුද්ධියෙන් බලගැන් වූ මෙවලම් ලාංකීය ජනතාවට ලබා දීමට අවශ්‍ය නාළිකා සහකාරිත්වය සහ අභ්‍යන්තර හැකියාවන් ගොඩනැඟීමට අපි කටයුතු කරමින් සිටිමු..." යනුවෙන් The Technocity සභාපති, Famy Ismail මහතා ප්‍රකාශ කළේය.
The Technocity සමාගම ASUS, MSI, Corsair, ViewSonic, Raidmax, ADATA සහ Gamdias. වැනි තායිවානය පදනම් වූ ජාත්‍යන්තර සන්නාම 20කට වඩා වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පරිගණක සහ තොරතුරු තාක්ෂණ වෙළෙඳපොළට ගෙන්වා බෙදා හරිනු ලබයි.
මෙම සංචාරය තුළ දී ටෙක්නොසිටි කණ්ඩායම AI කේන්ද්‍රීය පරිගණකකරණය, සුභෝග්‍ය ව්‍යාපාර විසඳුම් සහ නවීන ක්‍රීඩා වේදිකා පිළිබඳ ගවේෂණය කළ අතර, මෙය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෙළෙඳපොළ සම්පුර්ණයෙන්ම යථාවත් කිරීමක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ පවතින සෙමින් වර්ධනයට පිළිතුරක් ලෙස, The Technocity මෙම ක්ෂේත්‍රයට නායකත්වය දීමට ඉදිරිපත් වෙමින් සිටී. ඒ සඳහා, දැනටමත් ශ්‍රී ලංකාවේ සුවිශේෂී වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලන නව නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බව සමාගම සදහන් කරයි.
මෙම සංචාරය තවත් වැදගත් අරමුණු කිහිපයකටද මුල් වී ඇත: එනම්,
කෘත්‍රිම බුද්ධිය ලෝකයේ තාක්ෂණික දිශානතිය වෙනස්ම හැඩයක් කරා ගෙන යන අතර, The Technocity සමාගම ශ්‍රී ලංකාවට එම ප්‍රගතිකාරී ගමනේ මූලික මාර්ගය සැලසුම් කරමින්, ගෝලීය ප්‍රමිතීන්ට සමාන තාක්ෂණික පද්ධතියක් බිහි කිරීමට කැප වී සිටී.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දිවයින පුරා වර්ධනය වෙමින් පවතින පසුබිමක, The Technocity ආයතනය කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණ භාවිතාව සහ ඒවායේ ඒකාබද්ධකරණය මත මූලික භූමිකාවක් භාර ගැනීමට නියමිත ය.
කෙසේ වෙතත් කෘත්‍රිම බුද්ධිය (AI), ගෝලීය තාක්ෂණ කතාවේ හැඩතල වෙනස් කරන අතර The Technocity, ප්‍රගතියට මාර්ගෝපදේශයක් ලෙස පියවර ගනිමින්, ශ්‍රී ලංකාවේ IT පද්ධතිය ලෝකයේ හොඳම තත්ත්වයන්ට සමාන වන ලෙස විකාශනය වීමට අවශ්‍ය මඟ හසර නිර්මාණය කරමින් සිටී.

Video Story